07/11/2022
📀 Movie review 005
අද කතාබහ දනුශ් නම් අසහාය නලුවාගේ තවත් එක් චිත්‍රපටයක් පිලිබදවයි. දමිළ සිනමාවේ නිරතුරුවම ගෞරවයට සහ ආදරයට පාත්‍රවන මෙම දක්ශ රංගන ශිල්පියාගේ අසාර්ථක වූ චිත්‍රපට නැති තරම්ය. තමා රංගනයෙන් දායක වන සෑම චරිතකටම හැකි උපරිම අයුරින් සාධාරණයක් ඉශ්ඨ කිරීම මෙයට එක් හේතුවකි. මුල් කාලීනව අන් අයගේ නිර්මණවලට දායක වූවද වර්ථමානය වන වට බොහෝ අවස්ථාවලදී ද්නුශ්ගේ නිර්මාණ තුලදීම දනුශ්ව දැක ගැනීමට හැකියාව ලැබෙනවා. තමා රංගනයෙන් දායක වන සෑම චරිතයක්ම තමාටම සරිලන පරිදි සකසා ගන්නා මෙම රංගන ශිල්පියා එම සෑම චරිතයකටම සුවිශේශී වූ අනන්‍යතාවයක් සාදා තිබෙනවා. තමාට හැඩගස්වා ගන්නා චරිතයට සරිලන දීර්ඝ දෙබස් ඛණ්ඩය මෙයට හොදම උදාහරණයකි. Veleillapattadhari(2014) ,Maari, Anegan , Thanga Magan, Yaradhi nee mohini, Munru ඇතුලුව චිත්‍රපට 70කට ආසන්න ගණනකට රංගනයෙන් දායක වූ මෙම අසහාය රංගන ශිල්පියාගේ තවත් එක් නිර්මාණකි Thiruchitrambalam.
සුලු වරදකින් සිදුවූ මහා විනාශක් හේතුවෙන් විරසක වූ පිය පුතු දෙදෙනාගේ දිවි පෙවෙතත් තම ජීවිතයට සරිලනම ප්‍රේමය අතලග තබාගෙන අන්ධයකු සේ හැසිරෙන තරුණයෙකුගේ ආදර කතාවද මෙම චිත්‍රපටයෙන් ඔබ වෙත ගෙන එනවා. දනුශ් රංගනයෙන් දායක වන තිරු ගේ හොදම මිතුරිය ලෙස සුරූපී නිත්‍යා මෙනන් රංගනයෙන් දායක වේ. Ok Kanmani, 100 days of love, Mersal වැනි සාර්ථක නිර්මාණ රාශියකින් ඇය දමිළ , තෙළිඟු , මලයාලම් සහ හින්දි සිනමාව වර්ණවත් කර තිබෙනවා. මෙම චිත්‍රපටයේ විශේශත්වයක් වන්නේ තිරු ගේ පියාගේ චරිතයයි. මෙවර තිරුගේ පියාගේ චරිතයට රංගනයෙන් දායක වීම සදහා ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන ප්‍රකාශ් රාජ් හට ආරාධනය කර තිබීම කැපී පෙනනවා. චිත්‍රපට 200කට අධික සංබ්‍යාවකට රංගනයෙන් දායක වූ මෙම රංගන ශිල්පියා බොහෝවිට සතුරාගේ චරිතයට රංගනයෙන් දායක වී තිබෙනවා. සුන්දර කතා පුවතක් රැගෙන එන මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 7.5 ක අගයක් මේ වන විට හිමි කරගෙන තිබෙනවා. සුපුරුදු පරිදි දනුශ් විසින්ම ගායනය කරන ගීත ඇතුලත් මෙම චිත්‍රපටය දමිළ සිනමාවට ප්‍රිය කරන ඔබට දනුශ් විසින් දායාද කල තවත් අගනා ත්‍යාගයක් වනවා නොඅනුමානයි. පිය සෙනෙහසත් ප්‍රේමයත් සොයා යන තිරුගේ ජීවිත කතාව නරඹන්න ආරධනා කරනවා.
Today's talk is about another film of the talented actor Danush. There are hardly any failed films of this talented actor who is always respected and loved in Tamil cinema.One of the reasons for this is that he wants to do justice to every character he plays. Although he contributed to other people's creations in the early days, many times in the present world, we can see Danush himself in his creations. This actor, who makes every role he plays to suit himself, has created a unique identity for each role. The best example of this is the long dialogue piece that suits the character he is portraying. Thiruchitrambalam is another production of this indomitable actor who acted in nearly 70 films including Veleillapattadhari(2014), Maari, Anegan, Thanga Magan, Yaradhi nee mohini, Munru.
This film brings to you the love story of a young man who behaves like a blindman, holding the love of his life in his hands, and the life of the two father and son who were separated due to a major destruction due to a minor mistake. Beautiful Nithya Menon plays the best friend of Dhanush's character Thiru. She has colored Tamil, Telugu, Malayalam and Hindi cinema with many successful works like Ok Kanmani, 100 days of love, Mersal. A special feature of this film is the role of Thiru's father. It is notable that Prakash Raj, a superstar of Indian cinema, has been invited to play the role of Thiru's father this time. This actor, who has acted in more than 200 films, has often played the role of the enemy.This film, which brings a beautiful story, has a value of 7.5 on the IMDB index. As usual, this film, which includes songs sung by Danush himself, is undoubtedly another precious gift given by Danush to you who love Tamil cinema. I invite you to watch Thiru's life story in search of fatherly affection and love
Initial release: August 18, 2022
Director: Mithran R. Jawahar
Music composed by: Anirudh Ravichander
Cinematography: Om PrakashD
Distributed by: Red Giant Movies