NCBC TV

NCBC TV NEW CEYLON BROADCASTING CORPORATION �
(10)

10/06/2024

බලන්න එයා ❤️❤️

ස්වභාවධර්මයේ අපූර්වත්වය බලන්න... ❤️❤️
10/06/2024

ස්වභාවධර්මයේ අපූර්වත්වය බලන්න... ❤️❤️

10/06/2024
10/06/2024

බලන්නකො කොහොමද කියලා ඒ ප්‍රෑන්ක් එක...

රන් කරපු කෑලි තුනම එකම වෙලාවෙ හම්බුනාම 🥹✋
09/06/2024

රන් කරපු කෑලි තුනම එකම වෙලාවෙ හම්බුනාම 🥹✋







09/06/2024

ඒ වෙලාවෙ ආපු Real දුක 🤬💔🇱🇰 | Blok & Dino LIVE🛑

( සැ.යු. : ටිපර් වෙන්න එපා යාලුවේ )


වැලිඔය ප්‍රදේශයේ පදිංචි පියකු කුඩා දරුවකුට ඉතා අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉකුත් දින කිහිපය තුළම සමාජ මා...
08/06/2024

වැලිඔය ප්‍රදේශයේ පදිංචි පියකු කුඩා දරුවකුට ඉතා අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉකුත් දින කිහිපය තුළම සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සංසරණය විය.

මෙම වීඩියෝව මෙලෙස සංසරණය වීමත් සමඟ ඒ දෙස මුළු මහත් සමාජයේම අවධානය යොමුවිය. සංවේදී පිරිස් එම වීඩියෝව දැක “අනේ අපොයි“ කියන්නට වූ අතර සමහරු එකහෙළාම පැවැසුවේ දරුවාට තිරිසනකු ලෙස පහර දෙන එම නරුම පියාට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.

පැය කිහිපයක් ඇතුළත මෙම වීඩියෝව සැලකිය යුතු මහජන විරෝධයක් ඇති කළ අතර බොහෝ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් මේ නරුම පියා කොහේ පදිංචිකරුවකුද යන්න දැන ගැනීමට පවා උත්සුක විය. කෙසේ වෙතත් ඒ වන විටත් එම වීඩියෝව කිසිවකු විසින් වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත වට්ස්ඇප් හරහා යොමුකර තිබුණේය. එම වීඩියෝව හොඳින් නිරීක්‍ෂණය කළ හෙතෙම එම වීඩියෝවට අනුව දරුවාට පහර දෙන පියා තම වසමේ පදිංචිකරුවකු බවට සැකකොට ඔහු හඳුනාගැනීම සඳහා විමර්ශනයක් අරඹා තිබිණි.

මෙම වීඩියෝව දිගින් දිගටම ‘වයිරල්’ වීමත් සමඟ පොලිසියේ උසස් නිලධාරීන්ගේද අවධානය ඊට යොමුවූ අතර විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද මේ සම්බන්ධයෙන් දැනුවත් වී ඇත්තේ ඔහුද එම වීඩියෝව දැක සංවේදී වූ නිසාය.

ඒ අනුව ඔහු විශේෂ කාර්ය බළකායේ පුල්මුඩේ කඳවුර භාර පොලිස් පරීක්‍ෂක කුලතුංගට නියෝග ලබාදී ඇත්තේ වහා මෙම වීඩියෝව සම්බන්ධ විමර්ශනයකට එක්වී සැකකරු කොටුකර ගැනීමට සහාය වන ලෙසය.

ඒ අනුව පොලිස් පරීක්‍ෂක කුලතුංග කණ්ඩායමක් රැගෙන වැලිඔය පොලිසියේ ස්ථානාධිපති ලක්මාල් හමුවීමට යන්නේ මෙවන් රාජකාරි සඳහාම පුහුණු කළ දක්‍ෂ නිලධාරීන්ද කිහිපදෙනකු සමඟය. මේ අතර වීඩියෝ දර්ශනයේ දරුවාට පහර දුන් නරුම පියා කවුදැයි හඳුනා ගැනීමට වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා සමත්ව ඇති අතර එම පුද්ගලයා වැලිඔය දෙවැනි පියවර කල්‍යාණපුර පදිංචි කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද යන අයකු බවද නිලධාරීන් තහවුරු කර ගත්තේය.

කුකුල් චමින්ද ස්ථිර රැකියාවක නිරත වූවකු නොවීය. ඔහු අතට අසුවන ඕනෑම රැකියාවක් කිරීමට සූදානම් අයෙක් විය. මත්පැනට මෙන්ම කාන්තා ඇසුරට ගිජු වූවෙකි. සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන මෙම වීඩියෝවේ කුකුල් චමින්දගේ රුව මනාව පෙනෙන්ට ඇති බැවින් චමින්ද කොටු කර ගැනීම එතරම් අපහසු නොවන බව නිලධාරීහු වටහා ගත්හ.

ඒ අනුව වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කුකුල් චමින්ද පදිංචිව සිටි වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේ ඔහුගේ නිවස සොයා ගියද ඔහු ඒ වන විටත් නිවසේ ‍ෙදාරගුළු වසා දමා සිය බිරින්දෑවරුන්ද සමඟ පලාගොස් තිබිණි. ඒ ඔහුට අයත් නිල් පැහැති ත්‍රිරෝද රියෙනි.

ඉන් අනතුරුව පොලිස් කණ්ඩායම් කුකුල් චමින්දගේ මුල් ගම වෙතද ගොස් ඔහු සෙවීම සිදුකළ අතර වැලිඔය සහ ඒ අවට ලඳු කැලෑවන්ද නිලධාරීන්ගේ නිරීක්‍ෂණයට ලක්විය. ඒත් කිසිදු තැනක චමින්ද නොසිටියේය. මේ අතර කුකුල් චමින්ද භාවිත කරනු ලැබූ ජංගම දුරකථන අංක දෙකක් විමර්ශන නිලධාරීන් වෙත ලැබෙන අතර එම අංක දෙක ඔස්සේද විමර්ශන සිදුකෙරිණි. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ජංගම දුරකථන අංක ඔස්සේ ලබාගන්නා විශ්ලේෂණ වාර්තාවලට අනුව සැකකාර කුකුල් චමින්ද වැලිඔය ප්‍රදේශයේ රැඳී සිටින බවට තහවුරු නොවන අතර ඔහු පුල්මුඩේ ප්‍රදේශයේ රැඳෙන බවට එම වාර්තා පෙන්නුම් කරන්නට විය.

මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නුවන් තරංග ඇතුළු කණ්ඩායම මෙම විමර්ශනය සඳහා සම්බන්ධ වන්නේ ඉන් පසුවය. ඒ අනුව පොලිස් කණ්ඩායම් තුනම පුල්මුඩේ බලා පිටත්ව යන අතර ඔවුන් එම ප්‍රදේශය සහ ඒ අවට ජනතාවට අදාළ වීඩියෝ දර්ශන පෙන්වමින් දරුවකුට පහර දෙන පුද්ගලයා හඳුනාගැනීමට සහාය ඉල්ලමින් ඔවුන් දැනුවත් කිරිමට පියවර ගත්හ.

සැකකරු සොයා ගැනීම සඳහා ඔහුගේ දුරකථනයට අදාළ වාර්තා මහඟු පිටිවහලක් ගෙන දුන් අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ලබාදුන් එම තොරතුරුවලට අනුව ඔහු පුල්මුඩේ ප්‍රදේශය ආශි්‍රතව ගැවසෙන බවටද නිලධාරීන් තහවුරු කර ගත්තේය.

ඉකුත් හතර වැනිදා සවස 4ට පමණ වැලිඔයෙන් ඇරැඹි මෙම මෙහෙයුම පසුව පුල්මුඩේ දක්වා විහිදී ගිය අතර 4 වැනිදා රාත්‍රිය වෙද්දී නිලධාරීන්ගේ අවධානය බස් රථ දෙකක් වෙතද යොමු විය. ඒ සැකකරු එම බස් රථ දෙකෙන් කිසියම් බසයකින් පුල්මුඩෙන් පලායෑමට තිබූ ඉඩකඩ නිසාය.

ඉන් එක් බස් රථයක් රාත්‍රි නවයට පුල්මුඩේ සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ අතර අනෙක් බසය රාත්‍රි දහයට එරක්කණ්ඩි සිට පුල්මුඩේ, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, අනුරාධපුරය, පුත්තලම, මීගමුව හරහා කොළඹ බලා ධාවනය වූවකි. විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙපැත්තක් ආවරණය වන පරිදි මාර්ග බාධක දෙකක් යොදා ගනිමින් එම මගී බස් රථ දෙකම සෝදිසියට ලක් කළද කුකුල් චමින්ද හෝ ඔහුගේ බිරින්දෑවරුන් එම බස් රථ දෙක තුළම දක්නට නොලැබිණි.

“සර්… ඕකා හොඳට බොනවා. කසිප්පු හරි අරක්කු හරි හැමදාම ගහනවා. පුල්මුඩේ පැත්තේ බාර් එකක ඕකා ඉන්න පුළුවන්.” වැලිඔය පොලිසියේ සැරයන්වරයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂකවරයාට වරෙක එලෙස පැවැසුවද පුල්මුඩේ පොලිස් වසමේ මත්පැන්හල් නොමැති වීම නිසා එම තොරතුරද ඉවත දැමිණි.

“සමහර විට ඕකා ඔය ත්‍රීවීලර් එකත් කැලේක හංගලා ගෑනු දෙන්නත් එක්ක කොහේ හරි ගෙදරක හැංගිලා ඉන්න පුළුවන්”

“ඕකා බයික් එකක යන එකක් නැහැ සර්. යනව නම් ගෑනු දෙන්නයි ළමයවයි දාගෙන ත්‍රීවීලර් එකේම තමයි යන්න ඕන”

“ඒකා හැමදාමට රෑට කසිප්පු බොනවා. කසිප්පු පොට්වල හෙව්වොත් ඕකා එතන අනිවාර්යයෙන්ම ඇති” මෙවන් තොරතුරු හතර වටින්ම පොලිස් කණ්ඩායම් වෙත ලැබුණු අතර ඒ හැම තොරතුරක්ම පරීක්‍ෂාවට ලක් කිරීමට නිලධාරීහු පියවර ගත්හ. දුරකථන විශ්ලේෂණ වාර්තාවලට අනුව කුකුල් චමින්ද සොයා ගැනීම සඳහා කල්අරාවත්ත, තිරියාය ප්‍රදේශවල මෙහෙයුම් අරඹන්නේ ඉන් පසුවය. එම ප්‍රදේශ කුච්චිවේලි පොලිස් වසමට අදාළ ප්‍රදේශ වූ අතර නිලධාරීන් එම ප්‍රදේශවල ප්‍රජා පොලිස් කමිටුවල ආධාරයෙන් එහි පදිංචිකරුවන්ට එම වීඩියෝ දර්ශන පෙන්වමින් කුකුල් චමින්ද සෙවීම අරඹන්නට විය.

එම වීඩියෝ දර්ශන දුටු එම වැසියන්ද ඊට සංවේදී වෙමින් චමින්ද සොයන්නට උත්සුක වූ අතර වීඩියෝව එම ප්‍රදේශවල පිරිස් අතරද ‘වයිරල්’ව තිබීම විමර්ශනයටද පහසුවක් ගෙන දුන්නේය.

මේ අතර පුල්මුඩේට කිලෝමීටර් 7ක් දුරින් පිහිටි තිරියාය ප්‍රදේශයේ කුකුල් චමින්ද රැඳී සිටි බවට තොරතුරු ලැබුණු අතර දුරකථන වාර්තා අනුව ඔහු පුල්මුඩේ ප්‍රදේශයෙන් පලාගොස් නැති බවටද නිලධාරීන්ට තහවුරු විය.

“සර්… ඔය මිනිහා මම දැක්කා නිල් පාට ත්‍රීවීලර් එකකින් මේ පැත්තෙන් යනවා” ලැබුණු තවත් තොරතුරක් සමඟ කුකුල් චමින්ද අනිවාර්යයෙන්ම තිරියාය ප්‍රදේශයේ රැඳී සිටින බවට ඒත්තු කරගත් පොලිස් කණ්ඩායම් තිරියාය අවට නිවෙස් නිරීක්‍ෂණය කරමින් රාත්‍රි මෙහෙයුම අරඹන්නට විය. ඒ වන විට මධ්‍යම රාත්‍රියද පසුව තිබූ අතර පොලිස් කණ්ඩායම් තිරියාය ප්‍රදේශයේ ගේට්ටුවක් සහිත නිවසක් ආසන්නයට පැමිණ ගේට්ටුවෙන් එම නිවස පිහිටි වත්ත දෙසට සිය නෙත් යොමු කරද්දී එහි නිල් පැහැති ත්‍රිරෝද රථයක් නතර කර ඇති අයුරු දැක ඇත.

“අපි ත්‍රීවීලර් එකේ නොම්බරේ බැලුවා. අපි හොයන ත්‍රීවීලර් එකත් ඒක තමයි. අපි දැනගත්තා කුකුල් චමින්ද අනිවාර්යයෙන්ම ඒ ගෙදර ඇති කියලා. අපි හීන් සීරුවේ ජනේලයක් ඇරගත්තා. ඒ ජනේලයෙන් බලනකොට චමින්දයි, ගෑනු දෙන්නයි ඒ ගෙදර නිදාගෙන ඉන්නවා පෙනුණා. පස්සේ අපි චමින්දට පැනලා යන්න බැරි වෙන විදියට ගේ වට කරලා ගෙදරට තට්ටු කළා.” ‍ෙදාරට තඩිබාන ශබ්දයට චමින්ද අවදි විය. ඔහු ‍ෙදාර විවර කිරීමට පැමිණියේ නිරුවතින්ය. නිලධාරීන් ඔහු අල්ලා ගත්තේය.

කුකුල් චමින්ද කොටු වූයේ එලෙසය. ඔහු සිය බිරියන් දෙදෙනා සහ පහර කෑමට ලක්වූ කුඩා දියණිය සමඟ එම නිවසේ නිදා සිටියහ.

“අපේ අතින් වරදක් වුණා සර්” චමින්ද සමඟ සිටි කාන්තාවක් නිලධාරීන්ට කීවේය. නිලධාරීන් පහර කෑමට ලක්වූ කුඩා දැරියගෙන් සිද්ධිය විමසුවද ඇය එම අවස්ථාවේ තමාට පහර දුන් පුද්ගලයා ගැන කිසිවක් කීවේ නැත.

“දරුවට මුකුත් කියන්න එපා කියලා උගන්නලා වගේ” නිලධාරියකු කීවේය.

“උඹ කොහේද ගියේ…?”

“මම අඩියක් ගහන්න ගියා සර්… මේ ගෙදර හොයලා දුන්නු අයියත් එක්ක. පස්සේ කසිප්පු ටිකක් බීලා මෙහෙ ඇවිත් නිදාගත්තා. මම හිතුවේ නැහැ සර්ලා මෙහෙට ඒවි කියලා”
කුකුල් චමින්ද කීවේය. ඒ වන විට වේලාව අලුයම එක පමණ විණි. පහර කෑමට ලක්ව ඇති අවුරුදු හතර හමාරක් වයසැති දැරිය නිලධාරීන් භාරයට ගත් අතර කුකුල් චමින්ද සමඟ රැඳී සිටි කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනිණි. කාන්තාවන් එලෙස අත්අඩංගුවට ගැනුණේ ආධාර අනුබල දීමේ චෝදනාව මතය.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා සිටින කුකුල් චමින්ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

😂
08/06/2024

😂

ඉන්ද්‍රගේ ශාපයකින් විශාල සත්වයින් පාෂාණ බවට පත්වුනා කියන පුරාවෘත්තය නිකන්ම බැහැර කළ හැකිද?
08/06/2024

ඉන්ද්‍රගේ ශාපයකින් විශාල සත්වයින් පාෂාණ බවට පත්වුනා කියන පුරාවෘත්තය නිකන්ම බැහැර කළ හැකිද?

07/06/2024

පුංචි හිතේ වස විස නෑ ලොකු හිත් වාගේ... ❤❤👼

අම්මා කෙනෙක්.... ❤❤
07/06/2024

අම්මා කෙනෙක්.... ❤❤

🫠🫠🫠🤟
07/06/2024

🫠🫠🫠🤟

She is Gorgeous ❤️
07/06/2024

She is Gorgeous ❤️

විවාදෙස්කා බැරි ගතෝ. පුතානොස්කා බය ගතෝ. 😅 議論はできません。あの息子は怖がっている。
07/06/2024

විවාදෙස්කා බැරි ගතෝ. පුතානොස්කා බය ගතෝ. 😅 議論はできません。あの息子は怖がっている。

ඔයත් අනේ මන්දා රන්ජාහ්.... 😌😌Ranjan Ramanayake
07/06/2024

ඔයත් අනේ මන්දා රන්ජාහ්.... 😌😌
Ranjan Ramanayake

07/06/2024

රටේ හැමතැනම හොරු... නීතිය රකින එක වෙනුවට නීතිය පාවිච්චි කරලා හොරකම්, ගසාකෑම්, අල්ලස් , දූෂණ...

07/06/2024

හිනා කාලා මැරෙන්න මෙන්න 😂😂😂

පුතා No
07/06/2024

පුතා No

06/06/2024

භාවනා කරන්න ලෑස්ති වෙන ගමන්... මගේ හිත් පහේ දත්ත අනිත් පැත්ත හරවපුවම " දත් පහේ හුத்ත " කියලා එන්නෙ... ඒකවත් හිතා ගන්න බැරි මෝඩ එවුන් 😂😂😂

06/06/2024

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් කිසිදු පදනමක් නැතිව දේවාල හා ඒවාහි බස්නායක නිලමේවරුන් විවේචනය කිරීම නිසා මේ වන විට දිව...
06/06/2024

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් කිසිදු පදනමක් නැතිව දේවාල හා ඒවාහි බස්නායක නිලමේවරුන් විවේචනය කිරීම නිසා මේ වන විට දිවයිනේ දේවාල රැසකට ලැබෙන ආධාර ප්‍රමාණය 50%කින් පමණ අඩු වී ඇතැයි සමස්ත ලංකා බස්නායක නිලමෙවරුන්ගේ සංගමයේ සභාපති, මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතා පවසයි. වගකිවයුතු නොවන පුද්ගලයන් විසින් සිදු කරන පදනම් විරහිත චෝදනාවලට ඉඩක් ලබා දී ඇතැම් පිරිස් තම යූටියුබ් නාළිකා හා වෙබ්අඩවි ප්‍රසිද්ධ කර ගැනීමට උත්සාහ කරන බවත් මේ තුළින් මෙරට සංස්කෘතික හර පද්ධතියට බරපතළ හානියක් සිදුවන බවත් ඒ මහතා කීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හේමන්ත බණ්ඩාර මහතා කවුරුන් හෝ චෝදනාවක් කළ යුත්තේ එය ඔප්පු කිරීමට අවශ්‍ය සාධක සහිතව යැයි ද පැවසුවේය.

දියවඩන නිලමේ හා විහාර දේවාලගම් ආඥා පනත යටතේ ගැසට් කර තිබෙන දේවාල තිස් එකට පත්ව සිටින බස්නායක නිලමේවරු 31 දෙනා හැරුණු විට මේ රටේ වෙනත් බස්නායක නිලමේවරු නොමැති බවත් ඇතැම් පුද්ගලයන් බස්නායක නිලමේවරු ලෙස පෙනී සිටිමින් විවිධ වංචා දූෂණ සිදු කිරීම නිසා ඡන්දයෙන් පත්ව දේවාලවල තනතුරු හොබවන නියම බස්නායක නිලමේවරු දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.

Address


Alerts

Be the first to know and let us send you an email when NCBC TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share