Matara News Update

Matara News Update උණුසුම් කරන පුවත් නිවැරදිව හා එසැණින?
(1)

අදින් පටන් ගන්නෙත් 2020,2021,2022 වගේ තවත් එක අවුරුද්දක් විතරයි.😐😐බොහෝවිට 2023 කියන්නේ ගොඩක් අභියෝගාත්මක වසරක් වෙන්න පුළ...
01/01/2023

අදින් පටන් ගන්නෙත් 2020,2021,2022 වගේ තවත් එක අවුරුද්දක් විතරයි.😐😐

බොහෝවිට 2023 කියන්නේ ගොඩක් අභියෝගාත්මක වසරක් වෙන්න පුළුවන්.😕

කොහොම වුනත් අවුරුද්ද සුබ කරගන්නවද නැද්ද කියන එක ඔයාගෙ වැඩක්.😊😊

ඔයාම කල්පනා කරලා බලන්න ගිය අවුරුද්දේ මොනවද කරේ කියලා.🥲

ගිය අවුරුද්දෙ වගේ හේතු කිය කිය ඉඳල අනුන්ට දොස් පවරලා කාලකන්නි වෙන්න එපා.මොන බාධකේ ආවත් කොහොමහරි ගේමක් ගහලා තමන්ගේ අරමුණ ජයගන්න බලන්න.😌😌😇

කොහොමහරි 2023 සුබ වසරක් කරගන්න බලන්න.තමන් මුකුත් නොකර ඉඳලා නිකන් අවුරුද්දට බැනලා වැඩක් නෑ.😇💪

ඔබ සැමට ජයග්‍රාහී ශ්‍රී සුබ නව වසරක් වේවා!!!🙏🙏❤

Welcome 2023 🥳

07/10/2022

2022 උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වෙනිදා දක්වාත් 2022 ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් 18 දක්වාත් කල් යයි.

-මාතර News Update-

රටක් හැටියට අර්බුදකාරී තත්වයකට පත් වී ඇති මෙවැනි අවස්ථාවක රටවැසියන්ගේ එකම බලාපොරොත්තුවක් වූ ආසියානු ක්‍රිකට් ශූරතාවය මෙර...
11/09/2022

රටක් හැටියට අර්බුදකාරී තත්වයකට පත් වී ඇති මෙවැනි අවස්ථාවක රටවැසියන්ගේ එකම බලාපොරොත්තුවක් වූ ආසියානු ක්‍රිකට් ශූරතාවය මෙරටට දිනා දුන් දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත්,බාධක රැසක් හමුවේ දැල්පන්දු ශූරතාවය දිනා දුන් දැල් පන්දු කණ්ඩායමටත් පුදුම ලෝකය අපේ ප්‍රණාමය !!!❤️

කාලෙකින් අපිට නිහතමානීව හිනාවෙන්න පුළුවන් කරලා දුන්නට ඔයාලට ගොඩක් ස්තූතියි.🙏🙏

-මාතර News Update-

11/09/2022

ආසියානු නෙට්බෝල් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.

-මාතර News Update-

11/09/2022

ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න විෂ්මිත දේවල් කොච්චර තියෙනවද?😶😶
ඒ දේවල් ගැන දවසින් දවස දැනගෙන දැනුමෙන් සන්නද්ධ වෙන්න ඔයත් කැමතිද?🤩🤩
එහෙනම් මෙන්න ඔයාට ගැලපෙනම තැන.👇👇

https://www.facebook.com/pudumalokayatg

දැන්ම Like කරන්න.😇😇😇.

යාලුවන්ටත් දැනගන්න share කරන්න

ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න

විෂ්මිත දේවල් ගැන දැන ගන්න අනිවා

LIKE කරලා සෙට් වෙන්න.😎❤️👍

11/08/2022

සුරිඳුනි දෙවිනුවර 2022

රන්දෝලි මහා පෙරහැර

09/08/2022

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 214ක් හඳුනාගනී.

-මාතර News Update-

01/08/2022

මාතර ගන්දර ෂෙඩ් එකේ පෝලිම් නැත.දැන් ගියොත් විනාඩි පහෙන් තෙල් ලබාගත හැක.

-මාතර News Update-

🚨 මේ ටික දැනගෙන එළියට බහින්න🚨"අගෝස්තු 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන ජාතික ඉන්ධන බෙදාහැරීමේ වැඩ පිළිවෙල" 1. QR කෝඩ් වැඩේ ප...
01/08/2022

🚨 මේ ටික දැනගෙන එළියට බහින්න🚨

"අගෝස්තු 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන ජාතික ඉන්ධන බෙදාහැරීමේ වැඩ පිළිවෙල"

1. QR කෝඩ් වැඩේ පමණක් අගෝස්තු 1 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි.
නම්බර් ප්ලේට් එකේ අන්තිම අංකය බලන එක, ටෝකන් දෙන එක වගේ අනෙක් සියළුම ක්‍රම මේ අනුව අහෝසි වෙනවා.

2. QR කෝඩ් වැඩේට ලියාපදිංචි වුණු ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
ඒ ඒ ශෙඩ් QR කෝඩ්වලින් කරපු සම්පූර්ණ වැඩ ගණනද ප්‍රමුඛතාවය ලබා දීමේදී සැළකිල්ලට ගනු ලැබේ.

3. චැසි අංකය සමඟ ලියාපදිංචි වීමට නොහැකි වූ වාහනවලට අගෝස්තු 1 සිට ආදායම් බලපත්‍ර අංකය සමඟ ලියාපදිංචි වෙන්න පුළුවන්.

4. සියලුම ත්‍රීරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර, ඉන්ධන ලබා ගැනීමට ළඟම තියෙන ඉන්ධන පිරවුම්හලක් නම් කරන්නත් ඕනේ.

5. විදුලි ජනක යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන්ගෙන් අවශ්‍ය ඉන්ධන වර්ගය, සතිපතා ඉන්ධන අවශ්‍යතාවය සහ තෝරාගත් ඉන්ධන පිරවුම්හල එක්ක අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හෙට සිට ලියාපදිංචි වෙන්න පුළුවන්.

6. වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ සියලුම වාහන ලියාපදිංචි කළ හැක.

7. පොදු ප්‍රවාහනය බස් රථ සඳහා ඉන්ධන කෝටාව CTB ඩිපෝවලින් වෙන් කරනු ලබන්නේ, මාර්ග බලපත්‍රය සහ සේවයේ පවතින කිලෝමීටර් ගණන අනුව තීරණය කරන කෝටාව අනුවය.

8. බලධාරීන් විසින් කන්ෆර්ම් කරන ලද පාසල් සේවා වාහන, කාර්යාල ප්‍රවාහන වාහන, කර්මාන්ත ආශ්‍රිත වාහන, සංචාරක අංශයේ වාහන, ගිලන් රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් ඉන්ධන අවශ්‍යතා සඳහා CTB ඩිපෝ පහසුකම් සපයනවා.

9. සියලුම ඉන්ධන පිරවුම්හල්වල ගිලන්රථ සඳහා ප්‍රමුඛතාවයක් ලැබෙනවා සහ ඔවුන්ගේ වාහනවලට ඉන්ධන පිරවීම සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණය ලබා දෙනවා.

10. එක් එක් පොලිස් වසමේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද කෝටාවක් ලබා දී ඒ අනුව දැනුම් දෙනු ලබනවා.

11. නීතිවිරෝධී ඉන්ධන තොග රැස් කිරීම් සහ විකිණීම් කටයුතු පිළිබඳ ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි 0742123123 අංකයට WhatsApp හරහා යැවීමට මහජනතාවට මේ වන විට හැකියාව ලැබෙනවා.

12. සඳුදා දිනයේදීම ඉන්ධන පිරවුම්හල්වලට පැමිණ ඇති විය හැකි තදබදයෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් වෙන් කරන ලද කෝටාව ලබා ගැනීමට මුළු සතියම තිබෙන බවයි ඔවුන් කියන්නේ.

උපුටාගැනීම- විකුම් හර්ෂණ -

01/08/2022

ඉන්දියාවෙන් පළමු මන්කිපොක්ස් මරණය වර්තා වේ.
මෙසේ මරණයට පත් වී ඇත්තේ 22හැවිරිදි තරුණයෙක්.

-මාතර News Update-

01/08/2022

අද (01)සිට වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

-මාතර News Update-

01/08/2022

🔴News Alert🔴

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 113ක් හඳුනා ගෙන ඇත.

-මාතර News Update-

30/07/2022

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 143ක්.
28 වෙනිදා මරණ 05කුත් වාර්තා වේ.

-මාතර News Update-

29/07/2022

ඊයේ මාතරින් කොවිඩ් රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

-මාතර News Update-

29/07/2022

මෙවර පාසල් සඳහා අගෝස්තු නිවාඩුව ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

-මාතර News Update-

සුරිඳුනි දෙවිනුවර 2022 🙏🙏
29/07/2022

සුරිඳුනි දෙවිනුවර 2022

🙏🙏

වැඩිදුර තොරතුරු 📞📞📞0714256046/0777333385☎️
15/07/2022

වැඩිදුර තොරතුරු
📞📞📞
0714256046/0777333385☎️

15/06/2022

🔴News Alert🔴

මාතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්.
මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබේනම් විනාශ කරන්න.

-මාතර News Update-

20/05/2022

🔴News Alert🔴

සාමාන්‍ය පෙල විභාගයේ විභාග කටයුතුවලට සහාභාගි වන ගුරුවන්ට තම ලිපි ඉදිරිපත් කර ඉරිදා(22) සවස 3 සිට 5දක්වා ඉන්ධන පිරවුම් හල් වලින් ප්‍රමුඛත්වය ගෙන ඉන්ධන ලබා ගැනිමට හැකියි.

-මාතර News Update-

15/05/2022
12/05/2022

🔴News Alert🔴

දකුණු පලාතේ පාසල් හෙට(13) දින උදැසන 7.30 සිට දවල් 12.30 දක්වා පමණක් පවත්වන බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

-මාතර News Update-

09/05/2022

දෙවුන්දර ප්‍රාදේශිය සභාවේ සභාපති සුජීව වේදගේ මහතාගේ නිවසට ගිණි තබයි.

09/05/2022

🔴Hot News🔴

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාර දෙයි.

-මාතර News Update-

09/05/2022

යලි දැනුම් දෙන තුරු මුළු දිවයිනට පොලිස් ඇදිරි නීතිය

09/05/2022

🔴Breaking News🔴

දකුණ කොළඹ,උතුර කොළඹ හා මැද කොළඹ යන ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පැනවේ.

-මාතර News Update-

06/05/2022

🔴News Alert🔴

අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් හදිසි නීතිය ක්‍රියාත්මක කෙරේ.

-මාතර News Update-

26/04/2022

🔴News Alert🔴

කිලෝග්රැම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු:4860/= දක්වා ඉහල යයි.

-මාතර News Update-

25/04/2022

🔴News Alert🔴

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400කින් ඉහළ යයි.

-මාතර News Update-

මේ වෙලාවේ මහරගම පිලිකා රෝහලේ ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවෙ chemotherapy සහ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ කිහ...
23/04/2022

මේ වෙලාවේ මහරගම පිලිකා රෝහලේ ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවෙ chemotherapy සහ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් නෑ.. පිටරට ඉන්න කෙනෙක්ගෙන් අපිට උදව් ඕනේ.

උදව් කරන්න කෙනෙක් දකිනකන් ශෙයා කරන්න. සල්ලි එකතු කරන්නෙ නෑ. එයාලට chemotherapy ගෙනත් දෙන්න කියන්න. නැත්නම් ඒ ඔක්කොම මැරිල යයි. SHARE FAST❤️

Address

Matara

Telephone

+94715874465

Website

Alerts

Be the first to know and let us send you an email when Matara News Update posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Matara News Update:

Share