CONGA News

CONGA News CONGA is a news channel in Sri Lanka

21/10/2022

සාමකාමී උද්ඝෝෂණ කිරීමට ඇති අයිතියට බාධා නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය ප...

21/10/2022

මුල්ම ඇපල් අස්වැන්න ජනාධිපතිටලු. මෙහෙම මිනිස්සු එක්ක රට හැදෙයිද?

19/10/2022

කොවිඩ් ව්‍යසනයෙන් පසු වත්මන් තත්වය තුළ ආහාර සුරක්ෂිතතාවය හා ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම කෙරෙහි රජය මේ වන විට...

17/10/2022

Source link

17/10/2022

උද්දමනය ඉහළ යාම හා දේශගුණික විපර්යාසයන්ට විරෝධය පළකරමින් ප්‍රංශයේ දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.

14/10/2022

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජනතාවගේ නිදහසත් ජාතික ආරක්ෂාවත් තහවුරු කරන නව නීති සම්පාදනය කිරීමට කටයුතු කර...

14/10/2022

දේශීය සම්පත් ආරක්ෂා කරගනිමින් අයෝජකයන්ට ඇති ඉඩ ප්‍රස්ථාවන් පුළුල් කරන බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය ව.....

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල...
13/10/2022

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මේ අනුව කොළඹ 02 ,03 , 04 සහ 05 යන ප්‍රදේශවලට මෙන්ම, කොළඹ 07 , 08 , 09 සහ 10 යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය වැඩිදුරටත් සඳහන් වෙයි

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.කාලගුණවිද්‍යා...
13/10/2022

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

13/10/2022

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ගේල් මේ දස්කම දැක්වූයේ ධකා ඩයිනමයිටස් පිළට එරෙහිව....

12/10/2022

මොනවා කළත් මැරෙන මොහොතේ ජීවිත කාලය තුළදී තමන් කළ කී දෑ මතක්වෙන බව අප සමාජයේ නිතරම කියවෙන වදන් පෙළකි.

12/10/2022

බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රපුගේ රාජාභිෂේකය 2023 මැයි මස 06 වැනි සෙනසුරාදා දින ලන්ඩනයේ පිහිටි වෙස්ට්මිනිස්ටර් ඇ...

11/10/2022

ජනපිය ගායිකා ජින්ජර් වයිට් අද උදැසන මාතරදී සිදුවූ රිය අනතුරකින් තුවල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

11/10/2022

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් යළි අරඹමින් පළමු යානය අද(10) දිවයිනට පැමිණියේය.

11/10/2022

නිතිවිරෝධී ලෙස ආනයනය කළ රේගු භාරයට පත් රථවාහනවල වටිනාකම ජනතාවට හිමිකර දීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුද....

පුත්තලම – මනගුණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුවියක් තම පාසල තුළදී ඇද වැටී අද මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය පරීක්...
11/10/2022

පුත්තලම – මනගුණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුවියක් තම පාසල තුළදී ඇද වැටී අද මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පාසලේ සීනුව නාද වීමෙන් පසු ආගමික වතාවත් සඳහා පන්ති කාමරයේ සිට ක්‍රීඩා පිටිය දෙසට දිව යද්දී දැරිය බිම ඇද වැටී ඇති බව පොලිසිය පවසයි. ඇය පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මියගිය දැරිය පුත්තලම, මනගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි දැරියකි.

රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධ...
11/10/2022

රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනයට අනුව ගාස්තු සංශෝධනය ඊයේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා සාමාන්‍ය සේවය හා එක්දින සේවය සම්බන්ධයෙන් ගෙවිය යුතු නව ගාස්තු අදාළ ගාසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව රියදුරු බලපත්‍රයක් සදහා ඉල්ලුම් කිරීමේ දී සාමාන්‍ය සේවා ගාස්තු යටතේ එක් පන්තියක් සදහා රුපියල් 2,500 ක් අයකෙරෙන අතර එක්දින සේවා යටතේ එක් පන්තියක් වෙනුවෙන් අයකෙරෙන මුදල රුපියල් 3,500 ක්. විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර ලාභීන් සදහා මාර්ගගත සේවා ඔස්සේ අයැදුම් කිරීමේ දී ගෙවීම් ඇමෙරිකා ඩොලර් මගින් සිදුකළ යුතුයි. මේ අතර රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ, රියදුරු බලපත්‍රයට අලුත් වාහන පන්ති එක් කිරීම, රියදුරු බලපත්‍රය අලුත් කිරීම මෙන්ම වලංගු කාලය දීර්ඝ කිරීම සදහා වන ගාස්තු ද නව ගැසට් නිවේදනයෙන් සංශෝධනය කර තිබෙනවා.

10/10/2022

අද 2022.10.10 වෙතින් Rs.100 data cards දිනාගත් ජයග්‍රාහකයන්🎊🎁🎈🎉

Keerthi P Kumara
Mahesh Rathnum
Namal Gunawarena
Nishanthi Ellawala
Achini Ranasingha
Dilini Madushani
Sandun Yochana
Methma Hasandun
Ashan Ruwantha
Dinesha Sandamali
Tharindu Wikumsara
Lanka Pathirana
Dilini Madushani

ජයග්‍රාහකයින් page එකට msg එකක් එවීමෙන් ඔබේ card ලබාගන්න. මෙම දීමනාව අදින් අවසන් වේ. ඉදිරි අවස්ථා දැනගැනීමට අවධානයෙන් සිටින්න. Cheers 🎊

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුලුව අද(10) අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වේ. එම සමුලු ලබන 16 වැනි...
10/10/2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුලුව අද(10) අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වේ.

එම සමුලු ලබන 16 වැනිදා දක්වා පැවැත්විමට නියමිතයි.

එම සමුලු සඳහා මෙරටින් 08 දෙනෙකුගෙන් යුත් මෙරට කණ්ඩායමක් සහභාගි වෙයි.

එහි ප්‍රධානත්වය මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා දරණු ඇති.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ පෙලේ නිලධාරින් පිරිසක් මෙම දූත කණ්ඩායමට ඇතුළත් ය

මාස 4කට පසු රුසියාව හා මෙරට අතර ගුවන් ගමන් අද (10)ආරම්භ වෙයි.   ඒ අනුව, අද පෙරවරුවේ රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානයක් මෙරට...
10/10/2022

මාස 4කට පසු රුසියාව හා මෙරට අතර ගුවන් ගමන් අද (10)ආරම්භ වෙයි. ඒ අනුව, අද පෙරවරුවේ රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානයක් මෙරටට ළඟා වීමට නියමිතය. සතියකට දින 2ක් එම ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ ය. අධිකරණ නියෝගක් අනුව රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් රඳවා ගැනීමට මෙරට බලධාරින් පියවර ගැනිමට විරෝධය පල කරමින් පසුගිය ජුනි මාසයේ සිට මෙරට සහ මොස්කව් අතර ගුවන්ගමන් අත්හිටුවනු ලැබුවා.

ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටීමට ප‍්‍රධාන හේතුව වැරැදි කළමනාකරණය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලින...
10/10/2022

ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටීමට ප‍්‍රධාන හේතුව වැරැදි කළමනාකරණය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සමග කටයුතු කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසද ශ්‍රී ලංකාවේ වංචා සහ දුෂණ සිදු වූ බවට පිළිගෙන වංචා සහ දූෂණ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසද ඉල්ලීමක් කළහ.

මේ හේතුවෙන් ඇතැම් බටහිර රාජ්‍යන් දේශපාලකයන්ගේ සාක්කු වලට ආධාර යෑම වැළැක්වීම සදහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හරහා ශ්‍රී ලංකාවට ආධාර කිරීමට පියවර ගෙන ඇත. එබැවින්, ශ්‍රී ලංකාව දේශපාලන ව්‍යාපාරයක ගොදුරක් බවට පත් වී ඇතැයි චෝදනා කරනවාට වඩා දේශපාලන නායකත්වයන් කළ යුත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ ප්‍රතිඵලය ගැන සම්පුර්ණයෙන් නැවත සිතා බැලීම බවද විශ්ලේෂකයෝ පැවසූහ. මානව හිමිකම් කවුන්සිලයේ පැවති ඡන්ද විමසීමකින් ශ්‍රී ලංකාව ලැබූ දරුණුතම පරාජය මෙය බවත් විවිධ හේතු මත, ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමෙන් මිත්‍ර රටවල් වැළකී සිටි බවත් විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

(සන්ඩේ ටයිම්ස්)

විශේෂඥ වෛද්‍යවරුන් 250 දෙනෙකු එකම දිනයක විශ්‍රාම ගැන්වීම නිසා සෞඛ්‍ය සේවා සැපයීම හා පශ්චාත් වෛද්‍ය පුහුණුවට එමගින් කිසිය...
10/10/2022

විශේෂඥ වෛද්‍යවරුන් 250 දෙනෙකු එකම දිනයක විශ්‍රාම ගැන්වීම නිසා සෞඛ්‍ය සේවා සැපයීම හා පශ්චාත් වෛද්‍ය පුහුණුවට එමගින් කිසියම් හෝ බලපෑමක් සිදු නොවන බවට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කරන ලැබූ ප්‍රකාශය හා එයට ප්‍රධාන මාධ්‍ය මගින් ලබා දුන් ප්‍රචාරය වැරදි සහගත, වංක මෙන්ම ජනතාව නොමග යවන සුළු නිවේදනයකි.

විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම නිසා 31/12/2022 දින විශ්‍රාම යැවීමට සිදුවන 249 පමණ වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව, 2023 වර්ෂය තුල දී විදේශීය පුහුණුව නිමකර මෙරටට නැවත පැමිණෙතැයි බලාපොරොත්තු වන 299 පමණ වන විශේෂඥ වෛද්‍යවරුන් විසින් සපුරා ගැනීමට හැකි වෙතැයි යන නිගමනය පහත සඳහන් කරුණු නිසා අපට බලාපොරොත්තු විය නොහැක.

1. මෙම විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනාම එකවර ජනවාරි මස මෙරටට නොපැමිණෙන අතර එය එම වර්ෂය පුරාම සිදුවන ක්‍රියාවලියකි.

2. මෙයින් යම් ප්‍රමාණයක් වෛද්‍යවරුන්ට ඔවුන්ගේ විශේෂඥ පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා මෙරට යම් කාලයක් තවදුරටත් පුහුණුවීම් කළ යුතුව ඇති බැවින් පැමිණි විගස ඔවුන් වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස හෝ පත් කළ නොහැක.

3. රටේ ඇති වර්තමාන තත්ත්වය මත මෙම සියලුම වෛද්‍යවරුන් නැවත ලංකාවට පැමිණීමේ හැකියාව ගැන අපට සුභවාදී බලාපොරොත්තු තබා ගත නොහැක.

4. ඔවුන් එසේ ලංකාවට පැමිණියද විශේෂඥ පුහුණුව අවසන් කළ බවට පශ්චාත් උපාධි ආයතනය සහතික කල පසු ඔවුන් නැවත ලංකාව අතහැර යාමේ හැකියාව, රටේ දැනට ඇති ආර්ථික හා සමාජයීය හේතුන් මත ඉතා විශාලය.

5. මෙම වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පශ්චාත් උපාධි ආයතනය මගින් සහතික කිරීම සඳහා එම ආයතනයේ අවශ්‍යතාවන් සපුරා ඇති බවට සහතික කිරීමට ඔවුන්ට ප්‍රමිති පරීක්ෂණ සම්පූර්ණ කිරීම සඳහා යම් කාලයක් ගත වන බැවින් ඔවුන් ලංකාවට පැමිණි විගසම ඔවුන්ට විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවය කළ නොහැක. එමෙන්ම ඔවුන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පත් වුවද ඔවුන්ට නව විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම සඳහා ආචාර්යවරුන් ලෙස කටයුතු කළ නොහැක.

මෙලෙස විශාල ප්‍රමාණයක් විශේෂඥ වෛද්‍යවරුන් එක දිනකදී විශ්‍රාම යැවීම නිසා, පශ්චාත් වෛද්‍ය පුහුණු කිරීමේ ක්‍රියාවලියට සිදුවන හානිය, පශ්චාත් වෛද්‍ය පුහුණු ආයතනයේ අධ්‍යක්ෂවරයා විසින් 05/10/2022 දින සෞඛ්‍ය ලේකම්තුමා වෙත යොමු කළ ලිපිය මගින් ද පැහැදිලි කර ඇත.

තවද විශේෂඥ වෛද්‍යවරුන් 249 එකවර විශ්‍රාම යැවීම නිසා ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාරුවීම් ක්‍රියාපටිපාටිය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ( ඇබෑර්තු පිරවීමට සුදුස්සන් තේරීම, රාජ්‍ය පරිපාලන කොමිෂන් සභාව එම මාරුවීම් ස්ථිර කිරීම වැනි තරමක් දිගු ක්‍රියාවලිය) ඒ සඳහා කල් ගත වන අතර ඒ හරහා රටේ පිට පලාත්වල ඇතිවන පුරප්පාඩු පිරවීම ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් වනු නොඅනුමානය.

එමෙන්ම දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයෙන් 45% පමණ අඩුවක් පවතින බැවින් විශේෂඥ වෛද්‍යවරුන් 249 දෙනෙකු එකම දිනයක විශ්‍රාම යාම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය තවත් අර්බුදකාරී වනු ඇත.

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු
සභාපති
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය සෝදිසි කිරීමේ දී සැකකාරියක් වන තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හමු වී තිබෙන...
10/10/2022

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය සෝදිසි කිරීමේ දී සැකකාරියක් වන තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හමු වී තිබෙනවා.

ඒ, ඊයේ (09) උදෑසන සිදු කළ සෝදිසියක දී.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර බලකාය විසින් මෙම දුරකතනය සොයාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ මෙහයවීමට නියමිත බව යි වාර්තා වන්නේ.

ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල නැවත වතාවක් අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.දින 05ක් පමණ නොකඩවා බොර තෙල් මිල වැඩිවූ අතර ව...
10/10/2022

ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල නැවත වතාවක් අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

දින 05ක් පමණ නොකඩවා බොර තෙල් මිල වැඩිවූ අතර විශේෂයෙන් ලෝකයේ විශාලතම බොර තෙල් ආනයනකරු වන චීනයේ ආර්ථික කටයුතු දුර්වලවීමත් ලෝක ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඇතිව ඇති අවිනිශ්චිත බව නිසාත් බොර තෙල් සඳහා ඇති ඉල්ලුම අඩුවී තිබේ.

දෙසැම්බර් මාසය සඳහා වෙළෙඳපොළට එන බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 1.1%කින් පහල ගොස් ඇති අතර එහි මිල සඳහන් වූයේ ඩොලර් 97.07ක් ලෙසය.

වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 91.84කි.

10/10/2022

ශ්‍රී ලංකාව ඇතුළු ආසියා රටවල තොරතුරු තාක්ෂණය දැනුම ඇති තරුණ තරුණියන් සදහා රුමේනියාවේ රැකියා අවස්ථා රැසක් පවතින ....

09/10/2022

අද වෙතින් Rs.100 data cards දිනාගත් ජයග්‍රාහකයන්🎊🎁🎈🎉

1. Sarath Kumara
2. Sugath Rathnapala
3. Somarathna Perera
4. Nethuni Nimasara
5. Methuni Methra
6. Kasun Harshana
7. Nipunika Rathnayake

ජයග්‍රාහකයින් page එකට msg එකක් එවීමෙන් ඔබේ card ලබාගන්න.

09/10/2022

උතුරෙන්, දකුණෙන් සහ නැගෙනහිරෙන් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන රුසියානු පාබල හමුදා කාණ්ඩ කිහිපයක් Kyiv අගනුවර ආසන්නය....

07/10/2022

Condé Nast Traveller මගින් පිරිනමන 2022 Readers’ Choice Awards උළෙලේ ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලී ම රටවල් 10 අතරට තේරී පත් වී තිබේ.

06/10/2022

වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි.

06/10/2022

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මිට සුළු මොහොතකට පෙර නව සභා නායක ධුරයේ වැඩ ආරම්භ කර ඇත.

Address

Colombo
200

Alerts

Be the first to know and let us send you an email when CONGA News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Nearby media companies


Other News & Media Websites in Colombo

Show All