සාර්ථකත්වය - Success

  • Home
  • සාර්ථකත්වය - Success

සාර්ථකත්වය - Success සාර්ථක පුද්ගලයකු වීම යනු ධනවත් වීම පම?
(1)

08/02/2023
17/10/2022
❤❤❤👌👌👌
19/06/2022

❤❤❤👌👌👌

❤
30/05/2022

28/05/2022

පුලුවන් විදියට පුංචි පියවරක් තියලා අද ආරම්භ කරන්න...

15/04/2022

උපුටා ගැනීමකි

තේරුම් නොගන්නා සත්‍ය
23/10/2021

තේරුම් නොගන්නා සත්‍ය

මොහොමඩ්"
"ඔව් සාදු"
"මිනිස්සුත් මේ ඉත්තො වගේමයි
කලුයි සුදුයි
හොදයි නරකයි"
"එතකොට රෙඩා සාදු"
" රෙඩා තමයි ජාතිවාදී දේසපාලකයා"
" යේක නම් තේරුනේ නෑ සාදු"
" මිනිස්සු පොරකන්නෙ ඇනකොටා ගන්නේ ජාතිවාදය නිසා හරියට රෙඩා තමන්ගෙ ගොඩට දාගන්න සුදු කලු ඉත්තො පොරකනවා වගේ"
" ඇත්ත තමයි සාදු"
" දන්නවද මොහොමඩ් හොදම කතාව
ඩිස් එක තියෙන්නෙ අපි ලග"
රෙඩා වලට දාන්න පුලුවන් අපිටම තමයි.

අදහස - Nipuna Ranasinghe
ඡායාරූපය මුල් අයිතිකරු සතුයි

07/10/2021

අනුර කුමාර දිසානායක සහභාගී වුණු සලකුණ වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවේ අද.

සාමාන්‍යයෙන් ඔය සලකුණ වැඩසටහනට එන කිසිම මිනිහෙක්ට නිදහසේ තමන් කියන්න හදන දේ කියන්න අවස්ථාවක් දෙන්නෙ නැහැ විශේෂයෙන්ම චමුදිත. චමුදිතගෙ ප්‍රශ්න කිරීමේ විලාශය ගැන කොහොමත් ලොකු විවේචනයකුත් මිනිස්සු අතරෙ තියෙනව මම දැකලා තියෙනවා නිතරම.

හැබැයි ඊයෙ වැඩසටහනේ ඇත්තටම මාධ්‍යවේදීන් 3 දෙනාටම පුදුම සංයමයක් සංවරයක් තිබ්බේ.

අර පාර්ලිමේන්තුවෙදි දිගින් දිගටම බාධා කරනකොට ආයෙ නැගිට්ටොත් ඒ නැගිටින එකාගෙ හොරකමක් කියනවා කියලා කිව්වම උන් සද්දෙ වහගන්නවා වගේ මේ යකාව අවුස්සගන්නෙ නැතුව ඉන්න එක ඇඟට ගුණයි කියලා මාධ්‍යවේදීන්ට හිතුණා වෙන්නැති සමහරවිට. එහෙම නැත්තන් කතාවට බාධා කරන්න හිතෙන්නෙ නැතුව ඇති. දෙකෙන් කෝක හරි අනුර අනුරට කියන්න ඕන එව්වා ඔක්කොම කිව්වා වැඩ සටහනේදි.

එක තැනකදි අනුර කියනවා මිනිහා කෘෂිකර්ම ඇමති වෙලාවෙදි අත්සන් කරන්න ආපු ෆයිල් එකක් ගැන.

කෝටි 700 ගාණකද කොහෙද ව්‍යාපෘතියක්. 200ක් රජයෙන් දානවා. 500ක් ණය. හැබැයි අත්සන් කරන්න කලින් වැඩේට ඇත්තටම කීයක් යයිද කියලා ආයෙ ඇස්තමේන්තු කරාම මුළු වඩේටම යන්නෙ කෝටි 280 යිලු. කෝටි 280 වැඩේට ණය විතරක් කෝටි 500ක් ගන්න Plan කරලා.

ඇත්තටම මේ රටේ වැඩ වෙන්නෙම ඔය විදියටම තමයි. මේ රටේ රීරි මාංශය උරාගෙන බීලා බීලා ඉවර වෙලා දැන් මළකුණත් කුට්ටි කරලා කන තැනටම ඇවිල්ලා ඉවරයි.

ඇත්තටම මේ රට හදන්න පුළුවන් රටක්. මම දන්නෙ නැහැ අනුරලා කතා කරන තරම් ඒවා කරන්නත් දක්ෂද කියලා.

මම ජීවිතේට JVP හරි ජන බලවේගෙට හරි ඡන්දයක් දීලා නෑ. කොටින්ම කිව්වොත් පොඩි කාලෙ ඉඳන් මට ජෙප්පො පේන්නම බැහැ.

මේ රට හූරගෙනම කාලා කාලා, අන්තිම අඩියෙ හරි ඉතුරුවෙලා තිබුණු මේ රටේ දේශපාලන සංස්කෘතිය විනාශම කරලා ගමේ ඉන්න සක්කිලිම චණ්ඩි ටික, ත්‍රාඩයො ටික,ජඩයො ටික, වැලි හොරු, පස් හොරු, කසිප්පු කාරයො ටික ප්‍රාදේශීය සභාවේ ඉඳලා පාර්ලිමේන්තුව වෙනකන්ම පුරවපු ගෙනාපු මජර රාජපක්ෂ පිළිකාව මිනිස්සුන්ගෙ ඔළුව උඩට ගෙනල්ල දැම්මෙ ඕකුන් කියන එකට කවදාවත්ම ජෙප්පන්ට සමාවක් දෙන්නත් බැහැ.

හැබැයි මේ මොහොත වෙනකොට මං පුංචි කාලෙ ඉඳන්ම අකමැති වෙලා තිබුණු ජෙප්පොන්ට වඩා අනිත් උන් හැත්ත බුරුත්තම තිත්තම වෙලා එපාම තියෙන්නෙ. සරලව කිව්වොත් උන් හොඳයි කියලා තාමත් හිතෙන්නෙ නැහැ. හැබැයි උන්ට වඩා අනිත් උන් අප්පිරියයි.

මම හිතන්නෙ මේ මොහොතේ 2024 දි හිටගන්න කඳවුරක් නැතුව ඉන්න ලක්ෂ ගාණක් තරුණයො මේ රටේ ඇති.

පුළුවන් නම් මාත් ඇතුළු උන් ටික දිනාගන්න වැඩ කරපල්ලා.

එහෙම වුණොත් සින්නක්කරයට නෙවෙයි ආයෙ අවුරුදු 5කින් ඉල්ල ගන්න හිතාගෙන එකම එක පාරක්, එකම එක පාරක් විතරක් උඹලට කතිරයක් ණයට දෙන්න උත්සහ කරලා බලන්නම්..!!! 🙂🙏

- Pramith Ganearachchi

22/09/2021
21/09/2021

Follow their Ideas ❤️

11/09/2021

අලස නැති පිරිමි
ඉවසීම වැඩි ගැහැනු .. ☝️👍
Next Genaration

අත්සනින් පොරක් නොවන්න
06/09/2021

අත්සනින් පොරක් නොවන්න

03/09/2021

නවසීලන්ත අගනුවරට ශ්‍රී ලාංකිකයෙකුගේ ත්‍ර.ස්ත ප්‍ර.හාරයෙන් පසු එරට අගමැතිනිය කල ප්‍රකාශය!
නොමිලේ සම්මන්ත්‍රය - Link👇
https://youtu.be/BTpPcNhDRVY

වැදගත් වෙයි
01/09/2021

වැදගත් වෙයි

අපේ අක්ක covid-19 positive උනා..අදට දවස් 19ක්.. #ඇය හොදටම සුවෙන්..
#අක්කට අවශ්‍ය පිගාන කෝප්ප,උණුසුම් බෝතලය හුමාලය අල්ලන්න භාජනයක් කාමරේම තියා ගන්න දුන්න.. #කාල ඉතුරු වෙන බත් පවා සතෙකුටවත් දුන්නෙ නෑ...කෑම බීම කාමරේට දුන්නෙ මම ...මම පමණයි ඇයට සාත්තු සප්පායම් කළේ...අනික් අයගෙන් දුරස් කරල තිබ්බ...
#උදේට වතුර කේතලයට කරාබු නැටි 2,3ක් එනසාල් ගෙඩි 2,3ක් හොදට තලල දාල තමයි උතුරවා ගන්නෙ. #තිබහට බොන්නෙත් තේ බොන්නෙත් ඒ වතුරෙන් තමයි...
#පස් පංගුව හා සුව ධරණී උදේ හවස හැමෝටම දවසක් හැර දවසක්...
ඉදුණු අන්නාසි නිතර කෑව ...කටට රස නොදැනෙන නිසා #කරපිංචා,සුදුළූණූ,ගම්මිරිස් ගොරකා යහමින් දමා අඹරාගත් ලුණු මිරිස බත් එක්ක දුන්න..උදේ හවස සිද්ධාලේප චුට්ටක් දාල හොදට වාෂ්ප ඇල්ලුව...තුන් වේලම රස්නෙන් කෑම දුන්න...
අක්ක මාස්ක් එක දාගෙනමයි හිටියෙ...ඇය ගිය පසු වැසිකිලිය උණු වතුර හා පවිත්‍රකාරක යොදා පිරිසිදු කලා...උදේ හවස රස්නෙන් වතුර දුන්න මුහුණ සෝදන්න...නාන්න නම් ඉඩ දුන්නෙ නෑ...
මට තිබුණු #ලොකුම අභියෝගය අම්මව නිරෝගීව තියා ගන්න එක.මොකද ඇය 75 වියැතියි...
හැබැයි මේ සෞඛ්‍ය පුරුදු හා ආහාර රටාව පව්ලේ හැමෝටම පොදු උනා...අවට හැමෝටම අපේ ගෙදර ආසාදිතයෙක් ඉන්න බව දැනුවත් කලා....රාජ්‍ය නිළධාරීන් දැණුවත් කළා...නීති උපදෙස් පිළි පැද්ද...පව්ලේ වෙනත් කිසිවෙක් ආසාධිත නොවී ආරක්ෂා උනා....
# අද අපි හැමෝම නිරෝගීයි...🧡🧡🧡🧡
#රජයෙන් ළබා දෙන දීමනා ලැබුනා
#ආසාධිත බව දැනගත් මොහොතේම අවශ්‍ය ආහාර සපයා දුන් මගේ #සහෝදරයාටත්
#හේමන්ති අක්කා හා අසල්වැසියන්ටත්...දුක සැප විමසූ හැමටත් 🙏🙏🙏🙏..
#ඒ වගේම දුරකථනය මගින් ආසාදනය වේයැයි සිතූ අයටත් 🧡.
මේ දින ගණන මා කාර්ය බහුල වූවද එකම සතුට මාගේ පව්ලම රැක ගැනීමයි...
අපි අපිම රැකෙමු...ආරක්ෂා වෙමු... #වෛරස් උණ බව පවසා රෝගය වසන් කිරීමෙන් වැළකෙමු...
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා...

Indu Paranamanne

09/08/2021
දැනුවත් වෙමු. අනික් අයටත් දැනගන්න බෙදාහරිමු....
09/08/2021

දැනුවත් වෙමු. අනික් අයටත් දැනගන්න බෙදාහරිමු....

COVID 19 අසාදනය වී සිටි මාගේ පෞද්ගලික අත්දැකීම:

රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේදී කෑම ගැනීම සදහා mask ගැලවීම
රෝගය සෑදුන වයස් කාණ්ඩ :මාස 6 , අවුරුදු 7 , 9yrs ,15yrs ,24yrs ,31yrs ,35yrs ,59yrs ,67yrs , 95yrs

නිදන්ගත රෝග: තාත්තාට දියවැඩියාව සහ හෘද රෝග

වෙනත් : ආච්චි ඇදට සීමා වූ අයෙක්..අම්මා පෙර සිටම ස්වසන අපහසුතා තිබූ අයෙක්...අක්කා කිරිදෙන මවක්...

රෝගය වැළඳී ඇතැයි සැක ඇති වූ වහාම:
GS, PHI මහත්වරුන් දැනුවත් කර rapid antigen පරීක්ෂණය සදහා දිනයක් ලබා ගත්තා...
එතකන් ස්වයං නිරෝධායනය වුනා..ගෙදර හැමෝම වෙන වෙනම හිටියා...දන්නේ නෑනේ කාට තියෙද ,වාසනාවට තාම කවුරු හරි negative අය ඉන්නවද කියලා...ඇසුරු කල අයව දැනුවත් කලා..එවිට පොකුරු නිර්මාණය වීම වලක්වා ගත හැකි නිසා

රෝගය පැතිරීමේ වේගය: අම්මාට උත්සවයෙන් දින තුනකට පසුත් ගෙදර අන් අයට සතියක් ඇතුලත ලෙඩේ හැදුනා..පැතිරුන වේගේ හැටියට delta varient එක වෙන්න ඇති කියල guess කලේ..ඒත් හරියටම varient එක දැනගන්න වෙනම test එකක් කරන්න ඕනලු....ඒවා සමීක්ෂණ කරන අය තමා කරන්නේ ...අපේ කරන්නේ නෑ..

Vaccine එක ලබාගැනීම/නොගැනීම : මම ( දින දෙකකට පෙර) ,තාත්තා (සති දෙකකට පෙර) , අම්මා (සති දෙකකට පෙර) sinopharm 1st dose එක අරගෙන හිටියේ.. අක්කල දෙන්නා,දරුවන් සහ ආච්චි vaccine එක ඒ වෙද්දි අරගෙන හිටියේ නෑ

රෝග ලක්ෂණ

Day 1 - 3/4- මුලින්ම උගුර රිදුනා...වියලි ගතියක් දැනුණා..හෙම්බිරිස්සාව හැදෙන්න වගේ...ඇඟපත රිදෙන්න ගත්තා...විශේශෙන් තුනටිය,කෙණ්ඩ, කොදු නාරටිය,දණහිස්...ටික දවසකින් බෙල්ලේ දකුණු පැත්තත්..නැගිට ගන්න බැරි උනා..කන්න බැරි උනා...පැය 6න් හයට උණ ගත්තා...vaccine එක ගත්තේ නැති මගේ අක්කල දෙන්නට නම් හිසරදය හොදටම ඇවිත් දරා ගන්න බැරි තැන වමනෙත් ගියා..

Day 3/4- Day 6/7- අමාරුකම් ටික ටික අඩු උනා...ඒත් තෙහෙට්ටුව තිබුනා..Day 3 වල වගේ ඉදන් ගද සුවද සම්පූර්නෙන් නොදැනී ගියා...සැරම scent එක ගැහුවත් දැනුනෙ නෑ...කන බොන දේවල් වල රස දැනුනේ නෑ..ඒත් කොහොම හරි කෑවා...පහු වෙනකොට නම් ළඟ ඉන්න කෙනත් ගිලින්න පුලුවන් තරම් බඩගිනි වැඩි උනා...කටහඩ වෙනස් වුනා day 3 වල වගේ ඉදන්..පොඩ්ඩක් හුස්ම ගන්නත් අමාරු ගතියක් දැනුණා....වහිකොට , රෑ ට ඒක වැඩියි...කන් අඩි තද වෙලා තිබ්බේ..මැදක් හරියෙදී ආසාවට හොටු කදුලක් නෑ😂 නහය ,උගුර වේලිලා ගිහින්..

Day 6/7- Day 10 - මේ වෙනකොට නම් අමාරු හරිය ඉවරයි...ඒත් තෙහෙට්ටුව නම් එහෙම්මමයි...අඩි දහයක් ගියත් හති..එක දිගට කතා කලත් හති...ඒ වගේමයි ආතතියත් වැඩි උනා ..ඒ කියන්නේ මල පනිනවා හරියට ගෙදර හැමෝටම....ආච්චි නම් දිගටම කෑම වර්ජනේ කරා...sustagen ,biscuit ,කැද බලෙන් තමා එයා හිටියේ...ඒත් අනිත් අයට නම් දැනුනෙව් සෝමාලියාවට land කරල වගේ බඩගින්නක්...පුලුවන් තරම් කෑවා...ඉක්මනට recover වෙන්න ඕන නිසා...day 9/10 වගේ වෙද්දී වියලි කැස්ස ආවා...ඊට පස්සේ ඒක ටික ටික සෙම කැස්ස බවට පත් උනා...කොච්චර කැස්සද කියනව නම් six packs එන්න ඒ හොදටම ඇති...සෙම පැසවන්න ගත්තා...ඒකට antibiotics ගත්තා..ඒත් කන්දක් විලිලාලා මී පැටියෙක් වැදුවා සේ කොච්චර කැස්සත් සෙම ගියේ චුට්ටයි...ඒ නිසා syrup එකක් use කලා..cosome කියලා expectorant syrup එකක්...ඒකට සෙම ගොඩක් පිට වුනා...

Day 10-14- ගද සුවද ආයේ ටික ටික දැනෙන්න ගත්තා...ඊට පස්සේ කෑම කනකොට මට හිතුනේ ජීවිතේට කන රසම කෑම කියලා...සති දෙකක් මොකුත් නොදැනි ඉදල දැනුන නිසා.. අච්චිගේ තත්වේ නම් හොද උනේ නෑ...සෙම වැඩි උන තරමට කතා කර ගන්නවත් බැරි උනා...වයසත් එක්ක බය හිතුනා..ඊට පස්සේ ආච්චිට සෙම ගතිය අඩු වෙන්න use කල බෙහෙතට වඩා ටිකක් සැර බෙහෙත් course එකක් පටන් ගත්තා...කන්න බැරි උනත් දියර වගේ හදලා පෙව්වා...
අද අපේ නිරෝධායනයේ 14 වෙනි දවස...ලෙඩේ හැදිලා දවස් 19යි මට...ඒත් තාමත් තෙහෙට්ටු ගතිය තියෙනවා..හිටි ගමන් හුස්ම ගැනීමේ අපහසුතා එනවා...concentrate කරන්න අමාරුයි ටිකක්...ඒත් අපි බොහොම පරිස්සම් වුන නිසා complications අඩුවෙන් මේ කාලය පහු කරගන්න පුලුවන් උනා...ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේකේ සමහර රෝග ලක්ෂණ මාස තුනත් නමයත් අතර තියෙන්න පුලුවන්ලු..දවස් 14 කියන්නේ නිකන් procedure එකේ ඉලක්කමක් විතරයි...ඒත් අවදානම තවමත් තියෙනවා කියල මම කතා බහ කරපු ,දැකපු දේවල් වලින් තේරුම් ගත්තා...ඕන තරම් එහෙම අය මැරිලත් තියෙනවා කියල දැන ගත්තා...හැබැයි දින 14කට පස්සෙ අපෙන් කාටවත් බෝවෙන්නේ නෑ..ඒත් අපේ ඇගේ virus එක ඉන්නවා...pcr කරනකොට ඒකේ අගයන් වැටෙනවා....ඒවයින් තමා රෝගියා රෝග වාහක තත්වයේ තවම ඉන්නවද නැද්ද කියල බලන්නේ...මමත් ඒක දැනගත්තේ PHI මහත්තයගෙන්

පොඩි අයට නම් අඩුවෙන් අමාරුකම් ආවේ...ඒත් මම news වලට කියනවා දැක්කා.මේ රෝගය සුව වෙනකොට post c ovid symptoms විදියට ඇගේ රතු පාට rashes දැම්මොත් වහාම වෛද්‍ය සහය පතන්න කියල...

සුව කරගැනීමට කල දේවල්

ආහාර: නිරෝධායන මධ්යස්ථාන වල දුන්න menu එක යාලුවන්ගෙන් අහල දැන ගත්තා

කන්න බැරි උනත් පුලුවන් උනත් හොදට කෑවා. Doctor කිව්වේ කාල බීලා ඉන්න ඕන කියලා නිතරම මේ ලෙඩේදී..කන්න ්බැරි කාලේ කැද, තැම්බුම් හොදි වගේ දේවල් බිව්වා..බිත්තර,මස් ,මාලු කන්න ඕනලු protein ගන්න....ඒ නිසා බිත්තරයක් කෑවා දවසකට..
තක්කලි සම්බල්,බල මාලු වගේ දේවල් දීල තිබුනා නිරෝධායන මධ්යස්ථාන වල.. කොටින්ම මේකට හීතල කෑම වලින් වැලකිලා උෂ්ණ කෑම කන එක තමා හොද
පලතුරු: දෙහි,දොඩම් බීම හදන් බිව්වා...අන්නාසි හොදයි කිව්වා.
අම්මට කෙණ්ඩ පෙරලෙන්න ගත්තා ලෙඩ උනාම නිතරම...එතකොටත් දෙහි බීම දුන්නම හරි ගියා...fluid ගොඩක් දෙන්න ඕනි...එතකොට ඒක හරි යනවා...vit E දුන්නමත් හරියනවා ..
පාන : සුවධරණි ,කොත්තමල්ලි,බාම්වැල්ගැට මොනව හරි දවසට දෙපාරක් බිව්වා උණුවෙන්...ඊට අමතරව දෙහි බීම වගේ දේවල් ගත්තා

බෙහෙත් : vitamins :දවසට vitamin C 500mg පෙත්තක්, zincovit multivitamin පෙත්තක් ගත්තා...දවස් දෙකකට හෝ තුනකට සැරයක් vit E කරලක් ගත්තා.. ( මේ විටමින් බීලා උනුවට දේවල් බොන්න හොද නෑ...තේ බොන්න හොදත් නෑ...) අක්කා කිරිදෙන මවක් නිසා එයාට නම් vit C පෙති දෙකක් ගත්තට කමක් නෑ කිව්වා දවසකට...හැබැයි දෙපාරකට..
සෙමට zeos loratadine 10mg පෙත්තක් රෑට ගත්තා..(දවසකට)
සෙම පැසෙව්වම ලෙඩාගේ තත්වේ අනුව doctor ට කියලා අදාල antibiotic එකක් ගත්තා...antibiotics නම් හරියට වෙලාවට නොකඩවා ගන්න ඕන...අතරින් පතර කැඩි කැඩි බිව්වොත් වැඩක් නෑ..දවස් 7ක් කිව්වා ඒක උපරිම බොන්න දෙන්නේ...
උණ ඇඟපත අමාරු වලට panadol ගත්තා..
කැස්සට cosome expectorant syrup එක ගත්තා
ආච්චිට නම් loratadine උදේටයි රෑටයි දුන්නා...සෙම ගතිය හොදටම වැඩි නිසා..
මොකද සෙම පිට වෙන තරමට හොදයි..නැත්නම් නිව්මෝනියාවට වගේ එන නිසා...

ක්රියාකාරකම්:
දවසට අවම තුන්පාරක් හුමාලෙ ඇල්ලුවා...දෙහි කොල,කුරුදු කොල,යකිනාරං කොල,ආඩතෝඩ කොල වගේ දේවල් දාල ඇල්ලුවේ..ඒක අල්ලනකොට නහය පිච්චිලා යන්න අල්ලන්න හොද නැහැ...සියුම් ස්නායු වලට හානි වෙන්න පුලුවන් නිසා...
හැමෝටම බැලුමක් ගානෙ දීලා දවසට දෙපාරක් විනාඩි 5ක් ඒක හොද හුස්මක් අරන් පුම්බලා ,අපාහු හුළං යවලා ,ආපහු ඒ විදියටම කරන්න කිව්වා...පොඩි ළමයින්ටත් ඒක විනෝදයක් උනා...ඒකේ අරමුණ lung exercise කරන එක

Pulse oximeter එකක් ගෙන්නගෙන (Rs. 5500ක් උනා) හැමෝගෙම ඔක්සිජන් ප්රමාණය, heart rate එක උදේ 8ට සහ රෑ 8ට මැනලා දවස් 14 record එකක් වග්ව්ව් තියා ගත්තා...අරමුණ: කෙනෙක්ට lungs දෙකේ අවුලක් නිසා අමාරු වෙන්න යනව නම් කල් තියා දැනගෙන hospital admit කරන්න පුලුවන්..මොකද අපිට ගෙදර නිරෝධායනය වෙන්න උනේ...ඒ වගේම තමන්ගේ අමාරුකම් කියන්න තේරෙන්නේ නැති වයස් වල ළමයි, වයසක අය හිටි නිසා එහෙම කරන්න උනා... O2 saturation 94 ට වඩා අඩු වෙලා heart rate 100 ට වඩා වැඩි උනොත් අවදානම්..ඒ නිසා නිතරම ඒ ගැන අවධානයෙන් හිටියා...හදිසියක් උනොත් කතා කරන්න MOH ,PHI ගේ numbers ,සුවසැරිය 1990 numbers තියාගෙන හිටියේ...දන්න වෛද්යවරුන්ගෙන් උපදෙස් ගත්තා...ඔවුන්ට හැමදාටම ණයගැතියි..
නිදාගන්නකොට හුස්ම ගැනීම පහසු වෙන්න මුනින් අතට හෝ ඇලයට තමා නිදා ගත්තේ..උඩුබැලි අතට ඉන්න අමාරුයි...ඒ වගේම හුස්ම ගැනීමේ වේදනාවල්,joint pain එනකොට declofenac gel (වේදනා නාශකයක්) ගාල ඒ වේදනාව තාවකාලිකව සමනය කර ගත්තා ...
දවස් 14 නාන්න නම් ගියේ නෑ...ඒත් උණු වතුරෙන් දවල් 12 ට විතර පපුව සහ පිට නොතෙමා ඇග සෝද ගත්තා...උණු වතුරෙන් පෙගවූ රෙදි කෑල්ලකින් පපුව සහ පිට ඉක්මනින් පිරිසිදු කලා..එහෙම කලේ වතුරට නිරාවරණය වන කාලය අවම කර ගන්න...
ඇල් වතුර අල්ලන වැඩ වලින් හැකිතාක් වැළකුණා...එහෙම කල දන්න කීප දෙනෙක්ටම අමාරු උන නිසා...
අමාරුකමක් දැනෙන අය වැඩිපුර විවේකීව තිබ්බා...ඒ වගේම හැමදෙනාම mask දාගෙන හිටියේ ගෙදරටත්...පිඟන් කෝප්ප,tooth brush පවා වෙනම වෙන තැනක තියාගෙන තිබ්බේ..හැම වෙලේම සබන් දාලා අත් සේදුවා..
සතෙක්ටවත් අපෙන් බෝ නොවෙන්න අපි කාල ඉතුරු වෙන කෑම වල දැම්මා...මොකද මම internet එකේ දැක්කා බළල් කුලේ සත්තුන්ට ලේසියෙන් මේක අපෙන් හැදෙන වග..
මේ ටික අපි දැනටත් කරනවා...දවස් 14 සම්පූරණ කරනවා කියන්නේ procedure එක විතරයි...ඒත් අවදානම පහව යන්නේ නෑ...ඊට පස්සෙත් සමහර අය මැරෙනවා...පරිස්සම් නොවුනොත්..මේකේ සමහර රෝග ලක්ෂණ මාස 3-9ක් තියෙනවා කියලා WHO එකෙන් කියල තිබ්බා...ඒ කියන්නේ අවම අපි මාස 3ක් පරිස්සම් වෙන්න ඕන..
අද අපෙ නිරෝධායනයේ 14 වෙනි දවස...ලෙඩේ හැදිලා දවස් 17යි...ඒත් තාම තෙහෙට්ටුයි...සමහර වෙලාවල් වලට හුස්ම ගන්න අමාරු වෙනවා...විශේශයෙන් රෑට...ඒත් සාපේක්ෂව ගොඩක් දුරට සුවයි...මම මේ දේවල් මෙහෙම ලියන්න හිතුවේ තව කෙනෙක්ට මේක උපකාරී වෙයි කියලා...අපට ගොඩක් අය දෙවිවරු වගේ උදව් කලා...හිත හැදුවා...ඒ හැමෝටම පිං...පුලුවන් තරම් ලෙඩ උන කෙනෙක් එක්ක හිත හැදෙන්න කතා කරන්න...මොකද මම නම් ගොඩක් මානසිකව වැටුණා මේක නිසා...මොකද ගෙදර අය වේදනාවෙන් ඉන්කොට එන බය කියල නිම කරන්න බෑ..ඒ නිසා පුලුවන් තරම් පරිස්සම් වෙන්න..ගෙදර එක්කෙනෙක් හදන් ආවම ඇති මුලු පව්ලටම ඒක හැදෙන්න....
මේ ලෙඩෙන් මිනිස්සු මැරෙනවා ගොඩක්...ඇත්ත..ඒත් ගොඩ දෙනෙක්ට එහෙම වෙන්නේ නොදනුවත්කම නිසා...හරියට පරිස්සම් වුනොත් බේරෙන්න පුලුවන් වෙයි...
සියලු දෙනා සුවපත් වේවා!!
Copied . Saumya senevirathne

ඔබට සුබ උදෑසනක්
27/07/2021

ඔබට සුබ උදෑසනක්

24/07/2021

ජෙෆ් බෙසොස්ගේ සාර්ථකත්වයේ පාඩම්♥️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when සාර්ථකත්වය - Success posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share