DMK FILM

DMK FILM SINHALA SUB එක්ක FILM බලන්න කැමති අය සෙට් වෙන්න✍️

10/05/2024

Guys ready ආයෙත් ෆිල්ම් දෙනවා🙂

🔰FAST FIVE (2011)🔰වේගයේ හා ත්‍රාසයේ පස්වන දිගහැරුම🔰ACTION/CRIME🔰ENGLISH🔰7.3/10 IMDB🔰SUBTITLE  (www.baiscope.lk)Fast Five...
11/02/2024

🔰FAST FIVE (2011)
🔰වේගයේ හා ත්‍රාසයේ පස්වන දිගහැරුම
🔰ACTION/CRIME
🔰ENGLISH
🔰7.3/10 IMDB
🔰SUBTITLE (www.baiscope.lk)

Fast Five... නම ඇහුව ගමන් race තමයි මතක්වෙන්නේ. Fast and Furious 2001 බැලුවානම් අනිත් චිත්‍රපට ටිකත් එක දිගටම බලාගෙන යන්න හිතෙනවා. ඒ තරම් මේ වගේ stunt action තියෙනවා. ඇත්තටම කිනවනම් දැනට Fast and Furious චිත්‍රපට මාලාවේ සාර්ථකම චිත්‍රපටය වෙලා තියෙන්නේ Fast Five. Fast and Furious 2009ට තමයි කලින් හොඳම IMDb මීටරේ තිබුණේ 6.3ක් විදිහට. නමුත් මේකට IMDb මීටරේ 7.30 rate වෙලා තියෙනවා. තව හොඳම ක්‍රියාදාම චිත්‍රපටය, හොඳම සංගීතයට මේකට සම්මාන ලැබිලා තියෙනවා. මේ විදිහට සම්මාන 7කුත්, 18 සැරයක් නාම යෝජනාවලටත් නම දීලා තියෙනවා..

දැන් බලමු කතාවේ මොනාද වෙන්නෙ කියලා. ඇත්තටම කියනවනම්. මේක තමයි Fast n Furious චිත්‍රපට මාලාවේ පට්ටම film එක. ඒකයි IMDb වලත් අනිත් ඒවට වැඩියෙන් rate වෙලා තියෙන්නේ. Fast and Furious 2009 ඉදන් චිත්‍රපටය එක කතාවක් වගේ කරගෙන යන්න කටයුතු කරලා තියෙනවා. 2009 එක බැලුවනම් අන්තිමට ටොරේටෝ එයාගේ කෙල්ලව මරපු ෆීනික්ස් පස්සෙන් ගිහිල්ලා අන්තිමට පොලීසියට මාට්ටු වෙනවා බ්‍රයන් එක්කම අන්තිමට හිර ගෙදරටම යවනවනේ.

Fast Five පටන් ගන්නෙ එතන ඉඳන්. හිරේට ටොරේටෝව ගෙනියන බස් එකට බ්‍රයන්, මියා එකතුවෙලා ගේම දීලා, ටොරේටෝව නිදහස් කරගන්නවා. පස්සේ එයාලාගෙ පස්සෙන් FBI, CIA පන්නන නිසා රියෝ ද ජනයිරෝ වලට පැනගන්නවා. මෙහේ තමයි කලිම් Fast and Furious 2001 හිටිය වින්ස් ඉන්නේ. එයත් එක්ක කෝච්චියකින් කාර් වගයක් පන්නන වැඩක් set වෙනවා. මේක රියෝ පාලනය කරන ර්‍රයස් කියලා කෙනෙක්ගෙ වැඩක්. එතනදි පොඩි අවුලක් ගිහිල්ලා මෙයාලා විශේෂ කාර් එකක් පන්න ගන්නවා. මේක ඇතුලේ චිප් එකක් තියෙනවා. චිජ් එකේ රියස් ගැන තොරතුරු, එයාගෙ සල්ලි තියෙන තැන් ගැන තොරතුරු අතුලත් වෙනවා. ර්‍රයස් ළඟ ඩොලර් මිලියන 100ක සල්ලි තියෙනවා. මේකක ගන්න එක වටා තමයි fillm එක යන්නෙ. මේක ගන්න මේ කතා මාලාවේ මුල ඉඳලා හිටපු අය තව හය දෙනෙක් එකතු කරගන්නවා. කලින් කතා බලපු අය ඒ අය දන්නවත් ඇති.. මේ කණ්ඩායම අල්ල ගන්න FBI එකෙන් තව කණ්ඩායමක් එවනවා.

FBI කණ්ඩායම ටොරේටෝව අල්ලගන්නවද? අර මිලියන 100 අර ගන්නවද? ර්‍රයස් කියන්නෙ කවුද? එයා මොනාද කරන්නේ? රීයගෙ සල්ලි කොහෙද තියෙන්නෙ? ඒක පන්නන්නෙ කොහොමද?? මේ හැම දෙයක්ම film එකේ තියෙනවා ඉතිම් හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා.අමතක නොකර ෆිල්ම් එක බලලා ඉවර වෙලා කමෙන්ට් එකකුත් දාගෙනම යමු.

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/348376974690684?view=permalink&id=348389821356066&mibextid=UVffzb

🔰FAST & FURIOUS (2009)🔰හෙරෝයින් මෙහෙයුම🔰ACTION/CRIME🔰ENGLISH🔰6.5/10 IMDB🔰SUBTITLE  (piratelk.com)ඔන්න අදත්  කලින් දුන්න ...
11/02/2024

🔰FAST & FURIOUS (2009)
🔰හෙරෝයින් මෙහෙයුම
🔰ACTION/CRIME
🔰ENGLISH
🔰6.5/10 IMDB
🔰SUBTITLE (piratelk.com)

ඔන්න අදත් කලින් දුන්න චිත්‍රපටි මාලාවේම තවත් කොටසක් අරගෙන ආවා. මේක තමයි The Fast and the Furious කතා මාලාවේ හතරවෙනි එක.

විනාඩි 107ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට IMdb රේටින් වල 6.5ක අගයක් ලැබිලා තියෙනවා. කලින් කතා වල හිටපු සෙට් එකම තමයි මේකෙත් රගපාන්නේ. කොහොමහරි මම ෆිල්ම් එකේ කතාව නම් කියන්න යන්නේ නෑ. කතාව කියන්නේ නැත්තේ වෙන ‌මොනාත් හින්ද ‌නෙමෙයි, ඔයාලම බලලා ෆිල්ම් එක රසවිදින්න ඔයාලම කතාව හොයා ගන්නකෝ. ඒවගේම මම කතාව නොකිවුවා කියලා ෆිල්ම් ඒක නොබලා ඉන්නවත්, කම්මැලි ෆිල්ම් එකක් කියලා හිතන්නත් එපා. කලින් කතාවල තිබ්බේ රේස් විතරමනේ නමුත් මේකේ ඊට වඩා දෙයක් තියෙනවා. (ආදරය/ ආදරයේ වේදනාව වගේ දේවලුත් අඩංගුයි )එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරනවා.
අමතක නොකර ෆිල්ම් එක බලලා ඉවර වෙලා කමෙන්ට් එකකුත් දාගෙනම යමු

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/1420078598875718?view=permalink&id=1420089818874596&mibextid=UVffzb

🔰FAST & FURIOUS : TOKYO DRIFT(2006)🔰වේගයේ හා ත්‍රාසයේ තෙවැනි දිගහැරුම🔰ACTION/CRIME/THRILLER🔰ENGLISH🔰6.0/10 IMDB🔰SUBTITLE...
06/02/2024

🔰FAST & FURIOUS : TOKYO DRIFT(2006)
🔰වේගයේ හා ත්‍රාසයේ තෙවැනි දිගහැරුම
🔰ACTION/CRIME/THRILLER
🔰ENGLISH
🔰6.0/10 IMDB
🔰SUBTITLE (piratelk.com)

මේක තමයි Fast and the Furious කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය. මම හිතනවා ඔයාලා මේකේ කලින් කොටස් දෙක බලන්න ඇති කියලා. නොබලපු කෙනෙක් එහෙම ඉන්නවා නම් පළවෙනි කොටස, දෙවැනි කොටස බලන්න. හැබැයි නොබැලුව කියලා අවුලක් නෑ. මොකද තුන්වෙනි එකයි කලින් කොටස් දෙකයි අතරේ ලොකු සම්බන්ධතාවයක් නෑ. ඒක නිසා කිසිම අපහසුවකින් තොරව බලන්න පුළුවන්. 2006 වසරේ නිකුත්වී විනාඩි 104ක් පුරා දෙවෙන මෙම සිනමා කෘතියට ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.0ක අගයක් ලැබී තියෙනවා. කලින් කොටස්වල මෙන්ම මෝටර් රථ තරඟ ආදිය මේ ෆිල්ම් එකේද ඇතුලත්.

චිත්‍රපටියේ කතාව ගැනත් මම ඔයාලට කෙටියෙන් කියන්නම්. “ෂෝන්” කියලා අවුරුදු 18ක විතර කොල්ලෙක් එයාගේ අම්මත් එක්ක ජිවත් වෙනවා. මෙයා වාහන රේස් ආදිය පිළිබද ටිකක් උනන්දුයි. හැබැයි මෙයාට රේස් ගිහින් පොලිසියෙන් කේක්සුත් වැටිලා තියෙන්නේ. ඔය අතරේ මෙයා ඉස්කෝලේ කොල්ලෙක් එක්ක රේස් එකක් යනවා. කොහොමහරි ඕක නවතින්නේ අනතුරකුත් වෙලා පොලිසිත් ගිහින්. ඉතින්, ගෝන්ව අම්මට බලාගන්න අමාරු නිසා එයාව ජපානේ ඉන්න තාත්තා ගාවට යවනවා. අම්මගේ අරමුණ වෙන්නේ ‌මෙයාව රේස් වලින් ටිකක් ඈත්කරලා තියන්න. නමුත් එහේ ගිහින් ෂෝන් කරන්නෙත් කලින් කරපු එකම තමයි. ජපනේදී ෂෝන්ට කාර් රේස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා වගේම පොඩි ලව් එකකුත් සෙට් වෙලා කරදර ගොඩක ෂෝන් පැටලෙනවා.”

මම ඔයාලට කිවුවේ ෆිල්ම් එකේ පළවෙනි විනාඩි කීපය විතරයි. ශෝන්ට ජපානේදි මොකද ‌වෙන්නේ?? කාර් ගැන මොනාද එයා ඉගෙන ගන්නේ?? කවුද ඩිකේ කියන්නේ?? මේ සියලුම දේවල් දැනගන්න චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා,අමතක නොකර ෆිල්ම් එක බලලා ඉවර වෙලා කමෙන්ට් එකකුත් දාගෙනම යමු

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/1420269185555827?view=permalink&id=1420275715555174&mibextid=w8EBqM

🔰2 FAST 2 FURIOUS (2003)🔰වාහනයද? රියදුරාද?🔰ACTION/CRIME🔰ENGLISH🔰5.9/10 IMDB🔰SUBTITLE  (www.baiscope.lk)මේ කතාව නිකුත් වන...
05/02/2024

🔰2 FAST 2 FURIOUS (2003)
🔰වාහනයද? රියදුරාද?
🔰ACTION/CRIME
🔰ENGLISH
🔰5.9/10 IMDB
🔰SUBTITLE (www.baiscope.lk)

මේ කතාව නිකුත් වන්නේ 2003 වර්ෂයේ ජූනි 6 වන දින ඇමෙරිකාවෙදි. 87,437 කගේ මනාපයෙන් අන්තර්ජාතික චිත්‍රපට දර්ශකයේ 5.9ක අගයක් ලබාගෙන තියෙනවා. මං හිතන්නේ මේ වර්ගයේ චිත්‍රපටයක් හැටියට ඒ ලබාගෙන තියෙන රේටින් ප්‍රමාණය හොදටම ඇති. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Singleton,ඒ කියන්නේ ඔයාලා බලන්න ඇති 2011 වසරෙදි ආවා Abduction කියලා බයිස්කෝප් එකක්. ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙන් මෙයා තමයි. තව මෙහි රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නලුවෝ සෙට් එකක් තමයි. ඒ තමයි පළවෙනි කොටසේ ඉදපු Paul Walker සහ Tyrese Gibson, Eva Mendes වගේ ප්‍රසිද්ධ නලු නිලියෝ ටිකක්. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ බ්‍රයන් ඕ කෝනර් ඒ කිවුවේ Paul Walker සහ රෝමන් පියර්ස් Tyrese Gibson යන දෙන්නා තමයි. පලවෙනි කොටස නැරඹුවනම් කට්ටිය දන්නවනේ බ්‍රයන් කියන්නේ පොලිස් නිලධාරියෙක් කියලා නමුත් මේ කථාව වෙද්දි බ්‍රයන් ඇවිල්ලා පොලීසියෙන් වැඩ තහනම් කරපු පාරේ රේස් පදින පුද්ගලයෙක්. මෙයා රේස් එකක් පැදලා යද්දි පොලියෙන් මෙයාව අල්ලගන්නවා. ඒ මොහොකටත් නෙමී මෙයාට කියලා වැඩක් කරවගන්න. මෙයාලා ඉන්න පලාතට කූඩු ගේන පුද්ගලයව බඩුත් එක්කම මාට්ටු කරගන්න තමයි මෙයාලට ඕනා වෙලා තියෙන්නේ. මේ වැඩේ බ්‍රයන්ට තනියම කරන්න බැරි නිසා මෙයා රෝමන් පියර්ස්ටත් සෙට් කරගන්නවා. මේ දෙන්නා යාලුවෝ වෙලා හිටියට කාලයක් මේ මෙහෙයුමට කතා කරනකොට දෙන්නා තරහකාරයෝ. ඉතිං කොහොමද බ්‍රයන් මේ රෝමන් ව මේ වැඩේට සෙට් කරගන්නේ ? කොහොමද බඩුත් එක්ක අරුව මාට්ටු කරගන්නේ. ඒවා දැනගන්න මේක බලන්නම වෙනවා.

කිසිම අඩු පාඩුවක් නැතිව සුපිරි කාර් රේස් ටිකක් නරඹන්න පුලුවන් ඔයාලට. 2003 වසරේ හැටියට ආයේ සුපිරිම වාහන ටිකකුත් තියෙනවා හොදේ මේකේ. එනෙම් කාර් රේස් වලට කැමති අය ෆිල්ම් එක බලමූ බලලා ඉවර වෙලා කමෙන්ට් එකකුත් දාගෙනම යමු

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/1392069014746385?view=permalink&id=1392081918078428&mibextid=v7YzmG

🔰FAST & FURIOUS  (2001)🔰වේගයේ හා ත්‍රාසයේ පළමු දිගහැරුම🔰ACTION/CRIME/THRILLER🔰ENGLISH🔰6.8/10 IMDB🔰SUBTITLE  (piratelk.co...
05/02/2024

🔰FAST & FURIOUS (2001)
🔰වේගයේ හා ත්‍රාසයේ පළමු දිගහැරුම
🔰ACTION/CRIME/THRILLER
🔰ENGLISH
🔰6.8/10 IMDB
🔰SUBTITLE (piratelk.com)

මෙන්න අද මම අරගෙන ආවේ අපේ වාහන සහ රේස් ගැන උනන්දු බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් ෆිල්ම් එකක්. නම දැකපු ගමන් කට්ටියම දන්නවා ඇතිනේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා, නේද?

Fast and the Furious කතා මාලාවේ පළමු ෆිල්ම් එක වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2001 අවුරුද්දේ. විනාඩි 106 පුරා දිවෙන මේක ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.8 ක අගයක් අරගෙන තියෙනවා. පෝල් වෝකර්, වින් ඩිසෙල් ඇතුළු ජනප්‍රිය නලුනිලියන් රැසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන අතර කිසිම කම්මැලි කමකින් තොරව බලන්න පුළුවන්. මෝටර් රථවලට ඇලුම් කරන පිරිසක් සහ තහනම් මෝටර් රථ තරඟ පිළිබද කතාවක් තමයි මේ ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නේ. කතාව ගැන නම් මම වැඩිපුර කියන්නේ නෑ මොකද හැමෝම දන්නවා ඇතිනේ කලින් කිවුව වගේම මේක කාර් රේස් එහෙම තියෙන බව.

ඉතින් මෙවැනි තරඟ වලින් සපිරිණු මෙවැනි ආකාරයේ ක්‍රියාදාම ෆිල්ම්ස් වලට කැමති හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ. කාලය සහ ශ්‍රමය වැයකරලා කරන මේ වැඩෙන් අපිට තියෙන්නේ හිතේ සතුට විතරනේ.

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/761931638710897?view=permalink&id=761958982041496&mibextid=v7YzmG

31/01/2024

මොකෝ කියන්නේ FANSLA මුලු COLECTION එකම ගෙන්නතේ🤩 COMMENT කරමු FOLLOWERSLA 100 කලොත් දෙනෝ ඔක්කොම ටික එක දිගට😊

🔰WONKA (2023)🔰විලී වොන්කා🔰FANTACY/MUSICAL🔰ENGLISH🔰7.2/10 IMDB🔰SUBTITLE බුවනක නිර්මාණ (BAISCOPE.LK)සුභ දවසක් හැමෝටම! ඔන්න...
30/01/2024

🔰WONKA (2023)
🔰විලී වොන්කා
🔰FANTACY/MUSICAL
🔰ENGLISH
🔰7.2/10 IMDB
🔰SUBTITLE බුවනක නිර්මාණ (BAISCOPE.LK)

සුභ දවසක් හැමෝටම! ඔන්න මේ ලෑස්ති වෙන්නේ කෙල බේරෙන චිත්‍රපටියක් බලන්නයි. කෝකටත් කියලා මම චිත්‍රපටියේ පසුබිම ගැන පොඩි විස්තරයක් කරන්නම්.

විලී වොන්කගේ අරුම පුදුම චොක්ලට් කම්හල ගැන මුලින්ම චිත්‍රපටියක් නිකුත් වෙන්නේ 1971 වර්ශයෙදී. ඒ W***y Wonka And The Chocolate Factory නමින්. කතාවෙ ප්‍රධාන චරිතය විලී වොන්කා උනත් වැඩි අවදානයක් දීලා තිබුණේ චාලි බකට් කියන දරුවට. Mel Stuartගේ අධ්‍යක්ෂණයෙන් යුක්ත වෙච්ච ඒ චිත්‍රපටියේ Gene Wilder, Peter Ostrum, Paris Themmen කියන නළු නිලියෝ රංඟනයෙන් දායක වෙලා තියෙනවා. ඒවගේම ඩොලර් මිලියන 4ක BOX OFFICE ආදායමක් ලබාගෙන තියෙනවා. සම්මාන අතින් ගත්තොත් හොඳම සංගීතකරණය වෙනුවෙන් සහ හොඳම ප්‍රහසන, සංගීතමය නළුවාට හිමි සම්මානයත් මෙම චිත්‍රපටය ලබාගෙන තියෙනවා. ඒ නිසාම අතිශය ජනප්‍රියත්වයක් චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.
ඉතින් අවුරුදු 35කට විතර පස්සේ charlie and the Chocolate Factory නමින් ජොනී ඩෙප් රංගනයෙන් දායක වෙන චිත්‍රපටියක් 2005දී නිකුත් වෙනවා. ඒක අපි හැමෝම බලලා තියෙන මතකයේ රැඳුණු සුන්දර චිත්‍රපටියක්. Helena Bonham, Freddie Highmore, AnnaSophia Robb වගේ තවත් නළු නිලියන් රංගනයෙන් දායක උන මේ චිත්‍රපටියත් BOX OFFICE ආදායම අතින් ඩොලර් මිලියන 475ක ලොකු ප්‍රමාණයක් ලබන්න සමත් වුණා. සම්මාන අතින් ගත්තොත් 25කට වැඩි ගාණක් ලබන්නත් සමත් වෙලා තියෙනවා.

මේ විදියට විලී වොන්කා සහ චොක්ලට් ෆැක්ටරියේ මතකය වියැකී යන්න නොදී බේරගැනීමේ උත්සාහයක් Paul King අධ්‍යක්ෂකවරයා විසින් අරගන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ වොන්කා චිත්‍රපටිය. විලී වොන්කගේ චරිතය පාදක කරගෙන නිර්මාණය උන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය Timothée Chalamet විසින් රඟදක්වනවා. ඒ වගේම අපි කවුරුත් ආදරය කරන මිස්ටර් බීන්ගේ චරිතයට පණ පොවපු Rowan Atkinson මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙනවා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Fantasy/Musical ගණයටයි.

ඉහළ දකුණු පසේ ඉඳන් වමට පිළිවෙලින් 1971, 2005 සහ 2023 වර්ශයන් වල වොන්කා චරිතය දැක්වෙනවා. කාලයක් තිස්සේ විලී වොන්කා කියන මාතෘකාව ගැන හුඟක් ෆෑන් තියරීස් එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකයන්ගේ මත ඉදිරිපත් වෙලා තිබ්බා. ඒ අතරින් එක මතයක් වුණේ විලී වොන්කා කියන්නේ ළමා දාම ඝාතකයෙක් කියන කතන්දරය. හැබැයි ඒක අමූලික බොරුවක් බව මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරලා තියෙනවා. චිත්‍රපටියේ කතාව ගත්තොත්: කතාව පටන් ගන්නේ වොන්කගේ චොක්ලට් කම්හල ආරම්භ වෙන්න කලින් සිද්ධ වෙන සිදුවීම් දාමයෙනුයි. විලී වොන්කා කියන තරුණයා තමන්ගේ පුංචි හීනය වෙන චොක්ලට් කඩයක් විවෘත කරගන්න ගැලරීස් ගෝමට් වලට පිය නගනවා. හැබැයි එහෙදි එයාට නොහිතපු විදියෙ සිදුවීම් සිද්ධ වෙනවා. එයාට ප්‍රතිවාදියෝ මුණගැහෙනවා. කතාව ගැන මෙතනින් එහාට මොකුත් කියන්නේ නැහැ.හැමෝම ෆිල්ම් එක රසවිදින්න ඒනම්!

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/1313272252697145?view=permalink&id=1313281659362871&mibextid=v7YzmG

🔰SLOTHER HOUSE (2023)🔰මිනීමරු ස්ලෝත් 🔰HORROR/COMEDY🔰ENGLISH🔰4.7/10 IMDB🔰SUBTITLE යමීනා ජොහාර් (BAISCOPE.LK)ඔයාලට කතාව ගැ...
30/01/2024

🔰SLOTHER HOUSE (2023)
🔰මිනීමරු ස්ලෝත්
🔰HORROR/COMEDY
🔰ENGLISH
🔰4.7/10 IMDB
🔰SUBTITLE යමීනා ජොහාර් (BAISCOPE.LK)

ඔයාලට කතාව ගැන කෙටි හැඳින්වීමක් කලොත්,

මේ චිත්‍රපටිය මිනීමරු සිලෝත් කෙනෙක් වටා තමයි ගෙතෙන්නේ. කැලෑවක ඉන්න හුරුබුහුටි පෙනුමක් තියෙන ස්ලෝත් කෙනෙක්ව ඔලිවර් කියන දඩයක්කාරයෙක් එයාගේ ගෙදරට අරගෙන එනවා. ඉතින් මේ ඔලිවර්ට ෂොපින් මෝල් එකේදී අහම්බෙන් මුණ ගැහෙන එමිලි කියන ගෑණු ළමයට මෙයා මේ ස්ලෝත්ව විකුණන්න හදනවා.

එමිලි මුලින් මේ දේට අකමැති උනත් පසසේ එයා ඉන්න sorority එකට මේ ස්ලෝත්ව එක්කගෙන එන්න එයා හිතාගන්නවා. ඒ හැබැයි එක අරමුණක් වෙනුවෙන්. එමිලිට ඕන වෙනවා මේ වසරේ Sigma Lambda Theta (SLTH) sorority හි සභාපතිනිය වෙන්න. ඉතින් එමිලි යන්ග් සොරොරිටි සභාපති ලෙස තේරී පත් වෙන්න ඡන්ද ලබා ගැනීමේ අරමුණින් මේ හුරුබුහුටි සිලෝත්ව එයා හදාගන්නවා. මුලින් හැමදේම සාමකාමීව තිබුණත් පස්සේ sorority එකම ලේ විලක් වෙනවා.

චිත්‍රපටිය තුල බිහිසුණු සංවේදී දර්ශන ඇතුලත් වන නිසා නැරඹීමේදී සැලකිලිමත් වෙන්න කියලා මතක් කරන්න ඕනේ.

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/1431941117671086?view=permalink&id=1431960097669188&mibextid=v7YzmG

28/01/2024

හැමෝම උදව්වක් කරමු FILM බලන හැමෝම පේජ් එක ශෙයාර් කරමු ඔයාලට FILM දෙන්න මාරම මහන්සියක් වෙන්න ඒක දන්නේ FILM PAGE කරන අය විතරයි පුලුවන් අය හැමෝටම ශෙයාර් කරමු 😊

🔰BAD SISTER (2015)🔰කන්‍යා වෙස්ගත් සුරූපිනිය (18+)🔰THRILLER/CRIME/DRAMA🔰ENGLISH🔰4.7/10 IMDB🔰SUBTITLE බුවනක නිර්මාණ (BAISC...
27/01/2024

🔰BAD SISTER (2015)
🔰කන්‍යා වෙස්ගත් සුරූපිනිය (18+)
🔰THRILLER/CRIME/DRAMA
🔰ENGLISH
🔰4.7/10 IMDB
🔰SUBTITLE බුවනක නිර්මාණ (BAISCOPE.LK)

මේ ඇවිල්ලා imdb එකට අනුව 2015 දි නිකුත් උන Bad Sister ෆිල්ම් එක. 2015 කිව්වට සමහර තැන්වල 2016 කියලත් සඳහන් වෙනව. IMDB අගය අතින් 4.7ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක අවුරුදු 17+ ටීවී මුවි එකක්. (හැබැයි 18+ බැලුවොත් තමා හොඳ) Thriller/Mystery ගණයට තමා චිත්‍රපටය අයත් වෙන්නෙ. IMDB අගයත් අඩු එකේ ඔයාලට මේක බලන්න එක හොඳ හේතුවක් මං කියන්නම්. මේකෙ රංඟනයෙන් දායක වෙනවා බොහොම සුරූපී රංඟන ශිල්පිනියෝ තුන්දෙනෙක්. ඒ අය තමයි Sloane Avery, Alyshia Ochse, Ryan Whitney කියන ශිල්පිනියන්. හැබැයි අහල පුරුදු නම් නැතුව ඇති.

කතාව පැත්තට ගියොත්: ජේසන් කියලා තරුණයෙක් ඉන්නවා. එයාට සෝයි කියලා නංගි කෙනෙක් ඉන්නවා. ඉතින් මෙයාලා ඉස්කෝලේ යන්නේ කතෝලික පාසලකට. ජේසන් තාත්ත එක්ක රණ්ඩුවකට මැදිවෙලයි ඉන්නෙ. ඔන්න එක දවසක් මේ කතෝලික පාසලට සොෆියා කියලා ලස්සන ටීචර් කෙනෙක් එනවා.

එයා ජේසන්ට වහ වැටිලා ඉන්නෙ. ‌ඉතින් ‌මෙයා ජේසන්ගෙ ආදරය බලාපොරොත්තුවෙන් මොනතරම් භයානක කුරිරු දේවද කරන්නෙ කියලා චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/719306727000486?view=permalink&id=719314716999687&mibextid=v7YzmG

🔰UNIT 262 (2023)🔰විශේෂිත ඉශ්‍රායල සටන් බලකායක්🔰NEW/ACTION🔰ENGLISH🔰1.6/10 IMDB🔰SUBTITLE සහස් රශ්මික (CINERU.LK)අද ගෙනල්ල ...
26/01/2024

🔰UNIT 262 (2023)
🔰විශේෂිත ඉශ්‍රායල සටන් බලකායක්
🔰NEW/ACTION
🔰ENGLISH
🔰1.6/10 IMDB
🔰SUBTITLE සහස් රශ්මික (CINERU.LK)

අද ගෙනල්ල තියෙන්නේ UNIT 262 කියන ඉංග්‍රීසි චිත්‍රපටිය . මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං F.B.I එක න්‍යෂ්ටික අවි ප්‍රවාහනය කරන ජාත්‍යන්තර අපරාධ ප්‍රධානියෙක්ට එරෙහිව සටන් කරන්න විශේෂිත ඊශ්‍රායල සටන් බළකායක් වෙන Unit 262 එක්ක එකතු වෙනවා.

ඒකෙ ඉන්න නියෝජිතයෙක් වටා ගෙතුනු කතාවක් තමා මේ චිත්‍රපටියෙ තියෙන්නෙ.



🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/357235547263618?view=permalink&id=357246390595867&mibextid=v7YzmG

🔰READY PLAYER ONE(2018)🔰ක්‍රීඩකයා සූදානම්🔰FANTASY/ADVENTURE/ACTION🔰ENGLISH🔰7.5/10 IMDB🔰SUBTITLE හසන්ත වික්‍රමරත්න  (BAIS...
24/01/2024

🔰READY PLAYER ONE(2018)
🔰ක්‍රීඩකයා සූදානම්
🔰FANTASY/ADVENTURE/ACTION
🔰ENGLISH
🔰7.5/10 IMDB
🔰SUBTITLE හසන්ත වික්‍රමරත්න (BAISCOPE.LK)

ෂෙරිඩන්, ඔලිවියා

කුක්, බෙන්

ටයිම්ස්

Mendelsohn,T.J. Miller, Simon Pegg ) Mark Rylance වැනි නළුනිලියන් පිරිසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා... කතාව ගැන කිව්වොත් මේක සිදුවෙන්නේ 2044 වසරේ... ලෝකයම ත්‍රිමාන ක්‍රිඩා වලට ඇබ්බැයි හෙලා ඉන්නේ... මොකද කියනවා නම් ලෝකය එතෙක් මෙහෙන් නිර්මාණය කරපු සුපිරිතම වර්චුවල් රියැලිටි ගේම් එක වෙන ඕසියස් එක නිසා. මේක නිර්මාණය කරන්නේ ජේම්ස් හැලිඩේ විසින්...මේ ගේම් එකට හැමෝම වැඩි වශයෙන් ඇබ්බැයි වෙන්න පටන් ගන්නේ හැලිඩේ ගේ මරණයෙන් අනතුරුවයි... මොකද හැලිඩේ විසින් මිය යද්දි තමුන්ගේ මේ බිලියන ගානක් වටින මේ පරිගණක වර්චුවල් ක්‍රිඩාව නිපදව‍ු ආයතනය වගේම ඔහු සතුව ඇති සියළුම දේපල ලබා ගන්න මේ රියැලිටි ගේම් එක ඇතුලේ අභියෝගාත්මක තරඟ වට තුනක් නිර්මාණය කිරිම. මේ තරඟවට තුන ජය ගත්තොත් එම කෙනාට ඔහුගේ සම්පුර්ණ ධනයම හිමිවෙනවා. නමුත් මේ අභියෝගාත්මක තරඟ තුන ජයගන්න එක හිතන තරම් ලේසි නැහැ. හැබිඩේ මරණය වෙලා අවුරුදු ගානක් ගියාත් ‌කාටවත් එකඳු හෝ අභියෝගයක් ජයගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ... ඉතින් මේ තරඟය දිනන්න උත්සහා කරන වේඩ් වොට්ස් කියන තරුණයා වටායි කතාව ගෙතෙන්නේ. ඔබ පරිගණක ක්‍රිඩා කරන කෙනෙක් නම් ඔබට ඇත්තම මේ චිත්‍රපටියට හිත ඇදිලා යාවි... ඉතිම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා✍️

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/781442340700302?view=permalink&id=781451404032729&mibextid=v7YzmG

🔰SHAZAM FURY OF THE GODS (2023)🔰ශසෑම්🔰ACTION/COMEDY/FANTASY🔰ENGLISH🔰6.3/10 IMDB🔰SUBTITLE  (CINERU.LK) ඔයාලා Shazam පළවෙන...
23/01/2024

🔰SHAZAM FURY OF THE GODS (2023)
🔰ශසෑම්
🔰ACTION/COMEDY/FANTASY
🔰ENGLISH
🔰6.3/10 IMDB
🔰SUBTITLE (CINERU.LK)

ඔයාලා Shazam පළවෙනි ෆිල්ම් එක බැලුවා නම් මතක ඇතිනේ Shazam අන්තිමට එයාගේ සෙට් එකටම එයාගේ බලයන් දුන්නා කියලා. ඔන්න Shazam 2 එකේදී ඒ සෙට් එකේම වැඩ බලන්න පුළුවන්.

එනකොට ෆිල්ම් එකේ Villain රෝල් එක වෙන්නේ උඩ කිව්ව Shazam නමේ පළවෙනි A අකුරේ දෙවියා වෙන Atlas ගේ දූවරු තුන්දෙනා.

ඇන්තියා,කැලිස්සෝ,හෙස්පෙරා

එයාලා මොකටද එන්නේ කියලා දැනගන්න ෆිල්ම් එකම බලන්න. මොකද මෙහෙම කියලා වැඩක් නෑ. ෆිල්ම් එකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා.තව ෆිල්ම් එකේදී ඔයාලට මකරෙක්ව දකින්න ලැබෙනවා.ඒ තමයි ලේඩන්..

ලේඩන් / ලෝක-ගිලගන්නා

ෆිල්ම් එක නම් ආතල් එකේ බලන්න පුළුවන් Enjoyable ෆිල්ම් එකක්. පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. කොමඩිත් එක්ක පිළිවෙලකට ගලාගෙන යනවා. ෆිල්ම් එක ඇතුලේ ලස්සනට WBලගේ ප්රසිද්ධ ෆිල්ම් ටිකක් චරිත ටිකක් ගැන කියවෙනවා. ප්රධානවම DC වීර චරිත කීපයක්. ස්පයිඩර්මෑන් ටත් පොඩි හින්ට් එකක් දෙනවා එක තැනක. අහ් කියන්න අමතක වුණා, ප්රධාන DC වීර චරිතයක් ෆිල්ම් එකේ පොඩි කොටසකට ඉන්නවා. ෆිල්ම් එක බලලාම ඒක දැනගන්නකෝ. ෆිල්ම් එක ඉවරවෙලා අන්තිමට වෙනම සීන් දෙකක් තියෙනවා ඒවත් මඟාරින්නැතුව බලන්න. Shazamගේ අනාගතය ගැන ඉඟි ටිකක් ලැබෙනවා

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/908915917337526?view=permalink&id=909525893943195&mibextid=v7YzmG

🔰GHOST BUSTERS AFTER LIFE (2021)🔰සුමේරියානු දෙවියන්🔰ADVENTURE/FANTASY🔰ENGLISH🔰7.6/10 IMDB🔰SUBTITLE සුපුන් සදීප (CINERU.L...
22/01/2024

🔰GHOST BUSTERS AFTER LIFE (2021)
🔰සුමේරියානු දෙවියන්
🔰ADVENTURE/FANTASY
🔰ENGLISH
🔰7.6/10 IMDB
🔰SUBTITLE සුපුන් සදීප (CINERU.LK)

කොහොමහරි මේ මං අරගෙන එන්නෙ Ghostbusters ෆිල්ම් සීරිස් එකේ අලුත්ම එක. මීට කලින් 1984 සහ 1989 ආපු ඔරිජිනල් ෆිල්ම් වලට තමා මේක සම්බන්ධ වෙන්නෙ. හැබැයි ඒවා බැලුවේ නැ කියලා ප්‍රශ්නයක් නැ මේක බලන්න පුළුවන්.. 2016දීත් එකක් ආවත් ඒක වෙනමම එකක්.. ගෑණු ළමයි කණ්ඩායමක් ඒකේ ඉන්නේ.. ඒක මේ සීරිස් එකට සම්බන්ධයක් නැ..

එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නේ මුල් චිත්‍රපට 2 අධ්‍යක්ෂණය කරපු Ivan Reitmanගේ පුතා Jason Reitmen. හැබැයි පිටපත Ivan Reitmanගෙම තමයි.. සාර්ථක විදිහට තිරගත කරලා හොඳ ආදායමක් ගන්නත් සමත්වෙලා තියෙනවා..

මුල් චිත්‍රපට වල ඉන්න Ghostbusters ටීම් එකේ සාමාජිකයෝ හතරදෙනා අවුරුදු 30කට පස්සේ තමා මේ ආයෙත් එකතුවෙන්නේ.. දැන් කට්ටිය හුගාක් වයසයි.. අන්තිම හරියට තමා ඒ කට්ටිය එකතුවෙන්නේ..

කතාව ටිකක් කෙටියෙන් කීවොත්, Ghostbusters ටීම් එකේ කට්ටිය විසිරිලා තම තමන්ගේ වැඩ කරද්දී ඊගොන් ස්පෙන්ග්ලර් තාමත් මේ හොල්මන් වැඩ වල ඉන්නවා.. කොහොමහරි මේ වගේ යක්ෂයෙක් අතින් ඊගොන් මරණයට පත්වෙනවා. ඊට පස්සේ ඊගොන්ගේ මිණිබිරිය වෙන ෆීබි අම්මයි අයියායි එක්ක සීයාගේ පරණ ගෙදරට එනවා නවතින්න.. මෙහෙම කතාව ගලාගෙන යද්දී මේ හොල්මන් වැඩ ගැන තොරතුරු හොයලා තමන්ගේ සීයා Ghostbusters කෙනෙක් කියලා ෆීබි හොයාගන්නවා..ෆීබි කියන්නෙත් විද්‍යාවට ටිකක් බර කෙනෙක්.. 1984 චිත්‍රපටයේ ඉන්න සුමේරියානු දෙවියාව අපිට මේකෙදිත් බලාගන්න පුළුවන්..

හොඳයි ඔය මං කීව ටික හොඳටම ඇති.. ටිකක් සාරාංශයක් මං කීවේ..

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/3269825213311587?view=permalink&id=3272542629706512&mibextid=v7YzmG

🔰STAY ALIVE (2006)🔰ජීවත්ව සිටීම🔰FANTASY/HORROR🔰ENGLISH🔰5.0/10 IMDB🔰SUBTITLE කසුන් චින්තක (BAISCOPE.LK)කොහොමද ගේම් එකේ වෙ...
22/01/2024

🔰STAY ALIVE (2006)
🔰ජීවත්ව සිටීම
🔰FANTASY/HORROR
🔰ENGLISH
🔰5.0/10 IMDB
🔰SUBTITLE කසුන් චින්තක (BAISCOPE.LK)

කොහොමද ගේම් එකේ වෙන දේවල් ඇත්තටම සිද්ධ වුනොත්? මේකෙ හැටියට මේ ගේම් එක සෙල්ලම් කරල ගේම් එකේ මැරෙන හැටියටම ඒක සෙල්ලම් කරපු කෙනා ඇත්තටම මැරෙනවා. මේකෙ කතාව පටන්ගන්නෙ හම්ගෙ යාළුවෙක් මේ ගේම් එක සෙල්ලම් කරන දර්ශනයකින්. මෙයා ගේම් එකේ මැරුන විදියටම මැරෙනවා. යාළුවාගෙ (ලුමිස්) භූමදාන උත්සවයෙදි හච්ට ලුමිස්ගෙ නංගි ලුමිස්ගෙගෙ බඩු වගයක් දෙනවා. ආ.. අමතක වුනා, හච්ට ඇබිගෙල්වත් එත්නදි හම්බවෙනවා. කොහොමහරි හව්ගෙ යාළුවො සෙට් එකයි හච්චුත් එක්ක සෙට්වෙලා මේ ගේම් එක සෙල්ලම් කරනවා. මේකට හව්ගෙ බොස් එයාගෙ බිරිඳට බොරුවක් කියලා රෑ වෙනකම් කාර්‍යයාලයේ ඉඳලා සෙල්ලම් කරනවා. කොහොමහරි හව්ගෙ බොසා ගේම් එකේ මැරුන විදියටම මැරෙනවා. හච්ට මේක අවුලක් ඒත් අනිත් යාළුවො මේක එච්චර ගනන් ගන්නෙ නෑ. ඔහොම යද්දි හම්ගෙ තව එක යාළුවෙක් මැරෙනවා. එතනට පොලීසියෙන් එද්දි හච් ඉන්නවා. කලින් සිද්දවුන ‌මරනයටත් හච් සම්බන්ද නිසා පොලිසියෙන් අවවාදයක් කරනවා.

පොලීසිය මේ ගේම් එකේ තියන අත්භූත් සීන් එක පිළිගනියිද? හච්ට යාළුවො කීදෙනෙක්ව බේරගන්න පුළුවන් වෙයිද? ඔයාලම බලන්න...හොඳ රාත්‍රියක උණු කෝපි එකක් එහෙම බිබී මේක තනියමම බැලුවනම් මරේ මරු.

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/686340517011713?view=permalink&id=693150516330713&mibextid=v7YzmG

🔰THE A TEAM (2010)🔰කවදාවත් ප්ලෑන් B එකක් නම් නැ🔰ACTION/ADVENTURE/THRILLER🔰ENGLISH🔰6.7/10 IMDB🔰SUBTITLE අනුරුද්ධ දිසානායක...
10/01/2024

🔰THE A TEAM (2010)
🔰කවදාවත් ප්ලෑන් B එකක් නම් නැ
🔰ACTION/ADVENTURE/THRILLER
🔰ENGLISH
🔰6.7/10 IMDB
🔰SUBTITLE අනුරුද්ධ දිසානායක (BAISCOPE.LK)

ෆිල්ම් එක ගැන කියනවා නම්, මෙය නිකුත් වුයේ 2010. මෙය imdb දර්ශකයේ 6.7ක ප්‍රමාණයක් ලබාගෙන තියනවා. මෙය ක්‍රියාදාම, ත්‍රාසජනක ‌වර්ගීකරණයට අයත් වෙනවා. මෙහි ප්‍රදාන චරිතයට පන පොවන්නේ අප කව්රුත් දන්නා Liam Neeson (හැනිබල්). මිහිහා වයසයි තමයි, ඒත් වැඩකාරයෙක් තමා.

මෙහි කතාව ගැන කියනවා නම්, ඇමරිකන් ආමි එකේ 4
දෙනෙක්ගේ කණ්ඩායම ගැනයි තියෙන්නේ. එම කණ්ඩායම්
හැදින්වුයේ ඒ ටීම් හෙවත් ඇල්ෆා ටීම් ලෙසයි. විශේෂත්වය
වන්නේ මෙම සෙබළුන් 4 දෙනාම රේන්ජර්සලා වීමයි.තවද
මෙම කණ්ඩායමේ නායකයා තමයි කර්නල් හැනිබල්. අනිත්
තුන්දෙනා ගැනනම් කියලා වැඩක් නෑ පිස්සු යක්කු ටිකක් සුපිරි වැඩ්ඩෝ. ඒ අය තමා ෆේස්,
මර්ඩොක් හා බාරාකස්. මෙම සෙබළුන් 4 දෙනාම හමු වෙන හැටිත් ෆිල්ම් එකේ තියනවා. මෙහි හැනිබල් ගහන ප්ලෑනක් කවදාවත් වරදින්නේ නෑ. අනිත් කෙනා තමයි සුපිරි ජෝකර් මර්ඩොක්, මිනිහට ප්ලේන් එකක් හෙලිකොප්ටරයක්
පෙන්නන්න බැ.මෙහි එක අවස්තාවක ඔහු
හෙලිකොප්ටරයක් අනික් පැත්තට කරකෝනවා. ඊළඟට
ෆේස්, මිනිහට ගෑණු පෙන්නන්න බෑ. කොහෙගියත්
ගෑනියෙක්ව යාලු කරගන්නවා. ඔන්න වලියක් නම් බරාකස්.
මෙයා නම් සුපිරියටම නෙලනවා. ඔන්න දැන් කණ්ඩායම
ගැන කිව්වනේ. මොවුන් බැග්ඩෑඩ් වල ප්ලේට් වගයක්
උස්සන්න ගිහිල්ලා මෙහෙයුම හරියට කෙරුවත් මොවුන්ට
යුධ අධිකරණයට යන්න වෙනවා. ඊට පස්සේ මොනාද
වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/1492767861456229?view=permalink&id=1492774671455548&mibextid=v7YzmG

🔰THE MARVELS (2023)🔰විනාශයක ප්‍රතිඵල🔰ACTION/ADVENTURE/FANTACY🔰ENGLISH🔰5.8/10 IMDB🔰SUBTITLE සනුප රන්මෙත් (BAISCOPE.LK)201...
10/01/2024

🔰THE MARVELS (2023)
🔰විනාශයක ප්‍රතිඵල
🔰ACTION/ADVENTURE/FANTACY
🔰ENGLISH
🔰5.8/10 IMDB
🔰SUBTITLE සනුප රන්මෙත් (BAISCOPE.LK)

2019 අදුරුද්දේAvengers: Infinity War වලින් Avengers: Endgame ෆිල්ම් එකට ඇතිවුණු අතිවිශාල හයිප් එක අත‌රේ රිලීස් වුණු ෆිල්ම් එකක් තමයි Captain Marvel (2019) කියන්නේ. මේකේ ප්‍රධාන අරමුණ වෙලා
තිබුණේ තැනෝස් එක්ක කරට කර යන්න පුළුවන්,
කෙවින් ෆයිගී කියන විදියට ‘මාවල්හි බලවත්ම
සුපිරිවීරයා’ කියන Captain Marvel ව හඳුන්වා
දීමයි. ෆිල්ම් එකේ ‌කොලිටිය නම් හොඳටම මදි
වුණත් හයිප් එක නිසා සෑහෙන ආදායමක් ඉපැයුවා
කියාන එක තමයි මාත් ඇතුළුව ගොඩක් අයගේ
අදහස. ඉතින් මේ අරගෙන එන්නේ ඒකේ දෙවෙනි ෆිල්ම් එක

ෆිල්ම් එකේ female superheroes ලා තුන් දෙනෙක් ඉන්නවා: කැප්ටන් මාවල්, මිස් මාවල් සහ කැප්ටන් මොනිකා රැම්බෝ. කැප්ටන් මාවල්ව ඉහත කී ෆිල්ම් එකෙනුත්, මිස් මාවල්ව Ms. Marvel ටීවී සීරිස් එකෙනුත්, මොනිකා රැම්බෝව Wandavision එකෙනුත් හඳුන්වා දෙනු ලැබුවා. කතාව තේරුම් ගන්න ඒ ඔක්කොම බලලා තියෙන්න ඕනේ නෑ. පළවෙනි කැප්ටන් මාවල් ෆිල්ම් එක ටිකක් මතක නම් ඇති.

ෆිල්ම් එකේ කතාව යන්නේ ‌මෙහෙමයි. කැප්ටන් මාවල් ගිහින් “උත්තරීතර බුද්ධිය” ‌හෙවත් Supreme Intelligence ໖໖ ປິ ປິ පස්සේ සිවිල් යුද්ධයක් ඇවිලිලා Hala වලට ස්වභාවික සම්පත් නැතුව යනවා. අඩු තරමේ වාතයවත් හුස්ම ගන්න සුදුසු වෙන්නේ නෑ. මහා නියඟයක් පැතිරෙනවා. තමන්ගේ මිනිස්සුන්ව මේකෙන් බේරගන්න සහ තමන්ව මේ ඉරණමට පත් කරපු “විනාශ කරන්නිය” හෙවත් කැප්ටන් මාවල්ගෙන් පළිගන්න හිතාගෙන ක්‍රී අධිරාජ්‍යයේ නායිකාව වන ඩාර්-බෙන්, කැප්ටන් මාවල් ආදරය කරන අය ඉන්න ලෝකවල තියෙන භෞතික සම්පත් පැහැර ගන්නවා; ජලය, වාතය, සූර්යයා වගේ දේවල්.

එයා මේක කරන්නේ ජම්ප් පොයින්ට්ස් (wormholes) හරහායි. කැප්ටන් මාවල් සහ කැප්ටන් රැම්බෝ මේ ජම්ප් පොයින්ට්ස් ස්පර්ශ කිරීම නිසා එයාලා දෙන්නගේ සහ මිස් මාවල්ගේ බලයන් පටලැවෙනවා. මේ හේතුවෙන් එයාලා තමන්ගේ බලයන් පාවිච්චි කරන වෙලාවට එයාලගේ තැන් මාරු වෙනවා. ඉතින් මේ වගේ තත්වයක් තියාගෙන මුළු විශ්වයම අවධානමේ දාගෙන, කැප්ටන් මාවල්ගෙන් එයා ආදරේ කරන අයව උදුරගන්න හදන මේ දුෂ්ටයාව පරද්දන්න කැප්ටන් මාවල්ට පුළුවන් වෙයිද?

මේක පළවෙනි ෆිල්ම් එකට වඩා නම් හොඳ බව නම් කියන්න ඕනේ. මං වෙන මොකුත් නොකියා ඉන්නම්. පළවෙනි ෆිල්ම් එකට වඩා හොඳයි කියලා masterpiece එකක් බලාපොරොත්තුවෙන් ෆිල්ම් එක බලන්නත් එපා. ඒවගේම ෆිල්ම් එකට ෆෙමිනිසම් ගැන චෝදනා එල්ලවෙනවා. ඒත් අපි ඒවා ගැන ‌නොහිතා bias නැතුව ෆිල්ම් එකක් විදියට ෆිල්ම් එක බලමු නේද?

🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇

https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link

🔰MOVIE LINK👇

https://m.facebook.com/events/898687128230480?view=permalink&id=899141031518423&mibextid=v7YzmG

Address

Anuradhapura

Telephone

+94725604656

Website

Alerts

Be the first to know and let us send you an email when DMK FILM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies