Magza

Magza post your item to sale skip

20/10/2023

🥺🥺 යුද්ධයක් කියන්නෙ මොකද්ද කියලවත් දන්නැති අය

15/10/2023

අම්මෝ…. දුවපාන්…..

12/10/2023

හමු වෙයිද?

අදුර ගත්තද 😂😂.video inbox
11/07/2023

අදුර ගත්තද 😂😂.video inbox

Please like and support this ❤️ mirissa
27/06/2023

Please like and support this ❤️ mirissa

Amour Life මිරිස්ස

23/06/2023

😢😢

🔴 අතුරුදන් වූ සබ්මැරීනයේ සිටි සියලුදෙනා මිය ගොස් ඇති බවට OceanGate සමාගමෙන් නිවේදනයක්😢😢
23/06/2023

🔴 අතුරුදන් වූ සබ්මැරීනයේ සිටි සියලුදෙනා මිය ගොස් ඇති බවට OceanGate සමාගමෙන් නිවේදනයක්
😢😢

18/06/2023

#ජුන්කෝ_ෆුරූටාගේ_අනුවේදනීය_දවස්_44

ඉතිහාසයේ වාර්තා වී ඇති කාන්තා අපරාධ තුළින් වැඩිම වද හිංසාවකට ලක් වූ තරුණිය ලෙස ඉතිහාසගත ගත වන්නේ ඇයයි. එහි බරපතළකම කොපමණද කිවහොත් මෙම නඩුව උසාවියේදී විභාග කෙරූ අවස්ථාවේ උසාවියේ සිට සිහි නැති වී ඇද වැටුණු කාන්තාවන් අපමණය. එය ලේසි පහසු නඩු විභාගයක් නොවීය. කතා නායිකාව ජුන්කෝ ෆුරූටාය. මේ ඇයගේ ජීවිතයේ දරුණුම දවස් හතළිස් හතරයි.

ජුන්කෝ ෆුරූටා යනු ජපානයේ යෂියෝ මිනාමි උසස් පාසලේ ඉගෙනුම ලැබූ ඉතා සුරූපී සිසුවියකි. ජුන්කෝ උපත ලැබුවේ සයිටාමා ප්‍රාන්තයේ මිසාටෝහිය. නව යොවුන් වියේ පසු වූ ඇය යෂියෝ-මිනාමි උසස් පාසලට ඇතුළත් වූ අතර පාසල් කාලයෙන් පසු ඉලෙක්ට්‍රොනික් සිල්ලර වෙළෙන්දෙකු යටතේ අර්ධකාලීන සේවිකාවක් ලෙස සේවය කළාය. ඇය ජීවත් වූයේ ඇගේ දෙමාපියන්, වැඩිමහල් සහෝදරයා සහ ඇගේ බාල සහෝදරයා සමඟය.

ජුන්කෝ රූමත් බව නිසාම තරමක් ආඩම්බර සිසුවියකි. විවිධ තරුණයන් ඇයගේ ආදරය පතා පැමිණියද ඇය ඒ සියල්ල සූක්ෂමව ප්‍රතික්ෂේප කළාය. ජුන්කෝගේ ආදරය පතා පැමිණි තරුණයන් අතර හිරෝෂි මියානෝ නමැති තරුණයෙක් විය. අනෙකුත් තරුණයන් මෙන් නොව මොහුගේ ආදර ඇරයුම තරමක් භයානක එකක් විය. මියානෝ කිහිප වතාවක්ම ඇයගෙන් පෙම් සබඳතාවයක් ඇති කරගැනීමට ඇසුවද ජුන්කෝ ඔහුව ප්‍රතික්ෂේප කළේ ඇය ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳ උනන්දුවක් නොදැක්වූ හෙයිනි.

තම ප්‍රේම ඇරයුම ප්‍රතික්ෂේප වූ හේතුවෙන් ඇය කෙරෙහි දැඩි කෝපයක් ඇති කර ගත් මියානෝට ඇයගෙන් පළිගැනීමට අවශ්‍ය විය. මියානෝ යනු යකුසා නමැති පාතාල කල්ලියක සාමාජිකයෙකි. ඔහු සහ සගයන් කාන්තාවන් දූෂණය කිරීම සම්බන්දයෙන් නම ගිය කල්ලියකි. ඔහු පාතාලයේ උෂ්ණයද සමඟ ජුන්කෝව පැහැරගැනීමට සැලසුම් කළේය.

1988 නොවැම්බර් 25 වැනි දින මියානෝ සහ ඔහුගේ මිතුරා නොබුහාරු මිනාටෝ නගරය වටා කරක් ගැසුවේ හසුවන කවුරුන් හෝ කාන්තාවක් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ අදහසිනි. එදින රාත්‍රී 8.30 ට පමණ ජුන්කෝ තම අර්ධකාලීන රැකියාව අවසන් කර නිවස බලා යාමට සැරසෙන අයුරු මියානෝ සහ සගයා දුටවෝය. මියානෝගේ අණ පරිදි මිනාටෝ ජුන්කෝගේ බයිසිකලයෙහි හුලං යවා වහාම එම ස්ථානයෙන් පලා ගොස් සැඟවී සිටියේය. පසුව ජුන්කෝ නිවෙස බලා යාමට පැමිණෙත්ම මියානෝ එම අවස්ථාව අහම්බයක් ලෙස මවා පාමින් ජුන්කෝ වෙත ගොස් &කොහොමද ජුන්කෝ.. මට සමාවෙන්න මමත් ඔයාගෙන් යාළුවෙන්න ඇහුවා. ඔයා කැමති වුණේ නෑ. ඒත් කමක් නෑ අපි යාළුවෝ වගේ ඉමු* යැයි පවසා ඇයව නිවෙස කරා රැගෙන යාමට ඉදිරිපත් විය. ඔහුගේ ආදරය ඇරයුම නොපිළිගත්තද ජුන්කෝ එම අවස්ථාවේ ඔහු පිළිබඳ සැකයක් උපද්දවාගත්තේ නැත. යන අතරතුර මියානෝ ඔහුගේ යකුසා කල්ලියේ සම්බන්ධතා ජුන්කෝට හෙළි කළ අතර ඉතා සූක්ෂමව මියානෝ ඇයව අසල පිහිටි ගබඩාවකට ගෙන ගියේය. පසුව ඔහු පැවසුවේ ඔහු සමඟ නොසිටියහොත් යකුසා කල්ලියේ සාමාජිකයන් සමඟ එකතු වී ජුන්කෝගේ මුළු පවුලම ඝාතනය කරන බවටයි. තම පවුල පිළිබඳ ඇති වූ බිය නිසාම එදින ඇයට ගබඩා කාමරය තුළදී මියානෝගේ බසට එකඟ වීමට සිදුවිය. එදින පළමු වතාවට ඇය මියානෝගේ අතින් දූෂණයට ලක් විය. ජුන්කෝ කෙරේ තිබූ ආදරය මියානෝ පෙන්වූයේ එලෙසින්ය.

ඉන්පසු ජුන්කෝව තම වාහනයට දමා ගත් මියානෝ ඇයව හෝටලයක් කරා රැගෙන ගියේය. ඇයව රැගෙන යන අතරතුර ඔහු යකුසා කල්ලියේ ඔහුගේ මිත්‍රයන් වන ජේ ඔගුරා, ෂින්ජි මිනාටෝ සහ යසුෂි වටනාබේ අමතා ඔහුගේ ක්‍රියාව පිළිබඳ පුරසාරම් දෙඩුවේය. ඔවුන් පැවසුවේ ඔවුන් ද හෝටලට පැමිණෙන තුරු ජුන්කෝව සිරකර තබාගන්නා ලෙසයි. නැවත වරක් පුද්ගලයන් සිව්දෙනකු අතින් හෝටලයේදී ඇය දූෂණය විය.

ක්‍රමක්‍රමයෙන් ජුන්කෝගේම පන්තියේ එකට සිටි යකුසා කල්ලියේ සාමාජික සිසුවන් මෙන්ම අනෙකුත් සාමාන්‍ය සිසුන් අතින්ද ජුන්කෝ වරින් වර දූෂණයට ලක් විය. ඇතැම් සිසුන් එම ක්‍රියාවට අකමැති වූ විට මියානෝ සහ කල්ලි සගයන් ඔවුන්ට බල කර තිබුණේ ජුන්කෝව දූෂණය කරන ලෙසයි. එලෙසින් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් අතින් දින හතළිස් හතරක් තුළදී 400 වතාවක් ජුන්කෝ දූෂණය විය.

ඉන්පසු මොවුන් ජුන්කෝව රැගෙන ගියේ මිනාටෝගේ දෙමව්පියන්ට අයත් නිවසකටය. එම ස්ථානය ඔවුන්ගේ නිත්‍ය කල්ලි ගැසීමේ ස්ථානයයි.

නොවැම්බර් 27 වැනි දින ජුන්කෝගේ දෙමව්පියන් තම දියණියගේ අතුරුදහන් වීම පිළිබඳව පොලීසියට පැමිණිලි කළහ. ඒ පිළිබඳව දැනගත් මියානෝ ජුන්කෝට බල කර සිටියේ තමා පෙම්වතා සමඟ පැනගොස් ඔහුත් සමඟ සිටින බවත් ඇයගේ අතුරුදන්වීම පිළිබඳ පොලිස් පරීක්ෂණය නවත්වන ලෙසටත් ලිපියක් ලියන ලෙසය.

මිනාටෝගේ දෙමව්පියන් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ අයිති නිවසට පැමිණෙන අවස්ථාවල මියානෝ සහ සගයන් ජුන්කෝට බල කළේ ඔහුගේ මිත්‍රයකුගේ පෙම්වතිය ලෙස රඟපාන ලෙසයි. කෙසේ වෙතත් සිදුවන සත්‍ය සිදුවීම පිළිබඳව මිනාටෝගේ දෙමව්පියන් මෙන්ම සහෝදරයාද දැන සිටියේය. ඔවුන් ඔහුට විරුද්ධව කිසිවක් නොකළේ ඔහුට යකුසා කල්ලිය සමඟ තිබූ සම්බන්ධතා ගැන ඔවුන් දැන සිටි නිසාත්, ඔවුන්ගේම පුතා ඔවුන් කෙරෙහි ප්‍රචණ්ඩකාරී වූ නිසාත්ය.

මෙලෙස ජුන්කෝ මොවුන්ගේ දරාගත නොහැකි වද හිංසා හමුවේ දින හතලිස් හතරක් මිනාටෝගේ නිවසේ රඳවාගෙන සිටියේය. ඇයගේ නඩු විභාගයට අනුව, ඔවුන් සිව්දෙනා ඇයව 400 වතාවකට වඩා දූෂණය කර, ඇයට පහර දී, කුසගින්නේ තබා, සිවිලිමේ එල්ලා ඇයව "පන්ච් බෑගයක්" ලෙස භාවිතා කර, ඇගේ බඩට බාබල්වලින් පහරදී, සජීවී කැරපොත්තන් කෑමට ද බල කළහ. ඇගේම මුත්‍රා පානය කර ඔවුන් ඉදිරිපිට ස්වයංවින්දනයේ යෙදීමටද ඇයට බල කළහ. ඔවුන් ඇගේ යෝනි මාර්ගය හා ගුදය තුළට විදුලි බුබුලු සහ ගිනිකෙළි දැමීය. ඇයගේ ශරීර අවයව සිගරට් සහ ලයිටර්වලින් ද ඇගේ ඇහිබැමි උණුසුම් ඉටි වලින් ද පුළුස්සා දැමූහ. ඔවුන් ඇගේ වම් තන පුඩුව ඉරා දමා ඇගේ පියයුරුවලට ඉඳිකටුවලින් විද්දෝය. එලෙස ඇය විඳදරාගත් වේදනාවන් අපමණය.

එක් දිනකදී මිනාටෝ නිවසින් පිටව ගිය පසු ප්‍රධාන දූෂකයන් සිව් දෙනාට අමතරව එතැන සිටි තවකෙක් තම සහෝදරයාට මෙම සිද්ධිය ගැන පැවසුවේය. පසුව ඔහු පොලිස් නිලධාරීන් වූ ඔවුන්ගේ දෙමාපියන්ට ඒ පිළිබඳ පැවසීය. එම හෝඩුවාවෙන් පසු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මිනාටෝගේ නිවස වෙත පිටත් කර හරින ලදි. කෙසේ වෙතත්, එම ස්ථානයේ රැඳී සිටි තරුණයන් පැවසුවේ ඇතුළත ගැහැණු ළමයෙකු නොමැති බවය. එම සුළු වදන පමණක් සාක්ෂි කොටගෙන පොලිස් නිලධාරීන් නිවස සෝදිසි කිරීම අත්හැර දැමූහ. ඔවුන් තමන්ගේ මද උත්සාහයක් යොදා නිවස සෝදිසි කෙරුවේනම්, ජුන්කෝගේ වේදනාව දින 16කින් කෙටි වීමට තිබූ අතර ඇය ඇය තුවාලවලින් සුවය ලැබා හොඳින් ජීවත් වීමට ද ඉඩ තිබුණි.

දෙසැම්බරයේ මුල් කාලවකවානුවේ දවසක ජුන්කෝ නිවසෙහි රැඳී සිටි තරුණයකුගෙන් දුරකථනයක් සොරාගෙන පොලිසියට කතා කිරීමට උත්සාහ කළේය. කෙසේ වෙතත්, ඇය කිසිවක් පැවසීමට පෙර මියානෝට එය හසුවිය. පොලීසිය විසින් නැවත දුරකථන ඇමතුමක් ලබා දුන් විට, එය අත්වැරැද්දක් බව මියානෝ ඔවුන්ට දන්වා සිටියේය. පොලීසියට ඇමතුම ගත්තාට දඬුවමක් වශයෙන් ඔවුහු ඇගේ පාද තෙල් රත් වූ හැලියක දමා පිලිස්සූහ. ඔවුන් විශාල බෝතලයක් ඇගේ ගුදය තුළට ඇතුළු කර දැඩි රුධිර වහනයක් ඇති කළේය. එයින් ඇය බෙහෙවින් කම්පනයට පත්වූ බව වාර්තා වේ.

ඇය මෙම තුවාලවලින් සුවය ලබා දිගින් දිගටම නැවතත් දූෂණයට හා වධ හිංසාවලට ලක්විය. වද හිංසා විඳ දරාගැනීමට අපහසුම වූ තැනදී කිහිප වතාවක්ම ඇය ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඇයව මරා දමන ලෙසය. නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ඇයට සීතල උහුලාගත නොහැකි සීත කාලයේදී බැල්කනියේ නිදා ගැනීමට බල කළහ. ශීතකරණයක ද සිරකර තැබුවෝය.

ඇයගේ නඩු විභාගයේදී පැහැරගත් අයෙක් උසාවියට ​​කියා සිටියේ ඇගේ අත් සහ කකුල්වලට සිදුව තිබූ දරුණු හානි හේතුවෙන් පිරිසිදු කිරීම සඳහා ඇයව පහළට ගෙන යාමට පැයකට අධික කාලයක් ගත වූ බවය. වධහිංසා කිරීමේ බරපතලකම නිසා අවසානයේදී ඇයට මුත්‍රාශය හා බඩවැල් පාලනය අහිමි විය. ඇයට ජලය පානය කිරීමට හෝ ආහාර ගැනීමට නොහැකි වූ අතර දැරූ සෑම උත්සාහයකින් පසු වමනය විය. මේ හේතුවෙන් ද ඇයට දැඩි ලෙස පහර දී තිබේ. ප්‍රහාරවල ම්ලේච්ඡත්වය හේතුවෙන් සුරූපී ජුන්කෝගේ පෙනුම බෙහෙවින් වෙනස් විය. ඇගේ මුහුණ හඳුනාගත නොහැකි ලෙස ඉදිමී තිබිණි. ඇගේ ශරීරය ද දරුණු ලෙස අබලන් වී තිබුණු අතර දවස් ගතවන විට ශරීරය තුළින් කුණු ගන්ධයන් වහනය වන්නට විය. එම ගන්ධයත් සමඟ තරුණයන් සිව්දෙනාට ඇය කෙරෙහි තිබූ ලිංගික තෘප්තිය නැති වී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මියානෝ ඇතුළු සිව්දෙනා 19 හැවිරිදි කාන්තාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කෙරුවේය. එය ද ජුන්කෝ මෙන් රැකියාව නිම වී නිවස බලා යමින් සිටියදීය.

1989 ජනවාරි 4 වැනි දින ඇයගේ දවස් හතළිස් හතරක ජරාජීර්ණ වූ ජීවිත කාලයේ ඉරණම තීන්දු වූ දවස විය. තවත් හිරිහැර විඳදරාගැනීමට නොහැකි වූ ශරීරය මරණයම අයැද සිටියේය. ඇයගේ ඉල්ලීමට එකඟ වූ මියානෝ කියා සිටියේ &හරි මම උඹව එකපාර මරලා දාන්නම්. හැබැයි එක කොන්දේසියක් පිට. මාත් එක්ක මහජොන් සෙල්ලම කරලා දින්නොත් උඹව මම එක පාරින් මරලා දාන්නම්* යනුවෙනි. (මහ්ජොන් යනු චෙස් වැනි ජපන් ක්‍රීඩාවකි.)

සාමාන්‍යයෙන් තරගකරුවන් දෙදෙනකු ක්‍රීඩා කරන්නේ දිනුම ජයග්‍රහණය කර සතුටු වන්නට. නමුත් ජුන්කෝ මෙම ක්‍රීඩාවෙහි නිරත වූයේ මරණය ජයග්‍රහණය කර සතුටු වන්නටය. ඒ වනවිට ජුන්කෝගේ ශරීරයේ ක්‍රියාකාරී අවයවයකට තිබුණේ ඇයගේ දකුණු අත පමණි. ඉරණම් තරගය ආරම්භ විය. කෙසේ හෝ අවසන තරගයේ වීරයා බවට පත්වීමට ජුන්කෝට හැකිවිය. මියානෝ පොරොන්දු වූ පරිදි ජය්‍රහණයෙන් ඇයට හිමිවන ත්‍යාගය මරණයයි.

නමුත් සැණෙකින් මියානෝගේ අදහස වෙනස් විය. ප්‍රේම තරගයෙන් මෙන්ම මහජොං තරගයෙන් ද පරාජයට පත්වීමත් සමඟ මියානෝගේ කෝපය ඉහවහා ගියේය. ඒ වනවිටද ජුන්කෝගේ ශරීරයේ කිසිදු ශක්තියක් ඉතිරිව නොතිබුණි. තරග පරාජයෙන් පසු කෝපයට පත් තරුණ කාණ්ඩය ඇයට යකඩ බාබල් එකකින් පහර දී පයින් ගසමින්, ඉටිපන්දම් දෙකක් ඇගේ ඇහිබැම මත තබා උණුසුම් ඉටිවලින් පුළුස්සා දැමූහ. ඔවුහු ඇයව නැගී සිටවමින් පොල්ලකින් ඇගේ පාදවලට පහර දුන්හ. මෙම අවස්ථාවෙහිදී ඇය සිහිසුන්ව ඇද වැටුණි. අධික ලෙස රුධිරය වහනය වූ නිසාත්, ඇගේ ආසාදිත පිළිස්සුමවලින් සැරව මතු වන නිසාත්, දූෂකයන් ඇයගේ දෑත්, දෙපා පොලිතින් බෑග්වලින් ආවරණය කළහ. ඔවුන් දිගින් දිගටම ඇයට පහර දුන්හ. ඔවුන් ඇගේ කලවා, අත්, මුහුණ සහ උදරය මතට ගිණි ගන්නා සුළු තෙල් වත්කර නැවතත් ගිනි තැබුවෝය. ඉතා අපහසුවෙන් වුවද ගින්න නිවා දැමීමට උත්සාහ කළ ජුන්කෝට එය මැඩපැවැත්වීමට නොහැකි විය. ක්‍රමයෙන් ඇයගේ ප්‍රතිචාර අඩු වී ගියේය. මෙම අවසන් ප්‍රහාරය පැය දෙකකට ආසන්න කාලයක් පැවති බව වාර්තා වේ. අවසානයේදී ජුන්කෝ ඉතිහාසයේ සිදු වූ කාන්තා වද හිංසනයන්ගෙන් වැඩිම හිංසාවට ලක්වූ තරුණිය ලෙස එදින අවසන් සුසුම් හෙළීය. මේ සියලු අපරාධයන් සිදුවන විට ජුන්කෝ ෆුරූටාගේ වයස අවුරුදු 18කි. එතෙකින් අවසන් නැත.

ඇයගේ මරණයෙන් දවසක් ගතවීමට මත්තෙන් ඇයගේ මරණය පිළිබඳ පොලීසියට පැමිණිල්ලක් ලැබුණි. මිනීමැරුමකට හසු වේ යැයි බියෙන් රාත්‍රී 8.00 ට පමණ ඔවුහු ඇගේ සිරුර බ්ලැන්කට්ටුවලින් ඔතා ගමන් මල්ලක දමා ලීටර් 208ක පමණ බැරලයකට ඔබා එය කොන්ක්‍රීට්වලින් පිරෙව්වෝය.

1989 ජනවාරි 23 වන දින, හිරෝෂි මියානෝ සහ ජේ ඔගුරා දෙසැම්බර් මාසයේදී 19 හැවිරිදි කාන්තාවක් පැහැරගෙන සමූහ දූෂණයකට ලක්කිරීම සම්බන්ධ‍යෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් ඒ මොහොතෙදී සිතුවේ තමන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ජුන්කෝගේ මරණය සම්බන්ධයෙන් බවය. ප්‍රශ්න කිරීමවලදී ජේ ඔගුරා ජුන්කෝට සිදුකළ අපරාධය පාපොච්චාරණය කර ජුන්කෝගේ දේහය සැඟවූ ස්ථානය පොලිසියට පැවසීය.

ජුන්කෝ පැහැර ගැනීමට පසු සිදුවූ තවත් කාන්තාවක් සහ ඇගේ හත් හැවිරිදි පුතුව ඝාතනය කිරීම සම්බන්ධව කෙරුණු නඩු විභාගය අතරතුරේ ජුන්කෝ පිළිබඳව කළ පාපොච්චාරණයෙන් පොලිසිය ව්‍යාකූල විය. ඉන්පසු දැනගත් හෝඩුවාවල් ඔස්සේ පසුදා ජුන්කෝගේ සිරුර බහාලූ සිමෙන්ති බැරලය පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ඇයගේ අප්‍රාණික සිරුර දින හතළිස් හතරකට පසු සොයාගත් විට කුඩා බෝතල් කිහිපයක් ඇයගේ ගුදය තුළ සිරවී තිබූ අතර ඇගේ මුහුණ හඳුනාගත නොහැකි තරම් විරූපී විය. ඇගේ ගර්භාෂයට දැඩි හානියක් සිදුව තිබුණද ඒ වනවිටත් ඇය ගැබ්ගෙන තිබූ බව ද සොයා ගත් බවට වාර්තා විය.

ඔවුන් කළ අපරාධයේ ම්ලේච්ඡත්වය නොතකා, පිරිමි ළමයින්ගේ අනන්‍යතාවයන් අධිකරණය විසින් මුද්‍රා තබන ලද්දේ අපරාධය සිදුවන අවස්ථාවේ ඔවුන් සියල්ලෝම බාල වයස්කරුවන් ලෙස සැලකූ බැවිනි. කෙසේ වෙතත්, ෂකාන් බන්ෂුන් සඟරාවේ මාධ්‍යවේදීන් ඔවුන්ගේ අනන්‍යතා සොයාගෙන ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළහ. ඔවුන් කියා සිටියේ අපරාධයේ බරපතලකම සැලකිල්ලට ගෙන විත්තිකරුට නිර්නාමිකභාවය තහවුරු කිරීමේ අයිතිය ලැබීමට සුදුසු නැති බවයි.

1989 අප්‍රේල් 1 වැනි දින ජේ ඔගුරා තවත් ලිංගික අතවරයකට අත්අඩංගුවට ගන්නා ලදි. යසුෂි වටනබේ, නොබුහාරු මිනාටෝ සහ මිනාටෝගේ සහෝදරයා ද අත්අඩංගුවට ගන්නා ලදී. හිරෝෂි මියානෝට වසර 17ක සිර දඬුවමක් හිමිවිය. නමුත් ඔහු මූලිකව සිදුකළ මෙම දරුණු අපරාධයට එම දඬුවමෙන් සෑහීමට පත්විය හැකිදැයි සැකයකි.

පොලිස් පැමිණිල්ලක් මත මිනාටෝගේ නිවස පරීක්ෂා කිරීමට පැමිණ ආපසු හැරී ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කරන ලදී.

අද ජපානයේ ජුන්කෝ ෆුරූටා නමින් උද්‍යානයක් ස්ථාපිත කොට ඇත. ඒ උද්‍යානයට ගියහොත් තරුණියක් මේ සමාජයේ කෙතරම් පරිස්සම් වීමට අවැසිද යන්න තේරුම්ගත හැකි චිත්‍ර සහ කතා පමණක් එහි ඇතුළත්ය.

නමුත් අදටද මෙම ඉතිහාසගත අපරාධයට වග කිවයුතු පුද්ගලයන් ජපාන‍යේ ජීවත් වෙති. ජුන්කෝ අද සිටියානම් ඇයගේ වයස අවුරුදු හතළිස් අටකි.

ඇගේ මිනීමැරුම් නඩුව "කොන්ක්‍රීට් බැරලයෙන් ඝාතනය කෙරූ උසස් පාසැල් දැරියගේ නඩුව" ලෙස ප්‍රසිද්ධ විය. ඉතින්.. තම පෙම් ඇරයුම ප්‍රතික්ෂේප කළ ජුන්කෝගේ ඉරණම මෙසේ ඉතා දරුණු ලෙස විසඳුණි. ජුන්කෝගේ කතාව අද සමාජයේ ඉක්මනින් මුලාවේ වැටෙන සහ සෑම දෙයක්ම විශ්වාස කර ජීවත් වන තරුණියන්ට හොඳ පාඩමකි.

(සැ.යු. මෙම වාර්තාවේ සඳහන්ව ඇත්තේ ජුන්කෝට සිදු කළ අපරාධයන්ගෙන් කිහිපයක් පමණි. සියල්ල සභ්‍යත්වයෙන් ප්‍රසිද්ධව පළකිරීමට නොහැකි තරම් පිළිකුල් සහගතය.)

ප.ලි. බොහෝ අය මේ පෝස්ට් එක ඉවත් කරන්න යැයි ඉල්ලීම් කර ඇත.නමුත් ඒ මහා අවිහිංසාවාදියෝ අපේ රටේද විද්‍යා බාලන් ලා සේයා සදෙව්මිලා මියයද්දී මුක වාඩම් බැඳ සිටියවුන්ය.ප්‍රේමවතී මනම්පේරි ගැන අහලවත් නැත.අවිහිංසාවාදියෝ වීම මට ප්‍රශ්නයක් නොවේ.නමුත් කොමන්ට් වල වීරයෝ වෙන්න,තමන් බුකි තරුවක් බව පෙන්වන්නට වෙනත් ක්‍රමයක් සොයා ගත යුතුය.එයට මේ @අළු වේදිකාවක් නොවේ.ජපානය යනු p**n industryයේ උපරිම තලයකට ආව් මෙවන් හදවත් ඇති මිනිස්සු නිසා බව කියැවෙන කතාවක් බැවින් මෙය ස්වයං වින්දනයක් ලබන්නට දැමූ පෝස්ට් එකක් නොවන බව තේරුම් ගත යුතුය.අද වන විට අවුරුදු පහලවේ ලමයිනුත් වීඩියෝ ලීක් කරගන්න තත්වයට පත්ව ඇති මොහොතක ඔබේ දියණිය ආරක්ෂා කරගන්න අදහසක් ලැබේවායි පතා දැමූවක් මිස like share බලාපොරොත්තුවෙන් දැමූවක් නොවන බවත් එම බලාපොරොත්තුවෙන් කරනවා නම් කලින් කී ලීක් වීඩියෝ පල කරන බවත් හය හතර නොදත් බුකි වීරයනට පැහැදිලි වේවා. #ඇඩ්මින්

සම්පූර්ණ ගෞරවය මුල් පිටපතෙහි කතෘට හිමිවිය යුතුය

16/06/2023

💲MTFE Trading💲
මේ අවස්ථාව මග හැර ගන්න එපා.

ආයෝජනය කල මුදල ඕනෑම වෙලාවක ඔබ අතටම.
Profit වන මුදල්ද දෛනිකවම ඔබට හිමි වේ.

1). 30$ Capital - දවසට USDT> 0.30 - 1$
2). 65$ Capital - දවසට USDT> 0.90 - 2$
3). 210$ Capital - දවසට USDT> 3.50 - 5$
3). 520$ Capital - දවසට USDT> 10 - 12$
4). 930$ Capital - දවසට USDT> 18 - 25$
5). 1550$ Capital - දවසට USDT> 32 - 38$

මේක trading platform එකක්.
අපිට කරන්න තියෙන්නේ තමන්ගේම කියල MTFE Account එකක් හදාගෙන දිනපතාම ඔයාගෙ phone එකට එන signal එකට MTFE AI Bot On කරගන්න එක විතරයි.
ඒ කාලය තුල අප යොදවන ඩොලර් ප්‍රමාණ අනුව ඩොලර් අපේ ගිණුමට profit ලෙස ලැබෙනව.

සැ.යු:- අවදානමක් ගත නොහැකි අය මෙයට සම්බන්ද වන්න එපා.!

ඔබේ දියුණුව වෙනුවෙන් අදම වැඩේ පටන් ගන්න.
Account එකක් මුලින්ම හදාගන්න.

මාසිකව 35% - 40% ලාභයක්

සැ.යු:- 👇

Register වීමේදී පහත පියවර අනුගමනය කරන්න.

01 - Android Play Store හෝ Apple App Store එකෙන් MTFE App එක Download කර ගන්න.

02 - Register මත click කර ඔබගේ eMail Address එක හෝ Phone Number එක type කරන්න.

03 - උඩින් County Code එක තොරන්න - (Sri Lanka) ලෙස.

04 - Next Step කරන්න.

05 - ඊලගට එන Step එකේ Organization Code එකට මුකුත් අවශ්‍ය නැත. Promote Code එකට 2235544 යන මේ Code Number එක Type කර Next කරන්න.

06 - ඊට පසු ඔයා දාපු eMail Address එකට හෝ Phone Number එකට Verification Code එකක් එයි ඒක දාන්න.

07 - ඊට පසු මතක හිටින Password එකක් දා ගන්න. (Ex - Abcd@1234)

ඔබට අවශ්‍ය මගපෙන්වීම 100%ක් නොමිලේ!!
ගැටලු ඇතොත් මාගෙන් විමසන්න.
WHATSAPP :- 0771693764

15/05/2023

අනේ ගන්නකෝ…

15/05/2023
08/04/2023

Family "R"🤍❤️

09/01/2023

Birthday kotagena yamu balanna kattiya 🤘🤘

09/01/2023

පාංශු කූලයකදී....

බිරිඳ මිය ගිය ස්වාමියෙකුගේ පාශුකූලයකදි පටිපුච්ඡා ක්‍රමයෙන් දේශනා කරන ලද ධර්ම දේශනාවකි.විවාහ දිවියට පත්ව අවුරුදු පහක් යුග ජිවිතය ගත කොට බිරිඳ මිය ගිය සොවින් හඬමින් වැලපෙමින් සිටි එම ස්වාමියාට බෞද්ධ දර්ශනයේ අගය විදහා දැක්වූ අවස්ථාවකි.

ස්වාමියා. - හඬයි ,දොඩයි වැලපෙයි,බිරිඳගේ ගුණාගුණ කියමින් සිටියි.

මම - මහත්තයා මැරුණ නෝනට ආදරේද?

ඔවු අපෙ හාමුදුරුවනේ..

මමනම් කියන්නේ ඔබ තුමා ඔය ඉස්සරහ තියෙල තියෙන නැත්තම් මැරුණ නෝනට කවදාවත් ආදරේ කරල නෑ...

නෑ හාමුදුරුවනේ මම ගොඩාක් ආදරේ කළා....මම මෙයාට ආදරේ කළ තරම මමයි දන්නේ....

දැනුත් ආදරේද ? ඔවු අපේ හාමුදුරුවනේ.

මම මෙහෙම දෙයක් අහන්නම්. මහත්තයා දැන් ඔබතුමාගේ නොනා මැරිලා... මේ නෝනා දවස්ගානක් වළ නොදමා ගෙදර තියාගන්නවා .එතකොට නව සීවථික ධර්මයට අනුව (උද්ධුමාතක)ඉදිමෙනවා (විනිලක)නිල් පැහැ ගන්නවා(විපුබ්බජාත) සැරව වැගිරෙනවා....දැන් ඔබ තුමා පණ වගේ ආදරේ කරපු නෝනාට අදරේ කරනවද ?

නෑ අපෙ හාමුදුරුවෝ..

එතකොට තව දවස් කීපයක් යනකොට(කාකෙහිවා ..සිගාලෙහිවා..) බල්ලො හිවල්ලු ඇදලා කාල දමනවා ,එතකොටත් ආදරේද ?

නෑ අපේ හාමුදුරුවෝ ....

ඇයි එහෙනම් කලින් කීවේ මම නොනට ගොඩක් ආදරෙයි..මම තමයි ආදරේ කරපු තරම දන්නෙ කියලා.දැන් නොනගේ සිරුර ව්‍යය ස්භාවය ඇතිවිට ආදරයක් නෑ කියන්නට හේතුවක් තියෙන්න එපැයි .

ඉතින් හාමුදුරුවෝ කුණු වුන ශරීරයක් මම කොහොමද බලන්නේ අනික ගඳ ගහනවනේ...

ඒ කියන්නේ මහත්තයා නෝනාට ආදරේ නෑ...

මම ආදරෙයි .කුණු වී ගඳ ගහන ශරීරයට ආදරේ නෑ...

මහත්තයො අපි කවදාවත් භෞතික රූපෙට ආදරේ නෑ.. මේක අපේ හිතේ පවතින ගැටලුවක්.

ඒ කියන්නෙ හාමුදුරුවෝ ?

ඔය මිනිපෙට්ටියේ ඉන්න නෝනා දිහා බලාගෙන කල්පනා කරන්න තමන් මොනවද හිත⁣න්නේ කියලා.... නෝනා ඉස්සර කියපු කරපු දේවල් ආදරය කරපු හැටි ඇවිදපු හැට් මතක් වෙනවා ඇති.ඒ වගේම අද නෝනා භූමිදානය කල පසු හෙට ඉදන් එයා එන්නේ නෑ කියල හිතිල දුක හිතෙනවා ඇති.අනික් කාරණය දැන් නෝනගේ භෞතික රූපය දැකල කතා කරන්නෙ නැති නිසා හිනා වෙන්නෙ නැති නිසා නැත්තම් සිතින් සිතා කය වචන හසුරවන්නෙ නැති නිසා ඇය ගැන දුක හිතෙනවා ඇති නේද ...

ඔවු අපෙ හාමුදුරුවෝ ....

අපේ හිත දුවන්නේ ක්‍රම තුනකට ,ඒ අතීතෙට අනාගතයට වගේ වර්තමාන මේ ගත කරන මොහොත තුළ පමණයි...බුදු හාමුදුරුවොත් මධුපිණ්ඩික සූත්‍රාදියේ අතීත අනාගත පච්චුප්පන්නෙසු,චක්ඛු ,සොත ඝාණ ජිව්හා,කාය මනො විඤ්ඤෙ⁣්‍යෙයසු ධම්මෙසු කියල දෙසුවේ ඒ නිසයි....

එහෙමයි..

මහත්තයාගේ සිතට සිතිවිලි එන්නෙ කොහොමද ?දන්නවද

නිෂ්ශබ්ධව සිටියි.

මහත්තයා අපේ හිතට සිතිවිලි එන්නේ අහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හා මනසින්...මෙහෙම කියමුකො මහත්තයා නෝනව බඳිනකොට මහත්තයා අන්ධයි,ඒ වගේම කන් ඇහෙන්නෙ නෑ... එහෙම උනානම් මහත්තයාට නෝනා පිළිබඳ සිතිවිලි නිසියාකාරව බිහි කරගන්න වෙන්නේ නෑ....එහෙම නේද ?

ඔවු අපේ හාමුදුරුවෝ ...

ෂඩායතනයන්ගෙන් ඇහැ විතරක් ගමු.මහත්තයා දැන් මෙතන ඉන්න ⁣නැත්තම් පෙට්ටියේ උඩුකුරුව සයනය කරන තමන්ගේ නෝනා පිළිබඳ කළ කී දෑ පිළිබඳ වූ අහෙන් ගොඩ නගාගත්ත අතීත සිතිවිලි ,මහත්තයාට මගෙය මාගේය කරගන්න පුලුවන්ද?

බැහැ හාමුදුරුවෝ ...

එතකොට අනාගතයට හිත දුවලා මගේ නොනා අදින් පස්සෙ නෑ ,මනෝ මූලික ඇහෙන් දකින්න ලැබෙන්නෙ නෑ කියල හිතන දේ තූළින් නොනව හෝ ඒ සිතිවිලි මගේය මාගේය කරගන්න පුලුවන්ද ?

මහත්තයා වර්තමානය තුළදි එහෙනම් මේ නෝනගේ භෞතික කාය දෙස බලා හඬන්නේ දුක් වෙන්නෙ මොකටද? ඒත් සිතිවිලි සමුදායක් විතරයිනේ...?

ඔවු අපෙ හාමුදුරුවෝ .

අපි ෂඩායතනයන් තුළින් වර්තමා⁣නයේ විදින සෑම දෙයක්ම සිතිවිලි මාත්‍රයක් පමණි..චිත්ත මත්තතාවයකි....එකනේ මුලික බුදු දහමට අනුව ලියැවුන විඤ්ඤප්තිමාත්‍රතා සිද්ධිය වැනි ග්‍රන්ථවල වල සියල්ල සිතිවිලි මාත්‍රයක් යනුවෙන් පවසන්නේ......බුදු දහමේ දූරංගමං,ඒකචරං,ඵන්දනං චපලං චිත්තං ආදි ලෙසින් දක්වන්නේ සිතෙහි ස්වභාවය තමයි.අපි විදින සිතිවිලි මාත්‍රය ප්‍රතිත්‍යය සමුප්පන්නව අතීතයට දුවනව⁣ා අනාගතයට දුවනවා ,වර්තමානය තුළ ඇස ආදි ආධ්‍යාත්මික ලෝකය තුළිනුත් ,රුප ආදි බාහිර ආයතන තුළිනුත්, සාපේක්ෂව අතීතයට හා අනාගතයට ඉතා ⁣වේගයෙන් ගමන් කරමින් වර්තමානයට මුහුණ දෙනවා...

එහෙමයි හාමුදුරුවෝ ...

මහත්තයා අපි කවදාවත් භෞතිකයට ආදරේ නෑ.මේ ගැටලුව තියෙන්නෙ අපේ හිතේ..හිතේ ඇතිවෙන අස්සාදය නැත්තම් ඡන්දරාගය ඇති කරගෙන අඬනවා දොඩනවා,මහත්තයත් නොනාගේ මැරුණ රූපෙ බලාගෙන දැන් අඩනවා අතීතය අනාගතාදියට යමින්...හැබයි නොනගේ ශරීරය කුණුවෙනකම් ගෙදර තියාගන්නවා.. එතකොට කුණුවෙලා තියෙන මේ ශරීය හෝ ගඳ ගහන ශරීරය නිසා මනෝමූලික ඵස්ස ,වේදනා,සඤ්ඤා හා සිතුවිලි නිසා ව්‍යාපාද ඇති කරගන්නවා ඇඬීම් දෙඩීම් වැළපීම් කරනවා..... එය ප්‍රතික්ෂේප කරනවා... මේ ගත කරන මොහොත තුළ අපි සිදු කරන්නේ ෂඩායතන පිනවීමක් පමණයි.ඇත්තටම අපි භෞතිකයට නැත්තම් බාහිර ලෝකයට ආදරේ නෑ.... එහෙම ලෝකයක් මැවෙන්නේ අ⁣පේ හිතේ ඒකනේ බුදු හාමුදුරුවෝ සං.නි සළායතන වග්ගයේ ලෝකන්නත ගමන සූත්‍රයේ බාහිර ලෝකයේ නොවැදගත් කමත් සංස්ඛාර ලෝකයේ වැදගත් කමත් පෙන්වන්නේ....ලෝකය කියන මැවෙන්නෙ අපේ හිතේ...

එහෙමයි හාමුදුරුවෝ

තව දෙයක් අහන්නද මහත්තයා .මහත්තයාගේ නෝනා රූමත් කතක් වග පේනවා.... නෝනා ජීවත් වෙලා ඉඳපු කාලෙක ඇට මස් නහර ආදි දෙතිස් කුණප රූප කොටසිනුත්,නාම ධර්මත⁣ා (වේදනා,සඤ්ඤා සංඛාරහා විඤ්ඤාන)වලින් සමන්විත වී සිටියා.... ජීවත්ව සිටි කාලයේ නෝනාගේ භෞතික කයේ සම්පූර්ණයෙන්ම හම ගලවලා දානවා.ලේ මස් නහර පේනවා.... ජීවත් වෙලා ඉන්නකොට එහෙම හම ගලවලා දාපු නෝනාට ඔබතුම⁣ා ආදරේ කරාවිද?

නැහැ අපේ හාමුදුරුවෝ ..

එතකොට මහත්තයා අපේ ගැටලුව තියෙන්නේ භෞතික නෝනාගේද ?නැත්තම් අපේ හිතේද?

අපේ හිතේ හාමුදුරුවෝ .....

මහත්තයා බුදු හාමුදුරුවෝ අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ මෙහෙම දේශනා කරනවා....

සංකප්ප රාගා පුරිසස්ස කාමා.
නෙතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ.
සංකප්ප රාගා පුරිසස්ස කාමා.
තිට්ඨන්ති චිත්‍රාණි තථේව ලෝකේ

කියලා.. ඒ කියන්නේ පුද්ගලයාගේ ෂඩායතන තුළින් ගොඩ නගාගන්න සංකල්පය රාගය කාමය බවත්.ඒ අනුව ලෝකයේ ගැටෙන බවත්,කාමය උපදවන බවත් දක්වනවා,නමුත් ලෝකයේ විසිතුරු භෞතිකය ලෝකයේ ඒවිදිහටම තියෙනවා .... ගැටලුව තියෙන්නේ හිතේ මහත්තයෝ....

මහත්තයා එහෙනම් නෝනටත් ආදරේ නැත්තම්,මේ භෞතිකය හමුවේ අපේ හිත හදාගන්න විදිහ දන්නවද?

නැහැ අපේ හාමුදුරුවෝ ....

මහත්තයාට මම ඉස්සලත් දෙසුවා අපේ හිත ආයතන ඔස්සේ අතීතයට ,අනාගතයට හා වර්තමානයට දුවන වග.....ඒ වගේම මනෝමූලික ෂඩායතනයන්ගේ ඇස උදාහරණයක් ලෙස ගත්තා.....නැවතත් ඒ ඇහැ අනුව විමසා බලමු.

මහත්තයෝ බුදු හාමුදුරුවන්ගේ දේශනාව අන්තර්ගත ත්‍රිපිටකයේ සූත්‍රපිටකාගත සංයුත්ත නිකායේ සළායතන සංයුත්තයේ අජ්ඣත්ත හා බහිද්ද අනත්ත කියලා සූත්‍ර ගණනාවක් තියේ....ඒ සූත්‍රයන්හි මේ කාරණාව පැහැදිළි ලෙසම දක්වනවා....

මහත්තයා නොනාගේ රුපේ දිහා බලන් ඉන්නකොට හිත අතීතෙට ගිහින් ඇය කරපු කියපු දේවල් මතක් කරගන්නවා..අනාගතයට ගිහින් හිතෙන් සිතිවිලි ලෝකයක අතරමං වෙනවා....වර්තමානයේ මැරුණ නෝනාගේ රුව බලා අඬනවා....

එහෙමයි හාමුදුරුවෝ....

මහත්තයෝ බුදු හාමුදුරුවෝ. චක්ඛුච රූපංච අනත්තං අතීතානාගතං කෝ පන වාදො පච්චුප්පන්නස්ස කියල දේශනා කරනවා...

ඇහැත් රූපයත් අතීත හා අනාගත වශයෙන් අනාත්මයි... ඒකියන්නේ මහත්තයා අතීතෙට ගිහින් හා අනාගතයට ගිහින් සිතිවිලි ගොඩ නගා ගන්නවා.... ඒත් ඒ සිතිවිලි මමය මාගේය මම වෙමි කියල අස්මිමානයෙන් ඔබතුමාට ගන්න පුලුවන්ද?ඒ සිතිවිල්ල තුළ නෝනා කළ කී දේ තමාගේ කරගන්න පුලුවන්ද?

බැහැ අපෙ හාමුදුරුවො...

අන්න ඒ වගේ තමා වර්තමානෙත්..කෝපන වාදො පච්චුප්පන්නස්ස....ඒ අතීතයත් අනාගතයත් සිතිවිලි මාත්‍රයක් නම් මමය මාගේ කරගන්න බැරිනම් වර්තමානය පිළිබඳ මොන වාදයක්ද.....?මහත්තයා සම්මුතියෙන් පෙන්න ඉන්න නෝනාගේ සිරුර රූප කොටස් වෙන් කොට තැබුවහොත් නැත්තම් හිස ආදිය වෙන්කොට තිබ්බොත් ඒ කොටස් වලට ආදරේ කරනවද?ඒ වගේම නෝනගේ සිරුර කුණු වී ගියොත් ආදරය කරනවද?

නැහැ අපේ හාමුදුරුවෝ....

මහත්තයත් අන්න ඒ විදිහට භෞතිකයේ යථා ස්වභාවය දැකලා ප්‍රඥාවෙන්

#අතීතස්මිං චක්ඛුස්මිං නිරපෙකො හොති

ඒ කියන්නේ මනෝමූලිකව අතීත ඇහෙන් දැකපු දේ නැත්තම් අතීත සිතිවිලි වල නිරපේක්ෂ වෙන්න ඕනි.

එහෙමයි හාමුදුරුවෝ

ඒ වගේම තමා අනාගත ඇහෙන් දකින්න සිතා සිටින දේ පිළිබඳ.

#අනාගත චක්ඛුං නාභි නන්දති.

ඒ කියන්නේ අනාගත ඇහෙන් වැඩියෙන් සතුටුවීමකට අභිනන්දනයකට යන්න හොද නැහැ......

එහෙනම් හිත අතීතයටත් අනාගතයටත් යවන්නෙ නැති නම් හිත වඩා ගන්න ඕනි ක්‍රමය දන්නවාද?

නැහැ අපෙ හාමුදුරුවෝ ....

බුදු හාමුදුරුවෝ අජ්ඣත්ත හා බහිද්ද අනත්ත සූත්‍රයනහි...

පච්චුප්පන්නස්ස චක්ඛුස්ස නිබ්බිදාය විරාගය නිරොදාය පටිපන්නො හොති......

ඒ කියන්නේ වර්තමානයේ සිත තුළ සිහිය පිහිටුවා....නිර්වේදය පිණිස,නොඇල්ම පිණිස කටයුතු කරන්න ඕනි....නැත්තම් අධ්‍යාත්මික හා බාහිර සුඤ්ඤතාවය දකින්න ඕනි.....

එහෙමයි හාමුදුරුවෝ ....

මහත්තයාට දැන් නෝනව පේන්න ඉන්නවා මේ මොහොත තුළ වර්තමානයේ.... තව ටිකකින් නෝනාව වළ දානවා.... එතකොට ඇහැට පෙනේද?

නැහැ අපේ හාමුදුරුවෝ ....

එතකොට නොනා ඉන්නෙ කොහෙද?

මොහොතක් කල්පනා කොට ..මගේ මනසේ ඉන්නෙ අපේ හාමුදුරුවෝ ...

අන්න හරි ,,මහත්තයා ඇහැ නැමති ඉන්ද්‍රිය තුළින් ගොඩ නගාන්න දේ තියෙන්නෙ මනසේ... භෞතිකය වර්තමානයේ දෘශ්‍යය ගෝචර නොවේනම්,අපි ඒ භෞතිකය අතීතයේ සිට ගැටි පැවැතුනේ නම්,අපේ හිත එයට බැඳිලා ,ඒ දුක්ඛ දෝමනස්සයන්ට අනුව අඬනවා වැලපෙනවා.... ඒ නිසා අපේ මනස වර්තමානය තුළදි සතිය පිහිටුවා ගත්තොත් මේ දුක තුනී වේවි.....බුදු හාමුදුරුවෝ ම.නි චුල්ල හත්ථිපදොපම සූත්‍රය තුළ බුදු හාමුදුරුවෝ ...

මනසා ධම්මං විඤ්ඤාය ,න නිමිත්තග්ගාහි,නානුබ්‍යඤ්ජනග්ගාහි යත්වාදි කරණමෙතං මනීන්ද්‍රියං අසංවුතං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ව්‍යෙයුං....

ඔකේ තෙරුම මෙහෙමයි මහත්තයා ,දැන් මේ පාංශුකූල වෙලාවේ නොනාගේ භෞතික රූප කාය පෙන්න තියෙනවා.තව මොහොතකින් වැළලු පසු නෝනා ඇහැට පෙන්නෙ නෑ...ගෙදර ආවට පස්සේ නෝනා ඉන්නෙ මනසේ,,,,, නොනගේ සිරුරේ සුඤ්ඤතාවය දැකලා.තමාගේ හිත හදගන්න ඕනි....

වර්තමානයේ පඤ්ච ඉන්ද්‍රියට ගෝචර නොවන නෝනාගේ මතකය මනස තුළින් අතීතයට අනාගතයට දුවමින් වර්තමානය තුළ ප්‍රතිචාර දක්වනවා...අඬනවා...

මහත්තයො මනසින් අතීත අනාගත හා වර්තමාන වශයෙන් සිතිවිලි අරගෙන නිමිති ගන්න හොඳ නෑ.... නිමිති කියන්නේ අතීතයේ මගේ නෝනා හිටියේ මේ විදිහට ආදරේ කළේ මෙහෙමයි.. ආදි වශයෙන් අතීතය පිළිබඳවද,අනාගතයේ මගේ නෝනා නැවත එන්නෙ නෑ,ඇය දකින්න ලැබෙන්නෙ නෑ යනුවෙන් නිමිති ගන්න හොඳ නැහැ.ඒ වගේම නිමිත්ත නිසා අැති කරගන්න අනුබ්‍යඤජන ගන්නත් හොඳ නැහැ.අනුබ්‍යඤ්ජන කියන්නේ මනෝ මූලික කායික හා වාචසික ආකාර.ඒ කියන්නේ මහත්තයා මේ මොහොත තුළ හෝ පසුව වචනයෙන් ඇගේ ගුණාගුණ කියන්න හෝ ක්‍රියාව තුළින් අඬන්න වැළපෙන්න ⁣යන්න හොඳ නැහැ.ඒ වගේම තමා මනසේ අතීතයට යමින් අනාගතයට යමින් රාගය ද්වේශය පටිඝ ආදි චිත්තෝපක්ලේශ උපදවා ගන්න හොද නැහැ... යම් හෙයකින් මනස සංවර කර නොකර කටයුතු කළොත් නැත්තම් සතිය පිහිටුවා ගත්තේ නැතිනම් අභිධ්‍යාව විෂම ලෝභ ආදි සාසව ධර්ම බිහිවී අඬන්න දොඩන්න තමා වෙන්නේ.....

උපුටාගෙන පළකරන ලදී..
අයිතිය ලිපිය සම්පාදනය කල ස්වාමීන්වහන්සේ සතුය..

තෙරුවන් සරණයි.

13/03/2022

Like

මව විශ්වාස කරන්නේ තම නැසීගිය දියණිය ගේ ආත්මය සුසාන භූමියේදී දක්නට ලැබුණු බවයි.............නිව් මෙක්සිකෝවේ Las Cruces හි ...
10/11/2021

මව විශ්වාස කරන්නේ තම නැසීගිය දියණිය ගේ ආත්මය සුසාන භූමියේදී දක්නට ලැබුණු බවයි.............

නිව් මෙක්සිකෝවේ Las Cruces හි Masonic සුසාන භූමියේ පිහිටි තම දියණියගේ සොහොනෙහි තිබූ දෑ මිනිසුන් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඇගේ මව වන Saundra Gonzales හට ගැටළු ඇති වී තිබේ. එබැවින් අවසරය ඇතිව ඔවුන් නිරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර එමඟින් මෙම කුඩා ගැහැණු ළමයා ගේ අවතාර ඡායාරූප කැමරාවේ පැහැදිලිව සටහන් විය! ඇය එහි තිබූ සෙල්ලන් බඩු වලින් සෙල්ලම් කරනු කැමරාවේ. සටහන් වී ඇත සොහොන් සේවකයන් වීඩියෝව දුටු විට ඔවුන් කුඩා දැරිය හඳුනාගෙන එය ඔවුන්ගේ මවට පෙන්විය. වඩාත් විකාර සහගත දෙය නම් එහි සිටින්නේ මියගිය කුඩා දැරියගේ මව මීට වසර 3 කට පෙර මිය ගිය තම දියණිය බව තහවුරු කිරීමයි !! පුදුමය නම් අවසාන දී ඇය යම්කිසි වැඩිමහල් මිනිසෙකු සමග අත් අල්ලා යන ලෙස ද සටහන් තිබීම.........................😳👼

Magza

======•======•======•=======•========විවාහ ජීවිතය එපාම වී ගිය තරුණියක් තම සැමියාව මරා දමන්නට සැරසුනාය. එක් උදැසනක ඇය තම ...
02/11/2021

======•======•======•=======•========
විවාහ ජීවිතය එපාම වී ගිය තරුණියක් තම සැමියාව මරා දමන්නට සැරසුනාය.

එක් උදැසනක ඇය තම මව වෙත ගොස් මෙසේ කීවාය.
"අම්මේ, මට දැන් මගේ මනුස්සයා ඇති වෙලා තියෙන්නේ. තවදුරටත් ඒ මිනිහගේ විකාර වැඩ ඉවසන් ඉන්න බැහැ . මට ඌව මරලා දාන්න ඕන. ඒත්, නීතිය ඉඳිරියේ වරදකාරියක් වෙයි කියලා භය හිතෙනවා. අම්මේ, ඔයා මට උදව් කරනවා නේද?"

මව ඇයට පිළිතුරු දෙන්නට විය:
- "ඔව් දුවේ, මට sපුලුවන් ඔයාට උදව් කරන්න. ඒත්, ඒකට පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා."

"මොකක්ද කරන්න ඕන? ඒ මිනිහව ඉවරයක් කරන්න ඕනම දෙයක් කරන්න මං ලෑස්තියි."
දියණිය පැවසුවාය.

"හරි", මව යළිත් පවසන්නට විය,
"මුළින්ම ඔයා ඔහුත් එක්ක සමගි uවෙන්න ඕන, එවිට, ඔහු මිය ගිය විට කිසිවෙකුත් ඔයා ගැන සැක හිතන්නේ නැහැ.
ඔහුගේ හිතේ ඔයා ගැන වැඩිමනක් ආකර්ෂණයක් ඇතිවෙන විඳියට ඔයා ඔයාගේ පෙනුම ලස්සන කරගන්න ඕන.
වෙනදටත් වඩා ඔයා ඔහු ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන. ඒ වගේම, ඔහුට ප්‍රියමනාප බවක් ඇතිවෙන විඳියට හැසිරෙන්න ඕන.
වෙනදාට වඩා ඉවසිලිවන්ත වෙන්න ඕන. pඒ වගේම ආදරණීය වෙන්න ඕන. ඉරිසියාවත් ටිකක් අඩු කරගන්න ඕන. ඔහු කියන දේවල් වලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕන වගේම ඔහු කෙරෙහි ගෞරවණීය වෙන්න, කීකරු වෙන්නත් ඕන.
ඔයාගේ මුදල් ඔහු වෙනුවෙන් වියදම් කරන්න. ඔහු ඒක ප්‍රතික්ෂේප කරොත් තරහ ගන්නත් එපා.
ඔහු සමඟ වාද කරන්න යන්න එපා. ඔහු මිය ගිය විට කිසිවෙකුත් ඔයා ගැන සැකයක් නොහිතන තරමට සමගියෙන්, ආදරයෙන් ඉන්න. දවස් තිහක් මේ විඳියට කරොත් කිසිම ප්‍රශ්නයක් නොවෙන විඳියට එයාව මරලා දාන්න ඔයාට පුළුවන්."

"ඔයාට මේ පොඩි දේවල් ටික කරන්න පුළුවන්ද?"
මව විමසුවාය.

"ඔව්, මට පුළුවන්.."
ඇය පිළිතුරු බැන්ඳාය.

"හරි,"
එසේ කියමින් මව තම දියණියගේ සුරත මත යමක් තැබුවාය.

"මේ කුඩු වලින් ටික ටික එයාගේ හැම කෑම වේලකටම එකතු කරන්න, ඒකෙන් එයා ටිකෙන් ටික මිය යන්න පටන් ගනීවි."

මවට සමුදුන් දියණිය තම නිවෙස වෙත ගොස් මව පැවසූ සියල්ල එසේම කරන්නට විය.

දින තිහක් ගතවන්නටත් පෙර ඇය යළිත් තම මව හමුවන්නට ආවාය.

"අම්මේ, මට තවදුරටත් මගේ සැමියාව මරන්න උවමනාවක් නැහැ. මං දැන් uසම්පූර්ණයෙන්ම ඔහුට ආදරෙන් ඉන්නේ, එයත් දැන් හුඟාක් වෙනස් වෙලා. ඔහු මං හිතුවාටත් වඩා ආදරණීය ස්වාමිපුරුෂයෙක්.
මට ඔහුට මැරෙන්න දෙන්න බැහැ. මං කොහොමද ඒ විෂ එයාගේ ඇගෙන් ඉවත් කරන්නේ?
අම්මේ, අනේ මට උදව් කරන්නකෝ.."

ඇය දුක්මුසු ස්වරයෙන් මව ඉඳිරියේ බැගෑපත් වූවාය.

"දුක් වෙන්න එපා *මඟේ දුවේ..මං එදා ඔයාට දුන්නේ කහ කුඩු ටිකක්. ඒකෙන් ඔහුගේ කෑම වේල රසවත් වෙනවා මිසක කිසිදාක ඔහුව මරාදමන්නේ නැහැ..
ඇත්තටම, ඔයා ඔහු කෙරෙහි ඇති nකළ ආතතිය, උදාසීන බව තමයි ඔහු සෙමින් සෙමින් මිය යන්නට හේතු වුණු විෂ.
අන්න ඒ නිසයි, ඔයා.. ඔහු කෙරෙහි ආදරය කරන්න, ගෞරව දක්වන්න, කීකරු වෙන්න පටන් ගත්තම ඔහුත් හොඳ සැමියෙක් බව ඔයා දුටුවේ.."

ඇය සනසවමින් මව පිළිතුරු දුන්නාය.

ප.ලි:
පිරිමි සැබැවින්ම දුෂ්ඨයන් නොවේ, බිරිඳ, පෙම්වතිය ඔහු කෙරෙහි දක්වන mප්‍රතිචාරය මත තමයි, ඔහු ඇය කෙරෙහි දක්වන හැඟීම්, වගවීම් තීරණය වෙන්නේ.
කාන්තා ඔබට ඔහු කෙරෙහි ගෞරවය, කැපවීම, ආදරය, සහ සැලකිලිමත් බවක් දැක්විය හැකි නම් එයම ඔහුට ප්‍රමාණවත් වේවි ඔහු 100% ක්ම ඔබේ පමණක්ම වන්නට.

මෙය කියවා ඔබ යමක් සිතට ගත්තේ නම් ඔබේ මිතුරන්ටද කියැවීමට ශෙයා කරන්න.
සුබ දවසක්!

-සුපුන් ලක්ප්‍රිය

බ්‍රේක් වැඩද බලන්න දැම්මේ, හරි දැන් යන්න පුලුවන් 😂
25/10/2021

බ්‍රේක් වැඩද බලන්න දැම්මේ, හරි දැන් යන්න පුලුවන් 😂

https://youtu.be/mCaUThXhjf0
23/10/2021

https://youtu.be/mCaUThXhjf0

Finally.. The wait is over 🔇 Here comes our first dancing video .....Please do LIKE/SHARE/COMMENT . Let us know your feedbacks and show some love guys❤️ Son...

රුසියානු සබ්මැරීන් 2ක් කොළඹ වරායට ඇවිත් !රුසියානු යුද නෞකාවක් සහ සබ්මැරීන යාත්‍රා දෙකක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.විදේශ අ...
17/10/2021

රුසියානු සබ්මැරීන් 2ක් කොළඹ වරායට ඇවිත් !

රුසියානු යුද නෞකාවක් සහ සබ්මැරීන යාත්‍රා දෙකක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

විදේශ අමාත්‍යාංශයේ අවසරය ඇතිව සැපයුම් ලබාගැනීමට සඳහා යුද නෞකාව සහසබ්මැරීන යාත්‍රා කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම යාත්‍රා අනිද්දා කොළඹ වරායෙන් නික්ම යනු ඇති.
ජායාරූප මුල් අයිතිකරුවන්ට

Address

Matara
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Magza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby media companies