𝕯𝖊𝖜 - දේව්

𝕯𝖊𝖜 - දේව් "Dew Rajapaksha Official page"

හඳ වුණත් ලස්සන දිළෙනකොට තනියෙන්...!"

🤍✨

07/06/2024

කඳුලුවලටත් මිලක් දුන්නා නම්..."

අද හුඟාක් මිනිස්සු කෝටිපතියෝ...!"

| Rajapaksha | |

🤍✨

19/05/2024

මම හඳක් නම්;

මට බැබළෙන්න හයියක් වුණු,..

ඒ දැවි දැවී දිස්නෙ ගහන ඉර,

තාත්තා...!"

| Rajapaksha | |

🤍✨

අකුරු වැරදුණ සමහර පරිච්ඡේදආයේ වෙනස් කරන්න බැරි වුණාට,..හිතුවොත්; ඉදිරි පරිච්ඡේදරන් අකුරින් වුණත් ලියන්න පුළුවන්..."ජීවිත...
05/04/2024

අකුරු වැරදුණ සමහර පරිච්ඡේද

ආයේ වෙනස් කරන්න බැරි වුණාට,..

හිතුවොත්; ඉදිරි පරිච්ඡේද

රන් අකුරින් වුණත් ලියන්න පුළුවන්..."

ජීවිතෙත් එහෙමයි...!"

| Rajapaksha | |

🤍✨

05/04/2024

පහනක් ඉල්ලුව මට හඳක් ලැබුණ ම මම ගොඩාක් සතුටු වුණා..."

ඒත්;..

මට අමතක වුණා බන්,

අමාවක ළඟයි කියලා..."

| Rajapaksha | |

🤍✨

මතකද තිබුණා කාලයකට පෙර ලස්සන කතාවක්...?"පාසල් ප්‍රේමය;...හිතට දැනුන ``පළවෙනි ආදර කතාව"දෙයත් නො-ඇල්ලුවත් එකට කතා-බස් නොකර...
05/04/2024

මතකද තිබුණා කාලයකට පෙර ලස්සන කතාවක්...?"

පාසල් ප්‍රේමය;...

හිතට දැනුන ``පළවෙනි ආදර කතාව"

දෙයත් නො-ඇල්ලුවත් එකට කතා-බස් නොකරුවත්

හිතේ ඇඳුණ..."

ඔබේ රුව;...

අදටත් ලස්සන මතකයක්...!"

| Rajapaksha | |

🤍✨

14/02/2024

අද විස්තරේ...🙆‍♂️😂

| Rajapaksha | |

🤍✨

08/02/2024

මිනිහෙක් දකින්න ඕනෙ ලොකු ලොකු හීන නෙමේ...

ලස්සන හීන;

ලෝකෙම ලස්සන කරන්න පුළුවන් විදිහෙ.

| Rajapaksha | |

🤍✨

08/02/2024

ඔයා එනකල් මං මඟ බලන් ඉන්නවා.

එදා;...

ඒ ඇස් කතා කරලා කිව්වෙ එහෙමයි...!!!"

| Rajapaksha | |

🤍✨

08/02/2024

ආදරෙත් ලස්සනයි පැතුව කෙනා ම ලැබුණා නම්...!"

| Rajapaksha | |

🤍✨

හිනා වෙන්නත් අමතක වුණු මිනිස්සු නම් මේ ලෝකෙ කොච්චර ඇත් ද...?"|  Rajapaksha |   |🕊️✨
03/02/2024

හිනා වෙන්නත් අමතක වුණු මිනිස්සු නම් මේ ලෝකෙ කොච්චර ඇත් ද...?"

| Rajapaksha | |

🕊️✨

26/01/2024

පොහොසත් වෙයන්...!!!"

ලයිසන් කරපු ග්ලොක් එකක් ළඟ තියාගන්න පුළුවන් තරමට

| Rajapaksha | |

🕊️✨

21/01/2024

දාහක් ප්‍රශ්න වහගෙන හිටපු

ඒ හිනාව;...

අදටත් තිබ්බනම් කොච්චර වටිනවා ද...?

ජීවත් වෙලා හිටියනම් අද උඹේ උපන් දිනේ...🥳

සුභ ම සුභ උපන් දිනයක් වේවා...!!!

My Favourite Actor in the World

15/01/2024

මෙහෙම එකියක් නම් "හා අම්මේ..."😐

| Rajapaksha | |

🤍✨

15/01/2024

ඒක ලස්සන හීනයක්...🥰😘

| Rajapaksha | |

🤍✨

11/01/2024

"ගඟක් වගේ ඉස්සරහට ම යන්න...!!!❤️‍🩹"

| Rajapaksha| Rajapakshaツ| |

🤍✨

11/01/2024

ඒක වෙන ම රහකට...🎧😚

| Rajapaksh| Rajapakshaツ|

🤍✨|

කොල්ලෙක් කියවන්න ඕනෙ ම කතාවක්...🤍✨__________________________________යකඩ හීන🙂❤️‍🩹"හෙලෝ;... මේ අක්කා තමුසෙ වැඩ ඉවර වෙන්න ක...
08/01/2024

කොල්ලෙක් කියවන්න ඕනෙ ම කතාවක්...🤍✨

__________________________________
යකඩ හීන🙂❤️‍🩹

"හෙලෝ;... මේ අක්කා තමුසෙ වැඩ ඉවර වෙන්න කොච්චර වෙලා යයිද...?"

මම ෆයිල් ගොඩක මූණ ඔබන් ඉද්දි මල්ලි කෝල් එකක් ගත්තෙ.

"තව පැය භාගයක් තියනවනෙ හලෝ.. හදිසි මොකද මම එනකම් පාක් එකේ ඉන්නවා."

මම කිවුවේ කේන්තියෙන්.. හැමදාම ඔහොමයි.. මාව එක්කන් යන්න ආවම විනාඩියක් පරක්කු වෙන්න බෑ.

"එහෙනම් මම තක්ෂිලා එක ලගට ගිහින් ටාර් ගාලා එන්නම්...?"

"අර කෙල්ලව බලන්න නෙහ්..?"

"හරි හරි ඉන්නවකෝ...?"

මනමාල හිනාවත් දාලා මල්ලි ෆෝන් එක කට් කළා. වෙලාව ගලන් යන්නෙ හෙමීට කියලා හිතුනා. හැමදා ම හවසට මෙහෙමයි.. හවස් වරුව ගලන් යන්නෙ හෙමිහිට.

ආයිත් ෆෝන් එක් රින්ග් වෙනවා. ආයිත් නම් මෙයාට එන්න කියන්නෙ නෑ එක්කන් එන්න.

මම හිතින් බැන බැන ෆෝන් එක ආන්ස්වර් කළා.

"හෙලෝ;... මේ මේ ෆෝන් එක අයිති මල්ලිගෙ කවුද...?"

එහා පසින් කතා කළ කෙනාගෙ කලබලේට මට පෑනත් අතෑරුණා..

"මගෙ... මගෙ මල්ලි. ඇයි...?"

"නංගි එයා ඇක්සිඩන්ට් වෙලා. එයාට සිහි නෑ. උඩ ම තිබුණ නම්බර් එකට මන් මේ ගත්තෙ. අපි එයාව හොස්පිටල් අරන් යනවා. එන්න."

මට දැනුනෙ ලෝකෙම මං වටේ කැරකෙනවා කියලා.

"දෙයියනේ සුදූ "

මං කෑ ගැහුවා.

"ඉමාලි ඇයි ඇයි...?"

ඔෆිස් එකේ කට්ටිය මං වටේ රොක් වුණා. ඔෆිස් එකේ අයගෙ වාරුවෙන් මං හොස්පිටල් එකට ආවා. වෑන් එකෙන් බැහැපු ගමන් මං දිව්වෙ කොරිඩෝව දිගේ.

"ඉමාලි මිස් ඉන්න."

ඔෆිස් එකේ කවුද මගෙ පස්සෙන් එනවා කියලා දැනුනත් මට නවතින්න උවමනාවක් තිබ්බෙ නෑ. මට මගෙ පණ ටිකගෙ මූණ බලන්න ඕනි උනේ.

"මිස්.. මිස්. දැන් දැන් බයික් එක හැප්පිලා ගෙනාවෙ. එයා...?"

මං එතන හිටපු නර්ස් කෙනෙක්ගෙන් ඇහුවා.

"ආ... එයා ඩොක්ටර් බලනවා. ඔයා එන්නකො. මට ලෙඩාගෙ නම කියන්න."

"අනේ මිස් මට මල්ලිව බලන්න ඕනි."

මම කිව්වේ මට මල්ලිට වඩා වෙන කිසිම දෙයක් වැදගත් නැති නිසා.

"ඩොක්ට බලනවනෙ... ඉවර වුණා ම යන්. එතකල් මට මේ විස්තර ටික දෙන්න."

ඇය කිව්වේ කරුණාබර විදිහට.

"නම මොකක්ද මල්ලිගෙ...?"

"ඉමාල්... ඉමාල් මදුශංක."

"වයස...?"

"විස්සයි."

මං විස්තර ටික උඩින් පල්ලෙන් කියලා දැම්මා.

මට ඇහුණෙ මල්ලි වේදනාවෙන් කෙඳිරි ගාන සද්දෙ.

දෙයියනේ මගෙ පණ.. මං එතනට දිව්වා.

මගෙ අහිංසකයගෙ මූණ අදුනා ගන්නවත් බෑ.

කකුල හොඳටම ඉදිමිලා... බෙල්ලට දාලා තිබ්බ ප්ලාස්ටර් එක නිසා හෙලවෙන්නවත් බෑ...
එක අතක් ඇගිලි දෙකක් නැද්ද මන්දා... ඉදිමිච්ච කකුලෙන් ලේ ගලනවා හොඳට ම...

උඹට රිදෙනවද මහත්තයෝ... පොඩි කාලෙ උඹව වැටෙනවට වත් මං කැමති නෑ මල්ලි. උඹට රිදෙනකොට මටත් රිදුණා.

ඒත් අද උඹ;... කොහොමද මේවා දරා ගන්නෙ. උඹට රිදෙනව ද සුදූ...?"

"ඩොක්ටර්. ඩොක්ට මගෙ මල්ලි...?"

මං බලාපොරොත්තු කෝටියක් තියන් ඒ මූණ දිහා බැලුවා. කොල්ලෙක් වෙච්ච ඩොක්ටගෙ මූණත් හොඳටම අවුල් වෙලා.

"ඔළුවට තමයි ගොඩක් ඩැමේජ්. ඔයා පොඩ්ඩක් එහායින් ඉන්නකො."

ඔහුගෙ හඩින් මං පසෙකට වුණා.

"මිස් ඊටී ටියුබ් දාමු. හරි අප්.. මෙයාට බ්‍රීතින් ඩිෆිකල්ට්.."

ඩොක්ට නර්ස්ට මොනාදෝ කිව්වා. ඇයත් හනි හනිකට මොනාද ඩොක්ටට දුන්නා.

මං බලන් ඉද්දි ම මොනාදෝ බට වගයක් ගහලා,... මල්ලි ව මැෂින් එකක්ට සම්බන්ධ කළා.

"ඔයා ද මෙයාගෙ අක්කා...? මේ ෆෝන් එක...

මල්ලි ගිහින් තියෙන්නෙ සීයට,... ඉස්සරහින් ආපු ලොරියෙ හැප්පුනේ මං බලන් ඉද්දි. ඕකෙ තිබුණ හෝම් කියන නම්බර් එකට මං කෝල් කළා නංගි. තව "සුදු බබා" කියලා පොඩි ගර්ල් කෙනෙකුත් කතා කළා.මං එයාටත් කියුවා.

පිරිමි කෙනෙක් මට මල්ලිගෙ ෆෝන් එක ගෙනත් දුන්නා.

මට අම්මලට කියන්නත් අමතක වුණා. දෙයියනේ ඒ මිනිස්සු මේ දේවල් කොහොම ඉවසන ද...?

රත්තරන් උඹට කොච්චර කියලා තියනවද හෙමින් පලයන් කියලා. දෙයියනේ ඒ හැම වෙලේ ම උඹ කටකාර කතාවක් කියලා අපිව විහිළුවකට ගන්නවා.

"හෙමින් යන්න නම් බයික් මොකටද හලෝ...?"

උඹ කියන්නෙ එහෙම. ඒත් රත්තරන් කොහොමද අද උඹ මෙහෙම ඉන්නවා බලන් ඉන්නෙ.

එක පාරටම පංති ගිය පොඩි නංගිලා කීප දෙනෙක් එතනට දුවගෙන ආවා. එක ගෑණු ළමයෙක් හොඳටම අඩනවා.

"මේ ඉන්නෙ බලනවා. බෝනික්කි වගේ ඕයි.. මට පට්ට ලෝබයි. මං මේකි නැති වුණොත් මැරෙනවා බන් අක්කෙ."

එක දවසක් ඒ කෙල්ලගෙ ෆොටෝ එක පෙන්නලා ඔයා කිව්වා මතකයි.

"සුදු බබා;..."

මං ඒ නංගි ළඟට ගිහින් කතා කළා. මල්ලි කතා කරන විදිහට ම

"අක්කා;..."

කෙල්ල කෑ ගහගෙන මාව බදා ගත්තා.

"අනේ අක්කා මට අයියව බලන්න ඕනි අක්කා. අනේ අක්කා... මට අයියව බලන්න ඕනි. අනේ අර බට ගහලා එයාට රිදෙනවා ඇති අක්කා. මට ඕනි..."

කෙල්ල හොඳට ම අඩනවා. මං මොනා කියන්න ද රත්තරන්. මාත් අඩනවා. උඹ අපි හැමෝව ම ඇඩෙව්වා මල්ලි.

උඹ සනීප වුණා ම මං උඹේ කණ රතු වෙනකම් මිරිකන් ඉන්නවා.

"අඩන්න එපා මැණික. එයා කොහොම දා ඔයාව දාලා යන්නෙ,... මාව දාලා යන්නෙ...? එයාට බෑ ඒක කරන්න අඩන්න එපා."

මං කිව්වේ කෙල්ලව තුරුල් කරගෙන...

"නංගි;... මේ නංගිගෙ අම්මලට කෝල් කරන්න. මෙයාව එක්කන් යන්න කියන්න."

කෙල්ල එතනින් යන්න අකමැති නිසා ම මං එයාගෙ යාළුවන්ට කිව්වේ පුංචි කෙල්ලෙක් මෙහෙම තියන් ඉන්න බැරි නිසා.

"ලොක්කි කෝ මල්ලි. මං උඹට කිව්වා ඌට බයික් එක අරන් දෙනකොට පුතේ."

අම්මට සිහි නැති වෙනකොට ගෙදරින් ආපු කීප දෙනෙක් අම්මව අල්ලා ගත්තා.

"දෙයියනේ මං නේද මේ බයික් එක අරන් දුන්නෙ...?"

මගෙන් බර්ත්ඩේ එකට ඉල්ලුවෙ බයික් එකක් මහත්තයෝ උඹ.. මම ලීසින් කරලා ගෙවන්න බයික් එකක් අරන් දුන්නෙ තියනවට නෙමෙයි,... උඹට හැබෑ නොවුන හීන තියෙන්නෙ බැරි නිසා."

මං කණුවක ඔළුව ගහා ගත්තා.

"අක්කා ඇයි මේ...?"

මල්ලිගෙ දඟයො ටික ඇවිත් මාව අල්ලා ගත්තා.

ඒ දඟකාර මූණු මැලවෙලා.ඇස් වල කඳුලු.. බලපන් උඹ කී දෙනෙක් අඩවල ද මහත්තයෝ...? නැගිටපන් ඉක්මනට.

"මගෙ පණ සනීප වෙයි නේ ද මල්ලි.."

"ඉමාලයා කොහොමද අපිව දාලා යන්නෙ...? එහෙම උනොත් මං ඕකව තියන්නෙ නෑ අක්කා.
ඔයාගෙ මනමාලයගෙ කකුල් හෝදලා මුද්ද ගන්න ඌ ඉන්නෙ. ඌ කොහොම ද ඔයා මනමාලියක් වෙනවා නොබලා යන්නෙ...?"

ඒ කොල්ලො ටිකත් අඩනවා.

එක පාරටම උඹ හිටපු කාමරේ ඩොක්ටලා නර්ස්ලා වේගෙන් එහෙ මෙහෙ දුවන්න ගත්තා. අපිට උඹව නොපෙනෙන ගානට. එයාලා උඹ වටේ රත්තරන්.

මගෙ පපුව නැවතුණා

😔💔

"සුදූ...."

ඩොක්ට උඹෙ මූණ වහද්දි සුදු රෙද්දෙන් මං පිස්සියෙක් වගේ කඩාගෙන උඹ ළඟට දිව්වා.

"මල්ලී;..."

"පොඩි පුතේ;..."

"සුදු අයියේ;..."

"ඉමල්කයා;..."

වටේ ම හිටපු මම,.. අම්මා,.. උඹෙ රෝස බෝනික්කි,.. යාළුවො කෑ ගහනවා උඹට ඇහෙන්නෙ නැද්ද මහත්තයෝ...?

අම්මට අඩන්නවත් සිහි නෑ.
උඹ අම්මා අඩනවට කැමති නෑනෙ රත්තරන්.
තාත්තා අම්මා එක්ක පොඩ්ඩක් රණ්ඩු උනත් උඹට කේන්ති යනවනෙ...?

උඹ කොහොමද අම්මව මෙහෙම අඩවන්නෙ...?

උඹෙ රෝස බෝනික්කි උඹේ පෙට්ටිය ළඟ ම පුටුවක් තියන් වාඩි වෙලා මහත්තයෝ... උඹට පේන්නෙ නැද්ද ඒකි තාම වතුර උගුරක් බීලා නෑ.

උඹෙ දඟයො සෙට් එක සැරින් සැරේ ගෙටෙ ඇවිත් උඹෙ මූණ දිහා බලන් ඉදලා කදුලු පිහලා ආයි යනවා.

"අක්කා උඹව බදින එකා උඹව ඇඩෙව්වොත් ඒක තමා ඌ ජීවත් වෙන අන්තිම දවස"

කරන්න බැරි උනත් උඹ මට තිබ්බ ආදරේ ඒ වචන වල තිබ්බා. එහෙව් උඹ කොහොමද අක්කව මෙහෙම ඇඩෙව්වේ...?

කියපන් මල්ලි...?

උඹෙ අක්කා අඩනවා පේන්නෙ නැද්ද...?

උඹ ඇල්ලෙ ගිහින් අර ගල උඩ ගත්ත ලස්සන ෆොටෝ එකට සුදු මල් මාලයක් දාලා.මං කොහොමද මහත්තයෝ ඉන්නෙ...?

"උඹව ගෙනියන හදන්නෙ. ඇහෙන්නෙ නැද් ද අම්මා කෑ ගහන සද්දෙ...?

රත්තරන් මල්ලි;... නැගිටපන් මහත්තයෝ...

මේ අක්කට උඹ නැතුව ඉන්න බෑ රත්තරන්. අනේ මගෙ පණ උඹ මල්ලි.

එපා නුවන් මල්ලි;... අනේ මගෙ මල්ලිව එක්කන් යන්න එපා.. එයාව අරන් යන්න එපා මල්ලි. වෙනද වගේ එයාගෙ කරට අත දාන් එක්කන් යන්න. ඇයි ඔයාලගෙ කර උඩ...? අනේ මල්ලි;...

ඒ කොල්ලො ටිකටත් උඹෙ පෙට්ටියට කර ගහන්නවත් හයියක් නෑ බන්. උන් එකාට එකා බදාගෙන අඬනවා වරෙන් සුදු මල්ලි ගිය තැනකින්.

අපිට උඹ නැතුව බෑ.

"හැමදා ම අම්මා මුලින් ම බත් බෙදුවෙ උඹට බන්."

මේ අම්මා ආයි බත් බෙදලා කතා කරන්නෙ කාට ද මහත්තයෝ... අම්මා ගැන හිතලා ඉන්න."

"උඹට ගානක් නෑ මහත්තයෝ,.. එදා උඹ දුවලා දිනපු වෙලාවෙ උඹෙ යාළුවො කර තියන් යනවා වගේ උඹ උජාරුවට හැමෝගෙ ම කර පිටින් යනවා.

ඒත් අපි...?"

උඹෙ යකඩ හීනෙ අපිට තිබ්බ හැම හීනයක් ම උදුරා ගත්තා රත්තරන්.

😔💔

හැම කොල්ලෙක් ම දෙපාරක් නෙමෙයි සිය පාරක් හිතන්න.

මේ දවස් වල දවසට කී දෙනෙක් නැති වෙනවද...?

අයියෙ;.. මල්ලි;... උඹලා පවුලෙ පණ බන්. කවුරුත් ම කෙලින් නො කිව්වට උඹලා තමයි අපේ ජීවිතේ.

"අනේ හෙමින් පලයන්."

වඳින්නම්. උබලට උඹලා වටින්නෙ නැති උනාට අපිට ගොඩක් වටිනවා.
________________________________

උපුටා ගැනීමකි.

| Rajapaksha | Rajapakshaツ | |

🤍✨

07/01/2024

එයාහ්...🥰😘

| Rajapaksha | Rajapakshaツ | |

🤍✨

25/12/2023

අපි හැමෝට ම තියෙනවා,...

දකින්න ආසාවෙන් බලන් ඉන්න

ඒත්,...

දැක්ක ම හිත තිගැස්සිලා යන

ඇස් දෙකක්...🤍✨

Follow me Dew Rajapaksha



🙂❤️‍🩹

20/12/2023

හැබැහින් පෙම් බැන්ඳෝ සසරේ එක් වූවෝ...🙂❤️‍🩹

09/11/2023
16/10/2023

පහන් ටැඹ වෙලා දිවි ගමනේ....💝😁🤭

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when 𝕯𝖊𝖜 - දේව් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share