Young ThugZ

Young ThugZ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Young ThugZ, Publisher, Galle, Colombo.

11/08/2023
31/07/2023

ඔබ රණතුංග කරුණානන්ද යන නම අසා තිබේ ද?
🇱🇰🇱🇰
________________________________________♥️
1964 ඔලිම්පික් උළලේ පිරිමි මීටර 10,000 දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයා R. කරුණානන්ද විය.

තරඟය ආරම්භ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරඟකරුවන් අතර Billy Mills නම් ඇමරිකානු ක්‍රීඩකයා ප්‍රථම ස්ථානය හිමි කරගන්න ලදි. ප්‍රථම දෙවන තෙවන ස්ථාන පිළිවෙලින් තීරණය වෙද්දී අනෙකුත් ක්‍රීඩකයින් එකිනෙකා තරඟයෙන් ඉවත් වන්නට විය. කරුණානන්දට වඩා වට 4ක් ඉදිරියෙන් Billy Mills තරඟය නිම කර අවසානය. ඒත් කරුණානන්දට තරඟය තවම අවසන් නැත. අන් සියලුම ක්‍රීඩකයින් ධාවන පථයෙන් ඉවත්ව ඇත. නමුත් ඔහු තවමත් දිවයයි. ඔහු තනිව දිවයන ප්‍රථම වටය පුරාවටම ප්‍රේක්‍ෂකයින් උසුළු විසුලු හඬින් කෑ ගසන්නට විය. ඒත් කරුණානන්ද නොනැවතී තරඟයේ යෙදෙයි. දැන් ප්‍රේක්‍ෂකයින් සියල්ලෝම මේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මීයට පිම්ඹාක් මෙන් නිහඬය. තවත් වට දෙකක් ඉතිරිව ඇත. ප්‍රේක්‍ෂකාගාරයෙන් අන් කිසිම තරඟකරුවෙකුට පල නොකෙරූ අයුරේ අත් පොළොසන් හඬත්, ප්‍රීතිඝෝෂා හඬත් ආරම්භ විය. තනිව දිවයන කරුණානන්දගේ අපිරිමිත ධෛර්‍යය සියල්ලෝම විශ්මයට පත්කර අවසානය. පුරා වට දෙකක් ඒකාකාරිව ඔහු වෙනුවෙන් සියල්ලෝම අත්පොළොසන් දෙමින් තම සුබපැතුම් එකතු කළෝය. මුලූ‍ ක‍්‍රීඩංගනයම එකම හඩකින් ගිගුම් දුන්නේය. ඒ "කමෝන් සිලෝන්... කමෝන් සිලෝන්..." ලෙසය. තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන්ගේ දෙනෙත් කදුළින් තෙත් විය.

තරඟය අවසානයේ Billy Mills සමඟ කරන ලද සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ "ප්‍රථම ස්ථානය හිමි විය යුත්තේ මට නොව, කරුණානන්දට" ලෙසටයි. දින කිහිපයක් පුරාවටම කරුණානන්ද වෙනුවෙන් ජපන් වැසියෝ තෑගි බෝග පිළිගන්වමින් ඔහුට තම උත්තමාචාරය පුද කර ඇති අතර රූපවාහිනියේ එම තරඟය නැරඹූ ජපන් කාන්තාවක් පවසා ඇත්තේ තරඟයේ අවසන් වට 2 ඇය නැරඹුවේ කඳුලු පිරි දෙනෙතින් බවයි. මිනිස් අධිෂ්‍ඨානයේ මහිමය පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුළත් විය. ඔහු ගැන අදටත් ජපානයේ දරුවන් පෙළපොතින් උගනිති.

සියල්ල අවසානයේ තම රටට පැමිණි කරුණානන්ද මහතා හට ජපන් ආයතනයක් මඟින් රැකියාවක් සඳහා ඇරයුම් ලැබුණි. නමුත් ඔහු ඒ සඳහා රටින් පිටව යාමට දින කිහිපයකට පෙර මෙලොව හැරදමා ගොස් තිබුණි. යමෙකු ඔහු හදිසි අනතුරකින් මියගිය බව පවසති. තවත් අයෙකු ඔහු ඝාතනය කල බව කියති.

කෙසේවුවත් රට වෙනුවෙන් තම උපරිමය ඉටු කළ මෙම අභිමානවත් ක්‍රීඩකයා අද ශ්‍රී ලාංකීය ජනමාධ්‍යය විසින් අමතක කර ඇත. මෙම තරඟය වෙනුවෙන් කරුණානන්ද මහතා දැරූ වීර්‍ය වෙනුවෙන් ඔහු සැබෑ වීරයකු ලෙස සැමගේ ගෞරවාදරයට පත් විය යුතු නොවේද?

(ලිපියේ මුල් රචකයාට අපගේ ගෞරවය පුදකරමු)

22/05/2023

මාත් එක්ක Sex_Chat කරන්න කැමති අය මේ Photo එක Share කරල Inbox එන්න❤️❤️❤️

22/09/2022
31/07/2022
31/07/2022
31/07/2022
21/05/2022

සුපිරි වෙළඳසැල් වල Cashier එක අසලම මෙම "මී මැලියම් උගුල්" විකිණීමට තබා ඇති බව ඔබ දැක ඇති..!
කරුණාකර මෙම නිෂ්පාදන මිලදී නොගන්න. මෙම "මී මැලියම් උගුල්" සත්ව හිංසනයේ අමානුෂිකම ආකාරයක් වේ. මෙවැනි උගුලක් සොයාගත් අය සැබැවින් ම මනෝ ව්‍යාධීන් විය යුතුය.
මීයන් මෙය ආහාරයක් යැයි සිතමින් මෙම මැලියම් මතට ඇදී ගිය පසු, මීයාට චලනය වීමට නොහැකිව ඊට දැඩිව ඇලෙන අතර, චලනය වීමට උත්සාහ කළහොත්, සම ගැලවී අධික වේදනාවක් විඳීමට සිදුවේ. නරකම දෙය නම් මෙම සත්වයා කිසි විටෙකත් කොතරම් වේදනාවට ලක් වුවද ඉන් මිය නොයෑමයි. මිනිසුන් පසුව මෙම පන ඇති සත්වයා සමඟ මැලියම් උගුල කුණු ගොඩට විසි කරයි. දින ගණනාවක් තිස්සේ මෙහි සිරවී සිටින සතුන්ට සිතාගත නොහැකි තරම් දරුණු, අමානුෂික, වේදනාකාරී මරණයක් උරුම වේ..
මීයන් පමණක් නොව මෙම උගුල්වලට හසු වන්නේ. කුරුල්ලන්, කෘමීන් සහ සුරතල් සතුන් ඇතුළු වෙනත් ඕනෑම සතෙකු ඊට හසු වීමට ඉඩ ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස නිවසේ ඇති කරනු ලබන සුරතල් සතුන් පවා ඊට හසු විය හැකි ය..!
මෙම නිෂ්පාදනය කිසි විටෙකත් මිලදී නොගන්න..!

18/05/2022

ඇයට නැගීසිටින්නට උදවු ලැබෙනතෙක් share කර සහයෝගයක් දක්වන්න 😓💔🙏

මේ ඉන්නේ. රසිණි හසාර වයස අවුරුදු 19 යි..
ඇයගේ එක් පාදයක දරුණු පිළිකාවක් .ඒ නිසා මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ හැකි ඉක්මනින් සැත්කමක් කල යුතු බවය

නැතිනම් පාදය කපා ඉවත් කරන්නට සිදු වේනවා..ඇය නැවතත් දෙපයින් සිට ගන්නටනම් මේ සැත්කම කල යුතුය ..එයට ලොකු වියදමක් දරන්නට සිදු වේනවා....

හැකිතාක් ශෙයාර් කරමින්
හැකි අයුරින් ඇයට මුදලක් ලබා දි අපේ රටේ අනාගතය භාර ගන්නට ඉන්නා මෙවැනි මල් කැකුළු රැක ගන්නට ඔබට හැකි අයුරින් මුදලක් ලබා දෙමු.

වැඩි විස්තර

ලිපිනය ...PkP Udayashantha
5B priwana road
priwana mawatha
Ratmalana .

☎️076 6718207

බැංකු ගිණුම් ..bank acc
Account no .151200490002080
people back Diyathalawa
branch PKP Udayashantha

NDB bank
Bandarawela
106310057889
PKP Udayashantha

(ඉල්ලීමක් මත පලකරනලද අතර මුදල් ගනුදෙනු සම්බන්දව මාගේ කිසිදු සම්බන්දයක් නැතිබැවින් ඉහතදුරකථන අංකයට ඇමතුමක් ලබාදී විශ්වාසය තහවුරුකරගැනීම ඔබට බාරයි )

- උපුටා ගැනීමකි -

10/04/2022
10/04/2022
29/03/2022

මේ මොහොතේ ලංකාවේ ගහන්න පුළුවන් ඉතා ම තක්කඩි දේශපාලන ගේම් එක ගසමින් ඉන්නේ විමල් වීරවංශ - ගම්මන්පිල - වාසුදේව - අතුරලියේ රතන - මැදගොඩ අභයතිස්ස කල්ලියයි.

ඔවුන් මේ වෙලාවේ කරමින් ඉන්නේ ලංකාවේ ආර්ථිකය කඩාවැටීමේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ "අවලස්සන ඇමෙරිකානුවා" ගිණුමට පමණක් බැරකොට රටේ මිනිසුන් ගේ ඇස්වලට වැලි ගැසීමයි.

මේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ ගිණුමට පමණක් බැර කිරීමේ භයානකකම වන්නේ එයින් මේ අර්බුදය නිර්මාණය කළ අනෙක් පියවරුන් ගේ පව් ලෙහෙසියෙන් ම සෝදා හැරිය හැකි වීමයි.

මේ අර්බුදය නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් ම බලපෑ අමනෝඥ තීරණ 4ක් තියෙනවා. ඒ තීරණ හතර නොවන්නට ලංකාව අද මේ අගාධයට වැටෙන්නේ නැහැ.

පළමුවෙනි තීරණය වන්නේ බලයට ආ ගමන් ම ව්‍යාපාරිකයන්ට ලබා දුන් බදු සහන පැකේජයයි. ඒ හරහා රාජ්‍ය ආදායම රුපියල් බිලියන 500කට වඩා අහිමි වුණා.

එහි බලපෑම මේ රුපියල් බිලියන 500 අහිමි වීමෙන් පමණක් නතර වූයේත් නැහැ. 2020 මුල ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් පහළ යන්නටත් මේ තීරණය බලපෑවා.

ණය ශ්‍රේණිගත කිරීම් පහළ යාමත් සමග ම ලංකාවට ඩොලර් ලබාගත හැකි මාර්ග ඇහිරෙන්නට පටන් ගත්තා.

ඒ තීරණය හරියට ම ප්‍රපාතයක් මුදුනේ නවත්තලා තිබෙන වාහනයක රෝදයට හිර කරලා තියෙන අඩකොටය ඉවත් කරනවා වගේ අමනෝඥ වැඩක්.

ඒ සඳහා ජනාධිපතිවරයා ගේ සිට ඒ මොහොතේ මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටි සියලු ම දෙනා වගකීම භාරගත යුතුයි. ආර්ථිකය සම්බන්ධ තීරණ ගත් සියලු දෙනා වගකීම භාරගත යුතුයි. වීරවංශ, ගම්මන්පිල සහ වාසුදේවත් ඒ තුළ ඉන්නවා.

දෙවැනි තීරණය වන්නේ පසුගිය වසර දෙක තුළ තිස්සේ ම අසීමාන්තික ලෙස කළ මුදල් අච්චු ගැසීමයි.

ඒ සඳහා වර්තමාන මහ බැංකු අධිපති නිවාඩ් කබ්‍රාල් මෙන් ම මේ ආණ්ඩුව යටතේ ඔහුට පෙර මහ බැංකු අධිපතිවරයාව සිටි මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මූලිකව ම වගකීම භාරගත යුතුයි.

අනෙක් අමන තීරණය වන්නේ කාබනික පොහොර විගඩම හරහා ලංකාවේ කෘෂිකර්මය විනාශ මුඛයට යැවීමයි.

මෙතෙක් කල් ලංකාවේ මොන තරම් යුද්ධ තිබුණත්, ත්‍රස්තවාදී කැරලි තිබුණත් ලංකාවේ මිනිසුන් ගේ ආහාර සුරක්ෂිතතාවට හානියක් සිදු වුණේ නැහැ.

ඒ නිසා රටේ මොන ප්‍රශ්නය තිබුණත් තමන්ට කන්න බොන්න තියෙනවයි කියන සහතිකය සහ විශ්වාසය ලංකාවේ මිනිසුන්ට තිබුණා.

කාබනික පොහොර විගඩම හරහා ඒ සියල්ල සුණු විසුණු කොට දැම්මා.

ඒ පසුපස සිටියේ වෛද්‍ය පාදෙණිය, අතුරලියේ රතන ඇතුළු කුඩා කල්ලියක්. ජනාධිපතිවරයා විශේෂඥයන් කියූ සියලු දේ නොසළකා පාදෙණිය සහ අතුරලියේ රතන වැනි ඒ කල්ලියේ අයගෙන් කෘෂිකර්ම උපදෙස් ලබාගත්තා.

ඒ සියලු දෙනා මේ රටේ ආහාර සුරක්ෂිතතාව බිඳවැටීම සම්බන්ධ වගකීම භාරගත යුතුයි. මේ රටේ ජනතාව ඔවුන්ට ඒ වගකීමෙන් පළා යන්නට ඉඩ නොදිය යුතුයි.

ඊළඟ වරද වන්නේ මෙබඳු අර්බුදයක් උදාවෙන බව පෙනී පෙනී තිබියදීත් ගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ගොස් විධිමත් සැලසුමකට අනුව ආර්ථිකය ගොඩනැංවීමට අසමත් වීමයි.

IMF වෙත යාමට මැලි වීමට ප්‍රධානත ම හේතුව වුණේ එවැනි වැඩපිළිවෙලක් තිබෙන විට සොරාකෑමට සහ ආර්ථිකය සමග සූදු කෙළීමට ඇති ඉඩකඩ ඇහිරීමයි.

IMF පිළිබඳ බිල්ලෙක් රටේ ජනතාවගේ සිතේ මවා තිබුණේ වීරවංශ, ගම්මන්පිල, රතන වැනි විසකුරු ජාතිකවාදී බලවේග සහ යල් පැනගිය වාමාංශිකයන් විසිනුයි.

ඒ නිසා IMF වෙත නොගිහින්, විධිමත් සැලසුමක් නැතිව, එක් එක් රටවලින් කෙටිකාලීන ණය අරගෙන ඒ හරහා මේ ආර්ථික අර්බුදයට මුහුණ දීමේ විකෘති මනෝභාවයකින් මේ ආණ්ඩුව ක්‍රියා කළා. මේ විකෘති මනෝභාවය පෝෂණය කළේ කබ්‍රාල් ඇතුළු පිරිසයි.

නමුත් එසේ උදව් ලබාදෙනු ඇතැයි සිතූ බොහෝ රටවල් ලංකාවේ ආණ්ඩුවට උදව් ලබාදුන්නේ නැහැ.

ඒ නිසා අද මුළු රට ම වසර ගණනකින් හෝ ගොඩ ඒමට අපහසු අගාධයක ගිලී සිටිනවා.

මේ සියලු පව් "අවලස්සන ඇමෙරිකානුවා" කියන භූතයා ගේ පිටින් යවන්නට උත්සාහ කිරීම කියලා කියන්නේ ම මේ අර්බුදයට වගකිව යුතු අනෙක් සියලු දෙනා ම එයින් නිදහස් කිරීමේ පාදඩ ව්‍යාපෘතියයි.

වීරවංශ සහ ගම්මන්පිල ඇතුළු පිරිස මේ වන විට කරමින් ඉන්නේ පික් පොකට් කල්ලියක සිටින සොරෙකු තමන් පසුපස මිනිසුන් එළවාගෙන එනවිට පොකට් එක තමන් ගේ සහචරයෙකු දිහාට වීසි කොට "හොරා හොරා" කියමින් ඒ සහචරයා පසුපස පන්නා ගෙන යාමේ භූමිකාවයි.

තමන් ගේ සහචරයා මිනිසුන්ට අල්ලා දුන් පසු අලුත් ඇඳුම් ඇඳගෙන ඇවිත්, අලුත් චරිතයක් රඟපාමින්, අලුත් විදියට පික්පොකට් ගසන්නට පුළුවන් වේ යැයි මේ පික්පොකට්කාරයා සිතනවා.

ඒ නිසා මේ පික්පොකට් කල්ලියේ සියලු ම දෙනා ඔවුන් කළ වැරදිවලට වගකියන තැනකට පත් කළ යුතුයි.

එමෙන් ම නැවත වතාවක් මේ පික්පොකට් කල්ලිය තුළ සිටි කිසිවෙකුට අලුත් සටන් පාඨ හරහා මේ රටේ මිනිසුන් මුළා කොට ඔවුන් ගේ අනාගතය විනාශ කිරීමට ඇති ඉඩ අහුරා දැමිය යුතුයි.

© රසික ජයකොඩි

28/03/2022

පුංචි ඉල්ලීමක් කරන්නේ🥺

27/03/2022
24/03/2022
23/03/2022
23/03/2022
23/03/2022
19/03/2022

මේකට කියන්නේ අපේ ඉරිසියාව නෙමෙයි..
තො⁣ #ලගේ තියෙන බොරු සෝබන

Address

Galle
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Young ThugZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category