Manthri.lk

Manthri.lk ලංකාවේ එකම, පාර්ලිමේන්තු නිරීක්ෂක වේදිකාව
(4)

Manthri.lk යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු දායකත්වයන් මතත පදනම්ව ඔවුන්ව ශ්‍රේණිගත කිරීමේ යෙදෙන, ශ්‍රී ලංකාවේ එකම-ප්‍රමුඛතම වේදිකාවයි. ඒ හරහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනතාව සහ රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී, ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් ජනතාවගේ පවතින අපේක්ෂාවන් තවදුරටත් ඉහළ නැංවීමටත්, අනෙක් පසින්, තමන් ඇගයුමට ලක්වන බව දැනගැනීම නිසාම, වඩ වඩාත් ජනතාව සහ රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී,

ක්‍රියාකාරීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙළඹවීමත් අපගේ අරමුණයි.


🔴 අපගේ වෙනත් සමාජ මාධ්‍ය පිටු

👉 FactCheck - https://www.facebook.com/factchecklka/

https://twitter.com/factchecklka

👉 Ethics Eye - https://www.facebook.com/ethicseye/

https://twitter.com/EthicsEye

👉 The Media Analysis - https://twitter.com/verite_tma

👉 VR Law - https://twitter.com/VRlawSL


🔴 අපගේ වෙබ් වේදිකා

👉 Verite Research - https://www.veriteresearch.org/

👉 PublicFinance.LK - https://publicfinance.lk/en

👉 Budget Promises - https://dashboards.publicfinance.lk/budget-promises/

👉 FactCheck - https://factcheck.lk/

🔴 පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගීවෙනවාට අමතරව වෙන වැඩ තියෙනවාලුඅපි පහුගිය දවසක ජනවාරි මාසයේ පාර්ලිමේන්තු දායකත්වය දැක්වුණු...
08/04/2024

🔴 පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගීවෙනවාට අමතරව වෙන වැඩ තියෙනවාලු

අපි පහුගිය දවසක ජනවාරි මාසයේ පාර්ලිමේන්තු දායකත්වය දැක්වුණු විශ්ලේෂණයක් ප්‍රසිද්ධ කළා. ජනවාරි මාසයේ වැඩිම පාර්ලිමේන්තු දායකත්වයක් ලබා දී තිබුණු මන්ත්‍රීවරු, නැගී එන මන්ත්‍රීවරු සහ කිසිම දායකත්වයක් ලබා නුදුන්නු මන්ත්‍රීවරු ඒ විශ්ලේෂණයට ඇතුළත් වුණා.

මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා තිබෙණ අදහස් අද (08) ඩේලිමිරර් පුවත්පතේ මුල් පිටුවේම පළව තිබෙනවා. ඔවුන් කියා තිබෙණ දේවල් සාරාංශ කරලා ගත්තොත්, ව්‍යාපෘති සම්බන්ධ කටයුතුවලට, විවාහ උත්සවවලට, අවමංගල්‍ය උත්සවවලට සහ ආගමික උත්සවවලට සහභාගීවීමට සිදුවන නිසා සහ ජනතාව ඒවා බලාපොරොත්තු වෙන නිසා තමයිලු පාර්ලිමේන්තුව තියෙණ හැම දවසකම සහභාගී වෙන්න බැරි.

ඔය අතරේ හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය කියලා තියෙනවා වැඩි බලතල තියෙන්නේ විධායක ජනපතිවරයා අතේ නිසා පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් දේ සීමා සහිත බවට වෙනමම කතාවක්.

අපි මේ විශ්ලේෂණයෙන් ඇත්තටම සොයා බලලා තියෙන්නේ ජනවාරි මාසයේ "පාර්ලිමේන්තු දායකත්වය" මිස ජනවාරි මාසයේ "පාර්ලිමේන්තු පැමිණීම" නෙවෙයි. ඒ නිසා, පාර්ලිමේන්තු පැමිණීම මේ විශ්ලේෂණයට අදාළ කරගෙන කරලා තියෙණ මේ වාර්තාකරණයත්, ඒ පදනමේ ඉදගෙන මන්ත්‍රීතුමන්ලා දක්වලා තියෙණ අදහසුත් අපි කරපු විශ්ලේෂණය පදනමේ ඉදගෙන සැළකිල්ලට ගන්න බැරි බවයි අපේ අදහස.

හැබැයි පාර්ලිමේන්තු පැමිණීම සැළකිල්ලට ගත්තහම පහුගිය සමයේ අපිට දැකගන්නට ලැබුණා සමහර පණත් සම්මත කරන්න යනකොට මන්ත්‍රීවරු වැඩි දෙනෙක් සභාගර්භයේ නොහිටපු. පාර්ලිමේන්තුවට පැමිණියොත් පමණයි මන්ත්‍රීවරයෙක්ට රටට සහ ජනතාවට අදාළව කෙරෙන නීතිරීති සකස් කිරීමක් ගැන ජනතාව පැත්තෙන් ඉදලා අදහස් දක්වන්නට පුළුවන්. වැදගත් පණතක් ගැන විවාද කරන්න පුළුවන්. ඒ හරහා විවිධ අදහස් ඉස්සරහට අරගෙන එන්න පුළුවන්.

ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණීම වැදගත්. ඒ වගේම, අනෙක් පැත්තෙන් ඔවුන් පාර්ලිමේන්තු පැමිණීමේ මේ වැදගත්කම ජනතාවත් අවබෝධ කරගැනීමත් වැදගත් බව අපි හිතනවා.

ජනතාව, තමන් වෙනුවෙන් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කර යවලා, ඔවුන් මේ කියන හැටියට මගුලට-අවමගුලට, ආගමික උත්සවයටත් පැමිණිය යුතුය කියලා බලාපොරොත්තුත් වෙනව නම්, එතනත් ගැටලුවක් තියෙනවා නේද?

අපි කරපු විශ්ලේෂණය පළවෙනි කමෙන්ට් එකේ ඇති.

👉 ඩේලිමිරර් පුවත්පතේ වාර්තාව මෙතන - https://www.dailymirror.lk/print/front-page/MPs-justify-missing-parliamentary-sessions/238-280361

🔴 2024 ජනවාරිය ඉවර වෙනකොට පාර්ලිමේන්තුවේ...💪 හොඳටම වැඩ කරපු අය, ⭐ ඉස්සරහට එමින් ඉන්න අය සහ 🫤 මුකුත්ම නොකරපු අය!අලුතින් ව...
04/04/2024

🔴 2024 ජනවාරිය ඉවර වෙනකොට පාර්ලිමේන්තුවේ...

💪 හොඳටම වැඩ කරපු අය,
⭐ ඉස්සරහට එමින් ඉන්න අය සහ
🫤 මුකුත්ම නොකරපු අය!

අලුතින් වැඩක් පටන් ගත්තා අපි. කරන්න යන්නේ මාසයක් ගෙවෙනකොට ඒ මාසය ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොච්චර නම් ප්‍රමාණයක් පාර්ලිමේන්තු කටයුතුවලට දායකත්වය ලබාදීලා තියෙනව ද, කියලා බලන එක. සැයු- මෙතනදී, කමිටු රැස්වීම් අදාළ කරගන්නේ නැහැ. මොකද, ඒ රැස්වීම්වලට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කරලා නැති නිසා. ප්‍රසිද්ධ කළොත්, ඒවත් අරගෙන තවත් මේ වගේ ඉදිරිපත් කිරීම් කරන්න අපි ලෑස්තියි!

පෝස්ට් එකේ අන්තර්ගතයට ආයෙත් ආවොත්, ජනවාරි මාසයේ දී, අපේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු දායකත්වය දිහා බැලුවොත් 142නෙක් එක වතාවක් හරි දායකත්වය ලබාදීලා තියෙනවා. ඔය අතරේ 83 දෙනෙක් කිසිම දායකත්වයක් ලබාදීලා නැහැ! (ඒ අය කවුද කියන එක 4 වෙනි රූපයේ ඉදන් ඇති)

ඔය 142 අතරින් ඉහළම දායකත්වයක් ලබාදීලා තියෙන්නේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ. දෙවෙනි තැන ඉන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ප්‍රේම්නාත් සී.දොලවත්ත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පිළිවෙලින් 3, 4 සහ 5 වෙනි ස්ථාන ලබාගෙන තියෙනවා.

මේ පස්දෙනා පැත්තකින් තියලා නැගී එන මන්ත්‍රීවරුන් දිහා බැලුවහම, ඉස්සරහින්ම ඉන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන. දෙවෙනි තැන ඉන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වෙලා වර්තමානයේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරමින් සිටින ආචාර්ය චරිත හේරත්. තුන්වෙනි තැන ඉන්නේ තවමත් ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරමින් ඉන්න අනුරාධ ජයරත්න. ඒ හැරුණහම මේ කාණ්ඩයේ ඉන්න මුල් 6 දෙනා අතරේ මුල ඉදන්ම විපක්ෂය නියෝජනය කරපු පක්ෂයක එකම නියෝජනය තියෙන්නේ එම් උදයකුමාර්ට.

ඊට පස්සේ ඉන්නේ ගෙවුණු ජනවාරියටම එකම වතාවක්වත් පාර්ලිමේන්තු සභාවාරයන්ට දායකත්වය ලබානුදුන්නු මන්ත්‍රීවරු 83 දෙනා. ඒ අය කවුද කියලා පහළ 4 වෙනි රූපයේ ඉදන් බලාගන්න පුළුවන්.

🤔 පැමිණීම හොඳ ද?  නරක ද?පලි- ගිය අගරුවාදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නොසිටි නිසා සභාව හවස 4 වෙනකන් කල්දාන්නත් නියෝජ්‍ය ක...
03/04/2024

🤔 පැමිණීම හොඳ ද? නරක ද?

පලි- ගිය අගරුවාදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නොසිටි නිසා සභාව හවස 4 වෙනකන් කල්දාන්නත් නියෝජ්‍ය කතානායකතුමාට සිද්ධ වුනා!

💪 ගේම ගහන්න ඇමතිවරු 45ක් ඇති!මේ ප්‍රස්තාර දිහා ටිකක් බලන්න. මේවායේ දක්වලා තියෙන්නේ අපි අදට පාවිච්චි කරන ව්‍යවස්ථාවේ ආරම්...
01/04/2024

💪 ගේම ගහන්න ඇමතිවරු 45ක් ඇති!

මේ ප්‍රස්තාර දිහා ටිකක් බලන්න. මේවායේ දක්වලා තියෙන්නේ අපි අදට පාවිච්චි කරන ව්‍යවස්ථාවේ ආරම්භයේ ඉදන් මේ වෙනකල් පත්කෙරුණු සහ පත්වෙලා ඉන්න ඇමති මණ්ඩලවල තරම. කැබිනට් ඇමතිවරුයි, කැබිනට් නොවන ඇමතිවරුයි එකතු කළහම හැම අවස්ථාවකම වගේ අපේ ඇමති මණ්ඩලයේ තරම 50කට එහා ගිහිල්ලා තියෙනවා.

වෙනසක් තියෙන්නේ ඩී.බී.විජේතුංග ජනපතිතුමාගේ කාලයේ විතරයි. තවත් කැපී පෙනෙන වෙනසක් තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමාගේ කාලයේ. එක් අවස්ථාවක ඇමති මණ්ඩලයේ තරම 108ක් වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා. කට්ටියට මතක ඇති දකුණු ආසියාවේ ලොකුම ඇමති මණ්ඩලය එදා අපිට තමා තිබුනේ! හැම විෂයකටම වගේ, උදා - සීනි, ඇමතිලා හිටපු යුගයක්.

මේ විදිහට අපේ ඇමති මණ්ඩල ලොකු වෙන හැටි, පොඩි වෙන හැටි බලපුවහම ප්‍රශ්නයක් නැගෙනවා. ඒක තමයි ඇයි අපිට බැරිවෙලා තියෙන්නේ හරියට හදාගත්තු අමාත්‍යාංශ කිහිපයක් තියෙන ස්ථාවර ඇමති මණ්ඩලයක් හදාගන්න? ජනපතිවරයෙක් පත්වෙන හැම වතාවෙම මෙහෙම කඩන්නයි එකතු කරන්නයි වුවමනා නැහැනේ ඇත්තටම?

ගිය සතියේ පෝස්ටුවකින් අපි කතා කළා හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධනගේ සමයේ පිහිටැවුණු කමිටුවකින් නිශ්චිත අමාත්‍යාංශ ගණනක් පිහිටුවන්න ගත්තු උත්සාහයක් ගැන. ඒ පෝස්ට් එක පළවෙනි කමෙන්ට් එකේ ඇති.

ඒ පාරේම යමින් වෙරිටේ රිසර්ච් ආයතනයත් උත්සාහයක් අරන් ධවල පත්‍රිකාවක් ප්‍රකාශයට පත්කරන්න කටයුතු කරමින් යනවා. ඔය ප්‍රස්තාරවල මැදින් ඉරක් ගිහිල්ලා තියෙනවා පෙනුණනම්, මේ ධවල පත්‍රිකාවෙන් යෝජනා කරන්නේ උපරිම අමාත්‍යධූර 45ක් තියෙන (කැබිනට් + කැබිනට් නොවන) ඇමති මණ්ඩලයක්.

ඒ ගැන විස්තර ඉස්සරහට කතා කරමු. දැනුවත් වෙලා ඉන්න!

🔴 ඇමති පුටු ගාණ අඩුකරන්න උත්සාහයක් ගත්තු ජනපති!අපේ අමාත්‍ය මණ්ඩලයේ සැකැස්ම සහ සයිස් එක ගැන කෝණ දෙකකින් බලපු පෝස්ට් දෙකක්...
25/03/2024

🔴 ඇමති පුටු ගාණ අඩුකරන්න උත්සාහයක් ගත්තු ජනපති!

අපේ අමාත්‍ය මණ්ඩලයේ සැකැස්ම සහ සයිස් එක ගැන කෝණ දෙකකින් බලපු පෝස්ට් දෙකක් පහුගිය සතිවල පළවුනා මතක ඇති. අමතක නම් සහ අලුතින්ම නම් මේ පැත්තට ආවේ, ඒ පෝස්ට්වල ලින්ක් පළවෙනි කමෙන්ට් එකේ දාලා ඇති. බලන්න.

මේ පෝස්ට් දෙකෙන් කතා කළේ එකක්, ඇමති පුටු ගාණ වැඩිවෙන එක ගැනයි සහ අනෙක කිසිම ගැලපීමක් නැති විදිහට අමාත්‍යාංශවලට විෂයන් අනුයුක්ත කරන එක වගේම නැවත නැවතත් ඇතැම් ආයතන අමාත්‍යාංශයෙන් - අමාත්‍යාංශයට මාරු කර කර ඉන්න හැටි ගැන. දෙකේම හරය ගත්තොත්, අපිට මේ වෙනකන් බැරිවෙලා තියෙනවා අමාත්‍යාංශ මෙච්චරයි තියෙන්නේ කියලා ගාණක් හදාගෙන, ඒ අමාත්‍යාංශවලට හරි විදිහට විෂයන් ඇතුළත් කරන්න.

අද තත්ත්වය එහෙම වුනාට මොකද, හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන මේ අවුල හඳුනාගෙන සිටි බවක් පෙනෙන්න තියෙනවා. 1988 වසරේ ඔහුගේ පාලන සමයේ දී පත්කරපු 'පරිපාලන ප්‍රතිසංස්කරණ කමිටුව' ඒ වෙනකන් තිබුනු අමාත්‍යාංශ ගැන හොදින් විමසලා බලලා, ඒවායේ දුර්වලතා 7ක් හඳුනාගන්නට සමත්වෙලා තියෙනවා. අදාළ නොවන කාර්යයන් අමාත්‍යාංශයක් යටතට පත් කිරීම, සම්බන්ධීකරණයේ ගැටලු වගේම අධික කාර්යමණ්ඩලයන් පත් කිරීම, මේ දුර්වලතා අතර ප්‍රධානයි.

අවුල හරිගස්සන්න මේ කමිටුවෙන් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශය වෙන්නේ ප්‍රධාන අමාත්‍යාංශ 4ක් සහ අදාළ විෂයන්වලට ආංශික අමාත්‍යාංශ 12ක් ඇති කරන්න. අමාත්‍යාංශවලට පත්කරන අමාත්‍යවරු අතර සම්බන්ධීකරණය සිදුකරන්න රාජ්‍ය අමාත්‍යධූර හඳුන්වාදීමත් මේ කමිටුවෙන් නිර්දේශ කරලා තියෙනවා.

මේ කියන ප්‍රධාන අමාත්‍යාංශ සහ ආංශික අමාත්‍යාංශ මොනවාද කියලා, 3 වෙනි සහ 4 වෙනි රූපවල දක්වලා ඇති.

මොකද හිතන්නේ? මේක අදටත් ගැලපෙයි ද? කමෙන්ට් එකක් දාන්න.

🔴 කතානායක පුටුවේ වෙනසක් වෙන්නේ නැහැ!✅ පක්ෂව ඡන්ද - 117යි❎ විපක්ෂව ඡන්ද - 75යි🤷 ආපු නැති අය - 31යිසමගි ජනබලවේගය ප්‍රමුඛ ව...
21/03/2024

🔴 කතානායක පුටුවේ වෙනසක් වෙන්නේ නැහැ!

✅ පක්ෂව ඡන්ද - 117යි
❎ විපක්ෂව ඡන්ද - 75යි
🤷 ආපු නැති අය - 31යි

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය පාර්ලිමේන්තුවේ වර්තමාන කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. එහෙම කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහිව බවයි, විපක්ෂය කියා සිටියේ.

මේ විශ්වාසභංග යෝජනාව මුල් කරගත් විවාදය දවස් දෙකක් පුරාවට පැවැත්වුණා. ඡන්ද විමසීම සිදුවුණේ අද (21).

ඒ ඡන්ද විමසීමේ දී, ආණ්ඩු පක්ෂය (විපක්ෂයේ වුනත් ආණ්ඩු පක්ෂයේ මතය නියෝජනය කරපු දෙතුන් දෙනෙකුගේ සහයත් එක්ක) වැඩි ඡන්දයෙන් විපක්ෂය ඉදිරිපත් කළ මේ විශ්වාසභංග යෝජනාව පරායට පත්කළා.

ඒ කියන්නේ, වර්තමාන කතානායක පුටුවේ වෙනසක් දැනට සිදුවෙන්නේ නැහැ කියන එක.

21/03/2024

🔴 ඇමති බන්දුල ගුණවර්ධන මේ කියන්නේ කා ගැන ද?

👉 විශ්වාසභංගයට කලින් ඇහුණු කතා - https://rb.gy/wa0xeu

21/03/2024

🔴 විපක්ෂ නායකතුමාට වෙන කියන්න දෙයක් නැහැලු.

👉 විශ්වාසභංගයට කලින් කරපු කතා මෙතැන - https://rb.gy/9a6vwy

20/03/2024

🤔 මේ කතාව ඇත්ත ද?

👉 හරියටම බලලා දැනගත්තොත් නරක ද? - https://rb.gy/5e40po

20/03/2024

🔴 අද පාර්ලිමේන්තුවේ උදේ වරුවේ මොනවද වුනේ දන්නව ද?

👉 කතාව ලින්ක් එකේ: https://rb.gy/s654s7

😑 අවතැන් ආයතන!ගතවෙච්ච කාලයේ උදේ නැගිටිනකොට වැඩියෙන්ම ඇහුණු වචනය වුණේ මොකක්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන්නේ එක උත්තරයක් විත...
18/03/2024

😑 අවතැන් ආයතන!

ගතවෙච්ච කාලයේ උදේ නැගිටිනකොට වැඩියෙන්ම ඇහුණු වචනය වුණේ මොකක්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන්නේ එක උත්තරයක් විතරයි. ඒ තමයි ගැසට්!

අලුත් නීති සහ සම්මතයන් ප්‍රකාශයට පත්කරනවාට අමතරව, ඒ ගැසට්වල වැඩියෙන්ම තිබුණු අනෙක් කාරණය වුනේ ඇමති මණ්ඩල සහ විෂය පථයන්වල වෙනස්වීම්.

ගිය සතියේ පෝස්ටුවකින් ඇමති මණ්ඩල වෙනස්වීම ගැන අපි කතා කළා මතක ඇති. සාමාන්‍යයක් විදිහට ගත්තොත් අපි අවුරුද්දකට 7 වතාවක් විතර අපේ ඇමති මණ්ඩලය වෙනස් වෙනවා.

අද කතා කරන්නේ අමාත්‍යාංශවල විෂය පථයන් වෙනස්වීම ගැන. මෙතුවක් කාලයකට අපිට බැරි වෙලා තියෙනවා අමාත්‍යාංශ යම්කිසි ගාණක් පිහිටුවාගෙන අදාළ විදිහට ඒවාට විෂය පථයන් - එහෙමත් නැත්නම් ආයතනයන් ඇතුළත් කරන්න.

පහළ තියෙන්නේ අපේ මේ බැරිකමේ උදාහරණ.

🔴 2015 අවුරුද්දේ ඉදන් ආගමන විගමන දෙපාර්තමේන්තුව 10 වතාවක් විතර විවිධ අමාත්‍යාංශ අතරේ හුවමාරු වෙලා.

🔴 ටෙලිකොම් එක? 6 සැරයක් හුවමාරු වෙලා.

🔴 ජාතික ලොතරැයි මණ්ඩලය 9 සැරයක් හුවමාරු වෙලා.

ඇයි මෙහෙම කරන්නේ? කාගේ හරි වුවමනාවකට ද?

මෙහෙම තැනින් තැනට ආයතන හුවමාරු කරන්න ගියහම රටේ මිනිස්සුන්ට මේවායින් වැඩක් කරගන්න යන එකෙන් මොන වගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයිද කියන එක අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.

ඒ නිසා ස්ථීර සැකැස්මක් හදාගන්න එක හොඳ නැද්ද?

🔴 අපි ඉන්නේ අවුරුද්දකට 7 වතාවක් විතර කැබිනට් එකේ සංයුතිය වෙනස්වෙන රටක!📌 2010 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ...
12/03/2024

🔴 අපි ඉන්නේ අවුරුද්දකට 7 වතාවක් විතර කැබිනට් එකේ සංයුතිය වෙනස්වෙන රටක!

📌 2010 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සමයේ 9 වතාවකුත්,
📌 පසුව පත්වෙච්ච මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයාගේ සමයේ 28 වතාවකුත්,
📌 ධූර කාලය අතරමග අතහැර යන්නට සිදුවුණු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සමයේ 53 වතාවකුත්
📌 වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ යටතේ 21 වතාවකුත්,

විදිහට අපේ කැබිනට් මණ්ඩලයේ සංයුතිය වෙනස් වෙලා තියෙනවා. අමාත්‍යාංශ යටතේ පවතින විෂය පථ, එක තැනකින් ගලවලා - තව තැනකට සම්බන්ධ කරන එක තමයි මේ සංයුතිය වෙනස්වීම කියන එකේ අදහස.

එක සැරයක් දෙසැරයක් නම් කමක් නැහැ කියමුකෝ. ඒත් මේ ගෙවිච්ච අවුරුදු 13ක කාලය ඇතුළත 111ක් වතාවක්? - තවත් විදිහකට කිව්වොත් සාමාන්‍යයෙන් අවුරුද්දකට 7 සැරයක් විතර අපේ කැබිනට් එකේ සංයුතිය වෙනස් වෙලා!

කැබිනට් එකක් ස්ථීරසාරව සකස් කරලා පවත්වාගෙන යන්නට අපිට ඇත්තටම බැරි ද? නැත්නම් මෙහෙම ගලවන්නේ - හයිකරන්නේ කාගේ හරි වුවමනාවකට ද?

🎯 A No-Confidence Motion (NCM) is a parliamentary tool requiring a minimum of 20 signatures from MPs in Parliament befor...
06/03/2024

🎯 A No-Confidence Motion (NCM) is a parliamentary tool requiring a minimum of 20 signatures from MPs in Parliament before being submitted to the relevant authority to be taken forward.

▶️ Swipe to learn more about the procedure of a NCM in our "Inside the Chamber series".

🎯 MNA MP Ali Sabri Raheem has been suspended for a month from today (6 March) by the Speaker.The Speaker stated that the...
06/03/2024

🎯 MNA MP Ali Sabri Raheem has been suspended for a month from today (6 March) by the Speaker.

The Speaker stated that the suspension was imposed per the recommendations of the report of the Committee on Ethics and Privileges, over the gold smuggling case.

🛑 SLPP MP Uddika Premarathne resigned from his parliamentary seat today (27 February). The MP stated in his resignation ...
27/02/2024

🛑 SLPP MP Uddika Premarathne resigned from his parliamentary seat today (27 February). The MP stated in his resignation letter that he joined politics with the hopes of creating a change as a young leader, but he never obtained an opportunity to do so over his last few years in politics.

🔴 පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි ජානක වක්කුඹුරුට පහුගියදාක තවත් වගකීමක් හිමිවුණා. ඒ, පරි...
21/02/2024

🔴 පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි ජානක වක්කුඹුරුට පහුගියදාක තවත් වගකීමක් හිමිවුණා. ඒ, පරිසර රාජ්‍ය අමාත්‍යවරයා හැටියට දිව්රුම්දීම්ත් එක්ක.

👪 පවුල්වල එකතුවක්?🤔 වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 66 දෙනෙකුටම දේශපාලනයේ පවුල් සබදතා පවතින බව දැනන් උන්නා ද?👉 මේ 6...
09/02/2024

👪 පවුල්වල එකතුවක්?

🤔 වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 66 දෙනෙකුටම දේශපාලනයේ පවුල් සබදතා පවතින බව දැනන් උන්නා ද?

👉 මේ 66 දෙනාගෙන්,

🔴 16 දෙනෙක් හිටපු මන්ත්‍රීවරුන්ගේ ඥාති පුතුන් හෝ දියණියන්
🔴 10 දෙනෙක් හිටපු මන්ත්‍රීවරුන් හෝ වර්තමාන මන්ත්‍රීවරුන්ගේ සහෝදර සහෝදරියන්

📌 ඔය අතරේ 4 දෙනෙක්, මේ කාණ්ඩ දෙකටම අයිතියි.

තව,

🔴 4 දෙනෙක් හිටපු මන්ත්‍රීවරුන්ගේ සහකරුවන්

🔴 5 දෙනෙකුගේ දෙමාපියන්/සහෝදර සහෝදරියන්/දරුවා හෝ සහකරුවා හිටපු මහ ඇමතිවරයෙක්

🔴 6 නෙකුගේ දෙමාපියන්/සහෝදර සහෝදරියන්/දරුවා හෝ සහකරුවා පළාත් සභාවක හිටපු මන්ත්‍රීවරයෙක්

📌 ඔය අතරේ එක්කෙනක් ඉන්නවා මේ කාණ්ඩ දෙකටම අයිති.

🤔 කවුද මේ අය?

පළවෙනි කමෙන්ට් එක බලන්න 👇

🔴 කෙහෙළිය ඉල්ලා අස්වේආන්දෝලනාත්මක ඖෂධ ගනුදෙනුවක යෙදී තිබෙනවාය කියා චෝදනා නැගී තිබෙණ පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම...
06/02/2024

🔴 කෙහෙළිය ඉල්ලා අස්වේ

ආන්දෝලනාත්මක ඖෂධ ගනුදෙනුවක යෙදී තිබෙනවාය කියා චෝදනා නැගී තිබෙණ පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පරිසර අමාත්‍යධූරය දැරීමට පෙර ඔහු සෞඛ්‍ය ඇමතිවරයා ලෙසයි කටයුතු කළේ.

එසේ කටයුතු කරමින් සිටි සමයේ තත්ත්වයෙන් බාල ඖෂධ මෙරට රෝහල්වලට ලබා දී තිබීමක් සම්බන්ධ ආන්දෝලනාත්මක සිදුවීමකට ඔහුත් හවුල්වී ඇති බවටයි චෝදනා නැගී ඇත්තේ. මේ චෝදනා නැගුණු මුල් අවදියේ කෙහෙළියට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන එන්නටත් විපක්ෂය කටයුතු කළා.

නමුත් ඔහු, සිය පක්ෂ සාමාජිකයන්ගේ සහායෙන් ඒ විශ්වාසභංගය පරාජයට පත්කළා.

මේ සිදුවීම් මධ්‍යයේ රඹුක්වැල්ලව සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කළ ජනපති වික්‍රමසිංහ, ඔහුව නව පරිසර අමාත්‍යවරයා ලෙස පත්කිරීමට කටයුතු කළා. ඒ වන විටත් ඔහු සහ මෙම සමස්ත සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්වෙමිනුයි තිබුණේ.

නැගී තිබෙණ චෝදනාවලට ඔහු නීතිය ඉදිරියේ වැරදිකරුවෙක් ද, නිවැරදිකරුවෙක් ද, යන්න බලාගන්න හැකිවන්නේ ඉදිරියටයි.

🤔 හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පුවත් මවන්නෙක් වෙලා තියෙන්නේ ඇයි?බලන්න 👇📺
02/02/2024

🤔 හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පුවත් මවන්නෙක් වෙලා තියෙන්නේ ඇයි?

බලන්න 👇

📺

නිදහස් සෞඛ්‍යයට සැලසුම් සහගත ප්‍රහාරයක් -Keheliya Rambukwella|Sajith Premadasa|Parliament|Sri Lanka 🔴Follow ManthriLK on Twitter | https://twitter.com/Manth...

🔴 අධිවේගයේ සිදුවුණු හදිසි අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වුණු ජල සම්පත් රාජ්‍ය අමාත්‍ය...
31/01/2024

🔴 අධිවේගයේ සිදුවුණු හදිසි අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වුණු ජල සම්පත් රාජ්‍ය අමාත්‍යධූරයට හිටපු අමාත්‍යවරයෙක් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ අද පත් වුණා.

🔴 හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බැලීමක්කටුනායක අධිවේගී මාර්ගයේ පසු...
28/01/2024

🔴 හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බැලීමක්

කටුනායක අධිවේගී මාර්ගයේ පසුගිය 25 වෙනිදා සිදුවූ රිය අනතුරකින් මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද (28) දින සිදුකිරීමට නියමිතව තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 48ක්.

සනත් නිශාන්ත ඔහුගේ දේශපාලන දිවිය පටන්ගෙන තිබෙන්නේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට 1997 වසරේදී. ඒ, එම ප්‍රාදේශීය සභාවේම හිටපු සභාපතිවරයා වුණු සමන් හේමචන්ද්‍රගේ ඝාතනයෙන් පසුව.

අනතුරුව 2004 පැවැත්වෙන වයඹ පළාත්සභා මැතිවරණයට තරගකරන ඔහු එයින් ජයග්‍රහණය කර එම සභාවේ සභිකයකු හැටියට පත්වෙනවා. එයින් පසුව 2009 වසරෙත් පැවැත්වෙන පළාත්සභා මැතිවරණයට තරග කරන සනත් නිශාන්ත, එම අවස්ථාවෙත් ජයගෙන වයඹ පළාත්සභා සභිකයෙක් හැටියට පත්වෙනවා.

එම පත්වීමෙන් පස්සේ සනත් නිශාන්තට වයඹ පළාත් සභාවේ ධීවර, මහාමාර්ග සහ විදුලිබල අමාත්‍ය තනතුර හිමිවෙනවා. ඒ, 2010 අවුරුද්දෙ දී.

2012 අවුරුද්දේ වයඹ පළාත් සභාවේ වැඩබලන මහ ඇමතිවරයා හැටියටත් කටයුතු කරන ඔහු, 2013 අවුරුද්දේ පැවැත්වෙන පළාත්සභා මැතිවරණයෙන් නැවත වතාවක් වයඹ පළාත්සභාවට පත්වෙනවා. මෙවර සනත් නිශාන්ත ජයග්‍රහණය කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන. පෙර දරමින් සිටි ධීවර, මහාමාර්ග සහ විදුලිබල අමාත්‍යධූරයම ඔහුට නැවතත් හිමිවෙනවා.

සනත් නිශාන්ත ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2015 අවුරුද්දේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින්.

2019 ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා යටතේ ධීවර රාජ්‍ය අමාත්‍යවරයා හැටියට පත්වීම් ලබන ඔහු, 2020 දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් දෙවෙනි වතාවටත් පාර්ලිමේන්තු වරම් දිනාගන්නවා. ඔහුට තමයි පුත්තලම දිස්ත්‍රික්කයේ ඉහළම මනාප හිමිවෙන්නේ.

පත්වන නව රජයේ දුෂ්කර සහ ග්‍රාමීය පානීය ජල සැපයුම් ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලබන සනත් නිශාන්ත, 2022 අවුරුද්දේ අප්‍රේල් මාසයේ දී, සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී, ජල සැපයුම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වනවා. නැවත ඒ අවුරුද්දෙම සැප්තැම්බර් මාසයෙදිත්, ඔහුට එම තනතුර හිමිවෙනවා.

මියයන විට ඔහු කටයුතු කරමින් සිටියෙත් ජල සැපයුම් රාජ්‍ය අමාත්‍යවරයා හැටියට.

🔴 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පණත ඊයේ පාර්ලිමේන්තුවේ දී, සම්මත වුනා. ඒ වැඩි ඡන්ද 46කින්.පණතට පක්ෂව ඡන්ද 108ක් ලැ...
25/01/2024

🔴 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පණත ඊයේ පාර්ලිමේන්තුවේ දී, සම්මත වුනා. ඒ වැඩි ඡන්ද 46කින්.

පණතට පක්ෂව ඡන්ද 108ක් ලැබෙනකොට, විපක්ෂව ලැබුණේ ඡන්ද 62ක්. ආණ්ඩු පක්ෂය පණතට පක්ෂවත්, විපක්ෂය පණතට විපක්ෂවත් ඡන්දය භාවිතා කළා.

කැපී පෙනෙන දෙයක් වුණේ ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාගර්භයේ නොසිටීම. ඔවුන් කවුද කියලා සොයලා බලනකොට, 54 දෙනෙක්ම ඒ වෙලාවේ පාර්ලිමේන්තු සභාගර්භයේ ඉදලා නැහැ.

🔴 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පණත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක්වෙනවා. මේ ගැන දීප ව්‍යාප්ත ජනමත විමසුමක් අපි ග...
23/01/2024

🔴 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පණත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක්වෙනවා.

මේ ගැන දීප ව්‍යාප්ත ජනමත විමසුමක් අපි ගිය අවුරුද්දේ සිදුකළා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව නම් මේ පණතින් වෙන්නේ නිදහස අවුරා දැමීමක් බව පණත ගැන දන්නා රටේ 56% දෙනෙක්ම කියනවා.

🔴 පහුගිය දවසක දේශපාලන වේදිකාවකින් ඇහුණා මෙහෙම කතාවක්. හිටපු අමාත්‍යවරයෙක් තමයි කතාව කිව්වේ."අපි දැන් මේ කැරට් දේශපාලනය න...
18/01/2024

🔴 පහුගිය දවසක දේශපාලන වේදිකාවකින් ඇහුණා මෙහෙම කතාවක්. හිටපු අමාත්‍යවරයෙක් තමයි කතාව කිව්වේ.

"අපි දැන් මේ කැරට් දේශපාලනය නවත්වමු!"

කැරට් දේශපාලනය නවත්වන්න නම් ඉතින් පළමුවෙන්ම කළ යුත්තේ පාලක පැලැන්තිය නියෝජනය කරන අයටත්, අනෙක් පැත්තෙන් ජනතාවටත් කැරට් දෙන එක නැවැත්වීම. මේ දවස්වල පාලක පැලැන්තියට කෙසේවෙතත්, ජනතාවට නම් කැරට් කියා ගන්නවත් බැරුවයි ඉන්නේ.

අමාත්‍යධූර කියන්නෙත් කැරට් එකක් වගේ දෝ, කියලා හිතෙන ජාතියේ අනාවරණයක් Manthri.lk පසුගිය දවසක සිදුකළා. ඒ අනාවරණය අනුව හිටපු 2010 ජනපති මහින්ද රාජපක්ෂ සිට 2023 වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ වෙනකන් ගෙවිලා තියෙන කාලය ඇතුළත අපේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය, ඒ කියන්නේ අලුත් අමාත්‍යවරුන් පත් කිරීමේ ඉදන් අමාත්‍යාංශවල විෂයන් එකක් පස්සේ එකක් වෙනස් කිරීම්, අවස්ථා 111ක් තිබී තියෙනවා. ඒ කියන්නේ තවත් විදිහකට කිව්වොත් අවුරුද්දකට වාර 7කට ටිකක් වැඩි ප්‍රමාණයක්.

ඇයි මෙහෙම අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කරන්නේ? ගැසට් පත්‍රයක් හරහා ස්ථීර අමාත්‍ය මණ්ඩලයක් ප්‍රකාශයට පත්කරලා ඒක පත්වෙන හැම ආණ්ඩුවක් යටතේම ඒ විදිහටම පවත්වාගෙන යන්න බැරි මොකද? මොකද ආණ්ඩුව වෙනස්වුණා කියලා අමාත්‍යාංශයක යටතේ පවතින දෙපාර්තමේන්තු සහ ආයතන වෙනස් වෙන්නේ නැහැනේ. එකම විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. අලුත් ආයතන ඇති කළොත් ගැලපෙන අමාත්‍යාංශයක් යටතට අනුයුක්ත කරන්න පුළුවන්.

එහෙම නැතුව අවුරුද්දකට හත්වාරයකට වැඩි වතාවක් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කරනවා ඉතින්, නොහැකියාව නිසා ද? එහෙමත් නැතිනම් කාගේවත් වුවමනාවකට ද?

#මැතිවරණයඅතළගතියාගෙන #හිතන්නදෙයක්

12/01/2024

🔴 ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මුහුදු සංචාරයක රැගෙන ගිය බවට නැගෙන චෝදනාවලට රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අදත් පිළිතුරු බැන්දා. අසත්‍ය තොරතුරු නැගෙන තාක්කල් මේ රට ඉදිරියට ගෙනයන්නට බැරි බවයි ඔහු කියා සිටියේ.

12/01/2024

🔴 වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාර ගැන විවේචනයක් අද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී, සිදුකළා. අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලට අමතරව රුපියල් ලක්ෂ 2000ක් ජනපතිවරයාගේ වියදම් වෙනුවෙන් ඉල්ලා ඇති බවටත් ඔහු චෝදනා කළා.

12/01/2024

🔴 විදෙස් රටවලින් පැමිණ රටේ ජනතාවට ණයට මුදල් ලබාදෙමින් සිටින පිරිසක් ගැන අනාවරණයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී, සිදුකළා. සාම්ප්‍රදායික එකගතාවලින් බැහැරව කටයුතු කරන මේ පිරිස අධික පොලියට ණය මුදල් දෙමින් සිටින බවත්, මුදල් නොගෙවුවහොත් ණයකරුවන්ව බිය ගැන්වීමේ සිට ජීවිත තර්ජන පවා සිදුකරන බවත් ඔහු කියා සිටියා.

🔴 සමගි ජනබලවේගයට අලුත් මුහුණක්!ඉල්ලා අස්වුණු චමින්ද විජේසිරි හිටපු මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වුණු මන්ත්‍රී පුටුවට අද නය...
12/01/2024

🔴 සමගි ජනබලවේගයට අලුත් මුහුණක්!

ඉල්ලා අස්වුණු චමින්ද විජේසිරි හිටපු මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වුණු මන්ත්‍රී පුටුවට අද නයන වාසලතිලක පත්වුණා. ඔහු නියෝජනය කරන්නේ බදුල්ල දිස්ත්‍රික්කය.

👉 චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙමින් කියූ කතාව මෙතනින් බලන්න: https://web.facebook.com/ManthriLK/videos/1446453609642029/

12/01/2024

🔴 මුහුදේ පාටි දැමීම ගැන විපක්ෂයෙන් එල්ල වුණු චෝදනාවට විෂය භාර රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පිළිතුරු දුන්නේ මෙහෙම.

12/01/2024

🔴 අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියන සෑම දෙයම කරනවා නම් ආණ්ඩුවක් වුවමනා නැති බව ඊයේ (11) පෙන්වාදුන් විපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම්, ඔවුන්ගේ යෝජනා පදනම් කරගෙන අපේම ක්‍රමයක් යටතේ ඉදිරියට යා යුතුව තිබෙන බව කියා සිටියා.

Address

5A, Police Park Place (Off Police Park Avenue)
Colombo

Alerts

Be the first to know and let us send you an email when Manthri.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Manthri.lk:

Videos

Share


Other News & Media Websites in Colombo

Show All