Uva Provincial Media Unit

Uva Provincial  Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva Provincial Media Unit, News & Media Website, Badulla.

https://www.youtube.com/watch?v=9nG1vEgrXqw
02/12/2024

https://www.youtube.com/watch?v=9nG1vEgrXqw

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ "ඌව අභිමානි" ප්‍රදර්ශනයට සමගාමිව විලාසිතා දැක්මක් එම ප්‍රදර්ශන ....

30/11/2024
ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ "ඌව අභිමානි"  ප්‍රදර්ශනයට සමගාමිව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසු සිසු...
29/11/2024

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ "ඌව අභිමානි" ප්‍රදර්ශනයට සමගාමිව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් ඉවත දමන ලද ද්‍රව්‍ය වලින් නිර්මාණය කළ ඇදුම් මෝස්තර විලාසිතා දැක්ම.

ඌවේ රන්සළු විලාසිතා දැක්මඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ "ඌව අභිමානි"  ප්‍රදර්ශනයට සමගාමිව විලාසිතා දැක්...
29/11/2024

ඌවේ රන්සළු විලාසිතා දැක්ම

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ "ඌව අභිමානි" ප්‍රදර්ශනයට සමගාමිව විලාසිතා දැක්මක් එම ප්‍රදර්ශන භුමියේදිම පැවැත්විය.

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිළධාරිනියන් හා නිළධාරින් එක්ව ඌවේ රන් සළු නිර්මාණ වලින් විලාසිතා දැක්ම ඉදිරිපත් කළ අතර ළමා ඇදුම් මොස්තර විලාසිතා දැක්මක්ද එහිදි ඉදිරිපත් කළාය.

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා සහ කර්මාන්ත අධ්‍යක්ෂ සම්පත් නිශ්ශංක මහතා ඇතුළු‍ නිළධාරීන් විසින් සංවිධානය කළ විලාසිතා දැක්ම දැක බලා ගැනීමට සංචාරක කටයුතු නියෝජ්‍ය ඇමති මහාචාර්ය්‍ය රුවන් රණසිංහ මහතා,මහාචාර්ය්‍ය වාසනා මෛත්‍රි ඇතුළු පළාත් සභාවේ නිළධාරීන් පිරිසක් සහභාගි විය.

වීඩියෝ නැරඹීමට
https://www.youtube.com/watch?v=9nG1vEgrXqw

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ "ඌව අභිමානි”  කර්මාණ්ත ප්‍රදර්ශනය හා වෙළද ප්‍රදර්ශණය බදුල්ල සේනානායක පිට...
29/11/2024

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ "ඌව අභිමානි” කර්මාණ්ත ප්‍රදර්ශනය හා වෙළද ප්‍රදර්ශණය බදුල්ල සේනානායක පිටියේ අද (29) ආරම්භ විය.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම "ඌව අභිමානි" කර්මාණ්ත හා වෙළද ප්‍රදර්ශනය තුළ අත්යන්ත්‍ර, රෙදි පිළි, බතික් නිර්මාණ, ලී බඩු, ගෘහ භාණ්ඩ, මැටි හා විසිතුරු භාණ්ඩ ප්‍රදර්ශන හා අළෙවිය සිදුවේ.

මීට සමගාමීව පැවති උත්සවයේදී කර්මාන්තකරුවන් 128 දෙනෙකු අගයමින් රුපියල් ලක්ෂ 17ක පමණ මුදල් තෑගි සහ සම්මාන, සහතික පත්‍ර ප්‍රධානය කිරීමද සිදුවිය.

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා හා කර්මාණ්ත අධ්‍යක්ෂ සම්පත් නිෂ්ශංක මහතා ඇතුළු නිළධාරීන් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, පළාත් ආණ්ඩුකාරවර ජේ.එම්. කපිල ජයසේකර මහතා, නියොජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, මන්ත්‍රී දිනිදු හෙන්නායක මහතා, ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහින්දපාල ජෝපියස් මහතා ඇතුළු පළාත් සභාවේ නිළධාරීන් පිරිසක් සහභාගි විය.

28/11/2024

ක්‍රීඩා තරග වල මූලික නීතිරීති පිළිබද දැනුම යාවත්කාලීන කිරීමේ පුහුණු වැඩසටහන් 2024.11.28 හා 29 දෙදින ඌව පළාත් සභා පර්සී ස...
28/11/2024

ක්‍රීඩා තරග වල මූලික නීතිරීති පිළිබද දැනුම යාවත්කාලීන කිරීමේ පුහුණු වැඩසටහන් 2024.11.28 හා 29 දෙදින ඌව පළාත් සභා පර්සී සමරවීර ශ්‍රවනාගාරයේදි පැවැත්වේ.

මේ සදහා පළාතේ තරුණ සේවා සභාවේ නිලධාරින් හා බාහිර ක්‍රීඩා පුහුණුකරුවන් සහභාගී විය.

ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක කීර්ති ශ්‍රී දිසානායක මහතා සහ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂක ඇතුළු බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ පුහුණුකරුවන් දේශකයන් ලෙස කටයුතු කරයි.

26/11/2024

පවතින අයහපත් කාළගුණය නිසා 27,28 සහ 29 උසස් පෙළ විභාගය නොපැවැත්වේ

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ හිටපු උපකුළපති නැගෙනහිර ආණ්ඩුකාරවර මහාචාර්ය්‍ය  ජයන්තලාල් රත්නසේකර මහතා  විසින්  රචිත  "විල...
25/11/2024

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ හිටපු උපකුළපති නැගෙනහිර ආණ්ඩුකාරවර මහාචාර්ය්‍ය ජයන්තලාල් රත්නසේකර මහතා විසින් රචිත "විල මැද සටන" සහ "විද්‍යවේ සහ මිනිස් මොළයේ අභිරහස්" යන පොත් දෙක එළිදැක්වීම පසුගියදා බදුල්ලේ පැවති "බදුලු පොත් වසන්තය" භුමියේදි සිදුවිය,

මහාචාර්ය්‍ය ජයන්තලාල් රත්නසේකර මහතා විසින් රචිත එකොළොස්වන හා දොළොස්වන පොත් දෙක පසුගියාදා එළිදැක්වු අතර මෙයට පෙර පොත් දහයක් ඒළිදක්වා තිබේන අතර රුසියන් නවකතා පොත් පරිවර්තනය කරමින් මේ වෙද්දී පොත් කිහිපයක්ම රචනා කර තිබේ,

රුසියන් නව කතාවක් වන The Lake Front නැමති කොන්ස්තන්තීන් පවුස්තොාචිස්කි ලේඛකයා විසින් රචිත පොත ජයන්තලාල් රත්නසේකර මහතා විසින් "විල මැද සටන" නමින් රචනා කර ඒ් සමග මිනිස් මොළයේ අභිරහස්" නැමති කෘතිය සමග පොත් එළිදැක්වීමේ උත්සවයේදි මහාචාර්ය්‍ය ජයන්තලාල් රත්නසේකර මහතා විසින් රචිත පොත් දෙක ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම් කපිල ජයසේකර මහතාට පිළිගැන්වීය,

මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මහාචාර්ය්‍ය එච්.එම්.ජේ.සී.පිටවල මහතා ඇතුළු ලේඛකයින් සාහිත්‍යකරුවන් පිරිසක් සහභාගි විය,

"බදුලු පොත් වසන්තය"දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතන වල හොදම පොත් ඒකතුව "බදුලු  පොත් වසන්තය"  20 දින සිට 27 දින දක්වා...
20/11/2024

"බදුලු පොත් වසන්තය"
දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතන වල හොදම පොත් ඒකතුව "බදුලු පොත් වසන්තය" 20 දින සිට 27 දින දක්වා බදුල්ල සේනානායක පිටියේදි පැවැත්වීමට සදහා ප්‍රදර්ශනය ඊයේ 20 දින ආරම්භ විය,

වාර්ෂිකව පවත්වන මෙම බදුලු පොත් ප්‍රදර්ශනයට දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෙළේ පොත් ප්‍රකාශන ආයතන වලින් සැකසු පොත් අළෙවි කුටි 70ක් පමණ මෙහි ස්ථාාපිත කර පොත් සදහා විශේෂ වට්ටම් ලබාදී තිබෙන අතර ප්‍රදර්ශනයට සමගාමිව නව පොත් ඒළිදැක්වීම්ද මෙහිදි සිදුවේ,

මෙවර පොත් ප්‍රදර්ශනයේදි නොවැම්බර් 23 දින සවස 4.00ට ප්‍රදර්ශන භුමියේදි නැගෙනහිර ආණ්ඩුකාරවර ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ හිටපු උප කුළපති මහාචාර්ය්‍ය ජයන්තලාල් රත්නසේකර මහතා විසින් රචිත "විල මැද සටන" සහ "විද්‍යවේ සහ මිනිස් මොළයේ අභිරහස්" පොත් ඒලිදැක්වීමට නියමිතව ඇත,

මෙයට අමතරව ඌව පළාතේ පාසල් දරුවන් අතින් රචිත පොත් කිහිපයක්ද ඒළිදැක්වීමට නියමිතව ඇති අතර ඌව පළාත් සංස්කෘතික ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශය සමග ප්‍රබුද්ධ සංස්කෘතික පදනම මගින් පොත් ප්‍රදර්ශනය සංවිධානය කර තිබේන අතර සෑම දිනකම උදේ 8.30 සිට රාත්‍රි 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වේ,

පොත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ උත්සවය ඌව පළාත් ආණෟඩුකාරවර නීතිඥ ජේ.ඒම් කපිල ජයසේකර මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුවු අතර ඌව ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය,අධ්‍යාපන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා ,සංස්කෘතික ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි විය,

ඌව පළාත් සංස්කෘතික ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ නිළධාරීන්,ඌව පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ සදරුවන් ජයසුරිය මහතා ,සහ බදුල්ල ප්‍රබුද්ධ සංස්කෘතික පදනම මගින් පොත් ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණ,

ජාත්‍යාන්තර  වැඩිහිටි දිනයට සමගාමිව ඌව පළාත් සමාජසේවා   දෙපාර්තමේන්තුව  විසින් සංවිධානය කළ "දෙටු පුරවැසි අභිමානි" ජේෂ්ඨ ...
19/11/2024

ජාත්‍යාන්තර වැඩිහිටි දිනයට සමගාමිව ඌව පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ "දෙටු පුරවැසි අභිමානි" ජේෂ්ඨ පුරවැසියන්ගේ දක්ෂතා ඒළිදැක්වීමේ වැඩ සටහන බදුල්ල පුරහලේදි 19 දින පැවැත්විය,

මෙහිදි ඌව පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 26ම නියෝජනය වන අයුරින් පිහිටුවා ඇති ජේෂ්ඨ පුරවැසි කමිටු හරහා තෝරාගත් පුරවැසියන් විසින් දේශිය අමුදව්‍ය යොදාගෙන ගුණාත්ම සහ පෝෂණ බවින් ඉහළ ආහාර සැකසීමේ වැඩ සටහනක් සහ අත්කම් නිර්මාණ ඉදිරිපත් කිරීමේ වැඩ සටහනක් පැවැත්විය,

පැය කිහිපයක් තුළදි ජේෂ්ඨ පුරවැසියන් මෙහිදි ආහාර සැකසීම සහ නිර්මාණ ඉදිපත් කිරීමේ තරගයකට සහභාගි වු අතර ඒයින් ජය ලැබු අයට සහතික ප්‍රධානයක් සිදුවිය,

ඌව පළාත් සමාජසේවා අධ්‍යක්ෂිකා එන්.එල්.එස් පියුමිලා මහත්මියගේ උපදෙස් මත නිලධාරීන් සංවිධානය කළ "දෙටු පුරවැසි අභිමානි" වැඩ සටහනට ප්‍රදාන ආරාධිතයා ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.ඒම් කපිල ජයසේකර මහතා ඇතුළු පළාත් සභාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු නිළධාරීන් සහභාාගි විය,

https://youtu.be/3HJAuxHi9Is?si=RgE-lNp4Ty3wJAiM

බදුල්ල සුජාතා  මහා   විද්‍යාලයේ සුජාති අභිමානි වර්ණ ප්‍රධානය 19 දින බදුල්ල සුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විය, විදුහල්පති...
19/11/2024

බදුල්ල සුජාතා මහා විද්‍යාලයේ සුජාති අභිමානි වර්ණ ප්‍රධානය 19 දින බදුල්ල සුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විය,

විදුහල්පතිනි බී.වී සාගරිකා නිමන්ති මහත්මිය ඇතුළු ගුරුමණ්ඩලය සංවිධානය කළ වර්ණ ප්‍රධාන උත්සවයට ප්‍රදාන ආරාධිතයා ලෙස ඌව පළාත් අධ්‍යාපන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා සහභාගි විය,

බදුල්ල පස්සර ලුණුගල ඒ් 5 මාර්ගයේ 13 කණුව ඔත්තේකඩේ ප්‍රදේශය 18 දින අළුයම නාය යෑමට ලක්වීම නිසා  මාර්ගය මුළුමනින්ම වැසී තිබ...
18/11/2024

බදුල්ල පස්සර ලුණුගල ඒ් 5 මාර්ගයේ 13 කණුව ඔත්තේකඩේ ප්‍රදේශය 18 දින අළුයම නාය යෑමට ලක්වීම නිසා මාර්ගය මුළුමනින්ම වැසී තිබේ,

මාර්ගයට ඉහළ කදුකර ප්‍රදේශය වැස්සත් නොමැතිව තිබියදි අද 18 දින උදේ 2.45ට ඒක පමණ නාය යෑම නිසා ගල් පර්වත, පස්,ගස් කඩා වැටීමෙන් මාර්ගයේ මීටර් 60ක පමණ ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම වැසී තිබේන අතර රාත්‍රි කාලයේ මාර්ගයේ නවතා තිබු ත්‍රිවිලර් රථ තුනකට දාඩ් හානි සිදුව තිබේ,

මාර්ගය අවහිරවීම නිසා බදුල්ල සිට බිබිල,මඩකළපුව,මොණරාගල ,අම්පාර ,මහඔය බලා ගමන් කරන වාහන ධාවනය සම්පුර්ණයෙන්ම නැවතී තිබේ,

මාර්ග සංවර්ධන අධිකාරි පස්සර ප්‍රාදේශීය සභාව පොලිසිය ඒක්ව නාය නෑම සිදුවු ස්ථානය පිළිසකර කරමින් පවතී

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Uva Provincial Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva Provincial Media Unit:

Videos

Share