Colombo Guardian

Colombo Guardian විශ්වාසනීය ප්‍රවෘත්ති සහ තොරතුරු සිංහලෙන් ඔබ වෙත...

18/06/2024

69 ලක්ෂයේ බලාපොරොත්තු බල ගන්වන සර්වජන බලය මහා ජන රැලිය...
සජීවී විකාශය

69 இலட்சத்தின் எதிர்பார்ப்பினை மீள் பலமூட்டிட சர்வசன அதிகாரத்தின் மாபெரும் கூட்டம்...

The Inaugural 'Sarvajana Balaya' Rally Reigniting the hopes of 6.9 million...
Live Stream

#සර්වජනබලය #சர்வசனஅதிகாரம்

"උරුමය" සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, සුදුසුකම්ලත් මහවැලි-වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින්...
18/06/2024

"උරුමය" සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, සුදුසුකම්ලත් මහවැලි-වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම ඊයේ (17) සිදුකළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී එම ඔප්පු ප්‍රධානය සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබේ.පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ, එළැඹ...
18/06/2024

වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබේ.

පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ, එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන සිටීම තුළ මෙලෙස පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බවය.

පරිභෝගිකයන් සහ තොග වෙළෙඳුන් පවසන්නේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

මේ පිළිබඳ අදහස් දැක්වූ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු, බුද්ධික ද සිල්වා මහතා පවසා සිටියේ, පොල්තෙල් ආනයනයකරුවන් හිතුමතේ තෙල් මිල තීරණය කර ඇති බවත් ඉදිරියේ දී තෙල් බෝතලයක මිල රුපියල් 1,000ක් දක්වා වැඩි වීමේ ප්‍රවණතාවයක් පවතින බවය.

මෙරට අනාගතය රඳාපවතින්නේ, ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති මත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ...
18/06/2024

මෙරට අනාගතය රඳාපවතින්නේ, ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති මත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මන්නාරම ප්‍රදේශයේ පැවති සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, නිසි ආර්ථික සැලසුමකින් තොරව රට ඉදිරියට ගෙන යා නොහැකි බවය.

"දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්" මැයෙන් සංවිධාන කළ මන්නාරම දිස්ත්‍රික් තරුණ සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විය.

එහිදී ජනාධිපතිවරයා තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළේය.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීන් සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් ද මන්නාරමේ දී ඊයේ පැවැත්විය.

පිරිස අමතමින් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ යළි නඟා සිටුවීමට තමාට හැකි වූ අතර ක්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරියේදී සියලු පාර්ශව වෙත තවදුරටත් සහන සැලසීමට කටයුතු කරන බවය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කර තිබුණි.

69 ලක්ෂයේ ජනවරමට සම්මාදම් වූ සහ අද වන විට යම් යම් හේතු මත අපේක්‍ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට, “එම ජනවරමින් අපේක්ෂා...
18/06/2024

69 ලක්ෂයේ ජනවරමට සම්මාදම් වූ සහ අද වන විට යම් යම් හේතු මත අපේක්‍ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට, “එම ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීමෙහි මූලාරම්භක අවස්ථාව සේ සලකා” අද(18) සවස 2:00ට නුගේගොඩදී ඇරඹෙන “සර්වජන බලය” දේශපාලන එකමුතුවෙහි ප්‍රථම දැවැන්ත ජනරැලියට එක්වන්නැයි එම දේශපාලන එකමුතුවේ විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇරයුම් කර සිටියි.

“සර්වජන බලය” දේශපාලන එකමුතුව අද(18) දිනයේ පවත්වනු ලබන ප්‍රථම දැවැන්ත ජනරැලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවෙහි විධායක සභිකයෝ ද මෙහිදී අදහස් දැක්වූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“මෙම මාධ්‍ය හමුව පවත්වනු ලබන්නේ ‘සර්වජන බලය’ දේශපාලන එකමුතුව පිහිටුවීමෙන් පසුව පවත්වනු ලබන පළමු දැවැන්ත මහජන රැලිය පිළිබඳව මාධ්‍යවේදී ඔබ හරහා මේ රටේ පොදු මහජනතාව දැනුම්වත් කිරීමටයි. අපි මෙහිදී පළමුව පැහැදිලි කළ යුතුයි, ‘සර්වජන බලය නමින් මෙවැනි එකමුතුවක් පිහිටුවන්නේ ඇයි? සහ එම එකමුතුවෙන් ජනතා ක්‍රියාකාරීත්වය බලගැන්වීමට බලාපොරොත්තු වන්නේ ඇයි?’ කියන එක.

69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂාව

ඔබ දන්නවා,මෙම දේශපාලන එකමුතුව නියෝජනය කරනු ලබන්නේ 69 ලක්ෂයේ ජනවරම ගොඩනඟන්න විවිධ මට්ටමෙන්, විවිධ අයුරින් දායක වූ දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන බව. සාධාරණ, විනයගරුක, නීතිගරුක හා සෞභාග්‍යවත් සමාජයක් ගොඩනඟා ගැනීමේ අපේක්‍ෂාව තමයි 69 ලක්ෂය ජනවරම තුළ නිධන්ගතව තිබුණේ. ඒ නිසාම තමයි 69 ලක්ෂයේ ජනවරම තුළ ඉතිහාසයේ වැඩිම තරුණ ඡන්ද සංඛ්‍යාවක් අන්තර්ගතව තිබුණේ. තාප්පවල චිත්‍ර ඇඳි තරුණයන්ගේ අහිංසක බලාපොරොත්තු කවරාකාරදැයි අපි අමුතුවෙන් කිවයුතු නැහැ.

අපේ ‘අත්හල නොහැකි’ වගකීම

ගෝඨාභය රාජපක්ෂ පාලනය පිළිබඳව තැබූ බලාපොරොත්තු කාලයාගේ ඇවෑමෙන් ක්‍රමානුකූලව බිඳවැටෙන විට එම ජනවරම නිර්මාණය කිරීමට දායක වූ මිනිස්සු අපේක්‍ෂාභංගත්වයට පත්වීමට පටන් ගත්තා. මේ ජනවරම ගොඩනැගීමට විවිධ අයුරින් දායක වූ අපට පැහැරහැරිය නොහැකි වගකීමක් තිබෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒමෙන් බලාපොරොත්තු වූ ඒ මහා ජනසන්නිපාතයේ අපේක්ෂාවන් සඵල කිරීමට ඉදිරියට ඒම. ඒ වගේම අපි විශ්වාස කරන්නේ නැහැ, ‘අද මේ රට රැගෙන යන රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු කල්ලියේ වැඩපිළිවෙළට හෝ එම වැඩපිළිවෙළ නියමින් හෝ අනියමින් අනුමත කරමින් නිහඬව සිටින විපක්ෂ කල්ලිකණ්ඩායම්වලට 69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂාවන් සඵල කළ හැකියි’ කියා.

මහා දේශපාලන රික්තකය පිරවීමට…

ඒ නිසා තමයි ඒ ‘මහා දේශපාලන රික්තකය පිරවීමට’ අපි ‘සර්වජන බලය’ නමින් එකමුතු වුණේ. ඒ එකමුතුවේ පළමු ජන ඒකරාශී කිරීම තමයි අද(18) සවස දෙකට නුගේගොඩ පැවැත්වෙන්නේ. ඒ මහා ජනවරමට සම්මාදම් වූ, ඒ වගේම අද යම් යම් හේතු මත අපේක්ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට අපි ඇරයුම් කරනවා, ’69 ලක්ෂයේ ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා හෙට දිනයේ සවස දෙකට නුගේගොඩට පැමිණෙන්න’ කියා.

ජනාධිපතිවරණයේදී 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකියාව ඇති බව සහතික වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකය...
17/06/2024

ජනාධිපතිවරණයේදී 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකියාව ඇති බව සහතික වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමන්ට පොදුජන පෙරමුණෙන් කොන්දේසි දහයක් ඉදිරිපත් කර ඇති බවත් තමන් මේ දිනවල ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු කරගෙන යන බවත් හෙතෙම පැවසීය.

කෙසේ නමුත් ජනාධිපතිවරණයට තවත් දින 115 ක පමණ ප්‍රමාණයක් ඇති නිසා ඉදිරියේදී සියල්ල තීරණ වෙනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

17/06/2024

ජාතිවාදයෙන් තොර ලස්සන ගමනක් අපි යනවා - මව්බිම ජනතා පක්ෂයේ විධායක සභික ඒ.ඩබ්.එස් අමීන්

ජාතික ජන බලවේගය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මෙතෙක් එළි දක්වා නැති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානා...
17/06/2024

ජාතික ජන බලවේගය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මෙතෙක් එළි දක්වා නැති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් මැතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලිදක්වන බවද ඔහු පැවසීය.

එම පක්ෂය විසින් ලන්ඩනයේදී පවත්වන ලද ජන හමුවකදී එහි පැමිණ සිට පුද්ගලයකු විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

ජාතික ජන බලවේගයට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මෙතෙක් එළි දක්වා නොමැති නිසා නිසි වැඩපිළිවෙළක් නොමැති බවට එල්ල වන චෝදනාවටට පිළිතුර කුමක්දැයි පාක්‍ෂිකයා එහිදී දිසානායක මහතාගෙන් විමසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ප්‍රශංසා කරන බව විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් මහතා සඳහන් කරයි.ඒ...
17/06/2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ප්‍රශංසා කරන බව විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් මහතා සඳහන් කරයි.

ඒ මන්නාරම දිස්ත්‍රික්කයෙන් සංවර්ධන කටයුතුවලට මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා හේතුවෙන් බවද ඔහු පැවසීය.

දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා ලබාදෙන සහයෝගයක් ඉහලින්ම අගය කරන බවද ඔහු කියා සිටියේය.

අද පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

අධිකරණය හරහා විසඳුමක් නොලැබුණහොත් නව සන්ධානයක් යටතේ නව ලකුණකින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් ක...
16/06/2024

අධිකරණය හරහා විසඳුමක් නොලැබුණහොත් නව සන්ධානයක් යටතේ නව ලකුණකින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උභා උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂණ පියදාස මහතා සඳහන් කරන්නේ දිගින් දිගටම වාරණ පැන වුවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපතිවරයා ලෙස පත්කිරීමේ උත්සාහය අත් නොහරින බවය.

එසේ නොහැකි වුවහොත් නව සන්ධානයකින් විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කරවන බවත් මහාචාර්යවරයා පැවසීය.

මේ ම්බන්ධයෙන් තීරණයක් නොබෝ දිනෙකින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බවද ද පවසන ඔහු නව සන්ධානයක් පිහිටුවීමේ සැලසුම් දැනටමත් සකස් කරමින් ඇති බවත් තවදුරටත් කියා සිටියේය.

ආණ්ඩුව කුමන ආකාරයෙන් උත්සාහ කළත් මැතිවරණ කල්දාන්න බැහැ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ නිසා ජනාධිපතිවරණය අනිවාර්...
16/06/2024

ආණ්ඩුව කුමන ආකාරයෙන් උත්සාහ කළත් මැතිවරණ කල්දාන්න බැහැ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ නිසා ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මැතිවරණය පිළිබඳව ජනතාව තුළ ඇති වී තිබෙන විශ්වාසය උනන්දුව බාල කිරීම සඳහා දරන උත්සහයක් තමයි විවිධ පාර්ශ්ව ලවා කරන ප්‍රකාශ සහ අදහස් සමාජ ගත කිරීමෙන් පෙනෙන්නේ.

ආණ්ඩුව පරදින බව සක්සුදක් සේ දන්නවා. ඒ පරාජයට මුහුණ දෙන්න බැරුව බියෙන් තමයි ජනමතය දුර්වල කරන්න උත්සාහ කරන්නේ. ජනතාව ඒ දේවල් පිළිගන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර දිනයක අනිවාර්යෙන්ම තිබිය යුතුයි.

රසික කොටුදුරගේ

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් තම දේශපාලන ස්ථාවරයන් වෙනස් කරමින් පිල් මාරු සඳහා සූදානමකින් සිටින බව ...
16/06/2024

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් තම දේශපාලන ස්ථාවරයන් වෙනස් කරමින් පිල් මාරු සඳහා සූදානමකින් සිටින බව වාර්තා වෙයි.

ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් ඒ අතර ප්‍රධාන පක්ෂවල තනතුරු දරන 15 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවත් එම පිරිස අතර සිටින බවත් පැවසෙයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට සූදානමින් සිටිද්දී ආණ්ඩුව නියෝජනය කරන තවත් මන්ත්‍රීන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමටද සූදානමක සිටිති.

එමෙන්ම තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජාතික ජන බලවේගය සඳහා සහාය දීමටද සූදානමකින් පසුවෙයි.

මෙම මෙම පිරිස දැනටමත් ඒ පිළිබඳ සාකච්ඡා වෙමින් සිටින අතර අදාළපියවරයන් මැතිවරණය කැඳවීමෙන් පසුව ප්‍රකාශයට පත් කරනු ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

ගාලු මුවදොර මූලික කරගෙන පැවති අරගල කාල සීමාවේ අරගලකරුවන් සොරාගන්නා ලද බඩු භාණ්ඩ යම් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට තීරණයක ...
16/06/2024

ගාලු මුවදොර මූලික කරගෙන පැවති අරගල කාල සීමාවේ අරගලකරුවන් සොරාගන්නා ලද බඩු භාණ්ඩ යම් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට තීරණයක වී තිබේ.

අදාළ භාණ්ඩවලට අයිතිවාසිකම් කියන පුද්ගලයන් කිසිවකු මෙතෙක් ඉදිරිපත් නොවීම මත අධිකරණය විසින් තීරණය කර ඇත.

අදාළ නඩු භාණ්ඩ ලැයිස්තුවක් අධිකරණ භූමියේ ප්‍රදර්ශනය කරන අතර මාස දෙකක් ඇතුළත කිසිවකු ඒ සඳහා අයිතිවාසිකම් ඉදිරිපත් නොකළහොත් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමටද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

අරගලයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් භාරයේ තිබී සොයා ගන්න පොලිසිය භාරයට ගන්නා ලද භාණ්ඩ හා සිද්ධියට අදාළ විමර්ශනවලදී සොයාගත් නඩු භාණ්ඩ මෙසේ වෙන්දේසි කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් පවත්වාගෙන ආ වාහන ආනයන සීමාවන් අද දිනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර...
15/06/2024

ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් පවත්වාගෙන ආ වාහන ආනයන සීමාවන් අද දිනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි.

ඒ අනුව වාණිජ වාහන වලින් සාමාන්‍ය පරිදා ආනයනය ආරම්භ කර සියලු වාහන ආනයන සීමාවන් 2025 වසරේදී අවසන් වන පරිදි එම ආනයන සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත්කළ එම අරමුදලේ මෙරට ප්‍රධානී පීටර් බෲවර් මේ බව සඳහන් කළේය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියටත් කරගෙන යාමට ප්‍රමාණවත් ප්‍රගතියක් ඇති බවද පැවසූ ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවධානම තත්ත්වය පවතින නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ වල ගම්‍යතාවය තවදුරටත් පවත්වාගෙන යා යුතුව ඇතැයිද පැවසුවේය.

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව මුල්‍ය අරමුදලට ගැටළුවක් නැතත් මැතිවරණ මුල්‍ය අරමුදලේ වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බවත් මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් බලධාරීන් සමග සාකච්ඡා කර යළි වැඩසටහනට අදාළ කාල රාමුවක් සකස් කර ගැනීමට සිදුවන බවත් හෙතෙම පැවසුවේය.

ඩුබායි රාජ්‍යට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට කටයුතු ක...
15/06/2024

ඩුබායි රාජ්‍යට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එහි සංවිධානාත්මක අපරාධකරුවන් 22 පමණ සිටීයි.

ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට උපකාර කරන බව එක්සත් අරාබි එමිරාජ්‍යයේ තානාපතිවරයා පවසා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ඒ බව පවසා තිබේ.

– නාගොඩ සුමන උදයන්ත.

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දකුණේ කොතරම් විරෝධතා ක්‍රියාත්මක වුවත් තමන් එයා ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේ...
15/06/2024

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දකුණේ කොතරම් විරෝධතා ක්‍රියාත්මක වුවත් තමන් එයා ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමා මෙම ප්‍රකාශය කරන්නේ මැතිවරණය ඉලක්ක කරනු නොව තම ප්‍රතිපත්තිය මත පිහිටා බවද හෙතෙම පැවසීය.

වෙනත් අපේක්ෂකයන්ද දහතුන්වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව පැවසුවද ජනතාව විශ්වාස කරන්නේ තමන් කියන දේ පමණක් බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ යාපනයේ ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකදීය.

20,006 views

“කොවිඩ් එන්නත් ගහලා මැරුණු අය ගැන වාර්තා වුණා සහ තවමත් වාර්තා වෙනවා. නමුත් පැණිය බීලා මැරුණ අය ගැන වාර්තා වුණා ද? නැහැ. ...
14/06/2024

“කොවිඩ් එන්නත් ගහලා මැරුණු අය ගැන වාර්තා වුණා සහ තවමත් වාර්තා වෙනවා. නමුත් පැණිය බීලා මැරුණ අය ගැන වාර්තා වුණා ද? නැහැ. එතකොට නයත් දේශීයයි. පැණියත් දේශීයයි. දේශීය දේවල් දරාගන්න බැරි ලොකු අහවල් අමාරුවක් තියෙනවා ගොඩක් අයට. මේ නයා ආවානම් වෙන කොහෙන් හරි ඌ හොද නයෙක් වෙනවා. පැණිය ආවා නම් ෆයිසර් ලේබලය ගහලා එහෙනම් අන්න පැණිය.”

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මෙලෙස අදහස් පළ කරනු ලැබුවේ, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මොනෑෂ් සරසවියේදී පැවැත්වූ සාකච්ඡාවකදීයි.

එහිදී ඔහු කියා සිටියේ, තමා ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පළ කිරීමට තීරණය කරනු ලැබුවේ ඔහු අනෙකුත් රාජපක්ෂවරුන් මෙන් හොරෙකු නොවන නිසා බවයි. එහෙත් එසේ බලයට ගෙනා ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභයගේ බෑණා විසින් ගෙදර යැවූ බව ඔහු තවදුරටත් කියා සිටියා.

තමන් දේශපාලනයට අකමැති නමුත් දේශපාලනය කිරීමට සිදුව ඇති බවත් තමන් වැරදීමකින් හෝ ජනාධිපති වන්නේ නම් නව පාර්ලිමේන්තුවක් ඇති කරන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායකයා පවසනවා.

සතුටු දැයක් වෙනුවෙන් තම ජයග්‍රහණය අවශ්‍ය බවත් ඒ සඳහා ජාතිකත්ව දේශපාලන කොටස් සමගින් ජයග්‍රහණය කරා යන බවත් දිලිත් ජයවීර එහිදී අවධාරණය කර සිටියා.

14/06/2024

රනිල් වික්‍රමසිංහට මාස දෙකකට සේලයින් ලැබිලා - සර්වජන බලය විධායකසභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ

තමන් නම් සීයා තනිවම නිවසේ දමා හෝ නොයන නමුත් අද වන විට රට පාලනය කරන්නේ තම සීයා වැනිම හැත්තෑ හැවිරිදි වයස්ගත පුද්ගලයෙකු බව...
14/06/2024

තමන් නම් සීයා තනිවම නිවසේ දමා හෝ නොයන නමුත් අද වන විට රට පාලනය කරන්නේ තම සීයා වැනිම හැත්තෑ හැවිරිදි වයස්ගත පුද්ගලයෙකු බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු පවසයි.

“අපේ කසින් සීයා කෙනෙක් ඉන්නවා, එයා කොළඹ එනකොට අපේ ගෙදර තමා නවතින්නේ. සීයා වයසයිනෙ, ඒ නිසා අපි එයාව දරුවෙක් වගේ තමා බලාගන්නෙ. සීයාට කන්න ටික ළඟට දෙනවා, බෙහෙත් ටික ළඟට දෙනවා, හැමදේම ළඟට දෙනවා. කොච්චර අවශ්‍යාවයක් තිබ්බත් අපි සීයාව කඩේකටවත් යවන්නෙ නෑ. අපි කොටින්ම කොච්චර අවශ්‍යතාවයක් තිබ්බත් සීයාව ගෙදර තනියම දාලා යන්නෙත් නෑ.

දැන් මම කල්පනා කළා සීයාටත් අවුරුදු හැත්තෑ ගාණක වයසක මනුස්සයෙක්, යකෝ දැන් රට පාලනය කරන්නෙත් ඒවගේ සීයා කෙනෙක් නෙ. මාර ප්‍රශ්නයක් නේ ? මේ අපේ ගෙදර ඉන්න සීයා වගේ සීයා කෙනෙක් තමා මේ වෙලාවේ රටේ ජනාධිපතිවරයා වෙලා ඉන්නෙ. ඒක වෙන්න පුළුවන්ද ? ඒක විහිළුවක්.

මම 90 දශකයේ යුවතියක්. මගේ පුංචි කාලේ මේ රටේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඒ කාලෙ ඔය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයක් දැරුවා. මහින්ද රාජපක්ෂත් මං හිතන්නෙ මොකක්හරි ඇමතිකමක් කරගෙන හිටියා. ඉතින් මම දැන් දශක කිහිපයක් ජීවත් වෙලා තියෙනවා, ලොකු අවුරුදු ගාණක්. ඒ අවුරුදු ගාණ ඇතුළත ආයෙ අනිත් පැත්ත හැරිලා බලනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති. මහින්ද රාජපක්ෂත් අත්වාරුවෙන් හරි අමාරුවෙන් පාර්ලිමේන්තුවට බඩගානවා. චන්ද්‍රිකාත් ආණ්ඩුවෙන් ගෙවන ගේකට වෙලා ඉන්නවා. මේකද වෙන්න ඕනෙ ? මේක තනිකර විහිළුවක් නෙවෙයිද කියන්නකො.

ඒගොල්ලො හිටියයි කියලා කරපු දේකුත් නෑ. කරලා තියෙන්නෙ තනිකරම මේ රට කාලා, වනසලා, තියෙන සම්පත් ටිකත් තුට්ටු දෙකට විකුණපු එක විතරයි. හොඳට මතක තියාගන්න, මෙන්න මේ නාකියො සෙට් එක නිසා තමා අපි මේ විදියට අපේ ලස්සනම තරුණ කාලෙ මේ වගේ කැත විදියට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඔන්න ඔය නාකියො සෙට් එක නිසා. මුලින්ම ඔය නාකියො සෙට් එක අපි එළවන්න ඕනෙ. නැත්නම් අපි කැමති විදියට ජීවිතයක් අපට කවදාවත් හදාගන්න බැරිවෙනවා.”

මනෝජා ප්‍රනාන්දු මේ බව පැවසුවේ පසුගියදා (ජුනි 09) හම්බන්තොටදී අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ජන බලවේගයේ තරුණ සමුළුව අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රශංසනාත්මකව අදහස් පළ නොකරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු ම...
14/06/2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රශංසනාත්මකව අදහස් පළ නොකරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට එම පක්‍ෂය අක්ෂයේ නායකයන් විසින් අවවාද කිරීමට තීරණය කර ඇත.

ඒ වත්මන් ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙලට ලෝක නායකයන් ප්‍රශංසා කරන බවට රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.

මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ රාජිත සේනාරත්න මහතාට මේ සම්බන්ධයෙන් අවවාද කිරීමටය.

සර්වජන බලය දේශපාලන එකමුතුව විසින් අද ජුනි (13) වැනිදා බොරැල්ල දේශපාලන මුලස්ථානයේදී සිය ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබ...
13/06/2024

සර්වජන බලය දේශපාලන එකමුතුව විසින් අද ජුනි (13) වැනිදා බොරැල්ල දේශපාලන මුලස්ථානයේදී සිය ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාව දැනුවත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී එළඹෙන 18 වන අඟහරුවාදා නුගේගොඩදී, 69 ලක්ෂයේ බලාපොරොත්තු යලි බල ගන්වන මහා ජන රැලියක් සර්වජන බලය දේශපාලන එකමුතුව වශයෙන් සංවිධානය කෙරෙන බවත් එය ශ්‍රී ලංකාවේ වාමවාදී ජාතිකවාදී දේශප්‍රේමී ජනතාවගේ ජන අභිලාශය මුදුන් පමුණුවාලන මෙරට ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත් කෙරෙන ආරම්භයක් සනිටුහන් කරනු ඇති බවත් ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සර්වර්ජන බලය විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මින් සහභාගී වී සිටියහ.

එහිදී 69 ලක්ශයෙන් කෙනෙක් නම් 18 වැනිදාට නුගේ ගොඩට පැමිණෙන ලෙස මෙරට වාමවාදී ජාතිකවාදී දේශප්‍රේමී ජනතාව වෙත ගෞරවයෙන් ආරාධනා කරන බව පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී සංසදය නියෝජනය කරමින සර්වජන බලයේ විධායක සභික චන්න ජයසුමන මහතා සඳහන් කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ශ්‍රී ලංකාවටත් රටේ ආරක්ෂක හමුදාවන්ටත් එල්ල වූ යුද අපරාධ චෝදනා වලට එරෙහිව නැගී සිටිමින් රටේ ස් ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසුණු 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාශය මුදුන් පමුණුවාලීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බවත් ඒ සඳහා රටේ පවතින එකම දේශපාලන බලවේගය සර්වජන බලය දේශපාලන එකමුතුව බවත් කියා සිටියේය. 2015 දී ජනතාව ලබා දුන් ජන වරම එම ජනවරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහජන නියෝජිතයින් විසින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉදිරියේ පාවාදෙමින් සිටින බව ප්‍රකාශ කල මන්ත්‍රීවරයා මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කිරීම

සඳහා වාර්තාවක් සකස් කරමින් සිටින අතර එය සැප්තැම්බර් මාසයේදී බොහෝ දුරට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් සඳහන් කළේය.

සාකච්ඡාව සඳහා එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට අයි එම් එෆ් තෙවන වාරිකය හරහා මා ස දෙකකට සේලයින් ලැබී ඇති බවත් බිලියන පනස් දෙකක ණය කන්දක් තබාගෙන ඩොලර් බිලියනයක් සඳහා රටේ රාජ්‍ය ව්‍යවසාය විකුණා දමමින් රාජ්‍ය සම්පත් විනාශ කරන බවත් පේනවා දුන්නේය. මේ තත්වය වලක්වා ගැනීමට වහාම ව්‍යවසායකත්ව දේශීය යාන්ත්‍රණයක් දියත් කල යුතු බවත් ඒ සඳහා සියලු දේශහිතෙෂි බලවේග එකට එක් විය යුතු බවත් සඳහන් කල ඒ මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ලෙඩා මලත් බඩ සුද්දයි න්‍යාය හේතුවෙන් නන්නත්තාර රටක් පමණක් ඉතිරිවන බව අවධාරණය කළේය.

හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සාකච්ඡාවට එක් වෙමින් ආණ්ඩුව නැවත 13 වන සංශෝධනය හරහා රටපුරා ජාතිවාදය පැතිර වීමට ගන්නා උත්සාහය පරාජය කල යුතු බව අවධාරණය කර සිටියාය.

රී ලංකාවේ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇත.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩ...
13/06/2024

රී ලංකාවේ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 336ක් ණය වාරිකය නිදහස් කිරීමට අනුමැතිය දී ඇත.

ඒ අනුව මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ඩොලර් බිලියන 2.9ක ණය අරමුදලේ තෙවැනි වාරිකය මෙරටට හිමිවෙයි.

ධනවත් පුද්ගලයන්ට කාන්තාවන් සපයමින් ගණිකා ජාවාරමක් කල බවට චෝදනා මත ප‍්‍රකට රංගන ශිල්පිනියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු අත...
13/06/2024

ධනවත් පුද්ගලයන්ට කාන්තාවන් සපයමින් ගණිකා ජාවාරමක් කල බවට චෝදනා මත ප‍්‍රකට රංගන ශිල්පිනියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙව ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් වයස අවුරදු 25-45 අතර පසුවන කාන්තාවන් පිරිසකි.

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය සරාගී චිත්‍රපට විශාල ගණනක සහ රූපවාහිනී නාලිකාවල විකාශයවු ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයේ යෙදුන අයෙකි.

කාන්තාවක් ලබා දීම සදහා ඇය රුපියල් 30,000 සිට ඉහල මිල ගණන් අයකරගෙන ඇතැයි හෙලිව ඇත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය...
12/06/2024

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක සභාපති ධුරයක් ලබාගැනීම සම්බන්ධයෙන් හේතුවෙන් මෙම තීරණය ගත් බව පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කලේය.

විජේදාස රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් වෙනත් පක්ෂයක සභාපති ධුරය ගැනීම පක්ෂ ව්‍යවස්ථාව කඩකිරීමක් බවද ඔහු පැවසුවේය.

අද ජනතාව මැතිවරණයක් එනතුරු බලා සිටින බවත් ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ න...
12/06/2024

අද ජනතාව මැතිවරණයක් එනතුරු බලා සිටින බවත් ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණ නැතුව වෙන කුමන පක්ෂයක් ගැනවත් ජනතාව නොසිතුණු ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සව අවස්ථාවට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

“දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන.ලන්සලා කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ. අපි දැන් එදාට වඩා අද ශක්තිමත් ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දාන්න බැහැ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා .

එහෙම වැඩක් එක්සත් ජාතික පක්ෂය කළොත් ඒ එම පක්ෂයේ අවසානයයි .අපේ ජනපති අපේක්ෂකයා ගැන දැන්ම මොනවත් කියන්නෙ නැහැ .නිසි වෙලාවට, නිසි කලට එය අපි කියන්නම්.ජනතාව දැන් බලාගෙන ඉන්නෙ පොහොට්ටුව දිනවන්නට.නැතිව වෙන මොන පක්ෂ ගැනවත් නොවේ.”

විස්සයි විස්ස ලෝක කුසලන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ක‍්‍රිකට් ලෝලීන්...
12/06/2024

විස්සයි විස්ස ලෝක කුසලන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

ඔවුන් සමාජ ජාල ඔස්සේ ක්‍රිකට් කණ්ඩායමත්, ක්‍රිකට් පරිපාලනයටත් දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරමින් සිටිති.

ලෝ ප‍්‍රකට විකිපීඩියා වෙබ් අඩවියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිටුවේ ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කෙටි නාමය ලෙස ‘ලොන්තයෝ’ ලෙස සඳහන් කර ඇත.

විකිපිඩියා වෙබ් අඩවිය ඕනෑම පුද්ගලයකුට සංස්කරණය කළ හැකි අතර මෙම සංස්කරණයද බොහෝ දුරට කෝපයට පත් ක්‍රිකට් ලෝලියෙකු විසින් කරන්නට ඇතැයි අනුමාන කෙරෙයි.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ 10  සහ 11  යන දිනයන්හි යාපනයේ දුෂ්කර පාසල් කිහිපයකට රුපියල් 1,177,000ක් වට...
12/06/2024

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ 10 සහ 11 යන දිනයන්හි යාපනයේ දුෂ්කර පාසල් කිහිපයකට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියත්මක කෙරුණි.

සක්වල සුහුරු වැඩසටහන යටතේ 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමර යාපනය නල්ලූර් ශාන්ත චාල්ස් මහා විද්‍යාලයට, යාපනය වෛදෙස්වර් විද්‍යාලයට , යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි ඇමරිකන් දමිල මිශ්‍ර පාසලට , යාපනය උඩුප්පිඩි බාලිකා විද්‍යාලයට , යාපනය කන්කසන්තුරේ අලවෙඩ්ඩි අරුණෝදය විද්‍යාලයට මෙලෙස සුහුරු පන්ති කාමර මෙලෙස ලබාදුන් අතරම සෑම පසලකම පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කිරීමට විපක්ෂ නායකවරයා විසින් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් යාපනය ඩෙල්ෆ්දූපතේ පාසල වෙතට සක්වල සුහුරු පන්ති කාමරය ලබාදීම වෙනුවෙන් මුහුදු මාර්ග ඔස්සේ විපක්ෂ නයක වරයාට ගමන් කිරීමට නියමිතව තිබුනද පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් එම ගමන තාවකාලිකව නවත දැමූ බවටත් ඉදිරියේදී එම වැඩසටහනද ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නයක වරය වැඩිදුරටත් යපනයේදී පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංක

නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණයවීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු...
11/06/2024

නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණයවීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු උද්ගතවී තිබුණත් ඊට එරෙහිව ඇති නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සිය සමේ වර්ණය පැහැපත් කරගැනීම සඳහා ස්ත්‍රී - පුරුෂ සහ වයස් භේදයකින් තොරව වර්තමානයේදී විවිධ ආලේපන වර්ග භාවිත කිරීමේ ප්‍රවණතාවය මේ වනවිට ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ නියාමනයෙන් තොරව නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේපන සහ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය සංකූලතා වාර්තාවීමද ඉහළගොස් ඇති බවය.

ඒ අනුව එම ආලේපන තුළ රසදිය වැනි බැර ලෝහ මෙන්ම ස්ටෙරොයිඩ ඉහළ සාන්ද්‍රණවලින් අන්තර්ගතවන බව අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබාදෙන බව එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය පැවසු...
11/06/2024

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබාදෙන බව එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය පැවසුවාය.

ඉන්දියාවේ නවදිල්ලිහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින අතර එහිදී එම හමුව සිදුව තිබේ.

සමූපකාර ක්‍රමවේදය අනුව බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අධ්‍යයනය කොට එහි අත්දැකීම් ද ලබාගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලාංකික කෘෂි ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බංග්ලාදේශයට යැවීමට ජනාධිපතිවරයා මෙහිදී එකඟතාවය පළ කර ඇති බව සඳහන්ය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන්ද නායකයන් දෙපළ සාකච්ඡා කර තිබේ.

ඒ අනුව ඉන්දීය නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් වූ පසුව බංග්ලාදේශය සමඟද නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

බංග්ලාදේශයේ පෞද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කරන බවට ද බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මැතිවරණයෙන් පසුව තමා බංග්ලාදේශයේ සංචාරයකට පැමිණෙන බවට ද ජනාධිපතිවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වෙත ප්‍රකාශ කර ඇති බව ද සඳහන්ය.

අද ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින්නේ මීට වසර 15 කට පෙර මෙරට දහස් ගණන් දෙමළ ජනතාව දහස් ගණන් ඝාතනය කිරීමේ ශාපයට යයි දෙමළ ජා...
11/06/2024

අද ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින්නේ මීට වසර 15 කට පෙර මෙරට දහස් ගණන් දෙමළ ජනතාව දහස් ගණන් ඝාතනය කිරීමේ ශාපයට යයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානිකම් ශානක්‍යන් මහතා සඳහන් කරයි.

යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් ඔවුන් වෙනුවෙන් මෙතෙක් කිසිදු යුක්තියක් ඉටුව නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

අදටත් රට තුළ ක්‍රියාත්මක වන්නේ මියගිය දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදී වැඩපිළිවෙලක් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Guardian posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Colombo

Show All