Ravana Books Archives.lk

Ravana Books Archives.lk ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක අභිමානනීය හෙළිදරව්ව !!!

⭕ රාවණ ඉලංගම්..
12/01/2024

⭕ රාවණ ඉලංගම්..

මහා රාවණ රාජ සමයේ දී මේ මාතෘ භූමියේ ආරම්භ කරන ලද ඉපැරිණි ඉලංගම් ශාස්තය.All Rights Reserved ©⚜All Inquiries - Ceylon Ravana Books Conservatory Publishers pvt ...

සුමන සමන් දෙවියන් යනු රාම සොහොයුරු ලක්ෂමණ බවට අප්‍රකටව ඇති මූලාශ්‍ර සාධක...👇
11/27/2024

සුමන සමන් දෙවියන් යනු රාම සොහොයුරු ලක්ෂමණ බවට අප්‍රකටව ඇති මූලාශ්‍ර සාධක...👇

ආයූබෝවන්..අද මම ඔයාට කියන්න යන්නේ... ටිකක් වෙනස් කතාවක්..ඒ තමයි සිංහල අපේ ජන විඤ්ඤාණයේ මුල් බැහැගෙන සිටින සුමන සමන් .....

"අගත අනගත චතුදිශ සගස" දෙවන කොටස..👇
11/14/2024

"අගත අනගත චතුදිශ සගස"

දෙවන කොටස..👇

වර්තමන සමාජයේ කතිකාවට ලක් නොවන ඉතිහාසය සහ මූලාශ්‍ර අතර පමණක් ඉතිරිව ඇති, මෙම සෙල්ලිපි ගැන කිසිවෙකුගේ අවදානය මේ ව.....

⭕අප්‍රකට රාවණා මූලාශ්‍ර වැඩසටහනේ 3 වන කොටස - ශ්‍රී ලංකාවේ කඩඉම් පොත් වලින් හෙළි කරන රාවණා ඉතිහාසය 👇
11/08/2024

⭕අප්‍රකට රාවණා මූලාශ්‍ර වැඩසටහනේ 3 වන කොටස - ශ්‍රී ලංකාවේ කඩඉම් පොත් වලින් හෙළි කරන රාවණා ඉතිහාසය 👇

බුදුන් උපන් දේශය පිලිබඳව ඉඟි සපයන සෙල්ලිපි වැකිය..👇
11/04/2024

බුදුන් උපන් දේශය පිලිබඳව ඉඟි සපයන සෙල්ලිපි වැකිය..👇

⭕ මීට වසර ගණනාවකට කලින් සෝම හිමියන් රටටම හෙළිකර දුන් මහවංශයේ බොරුව සහ හෙලයින් ගේ සැබෑ කතාව පිලිබඳව අනාවරණය කරනු ලබන දුර්...
11/03/2024

⭕ මීට වසර ගණනාවකට කලින් සෝම හිමියන් රටටම හෙළිකර දුන් මහවංශයේ බොරුව සහ හෙලයින් ගේ සැබෑ කතාව පිලිබඳව අනාවරණය කරනු ලබන දුර්ලභ වීඩියෝවකී.

මීට වසර ගණනාවකට කලින් සෝන හිමියන් රටටම හෙළිකදුන් මහවංශයේ බොරුව සහ හෙලයින් ගේ සැබෑ කතාව පිලිබඳව අනාවරණය කරනු ලබන .....

ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යඥයන් විසින්අතීත හෙළයාට සිදුකල බරපතල අසාධරණය පිලිබඳව හෙළිදරව්ව...👇
11/02/2024

ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යඥයන් විසින්
අතීත හෙළයාට සිදුකල බරපතල අසාධරණය පිලිබඳව හෙළිදරව්ව...👇

⚜️මෙම වීඩියෝව Dhanush Vlogs නාලිකා වේ විකාශනය වන "රාවණ මූලාශ්‍ර" වැඩ සටහනින් උපුටා ගන්නා ලද්දකි.⭕එම සම්පුර්ණ වීඩීයෝව නැරඹ....

ශ්‍රී රාවණ වංශය කණ්ඩායම වසර ගණනාවකට පෙර සිදුකල නිල්දිය පොකුණ ගුහා සංකීර්ණයේ පර්‍යේෂණාත්මක ගවේශණය..👇
10/31/2024

ශ්‍රී රාවණ වංශය කණ්ඩායම වසර ගණනාවකට පෙර සිදුකල නිල්දිය පොකුණ ගුහා සංකීර්ණයේ පර්‍යේෂණාත්මක ගවේශණය..👇

ශ්‍රී රාවණ වංශය කණ්ඩායම මීට වසර කිහිපයකට පෙර නිල් දිය පොකුණ සොයා පොළොව අභ්‍යන්තරයට ගිය ගවේශණාත්ම...

ලංකාවෙන් හමුවන රාවණ සෙල්ලිපි - 02
10/30/2024

ලංකාවෙන් හමුවන රාවණ සෙල්ලිපි - 02

රාවණ වංශය යූ ටියුබ් නාලිකාව © (සියලුම හිමිකම් ඇවිරිණි) ⭕අද අප මුලින්ම ඔබේ අවදානය යොමු කරන්නේ අනුරාදපුර වෙස්සගිරිය...

ලංකාවෙන් හමුවන රාවණ සෙල්ලිපි - 01
10/30/2024

ලංකාවෙන් හමුවන රාවණ සෙල්ලිපි - 01

රී රාවණ වංශය යූ ටියුබ් නාලිකාව © (සියලුම හිමිකම් ඇවිරිණි) මෙම වීඩියෝවේ අන්තර්ගත වෙන්නේ දැනට ලංකාවේ අප්‍රකටව තිබෙන...

රුසියානුවන්  පුදුම කල ඔවුන් ග්‍රන්ථ වලට පවා රචනා කල රාවණා තාක්ෂණය ..👇👇👇
10/30/2024

රුසියානුවන් පුදුම කල ඔවුන් ග්‍රන්ථ වලට පවා රචනා කල රාවණා තාක්ෂණය ..👇👇👇

මෙම වීඩියෝවේ සම්පූර්ණ වැඩසටහන නැරඹීම සඳහ පහත සබැඳිය භාවිතා කරන්න..👇🔰https://youtu.be/qqHgjW864Lo?si=Jjd4gmQmrtaSN8dpවිශේෂ ස්තුතිය Dhanush Vlog's Youtube නා....

🔴අතීත හෙළයා​ ගේ ගුවන් යානා තාක්ෂණය සවිස්තරාත්මකව..✒️විමාන සහ අහස් තර යනුවෙන් හෙළ බසින් ද, විමාන හා වෛමාන ලෙස සංස්කෘතයෙන්...
10/29/2024

🔴අතීත හෙළයා​ ගේ ගුවන් යානා තාක්ෂණය සවිස්තරාත්මකව..✒️

විමාන සහ අහස් තර යනුවෙන් හෙළ බසින් ද, විමාන හා වෛමාන ලෙස සංස්කෘතයෙන්ද හැඳින්වුණේ ගුවන් යානාවයි. බෙංගාල බසින් මෙය බිමාන ​ෙව්. බිමාන එයාර් ලයින්ස් (Bimana Airlines) යනු බංගලිදේශ් ජාතික ගුවන් සේවාවයි. “අප ගමන් බිමන් යෑම” යනුවෙන් අදත් භාවිත කරන්නේ පොළොව මතුපිට ගමන් කිරීම වුවද ගමන් යනු පොළොව මතුපිට යාමයි. බිමන් යන අහසින් යාමයි. බැංගලෝරයෙන් ලැබී 1923 ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද භාරද්වාජගේ (සංස්කෘත) ග්‍රන්ථයේ ගුවන් ගත කිරීම “නැග්ම” යන වචනයෙන්ද පොළොවට පාත් කිරීම “ලැග්ම” යන වචනයෙන්ද (ලැගීම) දක්වා තිබුණි. මේ පක්ෂියාගේ නොහොත් කුරුල්ලාගේ ගමන අනුව යාමයි. 1967 දී ටිබෙට් රටින් සොයාගෙන චීන රජය විසින් ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයට දී ඉංග්‍රීසියට පරිවර්තනය කරගත් පොතේ තිබුණේ ග්‍රහලෝකවලට පවා මෙම විමානවලින් ගමන් කළ හැකි බවය.

පරිවර්තන මණ්ඩලයේ ප්‍රධානි ආචාර්ය රූත් රේනර් මහත්මිය ඒ බව ප්‍රකාශ කර තිබුණි. ගුවන් යානාවක් නිපදවීම හා පදවාගෙන යාම පුද්ගලයකුට හෝ එක් ගුරුකුලයකට සීමාවුවක් මිස එය සමාජ විද්වත් හෝ සමාජ තාක්ෂණයක් නොවීය. එය ඍෂි නොහොත් විශ්වකර්ම විසින් නිර්මාණය කරන ලද “ලංකාපුරය සහ දඬුමොනර යානය” එසේ සැදුවේ සිංහමුඛ නොහොත් මාල්‍යවන්ත කුමරුටය. ඔහුගෙන් හිස් වූ ලංකාපුරය හා යානය විශ්‍රවස් මුණි අත්පත්කර ගති. රාවණ විසින් විශ්‍රවස් මුණිව ලංකාවෙන් පිටකර ​ෙ​ෙකලාශ කූටයට (අද සංචාරක මධ්‍යස්ථානයකි.) යවා තමන් විසින් ලංකාපුරය හා යානය අයිතිකර ගති.


ආරම්භක කෘත යුගයේදී යානාවක් රහිතව සිතිවිලි මාත්‍රයෙන් මිනිසාට අහසින් යා හැකි වු බව ලේඛනගතව ඇත. දෙවැනි ද්වාපර යුගයේ අවසාන භාගය වනවිට ආවරණය සාදා ගැනීමට සිදුවිය. ඒ ඔහු තම පංචස්කන්ධය ඒ තුළ රඳවාගෙන ගමන්කළ නිසාය. ඒ තුළ මන්ත්‍ර ජප කරමින් ඔහු ගමන් කළේය.


තේත්‍රා නමැති තුන්වන යුගය වන විට ලෝහ ආවරණය හා යානය ක්‍රියාත්මක වන එන්ජිමක් සහිතව විමානය ගමන් කළේය. කෘත යුගයේ මිනිසා අධි මානසික බලවලින් පරිපූර්ණව සිටි නිසා (4/4) සියල්ල සිතුවිල්ලෙන් ක්‍රියාත්මක විය. ද්වාපර යුගයේදී පූර්ණත්වය අඩක් (2/4) අඩු විය. තේත්‍රා යුගයේදී අධි මානසික බල 1/4ට අඩුවී මන්ත්‍ර වැඩි​ෙයන් අවශ්‍ය විය. වත්මන් කලියුගයේදී අධි මානසික බල මුකුත් නැතිව හුදෙක් ද්‍රව්‍යමය ලෙස (භෞතික හා රසායන විද්‍යාවෙන්) ගුවන් යානා නිපද වේ. නමුත් දැන් පෙනී යන්නේ බලවත්ම අධිවේගී ගුවන් යානාවලට සිතිවිල්ල කෘත්‍රිම ලෙස වායු තරංග වලට කවා එම වායු තරංග (මන්ත්‍ර) මගින් ද්‍රව්‍යය ස්පර්ෂකර ක්‍රියාත්මක කරන බවය.

මෙහි විස්තර පෙනෙන ගුවන් යානා තාක්ෂණය භාරද්වජගේ “විමාන ශාස්ත්‍ර” වලින් උපුටා ගත් අතර එහි දැක්වෙන්නේ තේත්‍රා යුගයේ ගුවන් යානා තාක්ෂණයයි.


ලෝහ වර්ග තෝරාගැනීම.
නියමුවා සම්පූර්ණ වූ (නියම වූ) පසුව පමණක් යානය සෑදීම විස්තර වේ. මානව අවශ්‍යතාව අනුව ද්‍රව්‍ය ක්‍රියාකාරිත්වය දෙවනුව පුරුදු පුහුණුකර ඇත්තේ හෙළ ශිෂ්ටාචාරයේය. අදත් සිංහල අවුරුද්ද දිනට පළමුවෙන්ම සිදුවන්නේ පාරිභෝගික අවශ්‍යතාව මූර්තිමත් කරන ලිප ගිනි මොළවා කිරිබත් පිසින කාර්යය පළමු නැකතට සිදු කිරීමය. මේ මව හා දූවරුන් විසිනි. වැඩ අල්ලා ගනුදෙනු කර නිෂ්පාදන ක්‍රියාව මූර්තිමත් කරන්නේ පියා හා පුතුන් විසින් දෙවනුවය.

පෘථිවිය අභ්‍යන්තරයේ ලෝහ නිධි දරාගත් පාෂාණ තට්ටු 3000ක් ඇත. 7 වැනි ස්ථරයේ ඇති මෙවැනි ලෝහ වර්ග 27කි. මධ්‍ය ආකර්ෂණ බලය, පෘථිවි හා වායු ගෝලීය ආකර්ෂණය, සූර්ය පිටාරයත්, වායුන්ගේ බලයත්, ග්‍රහලෝක හා තාරකාවල බලය, හිරු සඳු ආකර්ෂණ බලය, විශ්ව ගුරුත්වාකර්ෂණ යනාදී වූ සියලු බලවේගයන් පෘථිවියේ 3, 8, 11, 5, 2, 6, 4, 9 යන ස්ථරවලට අනු පිළිවෙළින් ඇතුළු වේ. එමගින් නොයෙකුත් වර්ගවල හා තත්ත්වයන්ගේ ලෝහ වර්ග නිර්මාණය වේ.


මේ අතුරින් සෞමක, සෞන්දල හා මෞත්විත ලෝහවර්ග තුන තෝරා ගැනේ. මේවායේ ඇති විශේෂ බල සහ ගුණාංග විවිධ ශබ්දයන්ට ආදේශ කර වටිනාකම් මනිනු ලැබේ. මෙම තෝරා ගැනීම් කරන්නේ සූර්යාගේත්, එහි පරිවාර ග්‍රහයන්ගේත්, තාරකාවල හා අභ්‍යාවකාශයේ අනන්ත වූ ග්‍රහ තාරකාවන්ගේ බලශක්තීන් පෘථිවියේ කිනම් ස්ථානවල ඇති ලෝහයන්හි අන්තර්ගතදැයි දැනගැනීමෙන් පසුවය.

පිටට විහිදුවා හැරේ. සතුරු යානයක් එන්නේ නම් ඊට එල්ල කළ හැක.
7. රෞදි දර්පණය - සූර්ය රශ්මියේ අහිතකර බලයත් එකතුකර විද්‍යුත් බලයෙන් විහිදුවා හැර තමන්ට වුවමනා යානයක් උණුකර වගුරුවා හැරිය හැක. (ටිබෙට් පොත්වලින් ඉගෙනගන හිට්ලර්ට යුද ටැංකි උණුකරන ආලෝක කිරණ නිපදවීමට හැකි විය.)
ආහාර අධිකාරිය.

විමානයක් පදවන අයගේ ආහාරය පො​ෙළාව මතුපිට ජීවත්වන අයකුට වඩා වෙනස්ය. වසන්ත හා ග්‍රීස්ම සෘතුවලදී, ශීත සෘතුවේදී, වර්ෂා සහිත සරත් සෘතුවේදී ගතයුතු ආහාර වෙනස් වන්නේය. මෙය නොදන්නේ නම් ආහාර විෂවීමට පුළුවන.
අහසේ ඇති ජලීය ස්වභාවයේ වෙනස්වීම් හා ජලීය ප්‍රමාණයේ අනුපාත අඩුවැඩි වීම් ශරීරයට යහපත් හා අයහපත් ආකාරයන්ට බලපායි. ඉහළ අහසේ 1/16 පමණක් ජලය ඇති 7 වැනි ආකාශ ස්ථරයේ සීතාවලී සහ කුහෝ නමැති යෝග සමග වායු බලවේග 101 ප්‍රමාණය ගැටේ. මේවා පසලොස්වක හා අමාවක සමග පුර හා අවපක්ෂ වලදී විවිධ ප්‍රතිඵලයන්ය.

රූපාන්තර - විමානය සිංහයකු, කොටියකු, සර්පයකු, කන්දක් ආදී ලෙස පෙනෙන්නට සැලැස්වීම.
ස්තබ්දක - සතුරු යානයේ අය සිහි නැති කරවීමට
ක්‍රියාග්‍රහණ - ​ෙපාළොවේ සිදුවන ක්‍රියාවලි දැන ගැනීමේ විධිය.
කර්ෂණ - උෂ්ණත්ව සුක්කානම 87 ගුණයක් වැඩිකර කරකවා පිලිස්සීමේ ශක්තිය වැඩිකර ආලෝකධාරා යවා (ලේසර්) සතුරු යානය පිලිස්සීමට මේ කරුණු 7කි. කරුණු 32ම නියමුවකු දත යුතුව ඇත.

ගුවන් ධාවන පථ.
අහසේ කලාප 5ක් ඇත. රේඛාපත, මණ්ඩල, කක්ෂ්‍ය, ශක්ති, කේන්ද්‍ර යනුවෙන් ඒවා හැඳින්වේ. මෙම කලාප 5 තුළ ගුවන් ධාවන පථ 5, 10, 800ක් ඇත. ලෝක 7ට මේවායින් ගමන් කළ හැක. ලක්ෂ ගණනක් ධාවන පත අතුරින් තමනට වුවමනා ධාවන පථය ​ෙත්රා ගන්නේ මන්ත්‍රයක් කීමෙනි. භූලෝක, භුවර්ලෝක, සුවර්ලෝක, මහෝලෝක, ජනෝලෝක, තපෝලෝක, බ්‍රහ්මලෝක විමානවලට සුදුසු කලාපවල ඒ ඒ කොටස් පමණක් ගමන් කිරීම සඳහා සුදුසුය. පෘථවි මනුෂ්‍යයන් හැර වෙනත් ලෝකවල අයද තම විමානවලින් අභ්‍යාවකාශයේ ගමන් කළ බව දැක්වේ.

ආවර්ත නොහොත් වාසුලි ඉහත සඳහන් කලාප තුළ බහුලය. රේඛාපත - ශක්ති සුළං. මණ්ඩල පථ - සුළඟින් උපදින සුළි, කක්ෂාපථ - සූර්ය රශ්මි සුළි, ශක්තිපථ - ශීතාවර්ණ සුළි, කේන්ද්‍රපථ - සර්ෂණාවර්ථ සුළි.


විමාන වර්ග හතර.
වර්තමාන ගුවන් යානා මෙන් හෝ රොකට් මෙන් නොව වෘත්තාකාර හැඩයෙන් යුතුව කෝප්පයක් මුනින් නැමුවා වැනි හැඩයෙන් යුතු විමාන අතීතයේදී විය.


1. ශකුණ විමාන - අහසේ යාමේදී පුෂ්පයක් උඩු අතට හැරවූවාසේ වුවද පො​ෙළාවට බෑමේදී දෙපස ඇති පියාපත් දිග හැරී අත්තටු සලමින් වේගය අඩුකර ගනී. කුරුල්ලා සිහිගන්වන නිසා මෙය ශකුණ විමාන විය.
2. සුන්දර විමාන - පූර්ණ වෘත්තිකාර හැඩයෙන් හා තැටියක ස්වරූපයෙන් යුතුය. පියාඹන පිරීසි ලෙස අප හඳුනාගෙන ඇති මෙය ප්‍රහාරක යානයකි.
3. ත්‍රිපුර විමාන - තට්ටු තුනකින් යුතුය. පළමු තට්ටුවට පො​ෙළාව දිගේ යා හැකි අයුරු රෝද 2x10 ක් 20ක් ඇත. දෙවැනි තට්ටුවට දිය මතුපිට හා දියයටින් (සබ්මැරීන් ලෙස) තුන්වැනි තට්ටුවට අහසේ පියාසර කළ හැක.

4.ප්ලේටෝ විසින් වාර්තා කළ අත්ලාන්තික් පුරවරයේ (ලංකාපුර) දිය යටින්ද අහසින්ද යන ගුවන් යානා ඇති බව සඳහන්ය.



ආචාර්ය සූරිය ගුණසේකර ©

රාවණ මූලාශ්‍ර - ඌව වංශ කතාවේ හමුවන රාවණා | Ravana found in the source of Uva Vamsa Katha -
10/29/2024

රාවණ මූලාශ්‍ර - ඌව වංශ කතාවේ හමුවන රාවණා | Ravana found in the source of Uva Vamsa Katha -

මෙම වීඩියෝවේ සම්පූර්ණ වැඩසටහන නැරඹීම සඳහ පහත සබැඳිය භාවිතා කරන්න..👇🔰https://youtu.be/qqHgjW864Lo?si=Jjd4gmQmrtaSN8dpවිශේෂ ස්තුතිය Dhanush Vlog's Youtube නා....

හොරොව්පතාන "වලස්කුණු වැව" ඇති රාවණ සෙල්ලිපි සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිලිබඳව රාවණ පුස්තක සංරක්ෂණාගාරයේ සභපති තුමන්ගේ ...
10/28/2024

හොරොව්පතාන "වලස්කුණු වැව" ඇති රාවණ සෙල්ලිපි සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිලිබඳව රාවණ පුස්තක සංරක්ෂණාගාරයේ සභපති තුමන්ගේ අදහස් දැක්වීම...👇

මෙම වීඩියෝවේ සම්පූර්ණ වැඩසටහන නැරඹීම සඳහ පහත සබැඳිය භාවිතා කරන්න..👇🔰https://youtu.be/qqHgjW864Lo?si=Jjd4gmQmrtaSN8dpවිශේෂ ස්තුතිය Dhanush Vlog's Youtube නා....

⭕යක්ෂ ගෝත්‍රිකයන් විසූ රිටිගල🚫හබරණ සිට මරදන්කඩවල හරහා දිවෙන අනුරාධපුර මාර්ගයේ කි. මී. 15 දුරින් පිහිටි ගලපිටගල හන්දියෙන්...
10/27/2024

⭕යක්ෂ ගෝත්‍රිකයන් විසූ රිටිගල🚫

හබරණ සිට මරදන්කඩවල හරහා දිවෙන අනුරාධපුර මාර්ගයේ කි. මී. 15 දුරින් පිහිටි ගලපිටගල හන්දියෙන් හැරී අතුරු මගක ගමන් කළ යුතුයි. කොළඹ සිට රිටිගල දක්වා දුර කි. මී. 201ක් පමණ වෙනවා. මරදන්කඩවල සිටම ක්ෂිතිජයේ දී රිටිගල කඳුවැටිය අලංකාර දර්ශනයක් මවා පාන අයුරු ඔබට දැකගැනීමට පුළුවන්. මේ අවට වෙනත් කඳු නැති නිසා එය කැපී පෙනෙන දර්ශනයක්. ගලපිටගල ගම්මානයෙන් හැරී මඳ දුරක් යන විට වනය මැදින් වැටී ඇති කොන්ක්‍රීට් දැමූ මාර්ගයකට ඔබ පිවිසෙනවා. මේ මාර්ගයේ අලි ගමන් කරන නිසා උදේ පාන්දරම යාමෙන් වැළකී සිටිය යුතුයි. කොන්ක්‍රීට් මාර්ගය යළිත් ගුරු පාරකට හැරෙනවා. එහි සිට මාවත ඇදී යන්නේ ඝන වන වැස්මක් හරහා රිටිගල රක්ෂිතය මැදින්. මේ මාර්ගය හොඳින් නඩත්තු කර ඇති නිසා මෝටර් රථයකටත් පහසුවෙන් යාමට පුළුවන්. කඳු පාමුල රථවාහන නැවැත්වීමට ස්ථානයක් සකසා තිබෙනවා. ගලපිටගල සිට කඳු පාමුලට දුර කි. මී. 8ක්. අවශ්‍ය නම් මෙහි පිහිටි පුරාවිද්‍යා කාර්යාලයෙන් ඔබට තොරතුරු ලබාගැනීමටත් පුළුවන්.

ජනප්‍රවාද

රිටිගලට රාවණ සම්බන්ධ වන්නේ මෙහෙමයි. රාවණ තමන්ට කළ මදිපුංචිකමට ප්‍රතිචාරයක්‌ ලෙස ඉන්දියාවේ රාම රජුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන විත් ලංකා පුරයේ සුරක්‍ෂිතව රඳවා තැබූ අතර ඇය සොයා පැමිණි රාම රජුගේ සහෝදර ලක්‍ෂ්මන් කුමරු හා යුද්ධයක් හට ගන්නවා. යුද්ධයේ දී ලක්ෂමණ තුවාල වෙනවා. ඒ සමඟ පැමිණ සිටි හනුමන්තා රෝගයට අවශ්‍ය ඖෂධ සොයා ඉන්දියාවේ හිමාලයට ගියත් ඔහුට ඔසුවේ නම අමතක වෙනවා. ඊට පසු ඔසු පැළෑටි පිහිටි ප්‍රදේශයම ගලවා ගෙන අරන් එනවා. ඒ කඳු කොටසින් කොටසක්‌ කැඩී වැටී රිටිගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මාණය වී ඇති බව ‌ ජනප්‍රවාදයකින් පැවසෙනවා.

මහාවංශයේ සඳහන් ඉතිහාසය

සංරක්ෂණය කළ බන්දා පොකුණේ ඉවුරු බැම්මක් – කුසුම්සිරි විජයවර්ධන

මේ කඳුවැටිය ආශ්‍රිත ආරාම සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මහාවංශයේ රිටිගල අට්ඨගිරි හෙවත් අරිට්ඨ පබ්බත නමින් සඳහන් වෙනවා. සූරතිස්ස රජු( ක්‍රි. පූ. 187-177) මේ කඳු පාමුල මකුලක විහාරය කරවා තිබෙනවා. ක්‍රි. පූ. පළමු සියවසේ සෙල්ලිපියක අරිට විහාරයට අබදළක නම් වැව පූජා කිරීම ගැන කියැවෙනවා. ලජ්ජතිස්ස රජු( ක්‍රි. පූ. 119-110) අරිට්ඨ විහාරය විශාල කර ප්‍රතිසංස්කරණය තනවා තිබෙනවා. පළමුවන සේන ( ක්‍රි. ව. 831-851) රජුත් මේ විහාරයට අනුග්‍රහය දැක්වූ රජකෙනෙක්. පළමුවන පරාක්‍රමබාහු රජු රුහුණේ මානාභරණට එරෙහිව මේ කඳු ආශ්‍රිතව බලකොටු තනා සේනා සංවිධානය කළ බවත් සඳහන්.

මෑත ඉතිහාසය

ඉංග්‍රීසි පාලන සමයේ 1872 දී ජේම්ස් මැන්ටල් නම් මිනින්දෝරුවා මෙහි මාස තුනක් නැවතී සිට මැනුම් කටයුතු කර තිබෙනවා. 1890 දී අනුරාධපුර දිසාපති ආර්. ඩබ්. අයිවර්ස් කඳු මුදුන ආසන්න තැනිතලා කොටසක නිවහනක් තනවා ගෙන මෙහි සිසිල් දේශගුණයේ පහස ලබාගෙන තිබෙනවා. හෙන්රි ට්‍රයිමන් 1887 දී රිටිගල ශාක ගැන අධ්‍යයනය කරනවා. පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් රිටිගල පුරාවස්තු ගැන අධ්‍යයනය කරන්නේ 1883 දී. මෙහි ලෙන්වල පිහිටි සෙල්ලිපි පිටපත් කළ ඔහු කන්දේ පැතිරී තිබෙන නටබුන් ගොඩනැගිලි සොයා වනාන්තරය පීරා තිබෙනවා. ඊට පසු ඒ තොරතුරු සියල්ල 1883 පුරාවිද්‍යා පාලන වර්තාවට ඇතුළත් කර තිබෙනවා.

රිටිගල මෙතරම් සුවිශේෂී ඇයි?

නුවර කලාවියේ උසම කඳුවැටිය වූ මෙහි උස අඩි 2514ක් (මීටර් 765). අප රටේ මධ්‍ය කඳුකරයත් දකුණු ඉන්දියාවේ කඳුත් අතර පිහිටි උසින් වැඩිම කන්ද රිටිගල නිසා එය භූ විද්‍යාත්මකව විශේෂයි. ඒ වගේම වියළි කලාපයේ පිහිටියත් තෙත් කලාපයේ ශාක රාශියක් වැවෙන සිසිල් දේශගුණයකින් යුක්ත වනාන්තරයක් මෙහි තිබෙන්නේ. ඒ නිසා වියළි කාලයේ පවා බොහෝ විට රිටිගල මීදුමින් බරව වළා අතර සැඟව තිබෙන අන්දම ද දැකගත හැකියි.

මේ නිසාම රිටිගල වනාන්තරය 1931 තරම් ඈත කාලයකදී දැඩි රක්ෂිතයක් බවට පත් කර තිබෙනවා. දැඩි රක්ෂිතයේ විශාලත්වය හෙක්ටයාර් 1528ක්. එයට අමතරව කඳු පාමුල නටබුන් ආරාම සංකීර්ණය ඇතුළත් අක්කර 690ක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

රිටිගල කඳුවැටිය තවත් කඳු කිහිපයකින්ම යුක්තයි. ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උණ කන්ද, ආඬියා කන්ද, පළතුරු කන්ද, අමරාපති කන්ද, උල්පත් කන්ද යන කඳු හතක්‌ එයට අයත්.

කටාරම් කොටන ලද ගල් ලෙන් 74 ක්‌ද බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියන ලද ශිලා ලේඛන 152 ක්‌ද පුරාවිද්‍යාත්මක අගයක්‌ ඇති විවිධ ගොඩනැගිලි 140 ක පමණ නටබුන්ද විශාල පොකුණක් සහ ශෛලමය පෙත්මගක් ද අදටත් රිටිගල දී දැක බලා ගැනීමට පුළුවන්. විශාල ගස්වැල් සෙවණේ පිහිටි මේ නටබුන් අප සිත් අතීතයට රැගෙන යනවා.

වනගත නටබුන්

පුරාවිද්‍යා කාර්යාලය අසලින් කන්ද තරණය කළ විට මුලින්ම හමුවන්නේ විශාල පොකුණක්. එය බන්දා පොකුණ නමින් හඳුන්වන්නේ ගල්පුවරු යොදාගෙන බැඳ ඇති නිසායි. මෙම පොකුණ මෑතක දී කැණීම් කර කොටසක් සංරක්ෂණය කර තිබෙනවා. කන්දේ සිට එන ජල මාර්ගවලින් එදා එයට ජලය ලැබී තිබනවා. අදත් එම දොළ පාරේ ජලය ගලා යනු ඔබට දැකගත හැකියි. එහි සිට ඉදිරියට ගමන් කර පිටගැට තරණය කර ගල් පාලමකින් එගොඩවීමෙන් පසු පිවිසෙන්නේ සම්පූර්ණයෙන් කළු ගල් අතුරා සකස් කළ වනය හරහා දිවෙන පෙත්මගකටය. එම පෙත්මග කිලෝ මීටරයකට ආසන්න දුරක් ගමන් කරනවා.

මඳ දුරක් පියමං කිරීමෙන් පසු නටබුන් ස්ථානයකට ළගාවිය හැකියි. එහි පිහිටි ජන්තාඝර ගොඩනැගිල්ල භික්ෂුන්ට ඔසු සහ උණුපැන් ස්නානයට සකසා තිබූ ගොඩනැගිල්ලක්.බෙහෙත් ඇඹරුම්ගල්, ගල් භාජන ආදිය එහි දැකගත හැකියි. ගොඩනැගිල්ල වටේට ගල් ප්‍රාකාරයක් පිහිටා තිබෙනවා. ගොඩනැගිල්ල මැද නාන පොකුණක් ආකාරයෙන් යුත් ගල් බේසමක් සකස් කර තිබෙනවා. මෙයට පෙර අප ගිය අරන්කැලේ දීත් ජන්තාඝරයක් හමුවුණා. මේ අසල එදා භික්ෂුන් වහන්සේ බවුන් වැඩූ පධානඝර නම් ද්විත්ව වේදිකා ගොඩනැගිලි කිහිපයක් ද පැතිර තිබනවා. ඒවාට එදා උළු සෙවිලි කර තිබූ බව අවටින් හමුවන උළුකැටවලින් පේනවා.

මෙහි සිට යළිත් පෙත්මග ඔස්සේ පියමං කිරීම ඉතා අපූරු අත්දැකීමක්. වන සියොතුන්ගේ හා ගස්වැල් එකට ඇතිල්ලෙන හඬ අසමින් ඔබට ගමන් කළ හැකියි. අවට සංරක්ෂණය නොකළ පධානඝර රැසක් වනයට යටව ඇති අයුරු පේනවා. මඳ දුරක් ගිය විට හමුවන තැනිතලා බිමෙහි ත්‍රිත්ව වේදිකා ගොඩනැගිල්ලක් (පධානඝරයක්) පිහිටා තිබෙනවා. මේ අසලම භාවනා කිරීමට තැනූ සක්මන් මළුවක්ද තිබෙනවා.

මේ අසලින් පුරාවිද්‍යා නටබුන් බිම අවසාන වෙනවා. ඊට පසු ආරම්භ වන්නේ දැඩි රක්ෂිත වනයයි. එයට ඇතුළු වීමට නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසර ලබාගත යුතුයි.

රිටිගල ජෛව විවිධත්වය

වර්ෂ 1935 දී මෙහි ශාක පිළිබඳ අධ්‍යයනයක් කළ පී. ඩී. ආර්. ජයයූරිය ඕකිඩ් විශේෂ 27ක් සොයාගත්තා. වර්තමානය වනවිට මෙම කඳුවැටියෙන් හමුවී ඇති ශාක විශේෂ සංඛ්‍යාව 418ක්. ඉන් මල් පිපෙන ශාක විශේෂ සංඛ්‍යාව 338ක්. විශේෂත්වය නම් මේ අතරින් විශේෂ 113ක් තෙත් කලාපයේ දක්නට ලැබෙන ඒවා වීමයි. 2008 දී කළ අධ්‍යයනයකදී පක්ෂි විශේෂ 97ක් මෙහි සරන බව හෙළි වුණා. අලියා, වලසා, ගෝනා, කොටියා ඇතුළු ක්ෂීරපායී විශේෂ රැසක් ම මෙහි වාසය කරනවා.

කඳුවැටියේ පහළම කොටසේ (බිම් අඩවිය) වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරමය ලක්‍ෂණ පැතිර තිබෙනවා. මෙම ප්‍රදේශයේ මොර, හල්මිල්ල, කලුවර, වීර, පලු, නා වැනි වියළි කලාපයේ දක්නට ලැබෙන ශාක වර්ග දැකගත හැකියි.

කඳුවැටිය මධ්‍ය කලාපයේ දකින්නට ඇත්තේ තෙත් කලාපීය වනාන්තර ලක්‍ෂණයි. මෙම ප්‍රදේශයේ ඇටඹ, කුඩුදවුලා, ඕමාර, කැන්ද, නා වැනි ශාක සුලභයි.

කඳු මුදුනේ දකින්නට ලැබෙන්නේ උප කඳුකර කලාපීය වනාන්තරවල ස්‌වභාවයයි. නෙලු, බිනර, කැකුණ, දුම් වැනි ශාක වර්ග මෙහි වැවෙනවා.

රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ කිහිපයක් ද හමුවී තිබෙනවා. රිටිගල තම්බජියා, ගල් කප්පර වල්ලිය, රිටිගල මී යන ශාක ඒ අතර වෙනවා.

මීට අමතරව දුලබ ඖෂධීය ශාක වන ඉරරාජ, සඳරාජ, වනරාජ, නගා මැරු අල, වෙල්ලංගිරිය, බිම් කොහොඹ, ජටා මකුට වැනි ශාක මෙහි සුලබයි.

මූලාශ්‍ර-

අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්ද – එල්ලාවල මේධානන්ද හිමි
රිටිගල- මුදිත අලහකෝන්
මැකීයන වන පෙත් – ඩග්ලස් බී. රණසිංහ

පරිසරය රැකගන්නත් අමතක කරන්න එපා

උ.ගැ.©

🔴රාවණා රජුගේ යකඩ කම්හල ලෙස ප්‍රචලිත "කිණිහිර " රාක්සගල ✒️රාවණා රජු හා සම්බන්ධ කතා පුවත් නොමැති කඳු ලංකාවේ නොමැති තරම්...
10/27/2024

🔴රාවණා රජුගේ යකඩ කම්හල ලෙස ප්‍රචලිත "කිණිහිර " රාක්සගල ✒️

රාවණා රජු හා සම්බන්ධ කතා පුවත් නොමැති කඳු ලංකාවේ නොමැති තරම්ය. යම් යම් මූලාශ්‍ර වල සඳහන් වන පරිදි මෙම කිනිහිර කන්ද යනු රාවණා රජුගේ යකඩ වැඩපළයි. අතීතයේ දිනෙක ඇති වූ ගින්නක් නිසාවෙන් මෙම වැඩපොළ ගිනිගත් අතර එදා තිබු උණු කල යකඩ ඒ් ආකාරයෙන්ම අදටත් ගල් වී තිබේ.

ඒහි අළු පහළට ගසාගෙන ගිය ගම අදටත් අළුගොල්ල ලෙස හඳුන්වයි.මෙය තරණය කරන්නට හොඳම කාලය ජනවාරි වලින් පසුවය.මේ ගල් පර්වථයට යන මගදිගට ඇති ගල් පඩි පෙළවල් රාවණා රජුගේ ඉතිහාසයේ මග ලකුණු කියාදෙයි. කිනිහිර කන්දේ ගල් පිහිටා තිබෙන ආකාරයද පුදුම සහගතය. ඒ්වායේ වර්ණයන්ද ඒසේම.
රාක්සගල පුරාවිද්‍යාඥයින් පවසන්නේ රාක්ෂයන්ට වැදුම් පිදුම් කල රාක්ෂ ගෝත්‍රිකයින් මේ ප්‍රදේශයේ ජීවත්ව සිටි නිසා මෙම කන්දට රාක්සගල යන නාමය යෙදෙන්නට ඇතැයි ලෙසය. බළංගොඩ ප්‍රදේශයේ රාස්සගල කදුමුදුන පිහිටා ඇත. ඒ ආශි‍්‍රතව ද සිදුකළ පුරාවිද්‍යා කැනීම්වලදී පැරණි දඩයක්කරුවන්ගේ තොරතුරු රැසක් අනාවරණවී තිබෙයි. ඇතැම් තැන්වල රජගල රාක්සගල නමින්ද හැදින්වේ.කෙසේ නමුත් මේ ප්‍රදේශයන් රාවන රජුගේ ඉතිහාසය හෙලිවෙන ස්ථානයන් ය.

දොලොස්බාගේ ප්‍රදේශයේ දෙවන උසින් වැඩිම කන්ද වන රාක්ශගල කිණිහිරගල පත්තිනි අම්මා කන්ද වංගෙඩි මෝල්ගස් ගල නමින්ද හදුන්වයි. රාවණා රජුගේ යකඩ කම්හල / වැඩපල බවත් හදිසියේ ඇතිවූ ගින්නකින් රාක්ශ මුහුණු සෑදුන බවත් රාස්සිගේ වංගෙඩියයි මෝල්ගහයි ඇති බවත් එක් විශ්වාසයක් වන අතරම සීතා දේවියට වූ අසනීපයක් සදහා බෙහෙත් කල ස්ථානයක් බවත් බෙහෙත් කෙටු වංගෙඩියයි මෝල්ගහයි මෙම ස්ථානයේ තිබෙන බවත් තවත් විස්වාසයකි.

ගම්පොලින් දොලොස්බාගේ පාරේ 18km ද
නාවලපිටිය දොලොස්බාගේ පාරේ 14km ද
බසයකින් පැමිණේ නම් ගම්පොළ දොලොස්බාගේ බසයකින් පැමිණ රාක්ෂාව ප්‍රදේශයෙන් බැස තේ කර්මාන්තශාලාව හරහා පැමිණිය යුතුයි. මෙම කර්මාන්තශාලාව අසලදී ටිකට් පතක් ලබාගතයුතුයි වාහනයකින් පැමිණෙන්නේ නම්.

තරමක් අබලන් වූ මාර්ගයකින් පසුව හමුවන ලැයිමක් කෙලවර වාහනය නවතා ඉතුරු දුර ගමන් කල යුතුයි. ඉතාමත් සුන්දර සිසිල දනවන මාර්ගයකි. කිරල වන් වැල් පහලට යොමු වූ ගස් බොහෝ සේ මාර්ගයේ ඇත. ලස්සන සේම ඉතා පහසුවෙන් ගමන් කල හැකිය. රාක්ශ මුහුණත අසල කොටසේ කදවුරු බැදීම කල හැකි සේම අසල වතුර නැති බැවින් පහලින් ගෙන යා යුතුයි. මාර්ගයේ මැද කොටසේදී දිය පහරක් හමුවේ.

දොලොස්බාගේ ප්‍රදේශයේ උසින් වැඩිම කන්ද වන අපගේ කලින් ගමනාන්තයක් වූ කබරගලට මේ හරහා ලගා විය හැකි වුවත් නිශ්චිත ගමන් මාර්ගයක් නැත

පිහිටීම

දොළොස්බාගේ කඳු පන්තිය අප රටේ ඉතා සුන්දර කඳුකරයක් ලෙස නම් දරා තිබෙනවා. දොළොස්බාගේ කුඩා නගරය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 985ක් ( අඩි 3232)ක් උසින්. මහනුවරටත් වඩා සිසිල් දේශගුණයක් අවට අත්විඳින්නට ලැබෙනවා. මේ නිසා පුංචි නුවරඑළිය යන නමත් මේ පළාතට භාවිත කරනවා.

නාගරිකරණයෙන් දූෂීත නොවූ පිටිසර වටපිටාවක් තමයි මෙහි පවතින්නේ. පුරාණ බෙදීම් අනුව උඩ පළාත දිසාවට අයත් දොළොස්බාගේ දකුණින් පස්බාගේ කෝරළයෙන් ද, බටහිරෙන් පාත බුලත්ගම රටින් ද, උතුරින් සතර කෝරළය මහ දිසාවට අයත් පරණකුරු කෝරළයෙන් ද මායිම් වෙනවා.

දොළොස්බාගේ පිහිටි තවත් සුන්දර කඳු මුදුනක් තමයි රාස්සගල නැත්නම් රාක්ෂාව කියන්නේ. එය මේ කඳු පන්තියේ උසින් දෙවැනි කඳුවැටිය යි. මීටර 1438ක් උස මෙම කන්ද මුදුනේ පිහිටි ගල් තලාව හා ගල් කුළුවල විවිධාකාර හැඩතල නිසා කා තුළත් හටගන්නේ කුතුහලයක්.

ගම්පොළ හා නාවලපිටිය නගරවලට මේ කන්ද කදිමට දිස්වෙනවා. දොළොස්බාගේ සිට වංගු ගැසෙමින් ඇදෙන පටු පාරේ රාක්ෂාව හන්දියට පැමිණ රාක්ෂාව තේ කර්මාන්ත ශාලාවට අයත් තේ වතු ඔස්සේ තේ ෆැක්ටරිය අසලට පිවිස අඩි පාරක් දිගේ කඳු මුදුනට ළගා විය හැකියි. ඈතින් කබරගල කන්දත් නිතර මේ පාරට දිස්වෙනවා. ගමන් මඟ දෙපස කුඩා දියඇලි රාශියක් ද හමු වෙනවා.

රාවණ රජු හා සම්බන්ධ ජනප්‍රවාදයත් මේ කන්දට ගෙතී තිබෙනවා. කිනිහිර කන්ද, පත්තිනි අම්මා කන්ද, වංගෙඩි මෝල්ගස් කන්ද ලෙස ප්‍රාදේශීයව විවිධ නම් කිහිපයක් රාස්සාව කන්ද හැඳින්වීමට යෙදෙනවා. රාවණාට ආයුධ සෑදූ ස්ථානය වූ නිසා කිනිහිර කන්ද නම ලැබුණු බවයි පැවසෙන්නේ. කිනිහිරි ගල නම් කිනිහිරයක් හැඩැති පර්වතයක් මේ කන්දේ දැක ගත හැකි යි.

අරණායක හරහා ගලන මාඔය ආරම්භ වන්නේ රාස්සගල කන්දේ මීටර් 1200ක් උස බටහිර බෑවුම් ප්‍රදේශවලිනුයි. මේ කන්දේ පහළ බෑවුම් සබරගමුව පළාතේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙනවා. අසුපිනි ඇල්ල පිහිටා තිබෙන්නෙත් රාස්සගල කඳුවැටියට අයත් පහළ බෑවුම්වල යි.

පුංචි දානිගල නම් කඳුවැටියක් ද රාස්සගලට නුදුරින් පිහිටා තිබෙනවා.

උපුටා ගැනීමකි ....

අයිතිය මුල් හිමිකරුවන් සතු වේ ©

🔴ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය….✒️ලෝහ නිස්සාරණය 18 වන සියවසේ එංගලන්තයෙන් සොයා ගත් බවට පැවසුවද ඉතා පුරාණ කාලයේ සිට මෙ...
10/27/2024

🔴ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය….✒️

ලෝහ නිස්සාරණය 18 වන සියවසේ එංගලන්තයෙන් සොයා ගත් බවට පැවසුවද ඉතා පුරාණ කාලයේ සිට මෙරට වැසියෝ යකඩ නිස්සාරණ තාක්ෂණය දැන සිටි බවට සාධක හමු වී ඇත. අතීතයේ ඩමස්කස් කඩු සෑදීමට මෙරටින් වානේ ලබා ගත් බවට ලිඛිත සාක්ෂි ද හමු වී ඇත. මේ සම්බන්ධව ප්‍රබල පුරා විද්‍යාත්මක සාධකයක් හමු වන්නේ සීගිරිය අලකොළවැව දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයෙන් (යකඩ නිස්සාරණ උදුන් 139ක් සොයා ගත් අතර ක්‍රි.පූ. 180 සිට ක්‍රි.ව. 200 පමණ දක්වා කාලය තුළ මයිනහමක ආධාරයෙන් සුළං බලය යොදා එහි යකඩ නිස්සාරණය කර තිබේ) හා බලංගොඩ,සමනල වැව ප්‍රදේශයෙනි. සමනලවැව දී මෙහිදී මැටි කල,යබොර,යපස් නිධි හා යකඩ උදුන් හතරක් හමු විය.මෙම මැටි කල ක්‍රි.ව.7-10 කාලයට අයත් බව කාබන් කාල නිර්ණයෙන් සොයා ගෙන ඇති අතර කුඹල්ගම, මුත්තෙට්ටුවේගම, අලුත්නුවර, ඉඹුල්පේ, හතරබාගෙ, පඹහින්න යන ප්‍රදේශවල මෙම කර්මාන්තය තිබී ඇති බවට සාධක ඇත.
ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල් වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතු අතර යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අත්‍යවශ්‍යවේ.

සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං (නිරිතදිග මෝසම් සුළං) බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන වියළි සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ. වර්තමානයේදී ද වසරේ නිරිතදිග මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යන බව අත්විඳිය හැක.
මෙම උදුන් දැල්වීම සදහා යොදා ගෙන ඇත්තේ 'මරං' නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරු වන අතර අදත් මෙම පළාතේ මරං ගස් (මෙම ගස් වර්ගය 'යකඩමරං' ලෙසද හැඳින්වේ) දක්නට ලැබේ. උදුන මැටි වලින් සාදා ඇති අතර එහි ඉදිරිපස බිත්තිය බටහිර දෙසින් එන සුළඟට මුහුණලාත් පසුපස බිත්තිය කඳු මුදුන දෙසට මුහුණලාත් සාදා තිබේ.

ඉදිරි බිත්තියේ දිග මීටර 2ක් පමණ වන අතර ගැඹුර අඩි දෙකකට ආසන්න වන සේ සාදා ඒ අනුව උදුන පතුලේ වර්ගඵලය සකසා ඇත. උදුන තුළට වාතය ඇතුළු වීම සඳහා කුඩා වෘත්තාකාර බට එහි ඉදිරිපස බිත්තියේ සාදා තිබේ. එම බට රවුම් හැඩයට නිර්මාණය කර ඇති බැවින් ඇතුළත සහ පිටත පීඩන අන්තරය මගින් ඒවාට සිදු වන හානිය අවම වේ. යකඩ නිස්සාරණයේදී සෑදෙන ලෝ බොර පිටතට ගලා ඒම සඳහා සිදුරක් උදුනේ පහළින්ම සාදා තිබේ.

සමනළවැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ග යැයි සැලකේ. උදුනේ පතුළේ පිදුරු සහ දහයියා තැන්පත් කර ඊට උඩින් ප්‍රධාන ඉන්ධනය ලෙස භාවිතා කරන දර අඟුරු දමා (මරං දර අඟුරු) ඉහළින්ම නිස්සාරණයට ලක් කරන යපස් තැන්පත් කරයි. ඉන්පසු උදුනට ගිනි දැල්වූ පසු දහනයට අවශ්‍ය වාතය උදුනේ ඉදිරිපස බිත්තියේ මධ්‍ය කොටසේ ඇති කුඩා වෘත්තාකාර සිදුරු හරහා උදුන තුළට ගැනේ. උදුනේ හැඩය නිසා එම වායු ධාරාව අනාකූලව ගලා යෑමෙන් එහි පහළ වාතය ඇතුල් වන ස්ථානයේ සහ ඉහළ දහනය සිදු වන ස්ථානයේ පීඩන අනුක්‍රමණයක් ඇති වීම නිසා වාතය, දහනය සඳහා ඔක්සිජන් සපයමින් උදුන තුළින් ඉහළට ගමන් කරයි. උදුන තුළ දහනය සිදුවන්නේ 1500`C ට පමණ වන අධික උෂ්නත්වයක් යටතේ වන අතර ඉහළින් පිටවන විට වාතය 925`C කට පමණ රත් වී පිටව යන අපවාතයෙන් කොටසක් උදුන උඩින් හමා යන සුළං ප්‍රවාහය සමග එක්ව බැහැර වේ. උදුන තුළට පහළ සිදුරු ඔස්සේ ඔක්සිජන් සහිත අලුත් වාතය ඇතුළු වීම සඳහා එම පියවර වැදගත් වන අතර එමගින් උදුන් තුළට අඛන්ඩ වාත සැපයුමක් පවත්වා ගෙන යයි. එමෙන්ම අපවායු වලින් යම් කොටසක් නැවත උදුනේ ඉහළ ඇති යපස් වෙත සංසරණය වන අතර 850`C පමණ රත් වී ඇති එම අප වායු උදුනේ ඉහළ ඇති යපස් දහනයට රුකුළක් වේ.
උදුන පැය 5ක් පමණ දැල් වෙද්දී එහි ඇති යපස් දිය වී යකඩ ලෝහය වෙන් වන අතර ඒ නිස්සාරණය වුණු යකඩ හා යපස් වල තිබූ අනෙකුත් අපද්‍රව්‍ය නිසා සෑදෙන ලෝ බොර දර අඟුරු මැදින් උදුනේ පහළට ගමන් කරයි. ලෝ බොර සහ වානේ වල ඝනත්ව වෙනස් නිසා ඒවා උදුනේ වෙනස් මට්ටම් වල රැඳෙන අතර මෙහිදී ලෝ බොර සහ වානේ යම් ප්‍රමාණයකට මිශ්‍ර වීමක් සිදු වේ.

ලෝ බොර වලින් යම් ප්‍රමාණයක් උදුනේ පහළ ඇති සිදුරෙන් පිටවී යන අතර උදුනේ දර අඟුරු තුළින් අධික උණුසුම්ක් සමග පහළට බසින විට ඒවායේ ඇති කාබන්, යකඩ සමග මිශ්‍ර වේ. එමගින් කාබන් ප්‍රතිශතය ඉහළ වානේ උදුන තුළ නිර්මාණය වන අතර ක්‍රියාවලිය අවසන් වූ පසු උදුන කඩා දමා එය සිසිල් වූ පසු වානේ කුට්ටි පිටතට ගැනේ. එබැවින් මෙම උදුනක් භාවිතා වන්නේ එක් වරක් පමණක් වන අතර නැවත නිස්සාරණයට නව උදුනක් නිර්මාණය කළ යුතුය.

මීට වසර කිහිපයකට පෙර දෙස් විදෙස් විද්වතුන් රැසකගේම සහභාගීත්වයෙන් මෙම නිස්සාරණ ක්‍රියාවලිය ආදර්ශනය කිරීම සඳහා ආකෘතියක් නිර්මාණය කෙරුණ අතර එහිදී ඉහත පැවසූ පරිදිම කාබන් ඉහළ වානේ නිශ්පාදනය කිරීමට හැකි විය. වසර 2000කට පෙර ශ්‍රී ලංකාවේ වානේ තාක්ෂණයේ විද්‍යාත්මක නිරවද්‍යතාවත්, මෙරට වානේ එකල අනෙක් රටවල් වල පවා ප්‍රකටව තිබූ බවට වූ පුරාවෘත්තයත් (ඉපැරණි සිරියානු ඉතිහාස වාර්තාවල ලංකාවෙන් (සිව්හෙලය ) එරටට අනර්ඝ තත්වයේ වානේ අපනයනය කළ බව සඳහන් වේ) එයින් යළි යළිත් තහවුරු විය. මෙලෙස ස්වාභාවික සුළං බලයත්, භූ පිහිටීමත් හා පාරිසරික සාධකත් මූලික කර ගෙන යකඩ නිස්සාරණය කිරීමේ ක්‍රමයක් ලොව වෙනත් කිසිදු රටක කිසිදු ශිෂ්ටාචාරයකින් වාර්තා වී නොමැති අතර මෙයින් පසක් වන්නේ අතීතයේ පටන් මෙරට වැසියන් තාක්ෂණික දැනුමෙන් පොහොසත් බවයි.

1988 දී රත්නපුර දිස්ත්‍රික්කයේ සමනලවැව ප්‍රදේශයේ ජල විදුලි ව්‍යාපෘතියක් සඳහා ක්ෂේත්‍ර අධ්‍යනයක් කරමින් සිටි නිලධාරීන් පිරිසකට ඒ ආශිත කඳු ගැටයක් මත මෙම නටඹුන් හමු වූ අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසු එම නටඹුන් පුරාවිද්‍යා නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය. පසුව කළ කැණීම් වලින් සමනලවැව සහ සීගිරිය අවට ප්‍රදේශ වලින් මේ වර්ගයේ උදුන් 139ක්ම සොයාගැනීමට හැකිවූ අතර කාබන් කාල නිර්ණයට අනුව මෙ උදුන් වසර 2000ක් පමණ පැරණි බව සොයාගෙන ඇත. මෙරට වානේ තාක්ෂණය පිළිබදව පැහැදිලිව සාක්ෂි හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දින නිර්ණය කර තිබෙන සොහොන් ගැබක තිබී යබොර කැබැල්ලක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එය ඒ කාලයේ යකඩ උණු කළ බව පෙන්වන සාක්ෂියකි.

ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබඳු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ. එයින් පලමුවැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන් ය.

දෙවැන්න මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.

ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල්වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍ය ය.

සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ.

අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අඟුරු ද එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසු දින අලුයම තෙක් ඇවිලී ඉන් යකඩ ඉවත් වේ. සමනළ වැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ගයි.

මෙම උදුන් දැල්වීම සදහා යොදාගෙන තිබෙන්නේ 'මරං' නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරුය. අදත් ඒ පළාතේ මෙම ගස් වැවී තිබේ. මෙම ගස් වර්ග හැදින්වීමට 'යකඩමරං' යන වචනයද භාවිතා කෙරේ.

දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයෙන් යකඩ උදුන් දැල්වීමට අවශ්‍ය කරන සුළං බලය ලබාගෙන තිබෙන්නේ මයිනහමක ආධාරයෙනි. ක්‍රි.පූ. 180 සිට ක්‍රි.ව. 200 පමණ දක්වා කාලය තුළ එහි යකඩ නිස්සාරණය කර තිබේ.

අන්තර්ජාලයෙ උපුටා ගැනීමකී ©

🔵නැව් 4ක් පිරෙන්න ලංකාවෙන් අරන් ගිය පුස්කොලපොත් ❄️catalogue of the hugh nevill collection of sinhalese manuscripts (හියු...
10/27/2024

🔵නැව් 4ක් පිරෙන්න ලංකාවෙන් අරන් ගිය පුස්කොලපොත් ❄️

catalogue of the hugh nevill collection of sinhalese manuscripts (හියු නෙවිල්ගේ සිංහල පුස්කොලපොත් එකතුව)

මේ පොතේ තියෙන්නෙ අපෙන් අරන් ගිය පුස්කොල පොත් නාමාවලිය. මෙහි ඇතුලත් වන්නේ හියු නෙවිල් කියන පුද්ගලය අරන් ගිය ඒව විතරයි තව මේ වගේ එකේක පුද්ගලයින් අරන් ගිය ඒව තියනව.
ඔබ සිතා බලන්න මේ පොතේ තියෙන්නෙ ඒ ඒ පුස්කොල පොත් වල නම් පමණයි. ඒ සෑම නාමයකටම අදාල පුස්කොල පොතක් ඔවුන්ගෙ කෞතුකාගාර වල තියනව. බලන්න උන් කොච්චර අපිව පල්ලෙහාට දාලද කියල. අපෙන් හොරෙන් බලෙන් අරන් ගිය අපේ පුස්කොල පොත් උන් හංගගෙන ඉන්නෙත් නෑ. සරලවම කිව්වොත් ඔවුන් කියන්නෙ " ඔවු මේ තියෙන්නෙ ලංකාවෙ සිංහලයන්ගෙ පොත් තමයි, ඉතින් පුලුවන්නම් අවිත් අරන් අරගන්න" වගේ දෙයක්. අද අපට අයිතියක් නෑ අපේ පැරණි තාක්ෂනය ගැන දැනගන්න. උන් අපිට ආ මේව කියෝපන් කියල දීපු සීමිත පොත් ටිකක් විතරක් අපිට උන්ගෙ පුස්තකාල වලට ගිහින් කියවන්න පුලුවන්.
ඔවුන් පවසනව ඔවුන් මේව අරන් ගියේ සංරක්ෂනය කරන්නලු. වැඩේ කියන්නෙ අපේ සිංහල සමහර හරක් පැටව්ත් කියනවනේ ඒව මෙහෙ තිබ්බ නම් විනාශ වෙලා එහෙ තිබ්බ නිසා තමා තාම හොදට තියෙන්නෙ කියල.
මේ වගේ හිතන මංද මානසිකයො ටිකක් බිහි කල්ල තමයි සුද්ද ඕව අරන් ගියෙ.
අපිට පුස්කොලපොත් හදන්න පුලුවන්, ඒවගෙ ලියන්න පුලුවන් හැබැයි සංරක්ෂනය කරගන්න තාක්ෂණය නෑලු. කාට කියන්නද ඉතින් මේව.
ඔවුන් විවිධ රටවල් යටත් කරගෙන සිටියත් ඒ කිසිම රටකින් ඔවුන්ට මෙතරම් දෙයක් අරන් යන්න උනේ නෑ. මේ පුංචි රටෙන් තමයි ඔවුන් නෙපමණ දෙයක් අරන් ගියෙ.
ඔබ විශ්වාස කරනවද මේ රටෙන් නැව් 4ක් පිරෙන්න පුස්කොල පොත් අරන් ගියා කිව්වොත්. ඒක තමයි ඇත්ත. හිතන්න මොන තරම් දැනුමක් ඒවගෙ තියෙන්න ඇත්ද කියල.
ඒවගෙ තිබිල තියනව
•හෙල වෙදකම
•වාරි මාර්ග තාක්ෂණය
•තාරකා විද්‍යාව
•යකඩ නිස්සාරනය
•ගුවන් යානා තාක්ෂනය
වගේ තව ගොඩක් දේවල් තිබිල තියනව.
උන් මේව අරන් ගියෙ නිකන්ම නෙමයි. හෙල වෙදකම් ගැන පොත් අරන් හෙළ වෙද්දු ඔක්කොම මැරුව. අංගම්පොර ගැන දන්න ඔක්කොම මැරුව. ඒ වගේ අපේ රට සම්පූර්ණයෙන් විනාශ කල්ලයි ගියෙ. අපේ මේ පුංචි රටෙන් තමයි ඒ කාලෙ ලෝකෙටම තාක්ෂනය සැපයුවෙ.
අද මම මේව කියද්දිත් සමහර අපේම සිංහල කියල හිතන් ඉන්න උන්ටත් හිනා යනව ඇති.
මොකද උන්ගෙ හිත උන්ට කියනව "නෑ නෑ ඒම වෙන්න බෑ ලංකාව කියන්නෙ නොදිවුණු රටක් සුද්ද තමයි පොර ඌ තරම් එකෙක් කොහෙවත් නෑ කියල"
මෙන්න මේ වගේ අංගවිකල මනසක් තියන එවුන් ටිකක් බිහිකල්ක තමා උන් යන්න ගියෙ.
ටයි කෝට් දාපන් එතකොට පොෂ්
ඉංග්‍රීසි කතා කරපන් එතකොට පොෂ්
හැදි ගෑරුප්පු වලුන් කාපන් එතකොට පොෂ්
සුද්දෙක් මොනව හරි කිව්වොත් දෙපාරක් නොහිත ඒක පිලිගනින්
ලංකාවෙ කිසි දේශපාලකයෙක් මේ අපේ උරුමය අපිට ගන්න හදන්නෙ නැති එකේ අපිවත් එකතු වෙලා කොහොම හරි මේව ආයෙ අපේ රටට ගමු. අපේ රටේ ජාතියෙ සත්‍ය සොයා ගමු.

🔺සටහන - උපුටා ගැනිමකි

💯මෙහි සඳහන් වන 75% ක් පමන ග්‍රන්ථ පිටපත්, මේ වන විටත් අප ආයතනය සතු වන බව සතුටින් දැනුම් දෙනු කැමතියි.

📖මෙමෙ ග්‍රන්ථය නොමිලේ බාගත කර ගැනීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න 👇

https://ia801301.us.archive.org/7/items/cu31924023065315/cu31924023065315.pdf

Address

87-41 252nd Street
Bellerose, NY
11426

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm

Telephone

+94719076072

Website

Alerts

Be the first to know and let us send you an email when Ravana Books Archives.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ravana Books Archives.lk:

Videos

Share


Other Bellerose media companies

Show All