ඉතින්

ඉතින් ඉතින් is the first digital facebook magazine and the most attractive Magazine in this digital era. Ithin.., A Registered Publisher.

Address

166/C
Ganemulla
11020

Telephone

+94761523419

Website

e

Alerts

Be the first to know and let us send you an email when ඉතින් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ඉතින්:

Share

ඉතින් කියලා පටන් ගත්තොත් ඉවර වෙන්නේ කොතනින්ද..?

මිනිසුන් දැන් මඟතොට ගැවසෙන්නේ නැත.. එනිසා අපි මිනිසුන් සොයා ආමු.. දන්න හඳුනන නාඳුනන බොහොමයක් ඇත්තෝ කමින් බොමින් වෙසෙමින් ප්‍රීති වෙමින් සිටිනා අවකාශය ඇත්තේ මෙතැනය.. එය මුහුණු පොතය.. එබැවින් එතැනින් අපි පටන් ගතිමු..! උස් ගොඩනැඟිලි, අපිළිවෙල මේස පුටු, අච්චු යන්ත්‍ර, තීන්ත කරදාසි, ලොකු ලොරි අපට නැත.. නමුත් පත්තරයක් ඇත.. ඒවාගේ අකුරු ඇත.. අකුරු ගෙන වචනත් වාක්‍යත් සාදා ඇත.. ඒවා සාදන්නන්ට නෑකම් බෙදා දී ඇත.. එතැනින් ඇරඹෙන ගමනට අරමුණක් ඇත.. එවැවින් පෙරළෙන පිට ට හොඳ නොකියනු ඇත.. 'ඉතින්' මාගේ මනැසේ උපදින්නේ කලකට පෙරය.. එතැන් පටන් එය බොහෝ දෙනෙකුගේ අත ඒ මේ ⁣පනිමින් හැදී වැඩුණි.. මේ මොහොතේද එහි ඉති රිකිලි තැන තැන වැඩෙමින් පවතී.. දැන් මෙය මගේ මළදානයක් නොව අපේ මඟුලකි.. මේ මඟුල අපි දිගට, ජයට, සැරට කන බව පමණක් ⁣දනිමු.. මඟුල් කන්නෝ එක් පෙළකි.. පෝරු හදන්නෝ තව පෙළකි.. උනුත් මුනුත් කවුරුත් සුවඳය.. එනිසා නම් නොවැදගත්ය.. 'ඉතින්' තරමටම වැදගත්ය.. එතැන හාදුත් ආදරයත් තබා ඇත.. කේ. සංජීව, නේෂද රත්නායක, සඳුනිකා රත්නායක, තීක්ෂණ විජේසිංහ, සුපුන් රත්නායක, ගයාන් අබේසිංහ, ⁣යෞවන සමීන්ද්‍ර රත්නායක, රජිත බස්නායක, කැලුම් වැලිගම, සමීර දයාරත්න, ගයාරා වාහලතන්ත්‍රි සමඟින් තවත් ⁣බොහෝ පිරිසක් ඉතින් වෙත ලියන්නෝය.. උන් නළියන්නෝය.. සමහරෙක්ට මා බලහත්කාරකම් පොවා ලියන්නට ඇරයුම් කර ඇත.. තවත් සමහරෙක් මා හට තග දමා පිටු පිටින් ලියා දෙන්නට ගිවිස ගෙන ඇත.. මේ කෝකෙත් තෛලය හොඳය.. ඉතින්; ඉඳකින් නොදෝමකින් නොවන්නේ එසේය..! මේ කාගේත් කෙරුවාවත් හෙළි වෙන්නට මහා කාලයක් නැත.. එය අප්‍රේල් පස් වෙනිදායින් ඇරඹේ.. ඉතින්.., එදාට එළි වෙන කොට මුහුණු පොතෙන් කියැවිය හැක.. එදාට කියවන කලාපය අදම වෙන් කරවාගන්න.. පත්තරයක මිල ලයික් එකයි..! සංස්කාරක - මන්රුචි සිරිවර්ධන © ඉතින්

Nearby media companies


Other Ganemulla media companies

Show All