NAME The grant objective of creating this page is to assist them in building SME tourism businesses

06/12/2022

Burj Al arab, Jumeirah, Dubai, United arab Emirates.

17/11/2022
10/11/2022
Genarator Service and Repair We are providing Genarator  Service, Repair in Sri Lanka with over 25 Years Experience  Cal...
09/09/2022

Genarator Service and Repair
We are providing Genarator Service, Repair in Sri Lanka with over 25 Years Experience
Call for more details +94774455552..
** Repair over 20kVa

03/06/2022
10/04/2022

27/03/2022

Dimanka Wellalage

17/12/2021

Credit Leel MannapperumaSky on the way Sri Lanka to Dubai

10/08/2021

GM has confirmed that it will start taking reservations for its upcoming Cadillac Lyriq electric SUV on September 18. The vehicle will start at $58,795. With a lot of demand for compelling new electric vehicles, many automakers have turned to a reservation model when launching a new EV. It helps cre...

19/07/2021

Komatsu Excavator Unloading

It always seems impossible until it's done -Nelson Mandela
16/05/2021

It always seems impossible until it's done -Nelson Mandela

23/12/2020
10/11/2020
04/11/2020

Do make waves. The . Configure yours: bit.ly/3oUndEo
_
Bentayga V8 WLTP drive cycle: combined fuel consumption: 21.2 mpg (13.3 l/100 km), combined CO₂: 302 g/km

04/11/2020

කොහොමද අම්මලා,දරුවො හැමෝම සුවෙන් ඇති කියලා හිතනවා.පහුගිය කාලෙම හැමෝටම අමාරු කාලයක් ඉතින් මේ තත්ත්වය ටිකෙන් ටික මුලු ලෝකයෙන්ම පහවෙලා දුරුවෙලාම යන්නයි අපි හැමෝගෙම ප්‍රාර්ථනය.එය එසේම වේවි.සුබවාදී ආකල්ප වලින් ඉමු.

ඉතින් මේ තත්ත්වය නිසාම දරුවො ගෙදරටම හිර වෙලා,ඉස්කෝලෙත් නිවාඩු නිසා එලියට පහලියට බහින්නත් නැති නිසා අම්මලාටත් කටට නම් නිවනක් නැතුව ඇති.එහෙම තමා දරුවො ඉන්න කොතැනත් 🙂.

ඉතින් මේ කාලයෙදී පුංචි දරුවො ගැන නම් සමහර අම්මලාගෙන් අහන්න ලැබුනෙ වැඩියෙන්ම මැසිවිලි තමයි😞

☑️පාසලෙන්/පෙර පාසලෙන් එවන වැඩ වලට කිසි උනන්දුවක් නෑලු.කරත් බාගෙට ලු.නොකරන තැනට හේතු දහසක්ලු

☑️හිත ඇත්තෙ සෙල්ලමට විතරලු

☑️බැලුවොත් ඇත්තම් මිදුලේ/ වතුර වලක හරි මඩ වලකලු

☑️අන්තිමට බලද්දී අම්මට මානසිකව පීඩනය ඩබල් වෙලාලු 🙂

(පීඩනයට නම් සාධාරණ මෙන්ම සාධාරණ නොවූ ඕනෑතරම් හේතු ඇති.ඒවා මම මෙතන කතා කරන්නෙ නෑ හොදේ)

දැන් ඉතින් අපි මේකට මොකද කරන්නෙ 🤔🤔🤔

🔶දරුවට කෑ ගහලා පොලවෙ අඩිය හප්පලා බබා අකමැත්තෙන් තමන් සතුටු වෙන්නයි,ටීචර්ව සතුටු කරන්නයි මේ වැඩ ටික බලෙන්ම කරවනවද?

🔶හොදවැයින් පාරක් දෙකක් දීලා බය කරලා මෙල්ල කර ගන්නවද?

නැත්තම්

🔶දරුවා කැමති සියලු දේ කපා හරිනවද?

🔶එහෙමත් නැත්තම් ඔබ දරුවව තේරුම් ගන්නවද?

(ඔබ මොන අවස්ථාවද තෝර ගන්නේ කියලා අවංකවම නිදහසේ හිතලා බලන්න )

දැන් මම වැදගත්ම කාරණාවට එන්නම්.

දරුවො ඉගෙන ගන්නෙ පොත් පත් වලින් විතරමද? නැහැ

එහෙනම්

දරුවන් යමක්...

🔺දැකීමෙන් (visual )
🔺ඇසීමෙන් (auditory )
🔺කිරීමෙන් (kinethetic) ඉගෙන ගන්නවා .

ඒ වගේම දරුවකු මේ හැකියාවන් තුනෙන් එකකට වැඩි කාර්‍යක්ෂමතාවක් පෙන්වනවා.එම නිසා දරුවාගේ එම ස්වභාවය තේරුම් ගැනීම වඩා යහපත් ප්‍රතිඵල ගෙන එනවා.

ඒ අනුව දරුවකුට යමක් ඉගැන්වීමේදී ඉහත ආකාර තුනම ආවරණය කරමින් ඉගැන්වීම වඩාත් ඵලදායි වෙනවා.

ඔවුන් බුද්ධිය මෙහෙයවන්නෙ එකම ක්‍රමයකින්ද?නැහැ

ඒ සදහා අපූරු න්‍යායක් ඉදිරිපත් කල සුවිශේෂී පුද්ගලයෙකු වූ හාවඩ් ගාඩ්නර් විසින් බහුවිධ බුද්ධි න්‍යාය (theory of multiple intelligences) ඉදිරිපත් කරනු ලබනවා.ඕනෑම පුද්ගලයෙක් තුල මෙම බුද්ධි 8 සංවර්ධනය විය හැකි අතර ඉන් එක් අංශයකින් ඔහු/ඇය ඉතා ඉහළ කුසලතාවයක් අත් කරගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

මොනවද මේ අට වැදෑරුම් බුද්ධිය?ඒ ගැන කෙටි සදහනක් කරන්නම් ඔබේ දැනුමට සහ අවදානයට.

1.භාෂාමය බුද්ධිය
වම් මොළයේ අන්තර්ගත වන භාෂාමය හැකියාව එනම් ශබ්දාර්ථය (semantics ),ව්‍යාකරණ ,ස්වරශාස්ත්‍රය(phonology)වාග්ලංකාර(rhetoric ) ආදී වශයෙන් භාෂාව උපයෝගී කර ගනිමින් ගොඩනගා ගනු ලබන බුද්ධිය
උදාහරණ ලෙස,මාටින් වික්‍රමසිංහ මහගමසේකර ශූරීන් ,T.S.Eliot,සාහිත්‍යවේදීන්

2.සංගීතමය බුද්ධය
දකුණු මොළයේ අන්තර්ගත වන සෞන්දර්යාත්මක, සංගීතමය හැකියාව එනම් ස්වරමානයන්(pitch )ශබ්ද ප්‍රමාණය (volume )රිද්මය (rhythm )ස්වර ගුණ (timbre ) වශයෙන් ගොඩනගා ගනු ලබන බුද්ධිය
උදාහරණ,ආචාර්ය අමරදේවයන්,රබීන්ද්‍රනාත් තාගෝර්,සංගීතඥයින්

3.තාර්කික හා ගණිතමය බුද්ධිය
පිරිමි පාර්ශ්වයේ දකුණු මොළයේද ගැහැනු පාර්ශ්වයේ දෙපැත්තේම පිහිටා ඇති මෙම හැකියාව දිගු තාර්කික විචාරයට,විසංයුක්ත චින්තනයට(abstract ),ගණනය කිරීමේ හැකියාව ගොඩනගනු ලබනවා.
උදාහරණ ,ආකිමිඩීස් ,ඇල්බට් අයින්ස්ටයින් ,නීති වේදීන්

4.අවකාශමය බුද්ධිය
මොළයේ පිටුපස පිහිටා ඇති මෙම හැකියාව වස්තූන් නිවැරදිව හදුනා ගන්න,ඒවා මනසින් වෙනස් කරමින් ගොඩ නගාගන්න, හසුරවන්න, හැකියාව උත්පාදනය කරනවා.
උදාහරණ,සෝලියස් මැන්දිස්,පැබ්ලෝ පිකාසෝ,චිත්‍ර ශිල්පීන්

5.ශාරීරික බුද්ධිය
දකුණු අතින් වැඩ කරන පුද්ගලයන්ගේ වම් මොළයේ ද ,වම් අතින් වැඩ කරන පුද්ගලයන්ගේ දකුණු මොළයේ ද පිහිටන මෙම හැකියාව ශරීරය මනාව පාලනය කිරීමට ඇති හැකියාව පෙන්වනවා.
උදාහරණ,සනත් ජයසූරිය ,මාර්තා ග්‍රහැම්,ක්‍රීඩකයන්

6.ස්වපුද්ගල බුද්ධිය
පිරිමි මොළයේ දකුණු පස ඉදිරියේත් ගැහැනු මොළයේ ඉදිරිපස දෙපැත්තේම පිහිටන මෙම හැකියාව පුද්ගලයා තුල ස්ව හැගීම්/ආවේග අවබෝධයට හැකියාවන් ඇති කරනු ලබනවා
උදාහරණ,සිග්මන් ප්‍රොයිඩ්

7.අන්තර් පුද්ගල සම්බන්ධතා
දකුණු මොළය හා වම් මොළය අතර සංවාදයට පහසු මේ පුද්ගලයන් විවිධ වූ සිතුවිලි ස්වභාවයන් ,හැගීම්,හැදියාවන්,හැකියාවන්,උවමනාවන් හදුනා ගත හැකි සුවිශේෂී පුද්ගලයන් වනවා.
උදාහරණ,මහත්මා ගාන්ධි

8.ස්වභාවවාදී
මොළයේ නිශ්චිත පැත්තක් නොවන අතර වෙනම හැකියාවන් ඉදිරිපත් කරන නිරීක්ෂණයෙන් වටහාගැනීම,රටා සංවිදානය,වර්ගීකරණ හැකියා ආදී කුසලතා පෙන්වන පුද්ගලයන් මේ අතර වනවා.
උදාහරණ,චාල්ස් ඩාවින්

දරුවන් තුල මේ එක් එක් බුද්ධි අංශයන්ට අදාලව කුසලතා සංවර්ධනය වනු ලබනවා.ඉතින් එක් අවස්ථාවකට පමණක් නිරාවරණය වීමට නොදී සියලු අවස්ථාවන්ට අනුකූලව ගොඩ නැගීමට දරුවාට අවස්ථාව ලබා දීම තුල ඔවුන්ගේ හැකියාවන් දක්ශතාවන් පැහැදිලිව හදුනාගන්න පුලුවන් වෙනවා.

එය මුලින්ම හදුනා ගත හැකි වන්නේ දෙමාපියන් වන ඔබටයි.එහි වැඩි වගකීමද ඇත්තේ ඔබ සතුවයි.

මීට අමතරව දරුවන්
🔺පරිසරයෙන්,ආරයෙන්,පංචේන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා සංවේදන තුලින් දැනුම එක් රැස් කර ගන්නවා.

🔺වැරදීම් තුලින් ඉගෙන ගන්නවා.

🔺නිරීක්ෂණ,පරීක්ෂණ තුල නිගමනයන් වලට එලෙබෙමින් ඉගෙන ගන්නවා.

🔺තර්ක විතර්ක,ප්‍රශ්න විමසීම් තුලින් ඉගෙන ගනු ලබනවා.

ඔබ කල යුතු වැදගත්ම දේ වන්නේ ඔබේ ලෝකයෙන් නොව දරුවාගේ ලෝකයෙන් ඔවුන් දෙස බැලීම සහ ක්‍රියාත්මක වීමයි.දරුවාගේ රුචි අරුචිකම් හදුනා ගෙන ඊට අවශ්‍ය උත්තේජන ලබා දීමයි මෙහිදී වැදගත්ම වෙන්නෙ.

ඊට අතරම ඉතාම වැදගත් ...

☑️දරුවාගේ සහජ බුද්ධිය හදුනා ගැනීම

☑️සමවයසේ දරුවන් සමග සැසදීම් නොකිරීම(දරුවො එකිනෙකාට සුවිශේෂීයි,හැකියාවන් සුවිශේෂීයි )

☑️දරුවාගේ ධාරිතාවය හදුනා ගැනීම.

☑️හොදින් ඇහුම්කන් දීම

☑️දරුවාට ඔබේ පහසුව පිණිස බොරු නොකීම (බබාට තේරුම් ගැනීමට හැකි අයුරින් ඇත්තම තේරුම් කරන්න)

☑️බලකිරීම්,එපා වීම් ඇති නොවන ලෙස සුබවාදී ආකල්ප ගොඩනැගෙන පරිදි වැඩ කිරීම

☑️නැහැ,බැහැ,එපා යන වචන වෙනුවට පුලුවන් ,කරන්න ,අපි කරමු ඔබත් ඊට එකතු වීම

☑️ආදරය වැඩිපුර ලබා දීම(ඒ හිත,ගත,මනස සියල්ල සුවපත් වන ලෙස)

☑️දරුවා අගය කිරීම.(ඔවුන් තුල ආත්ම විශ්වාසය වැඩිවනු ඇත)

☑️දරුවාට පුංචි මිනිසකු (mini adult )ලෙසින් නොව ඔහු/ඇයටම ආවේණික වූ රටාවකට ගොඩනැගෙන්න ඉඩ දීම.ඔබ පසුපසින් හිද නිසි පරිදි මෙහෙයවීම වැදගත් වෙනවා.

පුංචි සිතින් ඇය/ඔහු සිතාවි "මට මම ම වෙන්න ඉඩ හරින්න" නමුත් ඔබ ඔවුන්ගේ කැමැත්තට ඉඩ නොදුනහොත් ,තේරුම් නොගතහොත් ඔවුන් එය නොපවසාවි.පුංචි සිතින් මනසින් ඇතැම්විටක විදවාවි.

හිතන්න විමසන්න.මග පෙන්වීම අප සතුයි.තීරණය බුද්ධිමත් ඔබ සතුයි.

සැකසුම ,
සම්මානි ❤

29/10/2020
22/10/2020

Address

Kuliyapitiya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when NAME posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NAME:

Videos

Share

NAME

Welcome to the NAME


Other Media/News Companies in Kuliyapitiya

Show All