Gaveshana Magazine

Gaveshana Magazine දේශීය පර්යේෂණ සංස්කෘතියක් සදහා

No development without health: no development without researchපූර්ණ සෞඛ්‍යසම්පන්න බව’ යනු කාර්යක්ෂ ම ජීවත් වීමටත්, උපරිම...
01/01/2025

No development without health: no development without research

පූර්ණ සෞඛ්‍යසම්පන්න බව’ යනු කාර්යක්ෂ ම ජීවත් වීමටත්, උපරිම ලෙස සේවය කිරීමටත්, හැකියාවක් ලබා දෙන, කායික හා මානසික යෝග්‍යතාවයි. කය හා මනස නිරෝගි වූ විට පුද්ගලයා චිත්තවේගි ස්ථාවර බවින් ද සදාචාරාත්මක බවින් ද යුක්ත වේ. පුද්ගලයාගේ ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව, නිවැරදි චලන, නම්‍යතාව ඔහුගේ ක්‍රියාශිලිභාවයට හා කාර්යක්ෂමතාවට බලපායි. ක්‍රියාශිලි බව හා කාර්යක්ෂමතාව සඳහා පේෂි, ස්නායු ක්‍රියාකාරිත්වයත්, රුධිර සංසරණයත්, ස්වසන ක්‍රියාවලියත් සමෝධානික ව ක්‍රියාත්මක විය යුතු ය.

සෞඛ්‍ය ගැන කතා කිරීමේ දී, අපට සිරුරෙන් මනස වෙන් කළ නො හැකි ය. නිවැරදි තීරණ ගැනීම, යහපත් ආකල්ප දැරීම, නිර්මාණාත්මක ව චින්තනය මෙහෙයවීම, තාර්කික බවින් යුක්ත වීම, තෘප්තිමත් බවින් යුක්ත වීම මානසික නිරෝගිතාවේ ලක්ෂණයි. ශාරීරික හා මානසික නිරෝගිතාවෙන් යුත් පුද්ගලයා සෞඛ්‍යසම්පන්න පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැකි ය. එවැනි පුද්ගලයෙකු මනා පෙනුමෙන් හා යහපත් ඉරියව්වලින් යුක්ත ය. ප්‍රසන්න ය; ප්‍රකෝපකාරි බවින් හා සහයෝගිතාවෙන් යුක්ත ය; යහපත් සිරිත් විරිත් ඇත්තෙකි. සදාචාර බවින් හා සාමකාමී හැසිරිමෙන් යුක්ත ය. එවැනි පුද්ගලයින්ට කාර්යක්ෂම ව ජීවත් වීමටත්, සමාජයට උපරිම අන්දමින් සේවය කිරීමටත් හැකියාව ලැබේ. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විෂයමාලාව මුළු රටට ම ඒකාකාරී ව ක්‍රියාත්මක වන මධ්‍යගතවූවකි.

ප්‍රාදේශීය වශයෙන් විවිධ විෂමතාවන්ගෙන් යුත් රටකට, එවැනි මධ්‍යගත විෂයමාලාවක් කොහෙත් ම නොගැලපේ. එබැවින් අප රටේ ප්‍රාදේශිය වශයෙන් පවතින විෂමතා අධ්‍යයනය කර, ඒ ඒ ප්‍රදේශයේ පවතින යටිතල පහසුකම් හා සමාජ ආර්ථික රටාවට ගැලපෙන, වෙන් වෙන් විෂයමාලා සැලසුම්කර ක්‍රියාත්මක කළ යුතු ය.

දැනට ක්‍රියාත්මක වන විෂයමාලාව ගෙන බැලුව ද එය ප්‍රායෝගික බවින් ඈත් වූ ශාස්ත්‍රිය, කඨෝර විෂය කරුණුවලින් පිරුණු, දරුවන් දැඩි සේ වෙහෙසට පත් කරන, විභාග කේන්ද්‍රිය වූ වැඩපිළිවෙළකි. එය දරුවන්ගේ ශාරිරික හා මානසික සෞඛ්‍යට කොහෙත්ම ගැළපෙන්නක් නො වේ. ගුරුවරුන් වුව ද දරුවන්ට යෝග්‍ය අන්දමට මෙම විෂයමාලාව ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි වික්ශිප්තභාවයට පත් ව සිටිති. දරුවන්ට පාසල් කාලයේ දී මෙන් ම, පාසලෙන් පසු කාලයේ දී ද ලබා එදෙන ගුරු උපදෙස් වන්නේ විෂය කරුණු කටපාඩම් කොට විභාග සඳහා සූදානම් වීමටයි. දෙමාපිය බලපෑමවන්නේ ද එය ම ය.

පාසලේ දී වැඩි වශයෙන් ඇගයීමට භාජනය වන්නේ දරුවන්ගේ ශාස්ත්‍රීය ප්‍රවීනතාවයි. විවිධාකාර දස්කම් ඇති සිසුන් සිටිය ද ඔවුන් ප්‍රමාණවත් ඇගයීමට භාජනය නො වේ. එක ම සිසුන් කිහිප දෙනෙකුට, නොකඩවා ශාස්ත්‍රීය ප්‍රවීණත්වය සලකා ත්‍යා්ග – සහතික පත් ලබුණු විට, සුවිශේෂි දක්ෂතා සහිත අනෙකුත් සිසුන් තුළ ඇතිවන්නේ කලකිරීමකි. එය ඔවුන්ගේ සෞඛ්‍යට දැඩි සේ බලපානු ලබයි.
පාසලේ පන්ති නායක, ශිෂ්‍යනායක ආදි තනතුරුවලට සිසුන් තොරා ගැනීමේ දී වුව ද ප්‍රධාන තැන හිමි වන්නේ ශාස්ත්‍රීය අංශයෙන් ප්‍රවීණතාව ලබා ගත් සිසුන්ට ය. මෙම ක්‍රමය වහා වෙනස් විය යුතු ය. සෑම සිසුවෙකුගේ ම කවර හෝ හැකියාවක් එළි දක්වා, එම හැකියාව අගය කිරීමෙන්, සියලු දරුවන් ප්‍රබෝධයට පත් කළ හැකි ය. එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වේ.

අධ්‍යාපන පර්යේෂණවලින් හෙළිවන අනාවරණ ඔස්සේ අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමෙන්, මිනිස් සම්පත ශක්තිමත් කර ගත යුතු බව වටහා ගත්තේ අද ඊයේ නො වේ. නිදහස ලැබීමට පෙර පවා එහි වැදගත්කම අවධානයට ලක් වූ බව, 1943 අධ්‍යාපනය පිළිබඳ විශේෂ කමිටු වාර්තාවෙන් ‘අධ්‍යාපන පර්යේෂණ පිළිබඳ කවුන්සිලයක්’ ස්ථාපිත කිරීමට නිර්දේශ කිරීමෙන් පැහැදිලි වේ.

එන්. එම්. මාලා ආර් ද සිල්වා
විශ්‍රාම ලත් උප පීඨාධිපති
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ

31/12/2024
ඔබ දන්නා නිවුන් අය සිටී නම් දැනුම්වත් කරන්න
30/12/2024

ඔබ දන්නා නිවුන් අය සිටී නම් දැනුම්වත් කරන්න

ලියාපදිංචි වීම සඳහා පහත Link එක කරන්න භාවිතා කරන්න
https://forms.gle/i2jPsFVeNbBrr8mv6

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස්වලට අපේ රටේ තියෙන තැනකලබලකාරි නාගරික වීදියක ඔබ එහා මෙහා ගමන් කළ ද රාත්‍රි ආහාරය ගැනීමට ළඟපාත කඩම...
08/12/2024

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස්වලට අපේ රටේ තියෙන තැන

කලබලකාරි නාගරික වීදියක ඔබ එහා මෙහා ගමන් කළ ද රාත්‍රි ආහාරය ගැනීමට ළඟපාත කඩමණ්ඩියට ගිය ද තමාගේ ආසාවක් හෝ රසනහර පිනවා ගැනීමට අධික වියදම් දරමින් ඉහළ පෙළේ අවන්හලකට ආහාර ගැනීමට ගිය ද කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් යන ආහාර එම සෑම තැනක ම දැක ගත හැකි අතර, එම ආහාර විවිධාකාර රසවලින් සහ තමා කැමති ආකාරයකට ලබා ගැනීමට හැකියාව ඇත. එම ආහාරවල රසයට මිනිසුන් මනා රුචියක් දක්වන්නේ ඒවා සැකසීමේ දී විදේශීය මෙන් ම සම්ප්‍රදායික සුපවේදී ක්‍රම ද මුසු කර ගන්නා නිසා විය හැකි ය.

අපේ රටේ ලොකු කුඩා කවුරුත් මේ ආහාර දෙවර්ගයට දක්වන්නේ මහත් රුචිකත්වයකි. එවැනි පසුබිමක සහ විශේෂයෙන් අපේ රටේ ආහාර සංස්කෘතිය පිළිබඳ ව සාකච්ඡා කරන මෙවර විශේෂ ‘ගවේෂණ’ කලාපය උදෙසා ම අපේ රටේ කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් ආහාරයට ගැනීම පිළිබඳ ව කරුණු සොයා බැලීමට අපි අධ්‍යයනයක් කළෙමු. අන්තර්ජාලය පාදක ව කළ මෙම අධ්‍යයනයේ දී මෙරට ජනගහනයෙන් 96.5%ක් කොත්තු හා ෆ්‍රයිඩ් රයිස්වලට මනා රුචිකත්වයක් දක්වන බව හෙළි වුණි.

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් ආහාරයට ගැනීමේ දී වයස බලපෑමක් වී ඇති ද?

අපේ රටේ සෑම දෙනා ම පාහේ කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන බව පැහැදිලි වන අතර, විවිධ වයස් කාණ්ඩවල මෙම ආහාර පරිභෝජනය කරන රටාවල එතරම් වෙනස්කම් ද දක්නට නො ලැබේ. වයස අවුරුදු 18ට අඩු අය 100%ක් ද වයස අවුරුදු 26-35 අතර අය 99.4%ක් ද කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් අනුභව කිරීමට ඇති ආශාව සපුරා ගෙන ඇත. වයස අවුරුදු 46 හෝ ඊට වැඩි පිරිසෙන් 84.7%ක් මෙම ආහාරවලට ඇල්මක් දක්වති. වැඩිහිටි වියට යාමේ දී යම් අඩුවක් පෙන්නුම් කළ දල සමස්තයක් වශයෙන් යමකුගේ වයසල මෙම ආහාරවල රසය විඳීමට බාධාවක් නො වන බව අධ්‍යයනයේ දී පැහැදිලි විය (1 වන වගුව).

ස්ත්‍රී-පුරුෂ භාවය අනුව රුචිකත්වය වෙනස් ද?

මේ පිළිබඳ ව ඔබ සිතන්නේ කුමක් ද? මෙම අධ්‍යයනයෙන් පෙනී යන්නේ මෙම ආහාර වර්ග අනුභව කරන්නන්ගෙන් බහුතරයක් පිරිස පිරිමි පාර්ශ්වය වන බවයි. එමෙන් ම කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන්නන්ගෙන් මෙම ආහාර වර්ග මිල දී ගැනීමට මාසෙකට වැඩි මුදලක් වියදම් කරන්නේ ද පිරිමි පාර්ශවයයි (2 වන වගුව).

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් ජනතාව අතර ජනප්‍රිය වීමට හේතු මොනවා ද?

මෙම ආහාර වර්ග අනුභව කිරීමට පොලඹවන හේතු මොනවා දැයි විමසූ විට 73.3%ක් වූ විශාල ප්‍රමාණයක් තම හේතුව ලෙස ප්‍රකාශ කර ඇත්තේ එම ආහාරවල රසයයි. එමෙන් ම තවත් සැලකිය යුතු පිරිසක් (40%) දක්වා ඇත්තේ, එම ආහාර අනුභවයට හේතුව තමන්ගේ පහසුව බවයි. තවත් පිරිසක් මෙම ආහාර අනුභව කිරීමෙන් තමන්ගේ කාලය ඉතිරි වන බව ද (20.3%) ඉතා සුළු පිරිසක් (8.7%) එම ආහාරවල අඩු මිල හේතුවක් බව ද සදහන් කර තිබුර්‍ණ (3 වන වගුව).

තමන්ගේ ආදායම කොත්තු, ෆ්‍රයිඩ් රයිස් පරිභෝජනයට වන බලපෑම?

සෑම ආදායම් කාණ්ඩයකට ම අයත් වන පිරිස් නිතර ම කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන බව පෙනී යයි. එහෙත් සතියකට 1-3 වතාවක් මෙම ආහාර පරිභෝජනය කරන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වන්නේ රු.100,000කට වඩා වැඩි ආදායමක් ලබන පිරිස ය. මාසෙකට වරක් දෙ වරක් පමණක් මෙම ආහාර අනුභව කරන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් දැකිය හැක්කේ රු.50,000-100,000 ආදායමක් ලබන පිරිස් අතර ය. දිනපතා මෙම ආහාර පරිභෝජනය කරන, රු.25,000 අඩු ආදායම් ලබන පිරිසගේ ප්‍රතිශතය සහ රු. 25,000 -50,000 ආදායම් ලබන පිරිසගේ ප්‍රතිශතය සමාන මට්ටමක බව දක්නට ලැබේ.

ජිවන මට්ටම සහ රැකියාවෙහි බලපෑම

අධ්‍යයනයෙන් හෙළ වූ දත්ත අනුව පෙනී යන්නේ මෙරට සිසු සිසුවියන් බහුතරයක් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් සතියට 1-3 වතාවක් පමණ අනුභව කරන බවයි. රැකියා විරහිත පිරිස්වලින් වැඩි ප්‍රතිශතයක් පවසා ඇත්තේ ඔවුන් කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන්නේ මාසෙකට වතාවක් හෝ ඊටත් අඩුවෙන් බවයි. විශ්‍රාම ලත් පිරිසෙන් 100%ක් ම පවසා ඇත්තේ ඔවුන් ඒවා අනුභව කරන්නේ මාසෙකට වතාවක් හෝ ඊටත් අඩුවෙන් බවයි.

තනි ව ජීවත් වූ මෙන් ම කුලියට ජීවත් වූ පිරිසෙන් බහුතරයක් මෙම ආහාර සතියකට 1-3 වතාවක් පමණ අනුභව කරන බව හෙළි විය. මෙම ආහාර දිනපතා පරිභෝජනයට වැඩි ප්‍රතිශතයක් ලබා දී ඇත්තේ මෙම පිරිසයි. මෙසේ නිතර මෙම ආහාර අනුභව කරන කාණ්ඩයට අයත් නො වන්නේ තමන් බිරිද /සැමියා සහ දරුවන් සමග ජීවත් වන බව කී පිරිස් සහ වෙනත් යන කාණ්ඩයට අයත් වන පිරිස් ය. වෙනත් යන කාණ්ඩයේ බොහෝ විට දක්නට ඇත්තේ ඥතීන් සමග එකට ජීවත් වන පවුල් ය.

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන්නේ කවුරුන් සමග ද?

ජනගහනයෙන් දෙකෙන් පංගුවකට වැඩි කොටසක්, ඔවුන් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් තම පවුලේ සාමාජිකයන් සහ ආදරණීයන් සමග ඛෙදා ගනිමින් ප්‍රීති වන බව හෙළි විය. මෙම ආහාර වර්ග අනුභව කිරීමේ දී පවුල් අතර එකමුතුකම ද විවිධ සම්ප්‍රදාය ද දැක ගත හැකි ය. මෙම අධ්‍යයනයෙන් අපට පුදුමාකාර කරුණක් එළිදරව් කර ගත හැකි විය. එනම් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන අවස්ථාවල දී එම මොහොත සතුටින් ගත කරන පිරිස අතර, තනි ව ම ජීවත් වන පුද්ගලයන් දැක ගැනීමට බැරි තරම් ය. ඉතා ම සුළු ප්‍රමාණයක් මෙම ආහාර තනි ව ම අනුභව කරන බව ප්‍රකාශ කර ඇත.

සමීහා ජබීර්

පර්යේෂණ සහ සංවර්ධන ආයතනය

පරිවර්තනය – රනීෂා විමලසූරිය

පාසලේ කැන්ටිම හොඳ ආහාර පුරුදු ඇති කළ හැකි තැනක්අනාගත දරු පරපුර වෙත ඉහළ ම බලපෑමක් ඇති කරනු ලබන ප්‍රධානතම ආයතනය වන්නේ පාසල...
07/12/2024

පාසලේ කැන්ටිම හොඳ ආහාර පුරුදු ඇති කළ හැකි තැනක්

අනාගත දරු පරපුර වෙත ඉහළ ම බලපෑමක් ඇති කරනු ලබන ප්‍රධානතම ආයතනය වන්නේ පාසලයි. වයස අවුරුදු 5-18 අතර රටේ ජනගහනය, පැය 6කට වැඩි කාලයක් පාසලේ ගත කරන අතර, මේ හේතුවෙන්, දරුවන්ගේ පෝෂණය ද ඇතුළු ව සියලූ අංශවල යහ පැවැත්මේ තීරණාත්මක කාර්යභාරයක් පාසලට පැවරේ. නිවැරදි පෝෂණ පුරුදුවලට හුරු කිරීමෙන් නිරෝගි දරු පරපුරක් රටට දායාද කිරීමට මෙන් ම අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ද ඉන් මනා පිටුබලයක් ලැඛෙයි.

පාසල් කාලයේ දී, නිවැරදි ආහාර පරිභෝජන රටාවකට යොමු කිරීමට සුදුසු ස්ථානය පාසල් ආපන ශාලාවයි. දරුවන්ගේ රුචි අරුචිකම් මෙන් ම පෝෂණ අවශ්‍යතාවලට ද ගැළපෙන පරිදි ආහාර තෝරා ගැනීමට ඉඩ සැලසිය යුතු ය. මේ සම්බන්ධ ව පාසල් වෙත මාර්ගෝපදේශ සැපයීම පිර්‍ණස, “පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත ආපන ශාලා පවත්වා ගෙන යෑම” යන මැයෙන් චක්‍රලේඛයක් (35 /2015 අංක දරණ, 2015 දෙසැම්බර් මස 31 දිනැති චක්‍රලේඛය) සහ උපදෙස් සංග්‍රහය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.

එහි අරමුණ වී ඇත්තේ පාසල් සිසුන්ගේ නිවැරදි ආහාර පුරුදු ගොඩ නැගීම සඳහා පාසල් පරිසරය තුළ දී අත්දැකීම් ලබා දීම සහ වර්තමානයේ ආපන ශාලාවල බහුල ව ඇති ක්ෂර්‍ණක ආහාර සහ කාබනීකෘත බීම වෙනුවට, ජාතික පෝෂණ ප්‍රතිපත්තියට අනුකූල වන පරිදි පාසල් සිසුන්ගේ නිසි පෝෂණ අවශ්‍යතා ආවරණය වන පරිදි, ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බවින් යුක්ත ආහාර පාන ලැඛෙන බව සහතික කිරීමයි. මෙම චක්‍රලේඛය අනුව, පාසල්වල ආපන ශාලාව අභ්‍යන්තරයේ හා අවට පරිසරයේ ආහාර සැපයීම සම්බන්ධ ව නිර්ණායක දක්වා ඇත.

පාසල් ආපන ශාලාවක් පවත්වා ගෙන යාම, පාසල් සංවර්ධන සමිතියේ වගකීමක් වන අතර, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර, කොන්ත්‍රාත්කරුවකු වෙත ආපනශාලාව පැවරිය යුතු ය, ආහාරපාන සහ පාරිභෝජන කටයුතු, අදාළ නීති රීති සහ අණපනත්වල විධිවිධානවලට අනුකූල වන පරිදි, සෞඛ්‍යාරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර පාන ලබා දීම සහතික කිරීමත්, ආහාර පාන සකස් කරන පුද්ගලයන්ගේ, ආහාර පාන සපයන ස්ථානවල සහ උපකරණවල පවිත්‍රතාව සහතික කිරීමත්, සෞඛ්‍යයට හිතකර ආහාර අලෙවිය දිරිමත් කිරීමත්, පාසල් ආපන ශාලාවල අලෙවිය තහනම් කරන ලද අධික තෙල්, සීනි සහ ලූණු සහිත ආහාර අලෙවි නොකිරීමත් යන කරුණු දක්වා ඇත. මෙම කරුණු නියාමනය පාසල් සංවර්ධන සමිතියේ පූර්ණ වගකීමක් වේ.

මෙම කාර්යය සුභසාධක කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන අතර, ආපන ශාලාව පවත්වා ගෙන යාම පිළිබඳ ව නිරන්තර සොයා බැලීමට, සාමාජික සංඛ්‍යාව 6ත්, 12ත් අතර සංඛ්‍යාවකින් යුක්ත පාසල් සංවර්ධන සමිතියේ ආහාර පිළිබඳ අනුකමිටුවක් පත් කෙරේ. පාසල් ආපන ශාලාව පවත්වා ගෙන යාමට පාසල අයත් අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිය යුතු ය. පාසල් ආපන ශාලාව පිළිබඳ සොයා බැලීමේ වගකීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ද පවරා ඇත. එසේ ම පාසල් පරිසරය තුළ සෞඛ්‍යයට හා පෝෂණයට හිතකර ආහාර සැකසෙන බවට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාවක්, පාසල් වාරයකට වරක් ලබා ගැනීම සුදුසු බව ද දක්වා ඇත. ආහාරවල මිල ගණන් තීරණය කිරීම ආහාර කමිටුවේ අනුමැතිය මත විය යුතු අතර, සහනදායි මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍ය ලබා දීම අනිවාර්ය කර ඇත.

මෙම මාර්ගෝපදේශයෙන් සෞඛ්‍යයට හිතකර ආහාර වර්ග ලබා දීමට මග පෙන්වීම් ලබා දී ඇති අතර ඒ යටතේ එළවළු හා පළා වර්ග, දේශීය ස්වාභාවික පළතුරු, සත්ත්වමය ආහාර සහ මාශ බෝග හා සෞඛ්‍යාරක්ෂිත පාන වර්ග පිළිබඳ මග පෙන්වීමක් ද ලබා දී ඇත. එසේ ම පාසල් ආපන ශාලාවල අලෙවිය තහනම් කර ඇති ආහාර පිළිබඳ ව ද කරුණු දක්වා ඇත. තව ද ආහාර සුරක්ෂිතතාව යටතේ ආපන ශාලාව ඇතුළත හා අවට පරිසරය පිරිසිදු ව පවත්වා ගැනීම, පිරිසිදු ජල සැපයුම, අපද්‍රව්‍ය කළමනාකරණය, ආහාර ගබඩා කිරීම සහ ප්‍රදර්ශනය හා ආහාර සකස් කිරීම සහ ප්‍රදර්ශනය සම්බන්ධ ව මාර්ගෝපදේශ සපයා ඇත. එසේ ම ආපන ශාලාවල භාවිතයට ආදර්ශ ආහාර වට්ටෝරු දහයක් ද හඳුන්වා දී ඇත.

සෞඛ්‍යයට හිතකර ජීවන රටාවක් සඳහා වන පර්‍ණවුඩ ලබා දීම සඳහා සහ පාසල් ආපන ශාලා පරිශ්‍රය යහපත් ලෙස භාවිතයෙන් ශිෂ්‍යයන්ගේ නිරෝගිභාවයට ඛෙහෙවින් ඉවහල් වනවා මෙන් ම පාසල් කාලය තුළ දී ආහාර පරිභෝජනය පිළිබඳ ඇති වන ධනාත්මක වෙනසක් මගින් පෝෂණයෙන් හෙබි දරු පරපුරක් ඇති කිරීමට හැකි වනු ඇත.

පාසල් සිසුන්ගේ නිවැරදි ආහාර පුරුදු ගොඩ නැගීම සඳහා පාසල් පරිසරය තුළ දී අත්දැකීම් ලබා දීම සහ ජාතික පෝෂණ ප්‍රතිපත්තියට අනුකූල වන පරිදි පාසල් සිසුන්ගේ නිසි පෝෂණ අවශ්‍යතා ආවරණය වන පරිදි, ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බවින් යුක්ත ආහාර පාන ලැඛෙන බව සහතික කිරීමට උපදෙස් සහ චක්‍රලේඛ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත

පාසල් ආපන ශාලාවක් පවත්වා ගෙන යාම, පාසල් සංවර්ධන සමිතියේ වගකීමකි

පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳ ව දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පුංචි ඉඟියක්පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේ උගත්කම හෝ දැනුම්වත්කම විවි...
06/12/2024

පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳ ව දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පුංචි ඉඟියක්

පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේ උගත්කම හෝ දැනුම්වත්කම විවිධාකාර විය හැකි ය. කෙසේ වෙතත් තම දරුවන්ගේ ආහාරයේ අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථ, දරුවන්ගේ වයස අනුව ලැබිය යුතු ආහාර, දරුවන්ගේ රුචිකත්වයට ගැළපෙන පරිදි එම ආහාර කෙසේ පිළියෙල කර ගත යුතු ද, තම පරිසරයෙන් සොයා ගත හැකි ද්‍රව්‍යවල වටිනාකම, කෘත්‍රිම ආහාර පරිභෝජනයේ ආදීන ව යනා දී කරුණු පිළිබඳ මූලික දැනුමක් සෑම දෙමපියෙකුට ම පැවතිය යුතු ය.

යහපත් ආකල්ප සහිත, ගුණගරුක, ශාරීරික මෙන් ම බුද්ධි වර්ධනයට ද ආධාර වන සේ කුඩා අවධියේ සිට දරුවන්ට නිසි පෝෂණය ලබා දිය යුතු බව ගුරුවරුන් විසින් දෙමාපිය රැස්වීම්වල දී දෙමාපියන් ව දැනුම්වත් කළ යුතු ය. ඒ ඒ අවධියේ ළඟා විය යුතු බුද්ධි මට්ටමට ළඟා විය නො හැකි වුව හොත් දරුවාට නැවත කිසි දිනක ඊට ළඟා විය නො හැකි බව පහදා දිය යුතු ය. නිසි පෝෂණයක් නො ලබන ළමුන්ට නීරෝගි දරුවන්ට මෙන් ක්‍රීඩා කිරීමට හැකියාවක් නැත; ඉක්මනින් වෙහෙසට පත් වේ; පෙනුම වයසට අනුව වර්ධනය වී නැත; මාංශ පේශී දුර්වල සම රැලි වැටුනු ස්වභාවයක් ගනී; ඇස් දුර්වර්ණ ය. මෙවැනි ගති ලක්ෂණ හේතු කොට ගෙන අනික් ළමුන් සමඟ ඉගෙනුම් කාර්යයේ දී එක්ව කටයුතු කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත. තව ද මන්දපෝෂණය නිසා ශරීරයේ ප්‍රතිශක්තිය හීනවීමෙන් නිතර ලෙඩ රෝගවලට භාජනය වීමට ද ඉඩ ඇත. හඳුනා නො ගත් මන්දපෝෂණ තත්ත්වයක් වර්තමාන ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර දක්නට ඇත.

ශරීර වර්ධනයට හා බෝ වන රෝගවලින් ආරක්ෂා වීමට පෝෂක ද්‍රව්‍ය අවශ්‍ය වේ. මෙම පෝෂක ද්‍රව්‍ය මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍ය ලෙස කොටස් දෙකකට අයත් ය. මහා පෝෂක යනු කාබොහයිඩ්රේට, ලිපිඩ සහ ප්‍රෝටීන වන අතර ක්ෂුද්‍ර පෝෂක යනු විටමින් සහ ඛනිජ ලවණයි. මන්ද පෝෂණය යනු ශරීර වර්ධනයට අවශ්‍ය වන මෙම පෝෂණ සංඝටකවල ඇති වන ඌනතාවයි.

වර්තමානයේ පවතින ආර්ථීක අපහසුතා අනුව මව පියා දෙදෙනා ම ආර්ථීක ඉපැයීමේ නියැලෙන බැවින් තම පහසුව තකා උදෑසන වෙළඳපොළෙන් මිල දී ගන්නා කෘත්‍රිම ආහාරවලට දරුවන් හුරු කිරීමට ඇතැම් දෙමව්පියන් පෙලැඹී ඇත. එවැනි ක්ෂනික ආහාරවල, නිසි පෝෂණීය සංඝටක ඇතුළත් නොමැති බැවින් සහ අහිතකර දේ ඇතුළත් බැවින් දරුවන්ට නොසුදුසු ආහාර වේ. එසේ ම වර්තමානයේ තරගකාරි වෙළඳපළ උපක්‍රමවලට නොරැවටී සෞඛ්‍යවත් ආහාර පිළිබඳ ව නිසි ලෙස දැනුම්වත් වීම අතවශ්‍ය කරුණකි.

අද පාසල් දරුවන්ගේ වේගයෙන් ඉහළ යන බෝ නො වන රෝගවලට ප්‍රධාන හේතුව ආහාර රටාවේ වැරදි පිළිවෙත් බව වෛද්‍ය මතයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව බෝ නො වන රෝගවලට බලපාන පළමු කරුණ වන්නේ, අයහපත් ආහාර රටාවයි. තෙලෙන් බැදගත් විවිධ රසකාරක හා වර්ණක යෙදූ වෙළඳපොළෙන් මිල දී ගන්නා ආහාර වෙනුවට කුඩා කල සිට ම තම නිවසින් සකස් කර දෙන ආහාර වේල් භුක්ති විඳීමට දරුවන් හුරු කිරීම ද දෙමාපියන්ගේ වගකීමයි. එම ආහාර භුක්ති විඳීමෙන් දරුවන්ට ඇති වන වාසි ගුරුවරයා ද දරුවන්ට පැහැදිලි කර දිය යුතු ය.

දරුවන්ගේ ශාරීරික වර්ධනය, බුද්ධි වර්ධනය, චිත්තවේග පාලනය, අයහපත් ආකල්ප වර්ධනය සඳහා නිවැරදි ආහාර රටාව හේතු වන බව ගුරුවරුන් දෙමාපියන්ට වටහා දිය යුතු ය. එහෙත් එදිනෙදා ලැඛෙන ආදායම වැය කිරීමට සිදුවන වැඩ කටයුතු අනුව දරුවන්ගේ පෝෂ්‍යදායක ආහාර වේල් ගැන කතා කිරීමේ දී දෙමාපියන් සැබැවින් ම අසරණ වේ.

ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව, “ජීවත් වීමේ හා නිසි ලෙස වර්ධනය වීමේ අයිතියක්” සෑම ළමයෙකුට ම ඇත එසේ ම “ළමයාගේ මූලික අවශ්‍යතා ඉටු ඉටු කිරීම කිරීමට දෙමව්පියන් ක්‍රියා කළ යුතු ව ඇත”.

දරුවන්ට ආහාර දීමේ දී ඔවුන්ගේ උදරය ගැන පමණක් නො ව, ඔවුන් කවදා හෝ වැඩි වැඩිහිටියන් වන බව ද සිහි තබාගෙන “නිරෝගී වැඩිහිටි වියක්” පිළිබඳ සලකා ආහාර දීම වැදගත් බව දෙමව්පියන් වටහා ගත යුතු ය.

යහපත් ආකල්ප සහිත, ගුණගරුක, ශාරීරික මෙන් ම බුද්ධි වර්ධනයට ද ආධාර වන සේ කුඩා අවධියේ සිට දරුවන්ට නිසි පෝෂණය ලබා දිය යුතු බව ගුරුවරුන් විසින් දෙමාපිය රැස්වීම්වල දී දෙමාපියන් ව දැනුම්වත් කළ යුතු ය. ඒ ඒ අවධියේ ළඟා විය යුතු බුද්ධි මට්ටමට ළඟා විය නො හැකි වුව හොත් දරුවාට නැවත කිසි දිනක ඊට ළඟා විය නො හැකි බව පහදා දිය යුතු ය.

එන්. එම්. මාලා ආර් ද සිල්වා

විශ්‍රාමලත් උප පීඨාධිපතිනි

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය

මිනිසාගේ පානීය ජල අවශ්‍යතාව සිසිල් බීම කර්මාන්ත විසින් උදුරා ගැනීමට උත්සාහ දරනවාමහාචාර්ය රොහාන් වීරසූරියමහාචාර්යතුමනි, ආ...
01/12/2024

මිනිසාගේ පානීය ජල අවශ්‍යතාව සිසිල් බීම කර්මාන්ත විසින් උදුරා ගැනීමට උත්සාහ දරනවා

මහාචාර්ය රොහාන් වීරසූරිය

මහාචාර්යතුමනි, ආහාර සංස්කෘතිය ගැන කතා කරන කොට අපිට ජලය ගැන නොසලකා ම බැහැ. ඔබ ජලය සම්බන්ධ ව සුවිශේෂ අධ්‍යයන ගණනාවක ම නිරත වෙලා ඉන්න කෙනෙක්. ඇයි මොකක් ද මේ ජලයේ තිඛෙන විශේෂත්වය?

ඔව්, ජලය කියන්නේ ඉතා විශේෂ ම දෙයක්. ඇත්තට ම ජලයේ විද්‍යාත්මක භාවය, ජලයේ හැසිරීම ගැන නිසි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දැනට නැහැ. සාමාන්‍යයෙන් ඕනෑ ම ඝණයක් ද්‍රාවයක ගිලීමට ලක්වෙනවා. එහෙත් ජලය ඝණ වුණා ම ජලය මත පාවෙනවා. එහෙම නොවුනා නම් ලෝකයේ ජීවයට පැවැත්මක් නැහැ. ජලයේ තියෙන විශේෂත්වයක් තමා ඝන, ද්‍රව්‍ය සහ වායු වශයෙන් පරිසරයේ පැවතීම. අපි දන්නවා හරිතාගාර වායුව¬ක් වුණත්, පෘථීවියේ පැවැත්මේ අවශ්‍යතාව අනුව ඝන, ද්‍රව හා වායු බවට පත්වෙනවා. ජලය භයානක හරිතාගාර වායුවක් නෙමෙයි. පෘථීවියේ උෂ්ණත්වය පාලනයට ජලය බොහෝ ලෙස ඉවහල් වෙනවා. ජලයට ආගමික වශයෙනුත් ඉහළ පිළිගැනීමක් ලබා දී තිඛෙනවා. මිනිස් ශරීරය ගත්තත් සියයට 75%ක් ම තියෙන්නේ ජලය. හරියට ම ජලයේ හැසිරීම නොදන්න නිසා සමහර අවස්ථාවල දී සාර්ථක නිගමනවලට යන්න බැහැ. ඒ නිසා ජලය ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ පෙළඹිලා තියෙන්නේ.

පුද්ගලයෙක් වශයෙන් ජීව විද්‍යාත්මක ව ජලය වැදගත් වන්නේ කොහොම ද?

පුද්ගලයන් විධියට අපි විවිධ පාන වර්ග වෙනුවට පිරිසුදු ජලය පානය ඉතා ම වැදගත්. දිනකට මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය ජලය ප්‍රමාණයක් තියෙනවා. පුද්ගලයකු පිට කරන මුත්‍රා, ජලය පැහැයට සමාන වනතෙක් දිනකට ජලය ගත යුතුයි. දරුවෝ වැස්සේ තෙමෙන්න කැමති ජලයේ තියෙන සෞම්‍යභාවය නිසා. වියලි කලාපයේ බහුල ව පවතින රෝග සඳහා ද හේතුව පිරිසිදු ජලය නැතිකම (පානයට සුදුසු නැහැ, අධික ලවණ ප්‍රමාණය නිසා). ඇත්තටම පානීය ජලය පුද්ගලයාගේ මූලික අත්‍යවශ්‍යතාවක්. ලංකාවේ පවා 4%ක් පමණ මේ පානීය ජල ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. මීට එක ම විසඳුම ජලය පිරිපහදුව නෙමෙයි, තියෙන ජල ප්‍රභාව ආරක්ෂා කර ගැනීමයි.

ජලය පිරිපහදු කොට භාවිත කිරීම නුසුදුසු ද?

අවිධිමත් සංවර්ධනය නිසා ජලය පිරිපහදු කරන්න වෙලා තියෙනවා. එහෙත් එහි දී යොදා ගන්නා රසායනික සංඝටක අවම කළ යුතු ව තිඛෙනවා. ඇත්තටම පිරිපහදු නො කළ ජලය භාවිතය තමා ඉතා ම හොඳ. ලංකාවේ තව ම සමහර ප්‍රදේශවල (මිහින්තලය ආදී) පිරිපහදු නො කළ ජලය තියෙනවා. ඒ වගේ මහනුවර කඩුගන්නාව ප්‍රදේශවල වාහන සේදීමේ දී ක‍්ර අ්ිය- පවා ඉතා පිරිසුදු ජලය භාවිත කරනවා. ජලයේ විවිධත්වයක් තිඛෙනවා. ජලය ස්වභාවධර්මයේ විශිෂ්ඨ දායාදයක්. එය හොඳින් ආරක්ෂා කිරීම අපේ වගකීමක්.

කොහොමද පාසල් වයසේ ඉඳලා ජලය ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන්නෙ?

ශ්‍රී ලංකාව කියන්නේ ජලයෙන් වට වූ දූපතක්. පොඩි දරුවන් ගත්තත් ජලයට ඉතා කැමතියි. එතැනින් පටන් ගෙන අපිට ජලයේ වැදගත් බව වටහා දිය හැකියි. අධ්‍යාපන පද්ධතියට එය දැඩි අවශ්‍යතාවක්. ජලයේ ගුණ සම්බන්ධ ව ගීත හදලත් තියෙනවා. ඒ වගේම තව ජල පරිගණකයක් හදලා තියෙනවා. දැනට තියෙන පරිගණකවල වේගය ඉතා අඩුයි. එහෙත් ජල අණුවේ තියෙන ලාක්ෂණික හැසිරීම /ගුණාංග භාවිත කරලා හදන ජල පරිගණකවල වේගය ඉතා ඉහළයි. ජලයේ ගුණාංග ගැන ලෝකයේ විවිධ රටවල් පර්යේෂණ කරනවා. එහි දී ඊශ්‍රායලය ඉතා වැදගත්.

විවිධ පාන වර්ගවලින් ජල අවශ්‍යතාව සපුරාගන්න මිනිස්සු හුරු වී සිටිනවා. ඒවා නැති කිරීම සඳහා ජලය හා බැඳුණු ආර්ථීකයක් ගොඩනැගීම ඉතා වැදගත්, අපි අතීතයේ සිට පාවිච්චි කළ ගුරුලේත්තුව පානීය ජලය ගබඩා කිරීම සඳහා ඉතා ම උචිත ක්‍රමයක්. ගුරුලේත්තුව වත්මන් ලෝකයට ගැළපෙන ලෙස නවීකරණය කළ හැකි නම් වැඩි දෙනෙක් ඊට යොමු වේවි.

පානීය ජලය, නිවාසවලට ලබා ගැනීමේ ප්‍රමුඛ ම ක්‍රමයක් බවට නල මාර්ග ඔස්සේ ලබා ගැනීම සිදු කෙරෙනවා. එහි දී යම් ගැටලූ මතුවිය හැකි ද?

ජලයේ ගුණයක් තමා ඕනෑ ම දෙයක් දිය කිරීමේ හැකියාව. උදාහරණයක් විදිහට ගුරුලේත්තුවේ සහ ප්ලාස්ටික් භාජනයක වතුරේ රසය අපට වෙන ම හඳුනාගන්න පුළුවන්. නල ජලය දීර්ඝ කාලයක් යන විට එය අහිතකර විය හැකියි. ප්‍රමිතිගත බට ලෝකයේ තියෙනවා. ඒවා ලංකාවේ භාවිත වෙන්නේ නෑ. විවිධ ගම් වර්ග භාවිතයත් හොඳ නෑ.

පානීය ජලය භාවිත කළ යුතු ආකාරය වයස් කාණ්ඩ අනුව වෙනස් වෙනවා ද?

ශරීරයට ජලය අවශ්‍ය නම් ශරීරයේ ජලය ඉල්ලනවා. එනිසා වයස් කාණ්ඩ අදාළ වෙන්නේ නැහැ. ඇති තරම් ජලය භාවිතය ඉතා හොඳයි. ඒත් විවිධ පාන වර්ගවලින් ජල අවශ්‍යතාව සපුරාගන්න මිනිස්සු හුරු වී සිටිනවා. ඒවා නැති කිරීම සඳහා ජලය හා බැඳුණු ආර්ථීකයක් ගොඩනැගීම අවශ්‍යයි.

කෙ ා හාමදපා ල් වය ෙ ්ඉඳල ා ජලය ගැන න වැ අවබෝධය ්ලබ ෙ න්නෙ?

ශ්‍රී ලංක වකිය ්නේ ජලෙ න්වට ව ූදූපතක්. ෙ පාඩිදර ැ න්ගත්තත ් ජල ය ටඉතා කැමතිය ි. එතැනි ්පටන ් ගෙන අප ිටජ යේ වැදගත ් බ වටහා දි ය හ ැක යි.අධ්‍යා ප පද්ධත ි යටඑය දැඩි අවශ තාවක් ජල ෙ ය්ගුණ සම්බ ්ධව ගීත හද ත් ති යෙ වා.ඒ වගෙ ් මතව ජල පරිගණ යක්හදල ා තියෙනව .දැන ට තියෙ පරි ණක වලවේග ය ඉතා අඩ යි එහෙත් ජල අ ණුෙ තිෙ නල ා ක්ෂණ කහැස රීම / =ණාං භාවිත කරලා හ ජල පරිගණකවල වේග ය ඉ ා ඉහළයි. ජලෙ ්ගු ණ ාංග ගැන ලෝක ය්වි ධරටවල් පර්ෙ ය් ණකරන ා. එ හිදී ඊ ්‍ර ායලය ඉතා ව දගත් විවි ධප ා වර්ගව ින් ජල අවශ්‍යත ා වසප රාගන ්නමි ිස්සු හ ුරුවී ස ටිනව .ඒවා නැති කිරී සඳහා ජල ය හා බ ඳුණුආර් ථී කයක්ගොඩ ැගී ම ඉතා වැ ගත්

අපි අතීතයේ සිට පාවිච්චි කළ ගුරුලේත්තුව පානීය ජලය ගබඩා කිරීම සඳහා ඉතා ම උචිත ක්‍රමයක්. ගුරුලේත්තුව වත්මන් ලෝකයට ගැළපෙන ලෙස නවීකරණය කළ හැකි නම් වැඩි දෙනෙක් ඊට යොමු වේවි.

පාන යජලය, නිවාසවල ට ලබ ාගැ ීමේප්‍ර ම ුඛම ක්‍රම ක බ ටන මාර්ග ඔස්සේ ලබා ගැනීම සිදු කෙරෙනවා. එහි දී යම් ගැටලූ මතුවිය හැකි ද?

ජලයේ ගුණයක් තමා ඕනෑ ම දෙයක් දිය කිරීමේ හැකියාව. උදාහරණයක් විදිහට ගුරුලේත්තුවේ සහ ප්ලාස්ටික් භාජනයක වතුරේ රසය අපට වෙන ම හඳුනාගන්න පුළුවන්. නල ජලය දීර්ඝ කාලයක් යන විට එය අහිතකර විය හැකියි. ප්‍රමිතිගත බට ලෝකයේ තියෙනවා. ඒවා ලංකාවේ භාවිත වෙන්නේ නෑ. විවිධ ගම් වර්ග භාවිතයත් හොඳ නෑ.

පානීය ජලය භාවිත කළ යුතු ආකාරය වයස් කාණ්ඩ අනුව වෙනස් වෙනවා ද?

ශරීරයට ජලය අවශ්‍ය නම් ශරීරයේ ජලය ඉල්ලනවා. එනිසා වයස් කාණ්ඩ අදාළ වෙන්නේ නැහැ. ඇති තරම් ජලය භාවිතය ඉතා හොඳයි. ඒත් විවිධ පාන වර්ගවලින් ජල අවශ්‍යතාව සපුරාගන්න මිනිස්සු හුරු වී සිටිනවා. ඒවා නැති කිරීම සඳහා ජලය හා බැඳුණු ආර්ථීකයක් ගොඩනැගීම අවශ්‍යයි.

13 2024 ජනවාරි – අප්‍රේල් ගවේෂණ

ජලය අපි හරියට ආරක්ෂා නො කළොත් මීළඟ යුද්ධය ජලය නිසා ඇතිවිය හැකියි.නො කළොත් මීළඟ යුද්ධය ජලය නිසා ඇතිවිය හැකියි. එය බුද්ධිමත්ව කළ යුතුයි. ලංකාවේ තියෙන ගුරුත්ව ගුණය නිසා ජලය ඕනෑම තැනකට යවන්න පුළුවන් අත්‍යවශ්‍යතාව තිබුණොත්.

පානය කිරීමට වඩාත් සුදුසු ස්වභාවික ව පිරිපහදු කළ ජලයයි. එසේ නොමැති නම් හැකි තරම් අවම මට්ටමින් රසායනික ද්‍රව්‍ය යොදා කරන පිරිපහදුව

ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය සුදුසු ද?

ඇත්තටම එහි ගුණාත්මකභාවය ගැන දෙවරක් සිතිය යුතුය. මොකද ප්ලාස්ටික් බෝතලය නිසා ජලයේ ඕනෑ ම දෙයක් දියවෙන නිසා ඒවා භාවිතය මිනිස් ශරීරයට අහිතකර විය හැකියි. වීදුරු බෝතල් වඩාත් සුදුසුයි. අපි අතීතයේ සිට පාවිච්චි කළ ගුරුලේත්තුව පානීය ජලය ගබඩා කිරීම සඳහා ඉතා ම උචිත ක්‍රමයක්. ගුරුලේත්තුව වත්මන් ලෝකයට ගැළපෙන ලෙස නවීකරණය කළ හැකි නම් වැඩි දෙනෙක් ඊට යොමු වේවි.

මිනිසුන්ගේ මානසිකත්වය බෝතල් කළ ජලයට හරවලා තියෙන්නේ. ඒ නිසා ලිං වතුර භාවිත කරන්නේ නෑ. ළිඳ නොසලකා හැරලා, ළිං අපිරිසිදු කරනවා. එම අත්හැර ඇති ළිං භූගත ජලය දූෂණයට බලපානවා. භූගත ජලය පිරිපහදු කරන්න බෑ. ඒ නිසා ඒවා නොකළ යුතුය. භූගත ජලය ආරක්ෂා කළ යුතුමයි. ඒවාට විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්.

ගංගාවල ජලය බීමට සුදුසුයි ද?

ඔව්, ප්‍රමිතිගත තත්වයේ තිඛෙනවනම් සුදුසුයි වඩාත් සුදුසු ස්වභාවික පිරිපහදුවයි. එසේ ොමැති නම් හැකි තරම් අවම මට්ටමින් රසායනික ද්‍රව්‍ය යොදා කරන පිරිපහදුව යොදා ගත හැකියි. ගමකට සුදුසු (පවුල් 500කට වගේ) ආකාරයට රසායනික නොවන ස්වභාවික පිරිපහදු ආකෘති අපි හදල තියෙනවා දැනටමත්. මෙහි දී ජල මණ්ඩලයේ සහයෝගයන් ඉතා වැදගත්. ඔවුන්ගේ නිසි ක්‍රමවේද යටතේ පුද්ගලයාට ඒවා ලබාදිය යුතුයි.

ජලය ගැන ඔබ ආයතනයේ වගේ ම අපේ රටේ කරන පර්යේෂණ මොනවා ද?

පානීය ජලය ගැන ගොඩක් පර්යේෂණ කරනවා. ජලයේ ලවණත්වය, කඨිණත්වය හා පොහොරවලින් එන විෂ රසායනවලින් ජලය දූෂණය වෙනවා. ප්‍රධානතම දේ තමා ලවණතාවය. වියලි කලාපයේ ඛාදනය නිසා, ජලයට අං ශුඑකතු වීම වැඩියි. වියලි කලාපයේ වැවක ජලය පිරිපහදුව පහසුයි, ගුගත ජලයට වඩා. මෙහි දී පර්යේෂණවලින් සොයා ගන්න ඕනෙ ලංකාවට වඩාත් ගැලපෙන ක්‍රම. අප ආයතනයේ වගකීමත් එයයි. එක් කාර්ය භාර්ය වන්නේ ජාතියට ජලය පිලිබද

අපේ රටේ පානීය ජල ප්‍රශ්නයට තියෙන විසඳුම ජලය පිරිපහදු කිරීම නෙමෙයි, තියෙන ජල ප්‍රභව ආරක්ෂා කර ගැනීමයි.

නිධානයක් බඳු ස්වාභාවික පානය දෙහි සහ දොඩම් යුෂසෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ලූහුබැඳීම සංස්කෘතික සම්මතයක් බවට පත්ව ඇති ලෝකයක,...
30/11/2024

නිධානයක් බඳු ස්වාභාවික පානය දෙහි සහ දොඩම් යුෂ

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ලූහුබැඳීම සංස්කෘතික සම්මතයක් බවට පත්ව ඇති ලෝකයක, පෝෂ්‍යදායී සහ රසවත් විකල්ප සඳහා පුද්ගලයාව මෙහෙයවනු ලබයි. සොබාදහමෙන් ලැබුණු නිධානයක් ලෙස දෙහි සහ දොඩම් පෙන්වා දිය හැකි අතර, රසවත් සහ ප්‍රබෝධමත් පාන වර්ග ලෙස ලෝකයේ බොහෝ දෙනා අතර ප්‍රචලිත ය. පැඟිරි යුෂ අපේ දෛනික ආහාර වේලෙහි අනිවාර්යයෙන් ම තිබිය යුතු සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා දෙන ආහාරයක් බව විද්‍යාත්මක ව ඔප්පු වී හමාර ය.

ලෙඩරෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් වීම

විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂ දෙක ම විටමින්-සී වලින් පිරී ඇති පාන ය. ප්‍රතිශක්තිකරණ ගුණ සඳහා ප්‍රකට ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි.

දෙහි-දොඩම් යුෂ පරිභෝජනය කරන විට, අපේ ශරීරයට විටමින්-සී මාත්‍රාවක් මින් ලැඛෙන අතර, එය අපේ ශරීරයේ සුදු රුධිරාණු නිපදවීමට උපකාරී වේ. මෙම සුදු රුධිරාණු අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂකයන් වැනි ය. එසේ ම වෛරස් හා බැක්ටීරියා වැනි හානිකර ආක්‍රමර්‍ණකයන්ගෙන් අපේ ශරීරය ආරක්ෂා කරන අතර සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැළැක්විය හැකි අතර ශ්වසන ආසාදනවල බරපතලකම පවා අඩු කර ගත හැකි ය. එමනිසා, දිනකට දෙහි හෝ දොඩම් යුෂ වීදුරුවක් පානය කිරීමෙන් අපේ ශරීරයේ ස්වාභාවික ආරක්ෂාව ශක්තිමත් කර නිරෝගී ව සිටීමට උපකාරි වේ.

වයසට යාම මන්දගාමී කරයි
විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂවල ෆ්ලේවනොයිඩ් සහ කැරොටිනොයිඩ් වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් අපේ ෙසෙල හානිවලින් ආරක්ෂා වේ.

ප්‍රතිඔක්සිකාරක යනු අපේ ෙසෙලවල ආරක්ෂිත පලිහක් මෙන් වන අතර, ඒවා නිදහස් රැඩිකලූන්ගේ හානිකර බලපෑම්වලින් ආරක්ෂා කරයි. නිදහස් රැඩිකලූන් අපේ ෙසෙල හා DNA වලට හානි කළ හැකි අතර එය විවිධ සෞඛ්‍ය ගැටලූවලට තුඩු දිය හැකි ය. දෙහි සහ දොඩම් යුෂවල ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් මෙම මුක්ත ඛණ්ඩක උදාසීන කර නිදන්ගත රෝග ඇති වීමේ අවදානම අඩු කර වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි. සරල ව කිව හොත්, මෙම යුෂ අපේ ශරීරය ඉහළ ම තත්ත්වයේ තබා ගැනීමට උපකාරි වේ.

ආහාර දිරවීමට සහාය වීම
විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂවල ඇති කෙඳි සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණ පද්ධතියකට

සහාය වේ.

හොඳ ආහාර ජීර්ණයක් සඳහා තන්තු අත්‍යවශ්‍ය වන අතර දෙහි-දොඩම් යුෂ පරිභෝජනය කරන විට, අපගේ ශරීරයට මෙම අත්‍යවශ්‍ය තන්තු ලබා දේ. එය ප්‍රීතිමත් සහ කාර්යක්ෂම ආහාර ජීර්ණ පද්ධතියක් පවත්වා ගැනීමට උපකාරි වේ. එසේ ම ආහාර වේලකට පෙර නැවුම් පැඟිරි යුෂ වීදුරුවක් අපට ප්‍රබෝධමත් හැඟීමක් ඇති කරයි, අධික ලෙස ආහාර ගැනීම වළක්වයි. එපමණක් නොව, මෙම යුෂවල ආම්ලිකතාව අපේ ආමාශයේ ඇති ආහාර බිඳ දැමීමටත්, කාර්යක්ෂම ආහාර දිරවීම සහ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමටත් උපකාරී වේ.

හදවතට හිතකර පානයක් ලෙස ක්‍රියා කරයි
විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂවල ඇති පොටෑසියම් අන්තර්ගතය රුධිර පීඩනය නියාමනය කිරීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

අධි රුධිර පීඩනය, හෘද රෝග හා ආඝාතය සඳහා අවදානම් සාධකයකි. වාසනාවකට මෙන්, මෙම යුෂවල ඇති පොටෑසියම් අපේ ශරීරයේ සෝඩියම් මට්ටම සමතුලිත කිරීමෙන් අපේ රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. මෙම සරල ක්‍රියාව මගින් හෘදය ආශ්‍රිත ගැටලූ ඇති වීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි අතර එය වඩා හොඳ හෘද සෞඛ්‍යයකට දායක වේ.

සමේ දීප්තිය වැඩි කරයි
විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂවල ඇති විටමින්-සී කොලජන් නිෂ්පාදනයට සහය වන අතර සමේ සෞඛ්‍යය වැඩි දියුණු කරයි.

කොලජන් යනු අපේ සම ස්ථීර ව හා ප්‍රත්‍යාස්ථ ව තබා ගන්නා ප්‍රෝටීනයකි. අප වයසට යන විට කොලජන් නිෂ්පාදනය අඩු වන අතර එමඟින් සම රැලි වැටීමට සහ එල්ලා වැටීමට හේතු වේ. මෙම යුෂවල බහුල විටමින්-සී, කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි. අපේ සමට තරුණ බවක් ලබා දෙයි. මීට අමතර ව, පැඟිරි යුෂවල ඇති ස්වභාවික අම්ල අපේ සම සිනිඳු සහ දීප්තිමත් කරයි.

ඵලදායී සජලනයක් ලබා දීම
විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂ අපේ දෛනික තරල පරිභෝජනයට දායක වන අතර අපව හොඳින් සජලනය කරයි.

සජලනය යනු ශරීරයේ නිසි ක්‍රියාකාරකම් පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් සහ සමතුලිත ජල ප්‍රමාණයක් හෝ වෙනත් තරලයක් අපේ ශරීරයට ලබා දීමේ ක්‍රියාවලියයි. විවිධ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා නිසි සජලනයක් අත්‍යවශ්‍ය වේ. මෙම යුෂ රසවත් පමණක් නොව, අපේ ශරීරය ප්‍රශස්ත ලෙස ක්‍රියා කරන බව සහතික කරමින් අපේ තරල ප්‍රමාණය වැඩි කිරීමට විශිෂ්ට ක්‍රමයක් ද වේ.

මනෝභාවය වැඩි දියුණු කිරීම
විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම්වල සුවඳ මානසික ආතතිය අඩු කරමින් මනෝභාවය වැඩි දියුණු කිරීමේ බලපෑම් ඇති කළ හැකි ය.

පැඟිරි ගෙඩි ශරීරයට පමණක් නොව මනසට ද හිතකර ය. දෙහි සහ දොඩම්වල ප්‍රබෝධමත් පැඟිරි සුවඳ අපේ මනෝභාවය ඉහළ නැංවීමට සහ ආතතිය සමනය කිරීමට සමත් වේ. මෙම යුෂ ධනාත්මක ව අපේ දවස ආරම්භ කිරීමට කදිම තේරීමකි.

42_11 ආහාර සහ පිළිකාව අතර සම්බන්ධය පිළිබඳ අපි දැනුම්වත් ද?

මිනිසාගේ ඇතැම් ආහාර රටා පිළිකා අවදානම ඉහළ නංවන අතර, ඇතැම් ආහාර රටා පිළිකා අවදානම අඩු කරන බව සොයා ගෙන ඇත. සත්ත්ව ආහාරවලට සාපේක්ෂ ව ශාඛමය ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම පිළිකාව සැදීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එළවළු සහ පලතුරු වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයින් අතර මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළඳීමේ සම්භාවිතාව අඩු බවත් දිනකට පළා වර්ග ග්‍රැම් 20ක් වත් ආහාරයට ගත යුතු බව තහවුරු වී ඇත. මුඛයේ, ගලනාලයේ සහ ආමාශයේ පිළිකා වළක්වා ගැනීම සඳහා එළවළු පලතුරු වැඩි වශයෙන් පරිභෝජනය සුදුසු බව ද තහවුරු වී ඇත.

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් මඟින් පිළිකාව පමණක් නො ව අධිරුධිර පීඩනය, දියවැඩියාව, තරබාරුකම වැනි රෝග පවා වළක්වා ගත හැකි බව අපි දනිමු. පියයුරු, පුරස්ථ ග්‍රන්ථී, ගර්භාශ, ඩිම්බ කෝෂ, මහාන්ත්‍ර පිළිකා සඳහා අධික මේද සහිත ආහාර පරිභෝජනය හේතු වන බවත් දිනකට අප ලබා ගන්නා ශක්ති ප්‍රමාණයෙන් 30%කට වඩා අඩු වන ලෙස මේදය මඟින් ලැඛෙන ශක්ති ප්‍රමාණය සීමා කිරීමට උනන්දු විය යුතු බව ද සොයා ගෙන ඇත.

හරක් මස්, ඌරු මස් වැනි රතු මාංශ වර්ග ද සොසේජස්, හැම් බේකන් වැනි කලින් පිසින ලද ආහාර ද පුළුස්සන ලද ආහාර ද අධික උෂ්ණත්වයේ දී පිසින ලද මාංශ ද පිළිකාව සඳහා හේතු වන බව සොයා ගෙන ඇත.

ලූණු දැමීම, අච්චාරු දැමීම, දුම් ගැසීම වැනි ක්‍රම අතීතයේ දී ආහාර කල්තබා ගැනීමට භාවිත කළ ද ඒවා ද පිළිකා වර්ධක බව වර්තමානයේ දී සොයා ගෙන ඇති අතර ශීතකරණය ඒ සඳහා සුදුසු බව පෙන්වා දී ඇත.

සමහර ආහාර ස්වභාවික ව නිෂ්පාදනයේ දී ද බාහිරින් හට ගන්න විවිධ ද්‍රව්‍ය පිළිකා කාරක බවත් එසේ ආහාර මත වැෙඩන දීලීර වර්ගවලින් නිපදවෙන Aකේඑදංසබ නමැති විෂ ද්‍රව්‍ය අක්මාවේ පිළිකා සඳහා හේතු වන බවත් සොයා ගෙන ඇත. එබැවින් රසායනික ඇතැයි සැක කෙරෙන ආහාරවලින් හැකි පමණ වැළකී සිටීමට අප උනන්දු විය යුතු ය.

එසේ ම ආහාර කල් තබාගැනීමට, රසකාරක ලෙස හා වර්ණක ලෙස යොදාගන්නා සමහර රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙස ක්‍රියා කරනු ඇත. එලෙස හඳුනා ගත් රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම් කර ඇත. එබැවින් ආහාර තෝරා ගැනීමේ දී නිසි ප්‍රමිතිගත නිෂ්පාදන තෝරා ගත යුතු අතර එසේ නො වන නිෂ්පාදන සඳහා දැඩි ක්‍රියා මාර්ග, නීති පැනවිය යුතු ය.

ගලනාල පිළිකා සඳහා අධික උණුසුම් ව ආහාර සහ බීම වර්ග පරිභෝජනය හේතු වන බවත් එසේ ම විටමින් වර්ග ඌනතා ද පිළිකා සඳහා හේතු වන බව සොයා ගෙන ඇත. එබැවින් පෝෂණ ගුණයෙන් ඉහළ පෝෂ්‍යදායී ආහාර තෝරාගැනීමට අප උනන්දු විය යුතු ය Aක‍ෑී ක‍දබජැචඑ-ග

ඉහත කරුණු සලකා බැලූ විට, පිළිකාව වැළැක්වීම සඳහා හිතකර ආහාර රටාවකට හුරු වීමේ දී ශාඛමය සහ පෝෂණයෙන් ඉහළ ආහාරවලට මූලිකත්වය දෙමින් හැකි සෑම විට ම නැවුම් ස්වභාවික ආහාර විවිධත්වයකින් යුතු ව පරිභෝජනයේ වැදගත්කම මනාව පැහැදිලි වේ.

මිනිසාගේ ඇතැම් ආහාර රටා පිළිකා අවදානම ඉහළ නංවන අතර, ඇතැම් ආහාර රටා පිළිකා අවදානම අඩු කරන බව සොයා ගෙන ඇත.

සත්ත්ව ආහාරවලට සාපේක්ෂ ව ශාඛමය ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම පිළිකාව සැදීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කරන

ලූණු දැමීම, අච්චාරු දැමීම, දුම් ගැසීම වැනි ක්‍රම අතීතයේ දී ආහාර කල්තබා ගැනීමට භාවිත කළ ද ඒවා ද පිළිකා වර්ධක බව වර්තමානයේ දී සොයා ගෙන ඇති අතර ශීතකරණය ඒ සඳහා සුදුසු බව පෙන්වා දී ඇත.

එසේ ම ආහාර කල් තබාගැනීමට, රසකාරක ලෙස හා වර්ණක ලෙස යොදාගන්නා සමහර රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙස ක්‍රියා කරනු ඇත.

සමහර ආහාර ස්වභාවික ව නිෂ්පාදනයේ දී ද බාහිරින් හට ගන්න විවිධ ද්‍රව්‍ය පිළිකා කාරක බවත් එසේ ආහාර මත වැෙඩන දීලීර වර්ගවලින් නිපදවෙන Aකේඑදංසබ නමැති විෂ ද්‍රව්‍ය අක්මාවේ පිළිකා සඳහා හේතු වන බවත් සොයා ගෙන ඇත.

(විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන සහ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ විසින් රචිත ‘පිළිකාවේ සැබෑ තතු’ කෘතියෙන් උපුටා ගත්තකි)

පර්යේෂකයින් සොයා ගත් දැනුම් සම්භාරය ජනතාව අතරට ගෙන යාමට ජන මාධ්‍යයට විශාල කාර්යභාරයක් තිබෙනවාශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංව...
29/11/2024

පර්යේෂකයින් සොයා ගත් දැනුම් සම්භාරය ජනතාව අතරට ගෙන යාමට ජන මාධ්‍යයට විශාල කාර්යභාරයක් තිබෙනවා

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධනය ගැන, පර්යේෂණ සිදු වන ප්‍රධාන අංශ තුනක් පදනම් කර ගෙන සාකච්ඡා කළ හැකි ය.

1. රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල
2. රජයේ පර්යේෂණ ආයතන
3. පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතන

රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් හා ආචාර්යවරුන් වැඩි නැඹුරුතාවක් දක්වනුයේ අධ්‍යයන පර්යේෂණ සඳහා වුවත්, වර්තමානය වන විට විශ්වවිද්‍යාලවල කරන පර්යේෂණ, වැඩි වශයෙන් ‘ව්‍යවහාරික පර්යේෂණ’ දෙසට යොමු වී ඇති බව පෙනෙන්නට තිබේ. රජයේ පර්යේෂණ ආයතන බොහොමයක් රාජ්‍ය ප්‍රතිපාදන මත පදනම් ව හෝ විශ්වවිද්‍යාල සමග ගිවිසුම්ගත ව පර්යේෂණ කරන අතර, පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතන බොහෝ විට සිය පෞද්ගලික අභිලාශ සඳහා පර්යේෂණ කරයි. මෙහි දී වැදගත් වන්නේ කුමන ආයතනය කුමන හේතුව මත පර්යේෂණ කරනවා ද යන්න නො ව, රටක් වශයෙන් ලෝකය සමඟ ඉදිරියට යාමට, පර්යේෂණවල වැදගත්කම පිළිබඳ ව දැනුම්වත් වෙමින් පර්යේෂණ කිරීමයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පර්යේෂණ සිදු වීමේ ප්‍රවණතාව ඉතා අවම වේ. දියුණු රටවල් ඉතා හොඳින් පර්යේෂණවල වැදගත්භාවය අවබෝධ කර ගනිමින් ලෝකය සමඟ ඉදිරියට ගියත්, ශ්‍රී ලංකාවේ තවමත් සියයට එකක් වැනි ඉතා ම සුළු මුදල් ප්‍රමාණයක් අයවැය මගින් පර්යේෂණ සඳහා වෙන් කොට ඇත. එය ශ්‍රී ලංකාවේ පර්යේෂණ අවශ්‍යතාව සපුරාලීමට ඉතා ම අඩු ප්‍රතිශතයක් බැවින්, විද්‍යාත්මක සහ සමාජීය පර්යේෂණ අප රටෙහි සිදු වන්නේ ඉතා අවම මට්ටමිනි. වෙනත් රටවල පර්යේෂණ ප්‍රතිඵල අප රටට ආදේශ කිරීම සාර්ථක ක්‍රමයක් නො වන අතර, විය යුත්තේ පර්යේෂණ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අදාළ ආයතන ඔස්සේ ලබා දීමයි.

අප රටේ පර්යේෂණ අතරමග දී නවතින බව (නවෝත්පාදනයක්/නව්‍යකරණයක් දක්වා නො යන බව) බොහෝ දෙනා මැසිවිලි නගන තත්ත්වයකි. එහෙත් මෙහි දී කිව යුත්තේ සෑම පර්යේෂණයක් ම නවෝත්පාදනයක් හෝ නව්‍යකරණයකට පාදක නො වන බවයි. මෙහි දී අපල කුමන පර්යේෂණය නවෝත්පාදනයකට හෝ නව්‍යකරණයකට හෝ වාණිජකරණයකට යා හැකි වන්නේ දැයි විමසා බැලිය යුතු ය. සාමාන්‍යයෙන් නව්‍යකරණයක් යනු නව නිපැයුමක් මගින් හෝ දැනට පවතින ක්‍රමවේදයෙහි වැඩි දියුණු කිරීමක් මගින් සමාජීය වෙනස් කිරීමකට ලක් කිරීමකි.

පර්යේෂණවලින් විද්‍යාත්මක හා තාක්ෂණික නව්‍යකරණයක් ම සිදුවිය යුතු නැත. අවශ්‍ය වනුයේ නව්‍යකරණයක් සිදු වනවා ද යන්න බැලීම නො ව ප්‍රශ්නයට හේතුව පර්යේෂණයෙන් සොයා ගැනීම ය. ශ්‍රී ලංකාවේ පර්යේෂණ අතරමග දී නතර වන බවට මැසිවිලිවලට තවත් බලපාන කාරණයක් වනුයේ පර්යේෂක ආකල්පයි; නැත හොත් පුද්ගල ආකල්පයි. තමන්ගේ බුද්ධිමය දේපළ වෙනත් කෙනෙකු සොරකම් කරයි යන බිය පුද්ගලයා තුළ පවතින අතර, ඒ මත පර්යේෂණ දත්ත සමාජගත නො කරයි. එහෙත් බුද්ධිමය දේපළ යටතේ අදාළ පැවරුම් විධි නිසියාකාර ව කරමින් පර්යේෂණ දත්ත සමාජගත කිරීමෙන් පුද්ගලයා හෝ පර්යේෂකයන් තුළ පවතින සෘණාත්මක ආකල්ප නැති කරමින් පර්යේෂකයාගේ කාර්යභාරය නිසියාකාර ව සමාජයට ලබා දිය හැකි ය. දැනුමෙන් පරිපූර්ණ වූ ආර්ථිකයක් කරා යාමේ දී පර්යේෂණවලින් ලැබෙන නිෂ්පාදන සහ වාණිජකරණය ඉතා ම වැදගත් වේ.

අනාගත පර්යේෂණ සඳහා එනම් සාර්ථක පර්යේෂණ සහ සංවර්ධනයක් සඳහා ප්‍රතිපත්තිවලට එහා ගිය දෙයක් අවශ්‍ය වේ. එහි දී පර්යේෂණ වෘත්තිකයන් සිය වගකීම සෘජු ලෙස ඉටු කළ යුතු ය. එහි දී රටේ ජන මාධ්‍යයට විශාල කාර්යභාරයක් ඇත. එනම් පර්යේෂකයින් සොයා ගත් දැනුම් සම්භාරය ජනතාව අතරට යැවීම වන අතර, ඒ මගින් පර්යේෂණ පිළිබඳ දැනුම්වත්භාවය හා උනන්දුව මෙන් ම රටක පර්යේෂණ සඳහා පවතින අවශ්‍යතාව පුද්ගලයාට දැනෙනු ඇත. එසේ ම පොතට සීමා වූ අධ්‍යාපනය නිමා කරමින් තර්කානුකූල අධ්‍යාපන පද්ධතියක් දක්වා වෙනස් වීම මගින් ද පර්යේෂණවලට උනන්දුවක් ඇති දරුවන් ගොඩ නගා ගත හැකි ය. එසේ ම දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය ද මෙහි දී වැදගත් වන අතර, එමගින් ආකල්පමය වශයෙන් දියුණු වූ අනාගතයක් මගින් සාර්ථක පර්යේෂණ ක්‍රියාවලියකින් ශ්‍රී ලංකාවේ අනාගතය සාර්ථක වනු ඇත.

මෙය සැලකිල්ලට ගෙන ජාතික නව්‍යකරණ නියෝජිතායතනය, පහත සඳහන් ක්ෂේත්‍ර ඔස්සේ නව්‍යකරණ පරිසර පද්ධතියක් රටෙහි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

1. විද්‍යාත්මක හා තාක්ෂණික නව්‍යකරණය
2. සමාජීය නව්‍යකරණය
3. සේවා නව්‍යකරණය
4. පාරිසරික නව්‍යකරණය
5. ආරක්ෂක නව්‍යකරණය

සාකච්ඡාව සහ සටහන
අරුණ ප්‍රශාන්ත වලිසුන්දර
රජින්ද්‍රා සිරිවර්ධන

Address

393/03, Lily Avenue, Robert Gunawardana Mawatha
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

0112863084

Alerts

Be the first to know and let us send you an email when Gaveshana Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaveshana Magazine:

Videos

Share