සාදු නාද - Sadu Nada

සාදු නාද - Sadu Nada බුදුන් දෙසූ සිරි සදහම්
(1)

27/05/2024

😊🧘🏽‍♂️සිත් තැවුල් අවම කරගෙන ජීවත් වෙන්න නම්..

"හැමදාම  දන්සල් දෙන ශීලම්මා 💗☸️පදවියෙ ඉදන්  ත්‍රිකුණාමලේ යන අතරේ "ඉග්බාල් නගර්" වලදි මට හම්බ උනා මේ සුන්දර මනුස්සකම. හරි...
25/05/2024

"හැමදාම දන්සල් දෙන ශීලම්මා 💗☸️
පදවියෙ ඉදන් ත්‍රිකුණාමලේ යන අතරේ "ඉග්බාල් නගර්" වලදි මට හම්බ උනා මේ සුන්දර මනුස්සකම.

හරිම පිරිසිදුවට බුෆේ ක්‍රමයටම පාරා අයිනෙ හට් එකක් ගහගෙන ඉන්නෙ. දමිල ආරටෙ රහට දුන්න කෑම ටිකට වඩා මගේ හිත පිරුනෙ මේ බෝඩ් එකට. නැති බැරි කෙනෙක් වෙනුවෙන් නොමිලේ මේ ශීලම්ම ගාව හැමදාම කෑම තියෙනව.

මුදලින් දුප්පත් හදවතින් පෝසත් හැමදාම සතුටින් ඉන්න ජීවිත මේ ... 💗💗 ආදරෙයි... තෙරුවන් සරණයි 🙏☸️"

උපුටාගැනීමකි

11/07/2023

ස්ත්‍රීන් අතේ තමයි ඔක්කොම රැඳිලා තියෙන්නේ..

සාදු නාද - Sadu Nada

#සාදුනාද #කෙටිධර්මදේශනා #බුදුබන

11/07/2023
🌺අද වන් දිනක මනුලොව වැඩි ගුරු දෙවිදුන්🌺ඒ 1961 ඇසල මස 01 වන දින හිමිදිරි උදෑසනයි.ක්‍රිස්ටි කබ්රාල් පියාණන් ට දාව වයලට් පෙ...
01/07/2023

🌺අද වන් දිනක මනුලොව වැඩි ගුරු දෙවිදුන්🌺

ඒ 1961 ඇසල මස 01 වන දින හිමිදිරි උදෑසනයි.ක්‍රිස්ටි කබ්රාල් පියාණන් ට දාව වයලට් පෙර්රා මෑණියන් ගේ කුසින් පින්වන්ත හුරුබුහුටි දරුවකු ද සොයිසා කාන්තා රෝහලේදී එදින මෙලොවට බිහිවිය.ඒ වෙනකොටත් දියණියන් තිදෙනෙකු ගේ මව් පියන් බවට පත් ව සිටි එම යුවළ ට කාලයක් තිස්සේ පිරිමි දරුවෙක් බලාපොරොත්තු ව සිටියදී ලැබුණු පිරිමි දරුවා මහමෙරක් විය.මේ දරු රත්නය කෙතරම් පින්වන්ත්ද යත් මේ දරු රත්නය නිසාම අබෞද්ධ පවුලක් වූ ක්‍රිස්ටි කබ්රාල් ඇතුළු මුළු පවුලම තෙරුවන් සරණ ගිය සැදැහැවත් බෞද්ධයන් බවට පත් විය.එතකොට ඒ පින්වන්ත දරුවා කටේ කිරි සුවද වත් නොගිය සිව් මස් වයසැති බිළිදෙකි. මේ පින්වන්ත කුල කුමරුවා සසරේ පුරුදු පරිදි 1979 මාර්තු මස 26 වන දින එවකට සේරුවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපති අතිපුජණිය දබගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමියන්ගේ උපාධ්‍යායයෙන්,අතිපුජණිය දික්වැල්ලේ ප්‍රඥානන්ද නා හිමියන්ගේ අචාර්යයත්වයෙන් කිරිබත්ගොඩ ඥානානන්ද නමින් උතුම් පැවිදි බිමට පත් විය.සසරේ පුරන ලද මහ පින් බලෙන් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදීම ඒ සියල්ල හැරදා තථාගත ශ්‍රී සද්ධර්මය සොයා පියමන් කරමින් උන්වහන්සේ ලක්දිව පුරා නොගිය ආරණ්‍යයක් නොමැති තරම් ය.ශ්‍රී පාද අඩවියේ,බුන්දල ආදී පෙදෙස් වල වනගතව පමණක් නොව දඹදිව් තලයේද උන් වහන්සේ සත්‍ය සොයා සැරිසරුහ.අද උන්වහන්සේ සුවහසක් දනන් හට අමා දම් බෙදන යතිවරයෙකි.මේ ලක් දෙරණේ පමණක් නොව ලොව පුරා බිහිව ඇති ‘’මහමෙව්නාව’’ නම් සොදුරු පින් කෙතේ නිර්මාතෘවරයා වරයා ය.විශේෂයෙන් ම සරළ සිංහල භාෂාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මිනිසුන් අතරට ගෙන යෑම සිදු කරනු ලැබූයේ අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. පින්වත් ස්වාමීන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර කරමින් ලියන ලද ධර්ම ග්‍රන්ථ රාශියක් ද වන අතර සරළ සිංහල භාෂාවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ ද පරිවර්ථනය කොට තිබේ. ඒ සියල්ලටම වඩා අපගේ ආදරණීය ගුරුවරයා ය.’’නිරුදක කතරක හදිසියේ මතු වූ දිය දහරක් වන්,ඝනදුර විනිවිද ගිය වල්ගා තරුවක් වන්’’ අදුරේ සිටි අපට පහන් එළියක් වී මග කියාදුන් ගුරුදෙවිදුනේ ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා...!

අද වන් දිනයක මනුලොවට පැමිණි අපගේ පරම පූජනීය ගුරු දෙවිදුනි...
අප කරන හැම පිනකම අයිතිය තිබෙන්නේ ඔබ වහන්සේට..ඒ අපි අද පින් කරන්නේ ඔබ වහන්සේ නිසයි..ඔබවහන්සේ දුශ්කරව මේ උතුම් ධර්මය හොයාගත්තේ ඉගෙන ගත්තේ..ඒ නිසා අද අපි සුවසේ දහම් අසනවා..අපි සුවසේ දහමේ හැසිරෙනවා...ඔබවහන්සේ නොසිටියානම් අපි අද කොහෙද...අත්දෙක එකතු කරලා බුදුන් වදින හැටි පවා කියලා දුන්නේ ඔබවහන්සේ...පින් කරන්න කියලා දුන්නේ ඔබවහන්සේ...අපට බුදුපියානන් වහන්සේගේ සරනක් ලබා දුන්නේ ඔබ වහන්සේ...අපිට දහමේ මාර්ගය පෙන්නුවේ ඔබවහන්සේ...අපට හමුවුන උතුම්ම ගුරුවරයා ඔබවහන්සේ..ඔබවහන්සේ නිසා අපට ලැබුනු දේ කියන්න වචන මදි...අපේ ලොකු ස්වාමීන්වහන්සේ අපිව බේරුවා...අපි කරපු සියලු පින් වල ආනුභාවයෙන් මගේ ගුරුදෙවිදුන් නිදුක් වේවා...නීරෝගි වේවා...දිගාසිරි වේවා..මේ උතුම් ශාසන සේවය කරගෙන යන්න උතුම් ශක්තිය ලැබේවා...කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා..අදුරේ හිටපු අපිට දිලෙන පහන් එලිය ඔබවහන්සේ...අනේ ඒ උතුම් සත්පුරුශ ඇසුර අපට අහිමි නොවේවා...අපට දහම් මාර්ගය පෙන්වා වදාල ශාසනේ නිහඩ සේවයක් කරන අවසරයි පරම පූජනීය ගුරුදේවෝත්තම අපගේ කල්‍යාන මිත්‍ර ගුරු දෙවිදුන්ට අපගේ නමස්කාරය වේවා....🌸🙏

සුදු මුදු බුදු ගුන නිබදව මිහිරට දෙසු ගුරු දෙවිදුනි.......
සොදුරු මුනි දම් කරුනාවෙන් කියාදෙන ගුරුදෙවිදුනි.....
උතුම් බුදු පුත් සිය ගණනකින් දායාද කල ගුරු දෙවිදුනි......
පිනෙන් පුරවාලන්න අප සැම වෙහෙස වෙන ගුරුදෙවිදුනි....
සදා වැතිර වදිනෙමු තුටින් සුපින්බර ගුරු දෙවිදු නමින්...🙏🙏🌸🌸

නමෝ බුද්ධාය...🙏🙏🌸🌸

දිනක් භික්ෂූන් වහන්සේලා පිරිසක් දේවදත්ත තෙරුන් මේ වන විට ඉපදී ඇත්තේ කොහේද? කෙසේ දුක් විඳිනවාද? යන්න භාග්‍යවතුන් වහන්සේගෙ...
30/06/2023

දිනක් භික්ෂූන් වහන්සේලා පිරිසක් දේවදත්ත තෙරුන් මේ වන විට ඉපදී ඇත්තේ කොහේද? කෙසේ දුක් විඳිනවාද? යන්න භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීමක් සිදුකරන්නට යෙදුනා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කලා.

අවීචී මහා නිරයේ දේවදත්ත තෙරුන් වෙනුවෙන්ම වෙන්වූ වෙනම කොටසක යොදුන් 100ක් පමණ උස නිරිසතෙක් ලෙස ඉපදී මහා ගින්නකින් දැවෙමින් මේ මොහොතෙත් දුක් විදීමින් සිටිනවා.

ඒ කෙසේද යත් , යකඩ පොලවක කකුලේ වලලුකර මට්ටමට එනතුරු එරී තිබෙනවා. හිසේ ඇස් මට්ටම දක්වා යකඩ ආවරණයකින් හිස ගිලී තිබෙනවා.එම යකඩ ආවරණයෙන් මතුවූ ගිණිගත් මහා යකඩ උලක් හිස් මුදුන පසාරු කරගෙන ශරීරය ඇතුලට ගොස් අධෝමාර්ගයෙන් පිටවී යකඩ පොලවට ගිලී තිබෙනවා.

ඒවගේම අත් දෙක දෙපසට දිගුකරගෙන සිටින අතර දකුණු ඇලයෙන් එවැනිම වූ විශාල යකඩ කඳක් දකුණු ඇලයෙන් ඇතුල්වී වම් ඇලය පසාරු කරගෙන නිරයේ ඊළඟ බිත්තිය දක්වා ගමන් කර තිබෙනවා.

ශරීරයේ ඉදිරිපසින් ඇනුණ තවත් විශාල යකඩ කඳක් ශරීරයේ පිටුපසින් මතුවී අනෙක් පස බිත්තියේ ඇනී තිබෙනවා. ඒ නිසා කොහෙටවත් හෙල්ලීමටවත් පෙරලීමටවත් අවස්ථාවක් ඇත්තේ නෑ. නිශ්චලව දැවෙමින් ඉන්නවා.

නිශ්චල වූ භාග්‍යවතුන් වහන්සේට අපරාධ කල නිසා නිශ්චලවම අවීචියේ දැවෙමින් සිටිනවා. මේ ආකාරයෙන් අන්තර් කල්පයක් අවීචියේ දුක්විඳිමින් සිටිනවා. මේ අවීචී මහා නිරයේ ආයු ප්‍රමාණය අන්තර් කල්පයක් වුවත් ඉන් පසු කෙනෙක් සදහටම නිරයෙන් නිදහස් වනවා යැයි නියමයක් නොමැත. තමන් තවත් කල අකුසල් ප්‍රමාණයට අනුව ඊට වඩා තව තවත් නිරයන්වල දුක්විඳීමට සිදුවෙනවා. මෙලෙස භික්ෂූන් වහන්සේලා විමසූ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙවුදත් තෙරුන් දුක් විඳින බව වදාලේය.

සමහර දෙනෙක් දෙවුදත් තෙරුන් පිලිඳව ද්වේශ සිතක් ඇති කරගෙන"දේවදත්තයා " වැනි නම් වලින් ප්‍රකාශ කරන අවස්ථා ඕන තරම් අප අසා ඇත. නමුත් දෙවුදත් තෙරුන් යනු සසරේ බොහෝ පිං රැස් කල කෙනෙක් බව බොහෝ දෙනා දැන ගත යුතු කාරණයකි.

එලෙස "දේව දත්තයා" ලෙස ආමන්ත්‍රණය කිරීමට අපට කොහොමවත් සුදුසුකමක් ඇත්තේ නෑ. ඊට හේතුව නම් දෙවුදත් තෙරුන් අසංඛ්‍ය දෙකක් සහ කල්ප ලක්ෂයක් සංසාරයේ පසේ බුදුවරයෙක් වීම වෙනුවෙන් පාරමිතා පුරමින් පැමිනුණ කෙනෙකි. ඒ තරම්ම දෙවුදත් තරුන් මහා පුණ්‍යවන්තයි.

නමුත් භග්‍යවතුන් වහන්සේ , දෙවුදත් තෙරුන් විසින් තමන්ට මේ තරම් අපරාධ කරන බව හොඳින්ම දන්නවා. ඒ දැන දැනත් පැවිදි කලේ ඇයි.?

භික්ෂූන් වහන්සේලා එක්තරා අවස්ථාවක මේ බව විමසූ විටදී භග්‍යවතුන් වහන්සේ දේශනා කලා,

දෙවුදත් තෙරුන්ගේ පලමුවෙනි ආනන්තර්‍ය පාපකර්මය වූ බුදුන්ගේ ලේ සෙලවීම නම් වූ පාපකර්මය ගිහි ගෙදර සිටිමින් කලා නම් , අනාගතේ පසේ බුද්ධත්වය පතා සම්පූර්ණකර ඇති පාරමිතාව නිශ්පල වීමට ඉඩ තිබෙනවා යැයි දේශනා කලා. පැවිදිකල නිසා යම් කිසි ආකාරයක සීමාවක සිට එවැනි පාප කර්මවල නියැලුණා. සමහර පාප කර්ම හොරෙන් කිසිවෙකුට නොපෙනී සිදුකිරීමට වගබලා ගත්තා. ඒ නිසා එම පාප කර්මවල ඇති ශක්තිය යම්තාක් දුරකට යටපත් වුණා.

අනෙක් කාරණය තමයි අවීචියට ඇදගෙන යන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කරමින් බුදුන් සරණ ගියා. ඔන්න ඔය අවස්ථාවේ බුදුන් සරණයන බව දැනගෙන පැවිදි කරවීමට තවත් හේතුවක් වුණ බව භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා.

මෙසේ දෙවුදත් තෙරුන් පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී "සට්ඨිස්සර " නම් පසේ බුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට තිබෙනවා.

තෙරුවන් සරණයි !

සාදු නාද - Sadu Nada

🙏🏼දුන් අත්බැව්හි ම විපාක ලැබෙන දානයවස්තු සම්පත්තිය ය, ප්‍ර‍ත්‍යය සම්පත්තිය ය, චේතනා සම්පත්තිය ය, ගුණාතිරේක සම්පත්තිය ය ය...
30/06/2023

🙏🏼දුන් අත්බැව්හි ම විපාක ලැබෙන දානය

වස්තු සම්පත්තිය ය, ප්‍ර‍ත්‍යය සම්පත්තිය ය, චේතනා සම්පත්තිය ය, ගුණාතිරේක සම්පත්තිය ය යන චතුස් සම්පත්තියෙන් යුක්ත දානය, දුන් අත් බැව්හි ම විපාක දෙන්නේ ය. වස්තු සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා අනාගාමි වූ හෝ රහත් වූ හෝ කෙනකු වීම ය. ප්‍ර‍ත්‍යය සම්පත්තිය යනු දාන වස්තුව ධර්මයෙන් ලද දෙයක් වීම ය. චේතනා සම්පත්තිය යනු දීමට පූර්වයෙහි හා දෙන කල්හි ද ඉන් පසුව ද සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත කුශල චේතනා ඇති බව ය. ගුණාතිරේක සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා එදින නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියෙක් වීම ය. මේ චතුස් සම්පත්තිය ලැබිය හැක්කේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා හා ධ්‍යාන ලාභී අනාගාමීන් ඇති කාලවල දී ය. චතුස් සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කල්හි ඇතමකුට එදින ම විපාක ලැබේ. ඇතමකුට සත් දිනක් ඇතුළත ලැබේ. ඇතමකුට ඒ ජාතියේදී යම් කිසි අවස්ථාවක ලැබේ.
චතුස්සම්පත්තියෙන් යුක්ත කොට මෙලොව ම විපාක ලැබෙන සැටියට දන් දීම පහසු කාර්‍ය්‍යයක් නොවේ. අනාගාමීන් හා රහතුන් නො ලැබිය හැකි බැවින් මෙ කල එය නො කළ හැකි ය. දහස් ගණන් රහතන් වහන්සේ වැඩ විසූ අතීතයේ ද මෙලොව විපාක ලැබෙන සේ දන් දිය හැකි වූයේ ඉතා ම ටික දෙනකුට පමණකි. මෙකල දන් දෙන්නවුන්ට ද ඉහතාත්ම භාවයේ ලැබෙන ආනිසංස සර්වාකාරයෙන් නැත්තේ ම නො වේ. දන් දීමෙන් මෙලොව දී ලැබෙන අනුසස් විචාළා වූ “සීහ සේනාපතියාට” බොහෝ දෙනාට ප්‍රිය වීමය, සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීම ය, කීර්තිය පැතිර යෑම ය, නිර්භීත ව පිරිස් මැදට යා හැකි බව ය යන ආනිසංස සතරක් මෙලොව ලැබෙන බව බුදුන් වහන්සේ වදාල සේක. නිතර සැදැහැයෙන් දන් දෙන පින්වතුන්ට නිරෝගී බව, දීර්ඝායුෂ්ක බව, හදිස්සියෙන් ධනයෙන් නො පිරිහෙන බව, සතුරු උවදුරු මඳ බව යනාදි තවත් අනුසස් ලැබෙන්නේ ය. එය ග්‍ර‍හයන් ගෙන් වන ඵලාපලයන් සේ අප්‍ර‍කට ය.

පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ 🙏🏼

සාදු නාද - Sadu Nada

අපුණ්‍ය දාන පස මෙසේ ය සාදු නාද - Sadu Nada
29/06/2023

අපුණ්‍ය දාන පස මෙසේ ය
සාදු නාද - Sadu Nada

තෙරුවන් සරණයි 🙏සාදු නාද - Sadu Nada
25/06/2023

තෙරුවන් සරණයි 🙏
සාදු නාද - Sadu Nada

Address

Matugama

Alerts

Be the first to know and let us send you an email when සාදු නාද - Sadu Nada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies