07/05/2024
Paradise ( 2024 )
මගේ වයසේ අනිත් කොල්ලන්ට කෙල්ලන්ට සාපේක්ෂව මට ජීවිතේ යථාර්තනය සම්බන්ධයෙන් තිබෙන අත්දැකීම් හරිම අඩුයි. එකක් ඒ මම තනිව හැදුනු විදිහ සහ මාව හදපු විදිහ නිසා. ඒක නිසාම මම ජීවිතේ හොයාගන්නේ Films වලින්. ඒ නිසාමයි සිනමා රසිකයින් බොහෝ දෙනෙක් ප්‍රිය කරන, ආදරය කරන Fantasy යට වඩා, Reality යට මම ආස කරන්නේ. Reality ය ඉතාම සියුම් ලෙස ප්‍රේක්ෂකයින්ට දනවන්න පුළුවන් ලාංකේය සිනමා අධ්‍යක්ෂවරුන් අතරින් මගේ ලිස්ට් එකේ නම් උඩින්ම ඉන්න කෙනෙක් තමයි ප්‍රසන්න විතානගේ කියලා කියන්නේ.
ප්‍රසන්න සර් ගේ හැම චිත්‍රපයටක්ම මම 3 න් සැරේකට වඩා නම් අනිවාර්යෙන්ම බලලා ඇති.
තියෙන වැඩත් එක්ක ප්‍රසන්න සර් ගේ අලුත්ම ෆිල්ම් එක ‘‘ Paradise ’’ බලන්න යන්න ලොකු උවමනාවක් තිබුනත් යන්න වෙලාවක් වුණේ නෑ. අද කොහොම හරි යනවා කියලා හිතාගෙන, මහරගම ඇමිටි ලයිට් සිනමා ශාලාවේ රාත්‍රී 8.30 දර්ශණ වාරය බලන්න මම ගියා.
ඇත්තටම මම මේක බලන්න යන්න ප්‍රධානම හේතුව ප්‍රසන්න සර් ගේ ෆිල්ම් එකක් වීමම නෙමෙයි. මම හිතන්නේ මම ඇතුළුව මේ ෆිල්ම් එක බලපු සමස්තයට පොඩ්ඩක් අඩුවෙන් අනිවාර්යෙන්ම ෆිල්ම් එක බලන්න යන්න ප්‍රධානම හේතුව වුණේ රොෂාන් මැතිව් සහ දර්ශනා.
ඒක මාරම Combination එකක්. Acting ගැන ඉතිං ආයේ අමුතුවෙන් කථා කරන්න දෙයක් නෑ. මලයාලම් සිනමාව facebook ගෲප් එක පැත්තට ගිහින් රොෂාන් මැතිව් සහ දර්ශණාගේ රඟපෑම කොහොමද කියලා පොඩි post එකක් දාලා බලන්නකෝ. බයිබලයක් වගේ රචනා ශෛලියෙන් දෙන්නගේ රඟපෑමේ විශිෂ්ඨත්වය කියලා දේවී.
අනිත් කාරණය කථාව, මේක අවසානයේදී ඔලුව හිරිවැටිලා යන ජාතියේ අවසනායක් තියෙන වැඩක්. ලංකාවේ මිනිස්සුගේ නියම විදිහ, දේශපානය, අහිංසක මිනිස්සු කොයි වගේ පීඩන වලට ලක්වෙලා ඉන්නවද , හිටියද කියන කාරණය ගැන ඉතාම සරලව, හැබැයි වදින්න ඔ්නේ හොඳම විදිහට ගහලා කියලා දීපු පිටපතක් මේක. ප්‍රසන්න විතානගේගේ සිනමාව සහ ඔහුගේ සමාජ කියවීම කොයි වගේ තැනක තියෙනවද කියලා අයෙත් ඔප්පු කරන සුපිරිම ජාතියේ සාධකයක් මේ පිටපත.
මීට වඩා කියන්න ගියොත් වැඩේ spoile වෙනවා. හැබැයි මේ ටික කියන්නම ඔ්නේ. ලංකාවේ දැනට ඉන්න රංගන පාසලක් වගේ චරිතයක් තමයි මහේන්ද්‍ර පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම පෞද්ගලිකව මම වැඩිපුරම ආසකරන අතිදක්ෂ රංගන ශිල්පියෙක් තමයි ශ්‍යාම් ප්‍රනාන්දු කියන්නේ. Shyam Fernando අයියේ මේක මරු. වැඩක් නෑ කියලා. සු පි රි.
මේක බලන්න ආපු ප්‍රේක්ෂකාගාරයත් හරිම නිශ්ෂබ්ද වගේම හරිම සංයමයකින් චිත්‍රපයට බලාගෙන හිටපු නියම ප්‍රේක්ෂකාගාරයක්. පසුගිය කාලේ පුරාවටම ආපු මෙලෝ වැඩකට නැති මඟුල් ෆිල්ම් නිසා සිංහල ෆිල්ම් බලන එක මම අතෑරලා හිටියේ. හැබැයි අද මේක බලන්න පුළුවන් වුණ එක ගැනත්, ඒ වගේ වටින ප්‍රේක්ෂකාගාරයක, මමත් ප්‍රේක්ෂකයෙක් වීම ගැනත් මට තියෙන්නේ පුදුම සතුටක්.
අවසානයේ කියන්න තියෙන්නේ , පිරිමි හරි ඉක්මණින් දේවල් අතහරිනවා. නමුත් ගැහැණු හරි ඉක්මණින් දේවල් අල්ලගන්නවා සහ ඒවා රසවිඳිනවා. හැබැයි ගැහැණු දේවල් අතහරින දවසට ලොකු විනාශයකුත් එක්ක තමයි දේවල් අතහරින්නේ. ඒ් නිසා අතහැරිය යුතු දේවල් අතහැරලා අල්ලගෙන ලඟතියාගන්න ඔ්නේ දේවල් ලඟ තියාගන්න හරි පරිස්සමෙන්.
මේක අනිවාර්යෙන්ම ගිහින් බලන්න. වෙනම රහක්. වචන වලින් කියලා ඉවර කරන්න බැරි යථාර්තයක් ඇස් දෙකෙන් බලාගන්න පුළුවන් වෙයි.
සටහන - දුතික ගයාශාන්