13/08/2023
ජීවිතේට ආදරෙන්
ඔයා සතුටෙන් ඉදිද්දි තවත් ගැහැණියක් ඔයාට හිනා වෙනවා නම්, ඔයා ඔයාගේ ජීවිත දිහා තෘප්තිමත්ව බලන කොට තවත් ගැහැණියක් ඒක සම්ච්චලේට ලක්කරනවා නම්, ඔයාගේ රස්සාව උගත්කම හෑල්ලු කරලා තවත් ගැහැණියක් ඔයාට නින්දා කරනවා නම්, ඔයාගේ නිහතමානීකම හැමවෙලේම සමාජේ ඉස්සරහා බාල්දු කරන්න කරන්න තවත් ගැහැණියක්ම උත්සහ කරනවා නම්,ඔයා සමාජයේ මිනිස්සු පිලිගත්ත යම් ස්ථාවරයකට එද්දී හොය හොයා ඔයාට, ගැහැනියක් විසින්ම මඩ ගහනවා නම්, ඔයා හොදින් ජීවත් වෙද්දි ඔයා වහලා දාපු අතිතය හාර අවුස්සලා ඔයාව සමාජේ කොන් කරන්න ගැහැණියක්ම මුල් වෙනවා නම්,
ඒ ගැහැනිය තමන් ගැන තෘප්තිමත් නැති, තමන් ගැන විශ්වාසයක් නැති, මුලු ලෝකෙටම ද්වේශ කරන, කාගෙන් වත් ආදරය, අවධානය ලැබුන් නැති නිසා තමන් ගැනම කලකිරුන, තමන් ලග තියන දෙයින් සතුටු වෙන්න බැරිව ජීවිතේ විදවන, හොදක් දකින්නේ නැති දකින්න ආස නැති, මන්සින් වගේම හිතින් අසරණ වුන ගැහැනුයි..
මේ වගේ අසරණ ගෑණු ඔයාට මට අපේ ජීවිතේ ඇතුලේ ඕනෑ තරම් මුණ ගැහෙනවා. ඒත් ඒවාට අපි උත්තර බදින්න ගියොත්, තෙරුම් කරන්න ගියොත් අපි වැටෙන්නෙත් ඒ ගැහැනු අයගේ පංතියටමයි..
ඒත් ඔයා එහෙම ගෑණියෙක් නෙවෙයි.. තව ගෑනු කෙනෙකුගේ සතුටට සතුටු වෙන, සුන්දරව ගෙවෙන ජීවිතේකට මුළු හිතින්ම ආශිර්වාද කරන, තමන්ගේ ජීවිතේ තමන්ට තියන දෙයින් තෘප්තිමත් වෙන, තමන් ගැන සතුටු වෙන්න හේතු දවස ගානේ ලැබෙන, දවසින් දවස පරිනත වෙන, අත්දැකිම් වලින් අදට වඩා හෙට ඔයාව අලුත් කරගන්න ගැණියෙක්.. ඉතින් ඔයා ගැන සතුටු වෙන්න..
තව ගැහැණියක් ඔයාට නින්දා කරොත් නිශ්ශබ්දව එතනින් ඉවත් වෙන්න, ඒ ඔයාගේ ක්ලාස් එක. ඔයාට සමච්චලේට හිනා වුනොත් පෙරලලා සුන්දර හිනාවක් දෙන්න. ඒ ඔයාගේ විශේෂත්වය. ඔයාව පිරිසක් ඉස්සරහා කොන් කරන්න හදනවා නම් එතන එයාට වීරවරිය වෙන්න දිලා ඔයා පාඩුවේ පැත්තකට වෙන්න, ඒ ඔයාගේ වැදගත්කම. ඔයාගේ අතිත සිද්ධි හොයන් ඔයාට මඩ ගහන්න හදනවා නම් ඒවාට බය වෙන්න එපා ශක්තිමත්ව මූණ දෙන්න. බය වෙන්න ඕනේ ඔයා ඒ වැරදි තාම කරනවා නම්, ඒත් ඔයා ඒවා හදාගෙන ඔයාගේ ජීවිතේ හදාගන්නවා නම්, බය නැතුව ඒ මඩ වලට මූණ දෙන්න, කවුරු ඔයා ගැන මොනා හිතුවත් ඔයාගේ ආත්ම ශක්තිය ගැන ඔයාට සතුටු හිතෙයි, එවලෙට මඩ මල් වෙලා ඔයාව සුවද කරයි..
ගැහැණියක් කියන්නේ සුන්දර හැගීමක්, ඒ හැගිම හැම ගැහැණියෙක්ටම ඔයාගෙන් සුවදක් වෙලා හමන විදියට ජීවත් වෙන්න..
ආදරෙන්,
හෂී🌸