Mr.Dewe

Mr.Dewe සීමාවෙන් එපිට සොබාදහම විඳීමට, අසීමිතව පරිසරයට ආදරය කරන්න..! 🚯️🐾️🌴🕊️
(1)

සතුට හරි පුදුමාකාරයි . අංශු මාත්‍රයකින්වත් අයිතියක් නැතිවම පවා අපිට සතුටු වෙන්න පුලුවන්.අද ඒ වගේ සතුටු දවසක්.කෝට් සූට් අ...
22/08/2024

සතුට හරි පුදුමාකාරයි . අංශු මාත්‍රයකින්වත් අයිතියක් නැතිවම පවා අපිට සතුටු වෙන්න පුලුවන්.අද ඒ වගේ සතුටු දවසක්.

කෝට් සූට් අතින් ගත්තු අයියලා මහා කලබලෙන් පේරාදෙණි ටවුමෙ එහා මෙහා යනවා.

හුරුබුහුටි මල් පොකුරු දරාගෙන තවත් අය කලබලෙන් දුවනවා.

පාට පාට සාරි , ඔසරි දවටගත්ත අක්කලා වැහි වතුරට බයෙන් හෙමි හෙමින් අඩි තියනවා.

අලුත්ම සාරියෙන් හැඩ වෙලා සියුම් ආඩම්බරයක් මුහුණෙ තවරගත්ත අම්මලා,

නුහුරු නුපුරුදු කෝට් සූට් ඇඳ ගෙන හීන් කඳුළු පටලයක් ඇසේ දවටගෙන තේජාන්විතව බැලුම් හෙලන තාත්තලා,

උදේ ඉඳන්ම මගේ හිත හරි පුදුම සතුටකින් පුරවනවා.නිදි වරපු රැයවල දහස් ගාණකට පස්සෙ,ප්‍රශ්න අටරෝසියක් මැද්දෙන් උපාධිය දිනපු දන්න නොදන්න හිත් දහස් ගාණක් කැම්පස් එක පුරා සතුට පතුරනවා.

ඇත්තටම රොබරෝසි පිපෙන වසන්තයටත් වඩා මේ හිනා මල් කොයිතරම් නම් චමත්කාරජනකද ?

Happy graduation 💖🥳

-සතුටින් මත් වුණු කෙනෙක්-
Prarthana Navarathna

(📸 - credits for respective owners)

🔰දවල් පෙරැහැර දැක බලා ගැනීම සඳහා මහනුවර නගරයට පැමිණ ඇති සැදහැති ජනතාව.❤️𝕜𝕒𝕟𝕕𝕪 𝕖𝕤𝕖𝕝𝕒 𝕡𝕖𝕣𝕒𝕙𝕒𝕣𝕒 |2024 🙏🌷🌼ᵗʰᵉ ᵐᵒˢᵗ ˢᶜᵉⁿⁱᶜ ᶜᵘ...
20/08/2024

🔰දවල් පෙරැහැර දැක බලා ගැනීම සඳහා
මහනුවර නගරයට පැමිණ ඇති සැදහැති ජනතාව.❤️

𝕜𝕒𝕟𝕕𝕪 𝕖𝕤𝕖𝕝𝕒 𝕡𝕖𝕣𝕒𝕙𝕒𝕣𝕒 |2024 🙏🌷🌼
ᵗʰᵉ ᵐᵒˢᵗ ˢᶜᵉⁿⁱᶜ ᶜᵘˡᵗᵘʳᵃˡ ᶠᵉˢᵗⁱᵛᵃˡ ⁱⁿ ˢʳⁱ ˡᵃⁿᵏᵃ 🌿🐘|🇱🇰
🅺︎ 🅰︎ 🅽︎ 🅳︎ 🆈︎ |2024



Mr.Dewe

🔰ඊයේ රාත්‍රියේ වීදී සංචාරය කල අවසාන රන්දෝලි මහා පෙරහැර ❤️𝕜𝕒𝕟𝕕𝕪 𝕖𝕤𝕖𝕝𝕒 𝕡𝕖𝕣𝕒𝕙𝕒𝕣𝕒 |2024 🙏🌷🌼ᵗʰᵉ ᵐᵒˢᵗ ˢᶜᵉⁿⁱᶜ ᶜᵘˡᵗᵘʳᵃˡ ᶠᵉˢᵗⁱᵛᵃˡ...
20/08/2024

🔰ඊයේ රාත්‍රියේ වීදී සංචාරය කල අවසාන රන්දෝලි මහා පෙරහැර ❤️

𝕜𝕒𝕟𝕕𝕪 𝕖𝕤𝕖𝕝𝕒 𝕡𝕖𝕣𝕒𝕙𝕒𝕣𝕒 |2024 🙏🌷🌼
ᵗʰᵉ ᵐᵒˢᵗ ˢᶜᵉⁿⁱᶜ ᶜᵘˡᵗᵘʳᵃˡ ᶠᵉˢᵗⁱᵛᵃˡ ⁱⁿ ˢʳⁱ ˡᵃⁿᵏᵃ 🌿🐘|🇱🇰
🅺︎ 🅰︎ 🅽︎ 🅳︎ 🆈︎ |2024



©️ Avindu nethmina

Mr.Dewe

බුදුදහමයි සොබාදහමයි අතර තියෙන්නේ හරි අපූරු බැඳීමක්..😍🐘🌿📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑺𝒊𝒚𝒂𝒎𝒃𝒂𝒍𝒂𝒏𝒈𝒂𝒎𝒖𝒘𝒂 𝑳𝒂𝒌𝒆 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂🌀⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 |...
15/08/2024

බුදුදහමයි සොබාදහමයි අතර තියෙන්නේ හරි අපූරු බැඳීමක්..😍🐘🌿

📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑺𝒊𝒚𝒂𝒎𝒃𝒂𝒍𝒂𝒏𝒈𝒂𝒎𝒖𝒘𝒂 𝑳𝒂𝒌𝒆 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂🌀

⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿
_____________________________

©️ travel with dinuka



Mr.Dewe

උතුම් ශ්‍රී දළඳා වහන්සේගේ අශිර්වාද මධ්‍යයයේ මෙවර ශ්‍රී දළඳා පෙරහැරේ විචිත්‍රවත් කුඹල් පෙරහැර පහ මෙසේ වීදි සංචාරය කොට නිම...
14/08/2024

උතුම් ශ්‍රී දළඳා වහන්සේගේ අශිර්වාද මධ්‍යයයේ මෙවර ශ්‍රී දළඳා පෙරහැරේ විචිත්‍රවත් කුඹල් පෙරහැර පහ මෙසේ වීදි සංචාරය කොට නිමාවට පත් වන ලදි.🙏❤️

කුඹල් පෙරහැර පහ සඳහා සඳගල බසින පිංවත් හස්තිරාජයින්. 🌷🐘

▫පළමු කුඹල් පෙරහැර : ඉන්දිරාජා හස්තියා
▫️️දෙවන කුඹල් පෙරහැර : සිංහරාජා හස්තියා
▫️️තෙවන කුඹල් පෙරහැර : සිංහරාජා හස්තියා
▫️️සිව්වන කුඹල් පෙරහැර : ඉන්දිරාජා හස්තියා
▫️️පස්වන කුඹල් පෙරහැර : කතරගම වාසනා හස්තියා

📷 - Athgala - ඇත්ගාල

#2024ඇසලපෙරහැර

📎A domestic cat suddenly met at uni〽️🌿📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑺𝒓𝒊𝑳𝒂𝒏𝒌𝒂 𝑻𝒆𝒄𝒉𝒏𝒐𝒍𝒐𝒈𝒊𝒄𝒂𝒍 𝑪𝒂𝒎𝒑𝒖𝒔 🌀⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿____________...
13/08/2024

📎A domestic cat suddenly met at uni〽️🌿

📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑺𝒓𝒊𝑳𝒂𝒏𝒌𝒂 𝑻𝒆𝒄𝒉𝒏𝒐𝒍𝒐𝒈𝒊𝒄𝒂𝒍 𝑪𝒂𝒎𝒑𝒖𝒔 🌀

⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿
_____________________________



Mr.Dewe

කොළඹ දෙස ඉඳන්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය භාවිතා කරලා මහනුවර ඇසළ පෙරහැර බලන්න එන අයට,කොළඹ කොටුව ඉඳන් මහනුවරට එන්න පුලුවන් ද...
12/08/2024

කොළඹ දෙස ඉඳන්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය භාවිතා කරලා මහනුවර ඇසළ පෙරහැර බලන්න එන අයට,

කොළඹ කොටුව ඉඳන් මහනුවරට එන්න පුලුවන් දුම්රිය වේලාවන් සහ අදාල සම්පූර්ණ විස්තර.👇

🔰 සාමාන්‍ය දුම්රිය කාලසටහන

🔹 5:55 am - podi manike express
train (දිනපතා)
🔹 06:30 am - Intercity express (සෙනසුරාදා සහ ඉරිදා පමණි)
🔹 07:00 am - A/C intercity (දිනපතා)
🔹 08:30 am - Udarata manike express (දිනපතා)
🔹 10:35 am - Colombo commuter (දිනපතා)
🔹 12:40 pm - Tikiri manike express train (දිනපතා)
🔹 03:35 pm - Intercity express (දිනපතා)
🔹 04:36 pm - Senkadagala manike express train (සතියේ දින වල පමණි)
🔹 5:15 pm - Long distance (සතියේ දින සහ සෙනසුරාදා)
🔹 05:35 pm - A/C intercity (සිකුරාදා පමණි)
🔹 05:45 pm - Express train (දිනපතා)

🔰විශේෂ සංචාරක දුම්රිය

🔸 05:30 - Ella odyssey (බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා පමණි)
🔸 06:30 - Dunhinda odyssey - (අඟහරුවාදා,සිකුරාදා සහ ඉරිදා දිනවල පමණි.)

🔰 ඇසළ පෙරහැර සමය වෙනුවෙන් යොදවා ඇති විශේෂ දුම්රියන්

♦️Special train no 01 (Express)
▫️දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් ගන්නා අතර, කොළඹ කොටුවෙන් පස්වරු 7:30ට පිටත් වේ. දුම්රිය 2024 අගොස්තු මස 16,19,23 සහ 25 පමණක් ධාවනය වේ..

♦️Specila train no 02 (Express)
▫️දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් ගන්නා අතර, කොළඹ කොටුවෙන් පෙරවරු 7:45ට පිටත් වේ. දුම්රිය 2024 අගොස්තු මස 17, 21 සහ 23 පමණක් ධාවනය වේ..

♦️Special train no 02 (Express)
▫️දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් ගන්නා අතර, කොළඹ කොටුවෙන් පෙරවරු 07:05 ට පිටත් වේ. දුම්රිය 2024 අගොස්තු මස 19, 22 සහ 25 පමණක් ධාවනය වේ..

♦️Special train no 08 (Express)
▫️දුම්රිය කොළඹ කොටුව සිට මහනුවර බලා ගමන් ගන්නා අතර, කොළඹ කොටුවෙන් පෙරවරු 7:40ට පිටත් වේ. දුම්රිය 2024 අගොස්තු මස 18 සහ 19 පමණක් ධාවනය වේ..

ඉහත සඳහන් සියලුම නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් පැය 2:30 - 2:45 අතර කාලයකදීද, සියලුම සීඝ්‍රගාමී දුම්රියන් පැය 3:00 - 3:30 අතර කාලයකදීද මහනුවර බලා ළඟා වේ..

දුම්රිය ප්‍රවේශපත්‍ර මිල ගණන්. (කොළඹ කොටුව සිට මහනුවර දක්වා)

❇️ ආසන වෙන් කිරීම් රහිතව

⭕ 2nd class - Rs.500/=
⭕ 3rd class - Rs.240/=
⭕ 3rd class (intercity) - Rs.650/=

❇️ ආසන වෙන් කිරීම් සහිතව

Podi manike / udarata manike / tikiri manike
⭕ 1st class (Ac) - Rs.2000/=
⭕ 2nd class - Rs.1200/=
⭕ 3rd class - Rs.900/=

Intercity express trains
⭕ 1st class - Rs.1500/=
⭕ 2nd class - Rs.1000/=

Ella odyssey / Dunhinda odyssey (Special trains)
⭕ 1st class - Rs.6000/=
⭕ 2nd class - Rs.4000/=
⭕ 3rd class - Rs.3000/=

❇️පහත link එක මගින් ගොස් ප්‍රවේශපත් වෙන්කරවා ගත හැක.

https://seatreservation.railway.gov.lk/mtktwebslr/

🔰පහල link එකෙන් ගිහින් ඔයාලට පෙරහැර ගමන් මග බලාගන්න පුළුවන්..

https://kandyesalaperahera.com/perahera-route-2024/?fbclid=IwY2xjawEmmjlleHRuA2FlbQIxMQABHV4qYTsqW1_9E2-AQTu8EQWch8swrgzKj6PsXUT3JE0_h31IOEN9H0T8VA_aem_AOps0yxTvlx4NOzwGPPHEg&sfnsn=wa

හැබැයි මතක ඇතුව කලින් ගිහින් හොඳ තැනක් බලලා වාඩිවෙන්න වෙනවා. මොකද නැත්තම් හවස 4-5 වෙනකොට පෙරහැර නිසා පාරවල් වහනවා.. දළඳා වීදිය, වැවරවුම, queens hotel එක ආසන්න තැනක් ඉන්නවනම් ඔයාලට ඉක්මනින්ම පෙරහැර බලලා ඉවර කරගන්නත් පුළුවන්. හැබැයි ඒ තැන් වල බලන්න ගොඩාක් කලින් ගිහින් ඉන්න වෙනවා.😌

🔰දළඳා පෙරහැර බලන්න යන ගමන් නුවර තව බලන්න යන්න පුලුවන් තැන් කීපයක්ම තියෙනවා. ඒවත් බලලා එන්න අමතක කරන්න එපා!

⭕Kandy view point
⭕බහිරවකන්ද විහාරය
⭕උඩවත්ත කැලේ
⭕හන්තාන සඳගිරි සෑය
⭕හන්තාන කුරුළු උයන
⭕පේරාදෙණිය මල්වත්ත
⭕නෙල්ලිගල පන්සල
⭕රණවන පන්සල
⭕අම්බුළුවාව
⭕ගඩලාදෙණිය විහාරය
⭕ලංකාතිලක විහාරය
⭕ඇම්බැක්ක දේවාලය

🔰නවාතැන් ගන්න තැනක් අවශ්‍ය නම් පහත link එකෙන් ගිහින් ඔයාට අවශ්‍ය මුදලට, හරියන විදිහට budget hotel එකක් booking දාගන්නත් පුළුවන්.

https://www.holidify.com/hotels/budget-hotels-in-kandy-2309.html

ඉතින් එහෙනම් ඔයත්, ඔයාගෙ පවුලේ අයත් එක්ක / යාලුවොත් එක්ක, ගිහින් නුවර පෙරහැරත් බලලා තව තැන් වල ඇවිදලා නුවර සිසිලස විඳගෙන සතුටු වෙලා විනෝද වෙලා එන්න.

මතක ඇතුව ඔයා යන තැන් ඒ විදිහටම පරිස්සම් කරලා එන්නත් අමතක කරන්න එපා! කුණු කසළ තැන තැන පාරේ, බිම දාන්න එපා ඒවා අදාල තැන් වලට යොමුකරලා, ගිය තැන් වල පා සටහන් පමණක් ඉතිරි කරලා එමු. අපේ දේ අපි රැකගමු. මේක අපේ රට.!😍

දළඳා සමිදු පිහිටයි!🌼

🛑සටහනේ සම්පූර්ණ අයිතිය - Mr.Dewe සතුවන අතර අනවසරයෙන් උපුටා ගැනීම තහනම්🛑

🖤🙏💫
11/08/2024

🖤🙏💫

හෙළයේ  මහා සංස්කෘතික මංගල්‍යය ආරම්භ වීමට තව හෝරා කිහිපයයි.✨මගේ රටට කන්ද උඩරට උතුම් දළඳා සමිඳු පිහිටයි! ❤️🙏🔸පළමු කුඹල් පෙ...
09/08/2024

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ආරම්භ වීමට තව හෝරා කිහිපයයි.✨
මගේ රටට කන්ද උඩරට උතුම් දළඳා සමිඳු පිහිටයි! ❤️🙏

🔸පළමු කුඹල් පෙරහැර - 2024 අගෝස්තු 10
🔸දෙවන කුඹල් පෙරහැර - 2024 අගෝස්තු 11
🔸තෙවන කුඹල් පෙරහැර - 2024 අගෝස්තු 12
🔸සිව්වන කුඹල් පෙරහැර - 2024 අගෝස්තු 13
🔸අවසන් කුඹල් පෙරහැර - 2024 අගෝස්තු 14

🔹පළමු රන්දෝලි පෙරහැර - 2024 අගෝස්තු 15
🔹දෙවන රන්දෝලි පෙරහැර - 2024 අගෝස්තු 16
🔹තෙවන රන්දෝලි පෙරහැර - 2024 අගෝස්තු 17
🔹සිව්වන රන්දෝලි පෙරහැර - 2024 අගෝස්තු 18
🔹අවසන් රන්දෝලි පෙරහැර - 2024 අගෝස්තු 19

🔰දහවල් පෙරහැර - 2024 අගෝස්තු 20

𝕜𝕒𝕟𝕕𝕪 𝕖𝕤𝕖𝕝𝕒 𝕡𝕖𝕣𝕒𝕙𝕒𝕣𝕒 |2024 🙏🌷🌼
ᵗʰᵉ ᵐᵒˢᵗ ˢᶜᵉⁿⁱᶜ ᶜᵘˡᵗᵘʳᵃˡ ᶠᵉˢᵗⁱᵛᵃˡ ⁱⁿ ˢʳⁱ ˡᵃⁿᵏᵃ 🌿🐘|🇱🇰

🅺︎ 🅰︎ 🅽︎ 🅳︎ 🆈︎ |2024



Mr.Dewe

📌 2024 කන්ද උඩරට ඇසල පෙරහැර මංගළ්‍ය සඳහා උතුම් ශ්‍රී දළඳා සමිඳුන් වැද පුදාගනිමින්, ආශිර්වාද ලබාගන්නා  සෙංකඩගල හස්තිරාජ ප...
09/08/2024

📌 2024 කන්ද උඩරට ඇසල පෙරහැර මංගළ්‍ය සඳහා උතුම් ශ්‍රී දළඳා සමිඳුන් වැද පුදාගනිමින්, ආශිර්වාද ලබාගන්නා සෙංකඩගල හස්තිරාජ පරපුරේ සද්ධන්තයින්.😍🐘🐘

📎මේ එක් රැස් කරගන්නා වූ පුණ්‍ය ශක්තියේ බල මහිමයෙන් සියලු ලෙඩ දොස් දුරු වී, දීර්ඝායු ලබා චිරාත් කාලයක් ජීවත් වීමේ වාසනාව, ශක්තිය උරුම වේවා!

📎 මතු භවයක උතුම් මිනිසත් ආත්මයක උපත් ලැබීමේ වාසනාව උදා වේවා!❤✨

𝕜𝕒𝕟𝕕𝕪 𝕖𝕤𝕖𝕝𝕒 𝕡𝕖𝕣𝕒𝕙𝕒𝕣𝕒 |2024 🙏🌷🌼
ᵗʰᵉ ᵐᵒˢᵗ ˢᶜᵉⁿⁱᶜ ᶜᵘˡᵗᵘʳᵃˡ ᶠᵉˢᵗⁱᵛᵃˡ ⁱⁿ ˢʳⁱ ˡᵃⁿᵏᵃ 🌿🐘|🇱🇰

🅺︎ 🅰︎ 🅽︎ 🅳︎ 🆈︎ |2024



Mr.Dewe

📎Simplicity is the key to brilliance ⭐📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - Kandy Sri lanka 🌀⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿__________________________...
20/07/2024

📎Simplicity is the key to brilliance ⭐

📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - Kandy Sri lanka 🌀

⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿
_____________________________



Mr.Dewe

ඔබ සැමට පින්බර පොසොන් පුරපසොළොස්වක පොහෝ දිනයක් වේවා! 🌕🙏✨      21/June/2024 🗓️Mr.Dewe
21/06/2024

ඔබ සැමට පින්බර පොසොන් පුරපසොළොස්වක පොහෝ දිනයක් වේවා! 🌕🙏✨



21/June/2024 🗓️

Mr.Dewe

01/06/2024

එක මල් වාරෙක නුඹ එක්ක යන්නම ඕනි ගමනක්..🖤
#ඉදල්ගස්හින්න

📎 ️දිව්‍යලෝකයට නොදෙවෙනි ඉදල්ගස්හින්න ⭐📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑰𝒅𝒂𝒍𝒈𝒂𝒔𝒉𝒊𝒏𝒏𝒂 𝑹𝒂𝒊𝒍𝒘𝒂𝒚 𝑺𝒕𝒂𝒕𝒊𝒐𝒏 🚂🌲⛰️⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿__________...
17/05/2024

📎 ️දිව්‍යලෝකයට නොදෙවෙනි ඉදල්ගස්හින්න ⭐
📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑰𝒅𝒂𝒍𝒈𝒂𝒔𝒉𝒊𝒏𝒏𝒂 𝑹𝒂𝒊𝒍𝒘𝒂𝒚 𝑺𝒕𝒂𝒕𝒊𝒐𝒏 🚂🌲⛰️

⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿
_____________________________

ඌව පලාතෙ බදුල්ල දිස්ත්‍රික්කය තුල, ඔහිය සහ හපුතෙලේ දුම්රිය ස්ථාන දෙක අතරමැද පිහිටා ඇති ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ හිත්පිත් පිණවන උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි තවත් එක් සුන්දර දුම්රිය ස්ථානයකි..

වර්ෂ 1893 දී උඩරට දුම්රිය මාර්ගය නානුඔය සිට හපුතලේ දක්වා දීර්ඝ කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඉදි වූ මෙම දුම්රිය ස්ථානය ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට 68 වන ස්ථානයට පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට උසින් වැඩිම දුම්රිය ස්ථාන අතරින් 5 වන සථානය දරන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5299 ක් (1615m) උසින් පිහිටමින්..

දවසේ වැඩිපුර කාලයක් මීදුම් පතිත වී තිබීමත්, කඳුකර ප්‍රදේශයේ තුරුලතා අතරින් විහිදුණු සුන්දර පරිසරයක ඉතා අලංකාරව ඉදිකර තිබීමත් ආදී කරුණු නිසා දේශීය හා විදේශීය සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධියට පත් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විශේෂත්වය වන්නේ එහි වහල මත පතිත වන වැසි වතුර එක් අන්තයකින් මහවැලි ඟගටත් අනෙක් අන්තයෙන් වලවේ ඟගටත් එකතු වීමයි.



16/ May /2024 🗓️

Mr.Dewe

Enjoy the moment before they become memories, Because in life there are no rewinds..📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - Nillamba kalugamuwa Sri...
25/04/2024

Enjoy the moment before they become memories, Because in life there are no rewinds..

📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - Nillamba kalugamuwa Sri lanka 🌀

⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿
_____________________________



Mr.Dewe

රොබරෝසියන් මලින් හැඩවුණු මහනුවර 🌼🌺🏵️
23/04/2024

රොබරෝසියන් මලින් හැඩවුණු මහනුවර 🌼🌺🏵️

ලොකු ලොකු හීන,ආසාවල් නෑ..2070 වෙනකම් ඉන්න තිබුණනම් ඇති😁.එදාට ලංකාවේ වෙරළ තීර‍යත් මේ විදිහට බලාගන්න පුළුවන් වෙයි🥺😍📸 image...
10/04/2024

ලොකු ලොකු හීන,ආසාවල් නෑ..
2070 වෙනකම් ඉන්න තිබුණනම් ඇති😁.
එදාට ලංකාවේ වෙරළ තීර‍යත් මේ විදිහට බලාගන්න පුළුවන් වෙයි🥺😍

📸 images credits goes to respective owner


29/01/2024
Attractive evening! 😍📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑯𝒊𝒚𝒂𝒓𝒂𝒑𝒊𝒕𝒊𝒚𝒂 𝒗𝒊𝒍𝒍𝒂𝒈𝒆 𝑲𝒂𝒏𝒅𝒚 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂🌀⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿_______________________...
29/01/2024

Attractive evening! 😍

📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑯𝒊𝒚𝒂𝒓𝒂𝒑𝒊𝒕𝒊𝒚𝒂 𝒗𝒊𝒍𝒍𝒂𝒈𝒆 𝑲𝒂𝒏𝒅𝒚 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂🌀

⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿
_____________________________



Mr.Dewe

26/01/2024

වෙනස්ම විදිහේ රසයක් තියෙන, හිතට දැනෙන ලස්සන අලුත් ගීතයක් 😍

♥️Araparissam Premaya♥️
♥️(අරපරිස්සම් ප්‍රේමය)♥️

Artist | Suranjan Mahesh
Lyrics | Indra Fernando
Music | Nalaka Anjana Kumara
Lyrics Video | Madawa Wickramasinghe (Manwee Creations)

RELEASED NOW
👇🏻 👇🏻 👇🏻 👇🏻

https://youtu.be/aA69U57b5Fk?si=YrnoFh3EjTO4rqZK

Suranjan Mahesh

ආසම දේවල් ආසම විදිහට ඉදිරියට..😍🌿✨📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑲𝒂𝒏𝒅𝒚 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂🌀⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿_____________________________   ...
07/01/2024

ආසම දේවල් ආසම විදිහට ඉදිරියට..😍🌿✨

📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑲𝒂𝒏𝒅𝒚 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂🌀

⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿
_____________________________



Mr.Dewe

ලැබුවාවූ අලුත් අවුරුද්දඔයාගෙ හිතේ තියෙන හැම හීනයක්ම ඉටුවෙන නැවුම් වසරක් වේවා.!❤️  Mr.Dewe
31/12/2023

ලැබුවාවූ අලුත් අවුරුද්ද
ඔයාගෙ හිතේ තියෙන හැම හීනයක්ම ඉටුවෙන
නැවුම් වසරක් වේවා.!❤️

Mr.Dewe

සීමාවෙ න් එපිට සොබාදහම විඳීමට අසීමිතව පරිසරයට ආදරය කරන්න! 🕊️🖤✨📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑲𝒏𝒖𝒄𝒌𝒍𝒆𝒔 𝒓𝒆𝒔𝒆𝒓𝒗𝒆𝒔 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂🌀⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸...
30/12/2023

සීමාවෙ න් එපිට සොබාදහම විඳීමට අසීමිතව පරිසරයට ආදරය කරන්න! 🕊️🖤✨

📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑲𝒏𝒖𝒄𝒌𝒍𝒆𝒔 𝒓𝒆𝒔𝒆𝒓𝒗𝒆𝒔 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂🌀

⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿
_____________________________



Mr.Dewe

වැස්ස ☔️  කෝපී☕️  පොත් 📚 සිංදු 🎧දුර ගමනක්..🍃🚗කියන්නෙ මාරම ආස feeling එකක්..! ♥️😍°°(Copied) _ Mr.Dewe
28/12/2023

වැස්ස ☔️ කෝපී☕️ පොත් 📚 සිංදු 🎧
දුර ගමනක්..🍃🚗
කියන්නෙ මාරම ආස feeling එකක්..! ♥️😍
°
°
(Copied) _ Mr.Dewe

නුඹව නොවටින මිනිස්සුන්ට නුඹව අහිමි විය යුතුමයි!🖤✨📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑷𝑰𝒕𝒂𝒘𝒂𝒍𝒂𝒑𝒂𝒕𝒉𝒂𝒏𝒂 𝑹𝒊𝒗𝒆𝒓𝒔𝒕𝒐𝒏 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂🌀⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || ...
27/12/2023

නුඹව නොවටින මිනිස්සුන්ට
නුඹව අහිමි විය යුතුමයි!🖤✨

📌 𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 - 𝑷𝑰𝒕𝒂𝒘𝒂𝒍𝒂𝒑𝒂𝒕𝒉𝒂𝒏𝒂 𝑹𝒊𝒗𝒆𝒓𝒔𝒕𝒐𝒏 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂🌀

⭕ 𝗩𝗶𝘀𝗶𝘁 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗮𝗸𝗮 || 🇱🇰 🌿
_____________________________



Mr.Dewe

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Mr.Dewe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share