Upali Tennakoon

  • Home
  • Upali Tennakoon

Upali Tennakoon I'm an exiled journalist who served as the founding editor of" Rivira" weekend newspaper in Sri Lanka.

I was a founding member of Divaina Newspaper started in 1981, and served as the Editor in Chief at Divaina from 1994 to 2003.

18/02/2022

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආරක්ෂාව තියෙයිද

17/02/2022
08/02/2022
01/02/2022

මම ජනාධිපති උනාට පස්සේ දවසක් මම මගේ ළගම හිතවත් ආරක්ෂකයින් කීපදෙනෙක් එක්ක නගරයේ ඇවිදින්න ගියා. උදේ වරුවේ ඉදන් ටිකක් වැඩිපුර නගරයේ ඇවිදලා හිටපු නිසා මහන්සිය නිවාගන්නත් එක්ක කොහේහරි අවන්හලකින් දහවල් ආහාරය ගමු කියලා මම මගේ ආරක්ෂකයින්ට යෝජනා කළා. අපි නගරය මධ්‍යයේ තිබුණු එක්තරා අවන්හලකට ගොඩවෙලා අපට අවශ්‍ය කරන ආහාර ඇණවුම් කලා. ටික වෙලාවක් යනකොට වේටර්වරයා විසින් අපගේ ඇණවුම ගෙන එනු ලැබුවා...

අපි අපේ කෑම කන්න ලෑස්ති වෙනකොටම මම දැක්කා මගේ ඉදිරිපස මේසයේ මා ඉදිරියෙන්ම මිනිසෙක් තමා ඇණවුම් කළ ආහාර එනකම් බලාගෙන ඉන්නවා. මම මගේ ආරක්ෂකයෙක් ගෙන්නලා අර මනුස්සයාව පෙන්නලා එයාගේ කෑම එක ආවාම ඒක අරගෙන ඇවිත් අපිත් එක්ක කෑමට සම්බන්ධ වන්න කියලා ඔහුට ආරාධනා කරන ලෙස ඉල්ලා සිටියා. ආරක්ෂකයා ගොස් ඔහුගෙන් එම ඉල්ලීම කළා...

ටික වේලාවකින් ඔහු ඇණවුම් කරන ලද කෑම එක ඔහුට ලැබුණා. ඔහු එයත් රැගෙන ඇවිත් මා ඉදිරි පිටින් අසුන්ගත්තා. කිසිම කතාවක් නොමැතිව අපි සැමදෙනාම එකට ආහාර ගත්තා. ආහාර ගැනීමෙන් පසු අර මනුස්සයා මුකුත්ම නොකියා එතනින් පිටවෙලා ගියා... හැමදෙනාම එකට ආහාර ගන්නා වෙලාවේ ඒ මනුස්සයාගේ එක දෙයක් ගැන අපි සැළකිලිමත් උනා. ඔහු කෑම එක රැගෙන මා ඉදිරියේ වාඩිවුනු වේලාවේ ඉදලා කෑම කාලා අවසන්වී මෙතනින් පිටවෙන තෙක්ම ඔහුගේ දෙඅත් වෙව්ලමින් තිබුණා...

ඔහු පිටවගිය පසු මගේ ප්‍රධාන ආරක්ෂකයා මගෙන් මෙහෙම අහනවා...

" සර්... ඒ මනුස්සයා මොකක් හරි අසනීපයකින් ඉන්නවා වගේ නේද..? කෑම කන මුළු වෙලාවෙම එයාගේ අත්දෙක වෙව්ලනවා අපි දැක්කා..."

" නෑ... ඒ මනුස්සයට කිසිම අසනීපයක් නෑ... ඒ මනුස්සයා කවුද කියලා දන්නවද..?
ඒ මනුස්සයා තමයි මම බන්ධනාගාර ගතවෙලා ඉන්නකොට මාව බලාගන්න බාරවෙලා හිටිය ආරක්ෂකයා... මාව හැමදාම වගේ වධකාගාරයට අරන් ගිහිල්ලා ගහලා, වද දීලා ආපහු හිර කුටියට ගෙනත් දැම්මාම මම වේදනාවෙන් කෑගහනවා... වේදනාවන් ඉවසගෙනම මම හැමදාම මෙයාගෙන් වතුර ටිකක් ඉල්ලනවා බොන්න... මම වතුර ඉල්ලුවම මෙයා හිනා වෙවී අවිත් වැටිලා ඉන්න මගේ ඔළුවට මුත්‍රා කරනවා..."

" ඔහු දන්නවා මම දැන් මේ රටේ ජනාධිපති කියලා... මම මෙතනට ඔහුට එන්න කිව්වාම ඔහු බයවෙන්න ඇති... මට ඔහු සලකපු ආකාරයටම මමත් ඔහුට සළකයි කියලා ඔහු හිතන්න ඇති... මගේ බලය පාවිච්චි කරලා ඔහුව සිරගත කරලා මට කළා වගේම ඔහුටත් වධහිංසා කරයි කියලා ඔහු හිතන්න ඇති... ඒකයි ඔහු බයෙන් වෙව්ලන්න පටන් ගත්තේ..."

" නමුත් මම ඒ වගේ මිනිහෙක් නෙවෙයි... පළිගැනීම මගේ අචාර ධර්මවලට අයත් කොටසක් නෙවෙයි..."

" පළිගැනීමේ මානසිකත්වය රාජ්‍යයන් විනාශ කරනවා..."

" ඉවසීමේ මානසිකත්වය රටක ජාතීන් ගොඩනංවන්න හේතු වෙනවා..."

නෙල්සන් මැන්ඩෙලා...
හිටපු ප්‍රථම කළු ජාතික දකුණු අප්‍රිකානු ජනාධිපති
(1994 - 1999)

උපුටා ගැනීමකි..

31/01/2022

දඬුකඳේ ගැසියයුතු නායකයෝ!!!!!

අපේ විගනකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසන්නේ අවුරුදු පහකින් මේ රට දියුණුකළ හැකි කතාවකි.එහෙත් අපේ නායකයෝ අවුරුදු හැත්තෑවක් තිස්සේ කර ඇත්තේ කුමක්ද?එහෙනම් ජනතාව කළ යුත්තේ කුමක්ද?දැන් එහි වගකීම ඇත්තේ ජනතාවටයි.
මේ රටේ ජනතාවට ඇතිවෙන්න කෑම ටික නිපදවාගන්න බැරි රටකි.පුරන්වූ කුඹුරු යායවල් පිටින් තිබේ.ඒවා පුරන්වී ඇත්තේ ඇයි? කාගේ වරදකින්ද?මේවා සොයා බලන කෙනෙක් නැත.ඒවාට පිලියමක් නැත.පුළුවන්නම් ඒවා ගොඩකර ගොඩනැගිලි හදයි.ඒවාත් හරි ක්‍රමයකට සිදුවෙනවානම් යහපති.නමුත් බොහෝවිට සිදුවන්නේ අර දේශපාලඥයින් අතිනි. නැත්නම් ඔවුන්ගේ හෙංචයියන් අතිනි.
මේ අතින් බලනවිට අවුරුදු හැත්තෑවක් තිස්සේ පෝෂණය වී ඇත්තේ කවුද?රටද ජනතාවද ඔවුන්ද? අතේ ශතයක් නොතිබූ පිරිස් දේශපාලනයටවිත් රටේ කොටිපතියන්වී ඇත.ඔවුන්ගේ පවුල්වල අයගේ තත්ත්වයද එසේමය.රටේ ජනතාව තවමත් වහලුන්ය.ඔවුන් බලයට පත්කර ඔවුන්ගේ පස්සෙන් හිඟමින් යන පිරිසක් බවට පත්වී තිබේ.රටකට වියයුත්තේ මෙයද?
හරියට සෞඛ්‍යයක් නැති රටකි.අධ්‍යාපනයද අවුල්ය. ගමනාගමනය එහෙම පිටින්ම ඛේදවාචකයකි.මේවාට විසඳුන් නැතුවාම නොවෙයි.අපේ නායකයින්ට ඒ පිළිබඳව කිසිම දර්ශනයක් නැතිවීමයි.බලයට පැමිණිදා පටන් ඔවුන් කල්පනා කරන්නේ නැවත බලයට පැමිණීම ගැනයි.ඉතා සංෂිප්තව කීවොත් අද රටේ තත්ත්වය එසේය.අවුරුදු හැත්තෑවක් තිස්සේ ඔවුන් රට ඇදගෙන ගොස් ඇත්තේ කනත්තටය.මේ ගැන කියන්නට ඇතිදේ බොහෝය.නමුත් එයින්ම මෙම පිටුව පුරවන්න මා බලාපොරොත්තු වන්නේ නැත.මේ ගැන ජනතාවට හොඳටම පැහැදිලි බව මම දනිමි.
මෙතරම් කලක් මේ රට දියුණු කරන්න බැරිවූ පිරිසක්, තවත් නැවත නැවත් බලයට පත්කල යුතුද?මෙම පිරිස එකම රොත්තක් හැටියට කුණු බක්කියට දැමිය යුතුය.මෙයට පක්ෂ භේදයක්,පාට භේදයක් හෝ වෙනත් කිසිම භේදයක් සැල්කිල්ලට ගතයුතු නොවෙයි.මගේ අදහසට අනුව ජනතා විමුක්ති පෙරමුණද ඇත්තේ එම බෝට්ටුවේය.ඔවුන්ද ඇමතිකම් කළ යුගයක් තිබුණි.නමුත් රටට හෝ ජනතාවට සිදුවූ යහපතක් නැත..ඇත්තටම මොවුන්ට මේ කාර්ය කරන්න බැරිබව නැවත නැවතත් ඔප්පු කර ඇත.ඉතින් නැවතත් ඔවුන් පත්කළ යුතුදැයි සිතා බලන්නට කාලයක් නැත.ඔවුන් ඉවත් කළ යුතුය.මේ ගැන ස්වාධීනව සිතන්නට බැරි විවිද මානසිකත්වයෙන් පෙලෙන වහල්භාවයෙන් අන්ධ වූ පිරිසකට මේ කිසිවක් නොපෙනෙන්නට පුළුවන.අප ඔවුන් ගැන අනුකම්පාකළ යුතුය.පසුගිය කාලයේ සියළුම දෙනා අතරින් රටට යහපතක් සිදුවුනානම් ඒ එක අතක ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසකගෙනි.
ශ්‍රී ලංකාව යනු ඉතා කුඩා රටකි.ජනගහනය මිලියන 22කි.පවුල් වශයෙන් ගත්තොත් මිලියන 5කි.එය තවත් පැත්තකින් කීවොත් පවුල් ලක්ෂ 50කි.රට වර්ග සැතපුම් 25000කි.වර්ග කිලෝමීටර්වලින් ගත්තොත් ඒම ප්‍රමානය 65000කි.ඇත්තටම මෙය කොතරම් කුඩා රටක්දැයි ලෝකයේ වෙනත් රටවල් සමඟ මෙම විස්තර සසඳමින් බලද්දී ඉතා පැහැදිලිව පෙනීයනු ඇත.එහෙත් මෙම කුඩා රට පාලනය කරන්න කොතරම් දේශපාලකයින් ප්‍රමානයක් සිටීදැයි සිතුවොත් කවුරුත් පුදුමවනු ඇත.විශාල ජන සංඛ්‍යාවක් සිටින විශාල ප්‍රදේශයක් ඉතා කුඩා පිරිසකින් පාලනය කරද්දී අපේ රටේ කුඩා පිරිසක් සහ කුඩා ප්‍රදේශයක් ඉතා විශාල පිරිසක් පාලනය කරති.වෙනස අපි තවමත් එතනමය.කුඩා පිරිසක් පාලනය කරණ රටවල් ඉතා වේගයෙන් ඉදිරියට යෑමයි.
අපේ රටේ මන්ත්‍රීවරු 225කි.පලාත් සභා මන්ත්‍රීවරු 437 කි.ප්‍රාදේශීය මන්ත්‍රීවරු 8436 කි. එකතුව ගත්තොත් 9098 කි.ඇමතිවරුන් ගණන හරියටම කියන්න බැරිතරම්ය.ඒක දවසගානෙම වෙනස්වෙයි.දල වශයෙන් ගත්තොත් ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරුද සිය ගනනක් වෙන්න පුළුවනි.පසුගිය කාලවල එයිටත් වඩා සිටිය යුග පවා තිබුණි.මෙම දේශපාලන අධිකාර කීපයම කිනම් ආකාරයකින් ක්‍රියා කරනවා දැයි දන්නේ කවුදැයි අපි නොදනමු.මේ සියල්ලම ඒ තරමටම ව්‍යාකූලය.පැහැදිලිව පේන්න තිබෙන දසුන වන්නේ හැමතැනම ගහගන්නා බවක් පමණි. එහිනම් කිසිම අඩුවක් නැති බවක් පෙනෙයි. රටට හෝ ජ්නතාවට විශේෂ යමක් ඔවුන්ගෙන් සිදුවූ බවක් නම් පැහැදිලි නැත.අප මෙහිදී එසේ ප්‍රකාශ කෙලේ එවැනි යුග පුරුෂයින් මේ රටේ සිටිය හෙයිණි. ගාමණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි සහ ආර්. ප්‍රේමදාස යන මහත්වරු එවැන්නන් ලෙස සඳහන් කල හැකිය.ලංකාව වෙනස්කල මහවැලියත්, විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ත මුදලත්,අළුත් නිවාස ක්‍රමයකුත් අපේ රටට ඇතිවුනේ ඔවුන්ගේ දර්ශනය නිසාය.
තවත් පැත්තකින් යුද්දය නතරකල නායකයා වශයෙන් හදුන්වන්නේ මහින්ද රාජපක්ෂය.එහෙත් එතුමා අතින් සිදුවූ අනෙක් සිදුවීම් සමඟ එම ගෞරවය ඔහුගෙන් ගිලිහී යනවා පමණක් නොව ජනතාව ඔහු පරාජය කෙලේද ඒ නිසාය.
දැන් අපි බළමු ලෝකයේ අනෙක් රටවල් පැත්ත. ජපානයේ තෝකියෝ නගරයේ ජනගහනය මිලියන 38 කි.එහිම ඔසාකා නගරයේ ජනගහනය මිලියන 20 කි.ඉන්දියාවේ දිල්ලි නගරයේ ජනගහනය මිලියන 25 කි.එහිම මුම්බායි නගරයේ ජනගහනය මිලියන 21 කි. චීනයේ සැංහෑයි නගරයේ ජනගහනය මිලියන 23 කි.එහිම බීජිං නගරයේ ජනගහනය මිලියන 20 කි.මෙවැනිම තවත් නගර රාශියක් තිබේ.ඒ සියල්ලෙන් මෙම පිටුව පුරවන්න මා අදහස් කරන්නේ නැත. මෙහි සඳහන් කෙලේ නගරයන් පිළිබඳවයි. නමුත් අපේ රට මෙම නහරවලට වඩා කුඩා බව කිව යුතුය.ඇතැම් විට මෙම බොහෝ නගර පාලනය කරන්නේ නගරාධිපතිගේ මූලිකත්වයේන් නගර සභාවයි. නමුත් කොහොමද අපේ රට.එහෙම බලද්දී අපිට ඉන්න දේශපාලනඥයින්ගේ ප්‍රමානය අනුව සුරපුරක් වෙලා තිබිය යුතුයි. නමුත් තත්ත්වය කොහොමද?
මනදපෝෂනයෙන් ළමයි මැරෙණව. ඇතැම් පලාත්වලට යන්න තවම පාරක් නැහැ. කන්න හරියට දෙයක් නැති පළාත් සහ මිනිස්සු ප්‍රමාණය අති මහත්ය.වරක් ප්‍රකාශ කරල තිබුණ රටෙන් විශාල ප්‍රමානයකගේ දවසේ ආදායම ඩොලරයකටත් අඩුයි කියල.ඒ කියන්නේ රුපියල් දෙසීයකටත් අඩුයි.එම පවුල්වල තත්ත්වය අපිට හිතාගන්න පුළුවණි.
පාස්කු සිකුරාදා සිද්දියෙන් පසුව බොහෝ දෙනා ඉතාම පැහැදිලිව අඳුරාගන්න පුළුවන් වී තිබේ.රටේ ආරක්ෂාව පිළිබඳව රටේ නායකයා ක්‍රියා කරතිබෙන ආකාරය ඉතා පැහැදිලිය."රටේ ආරක්ෂාව හොඳට තිබිල තියන පාටයි "යනුවෙන්, එහිදී සරත් පොන්සේකා මහතා පැවසුවේ ඒ නිසාය.ආරක්ෂක මණඩලය කැඳවා ඇති ආකාරයෙන් සහ එයට සාමාජිකයින් කැඳවා ඇති ආකාරයෙන් නායකයින්ගේ ආකල්ප ඉතා පැහැදිලිය.ඔවුන් බලා ඇත්තේ රට ජාතියද? එසේත් නැත්නම්, පැහැදිලිව ප්‍රදර්ශනය කර ඇත්තේ තමන්ගේ උද්දච්චකමත්,මෝඩකමත් සහ නූගත්කමත් නොවෙයිද? එසේනම් මෙවැනි නායකයින්ගෙන් රටකට වෙන සෙතක් තියෙයිද?ව්‍යවස්ථාවටත් රටටත් විරුද්දව ක්‍රියා කරණ මෙවැනි නායකයින්ගෙන් ඉදිරියටත් සෙතක් වෙයිද?වඩුමඩු තහනම් කරන්න නායකයො අවශ්‍යද?මොහු මේ යුගයේ රටට පහලවු අදූරිදර්ශම නායකයා ලෙස ඉතිහාස ගතවුනොත් ඒ ගැනද පුදුම විය යුතු නැත.
අපේ විපක්ෂය ඇත්තේද අඳ බොළඳ තත්ත්වයේය.එය හොඳටම පැහැදිලිවන්නේ එහි නායකයිගේ කතා වලින්ය.සියළුම දෙනාගේ මානසික තත්ත්වයද හොඳටම තේරුම් ගත හැක්කේ එමගින්ය.මොවුන්ගෙන්ද රටට සිදුවු සෙතක් නැතුවා සේම ඉදිරියේ තත්තවයද ඉතාම පැහැදිලිය.ඔවුන්ද ඔවුන්ගේ යහපතට මෙතෙක් ක්‍රියාකලා මෙන්ම ඉදිරියටද ඊට පාර කපන පිරිසක් බව පෙනෙයි.ඉතින් කල යුත්තේ මල්ල පිටින්ම ගෙන ඔවුන් කුණු කූඩයට දැමීම නොවෙයිද?මෙහි ජනතාවට නැවත හිතන්න දෙයක් නැත.
දැන් අළුතෙන්ම ජනාධිපති වෙන්නට හඳන පිරිසක්ද සිටියි.ඔවුන් ගැනද විශේෂයෙන් අවධානය යොමුකළ යුතුය.මොවුන් අතර සිටින ඇතැමුන්ට ඒ සඳහා කිසිම සුඳුසුකමක් නැති බව නම් ඉතාම පැහැදිලිය.ඒ ගැන වඩාත් පැහැදිලිකිරීම් වලට යන්නේ නැත.ජනතාව එය තෙරුම් ගනීවීයයි මගේ විෂ්වාසයයි.මෙහි වඩාත් කැපී පෙනෙන චරිතය වන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතායි.ඒ නිසාම මොහු ගැන යමක් කතාකිරීම වටියි.මොහු මොකද කියන්නෙ.ඒවායේ වටිනා කමක් තියනවාද?
මොහු ගැන කතා කලොත් ඔහු දක්ෂ නීතීඥයෙක් වෙන්න පුළුවන.එමෙන්ම දක්ෂ මෙන්ම අවංක රේගු නිළධාරියෙක් වියයුතුයි.එහෙත් දක්ෂ දේශපාලනඥයෙක් දැයි සැකයක් තිබේ.දේශපාලන සෙල්ලම ටිකක් අමාරු සෙල්ලමකි.ඒක නොදැන කරන්න අමාරු මෙන්ම අමාරුවේ වැටෙන භයානක සෙල්ලමකි.මා මෙසේ කියන්නේ ඇයි?
මොහුගේ ඉතා හොඳ යෝජනා රැසක් තිබේ.එහෙත් දේශපාලන වශයෙන් ස්ථාවර නූනොත් ඒ කිසිවක් කරන්න ලැබෙන්නේ නැත.ඔහුගේ ඇතැම් යෝජනාවලින් පෙනෙන්නේ එම ස්ථාවරත්වය ඔහු විසින්ම නැති කරගෙන තිබෙන බවකි.ඒ විධායක ජනාදිපතිකම අහෝසි කිරීමෙණි.බැලුබැල්මට එය හොඳ යෝජනාවකි.එහෙත් එහි අවශ්‍යතාවය තිබුනේ කාටද?රට හෝ ජනතාව ඒ ගැන ප්‍රකාශකර තිබෙනවාද? නැත.මෙම මතය ඇතිකලේ සියයට පහක ජන්ද බලයක් ඇති ජනතා විමුක්ති පෙරමුණයි.ඔවුන් දැන ගත්තා මෙමගින් රටේ ස්ථාවරයක් පවතින බව සහ එම බලය තිබෙන තුරා රට අස්ථාවර කල නොහැකි බව.ඔවුන්ගේ එම මතයට එවැනිම සුළු පිරිස් තවත් එකතු විය.සියයට හතලිහක පමණ බලයක් ඇති එක්සත් ජාතික පක්ෂයට එම මතය බිඳින්න බැරි විය.ඒ ඇයි?ඔවුන් ඒ විස්වාශය දිනාගත්තේ නැහැ.පස්සෙ ඔවුන්ද එම මතයට එකතු විය.මෙයින් පැහැදිලි වන්නේ එම පක්ෂයේ ඇති දුර්වලකමයි.එමෙන්ම නායකත්වයේ ඇති දුර්වලකමයි.ඒක ඉතාම පැහැදිලියි.මෙවැනි රටක් දියුණු කරන්න නම් මුලින්ම කළ යුත්තේ රටේ ස්ථාවරත්වය ඇතිකර ගැනීමයි.ලෝකයේ දියුණුවූ සියළු රටවල් මුලින්ම කෙලේ ඔයටිකයි.රටේ ස්ථාවරත්වය ගොඩනගා ගැනීමයි.නමුත් අප තිබෙන ස්ථාවරත්වය නැති කරගෙන මෙම ගමන යන්න හැඳීම ඉතා භයානක තත්ත්වයකි.ඇත්තටම කිසිවක් කරන්න නොලැබෙන්න පුළුවන.මෙය දැඩි අවධානයට යොමු විය යුත්තකි.විධායක ජනාදිපතිකම අහෝසි කරනවායි කියාගෙන බලයට පැමිණි සියළුම දෙනා පසුව එසේ නොකලේ ඔවුන්ගේ ස්ථාවරත්වය නැතිවන බව ඔවුන්ට වැටහුණු හෙයිණි.
මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීම, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා අහෝසි කිරීම හොඳය.එහේත් ප්‍රාදේශීය සභා වෙනුවට ගම පාලනය කිරීමට යහපත් ක්‍රමයක් තිබියයුතුය.එමෙන්ම රට ගොඩගැනීමට යහපත් ක්‍රමයක් තිබියයුතුය.මේ සියල්ල ගොඩනැගිය හැක්කේ රට ස්ථාවර වුවොත් පමණි.මුලින්ම ඒ ටික කර ගත යුතුය.
දිනකට රජයේ ගිණුමට බිලියන හතරක් වැටෙන බව පවසයි.එසේනම් රජයේ සියළු වියදම් ඊට අඩුවෙන් තිබිය යුතුය.නමුත් එවැනි සීමාවකට අපේ නායකයෝ සූදානම් බවක් කොහෙත්ම පෙනෙන්නට නැත.කිසිම සීමාවක් නොමැතිව ඔවුන් වියදම් කරන්නේ කිසිම භයක් සැකයක් නොමැතිවය.හැසිරීමෙන් රටට ආදරය ඇති බවක් පෙනෙන්නේම නැත.එහෙයින් අළුතෙන් එන නායකයෙකු වියදම් කපා හැරියොත් රටට ලොකු සහනයක් ලැබෙන්නට පුළුවණ.

31/01/2022

අපේ රටටත් 'අම්ලෝ' කෙනෙක් සොයමු.
පාලකයෙකු සතු මුලික සුදුසුකම ප්ලේටෝ වරක් ප්‍රකාශකලේය.ඒ ප්‍රඥාවයි.දාර්ශනිකයින් පාලකයින් වනතුරු හෝ සිටින පාලකයින්ට සත්‍ය ඥානය අවබෝධවනතුරුත් එසේත් නැත්නම් දේශපාලනය සහ දර්ශනය එක්වනතුරුත් හොඳ පාලන තන්ත්‍රයක් මිහිපිට බිහිනොවන බව ඔහු ප්‍රකාශකර ඇත.
බුද්ධ දර්මයට අනුවද පාලකයෙකු හෝ රජෙකු සතු පාලන ක්‍රම බුදුන් වහන්සේ සූත්‍රපිටකයේ ඉතා පැහැදිලිව විග්‍රහ කර තිබේ.චක්කවත්ති සීහනාද සූත්‍රය සහ කූටදත්ත සූත්‍රය මෙයට හොඳම නිඳසුන්ය.
එමෙන්ම මේ රට දශරාජ ධර්මයෙන් රජකම් කල යුගයන් ගැනද අපේ ජාතක කථාවල සඳහන් වෙයි.එදා දශරාජ ධර්ම නමින් හඳුන්වනු ලැබුවේ එක්තරා ව්‍යවස්ථානුකූල නීතිමාලාවක් අනුව රට පාලනය කිරීමටයි.එම දශරාජ ධර්මය මෙසේය.
1) දාන (මෙමගින් දුප්පත් ජනතාව වෙනුවෙන් සුභසාධක ක්‍රමයක් ක්‍රියාත්මක විය.)
2) සීල. (පස්පව්වලින් වැලකී රාජකීය ජීවිතයක් ගතකිරීමය.)
3) පරිච්චාග (රටවැසියාගේ යහපතට පරිත්‍යාගසීලීව කටයුතු කිරීමය.)
4) අජ්ජව (ඍජුව සහ අවංකවක්‍රියා කිරීමයි.)
5) මද්දව. (මෘදු සහ කරුණාවෙන් රටවැසියාට සැලකීම.)
6) තප (කෙලෙස් හැඟීමෙන් තොර සුඛෝපභෝගී නොවන ජීවිතයක් ගතකිරීම.)
7) අක්කෝධ (නොකිපීම මගින් සතුරන් සහ විරුද්දකරුවන් රටතුල ඇතිකර නොගැනීම.)
8) අවිහිංසා. (අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.එමෙන්ම සියළු සත්ව ප්‍රජාවට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම.)
9) ඛන්ති (ඉවසීම.)
10) අවිරෝධතා. (හැකිතරම් මහජන මතයට එකඟව ක්‍රියා කිරීම සහ ඊට විරුද්ධ නොවීම.)
මෙසේ දශරාජ ධර්මයෙන් රජ කල බොහෝ අපේ රජවරු තාපස ගතිඟුනයෙන් යුක්ත පිරිසක් වූ බව පෙනෙයි.නමුත් අද එයින් එක ගුනයක් හෝ ඇති පාලකයෙක් මිහිපිට හෝ මේ දිවයිනේ කවදා පහලවේදැයි සැකයක් තිබේ.නමුත් අද වඩාත් එවැන්නෙකුගේ අවශ්‍යතාවය ඇතිවී තිබේ.අප කවුරුත් ඒ ගැන වඩාත් අවධානය යොමු කලයුතුය.මෝඩ පාලකයින් සිටිය සෑම යුගවලම තත්ත්වය මෙසේය.ඒ නිසා මේ ගැන තවත් දුක් විය යුතු නැත.අපි ප්‍රඥාව ඇත්තෙකු පත්කරගැනීමට ක්‍රියා කරමු.මෙවැනි ගතිගුන ඇති පාලකයින් නැතිවීමට හේතුවක් නැත.එවැන්නන් මෙහි සිටිය යුතුය. එසේත් නැත්නම් බිහිවිය යුතුය.කාලයත් සමග එවැන්නෙක් ඉදිරියට එයි.නමුත් එවැන්නෙකුගේ සෙවනැල්ලක්වත් අද අපට පෙනෙන්නට නැත.අපි අවධානයෙන් සිටිමු.
ප්‍රඥාව හෝ දර්ශනය කලඳක් හෝ ඇති පාලකයෙකු මෑත යුගයේ අපේ රටේ සිටියේ නැත.එසේ කෙනෙක් සිටියානම් මීට වඩා දෙයක් රටට වෙන්න තිබුනි.රට ඒන්න එන්නම ගියේ ප්‍රපාතයටය.මොවුන්ගේ ප්‍රඥාව තිබුනේ මොනවාට දැයි කාටත් අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැත.දැන් අත්හදා බැලීම් කලා හොඳටම ඇති.පාට,පක්ෂ සහ මිනිස්සු සම්පුර්ණයෙන්ම අමතක කරල, ප්‍රඥාව සහ දර්ශනය මත ක්‍රියා කරමු.එහෙම කෙනෙක් හොයමු.
මෙම තත්තවය වඩාත් උග්‍රවූයේ පාස්කු ඉරිදා, එනම් මේ වසරේ අප්‍රෙයල් 21 වැනිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරත් සමඟය.මෙම ප්‍රහාරයෙන් පසුව රටේ නායකයින්ගේ, පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ගේ සහ විශේෂයෙන් මේ රටේ ඇතැම් විද්යුත් මාධ්‍යවල හැසිරීමේ යතාර්ථය හොඳටම පැහැදිලි විය.ඔවුන් කිසිවෙක් රටගැන හෝ ජනතාව ගැන කිසිම හැඟීමකින් ක්‍රියා නොකරීම ඉතාම පැහැදිලිය.ඇත්තටම ලැජ්ජයි,පිලිකුල්සහගතයි.සත්‍ය එයයි. මා මෙසේ කියන්නේ ඔවුන්ගේ හැසිරීම් දෙස සති කීපයක් බලාගෙන සිටීමෙන් පසුවය. රටේ සහ ජනතාවගේ යහපතට කතාකල කිසිම පක්ෂ විපක්ෂ නායකයෙක් හෝ දේශපාලනඥයෙක් මගේ මතකයට එන්නේම නැත.වරක් විජේදාස රාජපක්ෂ පැමිණ ප්‍රකාශකලේ තමා මීට වසර කීපයකට පෙර මුස්ලිම් ත්‍රස්ත්වාදය ගැන සඳහන් කල බවත් ඒ අවසථාවේදී තමාට බොහෝ අය තර්ජනය කල බවත්ය.එවිට එසේ කල අය ගැන ඇතිවන්නේ තරහකි.නමුත් දෙවනුව එයට විසදුම කුමක්දැයි ඇසූ සැනයකින් ඔහුගේ පිලිතුරවූයේ ගෝඨාභය ජනාදිපති කලයුතුය යන කතාවකි.මෙයින් ඔහුගේ දේශපාලනය හොඳටම පැහැදිලිය.එයින්ම ඔහුගේ සියළු කතා අවලංගුවෙයි.සියළුම දෙනාගෙ කතා ඊට සමානය.මල්ලෙන් එලියට බළලා පනින්නේ ඔවුන් දන්නේමත් නැතුවය.
විපක්ෂ නායකවරයාගේ වැඩ සහ කතා හෙට ආණ්ඩුවක් පිහිටුවන්නය.ඔහුට දේශපාලනඥයෙකුට තිබිය යුතු ප්‍රඥාවයි දර්ශනයයි තිබුනානම් ක්‍රියා කරන්නේ ඔයිට හාත්පසින්ම වෙනස්වය.එසේනම් ඊළඟට ආණ්ඬු පිහිටුවන්නේත් ඔහුමය.කවුරුත් ඔහුට ගරු කරනවාට කිසිම සැකයක් නැත.ඔහුගේ මේ වැඩ වලට කවුරුත් දැන් කරන්නේ පිලිකුල්ය.ඔහුගේ වැඩ ගැන ඇතිවන්නේ ලැජ්ජාවාක් මිස, ඔහුගේ අවංකකමක් හෝ රට ජනතාව ගැන හැඟීමක් තිබෙන බවක් පේන්නේම නැත.සත්‍ය එයයි.
අපේ ඇතැම් විද්යුත් මාධ්‍ය ගැන ලැජ්ජයි.ඇතැම් සම්මුඛ සාකච්චා ගැන කියන්න දෙයක් නැත.බබ්බු වගේ කියල විතරයි කියන්න තියෙන්නෙ.
පසුගිය වසරේ දෙසැම්බර් පළමුවැනිදා මැක්සිකෝවේ නව ජනාදිපතිවරයෙක් දිවුරුම් දුන්නේය.ඔහුගේ නම ඇන්ඩ්‍රස් මැනුවල් ලොපෙෂ් ඔබ්‍රඩෝර්.නමුත් ඔහු කෙටියෙන් හැඳුන්වන්නේ 'අම්ලෝ' යනුවෙන්ය.මේ වනවිට ඔහු මැක්සිකෝවේ ජනප්‍රයම ජනාධිපතිවරයා වී හමාරය.එහි ජනතාවගෙන් සියයට 70 ට්ත් වඩා පිරිසක් අද ඔහු පිලිගන්නවායි කීවොත් කවුරුත් පුදුම වෙයි.නමුත් සත්‍ය එයයි.වයස වසර 66ක් වු හෙතෙම ජයග්‍රහනය කලේ සියයට 53ක ඉතා විශිෂ්ඨ ජන්ද සංඛ්‍යාවක් ලබාගනිමින්ය.මුලින්ම ඔහු මැක්සිකෝ නගරාධිපතිවරයා වශයෙන්ද කටයුතු කලේය.
මුල් දින 100 ඔහුට තීරණාත්මක කාලයක් වීය.ජනාධිපති හැටියට දියුරුම්දී සති දෙකකින් අය-වැයක්ද ඔහු ඉදිරිපත් කෙලේය. ඔහු මෙතෙක් ඉටුකල සියළුම දේවල්වලින් ජයගෙන තිබෙන්වායි කීවොත් එය නිවරදිය.ජනතා විශ්වාසය දිනාගෙන තිබේ. පොරොන්දු ඒ අයුරින්ම ඉටුකර තිබේ.
කලින් ජනාදිපතිවරයා පාවිච්චිකල සියලුම වාහන වෙන්දේසි කෙලේය. ගුවන්යානය පවා වෙන්දේසි කෙලේය.අදටත් ඔහු පාවිච්චි කරන්නේ පරන පොක්සවාගන් ජෙට්ටා වර්ගයේ කුඩා කාරයකි.ගුවන්යානාවල සාමාන්‍ය පංතියේ ආසන වෙන්කරවාගෙන යන මොහු වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම සිටින්නේ පොඩි මිනිහාත් සමගය.
අපේ නායකයෝ මෙන් එකක් පවසා තවත් එකක් කරන සිරිතක් ඔහුට තිබුනේ නැත.ඔහු කීවටත් වඩා දේවල් කෙලේය.රටේ ජනතාව කියන්නේ පසුගිය වසර 40 ට පසුව රටට යහපතක් සිදුවී ඇති බවකි.
මාධ්‍ය නිදහස තහවුරු කර ඇත.එයට තර්ජනය තිබුනේ මත්ද්‍රව්‍ය වෙලෙන්දුන්ගෙන්ය.මාධ්‍යවේදීන් විශාල පිරිසක් මරාදමා ඇත.දුෂනය මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම රටෙන් අතුගා දැමීමට කටයුතු කරගෙන යයි.ඒ සියල්ල රටවැසි යෝ පිලිගනියි.මෙසේ බලනවිට අද අපිටත් අවශ්‍ය 'අම්ලෝ' කෙනෙකි.

31/01/2022

Anura Kumara In Barack Obama

Thursday, February 13, 2014
Anura Kumara In Barack Obama
Upali Tennakoon
It was in last November that the JVP decided to appoint a new leader for the party and Anura Kumara Dissanayake’s name was unanimously endorsed by the Central Committee as the successor of Somawansa Amarasimghe. It was, needless to say, one of the most important decisions of the nearly five-decade-long history of the Janatha Vimukthi Peramuna. However, no one, even the journalists who worked very closely with the party, knew that such a crucial decision had been made.
There were speculations, assumptions, and wild guesses. Some assumed Tilvin Silva would be appointed as the new party leader, perhaps due to his seniority. Some thought it was Lalkantha, one of the most outspoken members of the party. However, Anura Kumara Dissanayake’s name was not even in the grapevine. It was a closely guarded secret among the Central Committee members of the party. Of course, Anura Kumara Dissanayake was not the senior-most member of the party as he became a full-timer in the JVP in 1991, during the ‘rebound’ period after the 88-89 insurrection.
When Anura Kumara Dissanayake’s name was announced as the new leader of the JVP at the 7th national convention of the party, it came as a surprise to everyone. The transition of power was smooth. Somawansa Amarasinghe, outgoing leader, whole-heartedly congratulated the new leader and ushered him into the stage. There was no division. Everyone seemed happy.
This entire process demonstrates nothing but the unity of the JVP and the ‘trust’ among the party members. They never compromised on the ‘trust’ factor and that was why they managed to keep such a crucial decision as a closely guarded secret. Within the past three months, JVP seniors and Central Committee members interacted with media on various occasions; but no one leaked the secret to media and created unwanted issues prior to the national convention. (JVP is arguably the most media-friendly political party in Sri Lanka, mind you!)
When the top rung members of a party exercise a great level of discipline, that, in return, instills self-confidence in the members of the grassroots level. That creates a great bond among members of the party hierarchy at various levels. This is exactly what other political parties in Sri Lanka lack at the moment.
Although the JVP and the US are at diametrically opposite ends of the spectrum in terms of policies, the conduct of the JVP with regard to its leadership change strongly resembled that of the US government when it came to the secret mission to kill Osama Bin Laden. The plan was executed for more than 06 months without being noticed by media or any other outside element. ‘Confidentiality’ was an integral part of the entire operation and at the final phase, the US President and his top officials watched the ‘battle’ on a widescreen. It’s true there are mixed reactions across the world when it comes to the ‘political correctness of the act. But let’s look at the morale of the story.
The US President, top government officials, and military leaders exercised a great deal of caution when it came to dealing with secret information. Their first priority was the best interest of the country and everything else came second. That was why they managed to keep the operation to kill Osama Bin Laden under wraps until the last moment.
Addressing the nation immediately after the operation, US President Barack Obama made the following remarks.
"Good evening. Tonight, I can report to the American people and to the world that the United States has conducted an operation that killed Osama bin Laden, the leader of Al-Qaeda, and a terrorist who's responsible for the murder of thousands of innocent men, women, and children.
"It was nearly 10 years ago that a bright September day was darkened by the worst attack on the American people in our history. The images of 9/11 are seared into our national memory - hijacked planes cutting through a cloudless September sky; the Twin Towers collapsing to the ground; black smoke billowing up from the Pentagon; the wreckage of Flight 93 in Shanksville, Pennsylvania, where the actions of heroic citizens saved even more heartbreak and destruction.
"And yet we know that the worst images are those that were unseen to the world. The empty seat at the dinner table. Children who were forced to grow up without their mother or their father. Parents who would never know the feeling of their child's embrace. Nearly 3,000 citizens taken from us, leaving a gaping hole in our hearts.
"On September 11, 2001, in our time of grief, the American people came together. We offered our neighbors a hand, and we offered the wounded our blood. We reaffirmed our ties to each other and our love of community and country. On that day, no matter where we came from, what God we prayed to, or what race or ethnicity we were, we were united as one American family.”

Leaders should be able to distinguish their first priorities. When they fail to identify what they should do first, things start falling apart. This theory is applicable to many other political organizations in Sri Lanka that do not attach any importance to maintaining internal discipline. As a result, they always entangle themselves with various internecine struggles and internal disputes, while prolonging their stay in the opposition!

Great
31/01/2022

Great

Address


92882

Alerts

Be the first to know and let us send you an email when Upali Tennakoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Upali Tennakoon:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share