19/08/2021
සොච්චම් තුලින් බච්චන් කරා ගිය යොහානි
ඔබ අපේ රටේ කාන්තාවක්නම්, ඔබ කැමති කුමන හෝ ශේත්‍රයක් තුලින් තමන් තුල ඇති හැකියාව උපයෝගී කරගෙන අලුත් යමක් ඉදිරිපත් කරන්න ඉඩක් ලැබුනොත් කිසිම වෙලාවක ඔබ දෙස බලා සිටින සමාජයෙන් ඔබ කරන දේ ගැන අගය කිරීම්, ඔබව ශක්තිමත් කිරීම්, ඔබට සහයෝගය දැක්වීම් වැනි දේ බලාපොරොත්තු වෙන්න එපා. ඔබ බලාපොරොත්තු වෙන්න ඔබව විවේචනය කිරීම්, ඔබව පහතට දැමීම් වගේ ඔබව මානසිකව පීඩනකට පත්කරන කාරනා ටිකක්. ඔබට කොහොමත් වැඩිපුර ලැබෙන්නෙ මේ අන්තිමට කිව්ව කාරනා. මේකට හේතුව වෙන්නෙ ලංකාවේ අලුත් වෙනස් දෙයක් ඉදිරිපත් කරාම අපේ සමාජය ඒක බාරගන්න කැමති වෙන් නෑ. ඒකට ඉඩක් දෙන් නෑ. පුලුවන් තරම් හැමදාම දකින සාම්ප්‍රදායික දේවල් අල්ලගෙන ඉන්න එක තමා අපේ හැටි. මේක තමා ඔබට තියන ලොකුම බාධකය. ඒත් ඔබ මේක කඩාගෙන එලියට ගියොත් ඔබ සාර්තක වෙන එක නවත්තන්න බෑ. කොහොමද මේක කරන්න ඕනෙ? ඒක ගොඩක් ලේසියි.
ඔබව පීඩනයට ලක් කරන, ඔබව පහතට ඇදල දාන හැම අවස්තාවකම ඔබ ඔබේ හැකියාව වැඩි දියුනු කරගන්න, තව තවත් ඔබ කෙරෙහි විශ්වාසය තබා ගන්න. ඔබට ඉදිරියට යා හැකි මාර්ග පිලිබදව දිගටම අවදානය යොමුකරන්න. ඔබ සරලවම කරන්නෙ ඔබෙ පීඩනය ශක්තියක් බවට පරිවර්තනය කරන එක. ඔබව අගය කිරීමෙන් ඔබට ලැබෙන ශක්තියට වඩා විශාල ශක්තියක් ඔබව විවේචනය කිරීමෙන් මානසිකව පහත් කිරීමෙන් ඔබට ලබාගන්න පුලුවන්. මෙයට හොදම උදාහරණයක් විදිහට යොහානි ව ගන්න පුලුවන්.
යොහානි කලා ශේත්‍රයට එනකොටම කිසිම කෙනෙක් හොදක් කිව්වෙ නෑ. යොහානි ඇදපු ඇදුමේ ඉදන් යොහානි සින්දු කියන පිච් එකට යනකන් මිනිස්සු කරේ බැනපු එක. මේ දේවල් යොහානිව පීඩනයකට පත් කරන්න ඇති හැබැයි මේ කිසිදෙයක් ගනන් ගන් නැතුව එක අඩියක් වත් පස්සට ගන් නැතුව තමන්ගේ ගමන විශ්වාසයෙන් ගිය නිසා යොහානිට පුලුවන් වුනා අර පීඩනය විශාල ශක්තියක් කරගන්නට. දැන් යොහානි ලංකාවෙ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් ජනප්‍රියයි. ඉන්දියානු සිනමාවේ පතාක යෝධයෙක් වන අමිතාබ් බච්චන් පවා යොහානි තමන්ගේ ආරයෙන් නැවත ගයපු ගීතයක් නොනවත්වා රසවිදින බවට සමාජ මාධ්‍ය තුලින් ප්‍රකාශ කරා. යොහානිට ආපු සොච්චම් යොහානිව බච්චන් කරා අරන් ගිහින්.
ඉතින් ඔබ සමාජයෙන් ඔබට ලැබුන පීඩනය නිසා අතරමග නැවතිලානම් දැන්ම නැගිටින්න. ඔබේ නොන්වතින ගමනක ආරම්භයට සූදානම් වන්න.