JDS Lanka

JDS Lanka This is the official page of the Journalists for Democracy in Sri Lanka (JDS)

2005 වසරේ අග භාගය වනවිට පැවැති යුද හා භූගෝලීය යථාර්ථයන්ට අනුකූලව ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්ම මගින් කොටි සංවිධානයේ පාලනය ...
18/05/2024

2005 වසරේ අග භාගය වනවිට පැවැති යුද හා භූගෝලීය යථාර්ථයන්ට අනුකූලව ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්ම මගින් කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින ප‍්‍රදේශ වෙරළබඩ කලාප තුනකට බෙදා වෙන්කළ බව tamileditors.com වෙබ් අඩවි වාර්තාවෙහි දැක්විණ. 2005 නිමාවන වන විට පැවැති කොටි පාලන ප‍්‍රදේශ ඒ අනුව බලතොත් බෙදා පෙන්විය හැක්කේ මෙපරිද්දෙනි: පළමුව, නැගෙනහිර පළාතේ මාන්කෙර්නි සිට පනිච්චන්කෙර්නි, වාකෙරෙ, කතිරවේලි හා වෙරුගල් දක්වාත්, තී‍්‍රකුණාමල වරායට දකුණින් වන ෆවුල් තුඩුවේ සිට ඊච්චලම්පත්තුව දක්වාත් වන වෙරළ තීරය එක් කළාපයකි. දෙවනුව, කෝකිලායි, හා කොක්කුතෝඩුවායි සිට අලම්පිල් හා මුලතිවු දක්වාත්, එතැන් සිට චුන්ඩිකුලම්, චෙම්පියන්පත්තු හා නාගර්කෝවිල් දක්වාත් දිවෙන උතුරු පළාතේ නැගෙනහිර වෙරළ තීරය තවත් කළාපයකි. තෙවනුව, සිලාවත්තුරෛ සිට වන්කාලෛ, විඩත්තල්තිවු හා ඉලූප්පායිකඩවෛ දක්වාත්, එතැන් සිට වෙල්ලාන්කුලම් හරහා පුනරීන් දක්වාත් විහිදෙන බටහිර මුහුදු තීරය තුන් වෙනි කළාපයකි. ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්මට අදාළ වෙබ් අඩවි වාර්තාව පළවන විට ආරම්භ වී නොතිබුණද, රජයේ හමුදා කි‍්‍රයාන්විතයන් මේ වනවිට ඇදී යන්නේ මෙකී වෙරළබඩ කළාපයන් අත්පත් කරගනිමිනි. ප‍්‍රබන්ධයක් සේ පෙණුනු වාර්තාව හා වත්මන් යථාර්ථය අතර පවතින බව පෙනෙන අද්භූත සමානත්වයේ එක් වැදගත් අංගයක් වන්නේ එයයි."

{jathumbnail off}ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට හය වසරක් පිරීමේ...

"ජාත්‍යන්තර රතු කුරුසය වන්නියේ මිනිස් දඩබිමට සිය අවසාන මැදිහත්වීම කරන ලද්දේ 2009 මැයි 09 වැනි සෙනසුරාදා ය. ළසෝ ගිනි ඇවිළ...
18/05/2024

"ජාත්‍යන්තර රතු කුරුසය වන්නියේ මිනිස් දඩබිමට සිය අවසාන මැදිහත්වීම කරන ලද්දේ 2009 මැයි 09 වැනි සෙනසුරාදා ය. ළසෝ ගිනි ඇවිළගත් වන්නියට ඒ සෙනසුරාදාවේ නැග ආ වෙසක් සඳ යට ගොඩින් ද, ගුවනින්ද වටකොට දෙදිනක් තිස්සේ දිවා රෑ එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින්, කවර හෝ මුවාවක් නොමැතිව වැලිතලා මැද සා පිපාසිතව වැදහුන් දහසකට වැඩි දෙනා මරුමුවට පත් වන්නට ඇතැයි මැයි මස 11 වැනිදා ‘ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබිණ. ඒජන්සි පුවත් සේවා විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ ප‍්‍රකාශක උපුටා දක්වමින් වාර්තා කර සිටියේ එයින් 100කට වැඩි පිරිසක් දරුවන් බව ය. මියගියවුන්ගේ මෘත දේහ 431ක් 11වැනි සඳුදා වන විට මුල්ලිවයික්කාල් තාවකාලික රෝහලට ගෙන එන ලදැයි එම වාර්තා අනාවරණය කොට තිබිණ.

12 වැනිදා හා 13 වැනිදා ෂෙල් ප‍්‍රහාර මගින් ඒ රෝහල ද බිම්බත් කෙරිණ. ඒ වනාහි ඉන් සතියකට පෙර, මැයි මස දෙවැනිදා, 68 දෙනෙකුගේ දිවි පැහැර ගනිමින් අවසාන තාවකාලික රෝහලට එල්ල කරන ලද හමුදා ෂෙල් ප‍්‍රහාරයන්ට අමතර වශයෙනි."

අපේ හමුදාව යුද හමුදාවක් නොව, සාම සාධක හමුදාවකැ’යි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා කියා තිබේ. එවන් හමුදාවක් ‘පලවා හරින්න...

"අගෝස්තු මාසේ මුල් සතියෙදි පුදුකුඩියිරුප්පු - නෙදුන්කෙර්නි පාරේ ඇම්බියුලන්ස් එකකට ක්ලේමෝර් ප්‍රහාරයක් එල්ල වුණා. ඒක වුණේ...
18/05/2024

"අගෝස්තු මාසේ මුල් සතියෙදි පුදුකුඩියිරුප්පු - නෙදුන්කෙර්නි පාරේ ඇම්බියුලන්ස් එකකට ක්ලේමෝර් ප්‍රහාරයක් එල්ල වුණා. ඒක වුණේ මහ රාත්‍රියේදී යි. නෙදුන්කෙර්නි ඉස්පිරිතාලේ ඉඳන් අමාරු වුණු ගැබිනි මවක් පුදුකුඩියිරුප්පු රෝහලට අරගෙන ගිහින් ආපහු නෙදුන්කෙර්නි රෝහලට එමින් තිබුණ ඇම්බියුලන්ස් රථයකට තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. ඒ වෙනකොට ඒකේ හිටියේ නෙදුන්කෙර්නි ප්‍රදේශයට හිටිය අවුරුදු හැට ගාණක් වයස එකම වෛද්‍යවරයාත්, එයාගේ බිරිඳත්, හෙදියෝ දෙදෙනෙකුත්, වාහනේ ඩ්‍රයිවරුත් විතරයි. ප්‍රහාරය එල්ල කළේ හමුදාවේ දිග දුර විහිදුම් බලකායේ සෙබළුන් විසිනුයි. ප්‍රහාරයෙන් වාහනේ ගිය පස් දෙනාම මැරුණා. කිලිනොච්චියේ හිටිය මට සිද්ධිය දැනගන්න ලැබුණේ පාන්දර 4.45ට විතර. මම පැය භාගයක් වගේ ඇතුළත ‘ඊළනාදම්’ පත්තරේ වැඩ කරපු සහෝදරයෙක් එක්ක කිලිනොච්චියෙන් පිටත් වුණා. හොඳටම හානි වුණ ඇම්බියුන්ස් එක ඒ වෙනකොට තිබුණේ පාරෙන් මීටර් 75ක් විතර ඈතිනුයි. ප්‍රහාරයට ගොදුරු වුණ අයගේ මළ සිරුරු ඒ වෙනකොටත් නෙදුන්කෙර්නි රෝහල් මෘත ශරීරාගාරයට ගෙනිහින් තිබුණත්, ඒ අයගේ සමහර ශරීර කොටස් පාර අයිනේ තැනක වෙන වෙනම එකතු කරලා තිබුණා. මම ඒවායේ ඡායාරූප ගන්න අමාරු නිසා නෙදුන්කෙර්නි රෝහලට ගිහින් මෘත දේහවල පින්තූර අරගත්තා......නමුත් තිබුණු ප්‍රශ්නය තමයි ආපහු එන්නේ මොන පාරෙන් ද කියන එක. ඇම්බියුලන්ස් එකට ප්‍රහාර එල්ල වුණු පාරෙන් ආයෙමත් ආවොත් තවත් ක්ලේමෝ තියෙන්න ඉඩ තියෙන බව මම දැනගෙන හිටියා. මාත් එක්ක ගිය ‘ඊළනාදම්’ පත්තරේ කෙනා විවාහ වෙලා සතියයි. ඒ නිසා එයාගේ ආරක්‍ෂාව ගැනත් මට වැඩියෙන් බයක් තිබුණා. ඒ නිසා මම කල්පනා කළා නෙදුන්කෙර්නි ඉඳන් පුලියන්කුලම්වලට ගිහින් එතැනින් කිලිනොච්චියට එන්න.....මම මෝටර් සයිකලේ ඒ පාරට දාගෙන හැකිතාක් උපරිම වේගයෙන් ආවා. එහෙම එනකොට අපිට මීටර් 50 - 60ක් විතර දුරින් මහා සද්දයක් එක්ක පස් - ගල් අහසට විසි වුණා. බයිසිකලේ පෙරළාගෙනම අපි බිම දිගා වුනා."

යාපනයේ මානව හිමිකම් පිළිබඳ සරසවි ආචාර්යවරුන්ගේ එකතුව දීර්ඝ කාලාන්තරයක් මුළුල්ලේ කොටි සංවිධානයේ උග්‍රතම විවේච.....

"වලෛඥර්මඩම් ඉඳන් මුල්ලිවයික්කාල් දක්වාම අපි මහා ජනකාය එක්ක ගමන් කළා. 2009 මැයි මාසය කියන්නේ සංහාරයේ උච්ඡතම මොහොත. සිය දහ...
18/05/2024

"වලෛඥර්මඩම් ඉඳන් මුල්ලිවයික්කාල් දක්වාම අපි මහා ජනකාය එක්ක ගමන් කළා. 2009 මැයි මාසය කියන්නේ සංහාරයේ උච්ඡතම මොහොත. සිය දහස් ගණන් මිනිස්සු දිනපතා මිය ගියා. රෝහල් කියලා තිබුණ තාවකාලික මඩුවල දරුවෝ, ගැහැණු බෙහෙත් නැතුව දුක් විඳිමින් මැරුණා. කෑමට ප්‍රමාණවත් ආහාරයක්වත්, බොන්න පිරිසිදු වතුර ටිකක්වත් අපිට තිබුණේ නැහැ. එක දිගට පැය ගාණක් නිදාගන්න ලැබුණේත් නැහැ. කොයි වෙලේ ෂෙල් වැටේවිද කියන බයෙන් නිදාගන්න බැහැ. නමුත්, අපි 2009 මැයි 10 වැනිදා වෙන තුරුම ඊළනාදම් මුද්‍රණය කළා. අවසන් වරට මුද්‍රණය කළේ මැයි 10 වැනිදා කලාපයයි. අපේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණනාවක් ෂෙල් ප්‍රහාරවලින් මැරුණා. අපේ මුද්‍රණ උපකරණ සියල්ලම රජයේ හමුදාවන්ගේ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අළු ධූලි වෙලා ගියා."

{jathumbnail off}යාපනේ තින්නවේලියේ උපන් පනස් පස් හැවිරිදි පොන්නයියා ජෙයරාජ් දෙමළ මාධ්‍ය ඉතිහාසයේ වික්‍රමාන්විත පරිච්ඡේද....

අම්පාර - මඩකළපු දිස්ත්‍රික් මායිමේ පිහිටි මධ්‍යම කඳවුර සිංහල ජනපදය කේන්ද්‍ර කොට පිහිටුවා තිබූ 'සෙන්ට්‍රල් කෑම්ප්' පොලිස්...
18/05/2024

අම්පාර - මඩකළපු දිස්ත්‍රික් මායිමේ පිහිටි මධ්‍යම කඳවුර සිංහල ජනපදය කේන්ද්‍ර කොට පිහිටුවා තිබූ 'සෙන්ට්‍රල් කෑම්ප්' පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන්ට එරෙහිව 1997 මාර්තු මාසයේදී, කල්මුණේ පෙරියනිලාවනි හි 11 වැනි කොළණියේ ජීවත් වූ 35 හැවිරිදි සිවු දරු මවක් වන මුරුගේසුපිල්ලෛ කොනේස්වරී ස්ථාන භාර නිලධාරියාට පැමිණිල්ලක් කළාය. ඒ, සිය නිවස ආසන්නයේ පිහිටි පොලිස් මුරපොළ පසුකොට යන එන වාරයක් පාසා තමන් හිරිහැරයට පාත්‍ර කරන පොලිස් භටයන් සිය ගෙවත්තේ වූ කොහොඹ ගසක් බලයෙන් කපාගත් බව ය. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට පොරොන්දුවක් ඇයට ලැබුණි.

දෙමසක් ඇවෑමෙන්, 1997 මැයි 17 වැනිදා රාත්‍රී 11ට පමණ ඇයගේ නිවසට කඩා වැදුණු අවිගත් පොලිස් සෙබළුන් දස දෙනෙක් ඇයගේ දෙහැවිරිදි බාල දියණිය ඉදිරිපිටම ඈ සමූහ අතවරයට ලක් කළහ. අනතුරුව ඇයගේ යෝනි මාර්ගය තුළට අත් බෝම්බයක් දමා පුපුරවා ඇය මරා දැමූහ. කල්මුණේ රෝහලට රැගෙන ගිය මෘත දේහය සම්බන්ධයෙන් කිසිදු මරණ පරීක්ෂණයක් නොපැවැත්වුණු අතර එය මිහිදන් කිරීමට ඇයගේ ඥාතීන්ට අණ කෙරුණි. ඇය පොලිසිය සහ දෙමළ සටන්කරුවන් අතර වෙඩි හුවමාරුවකට මැදිව මිය ගිය බව කී පොලිසිය දෙවනුව ෂෙල් ප්‍රහාරයකින් ඇය මියගිය බව කීහ.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නියමයෙන් ආරම්භ කළ විර්ශනයට අනුව පළමු මහේස්ත්‍රාත් පරීක්ෂණය 1997 ජූනි මාසයේ පැවැත්විණ. 'ඇයගේ මරණයට හේතුව, අත් බෝම්බයක් පිපිරීමෙන් පසු සිදු වූ අධික ලේ වහනය" යැයි මහේස්ත්‍රාත් නියමයෙන් යළිත් ගොඩගත් මළ සිරුර පිළිබඳව මරණ පරීක්ෂණය පැවැත් වූ වෛද්‍ය කුමුදුනී තුරෛරත්නම් කියා සිටියාය. තර්ජන හේතුවෙන් අඩුම වශයෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙක් සාක්ෂි දීමෙන් වැළකී සිටියහ.

ඇයගේ මරණයෙන් සිව් වසරකට පසු, 2001 ජූනි මාසය වන විටත්, සාක්ෂිකරුවන් නොමැතිකමින් අධිකරණ විභාගය අඩාල වී තිබුණි.

එයින් දෙමසක් ඇවෑමෙන්, 2001 අගෝස්තු 20 වැනිදා මධ්‍යම රාත්‍රිය එළඹෙන්නට මොහොතකට පෙර, සෙන්ට්‍රල් කෑම්ප් පොලිස් ස්ථානයට කඩා වැදුණු දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ නැගෙනහිර කාන්තා බලකායන්ට අනුයුක්ත ගරිල්ලා සෙබළියන් විසින්, අවම වශයෙන් පොලිස් භටයන් 16 දෙනකු ඝාතනය කර කඳවුර සහමුලින්ම විනාශ කරන ලදී.

"කෝනේස්වරීගේ ඝාතනයට පලිගැනීමට අපට අවශ්‍ය විය. ඇය අතවරයට පත්කොට සාහසික ලෙස මරා දැමූ පොලිස් ස්ථානය සම්පූර්ණයෙන් විනාශ කරන්නට ලැබීම අපට ආඩම්බරය"ක් යැයි නැගෙනහිර එල්ටීටීඊ කාන්තා අංශයේ දේශපාලන නායිකා භානුකා පසුව කියා සිටියාය.

කෝනේස්වරීගේ මරණයෙන් දිනකට පසු, 1997 මැයි 18 වැනිදා, බී. සිවකුමාර්ගේ සංස්කරණයෙන් කොළඹ දී ප්‍රකාශනයට පත්කෙරුණු 'සරිනිහර්' පත්‍රයේ 'කලා' නමින් මුල්වරට පළ වූ මෙම කවියේ සිංහල ඡායානුවාදය, පළමුවරට පළ වූයේ එම වසරේම ඔක්තෝබර් මාසයේ 'හිරු' සඟරාවේ ය.

අම්පාර - මඩකළපු දිස්ත්‍රික් මායිමේ පිහිටි මධ්‍යම කඳවුර සිංහල ජනපදය කේන්ද්‍ර කොට පිහිටුවා තිබූ 'සෙන්ට්‍රල් කෑම්ප....

"පහුගිය පෙබරවාරි මාසයේදීත් නුවර පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකයට ඇවිත් කට උත්තරයක් දෙන්න කියලා පණිවිඩයක් ආවා. ගියාට පස්සේ ...
08/04/2024

"පහුගිය පෙබරවාරි මාසයේදීත් නුවර පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකයට ඇවිත් කට උත්තරයක් දෙන්න කියලා පණිවිඩයක් ආවා. ගියාට පස්සේ පැය හයක් විතර ප්‍රශ්න කරලා විස්තර ලියා ගත්තා. ඒ වෙලාවේ මම ඇහුවා ' ඇයි මේ විදිහට අපිට කරදර කරන්නේ ? අපි නේද වින්දිතයෝ? අපිට සාධාරණයක් ඉෂ්ඨ වෙලා නැතුවත් පාඩුවේ ඉද්දි ඇයි අපේ පස්සෙන් පන්නන්නේ? අපි කරපු වරද මොකද්ද කියන්න' කියලා . එතකොට නුවර පොලීසියේ ත්‍රස්ත විමර්ශන නිලධාරියෙක් මට ෆයිල් තුනක් පෙන්නලා කිවුවා 'මේ ෆයිල්වල තියෙන්නේ ඔයා ගැන විස්තර. දැනට වරදක් කරලා නෑ තමයි. ඒත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපිට දැනුම් දීලා තියෙනවා ඔයගොල්ලෝ අන්තවාදින් වෙන්න පුලුවන් ඒ හින්දා ඇහැ ගහගෙන ඉන්න කියලා' කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචි එස්. එම්. ෆසාල් ජේඩීඑස් හා පවසා සිටියේය.

කිත්සිරි විජේසිංහ විසිනි දෙ දහස් දහඅට වසරේ මාර්තු මාසයේ දී මහනුවර දිස්ත්‍රිකයේ දිගන හා තදාසන්න ප්‍රදේශවල මුස්ල.....

'වාර්තාව මගින් දක්වා තිබෙන කාල සීමාව තුළ සමූහ මිනීවළ හමුවී ඇති ප්‍රදේශය, මියගිය එවකට බ්‍රිගේඩියර් ජානක පෙරේරාගේ ආඥාපතිත්...
19/03/2024

'වාර්තාව මගින් දක්වා තිබෙන කාල සීමාව තුළ සමූහ මිනීවළ හමුවී ඇති ප්‍රදේශය, මියගිය එවකට බ්‍රිගේඩියර් ජානක පෙරේරාගේ ආඥාපතිත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද හමුදාවේ හයවැනි 'වැලිඔය' බලසේනාව යටතේ පැවති අතර 1995 රිවිරැස මෙහෙයුමත් සමගම ඔහු, 53වැනි සේනාංකය වශයෙන් පසුව නම් කරන ලද එවකට පැවති අතිරේක ප්‍රහාරක බලකායේ අණදෙන්නා වශයෙන් යාපනයට කැඳවනු ලැබුණි. ඉහත සඳහන් කාල සීමාවේ මිනීවළ පිහිටා ඇති භූමියට යාබද කොක්කුතෝඩුවායි යුද හමුදා කඳවුර, ක්‍රියාන්විත රාජකාරියේදී පසුව මියගිය ලුතිනන් කර්නල් රෝහිත වික්‍රමතිලක යටතේ ස්ථානගත කර තිබූ 4වැනි ගැමුණු හේවා බලඇණිය යටතේ පැවතුණි. 1995 පෙබරවාරි සිට 1996 නොවැම්බර් දක්වා බලඇණි අණදෙන්නා වශයෙන් ක්‍රියාකරන ලද්දේ ලුතිනන් කර්නල් වික්‍රමතිලක ය.'

කිත්සිරි විජේසිංහ විසිනි මු ලතිවු - කොක්කුතෝඩුවායි සමූහ මිනීව‌ළේ ඇති මානව අස්ථි කොටස් ඇසුරෙන් කරන ලද මූලික විමර්...

“The date of the burial event took place does not go beyond the year 1994 and does not exceed the year 1996. Therefore a...
19/03/2024

“The date of the burial event took place does not go beyond the year 1994 and does not exceed the year 1996. Therefore as suggested by the artifacts excavated, it can be concluded that this incident took place on a date held somewhere between 1994 and 1996.”

During the time period referred in the report, Kokkuthoduvai remained under the control of 6th 'Welioya' Brigade of the Sri Lanka army headed by late Brigadier Janaka Perera before he was posted to Jaffna to lead Reserve Strike Force (53 Division). The 4th Battalion of the Gemunu Watch was stationed at the Kokkuthoduvai camp under the command of Lt.Col. Rohitha Wickrematilaka, who functioned as the battalion commander from February 1995 to November 1996.

http://www.jdslanka.org/index.php/news-features/human-rights/1093-tamil-tiger-fighters-killed-in-sri-lanka-war-buried-chaotically-in-secret-mass-grave

"Inspector Saman Kumara Dissanayake had been taken into custody by the CID for the alleged abduction and unlawful detent...
17/12/2023

"Inspector Saman Kumara Dissanayake had been taken into custody by the CID for the alleged abduction and unlawful detention of Ganeralalage Shantha Samaraweera in 2010 July.

A report by the International Truth and Justice Project (ITJP) in 2019 brought to light that Samaraweera who went missing was last seen in a secret detention site run by Naval Intelligence, hidden in the jungle-covered hills of the Trincomalee Naval base."

by Kithsiri Wijesinghe Sri Lanka police have arrested a police officer accused of abducting a man who disappeared in the aftermath of the war following arbitrary detention in a secret navy torture site. The officer in charge of the Mirigama police administration unit was arrested recently by...

Address


Alerts

Be the first to know and let us send you an email when JDS Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JDS Lanka:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share