Villa Evergreen, Wennappuwa, Sri Lanka

Villa Evergreen, Wennappuwa, Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Villa Evergreen, Wennappuwa, Sri Lanka, Wennappuwa.

04/11/2023

කරුණාකර ඔබ මෙම ලිපිය කියවන්නට කලින් 1,2,3 කෙටි ලිපි කියවන මෙන් ඉල්ලා සිටිනවා. නැතහොත් ඔබට මෙම ලිපිය නොතේරුණු ඇත.
1ලිපිය
https://m.facebook.com/story.php?story_fbid=260757536114653&id=100065412251258

2ලිපිය
https://m.facebook.com/story.php?story_fbid=260761889447551&id=100065412251258

3ලිපිය
https://m.facebook.com/story.php?story_fbid=260762446114162&id=100065412251258

අපි 1 සහා 2 ලිපි වලින් ශුද්ධගිනිස්ථානය ඇයි අවශ්‍ය කියලා වගේම,ශු.බයිබලයෙන් ඒ ගැන සනාතත් කර්ගත්තා. 3 ලිපියෙන් මරණිය පව්, සුළු පව් මොනවද?, පුද්ගලයෙකු ශුද්ධගිනිස්ථානයේ කොපමණ කාළයක් සිටිනවාද?ශුද්ධගිනිස්ථානයේ වේදනා මේ තරම් බරපතල වන්නේ කෙසේද? කියලා කතා කලා.

ඔබට ගිය ලිපි කියවූ විට තේරෙන්න ඇති ශුද්ධගිනිස්ථනයේ වේදනාව කොතරම් නම් බරපතළ ද කියලා, ඉතින් අනිවාර්යෙන් මේ වෙද්දි ඔබගේ දෙමවුපියෙක් ,සහෝදර සහෝදරියෙක්, යහළුවෙක් මියගිහින් ඉන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවානේ ඔහු ජීවත්වුනු විදිහ, ඔහු පව් සමාවක් නොමැතිව තම පාප්යන්ට දුක් නොවී සුළු පාප සහිතව මිය ගියානම් ඔහු අනිවාර්යෙන්ම මේ වන විටත් ශුද්ධගිනිස්ථානයේ දුක් විඳිනවා ඇති.ඉතින් ඔබ දන්නවාද? දෙවියන් වහන්සේ පෘථිවියේ ජීවත් වන මිනිසුන්ට අවස්ථාවක් දීලා තියෙනවා. මෙලොවින් මියගිහින් ශුද්ධගිනිස්ථානයේ දුක් විඳින මිනිසුන් එහි සිටින කාලය අවම කිරීම්ට ඔබටත් හැකියාවක් තියෙනවා. අහෝ ඔවුන්ගේ වේදනාවේ බරපතලකම දන්නවනම් ඔබ ඔවුන්ව නොතකා සිටින්නේ නැහැ.

ඉතින් කොහොමද අපි ඔවුන්ට උදව් කරන්නේ???

1. ඒහි පීඩා විඳින ආත්මයන් ට දිව්‍ය පූජා ඔප්පු කිරීමෙන් අපට උදව් කළ හැකිය. ඔවුන්ට ගැලවීම දාන කිරීමට මේ වඩාත් සඵල මගකි,මන්ද ජේසුස් වහන්සේගේ කුරුස යාගයේ බලය තරම් ඔවුන්ට උදව් වන තවත් දෙයක් නැහැ.
( මියගිය අයව සිහිකර හැකිතරම් දිව පූජාවන්ට සහභාගි වීම හෝ ඔබට පුළුවන් පුංචි මුදලක් හරි දමා දිව්‍ය පූජා ඔප්පු කිරීම්)

2.ඔවුන්ව සිහිකර නිතරම යාඥා කිරීම්.ජපමාලය උච්චාරණය කිරීම, පදනමක් පාදනමස්කාරය කිරීම ඔවුන්ට සහනය දිය හැකි කදිම භක්තියන් වේ.,මන්ද මේ තුළ මෙනෙහි කරන්නේ ජේසුස් වහන්සේගේ ජීවිතය සහ දුක් ප්‍රාප්තිය නිසා ඒ හරහා ලැබෙන පින් හේතු ඔවුන් උදෙසා ඔප්පු වෙයි.

3. දානමය ක්‍රියා ඔවුන්ට උදව්වකි, දානයක් දීම යනු කුමක්ද? නිවැරදි ක්‍රමය මොකක්ද?
එනම් අන්තඅසරණව දුප්පත්කම නිසා දුක් විඳින මිනිසෙකුට ,පවුල් කට අපි හිතේ සතුටින් පිළියෙල කරූ යම්කිසි ආහාරයක් දීම, ඇඳුමක් හෝ වෙනත් අවශ්‍යාතාවයක් සපුරාලීම. මෙහිදී කාටත් නොදැනෙන ලෙස ඔබගේ මියගිය ඥාතියාව සිහි කරමින් එම දුප්පත් පුද්ගලයාට එම දේවල් ලබා දීම.

4. ඔබට එදිනෙදා ජීවිතය තුළ විඳින්නට වෙන දුක්වේ වේදනා ජේසු අපි වෙනුවෙන් වින්ද වේදනාව මතක් කරගෙන ඔබ විඳින වේදනාව ශුද්ධගිනිස්ථානයේ ආත්මයන් වෙනුවෙන් ඔප්පු කළ හැකිය,

5.තවත් වඩාත් පහසු හා ඵලදායි මගක් වනුයේ පූර්ණඵල ලැබෙන කෙටි යැදුම් ඔප්පු කිරීමයි. බොහෝ පුද්ගලයෝ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි, මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි ' වැනි කෙටි යැදුම් දිනකට 500 හෝ 1000 වාරයක් උච්චාරණය කරති. ජේසුනි ' යන වදනද එසේමය. මේ මගින් ආත්මයන්ට විපුල වරප්‍රසාද ගලා එන අතර එය ඔවුන්ගේ ගැලවීමට හේතු සාධක වේ. නොහැකි නම් 100ක් 300ක්මෙවැනි වදන් හෝ කෙටි වාක්‍ය ඛණ්ඩ දිනකට 1000 වාරයක් උච්චාරණය කරන්නේ නම් දවස් 300,000 පූර්ණඵල ලැබෙන අතර ඒවා ශුද්ධ ආත්මයන් වෙනුවෙන් ඔප්පු කිරීමෙන් ලැබෙන සහනය කෙතරම් විපුලද? එසේ දිනපතා, සතිපතා, මාසයක්, අවුරුද්දක්, අවුරුදු 50 ක් කරන්නේ නම් කෙතරම් පූර්ණ ඵල ප්‍රමාණයක් ලැබෙන්නේද ?

එහෙත් භක්තිමත් ලෙස මෙලොවින් තුරන් වන අයට වෙන් කර තිබෙන අනගි විපාකය ගැන ඔහු කල්පනා කෙළේ නම්, ඒ සිතිවිල්ල ශුද්ධ වූ ද බැතිමත් වූ ද එකකි. ඔවුන් විසින් මළවුන් උදෙසා පූජාවක් ඔප්පු කරනු ලැබීමට ඔහු කටයුතු සැලැස්වූයේ ඒ නිසා ය. මන්ද, එවිට ඔවුන්ගේ පාපවලින් ඔවුන් නිදහස් වන බැවිනි.

( 2 මකබ් 12:45 )

''..ඒ දවස ගින්න සහිතව උදාවේ. ගින්නෙන්...පරික්ශා කරනු ලැබේ... එහෙත් ඔහු ගිනි මැදින් ආ කෙනෙකු මෙන් ගැලවෙනු ඇත.'' (1කොරින්ති 3:11-16)

[ නමුත්‍ නිරයට ගිය පුද්ගලයෙකුට යාඤා කිරීමෙන් ඵලක් නැත.මොකද නිරාගින්න සදාතනිකයි එයට ගියොත් නැවත නිදහස් වීමක් නොමැත.'' සදාතන ගින්න'' (මතෙව් 25:41)}

ඉහත සඳහන් දේවල් ඔබ ශුද්ධගිනිස්ථානයේ දුක් විදින ආත්මයන් වෙනුවෙන් කළ පසු , බැරිවෙලා හරි එම ආත්ම ඒ දුකෙන් මිදිලා ස්වර්ග රාජ්‍යයට ගමන් කළහොත් එය ඔවුන්ට විස්තර කළ නොහැකි තරම් උදව්වක් සැනසීමක්.
ඉතින් මේ නිසා ඔබට ලැබෙන වරප්‍රසාද ගැන ඔබ දන්නවාද? ඉතින් ඔබ විසින් නිදහස් කරන ලද එම ආත්ම දැන් සිටින්නේ ජේසු ලඟ ඒ නිසා ඔවුන්ට පුළුවන් ජේසුට කියන්නේ මාව නිදහස් කලේ මෙන්න මේ මිනිසා ඉතින් ඔහුට අවශ්‍ය වරප්‍රසාද ලබා දෙන්න, උදව් කරන්න, ආරක්ෂා කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි ඔබ එම ආත්ම නිදහස් කරන්න කරන්න ඔබ මිය ගියාට පසු ශුද්දගිනිස්ථානයේ සිටිය යුතු කාලයත් අවම වෙනවා.(වමෙන්න මේ කියූ දේවල් වලට ජීවිත සාක්ෂි එමටයි.එම සාක්ෂි ගැන ඊලග ලිපියෙන් විමසා බලමු.)

24/07/2023

Artist- ChamodyaRashmiprabhaLyrics - Anjalee BandaraMusic - Chandana Welikala Mix and Mastering- Sandaru Gamage @ Sage Recording Studio Vedio- Malith Jay Edi...

This morning in Venice at 7 o'clock.....
28/11/2020

This morning in Venice at 7 o'clock.....

Address

Wennappuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Villa Evergreen, Wennappuwa, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share