24/04/2021
නිවුන් දරුවන් හතරදෙනෙක් ලැබූ අම්මා කෙනෙක් මුහුණු පොතේ තැබූ සටහනක්❤️
පුතේ අද ඔයාලා හතරදෙනාගේ උපන් දිනේ ,,
" දන්නවා ද වස්තු ,
ඔයාලා බන්ඩියට ආපු දවසෙ ඉදලා අම්මි ගොඩක් ආදරෙන් ඔයාලා බලාගත්තා.ඔයාලට ඕනි ගව්ම් , කොට්ට අම්මිගේ අතින්ම ඔයාලට ලෑස්ති කරේ ගොඩක් සතුටින්...
අම්මි තාත්ති ඔයාලා වෙනුවෙන් ගොඩක් පිං වැඩ කරා..පුළුවන් තරමට පිරිකර පූජා කරලා ගොඩක් සතුටු උනා..ඔයාලා වෙනුවෙන් කඩුපුල් ,නිල් මානෙල් සමන් පිච්ච මල් පුදුම තරමක් පූජා කරේ ගොඩක් සතුටින්...
දන්නවා ද ඩොක්ටර් අන්කල් කිව්වෙ ඔක්තෝබර් 22 වෙනකම් ඔයාලා බන්ඩියේ තියාගමු කියලා .අම්මි ඒ දවස වෙනකම්ම හැම වේදනාවක්ම ඉවසගෙන හිටියේ ඔයාලා වෙනුවෙන් පුතේ ..
මාලිගාවෙ නානු වලින් ,පිරිත් පැන් ,පිරිත් තෙල් වලින් හැමවෙලේම බංඩිය අතගාලා පිරිත් කියලා ඔයාට ආශිර්වාද කරා මං...ඒ හැමදේම ඔයාලා වෙනුවෙන් පුතේ ..
දන්නවා ද අම්මි දවස් 65ක් ඉස්පිරිතාලෙ හිටියා ..තාත්ති තුන් වේලම අම්මි බලන්න ආවා .තාත්ති වැස්සෙ තෙමීගෙන ආවා පුතේ ..තාත්ති ඔයාලට ගොඩක් ආදරෙයි .. අම්මිට හුස්ම ගන්න අමාරු වෙද්දී අත්තු අම්මිව බලාගන්න ආවා පුතේ ..පුදුම තරම් දුකක් අත්තු වින්දෙ...ආච්චි අම්මාත් අම්මිව තමන්ගේම දුවෙක් වගේ ආදරෙන් බලාගත්තා පුතේ . අම්මි කන්න කැමති හැමදේම ආච්චි හදලා දීලා අම්මිව ආදරෙන් බලාගත්තා ..
ඉස්පිරිතාලෙ වැඩ කරපු නැන්දිලා අම්මි එක්ක ගොඩක් යාලු උනා ඔයාලා නිසා . ඔක්තෝබර් 22 පාන්දර අම්මි ඔයාලව ගේන්න තියෙන නිසා සුමුදු කියලා නැන්දි කෙනෙක් සේපාලිකා මල් වට්ටියක් එක්ක අම්මිට බුදුන් වදින්න ලෑස්ති කරලා දුන්නා ..ඒනිසා අම්මි ගොඩක් සතුටින් තමයි තියටර් එකට ගියේ ..අම්මිට කවදාවත් ඒක අමතක වෙන්නේ නෑ ..
දන්නවා ද අම්මිට ආපු ලෙඩ එක්ක පරීක්ෂණ වලට නුවර යන්න තිබුනත් බන්ඩියේ ඉන්න ඔයාලට කරදරයක් වෙයි කියලා බයට අම්මි යන්න බෑ කිව්වා පුතේ ..ඔයාලා එලියට දීලා තමයි අම්මි අම්මිගෙ ලෙඩේ ගැන බැලුවේ ..අම්මි අදටත් ඒ ගැන සතුටුයි පුතේ ..
ඔයාලා එලියට ආවාට පස්සේ අම්මිට ගොඩක් අමාරු උනා පුතේ ..ඒ හැමදේම අම්මි අමාරුවෙන් දරාගත්තෙ ..ඉස්පිරිතාලෙ හිටපු හැමෝම අම්මිට ගොඩක් උදව් කරා.අම්මි ඒ හැමෝටම ගොඩක් ආදරෙයි ..
දන්නවා ද ඔයාලා බේබි කමරේ ඉද්දි අම්මි තාත්ති ගොඩක් බයෙන් හිටියේ ..ඒ නැන්දිලාත් ඔයාලා ගොඩක් ආදරෙන් බලාගත්තා පුතේ ..ඔය චූටි අත් වලට කටු ගහලා තමයි ඔයාලා හිටියේ ..ගොඩක් දුකයි පුතේ ඒ ගැන ..දන්නවද ලොකු අයියා වෝමර් එකේ හිටියේ ..අනිත් අය වීදුරු පෙට්ටියේ..බේබි කාමරේදි ඔයාලගෙ නම් වෝමර් ,නාමල් ,ඕලු ,නෙලුම් ..
පුතේ අම්මි හැමදාම ඔයාලා වෙනුවෙන් ගොඩක් මහන්සි උනා..ඔයාලා වෙනුවෙන් ඔයාලා එක්ක ගොඩක් පිං වැඩ කරා..ඔයාලාට ත්‍රීපෝශ ලැබෙද්දි අම්මි එයින් එකක් සාංඝිකව පූජා කරේ ගොඩක් සතුටින් ..
ඔයාලට මාස තුනක් වෙද්දී අම්මි ලොකු ජීවිත අවදානමක හිටියේ පුතේ ..අම්මිගෙ brain tumor එක අයින් කරන්න ඔපරේෂන් එකට ගිහින් අම්මි දවස් තුනක් icu හිටියා..දන්නවා ද අම්මිට සිහිය ආපු ගමන් අම්මි ඇහුවෙ ඔයාලා හොදින් ද කියලා ලු..ඒ ගැන සතුටුයි පුතේ ..මගේ පන ඔයාලා ...
පුතාලා දන්නවානෙ අම්මි බුදුන් වැදලා අම්මිට ,ඔයාලාට උදව් කරන හැමෝටම පිං අනුමෝදන් කරනවා කියලා ..ඔයාලා කවදාවත් ඒ අයව අමතක කරන්න එපා පුතේ ..
ඔයාලා හතර දෙනාම හොද දරුවො වෙන්න පුතේ අම්මිට එච්චරයි ඕනි ..
ඔයාලට බුදුසරණයි ..."
අම්මි.
💙💙💙💙
Devika jayasooriya
(උපුටා ගැනීමකී)