Ahas Publishers

Ahas Publishers Book Shop
Books Distributor
Publishers
(6)

ඔබ කැමතිම නවකතා ගෙදරටම ගෙන්වා ගන්න හෝ පැමිණ රැගෙන යන්න අප වට්ස්ඇප් අංකයට පණිවිඩයක් යොමු කරන්න.• Cash on delivery පහසුකමද...
18/04/2024

ඔබ කැමතිම නවකතා ගෙදරටම ගෙන්වා ගන්න හෝ පැමිණ රැගෙන යන්න අප වට්ස්ඇප් අංකයට පණිවිඩයක් යොමු කරන්න.

• Cash on delivery පහසුකමද ඇත.

• ඕනෑම පොත් ප්‍රමාණයකට දිවයිනේ ඕනෑම තැනකට පොත් ගෙන්වා ගන්නට කුරියර් ගාස්තුව රු 350/= පමණි.

14/04/2024
09/04/2024
New Arrivals
09/04/2024

New Arrivals

 #චේතනා_ද_සිල්වා
08/04/2024

#චේතනා_ද_සිල්වා

 #දිලිනි_ගයානි_ගුණසේකර
08/04/2024

#දිලිනි_ගයානි_ගුණසේකර

ඇට්ටේරියා... 🌼යමෙකුට යමක් අහිමි වන්නේ එය ඔවුන්ට හිමි නොවන නිසාවෙනි... එය ප්‍රේමය වුවද , විවාහය වුවද අහිමි වනවානම් අහිමි ...
08/04/2024

ඇට්ටේරියා... 🌼

යමෙකුට යමක් අහිමි වන්නේ
එය ඔවුන්ට හිමි නොවන නිසාවෙනි...
එය ප්‍රේමය වුවද , විවාහය වුවද
අහිමි වනවානම් අහිමි වන්නේය...

එකිනෙකට වෙනස් චරිත තුනක් හරහා ලියවුණු කුතුහලයකින් කියවපු සුපිරි කතාවක්...
පොතේ තියෙන විශේෂත්වය නම් පොත ඇතුලේ ආදරය , වෛරය , කුතුහළය පොත පුරාම තියෙනවා...
පොතේ මුල සිටම අවසානය දක්වා එක හුස්මට කුතුහලයෙන් කියවපු සුපිරි කතාවක්...

ප්‍රේමය නම් ,
රොමියෝ ජුලියට් , සාලියා අශෝකමාලා වැනි ප්‍රසිද්ධ ආදර කතා තුළ නොව පුංචි පුංචි කතා තුලත් ජීවමානය...
අනෙකාට නොවටිනා ප්‍රේමය තව කෙනෙකුටම මහමෙරක් සේ වටිනු ඇත...
අපි ඉවතලන ගල් කැටය තවකෙක් මැණිකක් සේ දකියි...
එතන ඇත්තේ ප්‍රේමයයි...
ඉතින් මා ප්‍රේමයට නිර්වචන නොදෙමි...
මන්ද ප්‍රේමය යනු ,
නිර්වචන දිය හැකි හැඟීමක් නොව
විඳිය යුතු හැඟීමකි...

දෙව්දූ රණබාහු පොත හරිම ලස්සනයි 💜️

Madushan
https://www.facebook.com/share/kkEQWC6oDMvzbEPp/?mibextid=oFDknk

 #අසෙනි_වර්ෂා
08/04/2024

#අසෙනි_වර්ෂා

New Arrivals
03/04/2024

New Arrivals

31/03/2024

ඇට්⁣ටේරියා මල් පිපෙන වසන්තයට

සියළුම අහස් ප්‍රකාශන සදහා 25% වට්ටමක්...
29/03/2024

සියළුම අහස් ප්‍රකාශන සදහා 25% වට්ටමක්...

“සර් ඉන්න.” ඇය පැවසුවත් අතීෂ් නතර නොවිම ගොස් වාහනයේ දොර හරිද්දී ඇය දිව ගොස් ඔහුගේ ටීෂර්ටය පිටුපසින් අල්ලා ගත්තේ නෙතින් ක...
27/03/2024

“සර් ඉන්න.”

ඇය පැවසුවත් අතීෂ් නතර නොවිම ගොස් වාහනයේ දොර හරිද්දී ඇය දිව ගොස් ඔහුගේ ටීෂර්ටය පිටුපසින් අල්ලා ගත්තේ නෙතින් කඳුළක් ගිලිහී කම්මුල දිගේ බේරෙද්දිය.

“සමාවෙන්න... දහස්වාරයක් සමාවෙන්න සර්”

ඇය එසේ පවසා ඇගේ නළල ඔහුගේ පිට මැදට තද කරගත්තේ වේදනාවෙනි. ඔහු ඇය දෙස නොබලාම රාත්‍රී අඳුර සොයන අහස දෙසට දෙනෙත් හෙළුවේ වේදනාවෙනි.

“මම නපුරෙක් දහරා.”

“එහෙම නෑ සර්.”

“මම ඔයාව රිද්දනවා.”

“නෑ සර්. සර්ගේ වචන වලට මාව රිදෙන්නේ නෑ.”

“සමාධි ළඟ හිටපු ඒ අතීෂ්ව මටවත් හොයා ගන්න බෑ දහරා.”

ඔහු දෙනෙත් තද කරගෙන පවසද්දී ඔහුගේ යන්තමට කඳුළු බිංදුවක් නෙත අග නතරවුයේ ඔහුටත් නොදැනීය.

“ඒ අතීෂ් එතනම අතරමං වෙලා නැතිවෙලා ගිය දෙන් සර්. මට ඒ අතීෂ් ඕනේ නෑ. මට මගේ සර්ව විරතයි ඕනේ.”

ඇයට කියවුනේ නෙතින් කඳුළු බේරීයද්දී හිතට දැණුන වේදනාව දරාගත නොහැකිවය.

“මට පණ දෙන්න පුළුවන් සර් වෙනුවෙන් විතරයි. වෙන කාටවත් මේ පණ අයිතියක් නෑ.”

දහරා පවසද්දී අතීෂ්ගේ පපුව පසාරුකරගෙන එවදන් හදවත තුළටම කාවදිද්දී ඔහු සුසුමක් හෙලා ඇය වෙත හැරුණේ ටීෂර්ටය අල්ලාගෙන හිටපු ඇගේ අත අල්ලා ගෙනමය. ඇය කඳුළින් පෙඟුන නෙතින් ඔහු දෙස බැලු‍වාය. ඒ සිව් දෙනෙත් එකට යාවුනි.

දිල්හාරි ප්‍රනාන්දු
27/03/2024

දිල්හාරි ප්‍රනාන්දු

“මේ කාමරේ යකා නටලා වගේනේ දෙයියනේ.” ඇය බිම වැටුන කොට්ට යහන මතට දමා ඇඳ ඇතිරිල්ල ද සකස් කර බිම වැටුන පොත් කිහිපයක් අහුලා ගත...
25/03/2024

“මේ කාමරේ යකා නටලා වගේනේ දෙයියනේ.”

ඇය බිම වැටුන කොට්ට යහන මතට දමා ඇඳ ඇතිරිල්ල ද සකස් කර බිම වැටුන පොත් කිහිපයක් අහුලා ගත්තාය. ඇය නිකමට මෙන් ඒ පොත් පෙරළා බැලු‍වාය.

“අතීෂ් සේනාධීර..”

ඒ පොතේ ඉදිරි පිටේ ලියා තිබූ අතර පොතේ හැම පිටුවකම වූයේ කටු ගෑ ගීතවල පද පේළිය. ඒ හැම ගීයකම යටින්. ්ී යන අකුරු දෙක සටහන් කර තිබුණි. දහරා ඒ මත ඇඟිලි තුඩු යවමින් කල්පනා කරේ මේ අකුරු තවත් කොහේ හෝ දැක හුරුපුරුදු බවක් ඇතැයි හැඟීය. ඇය මඳ වේලාවක් කල්පනා කරද්දී එය ඇගේ මතකට ආවේය. එදා බංලාවේ හට් එක ළඟ තිබී අහුලාගත් ගීපද පෙළ යටින් ද මේ ලෙස ්ී සටහන් කර තිබූ හැටි ඇයට සිහිවිය.

“ඒ කියන්නේ ඒක ලිව්වේ අතීෂ්ද?”

ඇය එසේ තමාටම මුමුණා ගනිද්දී එකවරම දොරක් ඇරෙන හඬක් ඇසුණි. දහරා පොත් ටික අතේ තබාගෙනම හිස හරවා බැලු‍වේය. නාන කාමරයේ සිට ටවලයෙන් හිස පිහිදමින් ආ අතීෂ්ගේද නෙත නාන කාමරයේ ඉදිරියෙන් වූ මේසය අසළ සිටි දහරා වෙත යොමු වූයෙත් එවිටමය. ඇගේ නෙත් අතීෂ්ගේ දිය බේරෙන මනාව වැඩුන පුරුෂ දේහය දිගේ පහළට ඇදී ගොස් අවසානයේ එක තැනක නතරවිය. ඊළඟ තත්පරයේ ඇගේ නෙත් නළල මත ඉන්දුනී. ඇගේ දෑතේ වූ පොත් අතින් ගිලිහී වැටුණේ ඉබේමය.

“අනේ දෙවියනේ...”

දහරා කෑ ගසාගෙන දෝතින්ම මුහුණ වසාගෙන වහා අනෙක් පසට හැරුණි. අතීෂ් ගැස්සී තම සිරුර දෙස බැලු‍වේ එවිටය. ඔහු සිටියේ නිරුවතිනි. අතීෂ්ගේ කන් පෙති ලැජ්ජාවෙන් රතුවී ගතම ගිනියම් වෙද්දී ඔහු කළබලයෙන් තුවාය ඉණ දවටා ගත්තේය.

“තමුසේ මොකද මෙතන කරන්නේ?”

අතීෂ් ලැජ්ජාව වසාගෙන තරහින් ඇසුවත් ඔහුගේ වදන් පැටලු‍ණි.

“යනවා කාමරෙන්...”

ඔහු කෑ ගසද්දී දහරා වෙව්ලමින් මොනවදෝ ගාථාවක් මුමුණන්නට වූයේ අඩියක්වත් ඉදිරියට තබා ගත නොහැකි ලෙස දෙපා හිරිවැටී තිබූ නිසාවෙනි. ජීවිතේ පළමු වරට හැඩිදැඩි පිරිමියෙකු ඇය ඉදිරියේ නිරුවත්ව සිටිනු දුටු නිසා දහරා හොඳටම බියට පත්ව සිටියාය. ඇය ඔහුට පිටුපා දෝතින්ම මුහුණ වසාගෙන හෙලවෙන්නේවත් නැතිව සිටිනු දුටු අතීෂ්ට දැනුණේ ඉසිලු‍ම් නොදෙන කෝපයකි.

“ඒයි හඩ්ඩි යනවා මෙතනින්. ලැජ්ජා නැද්දෝ හලෝ කොල්ලොන්ගේ කාමර වලට රිංඟන්නේ. ඒ පාර කාමරේ අස්සේ රිංඟුවේ මගේ ඇඟේ එල්ලෙන්න අලු‍ත් විදිහක් හොයාගෙනද?”

අතීෂ් එසේ පවසද්දී නම් දහරාගේ අප්‍රාණික ගතට පණ ආවේ එවදන් වල වූ කටුක බව නිසාමය. “මට කාගෙවත් ඇගේ එල්ලෙන්න ඕන නෑ. මහත්තයානේ හැදියාවක් නැතිව හෙලු‍වැල්ලෙන් කාමරේට ආවේ. ඊයා... අප්පිරියාවේ බෑ” ඇය සිදු වූ දෙයට බියට පත්ව සිටියත් එය සඟවා ගෙනම ඔහු දෙස නොබලාම අප්පිරියාවෙන් දෙවුර හකුලා පවසා පිටව යන්නට සැරසෙද්දී අතීෂ්ට එවදන් ඔහු විසින් ගොඩ නඟා ගත් ආත්මාභිමානයට කැළලක් මෙන් විය.

“හඩු කෙල්ල මටද ඊයා කිව්වේ. ආ...”

දහරා සිතේ වූ කැලඹිල්ලෙන්ම ඔහු දෙස නොබලාම කාමරයෙන් එළියට යන්නට හැදුවෙත් අතීෂ් ඇයට යමක් පවසන්නට තරහින් ඇය දෙසට ආවෙත් එක විටය. එවිටම බිම වැටී තිබූ පොතකට කකුල ලෙස්සා ගිය අතීෂ් වැටෙන්නට ගියේ නොසිතුව ලෙසය. අතීෂ් කළබලයට අල්ලා ගත්තේ දහරාගේ තනි කරලට ගෙතූ කොණ්ඩයයි. ඔහු ඇගේ කොණ්ඩයෙන් ඇදගෙනම බිම ඇද වැටෙද්දී ඔහු වැටුණ වේගයෙන්ම දහරා ඇදීවිත් ඔහුගේ ගත මතට වැටුණි. දහරා අතීෂ්ගේ නිරුවත් පපුව මතින් හිස හරවා බලා එසැනින්ම නැගිටින්නට ගියත් ඔහු වහා ඇගේ දෙවුරින් අල්ලා ඇයව බිමට පෙරළා ගෙන ඇගේ ගත මතට නැඹුරු වුණේ ඇය නොසිතුව ලෙසය. දහරා වෙව්ලා ගියේ ඔහුගේ එම ක්‍රියාව කිසිම ලෙසකවත් ඇය බලාපොරොත්තු නොවූ නිසාවෙනි.

“මේ මොකද මහත්තයා... මට යන්න දෙන්න...”

දහරා වහා ඔහුව පසෙකට කර යන්නට හැදුවත් ඔහු දහරාගේ දෙවුර මත දෑතම තබා ඇයව පොළවට තද කරේ රිදෙන තරම් තදින්ය. ඇගේ වතට නැඹුරු වුන ඒ රත් පැහැ කෝපාවිෂ්ට නෙත් දෙස දහරා බැලු‍වේ වෙව්ලමින්ය. ඔහුගේ ඒ තද දුඹුරු පැහැ නෙත් ඇය වෙත එක එල්ලේ එල්ල වී තිබුණි. අතීෂ්ගේ තෙත දඟකාර හිස කෙස්වලින් බේරෙන වතුර බිඳු දහරාගේ කම්මුලට වැටෙද්දී ඇය බියෙන් ගැස්සුණි. ඇගේ තොල කට වේලී යන්නට විය. දහරා වෙව්ලා යන්නට විය. බිය වුණ තරමටම ඇගේ නෙත්වලින් කඳුළු බිඳු වැඟිරෙන්නට විය.

“මොකද බොරුවට අඬන්නේ. මේකටනේ තුන්සිය හැට පස් දවසේම මගේ ඇටන්ෂන් එක ගන්න මගේ වටේ කැරකුණේ.”

අතීෂ් ඇසුවේ තදින්ය. මෙවැනි යුවතියන් කොතෙකුත් මේ කාලය තුළ ඔහුට හමු වී ඇත. එක එක මායම් දමමින් වටේ කැරකී ඇගේ එල්ලෙන්නට දඟලන එවැනි යුවතියන් අතීෂ් කවදත් පිළිකුල් කළේය.

“බොරුවට ඊයා කිවුවට මේකටනේ මගේ කාමරේට ආවේ?”

ඔහුගේ ඒ වදන් දහරාගේ පපුවට පිහි තුඩු දහසකින් ඇනෙන තරම් වේදනාවක් ගෙන දෙන්නට විය. ඔහු වෙතම රඳවා සිටි ඇගේ විසල් වූ නෙත් වලින් නොදැනීම කඳුළු කඩාහැලු‍ණේය.

“මම එහෙම කෙනෙක් නෙමෙයි. මට එහෙම කියන්න එපා. මම මහත්තයාගේ කට හඬට ආදරේ කරා දන්න කියන කාලේ ඉඳන් ඒත් මෙහෙම දෙයකට නෙමෙයි."

ඇයට වදන් පිටවුණේ ඉකියක්ද සමඟය. අතීෂ්ගේ සීතල නිරුවත් පපුවට දෑතම තබා ඔහුව පසෙකට කරන්නට යළිත් ඇය දැඟලු‍වාය. ඔහු හැඳ සිටියේද ටවලය පමණි. ඇයට මහත් අපහසුවක් දැනෙන්නට විය.අතීෂ්ට හැගුණේ ඇය දක්ෂ ලෙස රඟපාන නිළියක් ලෙසය. විටෙක බොරු අහිංසකකම් මවාපායි, තවත් විටක හිරහැර කරයි, කොයි මොහොතේ බැලු‍වත් ගමට ආ වෙලේ පටන් හිතට වදයක් වන තරමටම ඔහු වටේ කැරකුනේ මේ අවදානය දිනා ගන්නට නොවේ ද?

“මට යන්න දෙන්න මහත්තයා.”

දහරා ඉකි බිඳිමින් පැවසුවේ ඔහු හා පොර බඳින්නට තරම් ශක්තියක් ඇයට නොමැති නිසාවෙනි. අතීෂ්ට කිසිම විටකවත් ඇයට කිසිවක් කරන්නට වුවමනාවක් නොවුණි. ඔහුට වුවමනා වූයේ ඇයව බිය වද්දවා රිදවා මෙතනින් එළවා දමන්නට පමණි.

“දැන් එදා කිව්වේ එක පාරක් ගැහුවත් මං මැරිලා වැටෙයි කියලා. ගහලා බලනවා දැන් ඉතිං පාරක් මට.”

අතීෂ් යළිත් පවසද්දී දහරාට තවත් ඔහුට පිංසෙණ්ඩු වන්නට වුවමනා නොවුණි. මේතරම් කාලයක් ඇය ආසාවෙන් ආදරය කළ ඒ ගායන තරුවගේ හැබෑ ස්වරූපය දැන් ඇය හොඳ හැටි හඳුනා ගෙන තිබුණාය. ඔහුගේ කට හඬ තරමටම, ඒ රූපයේ තරමටම ඔහු හදවතින් ලස්සන පුද්ගලයෙකු නොවන බව දහරාට වැටහුණි. ඇය දෙවරක් නොසිතා ඔහුගේ ගතට මැදිව තිබූ ඇගේ කකුලේ දණහිස නමා අතීෂ්ගේ දුර්වලම තැනට පහරක් ගැසුවේ ඔහුට ඇත්තටම මරණාසන්න වේදනාවක් ගෙන දෙමින්ය. අතීෂ්ට දැනුණේ යටි බඩ කොරවී යන බවකි.

“අම්මෝහ්...”

ඔහු දෑතින්ම රිදුම් දෙන තැන අල්ලා ගනිද්දී දහරා ඔහුව පසෙකට තල්ලු‍ කර කාමරයෙන් දිව ගියාය.

“හඩ්ඩි... මම තමුසෙව ඉතිරි කරන්නේ නෑ.”

අතීෂ්ගේ හඬ බංගලාවම දෙවනත් කරමින් ඇසෙද්දී දහරා නෙතේ වූ කඳුළු පිස දමාගෙන කුස්සි දොරින් එළියට පැන බංගලාව වත්තෙන් එළියට දිව ගියාය. ඇය වෙල් යාය දිගේ දිව ගොස් නතර වුණේ අසළ වූ කොට්ටන් ගහ ළඟය. ඇය ඒ කොට්ටන් ගහ බදාගෙන ඉකි ගසා හැඩුවේ අතීෂ්ගේ වදන් සිහි කරමිනි.

“නපුරා... මහම මහ නපුරා... ගැහුවේ හෙමින්. අපරාදේ හයියෙන්ම ගහන්නයි තිබුණේ මට...”

ඇය හඬමින් එසේ පවසා ගසේ කඳට අතමිට මොළවා ගැසුවේ තරහින්ය.

Address

Awissawella Road
Colombo
10600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94766412145

Alerts

Be the first to know and let us send you an email when Ahas Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ahas Publishers:

Videos

Share

Category