Venas lokaya

Venas lokaya ඔබට වැදගත් කතා රැසක්

23/04/2024

ගුරුකම් ගැන ඔබගේ අදහස පල කරන්න..

16/04/2024

පාලිත තෙවරප්පෙරුම අද දිවි ගමනෙන් නික්ම යන්නේ තවත් පණිවිඩයක් ඉතිරි කරලා.

සනත් නිශාන්ත හදිසි අනතුරකින් මිය යාම එක්ක සමාජ මාධ්‍ය තුල ඊට ප්‍රතිචාර දක්වපු ආකාරයක් තිබුනා. බොහෝ විට අනෙකුත් මන්ත්‍රී වරුන් එය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ හෝ නූතන පරම්පරාවේ නොහික්මීමක් බවට අර්ථ නිරූපනය කරන්න උත්සාහ කරා.

නමුත් අද අපිට සමාජ මාධ්‍ය තුල දකින්න ලැබෙන්නේ වෙනස් ම ආකාරයේ වටපිටාවක්. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ශෝකය පලකරන වටපිටාවක්.

ඔබ මිය යන දවසක ඔබට සමාජයෙන් ලැබෙන්නේ ඔබ ජීවත් ව සිටින විටක කල කී දේ ප්‍රතිඵල. පාලිත තෙවරප්පෙරුම අද ඒ පණිවිඩය නැවත නැවත සනාථ කරනවා.

පාලිත තෙවරප්පෙරුම ,
ඔබට නිවන් සුව 🙏

Wish you all a happy Sinhala & Tamil New Year!සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!!!
13/04/2024

Wish you all a happy Sinhala & Tamil New Year!
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!!!

තම දෘෂ්ටිය හෙළා ග්‍රහණයට ගත් තරුණියට කළු කුමාරයා දෘශ්‍යමාන වන්නේ සිහින තුළින්ය. ඒ තමා ආදරය කරන අයකුගේ වෙස් ගනිමිනි. එහිද...
10/04/2024

තම දෘෂ්ටිය හෙළා ග්‍රහණයට ගත් තරුණියට කළු කුමාරයා දෘශ්‍යමාන වන්නේ සිහින තුළින්ය. ඒ තමා ආදරය කරන අයකුගේ වෙස් ගනිමිනි. එහිදී සිහිනෙන් ලිංගික ක්‍රියාවන්හි යෙදීම සිදුවී තරුණිය දුර්වල වීම සිදුවෙයි. දීර්ඝ කාලයක් මෙලෙස වීම හේතුවෙන් තරුණිය කෙසඟ වී දුර්වර්ණ වී යෑමද දැකිය හැකිය. ඊට අමතරව නිතර මුත්‍රා රෝග, සුදයෑම වැනි රෝග තත්ත්වයන්ද බහුල වෙයි. මෙවැනි ස්ත්‍රීන් තම ජීවිතය එපා වී සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි. මොවුන් නිතර සිහිනෙන් බය වී කෑගසයි. උන්මත්ක ලෙස දොඩවයි. අධික රස්නයක වුවද වෙව්ලයි. ගෙදර අය නොමැතිව සිටින විට තව අයකු තමා ළඟ සිටිනවා සේ හැඟේ. කළු කුමාර දෝෂය ඇති කාන්තාවන්ට දරුගැබ් නොපිහිටයි. දරුගැබ් පිහිටියද ටික දිනකින් එය විනාශ වී යයි. කළු කුමාර දිෂ්ටිය උග්‍ර වූ විට අදාළ තරුණිය සිහිමූර්ඡා වී වැටීම සිදුවෙයි. මෙහිදී මැයට ජීවිත හානිය වීමේ අවදානමද වැඩි වෙයි.

කළු කුමාර දෝෂය ඇති වූ මුල් කාලයේ එය ශරීරයෙන් නොපෙනුණද, තරුණියගේ ක්‍රියාකලාපයෙන් හා ජන්ම පත්‍ර පිහිටීමෙන් මෙය බලාගත හැකිය. ඒ අනුව තරුණිය උදෑසන අවදිවන විට ඇගේ ශරීරයේ සිහිරීම් පවතී නම් හෝ ඇඟට තෙහෙට්ටු ගතියක්, අපහසුතාවක් දැනේ නම් එය කළු කුමාර දෘෂ්ටියේ මුල් ආරම්භයයි. මොවුනට දවල් කාලයේදී ඈලිමෑලි දුබලගති පවතී. නිතර තනිව සිටීමට, නිදාගැනීමට මහත් ආශාවක් දැක්වීමද කළු කුමාර දිෂ්ටියේ ලක්‍ෂණ වෙයි.
කළු කුමාර දෘෂ්ටිය වැටීම නිසා අදාළ තරුණියට බොහෝ අභාග්‍යය සම්පන්න කරුණු ජීවිතය පුරාවටම භුක්ති විඳීමට සිදුවනු ඇත. ඒ අතර කරන, කියන සෑම කාර්යයක්ම අසාර්ථක වීම, ආදායම, ලාභ නැති වී ගොස් දිළිඳු වීම, කෑම අරුචිය ඇති වීම, විරුද්ධ ලිංගිකයන්ට හේතු විරහිතව වෛර කිරීම, මානසික පීඩනය ඇති වීම, මංගල යෝග කැඩී යෑම, යුගදිවියේ ගැටලු මෙන්ම සැමියා කෙරෙහි කලකිරීම් ප්‍රකට ලෙස දැකිය හැකිය.

නමුත් කළු කුමාර දෝෂය හා අමනුෂ්‍ය දෝෂය යනු දෙකකි. කළු කුමාර දෝෂයේදී ඉහත ලකුණු පෙන්නුම් කළද, අමනුෂ්‍ය දෝෂවලදී රූපය විරූප වීම, කතා කරන විට කටෙන් දුගඳ පිටවීම, ශරීරය ගඳ ගැසීම, කෙළ වැගිරීම, උදරය විශාල වීම, මානසික රෝගී තත්ත්ව ඇතිවීම දැකිය හැකිය.

කළු කුමාර දෝෂයේ කරුණු, කාරණා මෙසේ වුවද ජන්මියකුගේ උපතේ සිට මරණය දක්වා සිදුවන සෑම දෙයක්ම නිවැරැදිව පැවැසිය හැකි භාව කේන්දරය මඟින්ද කළු කුමාර දෝෂය දක්‍ෂ ජ්‍යොතිෂවේදියකුට හෝ ජ්‍යොතිෂවේදිනියකට හඳුනාගත හැකිය. ඒ අනුව ජන්ම පත්‍රයේ කේතු ග්‍රහයා දුබලව, එනම් සතුරු, සතුරු මුළු භංග නොවන නීචයක 6 වැන්නේ හෝ 8 වැන්නේ සිටීම මෙම කළු කුමාර දෝෂය වැනි තනිකම් දෝෂ ඇති විය හැකි බවට පූර්ව දැනුම් දීමකි. දැරියගේ මල්වර කේන්දරයේද මෙවැනි ග්‍රහ පිහිටීමක් තිබේ නම් එම තත්ත්වය සනාථ වන්නකි. එබැවින් දැරිය තනි නොකිරීම මෙන්ම ඉහත සඳහන් කළ කළු කුමාර දෝෂය වැලඳෙන කිසිදු ක්‍රියාවක් නොකිරීමට දැරිය දැනුවත් කළ යුතුයි. මවද නිතර දැරිය ගැන අවදානයෙන් සිටිය යුතුයි. මෙයට අමතරව දැරියකගේ ජන්ම පත්‍රයේ කුජ ඉතා ප්‍රබල වීම, 6 හෝ 8 හි තැන්පත් වීම, එම කුජ පාප ග්‍රහයන් සමඟ සංයෝග වීම වැනි දේ වී දුබල කුජ 22 වැනි දෙර්කාණාධිපති වීම ආදී කරුණුද කළු කුමාර දෝෂය ඇති වන ග්‍රහ පිහිටීම්ය. මෙයද මල්වර කේන්දරයේ වේ නම් ඉතා භයානක තත්ත්වයකි.

කළු කුමාර දෝෂයෙන් පීඩා විඳින තරුණියකට හෝ කාන්තාවකට එයින් මුදාගැනීමේ ක්‍රමද ජ්‍යොතිෂවේදීන් දැනගත යුතුමය. ඒ සඳහා යන්ත්‍ර – මන්ත්‍ර, ගුරුකම් මෙන්ම බොහෝ කෙම් ක්‍රමද ඇත. ඒ අතර තම පියාගේ සරම හෝ පුරුෂයකුගේ සරමක් ඇඳගෙන නිදා ගැනීම, තොවිල් කිරීම, යකිනාරං කොළ ඇඳ මත අතුරා නිදා ගැනීම, යකිනාරං කොළ නූලක බැඳ ඉණේ බැඳීම, හිස තබන කොට්ටය මත ගිරයක් හෝ යකඩයක් තැබීම, පිරිත් පොත කොට්ටය යට තබා ගැනීම, පිරිත් තෙල් නළලේ තැවරීම, නිදා ගැනීමට ප්‍රථමව පිරිත් පැන් පානය කිරීම, නිදියහනේද පිරිත් තෙල් තැන් තැන්හි සුළු වශයෙන් ආලේප කිරීම, දෙහි කැපීම, පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව තුන්වරක් කියා හෝ තුන්සූත්‍රය කියා නින්දට යෑම ආදී කරුණු සිදුකරයි.

ගැමි සමාජයේ බොහෝ කතාබහට ලක්වන කළු කුමාර දෝෂය රෝග ලක්‍ෂණවලින් මෙන්ම ජන්ම පත්‍රයේ පිහිටීම තුළින් වටහා ගැනීමට, ප්‍රතිකාර කර සුවපත් කිරීමට සෑම ජ්‍යොතිෂවේදියකුම මෙන්ම ගුප්තවේදියකුට හැකියාව තිබිය යුතුය. ඒ සඳහා කළු කුමාර දිෂ්ටිය අනෙකුත් ප්‍රේත, යක්‍ෂ, දිෂ්ටිවලින් වෙන් කර හඳුනා ගැනීමේ ශක්තිය දක්‍ෂතාවය තිබිය යුතුය. නොයෙසේ නම් කළු කුමාර දිෂ්ටියට කරන ප්‍රතිකාර ‘පය බරවායට පිටකර බෙහෙත් බැන්දා’ වැනි වෙයි. ඒනිසා සෑම ජ්‍යොතිෂවේදියෙකු තුළම ගුප්ත ශාස්ත්‍රය පිළිබඳවද, සෑම ගුප්තවේදියකුම ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳවද මනා දැනුමක් අවබෝධයක් තිබිය යුතුමය. ජ්‍යොතිෂය, හස්ත රේඛා, දේහ ලක්‍ෂණ හා ගුප්ත ශාස්ත්‍රය එකිනෙක බද්ධ වූ විෂයන්ය. මෙම විෂයන් 4 සෑම පලාපල පවසන, ක්‍රියාකාරීව ශාන්ති කර්මවල නියැළෙන ජ්‍යොතිෂවේදීන් මෙන්ම ගුප්තවේදීන්ද හැදෑරිය යුතුම වෙයි.

අඳුන් කුමාර, ගිනි කුමාර, මල් කුමාර යන පර්යාය පදවලින් හඳුන්වනු ලබන කළු කුමාරයා, තරුණියන්ට මෙන්ම තරුණ කාන්තාවන්ටද වින කරන ...
10/04/2024

අඳුන් කුමාර, ගිනි කුමාර, මල් කුමාර යන පර්යාය පදවලින් හඳුන්වනු ලබන කළු කුමාරයා, තරුණියන්ට මෙන්ම තරුණ කාන්තාවන්ටද වින කරන යක්‍ෂයෙකි. මෙම කළු කුමාර යක්‍ෂයාගේ උපත පිළිබඳ බොහෝ ජනප්‍රවාද පවතී. ඒවා අතර සුලභම ජනප්‍රවාදය වන්නේ මෙයයි.

අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජුගේ පුතෙක් වූ නීල කුමරු වළගම්බා රජුගේ අන පරිදි සොලීන් විසින් පැහැරගත් තරුණයකු රැගෙන ඒමට ගිය වේලෙහි පුරාණ උතුරු කුරු දිවයෙනහි කිසිදු පුරුෂයකු නොදුටු කාමාශාවෙන් මත්ව සිටි ස්ත්‍රීන්ට මැදිවී එම ස්ත්‍රීන් සිදුකළ පහත් ක්‍රියා හේතුකොටගෙන නීල කුමරුන් දුර්වල වී ස්ත්‍රීන් කෙරෙහි වෛරයෙන් මියගොස් කළු කුමාරයා නම් යක්‍ෂයෙක් වී ඉපදුණු බවයි.

කළු කුමාරයා බොහෝ ලස්සන, කඩවසම් යක්‍ෂයෙක් වන අතර, ඔහු දකින ඕනෑම තරුණියක් ඔහුට වශී වීම වැළැක්විය නොහැකි කරුණකි. මොහු සුදු ඇඳුමින් සැරැසී යගදාවක් අතැතිව, දිගු වරලසක් විදහාලමින් ගවයකු පිට නැඟී ගමන් කරන තරුණයකු බව පුරාණ පොතපතේ සඳහන් වෙයි. කිසිවිට ලිංගික ආශාවන්ගෙන් තෘප්තිමත් නොවන කළු කුමාර යක්‍ෂ තෙමේ වෙසමුනි රජුගෙන් අවසර ගෙන තරුණ රූමත් තරුණියන් මෙන්ම කාන්තාවන් සොයා ගොම්මන් වේලාවේ සැරිසරන බව මතයයි. මෙම කළු කුමාරයාට කළු යකා ලෙසද නම් දෙනු දැකගත හැකිය. නමුත් මොවුන් අවතාර දෙකකි. කළු කුමාරයා තරුණියන්ට ඇල්ම, බැල්ම හෙළන අතර, කළු යකා තරුණ සුන්දර කාන්තාවන්ට ඇල්ම – බැල්ම හෙළා රෝග කිරීම දැකිය හැකිය.

කළු කුමාරයා ගොම්මන් කාලයේදී පමණක් නොව දැරියන් මල්වර වී තනිවූ අවස්ථාවේදී, ගොම්මනේ නාන අවස්ථාවේදී, තනිව ඇති තැන්හී, ගවමඩු ආශ්‍රිතව, සතුන් මරන ස්ථානවල, සොහොන්වල, අත හැර ගිය ගෙවල්වල, ළිං, වැව්, පොකුණු, පීලි ආශ්‍රිතව යුවතියට කෑදර වී, ලොල් වී, තමන්ගේ කාම ආශා සන්තර්පනය කරගැනීම සඳහා තමන්ගේ ග්‍රහණයට ගනී.

මීට අමතරව කළු කුමාරයා අලුත කසාද බැඳි කාන්තාවන්ටද ඉතා ලොල් වෙයි. තවද සැමියා මියගිය අලුත කාන්තාවන්ට, ප්‍රේමවන්තයෙක් සිටින තරුණියන්ටද, විවාහ ප්‍රමාද වන තරුණියන්ටද කළුකුමාරයාගේ දෘෂ්ටිය වැටෙනු ඇත.

මීලග කොටසින් හමුවෙමු.....

🌺🌿තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධිසිංඝාටකේසු චද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං 🌺🌿මියගිය ඤාතීන් පෙරේත ලෝකයේ ඉපදුනාට පස...
06/01/2024

🌺🌿
තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති
සන්ධිසිංඝාටකේසු ච
ද්වාරබාහාසු තිට්ඨන්ති
ආගන්ත්වාන සකං ඝරං 🌺🌿

මියගිය ඤාතීන් පෙරේත ලෝකයේ ඉපදුනාට පස්සේ තමන් කලින් හිටපු ගෙවල් වලට ආයෙමත් එනවා. ඇවිදින් බිත්තියෙන් එහා පැත්තෙත්.. දොර මුල්ලෙත්.. බිත්තිය මුල්ලෙත්.. හතර මං හන්දි වලත්.. ඉන්නවා. 🌸🌿

🌺🌿
පහූතේ අන්නපානම්හි
ඛජ්ජභොජ්ජේ උපට්ඨිතේ
න තේසං කෝචි සරති
සත්තානං කම්මපච්චයා 🌺🌿

ගෙවල් වල උදවිය හොඳට කෑම බීම හදාගෙන, කාල බීලා ඉන්නකොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් ඔවුන්ව මතක් වෙන්නෙ නෑ. 🌸🌿

🌺🌿
ඒවං දදන්ති ඤාතීනං
යේ හොන්ති අනුකම්පකා
සුචිං පණීතං කාලේන
කප්පියං පානභෝජනං 🌺🌿

නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඤාතිවරු සුදුසු කාලෙට කැපසරුප් විදිහට පිරිසිදුව ප්‍රණීත විදිහට දානෙ හදලා ඒ ඤාතීන්ගේ නාමයෙන් ගුණවතුන්ට පූජා කරනවා. 🌸🌿

🌺🌿
ඉදං වෝ ඤාතීනං හෝතු
සුඛිතා හොන්තු ඤාතයෝ
තේ ච තත්ථ සමාගන්ත්වා
ඤාතිපේතා සමාගතා 🌺🌿

'අපගේ පරලොව ගිය ඤාතීන්ට මේ පින අයිති වෙත්වා ! ඒ නෑදෑයෝ සුවපත් වෙත්වා !’ කියලා පින් දෙන කොට එතැනට ඒ මිය පරලොව ගිය ඤාති ප්‍රේතයෝ රැස්වෙනවා. 🌸🌿

🌺🌿
පහූතේ අන්නපානම්හි
සක්කච්චං අනුමෝදරේ
චිරං ජීවන්තු නෝ ඤාතී
යේසං හේතු ලභාමසේ
අම්හාකඤ් ච කතා පූජා
දායකා ච අනිප්ඵලා 🌺🌿

හොඳට දන් පැන් පූජා කරලා.. ඒ පින් අනුමෝදන් කරන කොට.. ‘අනේ අපේ මේ නෑදෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා ! ඔවුන් නිසා අපට මේ පුණ්‍ය සම්පත් ලැබුනා නෙව.. අපටත් පූජාවන් ලැබුනා නෙව..’ කියල ඒ ඤාති ප්‍රේතයෝ සෙත් පතනවා. දන් දුන්න උදවියටත් නිෂ්ඵල වෙන්නෙ නෑ. 🌸🌿

🌺🌿
න හි තත්ථ කසී අත්ථි
ගෝරක්ඛෙත්ථ න විජ්ජති
වණිජ්ජා තාදීසි නත්ථි
හිරඤ්ඤේන කයාක්කයං
ඉතෝ දින්නේන යාපෙන්ති
පේතා කාලකතා තහිං 🌺🌿

ඒ ප්‍රේත ලෝකයේ කුඹුරු වැඩ නෑ.. ගව පාලනයක් නෑ.. වෙළහෙළඳාමකුත් නෑ.. රන් රිදී, මිළ මුදල් ගණුදෙනුවකුත් නෑ.. කළුරිය කරලා ප්‍රේත ලෝකයේ උපන්නාට පස්සේ මේ මිනිස් ලෝකෙන් දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නෙ. 🌸🌿

🌺🌿
උන්නමේ උදකං වට්ඨං
යථා නින්නං පවත්තති
ඒවමේව ඉතෝ දින්නං
පේතානං උපකප්පති 🌺🌿

ඒක උස් බිමකට වැටුන ජලය පහත් බිමකට ගලාගෙන යනවා වගේ දෙයක්. ඒ විදිහටම තමයි මේ මිනිස් ලොව ඤාතීන් විසින් දෙන පින් වලින් ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ. 🌸🌿

🌺🌿
යථා වාරිවහා පූරා
පරිපූරෙන්ති සාගරං
ඒවමේව ඉතෝ දින්නං
පේතානං උපකප්පති 🌺🌿

ඒ වගේම මහා ගංගා, කුඩා ඇළ දොළ වලින් රැස්වෙන දියෙන් මහ සයුර පිරෙනවා වගෙයි මිනිස් ලොව ඤාතීන් විසින් දෙන පින් වලින් තමයි ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ. 🌸🌿

🌺🌿
අදාසි මේ අකාසි මේ
ඤාතිමිත්තා සඛා ච මේ
පේතානං දක්ඛිණං දජ්ජා
පුබ්බේ කතමනුස්සරං 🌺🌿

‘ඒ ඤාතීන් ජීවත් වෙලා ඉන්න කාලෙ මට මේ මේ දේවල් දීලා තියෙනවා.. මට මේ මේ උපකාර කරලා තියෙනවා.. මේ අය මගේ ඤාති මිත්‍රයෝ.. මේ අය මගේ යාළුවෝ..’ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු උපකාර සිහි කර ගෙන පින් දෙන්න ඕන. 🌸

🌺🌿
න හි රුන්නං ව සෝකෝ
වා යා චඤ්ඤා පරිදේවනා
න තං පේතානමත්ථාය
ඒවං තිට්ඨන්ති ඤාතයෝ 🌺🌿

අඬලා වැඩක් නෑ.. ශෝක වෙලා වැඩක් නෑ.. වෙන වැළපීමක් කරලා වැඩක් නෑ.. ප්‍රේත ලෝකයේ උපදින අයට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නෑ.. ඒ ඤාති ප්‍රේතයෝ ඒ විදිහටම එහෙ ඉන්නවා. 🌸🌿

🌺🌿
අයං ඛෝ දක්ඛිණා
දින්නා සංඝම්හි සුප්පතිට්ඨිතා
දීඝරත්තං හිතායස්ස
ඨානසෝ උපකප්පති 🌺🌿

බිම්බිසාර රජතුමනි.. ඔබ අද තමන්ගේ මියගිය ඤාතීන් උදෙසා මේ දානය පූජා කරගත්තා.. ආර්ය සංඝයා කෙරෙහි පිදූ දානය යහපත් ලෙස පිනෙහි පිහිටියා.. බොහෝ කලක් ඒ උදවියට මේ පින හිත සුව පිණිස හේතු වෙනවා.. මේ මොහොතේම ඒ ඇත්තන්ට මේ පින් ලැබෙනවා. 🌸🌿

🌺🌿
සෝ ඤාතිධම්මෝ ච අයං නිදස්සිතෝ
පේතාන පූජා ච කතා උළාරා
බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං
තුම්හේහි පුඤ්ඤං පසුතං අනප්පකං 🌺🌿

මේක හොඳ ඤාති ධර්මයක්.. හොඳ ආදර්ශයක්.. මියගිය උදවියට උසස් පූජාවක් කළා වෙනවා.. භික්ෂු සංඝයාට ශක්තියක් ලබාදුන්නා වෙනවා.. රජතුමනි.. ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතුවෙන මහත් පිනක් රැස්කර ගත්තා. 🌸🌿


[🌾තිරෝකුඩ්ඩසුත්තං 🌸🌿
[🌾බිත්තියෙන් එහා පැත්ත ගැන වදාළ දෙසුම]
- උපුටා ගැනීමකි.

ලැබුවාවූ 2024 නව වසර නැවුම් ඇරඹුමකට සුබම සුබ නව වසරක් වේවා ! 𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 𝟮𝟬𝟮𝟰 ! 🎊🎇2024 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்க...
01/01/2024

ලැබුවාවූ 2024 නව වසර නැවුම් ඇරඹුමකට සුබම සුබ නව වසරක් වේවා !
𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 𝟮𝟬𝟮𝟰 ! 🎊🎇
2024 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் !

23/12/2023

ඝරසරප සිංහල චිත්‍රපටය Garasarapa full movie බලලා අනික් අයටත් යවන්න like කරලා හැමදාම එකතු වෙන්න.

22/12/2023

ඝරසරප සිංහල චිත්‍රපටය Garasarapa full movie බලලා අනික් අයටත් යවන්න like කරලා හැමදාම එකතු වෙන්න.

20/12/2023

ඝරසරප සිංහල චිත්‍රපටය Garasarapa full movie බලලා අනික් අයටත් යවන්න like කරලා හැමදාම එකතු වෙන්න.

13/12/2023

ඝරසරප සිංහල චිත්‍රපටය Garasarapa full movie බලලා අනික් අයටත් යවන්න like කරලා හැමදාම එකතු වෙන්න.

කාලිනෙ ගෝවින්දන්   පාලන්තු ලෝක සාසනං   ඒ තේජානු භාවෙන කාලිදේවි   නාමෝ නමඃ   ඕම් ශක්ති නික්ක ශිව නික්ක   නල්ලගුරු මහා ලක...
13/12/2023

කාලිනෙ ගෝවින්දන්
පාලන්තු ලෝක සාසනං
ඒ තේජානු භාවෙන කාලිදේවි
නාමෝ නමඃ
ඕම් ශක්ති නික්ක ශිව නික්ක
නල්ලගුරු මහා ලක්ෂ්මි නික්ක
සුඩල කාලි අම්මයානෙ එන්නේම්
පක්කම් වශීය මාග නික්කවේ ශිවාක්

ඔබ සැමට උතුම් සොහොන් කාලි මෑණියන්ගෙ පිහිටයි....!
#මෝදර #වරම් #කොළඹ #කාලිමෑණියෝ


#කන්නලව්

09/12/2023

කුස පබා | Kusa Paba | සිංහල චිත්‍රපටය | Sinhala Full Movie | Jackson Anthony Vs Puja Upashankar

04/12/2023

කුස පබා | Kusa Paba | සිංහල චිත්‍රපටය | Sinhala Full Movie | Jackson Anthony Vs Puja Upashankar

02/12/2023

කුස පබා | Kusa Paba | සිංහල චිත්‍රපටය | Sinhala Full Movie | Jackson Anthony Vs Puja Upashankar

30/11/2023

කුස පබා | Kusa Paba | සිංහල චිත්‍රපටය | Sinhala Full Movie | Jackson Anthony Vs Puja Upashankar

29/11/2023

Produced and Directed by U. A. Palliyaguru
Assistant Director Dinesh Sanjeewa
DOP - H. D. Ariyawansha
Editor - Nirodha Weranga
Makeup - Chathurika Sandamali.

Cast
Nita Fernando.
Janaka Kubukage
Asanki De Silva
Randy Senavirathne
Geetha Jayakodi
Sachin Liyanage
Rukshana
Dilrufa
Manel wanaguru

මාතාංගෙශ්වරි යන්ත්‍රය නැති වූ ධනය නැති වූ බලය හිමිවන ලංකාවෙ බොහෝ ධනවතුන් බලවතුන් රහසේ පලදා කරදර වලින් බේ⁣රන මහා මාතාංගෙ...
28/11/2023

මාතාංගෙශ්වරි යන්ත්‍රය

නැති වූ ධනය නැති වූ බලය හිමිවන ලංකාවෙ බොහෝ ධනවතුන් බලවතුන් රහසේ පලදා කරදර වලින් බේ⁣රන මහා මාතාංගෙශ්වරි යන්ත්‍රය

👉මුලින්ම කියන්න ඕන අපල වලට හැමෝම කෝකටත් තෛලෙ වගෙ දාන අභිසම්පදාන යන්ත්‍රත් එක්ක මේ යන්ත්‍රය සංසන්දනය කරන්න බැ. මහා මාතාංගේශ්වරී යන්ත්‍රය කියන්නෙ ධනය බලය හා නුවණ යන කරුණු තුනම එකවර ලබාගත හැකි මහේශාඛ්‍ය යන්ත්‍රයක්.

👉මාතාංගෙශ්වරි යන්ත්‍රයන් කිහිපයක්ම තියෙන අතර අද වනවිට මහා මාතාංගේශ්වරී යන්ත්‍රය ලෙස මිනිසුන් රවටනා ඇදුරන් බොහොමයක් ඔවුන් වෙත පලදන්නෙ කුඩා මාතාංගෙශ්වරි යන්ත්‍රයයි. ඒකත් නිසිලෙස ජීවම් වාර ප්‍රමානයවත් පුරවන්නෙ නැතිවය. හරි හතරැස් යන්ත්‍රයක් මැද නම ලියා පලදවා ඇත්නම් ඒ කුඩා මාතාංගේශ්වරී යන්ත්‍රය කියල ඔබ දැනගන්න.

👉 යන්ත්‍ර තුල උත්තම ගනයට අයත් මහා යන්ත්‍රය ලෙස අවිවාදයෙන් පිලිගනුයෙ මහා මාතාංගෙශ්වරි යන්ත්‍රය යි. මෙහි ප්‍රධාන මන්ත්‍රාධිපති දේවතාවිය මාතෘ දිව්‍යාගනාව හෙවත් මාතාංගේශ්වරී දෙවගනයි. ඇතැම් තැන්හි සරස්වතී ,පාර්වති, මහාලක්ෂ්මී, ත්‍රිපුරාසුන්දරී ලෙසද වෙන වෙනම පෙන්වූවද මෙසියල්ලෙහිම එක් ආකාරයක් මෙ මාතාංගේශ්වරී දෙවගනයි.

👉මේ යන්ත්‍රය ගැන අද කියන්න හිතුවෙ මා ලගට පැමිනි මේ යන්ත්‍රය පැලැඳි සියල්ලන්ම අද වන විට ඉතා ඉහල ජීවිත තත්ව ගත කරනව ⁣මාතාංගේශ්වරී යන්ත්‍රය නිසා. ලංකාවෙ මිනිස්සු තමන්ට කන්න බොන්න නැතත් අනික් අයට හිනා වෙන පුරැද්දත් දන්න දේටත් නොදන්න දේටත් අනික් අයට අපහාස කරන නිසාත් මේ වගෙ දුර්ලභ යන්ත්‍රයක් පලඳින්න තියෙන වාසනාව තමන්ටත් නැති කරගන්නව අනෙක් අයටත් නැති කරනව.

👉ඔබ ධනවතුන්ට බලවතුන්ට හිනා උනාට ඒ හැමෝම තමන්ගෙ ලමයිනටත් වස්තුව ගොඩ ගසල විදෙස් සංචාරත් ගිහින් තමන්ගෙ ගෙදර තුන්වේල සාමාන්‍ය මිනිස්සු හුගක් අය කාලෙකට සැරයක් වෙඩින් එකකට දානෙකට ගිහින් ⁣හෝටලේකින් කේටරින් එකකින් කනවට වඩා හොදට කාලා සැපට ජීවත් වෙනව. හැමෝටම හිනා වෙන සාමාන්‍ය මිනිහා එකම තැන.

👉 මෙවැනි මහා යන්ත්‍රයන් රන් පතක නිසි හෝරා, දින, තිථි,මරුට පිටුපා යන්ත්‍රධාරීයාගෙ උපන් වේලාවට සකස් වූ නැකතකට නිසිලෙස පේවී සිදුකර ගත් ඉස්සෝදා නා පිරුවට හැද උඩුවියන් පාවඩ එලා ඉතා වටිනා හා දුර්ලභ ජප ද්‍රව්‍ය රැසක් සොයා ගෙන නිසි නැකතට යන්ත්‍ර විද්‍යානූකූලව නිසි පරිදි ඇදගත යුතුය.

👉මහසෙන් රජතූමා පවා පළඳින ලදැයි පැවසෙන මහා මාතාංගේශ්වරී යන්ත්‍රයක්‌ද තිබේ. ඡේතවන දාගැබට නිධන් කිරීමට ධාතු සොයා ගැනීමට එතුමාට ලොකු ගැටලුවක්‌ තිබුණි. මහා විහාර භික්‍ෂුන් මහරජු සමඟ අමනාපවීම නිසාය. රජතුමා නිධන් කිරීම සඳහා සර්වඥධාතු සොයා දෙනමෙන් මාතාංගේශ්වරී දේවියගෙන් ඉල්ලා සිටි බවත් එවිට දෙවියන් බුදුරදුන්ගේ පටී ධාතුව අහසින් ගෙනැවිත් රජුට පෙන්වා ඉන් කොටසක්‌ කපා ගන්නා ලෙසට පැවැසූ බවත් පැළඳ සිටි මාතාංගේශ්වරී යන්ත්‍ර බලයෙන් අහසට නැගී ඉන් කොටසක්‌ කපාගෙන ඡේතවන චෛත්‍යයේ නිධන් කළ බවටත් ජනප්‍රවාදයේ පවතී.

👉හරිහැටි මන්ත්‍රවලින් යන්ත්‍රය බල ගැන්වීම සඳහා දහස්‌වර දස දහස්‌වර ලක්‍ෂවර ආදී වශයෙන් ජප කළ යුතුය. දහස්‌වර ජප කිරීමෙන් සාමාන්‍ය බලයක්‌ද දස දහස්‌වර ජන කිරීමෙන් විශේෂ බලයක්‌ද ලක්‍ෂවාරය ජපකරන විට ශ්‍රී දේවියගේ ආගමනයද සිදුවන බැවින් මහා මාතාංගේශ්වරී මන්ත්‍ර ජපය සම්පූර්ණවී ඇති විශිෂ්ට බලයක්‌ එම යන්ත්‍රය දරන්නාට ලැබේ.

👉කිසියම් හෝ අතපසුවීමක්‌ වරදක්‌ ප්‍රමාදයක්‌ විසිදහස්‌වර ඉක්‌මවූ පසු සිදුවුවහොත් මන්ත්‍ර ජප කරන්නා පිස්‌සු වැටේ. සදාකාලික රෝගීවේ. නැත්නම් හදිසියේ මරු මුවට පත්වේ, එය ඒ නිසා භයානක ප්‍රතිඵල සහිත වූවක් බව පසක් වේ. යන්ත්‍රය ලක්‍ෂවාරය ජපවීමට ආසන්න වනවිට යන්ත්‍ර භූමිය වටා දැවැන්ත බල ශක්‌තියක්‌ උපදී. එසේ වීමට ඇදුරා ශීලවන්තවූ බ්‍රහ්මචර්යාව රකින හිත ධ්‍යානගතකරගත් අයකු විය යුතුය. දැහැනකට සමවැදී මන්ත්‍ර අඛණ්‌ඩව ගායනා කරනවිට ශ්‍රී දේවිය ගේ විමන කරකැවී ඇයට ඇදුරා වෙතට ඒමට සිදුවේ.

👉එය වලක්‌වා ගැනීමට ඇයගෙන් අන ලැබූ යක්‍ෂනියන් විශේෂයෙන්ම මෝහිනිය ජප භූමියට පැමිණ විවිධ බාධා හොල්මන් බිහිසුණු දේ ඇති කරයි. මන්ත්‍ර බලය හා ප්‍රතිපත්ති බලය යොදා එයද වලක්‌වාගෙන ජපය ඉදිරියට යනවිට කිලි අසුවීමක්‌ උනොත් කළු දෙබරු කළුනයි මතුවී ජපය විනාශකර ඇදුරන් හා ආවතේවකරුවන් පන්නා හරී. ඔවුන් විනාශවේ.

👉එසේ නොවී ජපය කළහොත් ජප ආසනයේ ඇති කැඩපතට පෙනෙන සේ බිහිසුනු යකිනියක්‌ පැමිණේ. ඇයට බිය නොවී නියමිත පුද දී මන්ත්‍ර ජප කළවිට ඇය පලායයි. ඉන්පසු යකින්නියන් දෙදෙනකු හා තුන්දෙනෙකු පැමිණේ. ඔවුන් විවිධ වේශයෙන් පැමිණිය හැක. නපුරු පෙනුමෙන් හා සුන්දර නාරි රූපයෙන්ද පැමිණිය හැක. එයටද ඉහත ප්‍රතිකර්මයම කළ යුතුය.

👉බොහෝ විට යන්ත්‍රය වටා ඉදිකල සීමා ,මඩු පහන් පැල්,යන්ත්‍රාසනයද ගිනි ගැනීමට ලක්වේ, දේවාලයක් නම් එයද ගිනිගැනීමට ලක්වේ ආවතේව කරුවෝ උනුන් කොටා ගනි සිහිවිකල් වී හිස් හැරුනු අත යයි,තවත් නොකී දෙ බොහොම යි. වනයකදී නම් විවිධ සත්වයින් පවා පැමිනෙයි

👉මෙ සියල්ල ජය ගත් ඇදුරුතෙමෙ අවසානයෙ රන්තෝඩු පැළඳ ස්‌වර්ණාභරණයෙන් විභූෂිත වූ ශ්‍රී දේවිය මුළු ලොවම වශීකරන අතිශය සුන්දර දේහ විලාසයෙන් විරාජමාන වෙමින් ඇදුරාට පිටු පසින් මල් යහන වෙතට පැමිණේ. එම දේහ විලාසය කැඩපතින් දකින අයකුට මුළු ලොවම අමතක විය හැක මන්ත්‍ර ස්තොත්‍ර පවා අමතක වීය හැකි . එසේ අමතකවී පිටුපසට හැරුන හොත් එම සැනෙන් ඇදුරා උමතුවේ නැතිනම් නාහෙන් කටින් ලෙ දමා ක්ෂනිකව මරනය වැලදගනි. ඒ නිසා ඉතා සන්සුන්ව ශ්‍රී දේවියට ඉමහත් හරසරින් නමස්‌කාර කර ලොව ජයගැනීමට ඇයගේ වරම ඉල්ලා සිටිය යුතුය. එවිට ඇයගේ රන්වන් වළලුවලින් පිරුණ නොලුම් පෙතිවල පැහැගත් සුරත ඇදුරාගේ කරට උඩින් මල් යහනට දිගුකර එහි ඇති යන්ත්‍ර පත සුරතට ගනී. එය තමාට දෙනමෙන් ඇදුරා ඇයෑද සිටිය යුතුය. එසේ ලැබෙන යන්ත්‍රය රාජශ්‍රීය බ්‍රහ්ම ශ්‍රීය එකවර ලබාදෙන මහා මාතාංගේශ්වරී යන්ත්‍රයයි 😍

👉👉👉මෙසේ ජපකරගත් මෙවැනි යන්ත්‍රයක්‌ පැළඳ ගත් අයකුට සෑම තැනකදීම සියලු ප්‍රභූවරුන්ගේ රජවරුන්ගේ ප්‍රසාදය කරුණාව හිමිවේ, උපකාර ලැබේ. සභාවේදී විවාදයේදී නඩුවේදී සටනේදී ජය ලැබේ. වචනයට සියල්ලෝ හිස නමති. දෙවියන් ගෙන් සෙත ලැබේ. සියලු ව්‍යාපාර තනතුරු රැකියා දියුණුවේ. යක්‍ෂ ප්‍රේත පිශාච උවදුරු ග්‍රහ අපල මාරක බාධක දුරුවී ආරක්‍ෂාව ලැබේ. මුළු ලොවම වසඟවේ. අනන්තවූ ගුණ ලැබේ. සිතූ දෙයක්‌ කළ හැක.මනාසෙ ජීවත් වේනම් රජකම උවද හිමිවීම නොවැලැක්විය හැකි බව පුස්කොළ පොත් වලද සදහන් වේ.

👉නිසි පරිදි බලගැන්වූ මෙවැනි යන්ත්‍ර දැනට භාවිතයේ ඇති බවක්‌ අපට පෙනී යන්නේ නැත මෙරට විසූ දක්‍ෂ යකැදුරුවරුන් මාතාංගේශ්වරී යන්ත්‍රය තම ජීවිත කාලෙදී එක් වරක් හෝ දෙවරක් මෙ යන්ත්‍රය ජීවම් කල හැකි භාග්‍ය හිමිකරගත්තෝ වෙයි. මනා දැනුමක් පරිනත භාවයකින් තොරව මන්ත්‍ර සාස්ත්‍රය හසල දැනුමක් නැත්නම් ඔවුන් මෝහිනිය හට ගොදුරක්‌ වී විනාශයට පත්වීමට සිදුවන බැවිනි. මෙම යන්ත්‍ර ජප කිරීමට යන ආධුනිකයින් ඒ බවද සිහිතබාගත යුතුය.

👉මෙලෙස මහා මාතාංගෙශ්වරිය නිම කිරීමට මාස තුනකට ආසන්න කාලයක් ගත වෙන බව මෙය ජීවම් කල ගුරුන්නාන්සෙ ලා දනිති .වියදමද අවදානමද එකසෙ ඉහල යයි සැලකිය යුතු යි, විශේෂ ගුරුමුශ්ටි සගවා ඇත

අද කාලයේ නිතරම පාහේ ඇසෙන වශී ගුරුකම් යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්යකි. අංග අටකින් යුතු මන්ත්‍ර ශාස්ත්‍රයේ පළමු අංගය...
27/11/2023

අද කාලයේ නිතරම පාහේ ඇසෙන වශී ගුරුකම් යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්යකි. අංග අටකින් යුතු මන්ත්‍ර ශාස්ත්‍රයේ පළමු අංගය වශී කර්මය යි. වශී කර්මය යනු කෙනෙකුගේ සිත ගැනීමයි.
මෙය ඉනා ගුරුකම් යනුවෙන්ද හැඳින්වේ. මන්ත්‍ර ශාස්ත්‍රයට අනුව වශී ගුරුකම් සිදුකිරීමේදී ඊට නියමිත නැකතක් සහිත දිනයක් තෝරාගත යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගත යුත්තේ පුර පක්ෂයේ දිනයන්ය. පුර පක්ෂය යනු අමාවක ගෙවුණු තැන පටන් පසළොස්වක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි.

පසළොස්වක ගෙවුණු තැන පටන් සඳ බැසගෙන යන කාලය අව පක්ෂයයි. එම කාලය තුල වශී ගුරුකම් නොකළ යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනය සුබ දිනයක් විය යුතුය. ගුරුකම් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගතයුතු කෙනාගේ දුර්වල අවස්ථාවක් විය යුතුය. එමෙන්ම, වශී ගුරුකම් කරගනු ලබන්නාගේ ජයග්‍රාහී මොහොතක් විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාවන් අවශ්‍ය වන්නේ මේ නිසාය.

තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු වශී කරගැනීමට නොහැක. අදාල පුද්ගලයාගේ ග්‍රහ බලය ශක්තිමත් නම් වශී ගුරුකම් සාර්ථක නොවේ. එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය. උපන් වේලාවන් නොමැතිනම් තත්කාල ශාස්ත්‍රය, අදුන, හස්ත රේඛා ආදී ක්‍රමයකින් හෝ මෙම තොරතුර පළමුව සොයා දැනගත යුතුය. ආවාට ගියාට වශී ගුරුකමක් සිදුකිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවේ.
ගුරුකමක් යනු ගුප්ත කටයුත්තකි. රහස්‍ය කාර්යකි. ගුරුකම පිළිඳව දැනගත යුත්තේ ඇදුරුතුමන් හා ගුරුකම් කරගනු ලබන්නා පමණි. වශී ගුරුකම් සිදුකරන ඇදුරුතුමන් ඊට නියමිත මන්ත්‍ර සිද්ධිය ලබා සිටිය යුතුය.
ඉහත කරුණු සපුරා ඔබට අත් හදා බැලිය හැකි මන්ත්‍ර කිහිපයක් පහතින්.

🙏🙏ස්ත්‍රී කෙටි වශීයක්

❤️මන්ත්‍රය : ඕං නමෝ පංචකාම සුන්දරී ලලිතකාමී ඒහි ඒස්වාහ
❤️ක්‍රමය : දකුණු අත පිරිසුදු කොට අල්ලට 108 වර මතුරා උවමනා ස්ත්‍රියට පෙන්වනු. කෙටි වශියකි.

🙏🙏බුලත් ආදාරයෙන් කරනු ලබන වශී මන්ත්‍රයක්

❤️මන්ත්‍රය : ඕං නමෝ සංකාර කාලි කාලි සංකරමාලි ඒහි එස්වඃ
❤️ක්‍රමය : අලුත් බුලත් වැලක අලුත් බුලතට ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා කඩාගෙන ඉන්පසු ඇගේ නම දමා නැවත 108 වර මතුරා කන්ට දෙනු.

🙏🙏දිවි ඇති තෙක් ආදරය වන වශීයක්.

❤️මන්ත්‍රය : ඕං මායා සුන්දර ඇසුර සුර තැලි ත්රීන් දාරන මායා නික්කුන් නික්ක නික්ක එස්වඃ
❤️ක්‍රමය : දකුණු අතට ඉහත මන්තරයෙන් 334 වර මතුරා ස්ත්‍රියගේ හිස අතගානු දිවි ඇති තෙක් ආදරය වෙයි.

🙏🙏සිත බැදෙන වශීයක්

❤️මන්ත්‍රය: ඕං නිලිනා ඕඩිවා
❤️ක්‍රමය: අවශ්‍ය කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලගෙන ටිකක් පානය කොට ඉතිරි වතුරට 21 වර මතුරා ඈට බිමට දෙන්න සිත බැඳේ.

🙏🙏බාල ලඳුන් වශීයක්

❤️මන්ත්‍රය: ඕං ශ්රී ලෝක ශ්රී ධර” සයිතාකාලි මා පිට දැපනවීසිටිත් උඩබිම නරතල ග්‍රහපති ගිරළු සැර ආරුඪ මේක සකාල රාජ රාවනා රාජ මෙකි පිරිවර මපිට ගැසෙත්වා නමෝ ජාල රල දිවා තුල එස්වඃ නමෝ දිවා ගැල එස්වඃ
❤️ක්‍රමය: 108 වාරයක් තන කිරෙන් මතුරා තිලකදී බාල ලඳුන් දෙස බලනු. වශී වේ.

🙏🙏කාන්තා වශී මන්ත්‍රයක්

❤️මන්ත්‍රය : නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වාහා
❤️ක්‍රමය :මුහුණ බලාගෙන නම සමග මන්තරය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ…
🙏🙏

අදහස් පලකරන්න...

Address

188 A5 Koswaththa
Bandaragama
12530

Alerts

Be the first to know and let us send you an email when Venas lokaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other TV Channels in Bandaragama

Show All