12/11/2023
ඔබ ඇත්තටම ඔබව දන්නවා නෙද ?
ඔබ කැමති අකමැති මොනවද
ඔබට පුළුවන් බැරි මොනවද
ඔබ කරපු නොකරපු දෑ,
සමහ දෙවල් ඔබ ඇයි කරෙ,
ඔබ දන්න තරම් ඔබ ගැන දන්න වෙන කවුරුවත් නෑ නෙද ?
යම් කෙනෙක් ආගමික වශයෙන් තියෙන විශ්වාසයක් ඇතුලෙ කියන්න පුළුවන්,
දෙවියන් වහන්සේ මාව මට වැඩිය දන්නවා හො එවන් යම් මනොකල්පිත මතයක ඉන්න පුළුවන්. ඒ ක ඇත්තටම වැරැද්දක් නෙවෙයි ඒක පුරැද්දක්.
මම මෙතන කතා කරන්නේ ඒ ගැන නෙවෙයි.
මම කතා කරන්නේ ඔබ ජිවත් වූ ආකාරය මෙන් අල්පමාත්‍රයක් වත් ජීවත් නොවුන මිනිස්සු ඔබව දන්නවා යැයි සිතීමෙ මිත්‍යාව පිලිබදව.
According to Psychology
"A person will never understand 100% by another individual without a personal judgement"
ඒ කියන්නේ කිසිම මනුස්සයෙක් තවත් මනුස්සයෙක් ව 100% විනිෂ්චයකින් තොරව තෙරැම් ගන්නෙ නෑ. දැං කෙනෙක් කියයි මම යාලුවන්ව විනිෂ්චය කරන්නෙ නෑ වගේ මොකක් හරි. ඇත්තටම එතනදි වෙන්නෙ ඔබ අදාල පුද්ගලයා යාලුවෙක් ද නැද්ද කියන එක විනිෂ්චය කරනවා. ඔය ආදරය, පරම පිවිතුරු පන්සල් ගිහින් දෙන්න එකට මල් පුජා කරන අයගෙ ඉදලා, Cheers කියලා දෙන්නා එකට ෂොට් එක දාගෙන ඉන්න Couple එක දක්වා හැම අස්සක් මුල්ලක් නෑරම මිනිස්සු මිනිස්සුන්ව විනිෂ්චය කරනවා.
මෙක සමාජ යථාර්ථයක් නිසා කාලානුරූපිව අපි මෙ විනිෂ්චය ට හුරැ වෙනවා. ඒ කියන්නේ විනිෂ්චය කරන්න වගේම විනිෂ්චය ලබන්නත් අපි හොදට හුරු වෙනවා.
බයිසිකලෙ යන අපරාධ කරැට පොලිස් නිලධාරීයෙකු පයින් ගහන්නෙත්, Montero Sport එකෙ ඇවිත් දෙතුන් දෙනෙක් මරපු අපරාධ කරැගෙ කමිසෙ බොත්තම හදන්නෙත් ඒ සමාජීය විනිෂ්චය නිසා. මෙකෙ දරැණු පැත්ත. අපො මං නං විනිෂ්චය කරන්නෑ මං විනිෂ්චය ට ආසවත් නෑ කියන මිනිස්සු පවා
හොද විදියට විනිෂ්චය වෙන්න ආස කරනවා.
ඉතිං බැංකූවට ණය වෙලා හරි අර ලොකු පත ගෙ හදලා, අවශ්‍යතාවයට එහා ගිය වාහනයක් පැදළා, කිට මරලා වැඩට යන රස්සාවක් කරලා මධ්‍යම පාන්තික ජීවිතයක් ඇතූලෙ විනිෂ්චය වෙන එක කුඩා කල සිට හීනයක් විදියට ප්‍රගුණ කරනවා.
ඔබව විනිෂ්චය කරන එක මනුස්සයෙක් වත් ඔබව ඇත්තටම දන්නෙ නෑ, නමුත් ඔබත් නොදන්න තව අයව විනිශ්චය කරනවා.
They judge you, You judge them is a non-ending circle.
අපි මෙ ජිවිතෙ හැමදෙයක්ම කරන්නෙ ඒ කෙ අවසානය සමාජීය වශයෙන් මොනවගෙ Judgement එකකට ලක්වෙයිද කියලා හිතලා.
Social Media දාන Photo එක Edit කරන එකෙ ඉදලා, හොටලෙකින් කාලා ටිප් එක තියන තැන දක්වා අපි කරන්නෙ අනිත් අයට ජජ් කරන්න අපෙ කාලය සහ සම්පත් වැය කරන එක.
ඔබට මෙක ආතල් නං කරං යන්න.
ඔබෙ කාලය ඔබෙ ජිවිතය ඔබ ට ඕනි දෙ කරත් අනුන්ට ඕන දෙ කරත් දෙකටම හම්බෙන්නෙ එකම කාලය.
හැබැයි කාටවත් ඔබව ජජ් කරන්න නොදී ඉන්න එකෙ වෙනම රසයක් වගෙම කාවවත් ජජ් නොකර ඉන්න එකෙ වචනයෙන් කියන්න බැරි තරම් දෙවල් ගොඩක් ජීවිතයට ඉතිරි වෙනවා.
මිනිස්සු ආසයි ඔබව දන්නවා වගේ හැසිරෙන්න. ඒ කට අහු උනොත් සිද්ධ වෙන්නේ ජීවිත කාලෙම විනිසුරැවන් වටකරගෙන ජීවත් වෙන්න.
Don't judge, Not to be judged by others.
ඔබට ජය ❤️❤️