Nadisha Nirmana Herath

  • Home
  • Nadisha Nirmana Herath

Nadisha Nirmana Herath Journalist | Digital Content Creator | writer

ලෝකයේ නූතන ප්‍රවනතා සමඟ එකට යමින් සමාජ ආර්ථික දේශපාලන සංදර්භයන් තුල ඉදිරියට එන ජනමාධ්‍ය නියෝජනය කරන ජනමාධ්‍යවෙිදියෙක්මි.

ලෝකය අලුත් වෙනවා ඒකට ලොකු සීමාවක් තරාතිරමක් නැති තරම්. හැම විටම අප අවට ලෝකය අලුත් වෙන්න යන කාලය තප්පර ගානකටත් වඩා අඩුයි....
11/01/2025

ලෝකය අලුත් වෙනවා ඒකට ලොකු සීමාවක් තරාතිරමක් නැති තරම්. හැම විටම අප අවට ලෝකය අලුත් වෙන්න යන කාලය තප්පර ගානකටත් වඩා අඩුයි. මිනිස්සුන් නිරන්තරයෙන් හිතන දෙයක් තමයි තමන් තමයි ලෝකය අලුත් කරන පුද්ගල බලවෙිගය කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. අලුත් කරගන්න පුළුවන් හැම විටම ස්වභාවිකත්වය තමන් සතු ජලය , ගින්දර , වාතය මෙි ත්‍රිත්වය ප්‍රයෝජනයට ගන්නවා.

කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙික ස්වභාවිකත්වයට අභියෝග කරපු මිනිසුන්ට දුන්න හොද පාඩමක් කියලා.ඇත්තටම ඒක එහෙම වෙන්න බැරි කමක් නෑ. නමුත් වෙනස් වීම අපට නොපෙනන සීමාවෙි සිට සිදුවෙන බව නම් පිළිගන්නම වෙනවා.

Nadisha Nirmana Herath Nadisha Nirmana Herath

" සෑම මනුෂ්‍යයයෙක්ම කුමක් හෝ තමන්ගේ දෙයක් සොයා ගන්නට මුළු ජීවිත කාලයේ ම විවිධ අවධි කැප කරනවා "    ඒක සිදුවෙන්නෙ හරි අපූර...
09/01/2025

" සෑම මනුෂ්‍යයයෙක්ම කුමක් හෝ තමන්ගේ දෙයක් සොයා ගන්නට මුළු ජීවිත කාලයේ ම විවිධ අවධි කැප කරනවා "

ඒක සිදුවෙන්නෙ හරි අපූරු විදියට. අපිට මෙි ගලා යන කාලය නවතාලන්න නොහැකි වුනත් අපගේ සිතුවිලි පැන නගින තැන් පාලනය කරන්න හැකියාව අප සතුව තියෙනවා. නමුත් ඒක අපි අපෙන් තොරව වෙනත් බලවෙිගයකට එය පාලනයට භාර දීලා තියෙන්නෙ.

අපි හරියටම එහෙම තැනක ඉන්නව කියලා දැනගන්නකොට අපිට ගොඩක් ාද් නැතිවෙලා අවසන් වෙනවා. ඒත් නැවත ඒ හැමදෙයක්ම පටන් ගන්නකොට අර සොයායාම අලුත් වෙනවා. ඒක ඔබගේත් මගේත් අනුච්‍ඡානුක තත්වයක් වනවා.

නදීෂ නිර්මාණ හේරත්

සුන්දරත්වය පිරිලා තියෙන්නෙ ඔයා දකින යථාර්ථය තුල නෙමෙයි නම් දැනගන්න ඔින හොදම දේ ඔයා ඔය දකින්නෙ යථාර්ථය නෙමෙි කියන දේ.මිනි...
17/07/2024

සුන්දරත්වය පිරිලා තියෙන්නෙ ඔයා දකින යථාර්ථය තුල නෙමෙයි නම් දැනගන්න ඔින හොදම දේ ඔයා ඔය දකින්නෙ යථාර්ථය නෙමෙි කියන දේ.

මිනිස්සු ගෙ ජීවිත වෙනස්වෙන්න යන්නෙ තප්පර ගානයි කියල දැනගෙන මිනිස්සු වෙනුවෙන් ජීවත්වෙන්න නොයන ඔයා කවුරු නොකිව්වත් පරිනතයි.

පරිනතයි කිව්ව ගමන් ඔයාගෙ වයස ගැන මනසට එන චිත්‍රය හින්දා කොච්චර කාලයක් ඔයා ගැන අඩු තක්සේරුවෙන් හිටියද...

මල් පිපුණු හදවත් දකින්න නම් ඔයා සැබෑවටම ඔයාට විදින්න වෙන දේ ගැන අදහසක් තියෙන්න ඔිනා. මල් ලඟට අත පොවනකොට කටු තියෙන්නෙ ඇයි කියල දන්නවද. හේතුව කටු නල වැදිලා අත තුවාල වුනාම රිදෙන රිදුම ගැන අපට දැනෙනවා.

©නදීෂ නිර්මාණ හේරත්

 #අද
10/07/2024

#අද

" පින්වත් මහණෙනි..,මේ දානයේ ආනිසංස මන් තරම් වෙන කෙනෙක් දන්නවනම් දකිනවනම් , තමන් අනුභව කරමින් ඉන්න අන්තිම බත් පිඩෙන් කොටස...
07/07/2024

" පින්වත් මහණෙනි..,මේ දානයේ ආනිසංස මන් තරම් වෙන කෙනෙක් දන්නවනම් දකිනවනම් , තමන් අනුභව කරමින් ඉන්න අන්තිම බත් පිඩෙන් කොටසක් තව කෙනෙකුට නොදී අනුභව කරන්නේ නෑ... "
බුදුන් වහන්සේ

❤
07/07/2024

🌸බුද්ධානුස්සති භාවනාව වඩන අයුරු සහ භාවනාවේ ආනිසංස 🌸බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස, පළමුව දක්වනු ලැබේ.🔺සතර අපායට පත් ...
06/07/2024

🌸බුද්ධානුස්සති භාවනාව වඩන අයුරු සහ භාවනාවේ ආනිසංස 🌸

බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස, පළමුව දක්වනු ලැබේ.

🔺සතර අපායට පත් නොවීම.
🔺නිතර සෝමනස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම.
🔺සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම.
🔺නිහතමානී ගති පැවතුම් ඇතිවීම.
🔺ලෝකයාට ප්‍රියමනාප වීම.
🔺බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම.
🔺දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම.
🔺අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම.
🔺තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම.
🔺භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම.
🔺පාපයට ලැජ්ජ භය වීම.
🔺අධි කුසලයට සිත නැඹුරු වීම.
🔺අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම.
🔺ගුණ, නුවණින් පිරිපුන් වීම.
🔺පිටසක්වල නූපදීම .
🔺අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම .
🔺උන්මන්තක නොවීම.
🔺මිසිදිටු නොගැන්වීම.
🔺මරණයට නොබියව මුහුණදීම.
🔺මුහුණෙ වර්ණය පැහැපත්වීම.
🔺වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම.
🔺බුදුබව පවා පැතීමට සිත නැමීම.
🔺තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම.
🔺යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම.
🔺එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම.
🔺තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම.
🔺ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම.
🔺සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම.
🔺සම්මා දිට්ඨියෙහි පිහිටීම.
🔺යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම.
🔺ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම.
🔺ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම.
🔺මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම.
🔺සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම.
🔺නපුරු සිහින නොපෙනීම.
🔺භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම.

බුදුගුණ භාවනාව වඩන හැටි ==

බුද්ධානුස්සති භාවනාව අප කාටත් පහසු භාවනාවකි. මෙහිදී සිදු වන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම ය. ඒවා නව අරහාදි බුදු ගුණ වශයෙන් හැඳින්වෙයි. මෙම බුදු ගුණ නවය එක විට ගෙන භාවනා කරනු නොලැබේ. අරහං ගුණයට අයත් වාක්‍යය හොඳින් ප්‍රගුණ කරගත් පසු එයට ම සම්බන්ධ කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට අයත් වාක්‍යය ද ප්‍රගුණ කළ යුතු ය. එසේ එකිනෙක යා කරගනිමින් බුදු ගුණ නවය ම ප්‍රගුණ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. මනසිකාර භාවනාවට යොමු විය යුත්තේ බුදු ගුණ පද නවය ම නිවැරදි ව නිරවුල් ව පැහැදිලි ව මෙනෙහි කිරීමට හුරු වූ කල්හි ම විය යුතු ය.

පළමු කොට බුද්ධාලම්බන ප්‍රීතිය හිතට කාවද්දාගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ හෝ බුදු රුවක් ඉදිරියෙන් තබාගැනීම යෝග්‍ය වේ. බුදු පිළිම වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා තම භාවනා අසුනෙහි පහසු ඉරියව්වකින් වාඩි වී ‘බුද්ධාදි උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුව ද නොසැලෙමි’ යන දැඩි අදිටනින් යුතු ව භාවනාවට සූදානම් විය යුතු ය.

අනතුරු ව ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. ආචාර්ය-උපාධ්‍යායන්ට මාගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන් ම ජරා මරණාදි දුක්වලින් මිදෙමි’ යනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එසේ ම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයන්ට ම මෙත් වැඩිය යුතු ය. භාවනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙම පූර්ව කෘත්‍යයන් කිරීමට අමතක නොකළ යුතු ය.

පළමුකොට ඔබ ඉදිරියේ තැන්පත් කරගත් බුදුරුව දෙස හොඳින් බලන්න. දෙනෙත් වසාගෙන සිටින විටත් ඔබ ඉදිරියෙහි බුදුරුව වැඩ සිටින බව පෙනෙනතෙක් ඇස ඇර බලමින් ඇස වසා බලමින් බුදු ගුණ මෙනෙහි කරන්න.

ඔබ දෑස වසාගත් පසු ඔබ ඉදිරියෙහි ප්‍රදර්ශනය වන බුදු රජාණන් වහන්සේගේ රූපය දෙස බලමින් ‘ඉතිපිසෝ භගවා අරහං’ ආදි බුදු ගුණ ගාථාව බුදු බැතිය හා ප්‍රසාදය ඇති කරගනිමින් සිහින් හඬින් සජ්ඣායනා කරන්න. වාඩි වී සිටින ඉරියව්ව අපහසු වේ නම් සක්මන් ඉරියව්වෙන් භාවනා කරන්න. එසේ ම මෙම අභ්‍යාසය කරන කාලය ද අනුක්‍රමයෙන් වැඩි කරගන්න. මෙසේ උත්සාහයෙන් භාවනා කරන විට ඔබ තුළ යම් වෙනසක් දකින්නට ලැබෙනු ඇත. එනම් බුදු ගුණ නවය ඔබට හොඳින් ප්‍රගුණ වනු ඇත. බුදු ගුණ කෙරෙහි ඔබේ ගත සිත වඩාත් භක්තිමත් වනු ඇත. ඔබ තුළ දරදඬු ඕලාරික ගති ගුණ ඇත් නම් ඒවා යටපත් වී, සිත කය මැනවින් තැන්පත් වනු ඇත. බුදු ගුණ කෙරෙහි ම ඔබේ සිහිය පිහිටනු ඇත.

එතැන් සිට පදවිභජන වශයෙන් බුදුගුණ භාවනාව ආරම්භ කළ යුතු ය. එය සිදු කරන්නේ මේ ආකාරයට ය:

ඒ බුදු රජාණන් වහන්සේ අරහත් වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුදු වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සුගත වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සත්තා දේවමනුස්සානං වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ බුද්ධ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ භගවා වන සේක.

මෙසේ මනා සිහියෙන් යුතු ව ඉරියව් පවත්වමින් භාවනා කරන්න. උත්සාහයෙන් භාවනා කරන විට ඔබේ සිත තුළ තවදුරටත් පරිවර්තනයක්-වෙනසක් දක්නට ලැබෙනු ඇත. ඔබේ සිත ලෝභ ද්වේෂ වැනි පාප සිතිවිලිවලින් බැහැර වනු ඇත.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය බුද්ධ ගෞරවය ප්‍රීතිය කුශලච්ඡන්දය වීර්යය කයෙහි සිතෙහි සැහැල්ලු බව යන කරුණු ඔබ තුළින් දැකිය හැකි වනු ඇත.

මෙම ආනිසංස ලැබූ පසු තවදුරටත් බුද්ධානුස්සති භාවනාව කරගෙන යෑමට අදහස් කරන ඔබ පදාර්ථවිභජන අභ්‍යාසය ආරම්භ කළ යුතු වෙයි. එනම් ඒ ඒ ගුණයට අයත් බුදු ගුණ විස්තරාත්මක වශයෙන් මෙනෙහි කිරීම යි. මෙම භාවනා අභ්‍යාසය වැඩි කාලයක් කළ යුතු වෙයි:

“ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ හෙයින් අරහත් වන සේක. ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක. ත්‍රිවිද්‍යාවෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.

සුන්දර වචන ඇති හෙයින් සුගත වන සේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ට අනුශාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත බැවින් භගවා වන සේක.

බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.

මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.

එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

උතුම් ධර්ම දානයක්ම වේවා ! 🌸

මිනිසෙකුගේ කාලය ඒ හා සමානවම ඔහු තමන්ගේ කාර්යයන් හට ලබාදෙන ඉඩ කඩ එක්ක ඔවුන් දවස ගෙවා දමනවා. ඒ සදහා නිතැතින්ම සැලසුම් සකස්...
05/07/2024

මිනිසෙකුගේ කාලය ඒ හා සමානවම ඔහු තමන්ගේ කාර්යයන් හට ලබාදෙන ඉඩ කඩ එක්ක ඔවුන් දවස ගෙවා දමනවා. ඒ සදහා නිතැතින්ම සැලසුම් සකස්වන්නේ කල් තියාම නොවුනත් කවුරුත් නොදන්න දේ තමයි පිරිමියෙකුට තමන්ගේ දිනය අනුව සැලසුම ඒ ඒ මොහොතට වෙනස් කරගන්න තියෙන හැකියාව වැඩියි.

ඒ හැකියාව තේරුම් නොගත්ත අයෙක් ඔහුට දොස් කියන්න පුළුවන් නමුත් ඇත්තටම සැලසුම් ගතව වැඩ කරන්න කාලය බෙදාගන්න පිරිමියා දක්ෂයෙක්. පිරිමින්ට එකවරකට එක් කාර්යයක් කරන්න පමණක් හැකිබවත් කාන්තාවකට ඊට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන් බවත් මතයක් තිබෙනවා.

නමුත් එකකට එකක් වෙනස් වෘත්තියන් වල රාජකාරි කරන පිරිමි අපි ඕනෑතරම් දැක තිබෙනව.ඔවුන් තමන්ගේ කාලය බෙදාගැනීම තුල දක්ෂයන් වන නිසාම ඒ තුල වැඩි වෙිතනයන් හෝ ව්‍යාපාර දියුණුවට දක්ෂයින්ද වනවා.

නදීෂ නිර්මාණ හේරත්

අහිමිවීම් කියන්නෙම හිමිවීම් නැතිකම. මං හිතන්නෙ අහිමිවීමට පෙර ඔයා වඩාත් හොද මොලකාරයෙක් වෙන්න ඔින අහිමිකරගන්න එක. සබදතාවයක...
12/04/2024

අහිමිවීම් කියන්නෙම හිමිවීම් නැතිකම. මං හිතන්නෙ අහිමිවීමට පෙර ඔයා වඩාත් හොද මොලකාරයෙක් වෙන්න ඔින අහිමිකරගන්න එක. සබදතාවයකදි ඔයාට තේරෙනවා නම් මෙි තියෙන සම්බන්ධය කෙ⁣ලවර වෙන්නෙ කෙළවීමකින් කියලා.ඔයා මුල්ම පියවර තියන්න. ඔයාට මොන පාඩුව වෙලා තිබ්බත් මුල් පියවර තියන්න.

ඒක තමයි සැනසීම ❤

ඇත්තට ම ආදරණීය මනුස්සයෙක් වෙනුවෙන් ඔයාට පෙන්වන්න පුළුවන් සාමකාමීත්වය නිසා ඒ පිරිමියා ආදරය කරන්න පටන්ගන්නවා නම් ඔයාට කරන්...
12/04/2024

ඇත්තට ම ආදරණීය මනුස්සයෙක් වෙනුවෙන් ඔයාට පෙන්වන්න පුළුවන් සාමකාමීත්වය නිසා ඒ පිරිමියා ආදරය කරන්න පටන්ගන්නවා නම් ඔයාට කරන්න පුළුවන් හොදම දේ ඔයාට ඒ පිරිමියා දැනෙන්නෙත් නැත්නම් ඔහු හා සමාගමෙන් ඉවත් වීම. ඇසුරක් නැතිව ප්‍රතික්ෂේප කිරීම මාර්ගයෙන් ඔයා කරන්නෙ ඔයා වැදගත් කෙනෙක් විදියට සමාජය තුල ගත කිරීම.

ගොඩක් වෙලාවට ⁣පිරිමි පාර්ශවය ගැහැණියකට ආදරණීය වීම හා ඔවුන් වෙනුවෙන් ඉටු කරන දේට ලෝබවෙන ඇයට අමතක වෙනවා ඔහු සමඟ කිසිම සබදතාවයක් හෝ හැඟීම් හුවමාරුවක් නැතිබව.

ඉතින් ඒ නිසාම අර පුද්ගලයා ඔයාට ලබාදෙන හැමදෙයක්ම ගත්තොත් බලාපොරොත්තුව කියන දේ ඔහුට ඇතිවෙනවා. මෙතනදි භාවිතා වීම කියන දේ ඔහු වෙත තියෙනවා. එතකොට භාවිතා කරන්නෙ ඔයා. කිසිම පුද්ගලයෙක් භාවිතා කරන්න ඔයාට අයිතියක් නෑ.

ඔවුනොවුන්ට වෙන වෙනම තමන්ගෙ සිතුවිලි වල හැගීම් වල සතුටු අවදි තියෙනවා. ඉතින් ඒ අතරෙ මට ඔයාව මග අයියාවගේ වැනි දෙබස් වලින් තවත් කෙනෙකුව රවටා ආදරයක් ඇති බවට හෝ නැතිබවට කියන නොකියන මට්ටමෙන් ඔයා සබදතාවයක් අරගෙන යනවා නම් ඇත්ත ජීවිතේ ඔයා පිරිමි මත්තෙන් යැපෙන අයෙක් කියල අමතක කරන්න එපා.

ගැහැණුකම කියන්නෙම උතුම් දෙයක්.පිරිමියෙක් ආදරය ප්‍රකාශ කලොත් අකමැති නම් එය කිසිසේත් නොවන බවට ඉඟි පල කරන්න. පිරිමින්ව වටෙි ගෙනියන ඔයාට හැමදාම වටෙි යන්න දවසක් එනවා.එහෙම දවසට වටෙි යන ඔයාට නැතිවෙච්ච දේවල් වැඩිවෙයි.

තමන්ගෙ වාසි කැටේ කියල හිතලා බිදිච්ච හදවත් පවා තෙත් කරලා නැතිකරලා දාන්න තරම් ඔයාගෙ ආත්මය පිරිසිදු මදි. විශේෂයෙන් ඔයා ස්වශක්තියෙන් නැගී සිටිනවා කියන්නෙම ආදරේ ලොකු අත්තක් කියල හිතන එක නෙමෙි. මොනව කලත් මනුස්සකම නැත්නම් ඔයා අවලස්සනයි.

නදීෂ නිර්මාණ හේරත්

Nadisha Nirmana Herath

මගහැරිච්ච සංචාර මගහැරෙන්න හේතුව ජීවිතේ සමහර උත්තේජයන් අඩුවීම කියන විශ්වාසයේ මම ඉන්නවා. ඒකට වැඩ රාජකාරි වැඩිවීමම හේතුවක් ...
10/09/2023

මගහැරිච්ච සංචාර මගහැරෙන්න හේතුව ජීවිතේ සමහර උත්තේජයන් අඩුවීම කියන විශ්වාසයේ මම ඉන්නවා. ඒකට වැඩ රාජකාරි වැඩිවීමම හේතුවක් නෙමෙි.

තවත් පුද්ගලයෙක් කෙරෙහි ද්වෙිශයකින් ජීවත්වෙනව නම් අනිවාර්යයෙන් ම ඔයා ඒ ද්වෙිශය හින්දම ගොඩක් විදවන්න ගන්නවා. සමහර විට ඒ පු...
10/09/2023

තවත් පුද්ගලයෙක් කෙරෙහි ද්වෙිශයකින් ජීවත්වෙනව නම් අනිවාර්යයෙන් ම ඔයා ඒ ද්වෙිශය හින්දම ගොඩක් විදවන්න ගන්නවා. සමහර විට ඒ පුද්ගලයා ඔයාගෙ ජීවිතය එක්ක කරපු සැලසුම් සියල්ල අමතක කරලා ඔයාව හැරදා යන්නට අැති. ඔයා ඒ හින්දම ගොඩක් දුක් විදින්නත් ඇති.

ඒත් කාලයේ රිදවුම් තියෙන්නෙ තවත් විදියකට අපිට පාඩමක් උගන්වන්න. ඒ පාඩම ඉගෙන ගත්තට පස්සෙ අපි ඇත්ත හැඟීමටත් බයයි තමයි. නමුත් ඒ වෙිදනා හැමදේම තුරන්ව යන්නට ඔයාට හොදම හැඟීමක් උදව් කරාවි. ඒකට නමක් දෙන්න ඔයාම. ඒකට දරන්න පුළුවන් නමක්ම දෙන්න.

නදීෂ නිර්මාණ හේරත්

එක රටක බෙඩ් ෂීට් එකක් තවත් රටක fashion trand එකක් වෙනවා.
08/07/2023

එක රටක බෙඩ් ෂීට් එකක් තවත් රටක fashion trand එකක් වෙනවා.

05/06/2023
උදේම නැගිට්ට වෙලාවෙම පොතක් අතට ගෙන පිටු දෙක තුනක් කියවන එක මගේ සිරිතක්. ඒක ඇතුලෙ දවසෙ මුලින්ම ලබන උත්තේජනය ගැන අපි පිටස්...
28/05/2023

උදේම නැගිට්ට වෙලාවෙම පොතක් අතට ගෙන පිටු දෙක තුනක් කියවන එක මගේ සිරිතක්. ඒක ඇතුලෙ දවසෙ මුලින්ම ලබන උත්තේජනය ගැන අපි පිටස්තරයෙන් ලබන හොදම දේ කියලයි හිතෙන්නෙම. කෙනෙකුට හිතෙයි එහෙම කියවන්නෙ නවකතාවක්ද නැත්නම් චරිත කතාවක්ද ධනාත්මක චින්තන පොතක්ද විෂයට අදාල දෙයක්ද කියල.

ඒකට විශේෂත්වයක් නෑ. අපි කියවන හැම පිටුවකින්ම ජීවන දෘෂ්ටියක් ජීවිත වලට ලැබෙනවා. ඉතින් ඒ පොත් කිහිපයම කාලයක් යයි ඔයාට කියවල ඉවර කරන්න. නමුත් දවසකට පුංචි වෙලාවක් හරි අරගෙන කියවන එක වටිනවා.

Address


Alerts

Be the first to know and let us send you an email when Nadisha Nirmana Herath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nadisha Nirmana Herath:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share