නිවාගන්න නම් සිත
යායුත්තේ ස්වභා දහම තුලට
දුක් වේදනා මකන
වෙන ඔසුවක් නෑ
සුන්දර පරිසරය මිසක..
....ඉන්දිකා....
කොච්චර ගියත්
ආයෙත් යන්න හිතෙන
කොයි තරම් දැක්කත් හැමදාම
අලුතින් පෙනෙන
කැළඹුන සිතින් ගියත්
නිවුනු සිතින් එන්න හැකිවෙන
අරුම නගරය නුවර
...ඉන්දිකා ......
නොමිලේ ම සොබා දහමින් තිළිණ වූ
සුන්දර හැකියාව තවකෙකුගේ හිත සුව පිණිස යොදවන්නා සැබෑම කලාකරුවෙකි.
කීර්ති පැක්සුවෙල්❤️
ස්වභා දහමේ හඬට කන් දෙන්න!
එය මහිමයෙන් පූර්ණ ය.
ජීවිත කාලයක් කැපකර මිනිසා විසින් නිර්මාණය කරගත්, රැස්කරගත්, ගොඩනගා ගත් සියල්ල සෙල්ලම් බඩු පමණයි ස්වභා දහමට. නිහතමානී විය යුත්තේ ඒ නිසයි නිරතුරුව
....ඉන්දිකා ....
ලතැවි ලතැවී අත හරිනු බැරිව
බැඳි බැඳී සසර දිගට
අම්මා යනවා දරුවන් සමග....
....ඉන්දිකා ...
තරග නොකර තරග කිරීමේ සහ
තරගය විඳීමේ කලාව මේ පුංව් දුවගෙන් ඉගෙන ගනිමු
ඇස නළවන සිත සනසන
කොළ පැහැය අතරින්
ගමන සුන්දර ය.....
ගන්න ගිහාම ගොං ආතල්
යන්න වෙන්නෙ හොම්බෙං
මේ ගම්පහ ගණේමුල්ලේ පාසැලක යි.
මහා විශාල ගස් රජුන් ප්රාණය නිරුද්ධ වී
බිම ඇද වැටෙද්දී සිදී යන්නේ මතු දූ පුතුන්ගේ
ජීවය යි. හුස්මයි. තවත් වසර ගනනාවකින් මෙලොව හිඟම දේ වන්නේ ජලය යි. පණ මෙන් ගස් වැල් සුරැකීමේ ආදර්ශය පලමුවෙන්ම සැපයිය යුත්තේ පාසල් තුලිනුයි.
චන්ඩ මද්දහන් වල තමන්ට සෙවණ දුන්, අතුවල නැග තමන්ට ඉදගෙන සිටීමට ආසන සපයා දුන් මේ මහා ගස් බිමට වැටෙද්දී ළමයි දුක් වූ තරම් මම මගේ ඇස් දෙකෙන් දුටුවෙමි. මේ දරුවන්ට වැරදි පූර්වා දර්ශයකි. දරුවන් ගහ කොළට ආදරේ කරයි
නමුත් පාසල තුලින්ම ඔවුන් දකින්නේ වන විනාශය යි.
සංවර්ධනය සිදු විය යුතුයි නමුත් ඒ පරිසර හිතකාමී ලෙසයි. එසේ නොවුන හොත් එය මාළුවන් තමන් ජීවත් වන ජලය විනාශ කරමින් සිටිනවාක් මෙනි.
සංවර්ධනය කරන්නට ලෝකය සහ මිනිසුන් ඉතිරි නොවනු ඇත.....ඉන්දිකා ....
එදා අප කුඩා දරුවන් දවස තරුණ ප්රියා සූරියසේනයන්ගේ හඬ නිරතුරුව ගුවන් විදුලියෙන් ඇසුනි. අද අපේ තරුණ දූ දරුවන්ගේ රියැලිටි වේදිකා වලත් ඒ හඬ ඇසේ. දශක ගනනාවක් තිස්සේ පරන්පරා ගනනාවක් ගීතවත් කරන්නට සමත් ඔහු මෙන්ම අමරදේව ,නන්දා මාලනී, වික්ටර් රත්නායක , එච්. ආර්. ජෝතිපාල , ඇන්ජලින් ගුණතිලක,මොහිදීන් බෙග් වැනි ගායකයින් නැවත කිසි දින මේ ශ්රී ලංකාව තුල බිහි නොවේ. අද පදුරකට ගැහුවත් ගායකයින් දහ පහලොවක් විසිවේ. කාලෙ වෙනස් ය තාලෙ වෙනස් ය.
ඉතින් ප්රියාසූරියසේනයන්ලාට උපහාර පිදිය යුත්තේ ජීවත්ව සිටිද්දීමය. ඔවුන් ඒ සදහා
සුදුසු ය. එතුමා ට දීර්ඝායු පතමි.
....ඉන්දිකා වේවැල්පනාව...
මට ඩිප්රෙෂන් කතා කරන්න කවුරුත් නෑ
පුළුවන් නම් මාත් එක්ක වචනයක්
කතා කරලා යන්න
දෙපා වාරු තිබෙන තුරු
දෑස් පෙනෙනා තුරු
අවසන් හුස්ම පොද වාතලයට මුසුවන තුරු
දරුවන් රකින අම්මා...
නොගැලපීම් ගලපගෙන
යන ගමන තමයි
ලස්සන ම....