![Trip එකක් යන්න යාළුවෝ එකතු කරගන්නවා කියන එක අමාරුම වැඩක් වෙන කාලයක් පහුකරමින් තමයි අපි ඉන්නේ දැන්, එක එක අය ඒ ඒ අයගෙ ව...](https://img5.medioq.com/884/881/604421808848811.jpg)
30/12/2024
Trip එකක් යන්න යාළුවෝ එකතු කරගන්නවා කියන එක අමාරුම වැඩක් වෙන කාලයක් පහුකරමින් තමයි අපි ඉන්නේ දැන්, එක එක අය ඒ ඒ අයගෙ වැඩ එක්ක හිර වෙලා. අවුරුද්දක් විතර ඉදන් ගමේ යාළුවෝ එක්ක කොහෙ හරි යන්න Plan කරාට එකක්වත් හරි ගියෙ නෑ.🥲💔
ඉතින් ඒ හින්දා මේ පාර නිවාඩුවට ගෙදර ආවම කාටවත් කතා නොකර මාත් එක්ක ඕනි ගමනකට හා කියන කවිශ්කව සෙට් කරන් අපි දෙන්නා විතරක් අපි දෙන්නට සම්පූර්ණ කරන්න බැරි උනු ගමනක් සම්පූර්ණ කරන්න තීරණය කරා.🤝
මීට අවුරුදු දෙකකට වැඩි කාලෙකට කලින් (2022 මාර්තු වගෙ) අපි දෙන්නා ගියා රිවස්ටන් පැත්තෙ Road Trip එකක්, කිසිම Plan එකක් නැතුව ගිය හින්දා ඒ ගමන අපිට රිවස්ටන් වලට කලින් බඹර කිරි ඇල්ලෙන් නවත්තන්න උනා, මේ තියෙන්නෙ ඒ ගමනෙ Link එක,
https://youtu.be/tJqL5Jtkgmc?si=3bGQsGH8MsIZZnCc
ඉතින් ඒ හින්දා මේ පාර යනවා ඒක සම්පූර්ණ කරන්න
දැන් තමයි කතාව පටන් ගන්නෙ, උදේ පාන්දර 5.30ට විතර අපි ගෙදරින් පිටත් වෙලා කලාවැව හරහා පාරෙන් මකුලුගස්වැව හරහා දඹුල්ල නුවර පාරට දාලා මාතලේ පැත්තට ආවා, මේ ගමනේ උදේම ලස්සන view එකක් එක්ක ලස්සන පන්සලක් හම්බුනා, අපිට එතන නතර නොකර යන්න හිත දුන්නෙම නැති නිසා අපි පන්සලත් වැදගෙන අපෙ ගමන යන්න පිටත් උනා, නුවර පාරෙ යනකොට අහම්බෙන් වගෙ බොඩ් එකක් දැක්කා නාලන්දා ගෙඩි ගේට 1.3Km වගෙ ඉතින් අපිත් ආවෙ ඇවිදින්නනි හදිස්සියේම තිරණේ කරලා අපි ගියා නාලන්දා ගෙඩි ගේ බලන්නත්, ඇත්තටම අපි නොදන්න ගොඩක් දේවල් එතන හිටය පුරාවිද්‍යා එකේ මහත්තයාගෙන් දැනගන්න ලැබුනා,
කොහොම හරි අපි එතනට සමුදීලා ආයෙත් අපෙ ගමන පිටත් උනා
මේ පාර අපි යන්නෙ දවස් දෙකකට, රත්තොට ටවුන් එකෙන් අපිට ඔනේ බඩු ගන්න නැවතුනා බයික් එකට තෙල් ගහගෙන බඩුත් අරන් නකල්ස් රක්ශිත ප්‍රදේශෙට යන්න ඉතින් අපි පිටත් උනා, මේ ගමනෙදි මුලින්ම හම්බෙන බඹරකිරි ඇල්ලට අපි නොගිහින් හිටියෙ ගියපාර අපි ආව නිසා සහා අපෙ මේ පාර ගමනට වෙලාව ඉතුරු කරගන්න ඕනී නිසා,
නිවාඩු දවසක් නොවුනත් රිවස්ටන් නම් මිනිස්සුන්ගෙන් අඩුවක් නෑ කියන්න පාර පුරා යන වාහන හොදම සාක්ෂියක්. කොහොම හරි අපි රිවර්ස්ටන් එද්දි දවල් 1ට විතර ඇති මීට ගොඩක් කලින් එන්න තිබ්බා මඟ නැවති නැවති පරිසරෙ ලස්සන වින්දෙ නැත්තන්.
ගස් වියන් වලින් වට උනු ලස්සන පාරක එද්දි ඒවා නොවිද කොහොමද🥰🌿
ඉතින් රිවස්ටන් නඟිනවද නැද්ද හිත හිත ඉදලා රිවස්ටන් වලට ටිකට් එකකුත් අරන් රිවස්ටන් නඟින්න පටන් ගත්තා🤭 දැන් තමයි හොදම හරිය, මීට කලින් රිවස්ටන් ඇවිල්ලත් තියෙන හින්දා ප්‍රධාන පාරේ යන්නැතුව ෂෝට් කට් වල යන්න පුළුවන් කියලා අපි දැනන් හිටියා, හැබැයි අපි ෂෝට් කට් එකක් පාවිච්චි කරා කල් වැඩි වුනා, පොඩි අඩි පාරක් වගෙ තිබුන නිසා අපි දෙන්න ප්‍රධාන පාරෙන් අයින් වෙලා කැලේ ඇතුලට ගියා,ටික දුරක් යද්දි අපිට තේරුණා ඇත්තටම මේක ෂෝට් කට් එකක් නෙමෙයි අපිට වැරදිලා කියලා,හැබැයි තව ටිකක් ඉස්සරහට යද්දි අපිට පොඩි බලාපොරොත්තුවක් ආවා ආවා වතුර බටයක් දැකලා,''ආයෙ පහලට බහින්න බෑ බං මේ වතුර බටය දිගේ ගිහින් බලමු" දෙන්නම හිතුවා ඔහොම, වතුර බටය දිගේ ටික දුරක් යද්දි අපේ අවාසනාවකට වතුරබටේ දොළ පාරකට සෙට් කරලා තිබුනා එතනින් එහාට පාරක් නෑ. දැන් අය පහළට බහින්නත් බෑ, කවිශ්කයා වතුර පාර දිගේ උඩට නගින්න පටන් ගත්තා,මාත් ඔන්න ඔහේ ඕන එකක් කියලා ඌ පස්සෙන්ම ගියා, මේ වෙද්දි කොහොම හරි කූඩැල්ලොත් අපිට සලකන ගමන් හිටියේ, වාසනාවට ඕෆ්ලයින් මැප් එක ඩවුන්ලෝඩ් කරන් ආව නිසා පාරක් නැති උනත් ඒක බලන් අපි හුලන් කපොල්ල ගාවට යන්න පුළුවන් පැත්තට යන්න පටන් ගත්තා, කොහොම හරි හුලං කපොල්ල ගාවටම එද්දි ලොකු ගලක් අපෙ පාර හරස් කරලා, දැන් ඉතින් මොනවා කරන්නද කොහොම හරි ගල බඩගාන්න එපෙයි අන්තිමට ඒකත් නැගලා හුලං කපොල්ල ළඟින් අයෙත් ප්‍රධාන පාරට අපි සෙට් උනා 🤗
දැන්නම් සෑහෙන්න මහන්සි ඉතින් ඒ හින්දම හුලං කපොල්ලෙ තියන ගල උඩටම නැගල පොඩ්ඩක් මහන්සි ඇරියා, අපිට තියෙන වෙලාවත් එක්ක ලොකු කාලයක් මෙතන ගත කරන්න බැරි නිසා තව ටිකක් උඩට ගිහින් පොටො ටිකක් ගහගෙන අපි ආපහු පහලට එන්න පටන් ගත්තා, ආයෙ නම් ෂෝට් කට් වල යන්නෑ කියලා හිතා ගත්තට, පහළට බහිද්දිත් අන්න ෂෝට් කට් එකක් කියලා හම්බුන පාරකින් බැස්සා😹🤗 හැබැයි ඉතින් මේකනම් ඔරිජිනල් එකක් .
රිවස්ටන් වලටත් සමුදිලා අපෙ ඊළඟ නැවතුම උනු පිටවල පතනට යන්න අපි පිටත් උනා,
මේ පරිසරය අපිව අරන් යන්නෙ වෙනම ලෝකේකට පාර දෙපැත්තෙ ලස්සන වචන වලින් කියලා නිම කරන්න බෑ, එක වෙලාවකට අදුරු ගස්වියන් වලින් වහගන්න පාර තව වෙලාවකට එළිය තියන තැන්නක් මැදින් යනවා🌿✨️
අපි පිටවල පතන ගාවට එනකොට හවස 4 වගෙ වෙලා තාම අපි දවල්ට කාලත් නෑ ඒ වගෙම ඉන්න තැනක් හොයාගෙනත් නෑ ඒ නිසා අපි අද පිටවල පතනට නොයා හෙට යන්න හිතාගෙන කන්න තැනක් හොයාගෙන ගියා, පතන පහු කරන් ටික දුරක් යනකොට ලස්සන දොළ පාරක් අයිනෙ අපි ගෙදරින් ගෙනාව බත් එක කෑවා, ඒ ගමන් අපි තීරණය කරා දකුණු ආසියාවෙ කුඩාම ගම වෙන වල්පොලමුල්ලට යන්න අද රෑ ඉන්න, හැබැයි ඒක එච්චර ලේසි ගමනක්නම් නෙවෙ මොකද අපි ඇටන්වලට ගිහින් එහින් අපෙ බයික් දාලා රක්ශිතය ඇතුලෙ 3Km විතර පයින් යන්න ඕනේ ඇටන්වල හොයාගෙන් ඒක ගොඩක්ම අමාරු වෙන්නෙ අපිට මේ හැමදේටම ටයිම් මදි එක.
කොහොම හරි අපි ඇටන්වලට යන්න පිටත් උනා 4.30 වෙද්දි ඇටන් වලට යන පාරෙ ඇටන් වලට ලං වෙද්දිම අපිට හම්බෙනවා "වැද්දා පැනි ඇල්ල" අපේ අවාසනවට අපිට වැද්දා පැනි ඇල්ලත් එක්ක වැස්සක් හම්බුනා කොහෙදො ඉදලා ආව, මෙහෙට දවස් ගානකින් වැහැලා නෑ අපි ඇටන්වලට ආවේ වැස්සත් අරගෙන, කොහොම හරි අපි වැද්දා පැණි අල්ල ගාව සෑහෙන වෙලාවක් වැස්ස නතර වෙනකන් බලන් හිටියා වැස්ස නතර වෙනකොට සෑහෙන්න කරුවල වැටිලා, වල්පොල මුල්ල ගමට යනවා කියන එක දැන් කරන්න අමාරු වැඩක්, මොකද අපි ගාව රෑට යන්න ටෝච් එකක්වත් නෑ , තව කැලේ හොඳටම කූඩැල්ලො
ඒ මදිවට වැස්සත් හරියට නතර වෙලා නෑ විනාඩි පහෙන් පහට වහිනවා, ඉතිං ඒ හින්ද අපි ඇටන් වල ගමට ගිහින් එහෙ මාමා කෙනෙක්ගේ ගෙදරක වත්තේ ටෙන්ට් එක ගහගත්තා වත්තෙ කිව්වට අට්ටාලයක් ඇතුලේ. කැලේට යන අය වාහන නවත්තලා යන තැනක් තමයි එතන.
කොහොම හරි ටෙන්ට් එකෙ වැඩත් ඉවර කරලා අයෙ අපි ගියා වැද්දා පැනි අල්ලට පොඩ්ඩක් ඇඟ හෝදගන්න එළියට අඩිය තියන හැම වෙලේම කූඩැල්ලො බලන් ඉන්නෙ එල්ලෙන්න, හවස් ජාමේ සීතලම සීතල වතුරෙන් ඇගත් හොදන් ඇවිත් තේ එකක් හදාගෙන බීලා,රෑට කන්න නූඩ්ල්ස් හදන්න පටන් ගත්තා කොහෙ ගියත් ලේසී කෑමනි හදන්න, ඒ ගමන් අපි තීරණෙ කලෙ හෙට පාන්දරම වල්පොල මුල්ලට යන්න පිටත් වෙන්න ඒ හින්දා කලිනම රෑට කලා අපි නින්දට ගියා...
මුළු රෑ පුරාම වැස්ස උදෙත් ඒ විදියමයි අඩුවක් නෑ අපි ඇහැරෙනකොටත් වහිනවා ඒකනම් අපෙ අවාසනව ඇත්තටම වැස්සනම් ප්‍රශ්නයක් නෙවෙ ඒ ගමනට තෙමිගෙන හරි යන්න පුළුවන් ඒත් අපිට යන්න තව තැන් තිබ්බා එක තැනක් කැප කරලා තව තැන් කීපයකට වෙලාව හදාගන්න හිතුවා ඒ වගෙම හෙට මට exam එකක් තියනවා තෙමිලා ලෙඩ වෙලත් බෑ අද කොහොම හරි ගෙදර යන්නත් ඕනේ ඒ හැමදේම නිසා වල්පොල මුල්ලට ආයේ දවසක එන බලාපොරොත්තුව හිතෙ තියන් වැස්ස ටිකක් අඩු වෙනකන් ඉදලා මුණ හොදන් ගෙදර මාමගෙන් විටක් කාලා අපහු අපි පිටත් උනා පිටවල පතනට එන්න , ඊයේ හවස කාපු තැනම නැවතිලා උදේ කෑමට තිබුනු ජෑම් සමඟ පෙති පාන් කාලා පිටවල පතන බලන්න ගියා, හැමෝම දන්න පිටවල පතන පුංචි ලෝකන්තෙ පොටො එකකුත් ගහගෙන ලස්සන View එකකුත් බලලා එන්න හදනකොටම තව පාරක් දැක්කා කැලෙන් ඇතුලට වගෙ, ඔන්න ඔහෙ ඕනේ එකක් කියලා ඒකෙ යමු කියලා ගියා මේක යන්නෙ පිටවල පතන පුංචි ලෝකන්තෙ පහලට වගෙ හැබැයි හොදට අත්වැටවල් එහෙමත් ගහලා තිබ්බා ටික දුරක් ඒකෙ පහලට යද්දි අපිට තිබ්බ ටයිම් එකත් එක්ක මේක බොරු වැඩක් වගෙ තෙරුන නිසා අපි හැරනා මඟක් දුර හරි ගියෙ ලස්සන view point එකක්වත් තියනවද බලන්න,
කොහොම හරි පිටවල පතනින් එලියට ඇවිත් ඉලුක්කුඹුර පැත්තට යන්න පිටත් උනා අපි දෙන්නා , දැන් මේ යන්නෙ ලස්සනම දිය ඇල්ලක් වෙන සේර ඇල්ල හොයාගෙන, ලග්ගල හන්දියෙන් වමට දාලා 10km වගෙ එනකොට හම්බෙනවා මේ ලස්සනම ලස්සනම සේර ඇල්ල, ඒ අතර මඟදිත් අපිට පොඩි ඇල්ලක් හම්බෙනවා වම්බටුහේන ඇල්ල කියලා ඉතින් එතනත් නතර වෙලා ඒ ඇල්ලෙ ලස්සනත් විදගෙනම අපි පිටත් උනා සේර ඇල්ල හොයාගෙන, මේ සේර ඇල්ල ලස්සන වගේම ඒ ලස්සන යටින් භායනක කමත් හංගන් ඉන්න දිය ඇල්ලක් කිව්වොත් හරි මොකද නේ ඇල්ල වැටෙන වල අඩි 40කට ආසන්න ගැඹුරක් තියන්වා, මේ ඇල්ලෙ තියන තවත් විශේෂයක් තමයි අපිට පුළුවන් මේ ඇල්ල ඇතුලට යන්න🌿
රිවස්ටන් එන පිරිසෙන් භාගයක්වත් මේ සේර ඇල්ල බලන්න එන්නෙ නෑ ගොඩක් අයට මිස් වෙන ලස්සන තැනක්. ඉතින් සේර ඇල්ල බලලා එතන කඩේකින් රොටියක් කලා දොඩම් එකක් බිලා අපි අපෙ ගමන ඉවර කරලා ගෙදර එන්න පටන් ගත්තා, අපි ආව පාරෙන් නැතුව කළුගඟ ජලාශයත් බලාගෙන බකමුණ දඹුල්ල කැකිරාව ගල්නෑව හරහා අපි හවස 7 වෙනකොට ගෙදර ආවා❤🤗🌿✨️( ඔව් ඔව් පහුවදා උදෙ 4.30ට නැගිටලා අයෙ කුරුණෑගල ගිහින් Exam එකත් ලිව්වා🥲😹)
ඉතින් ආයෙ කවදා කොහෙ යයිද මාවත් නොදනිමි, නැවත හමුවෙමු කවදා හෝ❤🥰🌿..!!