05/09/2023
අද කාලේ ලංකාව කියන අපේ රටේ අති දැවැන්ත සිනමා නිර්මාණ කියල හුඟක් වෙලාවට හඳුන්වන්නේ ඉතිහාස කතා අල්ලලා ගහපු Films...
එහෙම ගහපු Film නම් කීයක් තියෙනවද නේ?
පතිනි කියයි, ආලෝකෝ උදපාදී කියයි, මහරජ ගැමුණු කියයි, අබා කියයි , කියනවනම් තව කීයක් කිව්වහැකිද නේ?
ඕවා දැවැන්ත වෙන්නෙ ඉතින් පිටපතින් වත් වෙන මොකක්වත් එහෙකින්වත් නම් නෙවේ, ලොකේ දැන් තියෙන තාක්ෂණය චූට්ටක් විතර පාවිච්චි කරල ගහල තියෙන හින්දා...
තාක්ෂණය චූට්ටක් විතර පාවිච්චි කරලයි ගහල තියෙන්නෙ කිව්වම ඒ Film හදපු, ඒවයෙ රඟපාපු අයට වගේම ඇඟ ඇතුළෙ අර සිංහ ලේ කියන අමුතු ලේ වර්ගය දුවන අය එහෙම තරහ වෙන්න එපා හොඳේ...
මොකද ඒක මේ කාලේ Hollywood Movie එකකට Use කරන තාක්ෂණයයි ලංකාවෙ දැවැන්ත නිර්මාණ කියල කියන Movie වලට Use කරන තාක්ෂණයයි ගත්තම ඒ දෙක අහසට පොළව වගේ වෙනස් කියලා මෙහෙ Film බලන ඕන කෙනෙක්ට තේරෙන දෙයක් නෙ...
එක අතකට හොඳ වෙලාවට පිටරට ඉදන් එන සුද්දො සුද්දියෝ ලංකාවට ඇවිත් අලි බලන්නයි අරක බලන්නයි මේක බලන්නයි යන්නේ ලංකාවෙ ගහන මේ අති දැවැන්ත සිනමා නිර්මාණ බලන්න යන්නෙ නැතුව...
මොකද ඒව බැලුවනම් ඒක උන්ට කොයි වගේ Feeling එකක්ද දන්නවද? ඒ Feeling එක හරියටම ගන්න ඕනෙ නම් ඔයාට කරන්න තියෙන්නෙ ලංකාවෙ ගහපු අර රන් කෙවිටෙ ගොපළු යකා ඒ Film එකේ ඉන්න හැටි මතක් කරගන්න එක... හරියට නිකන් ගොනයි මීමයි වගේ... ඒක එහෙම හැදුවට වඩා හොඳයි ඌව කාටුන් විදිහට පෙන්නුවනම් නේ?
ආන් ඒ වගේ තමයි.. සුද්දො සුද්දියෝ එහෙ තියෙන Films බලල ඇවිත් අපේ මේ දැවැන්ත ඒවා බලනකොට උන්ට ආයේ ජීවිතේට Film බලන්න හිතෙන්නෙ නෑ... ඒ තරමට අපේ තාක්ෂණය උපරිමයි...
හරි තාක්ෂණේ කතාව පැත්තකට දාමුකෝ. මොකද අපේ රටේ සල්ලි ලොකුවට නැති නොදියුණු රටක් හින්දා අපිට පට්ටෙට තාක්ෂණේ යොදවන්න බෑමයි කියමුකෝ.
මට තේරෙන් නැති අනිත් දේ තමයි, ඇයි මේ ඉතිහාස කතාම Film වලට ගහල ඒව ගහපු අධ්‍යක්ෂක වරු නිකන් උන් ඒ ඉතිහාස කතාව අලුතින්ම උන් විසින් ලිව්වා වගේ මයික් වලට පොර ටෝක් දෙන්නෙ කියලා...
ඒ අතින් බලනකොට යකා ගූ වුණත් අර රන් කෙවිට Film එක හොඳයි.. මොකද ඒක අලුත්ම පිටපතක් හින්දා...
වෙච්ච ඉතිහාස කතාවකට නළුවො ටිකක් දාලා වියදම් කරලා තාක්ෂණෙත් පොඩ්ඩක් විතර දාලා Film එකක් ගහල ඒවට අති දැවැන්ත සිනමා නිර්මාණ කියල මාධ්‍ය ලවා ලේබල් ගස්සනවට වඩා තමන්ගෙ මහන්සියෙන් පිටපතක් ලියලා ඒක ලස්සනට සිනමාවට ගේනවනම් අන්න ඒක තමයි අගයන්න ඕනා වැඩේ...
ඒකත් ඉතින් මේ වෙන රටක දෙමළ හරි හින්දි හරි Film එකක පිටපතක් එහෙම් පිටින් කොප්ප ගහල අර ධර්ම යුද්ධෙ වගේ හෝ නැත්නම් අර රන්ජන් සාරි පටලන් ඉන්න එක වගේ හෝ එහෙම්පිටින්ම කොප්ප ගහල, ඒකට Film එකක් කරල තමන්ගේ පිටපතක් වගේ ඒක හදපු උන් පොරවල් වෙන්න හදනවනම් ඒකත් අර ඉතිහාස කතා වලට Film ගහනව වගේ ගූ වැඩක්...
මේ මිදුණු විශ්වය Film එකේ Seen එක අර Dejavu, Presidestination , film වල වගේම පට්ට සංකීර්ණ නැතු වුණත් ටිකක් ලංකාවෙ Audience එකට අමුතුම Feel එකක් දෙන Seen එකක් තියෙන film එකක්...
මං හොයල බලපු විදිහට ඒක කොප්පක් නෙවේ...
ඉතින් අන්තිමට,
ඉතිහාස කතා පට්ට ගහන් නැතුව , කළින් කවුරුවත් කරපු Film කොප්ප ගහන් නැතුව , තමන්ගේම කලා නිර්මාණයක් , තමන්ගේම මහන්සියෙන් ලියපු නිර්මාණශීලී පිටපතක් සිනමාවට අරන් එන්න පුළුවන් ශක්තිය අපෙ රටේ සිනමා ක්ෂේත්‍රයේ ඉන්න උන්දැලාට පහළ වේවා කියල එක සිතින් ප්‍රාර්ථනා කරනවා....
ටටා බායි !