Rapiddesigner.art

  • Home
  • Rapiddesigner.art

Rapiddesigner.art Rapiddesigner.art in High-Quality Motion video production such as 2D/3D Video, Animation, Graphic De
(3)

13/04/2024

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

අභිමානවත් 76 වෙනි නිදහස් දිනයක් වේවා !ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වර්ෂ 1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ වසර එසිය ...
04/02/2024

අභිමානවත් 76 වෙනි නිදහස් දිනයක් වේවා !

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වර්ෂ 1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ වසර එසිය තිස් තුන් වසරක් බ්‍රිතාන්‍ය රාජ්‍යට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය. නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ. නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය. මෙම 4,5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය. පෙබරවාරි 4,10,11,12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ. වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර කොලඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය. එදින නිදහස් උත්සව මලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය. ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙක්. එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලේය.1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකර දුරයද හෙබවූ එතුමා අල්ටර්හි අර්ල් පදවියද දරා තිබේ. බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය ,ඔටුන්න ඇතුළු කෘතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදුන් ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 74 ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.

01/01/2024

Wishing Rapiddesigner.art a Happy New Year filled with creativity, innovation, and countless artistic achievements! May this year bring you success, growth, and the opportunity to continue crafting amazing designs. Cheers to another year of artistic brilliance and prosperity! 🎉

#2024

25/12/2023

Wishing the RapidDesigner.art team a Christmas filled with creativity, joy, and spectacular designs that continue to inspire. May your holiday season be as innovative as your artwork!


.art

World AIDS Day is observed annually on December 1st to raise awareness about HIV/AIDS (Human Immunodeficiency Virus/Acqu...
01/12/2023

World AIDS Day is observed annually on December 1st to raise awareness about HIV/AIDS (Human Immunodeficiency Virus/Acquired Immunodeficiency Syndrome) and to show support for those living with the virus. The day provides an opportunity to unite in the fight against HIV, show solidarity with those affected by the virus, and commemorate those who have lost their lives to AIDS-related illnesses.

The theme for World AIDS Day varies each year, focusing on different aspects of the global response to HIV/AIDS. The day is marked by various events, campaigns, and activities worldwide, including educational programs, candlelight vigils, and discussions to promote understanding and reduce stigma surrounding HIV/AIDS.

Efforts on World AIDS Day are aimed at increasing awareness, prevention, testing, treatment, and support for those living with HIV. The ultimate goal is to work towards ending the HIV/AIDS epidemic and ensuring that everyone, regardless of their HIV status, has access to the necessary care and support.

It's crucial to stay informed about HIV/AIDS, promote safe practices, and support initiatives that contribute to the global effort to eradicate the virus.

More info :
Call Us - 0773625611
Email - [email protected]
Web - www.rapiddesigner.art
Insta - www.insta.com/rapiddesigner.art
Let's design something great!

ලෝක ළමා දිනය අදයි!World Children's Day!ළමුන් යනු රටක අනාගතයයි...වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටිවහලක් වී ජීවිතයේ ස...
30/09/2023

ලෝක ළමා දිනය අදයි!
World Children's Day!

ළමුන් යනු රටක අනාගතයයි...

වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටිවහලක් වී ජීවිතයේ සැදෑ සමය ගෙවන පිරිසකි. ඒ අයුරින් බලන කළ ළමුන් සහ වැඩිහිටියන් යන කොට්ටාස දෙකම රටකට සම්පතකි. එම නිසාම ළමුන් සහ වැඩිහිටියන් සදහා ජාත්‍යන්තර දින වෙන්වී ඇත.

ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි. වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින ආදී ලෙස විවිධ දිනයන්හිදී යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 01 වැනිදා ය.

More info :

Call Us - 0789587930 / 0773625611
Email - [email protected]
Web - www.rapiddesigner.art
Insta - www.insta.com/rapiddesigner.art

Let's design something great!

පින්බර නිකිණි පෝය දිනක් වේවා !Happy Nikini Poya Day !நிக்கினி போயா தின வாழ்த்துக்கள் !ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය...
30/08/2023

පින්බර නිකිණි පෝය දිනක් වේවා !
Happy Nikini Poya Day !
நிக்கினி போயா தின வாழ்த்துக்கள் !

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂාවීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේත් ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය.
ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්ථාවන් හි නිසිලෙස ඉටුවිය යුතුය. නිකිණි පුනු පොහෝ දිනය භික්‍ෂූන්වහන්සේ හා ගිහියා අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිව ගිහි පැවිදි දෙපක්‍ෂය තුළින් යුතුකම් ඉටු වෙන දිනයක් වශයෙන් සඳහන් කළ හැකිය.

පින්බර ඇසළ මංගල්‍යයක් වේවා!ලෝ වාසී සියළු බෞද්ධයන් මහත් හරසරින් සමරන ඇසළ පුන් පොහොය දිනය අදට යෙදී ඇත.බෞද්ධ ශාසනික වශයෙන් ...
02/07/2023

පින්බර ඇසළ මංගල්‍යයක් වේවා!

ලෝ වාසී සියළු බෞද්ධයන් මහත් හරසරින් සමරන ඇසළ පුන් පොහොය දිනය අදට යෙදී ඇත.

බෞද්ධ ශාසනික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් විශාල වටිනාකමක් ඇති මෙම පොහොය දිනය තුළ සිදු වූ විශේෂ සිදුවීම් රැසකි.

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසළ පෝය දිනක දීය.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනක දීය ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම ,තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ද ඇසළ පෝ දිනයක සිදු වූ තවත් සුවිශේෂි සිදුවීමකි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසළ පොහෝ දිනයකයි.

ලෝක පරිසර දිනය අදයි!පාරිසරික ගැටලු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අදිටනින් 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් ...
04/06/2023

ලෝක පරිසර දිනය අදයි!

පාරිසරික ගැටලු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අදිටනින් 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට අනූව බිහිවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජූනි 05 ජගත් පරිසර දිනය වශයෙන් නම්කර ඇත.

03/06/2023

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
☸︎☸︎☸︎☸︎☸︎☸︎

අමාදම් සිසිලස බෙදා
මිහිඳු මා හිමි වැඩම කළා
සසර ලුහු බැද නිරිඳුන් හබා
මුනිඳු දම් දෙස අසා
නිවන් මඟ පසක් කළා.......

Rapiddesigner.art බැතිබර පණිවිඩයකි.

Call Us - 0789587930 / 0773625611
Email - [email protected]
Web - www.rapiddesigner.art
Insta - www.insta.com/rapiddesigner.art


ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!අවිදු අඳුර නැසූ මේ උතුම්  වෙසඟේ සැම සිත් සුවපත් වේවා!
05/05/2023

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

අවිදු අඳුර නැසූ මේ උතුම් වෙසඟේ සැම සිත් සුවපත් වේවා!

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි!ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ. තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් 1886 මැයි මස 01...
01/05/2023

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි!

ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ. තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් 1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් විරෝධතාවක නිරත වූ අතර දින කිහිපයක් පැවති විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. එහිදි කම්කරුවන් විශාල පිරිසක් මියගිය අතර තවත් පිරිසක් අත්අඩංගුවට පත්විය. කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට 1889දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය පියවර ගත් අතර එදින සිට මැයි මස පළමු වැනි දින ලොව සෑම රටක්ම ලෝක කම්කරු දිනය සමරයි.

ප්‍රීතිමත් රාමසාන් දිනයක් වේවා!ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු එළැඹ...
21/04/2023

ප්‍රීතිමත් රාමසාන් දිනයක් වේවා!

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු එළැඹෙන ඊදුල් ෆීතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවයකි.
“ඉස්ලාම් ධර්මය ගොඩනැඟී ඇති කුලුණු පහෙන් එකක් වන අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පවිත්‍ර යහපැවැත්මෙන් පරමාදර්ශී පිළිවෙතක පිහිටීමයි. ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින ජනයා කෙරෙහි පරිත්‍යාගශීලී වීමට මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් මේ සමය මහඟු අවස්ථාවක් ලෙස ඉස්ලාමීය බැතිමත්හු සලකති.

13/04/2023

සියලු යහපත් පැතුම් ඉටුවෙන,
සාමය සතුට පිරී ඉතිරේවා..!
ඔබේ දිවිමග එකලු කෙරෙන,
නැවුම් වසරක් වේවා..!

All good wishes come true,
May peace and happiness abound ..!
Assembling your career path,
Happy New Year ..!

எல்லா நல்வாழ்த்துக்களும் நிறைவேறும்,
அமைதியும் மகிழ்ச்சியும் பெருகட்டும் ..!
உங்கள் வாழ்க்கைப் பாதையைச் சேர்ப்பது,
புத்தாண்டு வாழ்த்துக்கள் ..!

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි!බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. බුදුර...
04/04/2023

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි!

බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ඉතිහාසයේ සඳහන් වෙයි. චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ සේක.
එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු එළඹෙන පළමු පසළොස්වක පොහොය වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.

Happy Women's Dayආදරණීය කාන්තා ඔබ සැමට ඔබ වෙනුවෙන්ම වෙන්වූ කාන්තා දිනයට සුභ පැතුම්.. නමුත් දිනයක් වෙන් නොවු රාජකාරී ගොන්...
08/03/2023

Happy Women's Day

ආදරණීය කාන්තා ඔබ සැමට ඔබ වෙනුවෙන්ම වෙන්වූ කාන්තා දිනයට සුභ පැතුම්.. නමුත් දිනයක් වෙන් නොවු රාජකාරී ගොන්නක් මැද ධෛර්යවන්ව ,ශක්තිමත් ව , ඉතාමත් ආදරණීය ව ගෙවන ජීවිතේට අපි සදා ණය ගැතියි.. හෙට දිනයේ දිනන ඔබ වෙනුවෙන් පිදෙන තිළිණයයි මේ ..

මැදින් පුර පසළොස්වක පෝය දිනක් වේවා !May it be a full moon poya day in the middle!நடுவில் பௌர்ணமி போயா நாளாக அமையட்டும்!ම...
05/03/2023

මැදින් පුර පසළොස්වක පෝය දිනක් වේවා !
May it be a full moon poya day in the middle!
நடுவில் பௌர்ணமி போயா நாளாக அமையட்டும்!

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබේ.

බෞද්ධ ජනතාවට මෙම උතුම් පොහොය දිනය වැදගත් පොහෝ දිනයක් ලෙස සැලකේ.

එහිදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිතුරාදීන්ට සහ ඡුන්ම භූමියට කෘතගුණ සැලකීම සඳහා වැඩම කිරීම සිදු විය.

සුද්ධෝදන රජු තම පුත‍්‍ර වූ බුදුරදුන් දැක බලා ගැනීමට මහත් ආශාවෙන් පසු වූ අතර නව වතාවක්ම බුදුරදුන් වැඩමවාගෙන ඒමට දූත පිරිස් යැවීය. ඒ සියලූ දෙනාම බුදුරදුන් සමීපයේ පැවිදිව එහිම කල් ගෙවූහ. අනතුරුව කාළුදායි ඇමැතිවරයා දූත පිරිසක් සමඟ බුදුරදුන් වැඩමවා ගෙන ඒමට යැවූ අතර ඔහු ද බුදුරදුන් වෙත ගොස් පැවිදිව නොබෝ දිනකින් බුදුරදුන් අමතා පියරජු ඇතුළු ශාක්‍ය වංශික ඥාතීහු උන්වහන්සේ දැක බලා ගැනීමට ඉමහත් කැමැත්තෙන් සිටින බව දැන්වීය. කාළුදායි රහතන් වහන්සේ මහණ වී සතියකින් පමණ බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙසට ආරාධනා කළහ.

බුද්ධත්වයෙන් දස මසක් සම්පූර්ණ විය. අභිමානවත් ශාක්‍යයන්ගේ මානය දුරුකරවාලීම සඳහා බුදුන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ එම ගමනේදීය. දායාද ඉල්ලා පැමිණි රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ උතුම් දායාදය ලබා දුන්නේද මැදින් පෝය දිනකදීය. රජ කිරුළ හැර දමා ගොස් පැවිද්ද ලැබූ සිද්ධාර්ථ කුමරුන්ගෙන් පසුව කිරුළ හිමිවන්නට උරුමකම් කී නන්ද කුමරු පමණක් නොව ඉන්පසුව කිරුළු දැරීම සඳහා උරුමය ලැබූ රාහුල කුමරුන්ද පැවිදි කරවීම ගැන සුද්ධෝදන රජු බෙහෙවින්ම කනස්සල්ලට පත්වීම නිසා දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතිය නොලබා කුලදරුවන් පැවිදි නොකරන මෙන් පිය රජු බුදු හිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද්දේද මැදින් පුන් පොහෝ දිනයේදීය.

යශෝධරාවන්ගේ සිත තුළ පැවැති වියෝ දුක තුනී කරවීම සඳහා සඳකිඳුරු ජාතකය බුදු හිමියන් දේශනා කර වදාළේද මෙදිනමය.

ශාසනික වශයෙන් වැදගත් වන අද දින සෑම බෞද්ධ විහාරස්ථානයක ම පාහේ ආගමික වතාවත් අද දිනයේදී සිදු කරනු ලැබේ.

ඔබ සැමට ප්‍රීතිමත් නත්තල් දිනයක් වේවා!සාමයේ හා ප්‍රේමයේ සලකුණ මිහි මත තැබූ උතුම් නත්තල ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත...
24/12/2022

ඔබ සැමට ප්‍රීතිමත් නත්තල් දිනයක් වේවා!

සාමයේ හා ප්‍රේමයේ සලකුණ මිහි මත තැබූ උතුම් නත්තල ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්තිය සිහි ගන්වයි. දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ මානව ගරුත්වය මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට විශ්වසනීය පදනමක් විය. බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ගව ඔරුවක උපන් ජේසු බිලිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන්ම ආදර්ශයක් ගෙන දුන්නේය. අසිරිමත් හදවත් ඇත්තෝ සාමය බෙදා ගනිති. තමන්ට වෛර කරන සතුරාට ද ප්‍රේම කරති. ප්‍රේමය සාමය හා සහෝදරත්වයේ අරුත ගෙන සිය ජීවිතය පුබුදුවා ගනිති. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මුළු දිවියම කැප කළේ සමාජයේ පීඩාවට පත් වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් මෙලොව නිර්මාණය කිරීම උදෙසාය. එම දර්ශනය නිසි ලෙස හඳුනාගෙන ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන චරිතය අනුව සිය ජීවිත හැඩගස්වා ගැනීම තුළ සෑම කිතුනුවකුගේම ජීවිත ආලෝකවත් වේ.

Hats off to the SL Netball team and the SL Cricket team for giving us memories for a lifetime!! Brilliant performance an...
12/09/2022

Hats off to the SL Netball team and the SL Cricket team for giving us memories for a lifetime!!

Brilliant performance and a well-deserved victory 🎉🙌

🏆 Champions - Asian Netball Championship'22
🏆 Champions - Asian Cricket Cup'22

ප්‍රීතිමත් හජ් උත්සවයක් වේවා !පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් අද දින ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය සමරන ලොව ප...
10/07/2022

ප්‍රීතිමත් හජ් උත්සවයක් වේවා !

පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් අද දින ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය සමරන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්.

ඉස්ලාම් ආගමේ පදනම වැටී ඇති පංචස්ථම්භවලින් එකක් වන්නේ හජ් වන්දනාවයි. කායික හා ආර්ථික හැකියාව තිබෙන සෑම ඉස්ලාම් බැතිමතෙක් ම සිය ජීවිත කාලය තුළ එක්වරක් හෝ හජ් වන්දනාවේ නිරත විය යුතු බව විශ්වාසයයි.

ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එක ම අරමුණක බැඳී එක ම පූජා භූමියකට රැස් ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කරනුයේ හජ් වන්දනාව තුළිනි. ඒ අනුව ගත් කළ සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් ලෙස හජ් උත්සවය හැඳින්විය හැකිය.

13/06/2022

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

☸︎☸︎☸︎☸︎☸︎☸︎
අමාදම් සිසිලස බෙදා
මිහිඳු මා හිමි වැඩම කළා
සසර ලුහු බැද නිරිඳුන් හබා
මුනිඳු දම් දෙස අසා
නිවන් මඟ පසක් කළා.......

Rapiddesigner.art බැතිබර පණිවිඩයකි.

Call Us - 0789587930 / 0773625611
Email - [email protected]
Web - www.rapiddesigner.art
Insta - www.insta.com/rapiddesigner.art


පින්බර වෙසක් මංගල්ලයක් වේවා !සමස්ත ලෝකවාසීබෞද්ධ ප්‍රජාවගේ උතුම් දිනයක් ලෙස වෙසක් පොහොය හැඳින්විය හැකිය. වෙසක් පුරපසළොස්ව...
15/05/2022

පින්බර වෙසක් මංගල්ලයක් වේවා !

සමස්ත ලෝකවාසීබෞද්ධ ප්‍රජාවගේ උතුම් දිනයක් ලෙස වෙසක් පොහොය හැඳින්විය හැකිය. වෙසක් පුර
පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාවට අතිශයින්ම ශ්‍රේෂ්ඨ දිනයකි. බෝධි සත්ත්වයන් වහන්සේගේ ඉපදීම,
සිද්ධාර්ථ කුමාරයා බුදු වීම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන ත්‍රිවිධ අවස්ථාවන්මෙම දිනයේසිදුවීම එයට
හේතුවය. මේ හේතුවෙන්බෞද්ධයාගේසැබෑ අවුරුද්ද වෙසක් උත්සවය ලෙස හැඳින්විය හැකිය. එබැවින්වෙසක්
උත්සවය ගෞරවාන්විතව සැමරීම වැදගත්ය.
සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමිතා ධර්ම පූර්ණය කරමින් එදවස තුසිත දිව්‍ය ලෝකයෙන්චුතව පස්මහ බැලුම් බලා
මහාමායා දේවියගේකුස පිළිසිඳ ගෙන සිදුහත්කුමරා මෙලොව එළිය දුටුවේ උතුම් වෙසක් පොහොය දිනයේය.
බෝසතාණන් වහන්සේ උපන්මොහොතේ මහපොළොවෙහිසිට දිසාවන්බැලීය. දිශාවෝ ප්‍රකටව පෙනීගියහ. ඒ ඒ දිශාවන්හිදෙවි මිනිසුන්බෝසතාණන් වහන්සේට සුවඳ මලින්පූජා කළාහුය. බෝසතාණන් වහන්සේ උපන්මොහොතේ
දෙවියෝ අහසෙහිනොපෙනෙමින්සිට සේසත් දරන්නට වූහ. තවද බෝසතාණෝ උතුරුදිගට සත්පියවරක් ගොස්සිංහ
නාද කළහ. මෙම උතුම් අවස්ථාව වෙසක් පොහොය සැමරීමට ප්‍රධාන හේතුවක් වේ.

තවද බෝසතාණන් වහන්සේමෙලොව එළිය දැකීමෙන් පසුව රම්‍ය, සුරම්‍ය, සුබ යන මාලිගා තුනෙහිම රජ සැප වින්දහ.
පියාණන්විසින් තම පුතුන්ට කිසිදු අඩුවක් නොකොට සියල්ල සලසා දෙන ලදී. සතර පෙර නිමිතිදැකීමෙන්ගිහිගෙයි
කලකිරි පැවිදිවූහ. එතැන් පටන්බුදු බව ලැබීම සඳහා කැප වූහ. වෙසක් පුර පොහෝ දිනක සිද්ධාර්ථ බෝසතාණන්
වහන්සේසියලු කෙලෙසුන් නසා සම්මා සම්බුදු බව ලැබීම සුවිශේෂීසිද්ධියකි.

එපමණක්ද නොව බුද්ධත්වය ලැබීමෙන් පසු සම්බුදු පියාණන් වහන්සේමුළු මහත්ලෝකයාගේම සිතසුව පිණිස
කටයුතු කළහ. අසරණයන්ට පිහිට වීම, ගිලනුන්ට උපස්ථානය, තාදීගුණය ආදිය වැදගත්වේ. උන්වහන්සේසංසාරයේ
ගමන් කරන මිනිස්ප්‍රජාව දහමින්සුමගට යොමු කළහ. උන් වහන්සේ තම ජීවිත කාලයම අන්‍යයන් සඳහා කැප
කරනන්ට වූහ. මෙසේබොහෝ කාලයක් වැඩ සිටිමින්, මුළු මහත් සක්වළම කම්පා කරමින්පිරිනිවන්පෑම සිදු වූයේද
වෙසක් පොහෝ දිනයේය.
මෙලෙස බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන කාරණා තුන සිහිපත් කරමින්බෞද්ධයෝ වෙසක්
උත්සවය සමරති. බෞද්ධයන් වන අපගේසැබෑ අවුරුද්ද වෙසක් උත්සවයයි.
ශ්‍රී ලාංකේය ජනතාවක් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධව සලකා බලන විට වෙසක් පුන්පොහෝ දිනයේසිදු වූවැදගත්
සිදුවීම් කිහිපයක් ඇත.

අභිමානවත් 74 වෙනි නිදහස් දිනයක් වේවා !ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වර්ෂ 1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ වසර එසිය ...
03/02/2022

අභිමානවත් 74 වෙනි නිදහස් දිනයක් වේවා !

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වර්ෂ 1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ වසර එසිය තිස් තුන් වසරක් බ්‍රිතාන්‍ය රාජ්‍යට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය. නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ. නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය. මෙම 4,5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය. පෙබරවාරි 4,10,11,12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ. වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර කොලඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය. එදින නිදහස් උත්සව මලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය. ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙක්. එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලේය.1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකර දුරයද හෙබවූ එතුමා අල්ටර්හි අර්ල් පදවියද දරා තිබේ. බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය ,ඔටුන්න ඇතුළු කෘතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදුන් ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 74 ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.

01/01/2022

ඔබ සැමට සාමය, සතුට පිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවා!
Peace and Happy New Year to you all!
உங்கள் அனைவருக்கும் அமைதி மற்றும் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

24/12/2021

ඔබ සැමට සාමය සතුටපිරි නීරෝගීමත් සුභ නත්තලක් වේවා !
Wishing you all a peaceful, joyful, healthy Christmas !
உங்கள் அனைவருக்கும் அமைதியான, மகிழ்ச்சியான, ஆரோக்கியமான கிறிஸ்துமஸ் வாழ்த்துக்கள் !

Christmas is a day that changed the world. This is the day that celebrates the birth of Jesus Christ, the beacon of peace amidst the fires of war. It was a day when people who were about to leave life had fresh hopes for life. It was the day the message of peace was given to the world.

නත්තල යනු ලෝකය වෙනස් කළ දිනයකි. යුධ ගිනි අතර පිපි සාමයේ කුසුමක් වන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම උත්පත්තිය සමරන්නේ මේ දිනයේ දී ය. ජීවිතය අත්හැර යන්නට සිටි මිනිසුන්ට ජීවිතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇති වූ දිනය යි. ලෝකයට සාමයේ පණිවුඩය ලබා දුන් දිනය යි.

Address


Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 10:00 - 05:00
Sunday 10:00 - 05:00

Telephone

+94773625611

Alerts

Be the first to know and let us send you an email when Rapiddesigner.art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rapiddesigner.art:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share