Lanka Prime News

Lanka Prime News Media/News Company

⭕ බම්බලපිටිය Greenware Premium මෙන්න මේකෙන් phones , Laptop කිසිදෙයක් ගන්න එපා......මම පෙබරවාරි 10 මෙයාලගෙන් Lenovo Loq ...
14/07/2024

⭕ බම්බලපිටිය Greenware Premium මෙන්න මේකෙන් phones , Laptop කිසිදෙයක් ගන්න එපා......

මම පෙබරවාරි 10 මෙයාලගෙන් Lenovo Loq 15 Laptop එකක් ගත්තා රු. 240 000 දීලා අවුරුද්දක company warranty එක්ක.

🛑 මැයි 29 Display එකේ lines ආපු නිසා company warranty දාන්න කියලා full box , bill එක්කම අරගෙන ගියා. ගියාට පස්සේ " bill box ඕන නැ අපි company දානවා මාසයක් දෙන්න කිව්වා " මම, භාරගත්තා කියලා රිසිට් පතක් ඉල්ලුවා ඒ දුන්නෙත් නැ. 🥱

මම ජුනි 29 call එකක් දීලා විස්තර ඇහුව laptop eka ගැන. තව සතියක් යනවා කිව්වා.

ජුලි 3 මට whatsapp මැසේජ් එකක් එවනවා " සර් ලැප් එක හදලා තියෙන්නේ අරන් යන්න කියලා. " මම කිව්ව හරි මම එන්නම් කියලා. 🤣ඊට පස්සෙ මට කිව්වා සර් ලැප් එකට ගැලපෙන display මෙහෙ නැ අපි දාපුවා ගැලපෙන්නේ නැ කියලා
( ඒ කියන්නෙ 144hz display එකක තීන laptop එකට 120hz එකක් දාල දෙන්න හැදුවේ කියලා එයාලා කිව්වා. ඒ කියන්නෙ company warranty දාලත් නැ )

ඊට පස්සෙ ජූලි 4 call එකක් දීලා කිව්ව සර් lap එක හදලා තියෙන්නෙ අරන් යන්න කියලා.🤣🤣 මම ඉතින් ජුලි 6 ගියා. එතකොට කිව්වා තාම හදලා නැ තව සතියක් ඕන කියල🥴 . මම ඇහුවා මොකටද එන්න කිව්වෙ කියලා. මට කියනව දාන display හරියන්නෙ නෑලු. මම ඇහුවා company දැම්මනම් කෝමද ගැලපෙන්නෙ නැති ඒවා දාන්නෙ කියලා. ඒවට උත්තර නෑ .

පස්සේ මන් කෑ ගහනකොට තව දස් 3 කින් දෙන්නම් කිව්වා. රවටන්න හදපු නිසා බනිනකොට ආයේ කිව්වා විනාඩි 45 දෙන්නම් ලු. 😂

බොරුවක් කරන්නෙ කියල තේරුන නිසා බම්බලපිටිය පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාලා එයාල එතනට ගෙන්නුවා. එතනදි කිව්ව මේ සෙනසුරාදා ( ජුලි 13) දුන්නෙ නැතොත් ආයේ රු.240 000 දෙනවා කිව්වා. ඒපාර පාරිභෝගික අධිකාරියට පැමිනිල්ලකුත් දැම්මා.

පස්සෙ බොරුවක් කරේ කියලා පිලිගත්තා 😂😂

ඒපාර මට කියනවා box එක ගේන්නලු company යවන්න 🤣🤣🤣

ජූලි 13 ගිය ඒ හදලත් නැ. මම සල්ලි දෙනකම් යන්නෙ නැ කිව්වා. 😌ඒ පාර කිව්ව රු.180 000 දෙන්නම් නැත්තම් වෙන අපි දෙන ලැප් එක අරන් යන්න කියලා. මන් ඇහුවා මාස 2 ට රු. 60 000 ගන්නෙ කෑලි ගලවල තිද කියලා.

කෑ ගහනකොට රු. 200 000 කිව්වා. ඒපාර මන් ආයෙ පොලීසියට ගියාම කිව්වා මේක මෙහෙම විසදෙන්නෙ නැත්තම් නඩු කියන්න වෙයි කියලා.

මට වෙලාවක් නැති නිසා මන් කිව්වා නැ මට රු.220 000 දෙන්න කියලා. ඒ පාර 210 000 අන්තිම දෙන්නම් කියලා පොරොන්දු උනා. මන් ඒපර හරි ඒක හරි දෙන්න කියලා බොහොම අමාරුවෙන් දවස් ගානක් කට්ට කාල ගත්තා.
මම උදේ 10 shop එකට ගියේ සල්ලි දුන්නේ 5 ට එතකන් දුන්නේ නැ බල්ලො ටික.

අන්තිමට box එක ඉල්ලන් පස්සෙන් ආව.ඒක දුන්නෙ නැතොත් පොලිසි යනො කිව්වා. මන් හා කියල ඒක dustbin දාල ගෙදර ආවා 😂💗

⭕⭕ මේ වගේ උන්ගෙන් නම් කිසිම දෙයක් ගන්න එපා. මුන්ගෙ බොස් මට කිව්වා සල්ලි දෙන්නෙත් නැ ලැප් එක දෙන්නෙ ත් නැ කියලා. ඒ වගේ ජරාම බල්ලො.

💗 බම්බලලපිටියේ පොලිසියේ මහත්වරු ටිකට මට වුන දේ තේරුන නිසා මට කොහොම හරි සල්ලි අරන් දුන්නා .

තව කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින් කියන්නේ ⭕

22/05/2024

විනාඩි තුනක් අරගෙන මේ කතාව අහන්න. ඊට පස්සේ ඔබ දන්න ජාතික ජන බලවේගයේ එකෙකුට මේක යවන්න. යවලා අහන්න අහිංසක තාත්තලා දසදහස් ගණනක් මැරුවා මදිවට ඒ මරපු තාත්තලාගේ දරුවන්ට “උඹේ තාත්තා ස්ත්‍රී දූෂකයෙක්, කසිප්පුකාරයෙක්, හොරෙක්” කියලා හිනා වෙවී කියන වනචර අසංවේදී සාහසික පක්ෂයකට කඩේ යන්න උඹට ලැජ්ජාවක් නැද්ද? කියලා.

බලන්න මේකේ අන්තිමට එහෙම මරපු තාත්තා කෙනෙකුගේ පුතෙකුගේ මුහුණ. බලන්න ඒ දුක. බලන්න ඒ වේදනාව. එහෙම මහා අසාධාරණයකට ලක් වුණු දරුවෙකු ඉස්සරහා “අපි මරපු උඹේ තාත්තා ස්ත්‍රී දූෂකයෙක්, කසිප්පුකාරයෙක්, හොරෙක් කියලා ඒ මරපු උන්ම බොරුවට අපහාස කරන කොට දැනෙන වේදනාව ගැන හිතන්න. ඒ ඔබ වුණා නම්? ඔබත් තාත්තා කෙනෙක් නම් ඔබේ දරුවට මෙහෙම වුණා නම් ඔබේ දරුවට දැනෙන වේදනාව ගැන හිතන්න.

NPP කියලා නම වෙනස් කරගෙන එන JVP පාපතරයන්ට වචනයකින් හරි සහාය දෙන්න එපා. උන් තමයි මේ රට විනාශ කළේ. ඒ කාලකන්නි දුෂ්ටයන්ට එරෙහිව කතා කරපු මිනිහා වෙනුවෙන් කතා කරපල්ලා. දසදහස් ගණනක් මරා දැමුණු අහිංසක තාත්තලාගේ දුවලා පුතාලා වෙනුවෙන් කතා කරපල්ලා. නිකම් බොරු මහත්තුරු වගේ නොසිට අසාධාරණය වෙනුවෙන් ඒක වචනයක් හරි කියපල්ලා. නැත්නම් මොකටද උඹලගේ ඔය මනුස්ස ජීවිතය!

ජවිපෙ අලුත් නායකයාඅර්බුදය දැන් ඉතා දරුණු අතට හැරී තිබේ. වසර හැටක් තිස්සේ අනුරාගිකව මාක්ස්වාදය ආරක්ෂා කරගෙන සිටි පැරණි ජන...
22/05/2024

ජවිපෙ අලුත් නායකයා

අර්බුදය දැන් ඉතා දරුණු අතට හැරී තිබේ. වසර හැටක් තිස්සේ අනුරාගිකව මාක්ස්වාදය ආරක්ෂා කරගෙන සිටි පැරණි ජනතා විමුක්ති පෙරමුණ සහෝදරවරුන් පරයා අමරසූරිය වලව්වේ රෝස පාට ඩේටා සයන්ටිස්ට් බූරුෂුවා ප්‍රභූ ජාතික ජන බලවේගය දැන් ජනප්‍රියවාදයේ ඉහළම අත්තට නැග සිටී. ජාජබයට එකතුව සිටින මධ්‍යම පාන්තික සුචරිත සූචක පැරණි වියත්මග පැනික් බයියන්ට නලින් හේවගේ වැන්නවුන් පෙනෙන්නේ පහළ කුණු ගොඩේ සිටින ශිෂ්ටාචාරවත් නොවුණු වාචාල නරපණුවන් ලෙසට ය.

88-89 ජවිපෙ විසින් ඝාතනය කළේ ස්ත්‍රී දූෂකයන්, කසිප්පුකාරයන්, හොරුන් යනුවෙන් ජවිපෙ අභ්‍යන්තරයේ නිර්මාණය කරගෙත තිබූ ඔවුන්ගේම ආත්ම වංචාව ප්‍රසිද්ධ මාධ්‍යයේ කටින් පිට වූ වරදට හේවගේ සහෝදරයා ජාතික ජන බලවේගයේ මැයි දින රැස්වීම් හතරෙන්ම අනුකම්පා විරහිතව කපා දැම්මේ ය. වෙනදාට ජවිපෙ මැයි රැළියේ අනිවාර්යෙන් ඉන්නා මාක්ස් සහෝදරයා, එංගල්ස් සහෝදරයා, ලෙනින් සහෝදරයා සහ විජේවීර සහෝදරයා පවා මෙවර වේදිකාවෙන් අහෝසි වී යද්දී ඔබ වැනි පොඩි එකෙකුගේ පස්සා පැත්තට ධනේශ්වර බූට් පහර සැරට වැදීම පුදුමයක් නොවෙයි, නලින් සහෝදරයා!

ඊයේ දෙරණට ලොකු නයෙක් ඇවිත් ය කියා ජනයා බෙරිහන් දෙනු ඇසුණෙන් ගොස් බැලූ කල උන්නේ යෞවනයේ පොපියන චමත්කාරය NPP රෝස කැකුළ අනුර කුමාර දිසානායක මැතිතුමා ය. ඔහු ඊයේ එම වැඩසටහන තුළ JVP සහෝදරයන්ව අමු අමුවේ පාවා දුන්නේ ය. අනුර ඔයා 360 ට ගියාට වැඩිය හොඳයි නොගිහින් හිටියා නම්. හිරු බලයේ නලින් හේවගේට වඩා සිය ගුණයක මෝඩකමක් ඊයේ අනුර කරගත්තේ ය.

අනුර එන තෙක් පැයක් කතා කරන්න බලාගෙන හිටිය ලාල්ට තරු පෙනුණේ මහින්දගේ අධිවේගයේ මාතර සිට කොළඹට පැයෙන් පැමිණි අනුර දුටු විටය. කෙසේ වෙතත් මැයි රැළියේ ලාල් කාන්ත ඉතා බරපතල ප්‍රකාශයක් කළේ ය. එනම් ඔවුන් බලයට පැමිණි විට ලංකාවේ ප්‍රභූන්ට විශේෂත්වයක් දක්වන වත්මන් අධිකරණ පද්ධතිය වෙනුවට යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ බලය ගමේ වැසියන්ට දෙන බවට ඔහු යටි ගිරියෙන් කෑ ගසා පොරොන්දු විය. දිලිත්ගේ දෙරණේ ගෝලයා ඒ නාඩිය හරියටම අල්ලා අනුරගෙන් ඒ ගැන ඇසුවේ ය. අනුර කළේ මහා කැත වැඩකි. ඔහු ලාල් කාන්ත මෝඩයෙකුට දාන්න හැදුවේ ය. පළමුව ඔහු සුපුරුදු පරිදි ඒ කියන්නේ “සමථ මණ්ඩලය” ගැනය කියමින් නිවේදකයා ගොනාට අන්දන්නට හැදුවේ ය. නමුත් චතුර අල්විස්ට වඩා තාර්කික අලුත් නිවේදකයා “සමථ මණ්ඩලයට අධිකරණ බලයක් නැහැනේ මන්ත්‍රීතුමා” යැයි කියා කී විට අනුර අනුකම්පා සහගත ලෙස අසරණ විය. බොක්ක දොට්ට පනින්න මෙන් ඔහු පුටුවේ ඒ මේ අත ඇඹරෙන ආකාරය දුටු විට මට හිතුණේ සැබැවින්ම ඔහුට වඩා ලාල් කාන්ත ශක්තිමත් නායකයෙකු බවයි.

අනුරට කියන්න තිබුණේ එක්කෝ “ඔව්, අපි දෙනවා තමයි” කියා ය. ජවිපෙ ප්‍රතිපත්තිය එයයි. බලය ලද සැනින් කිසිදු අවස්ථාවක් නොදී ප්‍රතිවාදියා සමුලඝාතනය කිරීම මාක්ස්වාදී න්‍යායයි. ලාල් කාන්ත එළිපිටම බය නැතුව “ඔව් අපි මැරුවා තමයි. අපිට බලය ලැබුනම අපි බලය පාවිච්චි කරනවා තමයි. බලය තියෙන්නේ ඒකට තමයි” කියා අවංකව ජේවීපීකාරයෙකු මෙන් කතා කරයි. නමුත් දැන් කාලයක් තිස්සේ මිලෙන් අධිකම බ්‍රෑන්ඩඩ් කලිසම් ෂර්ට් සූට් බූට් ඇඳ ෆස්ට් ක්ලාස් එකේ රට රටවල සංචාරය කර ආතල් ගන්නා අනුරට එසේ කිව නොහැකි ය. ලාල් කාන්ත තවමත් උඩ බොත්තම නැති පරණ චෙක් කමිසයක් ඇඳගෙන කාන්තාවන් ඉදිරියේ හරිනි බේබිව විළියෙන් කුපිත කරවන ස්ත්‍රීවාදී විහිළු කළාට අනුරට දැන් එසේ කළ නොහැකි ය. අනුර දැන් ප්‍රභූ පන්තියේ මහත්තයෙකි. රට රටවල සුදු තානාපතිවරුන් සමග හැඳි ගෑරුප්පුවෙන් කන බොන වැදගත් ලොක්කෙකි. එබැවින් ලාල් සහෝදරයාගේ කතාව අනුමත කිරීමට අනුරට ලැජ්ජාවක් ඇති වීම සාධාරණය.

නොඑසේ නම් කෙලින්ම කියන්න තිබුණේ “නැහැ, ලාල් කාන්ත සහෝදරයා වැරදියි.” කියා ය. අඩුම ගානේ එහෙම කීවා නම් අනුරගේ නායකත්වය පීචං වෙන්නේ නැත. නමුත් ඔහු හත්පොළේ ගාගෙන අවසානයේ “ලාල් සහෝදරයා කියපු වචනයෙන් ගම්‍ය වන දෙය නෙවෙයි අදහස් කළේ…” කියා රට්ටු හිනස්සවන ජාතියේ බ්ලාවක් කීවේ ය. ඉතින් බම් අනුර ඒකට තමයි “බොරු කියනවා” කියන්නේ කියා බුකියේ කොල්ලො කියන්නට විය… මෙය අනිවාර්යෙන්ම මීම් එකක් වෙනු ඇත. ඊළඟට ඔබ කියූ දෙයක් වැරදුණොත් ඔබට අනුරගේ විහිළු කතාව කිව හැකිය: “මම කියූ වචනයෙන් ගම්‍ය වෙන දෙය නෙවෙයි මා අදහස් කළේ…” බුහාහාහා.

නමුත් ඒ සියල්ලට වඩා කැතම වැඩේ අනුර තමන්ගේ දේශපාලන මණ්ඩලයම එකට තියා පාවා දී නෝන්ඩි කිරීමයි. “අපි මේවා එකට වාඩි වෙලා කතා කරලා ගන්න තීරණ” කියා ටිල්වින්, හඳුන්, ලාල්, නලින්ද ඇතුළු ජවිපෙ දේශපාලන මණ්ඩලය දෙකේ කොළයට දැම්මේ “එහෙම කතා කරලා මේවට ඇවිල්ලා උන් අපේ රෙදි ගලවනවා” කියා නොකියා කියමිනි. එය තනිකරම තමන් ගැලවීමකි. ඉහත සියල්ලටම වඩා ජවිපෙ අර්බුදය පෙන්වන අවස්ථාව එයයි. අනුර යනු දැන් ජාජබ නායකයා ය. ජවිපෙ අලුත් නායකයා ලාල් කාන්ත ය. දිස් ඉස් පොලිටික්ස්.

ඔබ ඔබේ ගෞරවයට ගරු කරන්න, මක්නිසාද යත්, කුරිරු පාලනයට හිස නැමීමට ඔබට අවශ්‍ය නැති බැවිනි. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාව...
22/05/2024

ඔබ ඔබේ ගෞරවයට ගරු කරන්න, මක්නිසාද යත්, කුරිරු පාලනයට හිස නැමීමට ඔබට අවශ්‍ය නැති බැවිනි. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය විනාශ කර ඇත්තේ එලෙසය. ඔබේ දරුවා වර්ධනය කිරීමට ඔබට අවශ්‍ය සමාජය මෙයද?

12/03/2024

යකඩ එක්ක හැප්පෙන තොටිල්ල පැදවූ අත
=============================
එදා තොටිල්ල පැදවූ අත අද යකඩ සමග හැප්පෙන්නත් සමත් වෙලා. කාන්තාවට හිතුවොත් හැම දේම කරන්න පුලුවන්. අද සමාජයේ පිරිමන් අභිබවා යන්න කාන්තාවො සමත් වෙලා තියෙනව කිව්වොත් සමහර විට නිවැරදියි. තමන්ගේ දුප්පත්කමට, අග හිග කම්වලට අනුන්ට බනින්නේ නැතුව තමන්ගේ පාඩුවෙ කොහොම හරි ජීවිතේ සාර්ථකත්වය කරා යන කාන්තාවන් පිළිබද මෙන්න නියම උදාහරණයක්. කිසි කෙනෙක් හිතන්නෙ නැති මාවත් ඇය තෝරගෙන තියෙන්නෙ. ඇය නමින් ශ්‍යාමලී රත්නායක. ඇයට ත්‍රීරෝද රථ අලුත්වැඩියා කරන්න වගේම සර්විස් කරන්න පුලුවන්. ඇය ඇයගේම සර්විස් සෙන්ටර් එකකුත් පවත්වාගෙන යනවා අරලිය ඔටෝ සර්විස් කියල. කිසිම කෙනෙක් නොසිතන අංශයක් තෝරගෙන අනුන්ට කරදරයක් බරක් නොවී, සමාජයටම උදාහරණයක් වෙන මේ මගේ කාන්තාවො ඇත්තටම හැමෝටම් ආදර්ශයක්. අපි ඇයට ආචාර කරමු.

ශ්‍යාමලීගේ කතාව අහන්න මේ වීඩියෝ එක බලන්න 👇👇

30/01/2024
03/01/2024

පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කළ කහවත්ත ප්‍රදේශයේ මවගේ මිනීමැරුම ඔබට මතකද...

මේ මව, වසර ගණනාවක් මාධ්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටින - අමාත්‍යාංශ කිහිපයක මාධ්‍ය නිලධාරී ලෙස කටයුතු කළ - තවමත් කටයුතු කරමින් සිටින - මාධ්‍ය ආයතන ප්‍රධානීන් "මචං" කියා කරේ අත දමා ගන්නා මිත්‍රත්වයක් සහිත ජානක සුනෙත් බණ්ඩාරගේ මවයි.

මේ ජානක තමන්ගේ මුහුණු පොතේ තැබූ සටහනක්...

සිදුවීමක්,ඒ සිදුවීමෙන් පීඩාවට පත්වන වින්දිතයන්,සැකකරුවන්, මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ ආචාර ධර්ම පිළිබඳව සිතන්නට ඔබ කැමතිනම් මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න.
......................................................................

මවගේ බෙල්ල කපා මරාදැමුවැයි චෝදනා ලබා පරීක්ෂණයෙන් අනතුරුව චෝදනා වලින් නිදහස ලැබූ එම උපාධිධාරීනියගේ සහෝදරයා වන ජානක සුනෙත් බණ්ඩාර විසින් තබන ලද සටහනකි..ඇයගේ නිවැරදිතාවය හඬගා කීම උදෙසා කියවන ඔබ මෙම ලිපිය ප්‍රසිද්ධ කරන ලෙස ගෞරවයෙන් ඉල්ලමි..
..........................................................................

ජනවාරි පළමුවැනිදා උසාවියේදී වැඩ ඇල්ලුවෙමි.මගේ අම්මා මරාදැමීමට අදාල වැදගත් සාක්ෂි රැසක් සමග සැකකරු (දොලේ බාස්) ඊයේ පැල්මඩුල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබිනි එහි කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම නඩු භාණ්ඩ නොවන අම්මා ඒ මොහොතේ පැලද සිටි ආභරණ කීපයක් ඇතුළු භාණ්ඩ උසාවි නියෝග පරිදි භාර ගැනීමට මම ගරු අධිකරණය තුල සිටියෙමි.

අම්මාගේ නංගීත් (පුංච්)සහ මගේ අම්මාගේ කුසින් උපන් සේ අපේ ලේ සහෝදර තිසර මල්ලීත් (ලොකු අම්මාගේ පුතා) මා සමග පැමිණියහ.

අම්මා මැරූ බවට සැක කරන දොලේ බාස් දැක දැක පෑ ගණනාවක් එම වහල යට සිටීම දුෂ්කර වුවද ඒ පෑ හතර උපේක්ෂාව පෙරදැරිව ඉවසුවෙමි.

නිරපරාදේ පොඩි නංගී අපහසුතාවට පත්වූ කාලයේ ඇයවත්,නඩුවේ කතාවත්,අපේ පවුලේ අයත් සිය මාධ්‍යයට වාර්තාකිරීමට උසාවි ගේට්ටුව අසල කැමරා ,මෛක්‍රපෝන සහ පෑන් මානාගෙන මගේ මිත්‍ර මාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රධාන කාර් යාලවල සිටින උසස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් (එහිද අති බහුතරයක් මගේ සමීප මිතුරන්‍ ය) පොරකමින් වෙනදා සිටියද ඊයේ එක් අයෙකුවත් එහි නොවීය.

සාක්ෂි සමග සැකකරු වන දොලේ බාස් ඉදිරිපත් කිරීම හෝ මෙතෙක් කල් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් වාර්තා කල මිනීමැරුමේ යුක්තිය පසිදලන ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නොවූනේ මන්දැයි සිතාගත නොහැක.(පසුව පොලීසිය අමතා හෝ තොරතුරු ලබාගත් අයටත් මේ ගැන සබුද්ධික ව සිටිමින් මා අමතා කතා කරමින් සත්‍යය ඉටුවනු බලා සිටින අතලොස්සක් වූ සැබෑ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ට ප්‍රණාමය )

මගේ පොඩි නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා කිසිදු පදනමක් නොමැතිව දිගින් දිගටම වාර්තා කල එක් ප්‍රධාන මාධ්‍යයක ප්‍රබලයෙකු වන මගේ මිතුරෙකුට මම අද උදේ කතා කලෙමි.

ඒ දිනවල ග්‍රැෆික් රූප සමග නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා තීන්දුව දුන් ඔවුන් නංගීව සියල්ලෙන් නිදහස් කල පසු එය වාර්තා කලේ තත්පර ගණනක් බව මම නැවත මතක් කලෙමි.

"මචං මං මේක නිවුස් ඩිරෙක්ටර්ට කිව්වා.එයා කිව්වා ඊලග නඩු දිනේදී ඒකෙ විස්තර එක්ක සාධාරණයක් කරනව කියල. "

ඔවුන් විසින් අගතිය පත් කරන ලද මමත්,නංගීත් ,පවුලේ අයත් ඔවුන් ගෙන්ම සාධාරණයක් පතා කන්නලවි නොකල යුතු නමුත් ඒ ආයතනයේ සිටින්නේ මගේ සමීප මිතුරු ,මිතුරියන් බැවින් මම තවත් ඉවසුවෙමි.
ඒත් මදකින් මෙසේ කීවෙමි "මචං ඊයේ නඩුව තිබුනා..ඒත් ඒ ගැනවත් අර කරනවයි කිව්ව සාධාරණ වාර්තාකරණය වත් තත්පරයක නඩු වාර්තාවක් වත් ගියේ නෑනෙ ඊයෙ ත්"
මගේ මිතුරා මෙසේ කීය "අප්පට සිරි....වන අහවලා ..(ප්‍රවත්ති අධ්‍යක්ෂ ) දන්නේ නැතිව ඇති මචං..

එතැන් සිට මේ දක්වා එහි ප්‍රවත්ති අධ්‍යක්ෂ හා මාධ්‍ය ජාලයේ අනෙක් විධායක ශ්‍රෙණියේ මගේ මිතුරු මිතුරියන් ඇමතුවෙමි.වෙනදා මගේ ඇමතුමකට එසැනින් "ඔවු මචං,හෙලෝ සුනෙත් කියන උන් සියල්ල අද ප්‍රතිචාර නොදක්වති.

මට පෙනෙන්නේ ඔවුන්ගේ සදාචාරය එය බවය.කොතරම්.සමීප මිතුරන් වුව දැන් සුහද කතා කර ඔවුන් නිසා අපට සිදුවූ අගතියට සාධාරණයක් ඉටු කර ගත නොහැකිබවය.
අහෝ මගේ මාධ්‍ය මිතුරු ,මිතුරියනි ඔබ මට මෙසේ කලා නම් මේ රටේ අහිංසකයින්ගේ ජීවිත සමග කෙසේ නම් සෙල්ලම්.කරනවා ඇද්ද ? කියා නැවතීමට මට සිත් නොදෙයි. එසේම මේ ජඩ මාධ්‍ය ක්‍රමය වෙනස් කල යුතු යැයි අවංකව හඩ නගන සබුද්ධික මහ ජනතාව හා ක්‍රියාකාරීන් එසේ අත් හකුලාගෙන සිටින්නට මට නොකියන්නේ මෙය අපේ පෞද්ගලික ගැටලුවක් නොව ඔවුන්ගේද ජීවිතවල දැවෙන ප්‍රශ්නයක් වන බැවිනි.

ජානක සුනෙත් බණ්ඩාර
2024.01.02. දහවල් 12.35

25/11/2023

මීට අවුරුද්දකට විතර කලින් දකුණු පළාතේ ඉඩම්, කෘෂිකාර්මික වැඩ වලට බදු දුන්නා.

ඒ සාපේක්ෂව අඩු මුදලකට.

මේ ඉඩම් අරන් වගාවක් කරන්න පුලුවන්ද කියලා හොයන වැඩක මමත් හිටියා.

අපි ඒ ආශ්‍රිතව තියෙන ඉඩම් බැලුවා. ගොවි මහත්වරු හම්බ වුණා.

අපි බැලුවේ ප්‍රදේශයට ගැලපෙනම සහ ඉන්වෙස්ට්මන්ට් එකට වැඩිම ROI එකක් එන වගාව මොකක්ද කියලා.

අපේ මාකට් රීසර්ච් එකට අනුව ඒ පැත්තේ බොහෝ ගොවි මහත්වරුන් වැඩිපුරම වැව්වේ පේර, කෙසෙල්, ගස්ලඹු හෝ දෙළුම්.

වට්ටක්කා සහ කොමඩු වැනි වගාත් කාලීනව කෙරුණා.

ඒ අතරේ දෙළුම් වගාකරපු ගොවියන්ගේ කතාව මම දැක්කා.

අපෙත් මුල්ම ඉන්ට්‍රස්ට් එක තිබුනේ දෙළුම් වලට. අපි හිතුවේ ලොකුම ROI එක දෙළුම් වලින් තියේවි කියලා.

කෙසේවෙතත් මේ ගොවීන් දෙළුම් වගා කළේ අතිරේක භෝගයක් විදියට විතරයි.

ඔවුන්ට අනුව දෙළුම් ලංකාවේ වාණිජව වගාකරන්න අමාරුයි.

ඒකට හේතු ගණනාවක් තියෙනවා.

එකක් ගෙඩි කුඩායි.

විශාලතම හේතුව ගෙඩි ලොකු වෙද්දි පැලෙනවා. එහෙම නැත්නම් ලප හැදෙනවා.

ඒ නිසා දෙළුම් ආරක්ෂා කරන්න විශාල වශයෙන් කෘම් නාශක සහ හෝමෝන පිටින් යොදනවා.

ඒ සඳහා අධික වියදමක් දැරිය යුතුයි.

නමුත් බොහෝ දෙළුම් පැලෙනවා. විකුණන්න අමාරුයි.

ඒකටත් ඔවුන්ට උත්තරයක් තිබුණා.

ඔවුන්ගෙන් පැලිච්ච දෙළුම් මිලට අරන් කොළඹ අරන් යන බයර්ස්ලා හිටියා.

ඒ පැලිච්ච දෙළුම් යොදාගන්නේ යුෂ හදන්න.

ගොවියාටත් ලාභයි. වෙළෙන්දටත් ලාබයි.

ලංකාවේ හැමවෙලාවකම වගේ පාරිභෝගිකයට විතරක් අලාභයි.

සාමාන්‍යයෙන් පිළිකාවක් වගේ ලෙඩක් හැදෙන මනුස්සයෙක් ඕනම දෙයක එල්ලෙනවා.

දෙළුම් පිළිකාවට හොඳයි කියලා පොඩි රාවයක් තිබුනත් ඔවුන් ඒ චාන්ස් එක
ගන්නවා.

ඔවුන්ට නැතිවෙන්න දෙයක් නැහැ.

ඉතින් ඔවුන් අධික මිලට බෙහෙත් ගහලා ඇතුලට පවා ලීක් වෙන්න ඉඩ තියෙන පැලිච්ච දෙලුම් වලින් හදන ජූස් වුනත් අරන් බොනවා.

කූඨ ව්‍යාපාරිකයො පමණක් අධික ලාභයක් ලබනවා.

හැබැයි ලෙඩක් හැදුනු මිනිහෙක් සූරාකෑම ඉතාම අශික්ෂිතයි.

ඔය දෙළුම් යුෂ ව්‍යාපාරයේ ඇතුලත කතාව ඒකයි.

ඔය යුෂ හදන්න ගන්නේ විකිණිය නොහැකි පැලිච්ච, ලප හැදුනු දෙලුම්.

ඒක ලාභදායි ව්‍යාපාරයක්!

මේවා ඉතාමත් පහසුවෙන් විසඳා ගත හැකි ගැටළුය. කලයුතු වන්නේ දළදා පෙරහැර කාලෙට මතුවන, සැබෑ අලි ඇතුන් වෙනුවට ලක්ෂරි වාහන හා යා...
28/09/2023

මේවා ඉතාමත් පහසුවෙන් විසඳා ගත හැකි ගැටළුය. කලයුතු වන්නේ දළදා පෙරහැර කාලෙට මතුවන, සැබෑ අලි ඇතුන් වෙනුවට ලක්ෂරි වාහන හා යාන්ත්‍රික අලි ඇතුන් මතින් කරඬුව වැඩම කිරීම වැනි විශිෂ්ට විසඳුම් ලබාදෙන, අලි ඇතුන්ගේ ස්භාවික හැසිරීම ගැන මාගල් විශ්ලේෂණ ලියන, නිරාගමික බුද්ධිමතුන් හමුවී අලි ඇතුන් දුම්රියේ ගැටී මිය යාම වලක්වා ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක උපදෙස් ද ලබා ගැනීමය.

වියළි කලාපයේ අලින් කොපමණ ප්‍රමාණයක් දුම්රිය අනතුරු වලින් මිය ගියත් රාත්‍රී තැපැල් දුම්රිය නවතා දැමීමට කිසිවෙකුත් ඉල්ලා සිටින්නේ නැත. වසරකට වරක් පැවැත්වෙන පෙරහැරක කරඬුව ගෙන යන ඇතාගේ කකුලේ දම්වැලක් තිබීම රටේ නොදියුණු බව, ගෝත්‍රිකත්වය ලෝකයට විදහා දැක්වෙන සංකේත වුවත්, දිනපතා දුම්රියේ වැදී සුනුවිසුණුවී යන අලින්ගේ මළ සිරුරු තුලින් එවැනි තත්වයක් ඇති නොවනවා විය හැකිය.

මීනගයා රාත්‍රි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියේ ගැටි මියගිය අලියා 🐘😥වෙඩි තියලා මරනවා...හක්ක පටස් දාලා කටවල් කුඩු කරනවා...වගා...
16/09/2023

මීනගයා රාත්‍රි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියේ ගැටි මියගිය අලියා 🐘😥
වෙඩි තියලා මරනවා...
හක්ක පටස් දාලා කටවල් කුඩු කරනවා...
වගා ළිංවල වැටිලා මැරෙනවා...
හඳුනාගත් අලිමංකඩවලදිම කෝච්චිවල හැප්පිලා මැරෙනවා...
දළඳා පෙරහැරට සම්බන්ධයක් නැති නිසා මේ අහිංසකයෝ ගැන බලන්න පංචාලිත් නෑ.. ඔටාරත් නෑ..
වනජීවි අමාත්‍යාංශය කියලා එකක් ඇත්තෙත් නෑ..
(ඡායාරූපය උපුටාගැනීමකි)

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පත් කළ අභිනව සභාපතිවරයා වන්නේ රියාස් මියුලර් ය. ඔහුගේ පැටිකිරියද මේ වන විටත් හෙළි වෙමින් පවතී...
24/07/2023

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පත් කළ අභිනව සභාපතිවරයා වන්නේ රියාස් මියුලර් ය. ඔහුගේ පැටිකිරියද මේ වන විටත් හෙළි වෙමින් පවතී. සභාපති රියාස් මේ වන විටත් ටෙලිකොම් සමග සමීපව ව්‍යාපාරික ගනුදෙනු කරන සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ ධූරයන් දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

එම සමාගම් වන්නේ Just In Time, N- able සහ KBSL ය. මෙම සමාගම් ත්‍රිත්වයේම මව් සමාගම වන්නේ Agility Innovation සමාගම වන අතර නව ටෙලිකොම් සභාපතිවරයා එම Agility Innovation සමාගමේ අධ්‍යක්ෂ ධූරයක් දරමින් සිටීම විහිලුසහගතය.

අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙම සමාගම් ත්‍රිත්වයේම හිමිකාරීත්වය දරන්නේ කුප්‍රකට ව්‍යාපාරික ජිට් වර්ණකුලසූරිය වීමයි. ඉහත සඳහන් කළ ජිට්ගේ Just In Time ව්‍යාපාරය සමග ටෙලිකොම් ආයතනයට නඩු ගණනාවක් ඇති අතර ඒවා බොහොමයක් එම සමාගමේ වංචා හා දූෂණ වලට සම්බන්ධය ඒවාය.

ජිට් වර්ණකුලසූරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සමීප හිතවතකු වන අතර, ඔහුට SLT වෙතින් ව්‍යාපාර ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ විසින් එවක ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු වෙත බලපෑම් කර ඇති බවද දැනගන්නට ඇත.
වංචා හා දූෂණ හේතුවෙන් පසුගිය කාලසීමාවේ ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය දැරූ රොහාන් ප්‍රනාන්දු විසින් Just In Time සමාගම සමඟ ගනුදෙනු කිරීම පවා සීමා කර තිබුණි.
රියාස් මියුලර්, ටෙලිකොම් ආයතනය සමග ගනුදෙනු කරන සහ ඒ ගනුදෙනු හේතුවෙන් නඩු රැසක පැටලී සිටින සමාගමක අධ්‍යක්ෂ ධූරය දරමින්, එම සමාගම් වලින් වැටුප් ලබමින් ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය දැරීම ශ්‍රී ලංකාව වැනි රටක සිදුවුවත් වෙනත් රටකදී නම් හිර බත් කෑමට තරම් ප්‍රමාණවත්ය.
රියාස් මියුලර් විසින් සිදුකළ තවත් අනීතික කටයුත්තක් වන්නේ ඔහු විසින් ටෙලිකොම් සමාගම් ලේකම්වරයා (Company Secretary) වෙත යවන ලද ඊමේල් පණිවුඩයකින් සඳහන් කර ඇත්තේ තමන් එම සමාගම් වල අධ්‍යක්ෂ ධූරය දරන බැවින් එයට සම්බන්ධ සියලුම තොරතුරු ඔහුගේ අධ්‍යක්ෂ මණ්ඩල ලිපිගොනු වලින් මකා දමන ලෙසයි.

ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් සිදුකරන්නට යන ටෙලිකොම් ආයතනය විකිණීමේ රජයේ ක්‍රියා පටිපාටියට හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු දැඩි ලෙස විරුද්ධ වූ බව ටෙලිකොම් සේවකයින් මෙන්ම සමාජයද දන්නා කරුණක්. ඔහු ජිට් වර්ණකුලසූරිය වැනි කුප්‍රකට ව්‍යාපාරිකයින් ටෙලිකොම් සමග සිදුකළ නොමනා ගණුදෙනු වලට විරුද්ධ වීම ඔහුව සභාපති ධූයෙන් ඉවත් කිරීමට තරම් හේතුක්ව ඇති බව පෙනෙන්නට ඇත.

රටේ ජාතික ආරක්ෂාව මෙන්ම දේශීය ව්‍යාපාර වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටින රොහාන් ප්‍රනාන්දු වැන්නකු ටෙලිකොම් සභාපතිධූරයෙන් ඉවත්කර රියාස් මියුලර් වැනි කුප්‍රකට ව්‍යාපාරිකයින් සමග ඩීල් දමන පුද්ගලයකු ටෙලිකොම් සමාගමේ සභාපති ධූරයට පත් කිරීම කෙතරම් සදාචාර සම්පන්දැයි තීරණය කිරීමට ඔබට භාරය..

24/07/2023

T20 ලෝක කුසාලානයට අදාලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර තිබෙන මූල්‍ය අවභාවිතා සහ වංචා පිලිබඳව විඝණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙන වාර්තාවෙ කෙටුම්පතට අනුව නිරාවරණය වී ඇති කරුණු මෙසේය.

1. ක්‍රීඩා අමාත්‍යාශයේ අනුමැතියට පයින් ගසා තම හිතු මතේ ආයතනයේ මුදලින් තමන්ගේ ගුණ ගයන මාධ්‍යවේදීන් ඇතුලු හය දෙනෙක් ලෝක කුසලානය නැරඹීමට යැවීම.

2. කිසිම ආයතනික එකඟතාවක් හෝ ගිවිසුමක් නොමැතිව එලෙස පුද්ගලිකව හිතවත් මාධ්‍යවේදීන්ගේ ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් වැය කිරීම.

3. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කිසිදු නිල සම්බන්දතාවක් නොමැති 35 දෙනෙකුට ඔස්ට්‍රේලියානු වීසා ලබා දෙන ලෙස වීසා අයැදුම්පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ලිපි ශීර්ෂ යටතේ යොමු කිරීම.

(මේ අතුරින් 21 දෙනෙකු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ ඥාතීන් සහ පුද්ගලික හිතවතුන් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාසගේ ලැයිස්තුවෙන් ශලනි තාරකා නම් ජනප්‍රිය නිළියටද වීසා ලබා දීමට කටයුතු කර ඇත. )

මේ අතරින් සංජීව නිශාන්ත පෙරේරා නමැති පුද්ගලයා 2023 ජුනි 14 වන තෙක්ම නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැති අතර ඔහුගේ සේවා ස්ථානයෙන්ද ඔහුගේ සේවය අවසන් කර ඇත.

4. ඔස්ට්‍රේලියාව වෙත ගුවන් ටිකට්පත් (රුපියල් මිලියන 50කට අධික) මිලදී ගැනීමේදී සම්පූර්ණයෙන්ම නියමිත සහ අනුමත ක්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු කර ඇති අතර මේ හරහා දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇත.

ටිකට්පත් 12ක් සඳහා ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය කිසිසේත් ලබාගෙන නොමැත.

5. සිය සුඛ විහරණය තකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2014 වසරේ සිට 2022 දක්වා අවස්ථා තුනකදී විදෙස් සංචාර සඳහා ගෙවන දෛනික දීමනාව 46%ත් 75%ත් ප්‍රමාණයකින් වැඩි කරගෙන ඇත. මීට අමතරව විධායක කමිටු සාමාජිකයන් විදෙස් සංචාරයක යෙදන අවස්ථාවක් ඇ.එ.ජ. ඩොලර් 2,000ක විනෝදාස්වාද දීමනාවක් සහ ඩොලර් 150ක දුරකථන දීමනාවක් තමන් විසින්ම අනුමත කරගෙන ඇත.

6. ICC T20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ICC වෙතින් ක්‍රිකට් ආයතනයට ලබා දුන් ටිකට් 725ට අමතරව ටිකට් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 8.7ක් වියදම් කර ඇති අතර එයින් රුපියල් මිලියන 4.7ක ටිකට් මිලදී ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය පවා ලබා දී නැත.

අවසන් සහ අවසන් පූර්ව වටයේ තරග නැරඹීම සඳහා මිලදී ගත් ටිකට් පත්වලින් රුපියල් මිලියන 4.1ක් වටිනා ටිකට්පත්වලට සිදු වූ දෙයක් නොමැත.

7. ක්‍රිකට් පිටි වියළීම සඳහා භාවිතා කරන සුපර් සොපර් යන්ත්‍රයක් පරීක්ෂා කිරීමේ මුවාවෙන් ඒ සඳහා කිසිදු විශේෂඥ දැනුමක් නොමැති ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්නව ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් වියදම් කර ඇති අතර නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඔහු සදහන් කර ඇත්තේ ඔහුට ඔස්ට්‍රේලියානු ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයාව මුණ ගැසීමට නොහැකි වූ නිසා යන්ත්‍රය පරීක්ෂා කිරීමට නොහැකි වූ බවයි.

පසුව හෙළි වී ඇත්තේ Sokhi Australia Pty Ltd නම් එම ඔස්ට්‍රේලියානු ආයතනය සුපර් සොපර් යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක් නොවන බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අතරමැදි නියෝජිතායතනයක් ලෙස ක්‍රියාකිරීමට පිහිටුවාගත් ආයතනයක් බවයි.

8. මෙලෙස මිලියන ගණන් මුදල් තම සුඛ විහරණය සහ තම හිතවතුන්ගේ, අතවැසියන්ගේ, ස්තෝත්‍ර ගයන්නන්ගේ සැප උදෙසා අත දිගහැර වියදම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් T20 ලෝක කුසලානයේ පළමු වටයේ තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමි විය යුතු ඇ.එ.ජ. ඩොලර් 300,000ක මුදල ගෙවා නොමැත. (2023 ජුනි 14 දත්ත)

9. 2023 පළමු මාස තුන තුළ පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති ගාස්තු ලෙස රුපියල් මිලියන 23කට අධික මුදලක් ගෙවා ඇති අතර මෙම ගෙවීම් ප්‍රධාන වශයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඇති විවිධ නීතිමය ආරවුල් සම්බන්ධයෙන් බාහිර නීති උපදේශකයින්ට ගෙවා ඇත.

උපුටා ගැනීම අවසන්

ප.ලි- මේ වනතෙක් විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති අතර මේ සම්බන්ධයෙන් වග කිව යුතු පාර්ශව දක්වන ප්‍රතිචාර අප බලා සිටිමු. විගණකාධිපති වාර්තාවේ මීටත් වඩා හෙළිදරව් කිරීම් ඇති බව වාර්තා වන අතර ඒවාද ක්‍රිකට් වලට ආදරය කරන ප්‍රේක්ශකයන්ට දැන ගැනීමට සැලැස්වීම අනිවාර්‍යය.

ඡයාරූප 📷 - ශ්‍රී ලංකා ක්‍රිකට් හා බැඳි VIP නළු නිළි කැල මෙයාලා වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ මේ නළු නිළි කණ්ඩායම VIP pass ගෙන තරඟ සංචාර වලට යෑම සාමාන්‍ය පුරුද්දකි. ඡායාරූප වල SLC උප සභාපති ජයන්ත ධර්මදාසවද ඔබට දැකගත හැකිය.

ශ්‍රී ලාංකීය සමාගමකින් කරපු කාලෝචිත වැඩක් E-drive යුගයේ අවශ්‍යතාවට හරියන විදියට මෙරට ආණ්ඩු කවදාවත් වැඩ කළේ නෑ. සමහර පෞද්...
15/06/2023

ශ්‍රී ලාංකීය සමාගමකින් කරපු කාලෝචිත වැඩක් E-drive

යුගයේ අවශ්‍යතාවට හරියන විදියට මෙරට ආණ්ඩු කවදාවත් වැඩ කළේ නෑ. සමහර පෞද්ගලික ආයතන විටින් විට විවිධ කාලෝචිත ව්‍යාපෘති දියත් නොකරානම් මේ රටේ අපි තාමත් ඉන්නෙ වැදි යුගයේ. ඒ වගේ සියයට 100ක් ශ්‍රී ලාංකික සමාගමක් වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම පසුගියදා කාලෝචිත වැඩක් කළා. ඔවුන් විසින් විද්‍යුත් ත්‍රිරෝද රථ ටැක්සි සේවයක් ආරම්භ කිරීමට පුරෝගාමී වුණා. මේ ටැක්සි සේවයට නම දාල තිබුණේ E-drive කියල.
ඉන්ධන දහනයක් මෙම ත්‍රිරෝද රථවල සිදු නොවන නිසා රටේ ඉන්ධන බිල අඩු වනවා සේම විදේශ විනිමය රටින් ගලා යමා වළකිනවා. එසේම වායු විමෝචනයක් සිදු නොවන නිසා පරිසරයටද හිතකාමීයි.
මෙරටට ත්‍රිරෝද රථ හදුන්වාදීමේ පුරෝගාමීන් වන ඩේවිඩ් පීරිස් සමාගම විසින්ම බජාජ් ත්‍රිරෝද රථ විද්‍යුත් පරිවර්තනය කොට E-drive ලෙස ටැක්සි සේවයක් ආරම්භ කළා. ඔවුන් පවසන්නේ මේක නියමු ව්‍යාපෘතියක් කියල. ආරම්භයේදී ත්‍රීවීල් 20ක් පමණ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වැඩ කරනවා. YOGO ඇප් එකෙන් වගේම E-drive ටැක්සි මහ පාරෙදි අත දාල නවත්තන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් 0777606077 කියන දුරකථන අංකයෙනුත් පුලුවන්.
E-drive ත්‍රිරෝද රථ විද්‍යුත් නිසා ඒවා නඩත්තු කරන්න වියදමක් යන්නෙ නෑ. ඒ වාසිය මගියාට දීල E-drive සේවාව කිලෝ මීටරයකට අය කරන්නෙ රුපියල් 65ක් වැනි ඉතා සාධාරණ මුදලක්.
සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථවලට තියෙන ප්‍රධානතම චෝදනාව තමයි රියදුරන්ගේ විනයක් නැති කම. ඒත් E-drive ත්‍රිරෝද රථ සේවාවේදී ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන්ම රියදුරා මෙන්ම ත්‍රිරෝද රථයද නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා. එසේම මෙම රියදුරන්ට රථ වාහන නීති පිළිබදව මෙන්ම මහා මාර්ගයේ විනයානුකූලව ගමන් කිරීම පිළිබදව විශේෂ පුහුණුවක් ලබා දීලා තියෙනවා. එම පුහුණුව මාසිකවද වැඩි දුරටත් ලබා දෙන බවයි සමාගම පවසන්නේ. එබැවින් විනයගරුක ත්‍රිරෝද රථ රියදුරු බලකායක් බිහි කිරීමද මෙම වැඩසටහනේ අරමුණ වෙනවා.
ඇත්තටම ගමේ ගොඩේ හැම වැඩේටම යොදා ගන්නේ ත්‍රීවීලර් එක. ඉතිං රියදුරන්ගේ විනය හැදුනනම් ත්‍රීවීලර් එක කියන්නෙ අපිටත් රටටත් බරක් නැතිව නඩත්තු කරගෙන යන්න පුලුවන් වාහනයක්. මෙවැනි ව්‍යාපෘති හරහා ඒ දේ සිදු වේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලාංකීය සමාගමකින් කරපු කාලෝචිත වැඩක් E-drive
යුගයේ අවශ්‍යතාවට හරියන විදියට මෙරට ආණ්ඩු කවදාවත් වැඩ කළේ නෑ. සමහර පෞද්ගලික ආයතන විටින් විට විවිධ කාලෝචිත ව්‍යාපෘති දියත් නොකරානම් මේ රටේ අපි තාමත් ඉන්නෙ වැදි යුගයේ. ඒ වගේ සියයට 100ක් ශ්‍රී ලාංකික සමාගමක් වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම පසුගියදා කාලෝචිත වැඩක් කළා. ඔවුන් විසින් විද්‍යුත් ත්‍රිරෝද රථ ටැක්සි සේවයක් ආරම්භ කිරීමට පුරෝගාමී වුණා. මේ ටැක්සි සේවයට නම දාල තිබුණේ E-drive කියල.
ඉන්ධන දහනයක් මෙම ත්‍රිරෝද රථවල සිදු නොවන නිසා රටේ ඉන්ධන බිල අඩු වනවා සේම විදේශ විනිමය රටින් ගලා යමා වළකිනවා. එසේම වායු විමෝචනයක් සිදු නොවන නිසා පරිසරයටද හිතකාමීයි.
මෙරටට ත්‍රිරෝද රථ හදුන්වාදීමේ පුරෝගාමීන් වන ඩේවිඩ් පීරිස් සමාගම විසින්ම බජාජ් ත්‍රිරෝද රථ විද්‍යුත් පරිවර්තනය කොට E-drive ලෙස ටැක්සි සේවයක් ආරම්භ කළා. ඔවුන් පවසන්නේ මේක නියමු ව්‍යාපෘතියක් කියල. ආරම්භයේදී ත්‍රීවීල් 20ක් පමණ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වැඩ කරනවා. YOGO ඇප් එකෙන් වගේම E-drive ටැක්සි මහ පාරෙදි අත දාල නවත්තන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් 0777606077 කියන දුරකථන අංකයෙනුත් පුලුවන්.
E-drive ත්‍රිරෝද රථ විද්‍යුත් නිසා ඒවා නඩත්තු කරන්න වියදමක් යන්නෙ නෑ. ඒ වාසිය මගියාට දීල E-drive සේවාව කිලෝ මීටරයකට අය කරන්නෙ රුපියල් 65ක් වැනි ඉතා සාධාරණ මුදලක්.
සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථවලට තියෙන ප්‍රධානතම චෝදනාව තමයි රියදුරන්ගේ විනයක් නැති කම. ඒත් E-drive ත්‍රිරෝද රථ සේවාවේදී ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන්ම රියදුරා මෙන්ම ත්‍රිරෝද රථයද නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා. එසේම මෙම රියදුරන්ට රථ වාහන නීති පිළිබදව මෙන්ම මහා මාර්ගයේ විනයානුකූලව ගමන් කිරීම පිළිබදව විශේෂ පුහුණුවක් ලබා දීලා තියෙනවා. එම පුහුණුව මාසිකවද වැඩි දුරටත් ලබා දෙන බවයි සමාගම පවසන්නේ. එබැවින් විනයගරුක ත්‍රිරෝද රථ රියදුරු බලකායක් බිහි කිරීමද මෙම වැඩසටහනේ අරමුණ වෙනවා.
ඇත්තටම ගමේ ගොඩේ හැම වැඩේටම යොදා ගන්නේ ත්‍රීවීලර් එක. ඉතිං රියදුරන්ගේ විනය හැදුනනම් ත්‍රීවීලර් එක කියන්නෙ අපිටත් රටටත් බරක් නැතිව නඩත්තු කරගෙන යන්න පුලුවන් වාහනයක්. මෙවැනි ව්‍යාපෘති හරහා ඒ දේ සිදු වේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.

♦️දැනුවත් කිරීමක්♦️මේ, මගේ යාලුවට ඊයේ වුණ දෙයක් නිසා වගකීමක් ඇතුව ලියන පෝස්ට් එකක් මේක. එයාගෙම වීඩියෝ එකකින් තමයි මම මේ ...
22/05/2023

♦️දැනුවත් කිරීමක්♦️

මේ, මගේ යාලුවට ඊයේ වුණ දෙයක් නිසා වගකීමක් ඇතුව ලියන පෝස්ට් එකක් මේක. එයාගෙම වීඩියෝ එකකින් තමයි මම මේ ෆොටෝස් දෙක අරගත්තෙ. මේ ඉන්නෙ තමන් අන්ධයි කියලා කියාගන්න මනුස්සයෙක්.

ඊයෙ එයාලා දෙල්කඳ පැත්තට යද්දි අන්ධ මනුස්සයෙක් සුදු සැරයටියක් තියාගෙන පාර මාරුවෙන්න ඉඳලා. ඉතින් එයාට පාර පනින්න ඉඩ දීලා මේගොල්ලො වාහනේ නවත්තලා. වාහනේ නවත්තගෙන හිටියට ඒ මනුස්සයා පාර මාරුවෙන පාටක් නැති නිසා මේගොල්ලො වාහනේ ඉස්සරහට අරගෙන තියෙන්නෙ එයාලගෙ ගමන යන්න හිතාගෙන. වාහනේ ඉස්සරහට යද්දිම එකපාරටම සද්දයක් ඇහුණ නිසා මේගොල්ලො වාහනේ නවත්තලා බැලුවම අර මනුස්සයා පාරෙ වැටිලා කෑ ගගහා ඉඳලා. මම යටින් දාන්නම්, මගේ යාළුවා, මට කියපු ඒගොල්ලන්ගෙ දෙබස්.

අන්ධ මනුස්සයා - "අම්මෝහ්හ්... අයියෝහ්හ්... මගෙ පපුව රිදෙනවා"

පිටිපස්සෙන් ආපු බයික් එකක පිරිමි දෙන්නෙක් - "බොරු කියන්නෙපා අංකල්. ඔයාව යට උනේ නෑ නෙ. අපි දැක්කනෙ. පපුව රිදෙන්නෙ කොහොමද?"

අන්ධ මනුස්සයා - "මට පපුවෙ මහන්සිය තියෙනවා. හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙනවා. මම වැටුණ නිසා ගැස්සිලා දැන් මගෙ පපුව රිදෙනවා"

යාළුවගෙ හස්බන්ඩ් - "එහෙනම් වාහනේට නගින්න අංකල්. අපි ඔයාව හොස්පිට්ල් එකකට එක්කගෙන යන්නම්"

ඔන්න ඔහොම මේගොල්ලො ඒ මනුස්සයවත් දාගෙන වාහනේ ස්ටාට් කරගෙන ඇවිත් කළුබෝවිල හොස්පිට්ල් එකට යන්න නිසා කොහුවල පැත්තට හරවද්දි මේ මනුස්සයා ඇහුවලු "ඇයි මේ කොහුවල පැත්තට යන්නෙ?" කියල. මගෙ යාළුවා ඇහුවලු "අංකල් කොහොමද දන්නෙ අපි කොහුවල පැත්තට හැරෙව්වා කියනෙක?" කියලත්. එතකොට කිව්වලු එයා පොඩි කාළෙ ඉඳන්ම අන්ධ නිසා එයාලට පාරවල් ගැන හොඳ දැනුමක් ලැබිලා තියෙනවා කියලා. (හැබැයි මෙයාගෙන් විස්තර අහද්දි, එයා ඉන්නෙ මීගමුවෙ, දෙල්කඳ ආවෙ ළමයින්ට උගන්නන්න කියලලු කිව්වෙ)

කොහොමහරි මේගොල්ලන්ගෙන් කෙයාගෙ කැඩිච්ච සැරයටිය අරගන්න දිගින් දිගටම රුපියල් 4700/-ක් ඉල්ලලා. හොස්පිට්ල් යන්න බෑ, සල්ලි දෙන්නෙ නැත්තම් පොලීසියට යමු කියලා. ඊයේ රෑ එහෙම්මම මිරිහානෙ පොලීසියට ගිහින් එතනදිත් මේ මනුස්සයා දිගින් දිගටම "ඇන්ට්‍රි ලියන්නෝන නෑ සල්ලි දුන්නනම් මම යනවනේ" කියලා මේගොල්ලොන්ගෙන් වන්දියක් දෙන්න කිය කියා ඉල්ලද්දි පොලීසියෙ අයත් කිව්වලු "ඔයාට එහෙම වන්දි ඉල්ලන්න බෑ. පොලීසියෙ එන්ට්‍රි එකක් දාලා හොස්පිට්ල් එකෙන් ඔයාට වුණ ඩැමේජ් එකත් චෙක් කරලා බලලා නඩුවක් දාල තමයි වන්දි ඉල්ලගන්න පුළුවන් වෙන්නෙ" කියල. අවසානෙදි ඔන්න එන්ට්‍රි එකත් ලියලා, පොලීසියෙන්ම මෙයාව කළුබෝවිල හොස්පිට්ල් එකටත් බාරදීලා. ඒත්, මගෙ යාළුවට පොලීසියෙන් කිව්වලු වාහනේ පොලීසියෙ තියලා ගිහින් එයාලා කිව්වම ඇවිත් හෙට අරන් යන්න කියලා.

අද උදේ වාහනේ අරගන්න පොලීසියට එන්න කියලා කෝල් එක ආවලු. පොලීසියට ගියාම එතනින් කියලා හොස්පිට්ල් එකෙන් කිව්වලු "ගිය සතියෙත් මේ මනුස්සයව කව්දෝ කෙනෙක් හප්පගෙන ගිහින් හොස්පිට්ල් එකට ගෙනැල්ලා බාරදුන්න" කියලත්. කොහොම උනත් අද උදේ බලද්දි ඒ මනුස්සයා හොස්පිට්ල් එකෙන් පැනලා ගිහින්ලු.

ඊලඟට හොඳම වැඩේ කියන්නෙ මේගොල්ලො පොලීසියෙ ඉද්දිම කෝල් එකක් එනවලු "අන්ධ මනුස්සයෙක්ව නුගේගොඩදි වාහනේකට හැප්පිලා" කියල. 😂

මම මේක ලිව්වෙ ඔයාලව දැනුවත් කරන්න.

මේ ෆොටෝ එකේ ඉන්න අන්ධ මනුස්සයා හෝ වෙනින් කවුරු හෝ අන්ධ මනුස්සයෙක් පාර මාරුවෙන්න බලන් ඉන්නවනම්, වාහනේ නවත්තලා ගිහින් ඒ මනුස්සයව පාර මාරු කරවන්න. ඊටපස්සෙ තමන්ගේ ගමන යන්න. හස්බන්ඩ්ලවත් දැනුවත් කරලම තියන්න.

♦️මේ අපේ මිතුරියකට සිදුවූ දෙයක් .♦️
කොළඹ හා ඒ අවට මේ වන විට මේ ආකාරයේ එකම සිදුවීම බොහෝ අයට සිදු වෙමින් පවතී
ඔබ හොදින් දැනුවත් වෙන්න
වහාම පොලිසියට පැමිණිලි කරන්න

රාජ්‍ය සේවය=ප්‍රජා සේවය.ලියන්නේම නෑ කියලා හිතන් හිටියට, මතක් වෙන සැරයක් ගනේ යකා නගින නිසා ලියමි!දවස් තුනක් examination ම...
17/05/2023

රාජ්‍ය සේවය=ප්‍රජා සේවය.

ලියන්නේම නෑ කියලා හිතන් හිටියට, මතක් වෙන සැරයක් ගනේ යකා නගින නිසා ලියමි!

දවස් තුනක් examination මිනිස්ට්‍රි එකේ සෑහෙන්න රස්තියාදු වෙලා අධ්‍යාපන සහතික වල නමේ අකුරක් වෙනස් කරගෙන එහෙම්ම ෆෝරින් මිනිස්ට්‍රි දැම්මා. ඕක දාලා විභාග දෙපාර්තමේන්තුවට රුපියල් 1200/= ක් ගෙවලා, ෆොරින් මිනිස්ට්‍රි එකෙන් මේක ගන්න රුපියල් 99/=ක් ගෙවලා එයාලගේ වෙබ් සයිට් එකෙන් දිනයක් හා වෙලාවක් වෙන් කරන් ,මම දැන් රෝස මල වගේ 10:30 අපොඉන්මන්ට් එකට වෙලාවටම එතන්ට යද්දී පඩිපෙලේ ඉඳන් මිනිස්සු වාඩි වෙලා ජාතිය අමතන දර්ශනේ බලාගෙන මම 2වන තට්ටුවම නැග්ගා, සූ ගාලා සෙනග 10:30 සෙට් එක ගන්න තියා හිතලා වත් නෑ.. මන් යනකොට 10 ස්ලොට් එක පොලිම් කරනවා.. 10 ඉඳන් 10: 30 ස්ලොට් එකටත් හැන්ඩ්ල් කරගන්න බැරි තරම් අපොඉන්මන්ට් දීලා! යන්තං 11:45 වෙනකං හිටන් ඉදලා ඇතුලට ගියාම එතන number එකක් issue කරන්න තවත් පෝලිමක්,ඊට පස්සේ තම්න්ගේ number එක එනකන් 8/8:30/9/9:30 ඔය ඔක්කොම එක්ක තව පෝලිමක්..( online appointment එක දාන්නේ අහවල් එකටද කියලා හිතින් අමතන ගමන් ඉද්දී)
මේ පහල පින්තූරේ no - 3 agency එකක් කරනවා කියන මිනිහා no 1/2 කවුන්ටර වල ඉන්න දෙන්නව අල්ලන් එයාගේ forms ඔක්කොම හදා ගන්නවා..
බලන් ඉදලා බැරිම තැන මම no 2 එක්කෙනා ගෙන් ඇහුවා ඇයි ඔයාගේ උඩ ස්ක්‍රීන් එකේ නම්බර් එක ඩිස්ප්ලේ වෙන්නේ නැත්තේ කියලා..
No 2- අද සිස්ටම් issue එකක් ඒකයි.
(No -3 ගියා no 1manz ගේ කවුන්ටර් එකට)

මෙයාලා එකම ආගමක විම නිසා ෆේවරේශන් කේස් එකක් ද කියලත් බලං ඉදලා බැරිම තැන මම ගිහින් ඇවිද ඇවිද හිටපු ලොක්කෙක්ට කම්ප්ලේන් කළා.( මම යද්දීම no 1 සහ 2 දෙන්න වැඩේ පත්තු වෙනවා කියලා දැනගෙන කුටු කුටු ගැව කියලා එහා පැත්තේ පුටුවේ හිටපු ළමයා මට කිව්වා).

Lokka- මොකද්ද ප්‍රශ්නේ?

මම - මේ මනුස්සයා මේ කවුන්ටර් දෙක ගාව දැන් පැයකට වැඩි.

No 1 - එයාගේ නොම්බරේ තමා බලන්නේ

ලොක්කා - ඔයා 208 ද?

No 3 - ඔව්.

මම - නෑ මෙයා 208 නෙවෙයි 218,මෙයාගෙ අතේ තියෙන documents වල මෙයාගෙ number එක ස්ටෙප්ලර් කරලා තියෙනවා.

ලොක්ක - ඉන්න මම බලන්නම්.

ඒ වෙලාවේ ඉඳන්,
No 1 කියවන්න ගත්තා,..මෙයාලා මේ හිතන් ඉන්නේ අපි කැසිල්ලට මේ වගේ වැඩ කරනවා කියලද දන්නේ නෑ, අපිට මේ අමාරුව නේ කතන්දර අහගෙන මුන්ට සේවය කරන්න..

මගේ සුපිරි කට ඒ වෙලාවෙම manz ට කිව්වා .. වැඩ කරනවාට තමයි අපි ටැක්ස් ගෙවලා ඔයාලට පඩි ගෙවන්නේ නිකන් නෙවෙයි නේ ඔය ඔතන ඉඳන් වැඩ කරන්නේ.

තව ටිකක් මල පැනපු no 1 .. අපි මේ රුපියල් පනස්දාහට මෙතන මැරෙන්නයි,මේ මිනිස්සුන්ගෙන් කතන්දර අහන්නයි, අපිට OT වත් නෑ.bla bla bla...

ආයිත් මගේ සුපිරි කට... ඉතිං පඩි මදි නම් තව ටිකක් හොදට ඉගෙන ගෙන වෙන රස්සාවක් කරන්නේ නැතුව ජරාව කකා,මේකේ ඇතුලේ ඉඳන් අපිට පව් දෙන්නේ ඇයි?

(Manz no 2 එක්ක නැගිටලා කන්න ගියා, විනාඩි කීපෙකින් ඇමැති තුමා අවා.. උදේ ඉඳන් තිබ්බ system issues මුකුත් නෑ දඩි බිඩි ගාලා නම්බර්ස් ටික ගියා,කන්න ගියපු දෙන්නෙත් ගියාට වඩා වේගෙන් ඇවිත් වැඩ)

පඩියක් අරන් කරන වැඩක් නම් පුතේ.. ඒක රස්සාවක් මිසක් සේවයක් නෙවෙයි.. දැන් ඉන්න generation එක ඔය දෙකේ වෙනස ගොඩක් හොදට දන්නවා. කරන්න බැරි නම් පඩියයි, පෙන්ෂන් එකයි දෙකම එපා කියලා දීලා ගෙදර පල!!

මීට
10: 30ට appointment අරන්, 3: 30ට වැඩේ කරන් ආයිත් එතනටත් සල්ලි ගෙවලා,එළියට ආපු දැඩි කෝපයටපත් අහිංසක මම.
දුල්ෂි.

Address

Colombo
20300

Alerts

Be the first to know and let us send you an email when Lanka Prime News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Prime News:

Videos

Share