15/11/2024
ජනපති අනුර කුමාර සහෝදරයා ඇතළු නව පාර්ලිමෙන්තුවට....
ජාතික ජන බලවේගය ඉල්ලා සිටි පරිදි රටේ ජනතාව ජනාධිපති විධායක බලය සහ පාර්ලිමෙන්තු විවස්ථාධායක බලය ලබාදී තම වගකීම ඉටුකර අවසන්ය. දැන් ඔබලාගේ වගකීම සහ පොරොන්දුව ඉටුකිරීමේ කාලය දැන් ආරම්භවී ඇත. අර බලය නැහැ මේ බලය නැහැ විපකෂයේ සහයක් නැහැ, ජනතාවගේ සහයක් නැහැ කියා පෙර සිටි පාලකයන් මෙන් ජනතාවට වෙට්ටු දැමීමට නොහැකි බව මෑතකදී පැවැති මැතිවරණවලින් පසු දේශපාලකයන් සියළු දෙනාම හොඳින් වටහාගෙන ඇතැයි සිතමු.
ජාතික ජන බලවේගයට ජනතාව වශයෙන් අපි ජන්දය ලබාදුන්නේ පාරම්පරික ජන්ද ක්රිමවේදයම ප්‍රතිකෙෂ්ප කරමින්ය. ජනතාව වන අපි අවශ්‍යතාවයක් නැතිව රජයේ සහනාධාර ද, සුදුසුකමක් නැතිව රජයේ රැකියාවක් ද, හාල්, පොල්, බිත්තර ද බලාපොරොත්තුවෙන් ජන්දය ලබාදුන්නේ නැහැ.
ජනතාව වශයෙන් අපි පළමුව බලාපොරොත්තුවෙන් සිටින්නේ වංචා, දූෂණ හා රටේ වත්කම් සොරකම් කළ දේශපාලකයන්, නිළධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාස්කු ප්‍රහාරය වැනි නිතී විරෝධි වැඩකටයුතු කළ සියළු දෙනාටම වහාම නීතිමය පියවරක් ගෙන දඩුවම් ලබාදිය යුතු අතර, රටට ලැබිය යුතු වත්කම් සියල්ලම රාජස්ථාන කළ යුතුයි යන දැඩි බලාපොරොත්තුකින්ය. සරලව කියනවානම් බලය, ධනය, හිතවත්කම්, නොබලා සියළු දෙනාටම නීතිය අකුරටම ක්‍රියාත්මක වනු ඇතැයි බලා සිටින්නෙමු.
ඊළඟට ජනතාව වන අපට රජයෙන් සහනාධාර යැයි බඩු මළු, හෝ මුදල් අවශ්‍ය නැත. ජනතාවට ඔවුන්ගේ හැකියාව, දකෂතාවය, අධ්‍යාපනය, ශ්රමයට සරිලන රැකියාවක්, ව්‍යාපාරයක් කිරීමට සුදුසු වාතාවරණයක් ඇති කිරීමෙන් එයින් උපයාගන්නා ඔවුන්ගේ වත්කමින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමට හැකි වන අයුරින් එවැනි භාණ්ඩ සහ සේවාවන් මිල අඩු කර දෙන්න. අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත්, අධ්‍යාපන උපකරණ, ඉන්ධන, විදුලි ගාස්තු, සහ ඔය බයික් කට්ටක්, ත්‍රීවිල් එකක් වැනි වාහනයක මිල අඩුවීම තමයි රටේ බොහෝ ජනතාවගේ අහිංසක බලාපොරොත්තුවයි.
ඊළඟ රාජ්‍ය සේවයට සුදුසු පුද්ගලයන්ව පත්කරනු ඇතැයි බලාපොරොත්තුවන අතර, ඔවුන්ගෙන් ජනතාවට ඉටුවිය යුතු සේවය බලය, ධනය, ඥාති හිතවත්කම්, වලට සීමා නොවී සාමාන්‍ය ජනතාවට අල්ලස් සහ රස්තියාදු කිරීමකින් තොරව යහපත් සේවාවක් ලබා ගැනීමට නිසි වැඩපිළිවලක් ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු. සරලව කියනවනම් අපගේ බදු මුදලට තෘප්තිමත් සේවාවක් බලාපොරොත්තු වන්නෙමු.
උතුර, නැගෙනහිර හා දකුණ යැයි භේදයකින් තොරව රටේ සමස්ත ජනතාවම ජාතික ජන බලවේගයට ජන්දය ලබාදී අපි ශ්‍රී ලාංකිකයන් යන දොරටුව විවෘත කර ඇත. එය පසුගිය පාදඩ පාලකයන් මෙන් භාෂාව, ආගම, පකෂය, මහ ජාතිය, සුළු ජාතිය කියා බෙදා වෙන් නොකර සියළු දෙනාම ශ්‍රී ලාංකිකයන් යන එම එක්සත් භාවය රැක ගැනීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.
පත්වීමට නියමිත නව ජනතා ආණ්ඩුව මඟින් කඩිනමින් ඉටුවනු ඇතයි බලාපොරොත්තුව වන රටේ ජනතාවගේ අහිංසක බලාපොරොත්තුව මෙයයි. මෙය ක්‍රියාත්මක කිරීිමට පසුගිය පාලකයන් ලොරි ටෝක් දුන්න වගේ වසර ගණනාවක් නොයන බව ජනතාව දනිති. ජන්දය ලබාදුන් වගේම ඉදිරි කාලයේදී රජය විසින් ගන්නා යහපත් වැඩකටයුතුවලට ජනතාව වශයෙන් දිගටම සහාය ලබාදීමට ද ජනතාව සූදානමින් සිටින බවද දන්වා සිටින්නෙමු.
sarinigar.com