SLNN

SLNN Sri Lanka's first and fast news page

27/11/2023

අතුරු පාලක මණ්ඩල නෑ, නඩුවත් හෙට අයින් කර ගන්නවා, සභාපති ශම්මිමයි, නව පියවර රැසක් සමගින් හරීන් හෙට වැඩ අරඹයි

27/11/2023

රාජපක්ෂලා බැලන්ස් කර ගැනීමට වාරිමාර්ග අමාත්‍යංශය පව්ත්‍රා දේවි වන්නිආරච්චිට ලබා දීමට රනිල් කටයුතු කරයි

27/11/2023

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස ශම්මි සිල්වා රැක ගැනීමට පාර්ලිමේන්තුවේදී දිගටම සටන් කළ හරින් ප්‍රනාන්දු පත් කිරීමට රනිල් කටයුතු කරයි.

27/11/2023

සූදු ශම්මි සටන දිනයි. රනිල් ශම්මිව තෝර ගනී. වාරිමාර්ග හා ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එම අමාත්‍යධුරවලින් ඉවත් කෙරේ

27/11/2023

දූෂිත ක්‍රිකට් ආයතනය එළවා දැමීමට රනිල් වික්‍රමසිංහ ඉඩ නොදෙන්නේ නම් ලබන වසරේ ජනාධිපතිවරනයේදී අනිවාර්යයෙන්ම රටේ ජනතාව සමග එක්ව හොර කල්ලිය පලවා හරින බව ඇමති රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී පවසයි.

27/11/2023

තමාව මහමඟ මරා දැමුවහොත් රනිල් වික්‍රමසිංහ නැමැත්තා සහ සාගල රත්නායක නැමැත්තා වග කිව සුතු බව අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී පවසයි.

21/11/2023

2024 වසරේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මත වෙයි . පක්ෂව ඡන්ද 122 යි,විපක්ෂව ඡන්ද 77යි

❤
19/11/2023

19/11/2023

යකො අපේ රටෙත් රතිඤ්ඤා දානවනෙ

19/11/2023

8 වසරකට පසු 6 වන වතාවටත් ක්‍රිකට් ලෝක කුසලානය සිය රටට රැගෙන යාමට ඕස්ට්‍රේලියාව මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ ඉන්දියාව කඩුලු 6කින් පරාජය කරමිනුයි,ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී 130000කට ආසන්න ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ මෙම ජයග්‍රහණය වාර්තා කිරීම කැපී පෙනුනා.සිය රටේ පැවැති ලෝක කුසලානය දිනා ගැනීමට හොඳින් හෝ නරකින් තමන් දන්නා සියලු හොර වැඩ කරමින් ,මීළඟ වසරේ පැවැත්වෙන මහ මැතිවරණය ජය ගැනීමට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි රජය ජේ ශා නැමැති ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාද උපයෝගී කරගනිමින් කරගෙන සෙල්ලමද ඒ සමගින් නිමාවට පත්වුණා.මෙය ඔස්ට්‍රේලියාව ලද ජයග්‍රහණයක් පමණක් නොව ලෝකය පුරා ක්‍රිකට්වලට ආදරය කරන ජනතාව ලද ඓතිහාසික ජයග්‍රහණයක්ද වනවා.
ඔස්ට්‍රේලියාවට සුභ පැතුම් ❤

ලක්ෂ 65 ට හොද සාධාරණ කතාවක් කරල තියෙනව 🙄players ල නෑ කියනවනම් ඒක බොරුවක් . foundation එකේ ස්කූල් ක්‍රිකට් එකක් තියෙද්දි ...
12/11/2023

ලක්ෂ 65 ට හොද සාධාරණ කතාවක් කරල තියෙනව 🙄players ල නෑ කියනවනම් ඒක බොරුවක් . foundation එකේ ස්කූල් ක්‍රිකට් එකක් තියෙද්දි division i,ii,iii club ඕන තරන් තියෙද්දි පඳුරක් පඳුරක් ගානෙ සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන දක්ෂ ක්‍රීඩකයො ඉද්දි උඹල කියනවනම් මෙච්චරයි ඉන්නෙ දක්ෂ ක්‍රීඩකයො කියල මොකක්ද ඒ විහිළුව? 1st class club ටිකක් අටෝගෙන ඒකෙන් මොකෙක් හරි තෝරගෙන ක්‍රිකට් ගහල best 11 players ල හදන්න බෑ...දැන්වත් සීතල කාමර වලින් එළියට ඇවිල්ල රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදල බලපල්ල උඹලට කොච්චර දක්ෂ players ල හම්බෙයිද කියලා

12/11/2023

අපි ගිය ලෝක කුසලානයක් දිනන්න නෙවෙයි.අපි ගියේ 6 හරි 7 හරි වෙන්න. 9 වෙයි කියලා හිතුවේ නෑ, ශ්‍රී ලාංකිකයන් පුදුම කරවමින් මහේල ජයවර්ධන කියයි.

12/11/2023

සූදු ශම්මිගෙ ගෝලයො තිබ්බ ප්‍රෙස් එකේ මම තමයි නායකයා කියලා කුසල් මෙන්ඩිස් 17ක් පාරක් කිව්වා

මට පට්ට දුකයි මේ මනුස්සයා ගැන, අපේ පුංචි කාලෙ ලස්සන කරේ මහේලලා, සංගාලා, මම කැමති නෑ මේ මනුස්සය මේ කාලකණ්ණි බල්ලෝ හින්දා ...
12/11/2023

මට පට්ට දුකයි මේ මනුස්සයා ගැන, අපේ පුංචි කාලෙ ලස්සන කරේ මහේලලා, සංගාලා, මම කැමති නෑ මේ මනුස්සය මේ කාලකණ්ණි බල්ලෝ හින්දා මේ තත්වෙට වැටෙනවට,

"මහේල අයියේ, මම ක්‍රික් විදූමම පහුගිය අවුරුදු 4 පුරාවටම හැම මැච් එකකම ප්‍රි ඇනලයිස් එකයි පෝස්ට් ඇනලයිසිස් එකයි කරනවා..අය...
12/11/2023

"මහේල අයියේ, මම ක්‍රික් විදූ

මම පහුගිය අවුරුදු 4 පුරාවටම හැම මැච් එකකම ප්‍රි ඇනලයිස් එකයි පෝස්ට් ඇනලයිසිස් එකයි කරනවා..

අයියේ මට දැනගන්න පුළුවන්ද මේ ක්‍රිකට් තහනම වැටුනත් කලින් ඉදන් මට ලැබුන මාළු පාන් ගෙඩියයි, ප්ලේන්ටියයි මට දිගටම හම්බ වෙයිද කියලා?"

12/11/2023

මහේල ජයවර්ධන පවසන පරිදි ශ්‍රී ලංකාවට සිටින හොඳම කණ්ඩායම මෙවර ලෝක කුසලානයට සහභාගි වී තිබෙනවා.

12/11/2023

ශ්‍රීලංකා ක්‍රිකට් විනාශ කළ සුදූ ශම්මිගේ ගෝලයෝ වන කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්නා හා මාධ්‍යවේදීන් ලෙස හඳුන්වන ෆේස්බුක් එකේ මැච් එකෙන් මැච් එකට හෑලි ලියූ කිහිප දෙනෙක් හා මාධ්‍යවේදීන් ලෙස අන්දවා ශම්මි සිල්වා විසින් එවනු ලැබූ ගෝලයින් පිරිසක්ද එක්ව සිටියා. එහිදී කුසල් මෙන්ඩිස් පැවසුවේ තමන්ට ගෙදර සිටිය නොහැකි බවත් තමන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවත් ඉක්මනින් ක්‍රිකට් තහනම ඉවත් කර දෙන ලෙසත්ය. මහේල ජයවර්ධන පැවසුවේ මෙම කණ්ඩායම තරුණ කණ්ඩායමක් බවත් ඉදිරි වසර 4 තුළ හොඳ කණ්ඩායමක් බිහි වනු ඇති බවත්ය.

11/11/2023

තමන්ට රොෂාන් රණසිංහ සමඟ කිසිදු කතාබහක් නොමැති බවත්, තමන්ට ගනුදෙනු ඇත්තේ නාමල් රාජපක්ෂ,කාංචන විජේසේකර,හරින් ප්‍රනාන්දු,දයාසිරි ජයසේකර වැනි ඇමතිවරුන් සමග පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි. ශම්මි සිල්වා සහ මෙම ඇමතිවරුන් අතර ඇති ගණුදෙනුව සනාථ කරමින් පසුගියදා පැවති පාර්ලිමේන්තු විවාදය නාමල් රජපක්ෂ මග හැරි අතර හරීන් ප්‍රනාන්දු ද අදහස් දක්වන බවක් දුටුවේ නැත, කාංචන විජේසේකර සහ දයාසිරි ජයසේකර යන දෙදෙනාම රොෂාන් රණසිංහ විවේචනය කරමින් ශම්මි සිල්වා ගිය පැත්ත ගෙන කතා කරන අන්දම පාර්ලිමේන්තුවේ දුටුවේය.

11/11/2023

වනිදු හසරංග සහ දුශ්මන්ත චමීරට ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ ඇමති රොෂාන් රණසිංහ විසින් ඔවුන්ගේ නම් කපා දැමූ නිසා බව ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි.

11/11/2023

ඔය රොෂාන් රණසිංහ කියන්නේ පල් හොරෙක්,ඔය මිනිහව පාර්ලිමේන්තුව ඇරිය ඇවිල්ලා කවුද කියලා මට තේරෙන්නෙ නෑ, ඔය මිනිහා වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නෑ,කිසිම ක්‍රීඩාවක් කරලා නෑ,ඒකයි ඕකා රටේ ක්‍රීඩාව විනාශ කරන්නේ,ශම්මි සිල්වා ක්‍රීඩා ඇමති රොශාන් රණසිංහව පතුරු ගසයි.

11/11/2023

මාස 6කට කලින් රොෂාන් රණසිංහ කෝටි 200ක් ඉල්ලුවා, ඒක දෙන්න බෑ කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිව්වා,රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගහන්නේ ඒකයි. ඔව් ක්‍රිකට් ආයතනයේ හොරු හිටියා, ලොකුම හොරා අර්ජුන රණතුංගයි මිනිහගේ මල්ලියි, මිනිහා ක්‍රිකට් විනාශ කරා, ශම්මි සිල්වා රොශාන්ට දිගට හරහට නෙලයි. ඔයා මිනිහට එරෙහිව මම ජනාධිපතිව හම්බෙනවා,දෙකෙන් එකක් බේරගන්නවා ,ශම්මි සිල්වා කියයි

11/11/2023

ඉදිරි දින කීපය තුළ ඇමති රොෂාන් රණසිංහ ඉවත් විය හැකි බවද, තම ක්‍රිකට් ආයතනය ඉවත් නොවන බවද ශම්මි සිල්වාගෙන් අනාවැකියක්

11/11/2023

පොලිසියෙන් ඇවිල්ලා මට ගෙදර ඉන්න එපා කිව්වා,මිනිස්සු මට ගහන්න ඉන්නෙ කිව්වා, මට පාරේ යන්න බෑ,මම හොරකම් කරලා නෑ,මේ ඇමතියා ක්‍රිකට් විතරක් නෙවෙයි මුලු ක්‍රීඩාවම විනාශ කරා.ඔය ඇමැතිය ඉස්කෝලේ ගිහිල්ලාවත් නෑ,මට හොරකන් කරන්න ඕනේ නෑ,මම ඉපදෙනකොට මගේ තාත්තට කාර් හතරක් තිබ්බා, ශම්මි සිල්වා රොෂාන් රණසිංහගේ චෝදනා වලට උත්තර දේ

11/11/2023

අපි අයින් වෙන්නෙ නෑ,වැටුන ක්‍රිකට් අපි හදනවා,දිවි හිමියෙන් ක්‍රිකට් රකිනවා,ඇමති හදන්නේ දේශපාලන පිනුමක් ගහන්නැයි,අපි ඇමතිට නඩු දානවා,ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය කැඳවා කියයි.

1975 ඉදලා අවුරුදු 50ක් විතර ක්‍රිකට් ලෝකෙ වැජඹුණු ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට 2025 වසරේ චැම්පියන්ස් කුසලානයට ...
11/11/2023

1975 ඉදලා අවුරුදු 50ක් විතර ක්‍රිකට් ලෝකෙ වැජඹුණු ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට 2025 වසරේ චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් නොලබයි

11/11/2023

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමෙන් පසු ක්‍රිකට් ලොක්කන් එක්ව සූපිරි කොළඹ හෝටලයක මහා මත්පැන් සාදයක් පවත්වයි.ක්‍රිකට් තහනම් කිරීමේ සතුට සමරයි.ඇමති රොෂාන් රණසිංහ මාධ්‍ය හමුවේ හෙළි කරයි

11/11/2023

ඇමති රොෂාන් රණසිංහ මාධ්‍ය කැදවයි.සාගල රත්නායකව පතුරු ගසයි. රනිල්ව හම්බෙන්න ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා. හැබැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර උගුරක්වත් බොන්නේ නෑ,ඒකටත් වහ දායි කියලා බයයි,ජනාධිපති ලේකම් කාර්යාලයම දූෂිත ක්‍රිකට් ආයතනයට විකිණිලා, සාගලගේ කෙරුවාව ඇමති රොෂාන් හෙළිකරයි

11/11/2023
11/11/2023

ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍යධුරයෙන් රොෂාන් රණසිංහ ඉවත් කිරීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් සූදානම් කර තිබෙනවා. කෙසේ වෙතත් නිමල් සිරිපාල ද සිල්වා ,නිමල් ලාන්සා ඇතුළු රනිල් වික්‍රමසිංහට හිතවත් ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයාට අනතුරු අඟවා ඇත්තේ රොෂාන් රණසිංහ අමාත්‍යධුරයෙන් ඉවත් කළහොත් ආණ්ඩුවේ ගමන ද එයින් අවසන් වනු ඇති බවයි,ඒ හේතුවෙන් මෙම අවස්ථාවේදී ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකරන ලෙස නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ හේතුවෙන් රණසිංහ මහතා ඉවත් කිරීමේ ගැසට්ටුව තවමත් නිකුත් කර නොතිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මනූශ නානායක්කාර, කංචන විජේසේකර,හරින් ප්‍රනාන්දු වෙනි පුද්ගලයෙක් ක්‍රීඩා අමාත්‍ය ධුරයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

11/11/2023

ශ්‍රීලංකාවේ ක්‍රිකට් තහනම් කරනු ලැබුවේ ඉන්දියාවට ගොස් සිටින දූෂිත ශ්‍රීලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා කරනු ලැබූ ඉල්ලීමක් අනුව බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස රනිල් රාජපක්ෂ ආන්ඩුවෙන් පත්කල  සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා ඇතුළු තිදෙනෙක් මීට සුළු වේ...
10/11/2023

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස රනිල් රාජපක්ෂ ආන්ඩුවෙන් පත්කල සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා ඇතුළු තිදෙනෙක් මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් රු.කෝටියක අල්ලසක් ගනිමින් සිටියේදී. අත්අඩංගුවට ගෙන තිබේ

10/11/2023

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සුදු ශම්මි විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.සුදු ශම්මී මෙම ඉල්ලීම කර ඇත්තේ ඉන්දියාවේ අහමදාබාද් නුවරදී නුවරදී අද පැවැත්වුණු ICC විධායක රැස්වීමේදියී. සුදු ශම්මිගේ මෙම ඉල්ලීම අනුව අද මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ICC ය තීරණය කර ඇති බවයි ලෝකප්‍රකට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ, සූදු ශම්මි අද ක්‍රිකට් විධායක කමිටු රැස්වීමට සහභාගී වීමට පෙර ඊයේ සිනමන් එපාට්මන්ඩහීදී රටේ දේශපාලන ප්‍රබලයන් කීප දෙනෙක් හමු වී අද මෙලෙස තමා මෙම ඉල්ලීම කරන බව පවසා තිබෙනවා.රොෂාන් රණසිංහට පාඩමක් ඉගැන්වීම වෙනුවෙන් එම දේශපාලන ප්‍රබලයින්ද ඊට සහය දී ඇති බවයි වාර්තා වන්නේ

10/11/2023

ICC එක Sri Lanka Cricket තහනම් කරේ ශම්මිලව රකින්න කියන එක තේරුනානම් ඇති
😌❤️

⭕ තහනම් කරා කීවට ඒ තරම් ගානක් නෑ නේත...ඒ තරමට ක්‍රිකට් එපා වෙලා මිනිස්සුන්ට 😥          අන්තිමෙ මුන් ට්ක නැති කරලා දැම්මෙ...
10/11/2023

⭕ තහනම් කරා කීවට ඒ තරම් ගානක් නෑ නේත...

ඒ තරමට ක්‍රිකට් එපා වෙලා මිනිස්සුන්ට 😥

අන්තිමෙ මුන් ට්ක නැති කරලා දැම්මෙ අපි ආගමක් වගෙ අදහපු ආදරෙ කරපු ජිව්තෙම වුන ක්‍රිකට් එ දුක දැනෙන්නෙ රියල් ක්‍රිකට් පිස්සොන්ට ව්තරයි 🥺💔හෙන ගහන්න ඕනෙ කාලකන්නින්ට

😭

10/11/2023

හොඳ දෙයක්නෙ උනේ.දැන් අලුත් කමිටුවක් දාලා, කලින් එවුන්ගෙ වැරදි ටිකත් එක්ක හරියට explain කරලා කරුණු ඉදිරිපත් කලාම මාස 6ක් ඇතුලත වගේ සාමාජිකත්වය ගන්න පුලුවන්.ඕක තමයි normal procedure එක.😇👍

10/11/2023

නෑ නෑ අද ICC ය රැස්වෙලා ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න තීරණය කරා කියන එක බොරු, ඊයෙ රෑ සිනමන් එපාට්මන්ඩ් එකෙ ඩ්‍රින්ක් එක දාන ගමන් රටේ ලොක්කොයි සූදු ශම්මියි ICC යෙන් ඉල්ලලා, ජේ ශා අද ඒක ක්‍රියාත්මක කරලා, අද පාර්ලිමේන්තුවේදී හෙලි උනේ

අවංකව කියහන්,මේ වගේ කාලකන්නි ටීම් එකේ දාගෙන රට සවාරි ගිහිල්ලා අම්බානක කාලා එනවට වඩා මුන්ව එළවනකන් හරි ක්‍රිකට් තහනම් කරප...
10/11/2023

අවංකව කියහන්,මේ වගේ කාලකන්නි ටීම් එකේ දාගෙන රට සවාරි ගිහිල්ලා අම්බානක කාලා එනවට වඩා මුන්ව එළවනකන් හරි ක්‍රිකට් තහනම් කරපු එක හොද නැද්ද?

10/11/2023

රනිලුයි, සාගලයයි,ශම්මියි හිතන්න ඇති එයාලා ICC යට ( ජේ ශාට) කියලා ලංකාවේ ක්‍රිකට් තහනම් කරා කියලා මිනිස්සු ඔක්කොම රොෂාන් රණසිංහට බනියි කියලා, නෑ නෑ සාගල , මේ රටේ ඔක්කොම මිනිස්සු කැමතියි, මේ කාලකන්නි පන්නනකන් ලංකාවෙ ක්‍රිකට් තහනම් කරනවට

10/11/2023

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කෙරේ. ඒ අනුව ICC ය විසින් සංවිධානය කරන කිසිදු තරගාවලියකට මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහභාගි විය නොහැකි බව ICC ය පවසයි.

මෙවැනි තක්කඩියන් කණ්ඩායමේ දමා ගෙන ලබන වසරේත් ක්‍රිකට් ක්‍රීඩා කරන්න යනවනම් මේ රටට දෙයියන්ගෙම පිහිට තමයි
10/11/2023

මෙවැනි තක්කඩියන් කණ්ඩායමේ දමා ගෙන ලබන වසරේත් ක්‍රිකට් ක්‍රීඩා කරන්න යනවනම් මේ රටට දෙයියන්ගෙම පිහිට තමයි

Address


Alerts

Be the first to know and let us send you an email when SLNN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

SLNN නොනවතින සත්‍ය

සාම්ප්‍රදායික පුවත් වෙබ් අඩවි කලාවෙන් බැහැරට ගොස් නව ආකාරයකට ඔබට පුවත් දැන ගැනීමේ අයිතිය තහවුරු කර දීමට SLNN අපි සූදානමින් සිටිනවා.නොනවතින සත්‍ය දැන ගන්න එකතු වෙන්න අපිත් එක්ක.