ගැජට් රවුම

  • Home
  • ගැජට් රවුම

ගැජට් රවුම හදවත පුරා මනුෂ්‍යකම...

System change කියන්නෙ මේක තමයි..❤️❤️
10/01/2024

System change කියන්නෙ මේක තමයි..❤️❤️

එන්නෙම නෑ..👍👍👍
10/01/2024

එන්නෙම නෑ..👍👍👍

අමතක නෑ..👍👍👍
08/01/2024

අමතක නෑ..👍👍👍

කන්ඩ නැතත් ඉන්ඩ රටක් ඕන කියල එදා කියපු set එක අද...🤣🤣🤣 #ආතල්  #වාහෙ
05/01/2024

කන්ඩ නැතත් ඉන්ඩ රටක් ඕන කියල එදා කියපු set එක අද...🤣🤣🤣
#ආතල් #වාහෙ

කතා දෙකක් නෑ..මේක තමයි හරිම පාර..👍👍👍
02/01/2024

කතා දෙකක් නෑ..මේක තමයි හරිම පාර..
👍👍👍

වැඩි ඈතක නෙවේ..2015 දී 👍👍👍
01/01/2024

වැඩි ඈතක නෙවේ..2015 දී 👍👍👍

ඊයෙ රෑ  රූපවාහිනී වැඩසටහනකට ඇවිත් හිටියෙ අපේ දේ විකුණන දේශීය ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක්.ඒ මහත්වරු කියපු කතා අහල මගෙ වැඩ...
29/12/2023

ඊයෙ රෑ රූපවාහිනී වැඩසටහනකට ඇවිත් හිටියෙ අපේ දේ විකුණන දේශීය ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක්.ඒ මහත්වරු කියපු කතා අහල මගෙ වැඩ සේරම නවත්තලා පැත්තකට වෙලා අර ඉන්දියන් ටෙලි නාට්‍ය වල පිරිමි ටික ගෑනු මැරුණම විලාප දීගෙන අඩනව වගේ විලාප දෙන්ඩ හිතුණ.එච්චරමටම දුකයි..

ඒ මහත්වරු කියන විදියට ඔවුන් දැන් ආර්ථිමය අතින් ඉතාම පහත් තැනකලු ඉන්නෙ.එක හේතුවක් තමයි රනිල් ගෙනාපු නව බදු පනත මගින් ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටෙනවලු.දෙක තමයි වෙළඳ භාණ්ඩ ප්‍රමිති ගත කිරීමට හඳුන්වා දුන් නව ගැසට්ටුව කියන විදියට ඔවුන් විකුණන භාණ්ඩ ප්‍රමිති ගත කළහොත් ඔවුන්ට විශාල මුදලක් භාණ්ඩ නිෂ්පාදනයට වැයවෙන වලු. ඔවුන් නොකියා කියන්නෙ දේශීය දේ රැකගන්න ඕන නන් භාණ්ඩවල ප්‍රමිතිය ගැන හිතන්න එපා කියලයි.අනේ පව්..

තව මහත්තයෙක් කියනවා ලෝකෙ කොහෙවත් කර්මාන්ත අමාත්‍යාංශය එක්ක සෞඛ්‍ය අමාත්‍යංශය බද්ධ කරන්නේ නෑ කියලා.එහෙම කලොත් සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුව භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී ඔවුන්ට ලාභ ගන්න බැරිලු.කොටින්ම කර්මාන්ත අමාත්‍යාංශය යටතට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනාපු එක වැරදිලු.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2020 දී බදු ආදායම බිංදුවට ගේන්ඩ කියල ඒකෙන් දේශීය කර්මාන්ත කරුවන් ඉතිරි කරගන්නා බිලියන ගානක මුදල රටේ ව්‍යාපාර දියුණු කිරීමට ආයෝජනය කරන බවට මේ මහත්තුරු ටිකම හිටපු ජනාධිපති ගෝටාබයට ගිල්ලපු දාර ලණුව නිසා රටම සතියෙන් පෝලිම් වලට දක්කපු අතීතය අපට අමතක වෙලා ඇති කියල මේ අහිංසක මහත්තුරු හිතනවා ඇති.ඒක මතක් වෙද්දි දැනුත් ඉකි බිදෙනවා..

ගෑස් තෙල් බෙහෙත් පෝලිම් වලට මිනිස්සු දක්කන්ඩ එහෙම වැඩ ටික පිළිවෙලට කරල එතනින් නවතින්නෙ නැතිව දේශීය බිත්තරේ, බේකරි නිෂ්පාදන වල ඉඳන් බිස්කට් පැකට් එක දක්වාම භාණ්ඩ වල මිල අහස උසට උස්සලා මිනිස්සුන්ට රෑ දවල් දෙකේම තරු පෙන්නපු හැටි කියන්ඩ මේ මහත්තුරුන්ට ඊයෙ කට පණ නැති උනා.

ඒකට කමක් නෑ.රනිල් දැන් ගේන්ඩ හදන අලුත් බදු පනත නිසා මෙච්චරකල් බදු නොගෙව හිටපු ලංකාවෙ ප්‍රදාන කොම්පැනි 40 කටම මුල ඉදන් මෙච්ච්රකල් මිනිස්සුගෙන් සූරගෙන ගත්ත ලාභ වලින් නොගෙවපු බදු සියල්ලම නැවත ගෙවන්ඩ සිදු වේවි.

මෙච්චර කල් අපේ දේ විකුණන අපේ මහත්වරු නොගෑවූ බදු වල වටිනාකම රුපියල් ට්‍රිලියනයකට ආසන්න බව වාර්තා වෙනවා.ඒ වගේම සමහර ව්‍යාපාර විසින් දේශීයව උපයා ගෙන විදේශ වල තැන්පත් කොට ඇති ලාභාංශ ඊටත් වඩා තුන් හතර ගුණයකින් වැඩි බවයි වාර්තා වෙන්නේ.

ඉතින් මේ කතා අහල විලාප දීගෙන හූල්ලන්ඩ හිතෙන්නෙ නැත්තන් එක්කො ඊයෙ රූපවාහිනී වැඩසටහන මෙහෙයපු නිවේදකයා වගේ අපිත් කොමා වෙලා ප්‍රශ්න අහන්නෙ නැතිව ඉන්ඩ ඕන.

නැත්තන් මාස 16කට කලින් මැරිල දැන් ඉපදිලා ඉන්න තොත්ත බබෙක් වෙන්ඩ ඕන...

අපි "ගැජට් රවුම"

අවුරුදු 75 ක් ගැන කියවන්ඩ කලින් හිතන්ඩ..🤔🤔🤔
25/12/2023

අවුරුදු 75 ක් ගැන කියවන්ඩ කලින් හිතන්ඩ..🤔🤔🤔

ඇත්තටම අමතක වෙනව..🙃🙃🙃 #ආතල්
22/12/2023

ඇත්තටම අමතක වෙනව..🙃🙃🙃
#ආතල්

අපරාදෙ පුපුරවපු එවා..🤔🤔🤔 #ආතල්
22/12/2023

අපරාදෙ පුපුරවපු එවා..🤔🤔🤔
#ආතල්

"මහා බ්‍රිතාන්‍ය යනු ඔබේත් මගෙත් රටයි.අපගේ සතුරා මුව දොරටම පැමිණ සිටින මේ මොහොතේ මා එකක් කියනවා. අපේ අවසාන සොල්දාදුවාත් ...
20/12/2023

"මහා බ්‍රිතාන්‍ය යනු ඔබේත් මගෙත් රටයි.අපගේ සතුරා මුව දොරටම පැමිණ සිටින මේ මොහොතේ මා එකක් කියනවා. අපේ අවසාන සොල්දාදුවාත් මිය යන තෙක් අපගේ දේශසීමාවන් තුළ, මහා හර්තධාර කඳු පන්ති තුළ, මහා මුහුදේ මෙන්ම අපගේ වෙරළ කලාපයන් තුළ අපි සටන් කරනවාමයි.අපගේ වීර්යය නැති වනතෙක් මහාබිතාන්‍ය සතුරාට කිසිදු දිනක යටත් කළ නොහැකිය"

පලවන ලෝක යුද්ධයේ සිට දෙවන ලෝක යුද්ධය තෙක් සිය ජීවිත කාලය තුළ හරි හම්බ කරපු අත්දැකීම් සහ පරිණත භාවය නිසාම තමා තුල වූ අයෝමය ආත්ම ශක්තිය විශ්වාස කල වින්ස්ටන් චර්චිල් ගේ හඬයි ඒ...මුළු යුරෝපයම ජර්මනියට නතුවෙද්දි හිට්ලර්ට කවදාවත් අල්ලා ගන්න බැරි වුන මහබිතාන්‍යයට නායකත්වය දුන්න චර්චිල්ගේ හඬයි ඒ..

නාසි චින්තනය තුළින් මුළු ලෝකයම වසාගන්න හදපු හිට්ලර්ගේ පුරුෂ පෞරුෂත්වයට යටත් නොවී බොහෝම නිශ්ශබ්දව වෙනස්ම චරිතයක් හෙබි පුරුෂයෙක් ලෙසින් ලොවම හඳුනාගත් වින්ස්ටන් චර්චිල් චරිතය ගැන සැබැවින්ම ලෝකයේ කතා කරන්න පටන් ගත්තේ ඔහුගේ වියෝවෙන් පසුවයි.

මධ්‍යතන යුගයෙන් පසුව ඇතුවූ යුද්ධ සහ ගැටුම් තුළදී මතුවූ විවිධ යුද චරිත තුල ගැබ් වූ පොදු ගුණාංග නිසාම පුරුෂයා කියන චරිතය පිළිබඳව පෙර අපරදිග ලෝකය තුළම තිබුනේ සැබැවින්ම ඉතාම ඒකාකාරී අදහස් ගොන්නක්.

උස් හඬින් කත කරන සෘජු දේහ විලාසයක් ඇති උඩු රැවුල වවාගත් ප්‍රතාපවත් පිරිමින්ව මහා පුරුෂයින් ලෙස හැදින්වීමට ලෝකයම පුරුදු වී සිටියා.

නමුත් දෙවන ලෝක යුද්ධයේදී මතුවූ වින්ස්ටන් චර්චිල් ගේ චරිතය ඊට සැබවින්ම වෙනස්. බොහෝම නිශ්ශබ්දව හා සංසුන්ව කල්පනාවකට වැටෙන ඔහු සමහර විට වචනයක් පිට කරන්නේ පැය ගානකට පසුවයි.කිසිම වෙලාවක අභ්‍යන්තර හැඟීම් එළියට පිට නොකළ ඔහු වෙනස් ම ආකාරයේ පුරුෂ ලක්ෂණන් පිළිබඳව ලෝකයට පණිවිඩයක් ලබා දුන්නා.

චර්චිල්ගේ මරණයෙන් පසුව බොහෝ මානසික විද්‍යාඥයන් විසින් ඉතාම අල්පව පුරුෂයෙක් තුළ තිබිය හැකි මේ ලක්ෂණයන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක් කළා.සැබවින්ම Sigma Male කියන බාහිරින් කිසිදු වෙනසක් නොපෙන්වන එහෙත් අභ්‍යන්තරය තුළ අසමසම වීර්යයක් හා ධෛර්යයකින් යුත් පුරුෂයින් වර්ගයක් පිළිබදව ලෝකයට හඳුනා ගැනීමට හැකි වුණේ මේ පර්යේෂණයන් සමඟයි.

බාහිර සමාජයට වඩා අභ්‍යන්තරය තුළ වෙනම level එකක ක්‍රියාකාරී වන sigma male චරිත නිශ්ශබ්දව සිටින හැම තප්පරයක් තප්පරයක් පාසා සිය පරිණතභාවය සහ දැනුම පාදක කරගෙන තමා යා යුතු ඉලක්කය වෙත ලගා වීමට මනස යොමු කරගන්නවා.

නිශ්ශබ්දව සිටින sigma male තනි පුද්ගලයෙක් කෑ මොර දෙන මහා සේනාවකට වඩා ඉතාමත් බලවත්.තමන් ඉදිරියට පැමිණෙන පුද්ගලයෙක් හඳුනා ගැනීමට හා ඔවුන්ගේ අනාගතය දැකීමට sigma male ලට එක් ඉරියව්වවක් පමණක් ප්‍රමාණවත්.

සමාජයට පේන්න අධිතක්සේරුවකින් කටයුතු නොකළත් තමන්ට තමන් පිළිබඳව ඉහළ තක්සේරුවක් ඔවුන්ට තිබෙනවා.මුළු සමාජයම අනාගතය කියවන්නේ කාලය හා සම්බන්ධ සීමා මායිම් වලින් වුවත් sigma male චරිත අනාගතය දකින්නෙ කාලයෙන් වියුක්ත වී නිදහස් මිනිසෙක් ලෙසයි.

සමාජයේ එකම පෞරුෂත්ව කලාපයකට අයිති සාමාන්‍ය මිනිස්සු සමූහයකට කිසිම දවසක sigma male කෙනෙක්ව බියගැන්විය නොහැකියි. මන්ද යත් sigma male ලට අනුව බිය නැමති මානසික තත්වය යනු අභියෝගයක් බාරගත නොහැකි අධෛර්ය සම්පන්න දුර්වල මිනිස්සුන් හා බැදී පවතින සුලබතාවයකි.

Sigma male ල පරාජය හමුවේ කිසිවිටක දුක්නොවන්නේ සමාජයේ සිටින අනෙක් බහුතරයේ දුර්වලතා සහ
ප්‍රවණතා කැඩපතකින් මූණ බලනවා වගේ ඔවුන් කියවාගෙන ඇති නිසයි.Sigma male ලට සිය ජයග්‍රහණය වෙත යන්න පාර හදාගන්න ඕන වෙලාවට අනෙකාගේ දුර්වලතා ඔවුන් ඉතාම දක්ෂ හා සූර ලෙස භාවිතා කරනවා.

සමාජයට රටකට නායකත්වය දීමට sigma male කෙනෙක් පත්විය යුතුමයි.පොදු බහුතරයට නොතේරෙන නිශ්ශබ්ද හා සන්සුන් සවිඥානක කලාපයක ක්‍රියාත්මක වෙන ඔවුන් හැමවිටම තෝරාගන්නේ ජනප්‍රිය තීරණය නොව ජයග්‍රහණ කැන්දන නිවරැදිම තීරණයයි.

සහේතුක හෝ අහේතුක ලෙස කෑ මොර දී තමාගේම සතුරා විවේචනය කර කර කාලය ගත කිරීම යනු අනාගතය වෙනුවෙන් ආයෝජනය කළ යුතු තමන්ගේ වීර්යය නිරපරාදේ නාස්ති කිරීමක් ලෙස sigma male දකිනවා. අතීතය හා සම්බන්ධ හේතු වලට වඩා අනාගතය හා සම්බන්ධ සැලසුම් සිය හිත් තුළ පමණක් ලෝකයට නොපෙන්වා ඔවුන් තනමින් සිටිනවා.

උඩු රැවුල වවාගත් සෘජු කායවිලාසයක් හා බොලද දාරක ප්‍රේමයෙන් යුත් දියසෙන් කුමාරවරු වඩිනකන් බලාගෙන ඉන්න සමාජයක sigma male කෙනෙක් යනු නිශ්ශබ්දව හුදකලා එහෙත් අධි තීක්‍ෂණයෙන් යුත් ගමනක් යන තනිකර පුරාවෘත්තයක්..

(ජායාරූපය දැම්මෙ sigma male කෙනෙක් වගේ සමාජ අවධානය බලාපොරොත්තු නොවී නිදහස්ව හිතා බැලීම සදහායි)

අපි "ගැජට් රවුම"

තිත්ත ඇත්ත..👍👍👍
18/12/2023

තිත්ත ඇත්ත..👍👍👍

තිත්ත ඇත්ත..👍👍👍
18/12/2023

තිත්ත ඇත්ත..👍👍👍

දිනන රට...👍👍👍
16/12/2023

දිනන රට...👍👍👍

ජෙප්පො කියවන්නෙ බුත.අනික ජෙප්පො උනන්දු ජනප්‍රිය කතා ගැන විතරයි.අනික ලංකාවෙ මිනිස්සු හිනාගස්සන්ඩ නැත්තන් කෝප කරවන්ඩ, ලුණු...
13/12/2023

ජෙප්පො කියවන්නෙ බුත.අනික ජෙප්පො උනන්දු ජනප්‍රිය කතා ගැන විතරයි.අනික ලංකාවෙ මිනිස්සු හිනාගස්සන්ඩ නැත්තන් කෝප කරවන්ඩ, ලුණු ඇඹුල් තියල රස කරල කතා කියවන්ඩ පුලුවන් හොදම කෙප්පයෝ Set එක ඉන්නෙත් JVP එකේ. කතා දෙකක් නෑ ඒක තමා ඇත්ත. හොදම උදාහරණය තමා විදුලි ඒකක මිලදී ගැනීම ගැන අනුර කුමාර පාර්ලිමේන්තුවේදී ඊයේ කියපු කෙප්පෙ.මිනිහා හිතාමතාම ඇත්ත කතාව, බොරු සංවේදී කතාවක් කියල වහන්ඩ හැදුවා.

ඇත්ත කතාව තමයි පුනර්ජනනය විදුලිය ලංකාවට දැන්වත් හඳුන්වා දිය යුතුය යන්න.

නමුත්.. දූෂිත විදුලි මණ්ඩලයේ නිලධාරිවාදයට හා කොමිස් මාෆියා යාන්ත්‍රණයට සහය ලබා දෙමින්, පුනර්ජනනීය විදුලි ඒකකයට රුපියල් පනහක් වැය වෙනවා කියන වැරදි නිර්වචනය පාර්ලිමේන්තුවේදී අනුර කුමාර සමාජයට දෙන්න නින්දිත උත්සහයක් ඊයේ කරා.

නමුත් ඇත්ත කතාව තමයි..හවස 6 ඉදන් උදේ 6 වෙනකන් වැය කරන සෑම විදුලි ඒකකේටම මේ වන විටත් රුපියල් 62 ක් වැය කරනවා.අනික ඒ විදුලිය නිපදවන්නෙ මණ්ඩලේ එවුන් කොමිස් කුට්ටි පිටින් මාටියා ගහන ඩීසල් පුච්චලා.

පුනකරීන් වල නිපදවන සූර්ය විදුලිය ගබඩා කරන්නෙ බැටරි පද්ධතියක් තුල. ඒ විදුලිය තමයි රාත්‍රී කාලයට බාවිතා කරන්නෙ.ඒකකයක් 49යි. පුච්චන හැම ඒකකයකින්ම රුපියල් 13ක් ඉතිරි වෙනව.

පුනර්ජනනීය බල ශක්තියක් වන LNG වලින් විදුලිය නිපදවනවානම් නම් ඒත් ඒකකයක් සදහා රුපියල් 55 වැය වෙනවා.

අනික මුහුදෙ ලුණු වතුරට හේදිලා අවුරුදු 20 කට ආසන්න කාලයක් ප්‍රයෝජනයට ගත්තේ නැති පුනකරීන් වැව මේ ව්‍යාප්තියත් එක්ක අලුත් වැඩියා කරනවා.ඒකෙන් මෙතෙක් කල් වගා නොකල ගොවි බිම් අක්කර හතලිස් දාහක් කෘෂිකර්මයට යොදවා ගන්නත් සැලසුමක් තියෙනවා. කයිවාරු ජෙප්පන්ට දැන්වත් තේරුණාද දන්නෙ නෑ..

අපි "ගැජට් රවුම"

උමා ඔය ජල විදුලි යෝජනා ක්‍රමයට වගේම සාම්පුර් බලාගාරයටත් එදා ජෙප්පො විරුද්ධ උනේ මේ විදියටම තමයි..👍👍👍
13/12/2023

උමා ඔය ජල විදුලි යෝජනා ක්‍රමයට වගේම සාම්පුර් බලාගාරයටත් එදා ජෙප්පො විරුද්ධ උනේ මේ විදියටම තමයි..👍👍👍

නියමයි..🙏🙏🙏      Ranil Wickremesinghe
11/12/2023

නියමයි..🙏🙏🙏
Ranil Wickremesinghe

ගිනි කඳුවල මල් පිපෙන්නේ නෑ කියලා පරණ කියමනක් තියෙනවා.ඇත්තටම මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර කියන්නේ ගිනිකන්දක පිපෙන්න උත්සා...
09/12/2023

ගිනි කඳුවල මල් පිපෙන්නේ නෑ කියලා පරණ කියමනක් තියෙනවා.ඇත්තටම මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර කියන්නේ ගිනිකන්දක පිපෙන්න උත්සාහ කරපු මලක්.

1989 මාර්තු 08 වෙනිදා ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල රික්තකයක් ඉතිරි කරවමින් ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් මහාචාර්ය ස්ටැන්ලිව අමු අමුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ පුස්තකාලය තුළදී ඝාතනය කරපු අවසාන මොහොත තෙක්ම ඔහු ගිනිකන්දක මලක් වෙන්න උත්සාහ කළා.

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයකු ලෙස කටයුතු කළ මහාචාර්ය ස්ටැන්ලිව අමු අමුවේ මහදවල් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කිරීමට ඇත්තටම ඔහු කළ වරද කුමක්ද..

ඈත දුෂ්කර ගම් නියම් ගම් වල ඉදපු දුප්පත් ළමයි වෙනුවෙන් අධ්‍යාපන මං මාවත් විවෘත කරදී පන්ති භේදයකින් තොරව කොළඹ සමාජයෙනුත් එහාට ඔවුන් ඔසවා තැබීමට කටයුතු කිරීමද..

නැතිනම් "දැනුම තමයි හොඳම අවිය" කියන තේමාව ඔස්සේ කටයුතු කොට රැඩිකල් සමාජවාදී ත්‍රස්තවාදයට අවශ්‍ය පිරිස් බලය සොයා ගැනීමට අපහසු වන තත්වයක් උදා කරලීමට කටයුතු කිරීමද..

"කොළඹට කිරි අපට කැකිරි" කියන ජනප්‍රිය එහෙත් පදනම් විරහිත පන්තිභේද සහ පන්ති වෛර අවුස්සන සමාජවාදී සටන් පාට වලට අවස්ථාවක් නොදී සැම දරුවෙක්ටම එක සමාන අවස්ථා සහ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කිරීමද..

මේවා සැබවින්ම අපි දැන්වත් ගැඹුරින් සිතා බැලිය යුතුමයි.

මේ ප්‍රශ්න වලට උත්තර ලබාදීම කෙසේ වෙතත් අවුරුදු පනහකට ආසන්න ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළදී ඔවුන් සිදුකල මහපොළොව නුහුරන අපරාධ සම්බන්ධයෙන් සමාවක් හෝ නොගෙන තවමත් ඔවුන් දේශපාලනය තුළ නියැළීමම අභාග්‍ය සම්පන්න කරුණකි.

අද ජවිපෙ වේදිකාවල කෑගහන එහෙත් එදා මහාචාර්ය ස්ටැන්ලි ලා වගේ උගත් ශ්‍රී ලාංකිකයන් ඝාතනය කළ ඝාතකයන් අද වර්තමාන තාරුණ්‍ය ගැන කියවන අනුකම්පාව දනවන කතා ඇත්තටම පුදුම සහගතයි.

අවුරුදු 75 ගැන කියවන පලියට තමන්ගේ කිල්ලෝට වල තියෙන කුණු ගඳ ගහන අසූචි පලු හේදී නොයන බව මේ වාමාංශික දේශපාලනය දැනගත යුතුමයි.

මහාචාර්ය ස්ටැන්ලිලා වගේ උගතුන් ඝාතනය කළේ තමන් බව හා ඒ සම්බන්ධයෙන් සමාව ගන්නා බව කීමටවත් තවමත් ජවිපෙට නොහැකි වී තිබෙන්නේ ඒ කුහකකම නිසාමයි.

1981 දී ධවල පත්‍රිකා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ අධ්‍යාපනය යනු සෑම ශ්‍රී ලාංකික දරුවකුටම හිමි වරප්‍රසාදයක් බවට පත්කොට ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රමිතියක් ඇති කිරීම සහ උසස් අධ්‍යාපන විෂයන් ගෝලීය විෂයන්ට ගලපා යාවත්කාලීන කිරීමට මහාචාර්ය ස්ටැන්ලිලා ගත් උත්සාහය එදා ජවිපෙ ඔවුන්ගේ අවි බලයෙන් යටපත් කලත් අද ඔවුන්ගේ වේදිකාවල් තුලින් ඇසෙන්නේද එම කතාවමයි.

අධ්‍යාපනය යනු ළමයකු විසින් මව්කුසේ සිට පටන් ගන්නා ක්‍රියාදාමයක් බව පෙන්වා දුන් මහාචාර්ය ස්ටැන්ලි ලාගේ අදහස වූයේ අන්තගාමී දේශපාලන ව්‍යාපාර වලට ගොස් තාරුණ්‍ය විනාශ කර ගෙන ශ්‍රී ලංකාවට පාපයක් වනවාට වඩා තමා හැදු වැඩූ දෙමාපියන් වෙනුවෙන් දරුවකු අධ්‍යාපනය තුළ සටන් කළ යුතු බවයි.

තීරණාත්මක මොහොතකදීත් ශිෂ්‍යයෙකුට තිබිය හැකි හොඳම අවිය වන්නෙ අධ්‍යාපනය බව පෙන්වා දුන් මහාචාර්ය ස්ටැන්ලි නිසා ඇත්තටම ජවිපෙ සන්නද්ධ ව්‍යාපාරය වටා තරුණ ශිෂ්‍යයින් එකතුවීම සුවිශේෂී ලෙස අඩු වුණා.මහාචාර්ය ස්ටැන්ලිලාට ඔවුන් වෛර කළේ ඒකයි.

සමාජ අසමානතාවයක් ඇති වන්නේ පංති භේදයක් නිසා බව පෙන්නා දුන් ජවිපෙට ඔවුන්ගේ මතය වැරදි බව ක්‍රියාවෙන්ම මහාචාර්ය ස්ටැන්ලිලා පෙන්නලා දුන්නා.අමු අමුවේ මහ දවල් ඔහුව මරා දැමුවේ ඒ නිසාමයි.

අද ජවිපෙ පිළිගන්නා එදා මහාචාර්ය ස්ටැන්ලිලා ප්‍රකාශ කරපු ඒ මතය මේ රටේ අධ්‍යාපනය තුළ ස්ථාපිත කල යුතුමයි.
වසර විසි ගණන් පරණ පාසල් සහ විශ්ව විද්‍යාලවල විෂය නිර්දේශයන්ට හිරවී අනාගත ලෝකයට ගැලපෙන රැකියාවල් සොයා ගැනීමට නොහැකි වන ශ්‍රී ලාංකික තරුණයින්ට ඇති එකම විසඳුම වන්නේ අධ්‍යාපනය යාවත්කාලීන කිරීම සහ ඒ සඳහා අවස්ථාවල් වැඩි කිරීම පමණි.

නිදහස් අධ්‍යාපනය යනු රජයක් විසින් ලබා දෙන අඩු පහසුකම් හා අවස්ථාවන් මත තවදුරටත් රදා නොපවතින පරණ විෂය නිර්දේශයක් තුල සිරවී ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන් විනාශ කරන ක්‍රමවේදයක් නොව ගෝලීය ප්‍රවේශයක් තුලින් යාවත්කාලීන වූ අධ්‍යාපන අවස්ථාවන් සහ ක්‍රමවේදයන් ශ්‍රී ලංකීය දරුවන්ට ලබාදීම බව එදා මහාචාර්ය ස්ටැන්ලි ලා කියපු දේ අදට වඩාත් වලංගුයි.

මහාචාර්ය ස්ටැන්ලිලා මේ ලංකාව තුල නැවතත් ඉපදිය යුතුමයි. අධ්‍යාපනය තුළට ඊනියා දේශපාලනය ගෙනත් දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන මර උගුල් ඉදිරියේදී ඇතිවන මොහොතකදී.. සත්තයි මහාචාර්ය ස්ටැන්ලිලා වගේ මිනිස්සු එදාටත් මේ දෙරණ මත ගිනිකදු වගේ නැගී සිටීවි..

- ගැජට් රවුම -

ක්‍රිකට් වල දූෂණ ගැන කීවෙත් විගණන වාර්තාවකින් තමයි..👍👍👍
09/12/2023

ක්‍රිකට් වල දූෂණ ගැන කීවෙත් විගණන වාර්තාවකින් තමයි..👍👍👍

හිත දන්නවා..👍👍👍
08/12/2023

හිත දන්නවා..👍👍👍

බලයට ආවොත් ඉතින් ආයෙ 89 ම තමයි..    🤔🤔🤔
06/12/2023

බලයට ආවොත් ඉතින් ආයෙ 89 ම තමයි.. 🤔🤔🤔

2016 අප්‍රේල්  22 කියන්නේ ලෝකයට ඉතාම වැදගත් දවසක්.දශක ගනනාවක් තිස්සේ අධි පාරිභෝජන සහ සංවර්ධන කටයුතු නිසා ලෝකයේ දියුණු රට...
05/12/2023

2016 අප්‍රේල් 22 කියන්නේ ලෝකයට ඉතාම වැදගත් දවසක්.
දශක ගනනාවක් තිස්සේ අධි පාරිභෝජන සහ සංවර්ධන කටයුතු නිසා ලෝකයේ දියුණු රටවල් වායුගෝලයට නිදහස් කළ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට ගැලපෙන වන්දියක් ලෝකයේ අනිත් රටවලට ගෙවිය යුතු බවට තීරණය වුණු පැරිස් සම්මුතිය අත්සන් කලේ එදා.

ඉතින් කොහොමද මේ වන්දිය ගෙවන්නෙ.කාටද ගෙවන්නෙ.
ඒකත් මේ සම්මුතිය තුලම තියනවා.

ලෝකයේ 74% ක් වන වනාන්තර ආවරණක් ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් වල වනාන්තර තුල නිපදවන ඔක්සිජන් ප්‍රමාණය නිසා ලෝකයට කෘතීමව එකතු වෙන අහිතකර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ස්වාභාවිකවම බැලන්ස් වෙනවා. අන්න ඒ Balance කිරීම සිදු කරන ඔක්සිජන් නිපදවන වනාන්තර ආවරණය තිබෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට මේ වන්දිය ලබාදිය යුතු බවට 2016 දී ලෝකයම එකඟ වුණා. Carbon footprints කියන්නෙත් මේ වැඩේ‍ටමයි.

ගෝලීය දේශගුණික විපර්යාස හා ප්‍රවණතා සම්බන්ධයෙන් සාකච්ඡා කරන COP 27 සහ COP 28 යන ගෝලීය නායක එකමුතුවේ දී දැන් අවස්ථා දෙකකදීම මේ වන්දිය ලබා දිය යුතු බවට දියුණු වෙමින් පවතින රටවල් වලට රනිල් බලපෑමක් කරනවා.දැඩි ප්‍රකාශ නිකුත් කරනවා.ඒක ඉතාම වැදගත් කාරණයක්.

හැබැයි මේකට යටින් තිබෙන රනිල්ගේ උත්සාහය අපි හොඳින් නිරීක්ෂණය කර විස්තර කර ගත යුතුමයි.

දේශගුණික විපර්යාස සම්බන්ධව සිදු කරන අධ්‍යාපනික ඇතුළු අනෙකුත් වැඩසටහන් සඳහා ගිය අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන 500 කට ආසන්න මුදලක් ලෝකයේ දියුණු රටවල් වියදම් කරලා තියෙනවා.

හරියටම කියනවා නම් 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබා ගත්තට පස්සෙ ගත වෙලා තියෙන අවුරුදු 75 ක් වන කාලය තුළ අපි ලෝකෙට ණය වෙලා තියෙන මුදල වගේ පස් ගුණයක් ගිය අවුරුද්දේ විතරක් ගෝලීය දේශගුණික විපර්යාස හා සම්බන්ධ අධ්‍යාපනික වැඩසටහන් වලට ලෝකෙ දියුණු රටවල් වියදම් කරලා තියෙනවා.

දැන් තේරෙනවා නේද... අක්කර 600 ක් පුරා විහිදෙන ලෝකයේ විශාලම හා ප්‍රථම අන්තර්ජාතික දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය හදන්න කොත්මලේ වෙන්කර ගත්තේ ඇයි කියලා...

දැන් තේරෙනව නේද..අන්තර්ජාතික දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ප්‍රථම වතාවට හදන්න ඕන කියන යෝජනාව රනිල් නැවත නැවත අන්තර්ජාතික නායකයින් ඉදිරියේ කියන්නෙ ඇයි කියලා.

රනිල් මේක කියන්නේ දැන් අවුරුදු එකහමාරක ඉඳන්. ඇත්තටම දැන් තමා මේකෙ වටිනාකම ටිකෙන් ටික ලොකෙටම තේරෙන්ඩ පටන් අරන් තියෙන්නේ. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ගෝලීය දකුණේ ඉන්න රටවල් ටිකට.

හැබැයි එදා රනිල් ජනාධිපති වෙලා පාර්ලිමේන්තුවට ඇවිත් කරපු පලමු කතාවේදීම දේශගුණ විපර්යාස ගැන කතා කරද්දි අනුර කුමාර දිසානායක නැගිටල ඇහුව දේශගුණය මේ වෙලාවේ කන්ඩද කියලා.

දේශගුණය ගැන විතරක්ම කතා කරල රටක් ගොඩ දාන්ඩ පුලුවන් කියනදේ තේරෙන්ඩත් වෙනම මාදිලියේ මොළයක් තියෙන්ඩ ඕන නේද කියන දේ COP28 ඩුබායි සමුළුව දැක්කහම දැන්නම් හොදටම පැහැදිලියි.

කොහොම කොහොම හරි ලංකාවේ අන්තර්ජාතික දේශගුණික විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට ලෝකෙ නායකයො ටික ඉදිරියට වගේම බිල් ගේට්ස්ලා සාද් ගුරුලා ඉදිරියට ඩුබායි වල COP28 සමුළුවේදී රනිල් ගෙනාපු යෝජනාවට අන්තිමට ලෝකයම එකග වුනා.

හරියටම කියනවනම් එකග වෙන්න සිදු වුනා කීවොත් වඩාත් නිවරැදියි.මොකද පැරිස් සමුළුවේදී එකඟවූ එහෙත් මේ වන විටත් ඉටු නොකල පොරොන්දු නැවත නැවත කියව කියව ටොකු ඇන ඇන ඒක අස්සෙන් තමයි රනිල් මේ යෝජනාව ගෙනාවේ.

කොහොමත් මේ විශ්ව විද්‍යාලයේ හදන්න ලෝකෙටම දැන් උදව් කරන්නම වෙනවා. කඩවුණු පොරොන්දු ටික දැන් ලෝකෙම දැනගෙන ඉවරයි.

ඒ වගේම මේ සෙල්ලම රනිල් කරන්නෙ කරුණු දෙකක් ඔළුවේ තියාගෙන කියලා විතරක් පැහැදිලිවම කිව හැකියි.

පළවෙනි කාරණය තමයි මේ වැඩේ නිසා ශ්‍රී ලංකාවට දීර්ඝකාලීනව ලැබෙන ප්‍රතිලාභ ටික.

දෙවැන්න තමයි ලෝකෙට ණය නොවී.. පොලී නොගෙවා.. එක එක රටවල් වල ආර්ථික උගුල්වලට වැටෙන් නැතුව.. දියුණු රටවල් නීතියෙන්ම බැඳිලා තියෙන වන්දියක් ඩොලර් බිලියන ගණන් වලින් ශ්‍රී ලංකාවට ඇද ගන්න තියන කෙටිම ක්‍රමය මේක බව රනිල් වෙන කාටවත් වඩා හොදින් කියවා ගෙන ඇති බවයි...
- ගැජට් රවුම -

කතා කරන පින්තූර..👍👍👍
03/12/2023

කතා කරන පින්තූර..👍👍👍

හමුදාවෙ අඩුපාඩු කියන එකාට උන්ගෙ අඩුපාඩු පේන්නෙ නෑ..🤔🤔🤔(දවස් කීපයකට කලින් යාපනේ)
02/12/2023

හමුදාවෙ අඩුපාඩු කියන එකාට උන්ගෙ අඩුපාඩු පේන්නෙ නෑ..🤔🤔🤔
(දවස් කීපයකට කලින් යාපනේ)

පව් හැබැයි..🤣🤣🤣 #මෝඩ  #ආතල්
01/12/2023

පව් හැබැයි..🤣🤣🤣
#මෝඩ #ආතල්

ඕනකම තියෙනවා නම් මාර්ග ඕන තරම්..👍👍👍
29/11/2023

ඕනකම තියෙනවා නම් මාර්ග ඕන තරම්..
👍👍👍

පැති කණ්ණාඩි..👍👍👍
28/11/2023

පැති කණ්ණාඩි..👍👍👍

අත්දුටුවයි..🤣🤣🤣 #ආතල්  #මෝඩ  #පුතා
28/11/2023

අත්දුටුවයි..🤣🤣🤣
#ආතල් #මෝඩ #පුතා

වැසීයාමට ඉඩ නොදිය යුතු ඇත්ත.. 👍👍👍
27/11/2023

වැසීයාමට ඉඩ නොදිය යුතු ඇත්ත.. 👍👍👍

දැන් තේරුණාද..🤣🤣🤣
27/11/2023

දැන් තේරුණාද..🤣🤣🤣

Address

COLOMBO

Website

Alerts

Be the first to know and let us send you an email when ගැජට් රවුම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share