මාතර පුවත් - Matara Puwath

මාතර පුවත් - Matara Puwath “ප්‍රජා මූලික මාධ්‍ය මෙහෙවර“
තහවුරු කරන ලද ප්‍රාදේශිය පුවත් ජනතාව අතරට

25/01/2025
25/01/2025

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය...
Read More>>> https://tinyurl.com/46xcnphf

🔷Subscribe Our Social Media Channels :

📌 Subscribe on YouTube : https://www.youtube.com/c/Newslksrilanka
📌 Like on Facebook : https://www.facebook.com/DepartmentOfGovernmentInformation
📌 Like on Facebook Tamil : https://www.facebook.com/profile.php?id=61559593114097
📌 Follow on X : https://x.com/newsdotlk
📌 Follow on Whatsapp : https://chat.whatsapp.com/IjOHBAayR58JZgNV1mHMr9
📌 Follow on Web : https://sinhala.news.lk/
https://www.dgi.gov.lk/

25/01/2025

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 වැනි දා සිට
Read More>> https://sinhala.news.lk/current-affairs/reel

🔷Subscribe Our Social Media Channels:
📌 Subscribe on YouTube: https://www.youtube.com/c/Newslksrilanka
📌 Like on Facebook Tamil: https://www.facebook.com/profile.php?id=61559593114097
📌 Follow on X: https://x.com/newsdotlk
📌 Follow on Whatsapp: https://chat.whatsapp.com/IjOHBAayR58JZgNV1mHMr9
📌 Follow on Web: https://sinhala.news.lk/

24/01/2025

මාතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 5000 ක් වගා කිරීම පිළිබඳව මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා අදහස් දැක්වී ය.

2025 වසරේ මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්ම පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ ================...
24/01/2025

2025 වසරේ මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්ම පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ
==========================================
දකුණු පළාත් සභාවේ 2025 වසරේ සංවර්ධන සැලැස්ම පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හා යෝජනා පිළිබඳව අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් ඊයේ (23) දින දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කර තිබූ මෙම රැස්වීමේ දී මාතර දිස්ත්‍රික්කය සඳහා 2025 වසරට ප්‍රධාන අමාත්‍යංශය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 475.37 ක් බවත් එම ප්‍රතිපාදන යොදා ගනිමින් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, මගී ප්‍රවාහන, සංචාරක, පළාත් පාලන මාර්ග හා වෙනත් සේවා, ප්‍රජා ජල සම්පාදන, අපද්‍රව්‍ය කළමණාකරණය, පූර්ව ළමා විය සංවර්ධනය ඇතුළු විෂයන් රාශියක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යංශ ලේකම්තුමා පවසන ලදී.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 292.32 ක් වෙන් කර ඇත. බිත්තර වී නිශ්පානය ඉහළ දැමීම, එළවළු පළතුරු ඵළදාව ඉහළ නැංවීම ඇතුළු එම අමාත්‍යංශයේ විෂයන් රාශියකට අයත් ව්‍යාපෘති රැසක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත. ධීවර අමාත්‍යංශය සඳහා රු.මිලියන 235.33 ක් ද, ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 147.783 ක්ද, අධ්‍යාපන අමාත්‍යංශය සඳහා ව්‍යාපෘති රාශියක් සඳහා ප්‍රතිපාදන වෙන්කර දී ඇත.

මෙම අවස්ථාවේදී දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන් අදහස් දක්වමින් “ වැසිකාලය එන තෙක් බලා නොසිට කාළගුණ උපදෙස් සොයා බලා අවධානම් සහිත ගස්වල අතු ඉවත් කිරීමට කටයුතු කරන්න. සමාජ සේවා, නිවාස වැනි කරුණු වලට ඉල්ලීම් පැමිණි විට ග්‍රාම නිලධාරී, ළමා හිමිකම් නිලධාරී, වනිතා නිලධාරී, වැඩිහිටි නිලධාරී, වැනි අය එකට ඒකාබද්ධව ගොස් එම පවුල්වල තොරතුරු රැගෙන තීරණ ගන්න යොමු කරන්න. මෙම ඒකාබද්ධව කටයුතු කිරීම පිළිබඳ අවධානය යොමුකල ආණ්ඩුකාරතුමා වැඩිදුරටත් කියා සිටියේ අපිට ඕන තරම් ක්‍රමවේද තියෙනවා. ඇතැම් ඒවා නීතියේ සඳහන් නොවුනත් පරිපාලන ක්‍රමවේද අනුගමනය කරමින් විනිවිධ භාවයෙන් වඩා හොඳ කාර්යක්ෂම මහජන සේවයක් ඒකාබද්ධ පරීක්ෂණ තුලින් සිදු කල හැකි බවයි.”

දැනට මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ආදාහනාගාරයක් නොමැති අතර එම කොට්ඨාසයේ ජනතාවට මාතර අකුරැස්ස කොට්ඨාශ වෙත යාමට සිදු වී ඇති බවත්, ඒ සඳහා වැඩිපුර මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත්, අළුතින් ආදාහනාගාරයක් ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මෙහිදී ආණ්ඩුකාරතුමා පවසන ලදී.

මේ අවස්ථාවට දකුණූ පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්, මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ, දකුණූ පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික සමරකෝන්, ආණ්ඩුකාරවර සම්බන්ධීකරණ ලේකම් සුනිසිත බණ්ඩාර යන මහත්වරුන්ද, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් අමාත්‍යංශ වල ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Subscribe Our Social Media Channels :
Subscribe on YouTube : https://www.youtube.com/channel/UCK_wQY3N-YIiDEFZ17Um4mQ
Like on Facebook : https://web.facebook.com/maatarapuwath
Follow on Instagram : https://www.instagram.com/matarapuwath/
Follow on X : https://x.com/matarapuwath
Follow on Whatsapp : https://whatsapp.com/channel/0029Vaonan3EwEk31XZaX11A

“ක්ලීන් ශ්‍රී ලංකා“ ජාතික වැඩසටහන පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි කළමනාකරුවන් දැනුවත් කෙරේ =========================...
24/01/2025

“ක්ලීන් ශ්‍රී ලංකා“ ජාතික වැඩසටහන පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි කළමනාකරුවන් දැනුවත් කෙරේ
============================================
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්“ යන තේමාව යටතේ සමස්ත සමාජයම ආර්ථික, පාරිසරික, සමාජයීය වශයෙන් ගැඹුරු පරිවර්තනීය වෙනසක් සඳහා රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන Clean Sri Lanka ජාතික වැඩසටහනට පිළිබඳව, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි කළමනාකරුවන් දැනුවත් කිරීම අද (24) දින මාතර - කාලිදාස පාරේ පර්ල් පැලස් උත්සව ශාලාවේ දී සිදු කෙරිණි.

මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය විසිනි.

Clean Sri Lanka වැඩසටහන ආයතන මට්ටමින් සිදු කරන වෙනසක් නොව සමාජ වෙනසක් වන බවත්, සමාජ වෙනසක් තුළ ජනතාවගේ පරිවර්තනයක් මුලිකවම සිදුවිය යුතු බවත් මෙහි දී අවධාරණය කරන ලදි. සමාජ තත්ත්වය ඉහළ නැංවීම, පරිසර සුරක්ෂිතතාවය හා සාරධර්ම යන ප්‍රධාන නිර්ණායක තුන යටතේ මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ජනතාවගේ හැසිරීම් වෙනස් කරමින් ආදර්ශවත් වීම හා ඒ හරහා යහ සාධකයන්ට ජනතාව පෙළඹවීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණකි.

සමාජ තත්ත්වය උසස් කිරිමේ දී පරිසර සුරක්ෂිතතාවය මෙන්ම මානව සාරධර්ම ඉහළ නැංවීම ප්‍රමුඛ වේ. එම තත්වයන් ජනතාව තුළ ඇති කිරිමට පෙළඹවීම සඳහා රාජ්‍ය නිලධාරින්ට විශාල කාර්යභාරයක් පැවරේ.

පරිසරය පිරිසිදු කිරීම මෙන්ම ඉන් ඔබ්බට ගිය නීති පද්ධතියක් ඇති කිරීමත්, පාසල් හා අනෙකුත් අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂය නිර්දේශයට පරිසර හිතකාමි හා පරිසරයට ආදරය කරන දරු පරපුරක් බිහිකිරීමේ චේතනාව පෙරදැරිකර, ඊට අවශ්‍ය මුලික පසුබිම නිර්මාණය කිරීමත්, මිනිසුන්ගේ ආකල්පමය පරිවර්තනයත්, වංචාව දුෂණය පිටු දැකීමත්, ඒ සඳහා ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීමේ දී රාජ්‍ය සේවකයන් සිය වගකීම කුමක්ද යන්න පිළිබඳව අවබෝධකර ගැනීම වඩා වැදගත් බවත් මෙහි දී අවධාරණය කෙරිණි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමේ දී ගම් මට්ටමින් ග්‍රාමීය සභා පිහිටුවයි. ඒ හරහා දිස්ත්‍රික් සභා පිහිටුවීම සිදුවේ. එම සභාවන්හි ක්‍රියාකාරිත්වය සෘජුවම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධ කරයි. වඩා විනිවිද බවකින් යුතුව ක්‍රියාවට නැංවීමෙන් මෙම වැඩපිළිවෙල හරහා උසස් සමාජ ජිවිතයක් සහිත රටක් බවට ශ්‍රි ලංකාව පරිවර්තනය කිරීම සිදු වේ.

2024 වර්ෂයේ විශ්‍රාම ලැබූ සමෘද්ධි කළමනාකරුවන් සඳහා උපහාර පිදීමක් ද මෙහි දී සිදු කරන ලදි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි අධ්‍යක්ෂ රෝහිත මහතා, මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි කළමනාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Subscribe Our Social Media Channels :
Subscribe on YouTube : https://www.youtube.com/channel/UCK_wQY3N-YIiDEFZ17Um4mQ
Like on Facebook : https://web.facebook.com/maatarapuwath
Follow on Instagram : https://www.instagram.com/matarapuwath/
Follow on X : https://x.com/matarapuwath
Follow on Whatsapp : https://whatsapp.com/channel/0029Vaonan3EwEk31XZaX11A

මාතර සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවොට් 132 ක විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක්============================================මාතර...
24/01/2025

මාතර සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවොට් 132 ක විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක්
============================================
මාතර සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවොට් 132 ක විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම පිළිබඳව වූ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පැවැත්ණි.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සමග පැවති මෙම සාකච්ඡාවේ දී ඔවුන් පෙන්වා දුන්නේ දකුණු පළාතට දැනට විදුලිය සැපයීම සඳහා බලාගාරයක් නොමැති නිසා පුනර්ජනනීය බල ශක්තිය ද යොදා ගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ මුදලක් වැය කර ඉදි කරනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් දකුණේ ජනතාවට අවශ්‍ය විදුලි ශක්තිය ලබා ගැනීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවයි.

මාතර සිට හම්බන්තොට දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08 ක් ඔස්සේ, ග්‍රාම නිලධාරී කොට්ඨාස 72 ක් හරහා දිවෙන මෙම විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමේ දී හානි වන වගා බිම් හා ඉඩම් සඳහා වන්දි ලබා දීම සිදු කරන බව ද දන්වන ලදී.

මෙහි දී අදහස් දැක්වූ ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමා “ මෙම ව්‍යාපෘතිය කිරීමේදී සිදුවනු ලබන පරිසරයට සිදු වන හානි පිළිබඳව සොයා බැලීම සඳහා එම විෂය පිළිබඳ විද්වතකු පත් කිරීමට කටයුතු කරන්න. මෙහි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් පොල් වගාවන් පිහිටි භූමි වලට හානි වේ නම් එම ස්ථානවලට වන හානි හැකිතාක් අවම වන ක්‍රමයන් උපයෝගී කර ගන්න. මෙහි කුඹුරු හා අනෙකුත් ඉඩම් තක්සේරු කිරීමේදී තම අභිමතය පරිදි කටයුතු නොකර කමිටුවක් පත් කිරීම මගින් එම ඉඩම් තක්සේරු කිරීමට වග බලා ගන්න. කුඹුරක්, යම් වගා බිමක් හෝ ඉඩමක් තක්සේරු කරන්නේ නම් එම ඉඩමේ අයිතිකරු, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, ගොවිජන සේවා නිලධාරී වැනි එම ප්‍රදේශය ආශ්‍රිත වගකිවයුතු නිලධාරීන් හා අදාල ආයතන සම්බන්ධ කරගන්න. මෙම සම්ප්‍රේෂණ පද්ධතිය ඉදිකරන විට එම ඉදිකිරීම් කටයුතු කරන ජනතාවගේ සහ ඉදිකිරීම් කටයුතු ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් වන්න. මේ කරන්න යන කර්තව්‍ය පිළිබඳව පැහැදිලිව මහජනතාවට විස්තර කර කියන්න. සෑම විටම විනිවිධ භාවයෙන් යුතුව කටයුතු කරන්න.” යනුවෙන් පවසන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මැදිහත් වීමෙන් 2025.01.10 දින මුදල් අමාත්‍යංශයේ දී ගිවිසුම අත්සන් කරන ලදී.

මේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පුද්ගලික ලේකම් බී.කේ.එස්.රවීන්ද්‍ර, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික සමරකෝන්, විදුලි සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සෞම්‍ය කුමාරවඩු, ව්‍යාපෘති කළමණාකරු ආර්.ජීවගන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Subscribe Our Social Media Channels :
Subscribe on YouTube : https://www.youtube.com/channel/UCK_wQY3N-YIiDEFZ17Um4mQ
Like on Facebook : https://web.facebook.com/maatarapuwath
Follow on Instagram : https://www.instagram.com/matarapuwath/
Follow on X : https://x.com/matarapuwath
Follow on Whatsapp : https://whatsapp.com/channel/0029Vaonan3EwEk31XZaX11A

2025 ජනවාරි මස 24 දිනට අදාළ කාලගුණ අනාවැකිය හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය========================...
24/01/2025

2025 ජනවාරි මස 24 දිනට අදාළ කාලගුණ අනාවැකිය හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
===========================================
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය.

වැසි තත්ත්වය:
මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළඟ:
සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය:
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව -

Subscribe Our Social Media Channels :
Subscribe on YouTube : https://www.youtube.com/channel/UCK_wQY3N-YIiDEFZ17Um4mQ
Like on Facebook : https://web.facebook.com/maatarapuwath
Follow on Instagram : https://www.instagram.com/matarapuwath/
Follow on X : https://x.com/matarapuwath
Follow on Whatsapp : https://whatsapp.com/channel/0029Vaonan3EwEk31XZaX11A

“ක්ලීන් ශ්‍රී ලංකා“ ජාතික වැඩසටහනට සමගාමීව නිල්වලා ගංමෝය පිරිසිදු කෙරේ============================================“පොහොස...
23/01/2025

“ක්ලීන් ශ්‍රී ලංකා“ ජාතික වැඩසටහනට සමගාමීව නිල්වලා ගංමෝය පිරිසිදු කෙරේ
============================================
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්“ යන තේමාව යටතේ සමස්ත සමාජයම ආර්ථික, පාරිසරික, සමාජයීය වශයෙන් ගැඹුරු පරිවර්තනීය වෙනසක් සඳහා රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි නිල්වලා ගංමෝය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් අද (23) දින පැවැත්විණි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතා, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතර මහා නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

Subscribe Our Social Media Channels :
Subscribe on YouTube : https://www.youtube.com/channel/UCK_wQY3N-YIiDEFZ17Um4mQ
Like on Facebook : https://web.facebook.com/maatarapuwath
Follow on Instagram : https://www.instagram.com/matarapuwath/
Follow on X : https://x.com/matarapuwath
Follow on Whatsapp : https://whatsapp.com/channel/0029Vaonan3EwEk31XZaX11A

“ක්ලීන් ශ්‍රී ලංකා“ ජාතික වැඩසටහනට සමගාමීව මාතර - “කිරළ කැලේ“ ඇකේෂියා ඇතුළු ආක්‍රමණික ශාක ඉවත් කර මී පැළ රෝපණය කෙරේ=====...
23/01/2025

“ක්ලීන් ශ්‍රී ලංකා“ ජාතික වැඩසටහනට සමගාමීව මාතර - “කිරළ කැලේ“ ඇකේෂියා ඇතුළු ආක්‍රමණික ශාක ඉවත් කර මී පැළ රෝපණය කෙරේ
==========================================
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්“ යන තේමාව යටතේ සමස්ත සමාජයම ආර්ථික, පාරිසරික, සමාජයීය වශයෙන් ගැඹුරු පරිවර්තනීය වෙනසක් සඳහා රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි “කිරළකැලේ“ වනජීවී අභය භූමි පරිසර පද්ධතිය ආක්‍රමණය කරමින් පවතින ප්‍රදේශයට අනුව ආක්‍රමණශීලී ශාකයක් ලෙස සැලකෙන ඇකේෂියා ශාකය සහ අනෙකුත් ආක්‍රමණශීලී ශාක ඉවත්කර මී පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් අද (23) දින පැවැත්විණි.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම තෙත් බිම් අභය භූමිය වශයෙන් සැලකෙන “කිරළකැලේ“ පරිසර පද්ධතිය ආශ්‍රිතව ප්‍රදේශයට අනුව ආක්‍රමණශීලී ශාකයක් වශයෙන් සැලකෙන ඇකේෂියා ශාකය බහුලව ව්‍යාප්තවීම නිසා එම පරිසර පද්ධතිය විනාශවීමේ තර්ජනයට ලක්ව තිබේ. මේ වන විට කිලෝමීටර් 18 ක අභ්‍යන්තර මාර්ග දෙපස ඇකේෂියා ශාකය ව්‍යාප්තව ඇත.

මෙහි දී යටි රෝපණය ලෙස පවතින ඇකේෂියා ඇතුළු අනෙකුත් ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම හා මී පැළ රෝපණය කිරීම සිදු කෙරිණි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතර මහා නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

Subscribe Our Social Media Channels :
Subscribe on YouTube : https://www.youtube.com/channel/UCK_wQY3N-YIiDEFZ17Um4mQ
Like on Facebook : https://web.facebook.com/maatarapuwath
Follow on Instagram : https://www.instagram.com/matarapuwath/
Follow on X : https://x.com/matarapuwath
Follow on Whatsapp : https://whatsapp.com/channel/0029Vaonan3EwEk31XZaX11A

“ක්ලීන් ශ්‍රී ලංකා“ ජාතික වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 09...
22/01/2025

“ක්ලීන් ශ්‍රී ලංකා“ ජාතික වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 09 ක දී අද (22) සිදු කෙරිණි.
============================================
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්“ යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන Clean Sri Lanka ජාතික වැඩසටහන පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතී.

ඒ අනුව අද (22) දින කිරින්ද - පුහුල්වැල්ල, අකුරැස්ස, වැලිපිටිය, මාතර කඩවත් සතර, දෙවිනුවර, හක්මණ, අතුරලිය, වැලිගම හා දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල දී මෙම දැනුවත් කිරීම් සිදු කරන ලදි.

සමාජ තත්ත්වය ඉහළ නැංවීම, පරිසර සුරක්ෂිතතාවය හා සාරධර්ම යන ප්‍රධාන නිර්ණායක තුන යටතේ Clean Sri Lanka ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවේ.

මේ සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය, දිස්ත්‍රික් ඉංජිනේරු ඩී.කේ.නානායක්කාර මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ රෝහිත මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සඳමාලි මහත්මිය, නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ චාමලී මහත්මිය, නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සමන්ත ගම්හේවා මහතා, කුඩා ව්‍යාපාර සහකාර අධ්‍යක්ෂ පී.කේ.පතිරණ මහතා, සහකාර ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුජීවා යායින්න මහත්මිය, සහකාර ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ කල්‍යාණි මුණසිංහ මහත්මිය, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් කුමාරසිරි මහතා හා කුඩා ව්‍යාපාර සහකාර අධ්‍යක්ෂ සංජීවනී මහත්මිය විසිනි.

මෙම අවස්ථාවට අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජනතා නියෝජිතයින්, ප්‍රාදේශිය ලේකම්වරු, රාජ්‍ය ආයතන, මණ්ඩල හා සංස්ථාවල ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සිවිල් සංවිධාන නියෝජිතයින්, ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Subscribe Our Social Media Channels :
Subscribe on YouTube : https://www.youtube.com/channel/UCK_wQY3N-YIiDEFZ17Um4mQ
Like on Facebook : https://web.facebook.com/maatarapuwath
Follow on Instagram : https://www.instagram.com/matarapuwath/
Follow on X : https://x.com/matarapuwath
Follow on Whatsapp : https://whatsapp.com/channel/0029Vaonan3EwEk31XZaX11A

මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිගණකගත නොකළ උප්පැන්න, මරණ හා විවාහ සහතික නිකුත් කිරීමට වෙනම කවුළුවක් ඇරඹීමට ...
22/01/2025

මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිගණකගත නොකළ උප්පැන්න, මරණ හා විවාහ සහතික නිකුත් කිරීමට වෙනම කවුළුවක් ඇරඹීමට උපදෙස්
============================================
මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිගණකගත නොකළ උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීම සඳහා වෙනම කවුළුවක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගන්නා ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා විසින් මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් වරයාට උපදෙස් ලබාදෙන ලදි. ඒ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සමඟ දුරකථන සාකච්ඡාවකින් අනතුරුවයි.

මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා අද (22) දින මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වු අවස්ථාවේ රෙජිස්ට්‍රාර් අංශයේ පැවති තත්ත්වය දැක මෙම පියවර ගන්නා ලදි.

මේ අවස්ථාවට මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් සුසන්ත අත්තනායක මහතා ද සහභාගි වී සිටියහ.

Subscribe Our Social Media Channels :
Subscribe on YouTube : https://www.youtube.com/channel/UCK_wQY3N-YIiDEFZ17Um4mQ
Like on Facebook : https://web.facebook.com/maatarapuwath
Follow on Instagram : https://www.instagram.com/matarapuwath/
Follow on X : https://x.com/matarapuwath
Follow on Whatsapp : https://whatsapp.com/channel/0029Vaonan3EwEk31XZaX11A

Address

Disdrict Media Unit
Matara

Alerts

Be the first to know and let us send you an email when මාතර පුවත් - Matara Puwath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මාතර පුවත් - Matara Puwath:

Videos

Share