Sport ONE -Sri Lanka

Sport ONE -Sri Lanka ''ක්‍රීඩාවේ ජවය''

එංගලන්ත විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන මොයීන් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි.
08/09/2024

එංගලන්ත විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන මොයීන් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි.

ජූලි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන ලබයි.
12/08/2024

ජූලි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණ...
08/08/2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා 2024 අගෝස්තු 6 වනදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ 2021 වසරේ ලංකා ප්‍රිමිය ලීග් තරග මුදලට පාවාදීමට අදාළවයි.

නමුත් මෙම තරග පාවාදීම්වලට සම්බන්ධ වන ලෙස ඔහුට එවූ ව්ට්සැප් පණිවිඩ ප්‍රවීන් ජයවික්‍රම විසින් මකා දමා ඇති බව වාර්තා වනවා.

එම යෝජනාවන් පිළිබඳව ඔහු නියමිත කාලයේදී අයි සී සීය දැනුවත් නොකළ බවටයි ප්‍රවීන් ජයවික්‍රම ට චෝදනා එල්ල වී ඇත්තේ.

25 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අන්තර්ජාතික තරග 15කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2022 වසරේ ඔස්ට්‍රේලියාව සමග පැවති T20 තරගාවලියේ දීයි.

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝප් අභාවප්‍රාප්ත වෙයි.ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 55 ක්
05/08/2024

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝප් අභාවප්‍රාප්ත වෙයි.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 55 ක්

🏏 Sri Lanka Vs India ⚾           T 20 Series 🏆️ජය කාටද ?
26/07/2024

🏏 Sri Lanka Vs India ⚾
T 20 Series

🏆️ජය කාටද ?

සිංහ කෙල්ලන්ට ජයවේවා !!!
26/07/2024

සිංහ කෙල්ලන්ට ජයවේවා !!!

⚾ බිනුරත් ලෙඩ වෙයි ⚾ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් හෙට ප...
26/07/2024

⚾ බිනුරත් ලෙඩ වෙයි ⚾

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් හෙට පැවැත්වෙන ඉන්දීය තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව වාර්තා වෙනවා .

⚾ නුවන් තුෂාරත් අබාධයකට ලක්වේ ⚾පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පන්දු රැකීමේ පුහුණුවීම් අතර තුර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍...
25/07/2024

⚾ නුවන් තුෂාරත් අබාධයකට ලක්වේ ⚾

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පන්දු රැකීමේ පුහුණුවීම් අතර තුර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ ඇගිල්ලක් තුවාල වීම හේතුවෙන් ඉන්දීය තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා.

🏆️ චමරි අතපත්තු නමට වාර්තා රැසක් 🏆️🏏කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු ශතකය ලබා ගැනීමට සමත් වීම.🏏කාන්ත...
24/07/2024

🏆️ චමරි අතපත්තු නමට වාර්තා රැසක් 🏆️

🏏කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු ශතකය ලබා ගැනීමට සමත් වීම.
🏏කාන්තා ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගැනීමට සමත් වීම.

🏏කාන්තා ආසියානු කුසලාන ඉතිහාසයේ ඉනිමක වැඩිම 6 පහර එල්ල කල
ක්‍රීඩිකාව වීම .

🏏පූර්ණ සාමාජික රටවල විස්සයි විස්ස ශතක තුනක් ලැබූ පළමු ක්‍රීඩිකාව බවට පත් වීම.

ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර වෙනුවට අසිත ප්‍රනාන්දු ඉන්දීය කණ්ඩායම එරෙහි තරගාවලියට කැදවීමට තීරණය කර තිබෙනවා .
24/07/2024

ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර වෙනුවට අසිත ප්‍රනාන්දු ඉන්දීය කණ්ඩායම එරෙහි තරගාවලියට කැදවීමට තීරණය කර තිබෙනවා .

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවකට ...
30/03/2023

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවකට ආරාධනා කරමින් ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සමාජ මාධ්‍ය, වෙබ් අඩවි හා ශ්‍රී ලංකාවේ ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ලිපිය මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලි මහතා (Mr. Greg Barclay) වෙත දැනුම් දීමක් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධින වියයුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරය බවත්

එය ක්‍රීඩාව භාර අමාත්‍යවරයා ලෙස තමාද අනුමත කරන අතර එම ස්ථාවරයේ තමන් ද සිටින බවත් අමාත්‍යවරයා ලිපියෙහි සඳහන් කර තිබෙනවා .

ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව ලියාපදිංචි සියලුම ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන ස්වාධීන වියයුතු බවත් ඔවුන්ගේ කටයුතු සඳහා දේශපාලන ඇඟිලි ගැසීමක් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගැනීමට  ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්ව තිබෙන...
30/03/2023

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගැනීමට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්ව තිබෙනවා .

පාකිස්තානය සමග පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත රෂීඩ් ඛාන් එම සටහනේ පෙරමුණ හිමිකරගෙන ඇත.

ඒ අනුව මෙතෙක් එහි පෙරමුණ ගෙන සිටි වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබේ.

20-20 පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවන රෂීඩ් ඛාන් ප්‍රසාද ලකුණු 710ක් ලබා ඇති අතර වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 695ක් ලබා සිටිනවා .එම සටහනේ තුන්වන ස්ථානයේ Fazalhaq Farooqi ප්‍රසාද ලකුණු 692ක් ලබාගනිමින් රැඳී සිටිනවා

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා එංගලන්...
10/11/2022

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා එංගලන්ත කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය.

අවසන් පුර්ව තරගයේදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිටියට ඉන්දීය කණ්ඩායම කඩුළු 06 දැවී ලකුණු 168 රැස් කර ගත්තේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ හර්දික් පාන්ඩ්‍යා ලකුණු 63 රැස් කර ගත්තේය.

පිළිතුරු ඉනිම ලෙස පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී 168ක ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 10කින් ජයග්‍රහණය කළේය.

එහිදී සුපිරි ප්‍රහාරයක නිරත වූ එංගලන්ත ආරම්භක පිතිකරු යුගළ එකිනෙකාට නොදෙවෙනි ප්‍රහාරයක් දියත් කළේය.

එහිදී Jos Buttler පන්දු 49කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමඟ ලකුණු 80ක් රැස්කළේය.

තරගයේ වීරයා වූ Alex Hales පන්දු 47කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් සමඟ ලකුණු 86ක් රැස්කළේය.

🔴ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමිව තිබෙනවා .ඒ ඔහු ඕස...
26/10/2022

🔴ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක
බිනුර ප්‍රනාන්දු හට 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමිව තිබෙනවා .

ඒ ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පැවති තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන්.

🔴අයර්ලන්ත පෙරළියෙන් ශ්‍රී ලංකාව දෙකට
26/10/2022

🔴අයර්ලන්ත පෙරළියෙන් ශ්‍රී ලංකාව දෙකට

22/10/2022

🔴MYCOLA🔴
BUDDY CHALLENGE TROPHY 2022

🅾️KOTTAWA NORTH DHARMAPALA GROUND

15/10/2022

Road Safety Legends ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දීනූ බංග්ලාදේශය මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කරයි.
27/09/2022

Road Safety Legends ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දීනූ බංග්ලාදේශය මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කරයි.

මෙදා සැරේ කප් එක උස්සන කට්ටිය 🏆️
16/09/2022

මෙදා සැරේ කප් එක උස්සන කට්ටිය 🏆️

Legends තරගාවලියේ එංගලන්තයට එරෙහිව  කාසියේ වාසිය දීනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කරයි .
13/09/2022

Legends තරගාවලියේ එංගලන්තයට එරෙහිව කාසියේ වාසිය දීනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කරයි .

🔴ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උනුසුම් සුභ පැතුම් !!!
11/09/2022

🔴ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උනුසුම් සුභ පැතුම් !!!

ආසියානු දැල් පන්දු ශූරතාවය 06 වන වරටත් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි .අවසන් මහා තරගයේ දී සිංගප්පූරු කණ්ඩායම පර...
11/09/2022

ආසියානු දැල් පන්දු ශූරතාවය 06 වන වරටත් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි .

අවසන් මහා තරගයේ දී සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින් මෙවර ශූරතාව අපරාජිතව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම විශේෂත්වයක් .

ආසියානු කුසලාන සුපිරි වටයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් ...
03/09/2022

ආසියානු කුසලාන සුපිරි වටයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් ...

ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඉතිහාසයේ පළමු වරට ඔවුන්ගේ මව් බිමේදී  එක්දින තරග ජයක් ලබන්නට සිම්බාබ්වේ කණ්ඩායම  ස...
03/09/2022

ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඉතිහාසයේ පළමු වරට ඔවුන්ගේ මව් බිමේදී එක්දින තරග ජයක් ලබන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා .

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුනු 141 කට සීමා කරන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා .

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ රයන් බර්ල් ලකුනු 10 කට කඩුලු 5 ක් බිඳ හෙලුවා..

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එකම සාර්ථක පිතිකරුවා වූයේ ඩේවිඩ් වෝනර් ඔහු පන්දු 96 කට ලකුනු 94 ක් ලබා ගත්තා.

මැක්ස්වෙල් ලකුනු 19 යි.. අනෙක් කිසිදු පිතිකරුවකු ලකුනු 10 සීමාව පසුකර යාමට හැකි නොවූ අතර කඩුලු 07ක් දැවී සිම්බාබ්වේ කණ්ඩායම සිය ඉලක්කය පසු කිරීමට සමත් වීම විශේෂත්වයක් .



🤯

🔴බංග්ලාදේශයට එරෙහිව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි .
01/09/2022

🔴බංග්ලාදේශයට එරෙහිව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි .

Address

Colombo
Kottawa

Telephone

+94710250215

Website

Alerts

Be the first to know and let us send you an email when Sport ONE -Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Kottawa

Show All