Cyber Yakku

Cyber Yakku The most popular Tech News website in Sri Lanka for those of you searching for technology. For those

Cyber Yakku is the official Website of Cyber Yakku (PVT) LTD. In addition to the company’s official website, it maintains a page, a group and an Instagram Twitter, a Telegram channel and a group, as well as a YouTube channel. This official website called Cyber Yakku provides the latest breaking news technology in the world in Sinhala in the most reliable way to the users who are gathered around these cyber Yakku.

පසුගිය සඳුදා දින සිදු වූ සූර්‍යග්‍රහණයත් සමග Po rn hub හී වැඩිම සෙවුම් අතරට Solar eclipse සහ eclipse s ex  යන යෙදුම් පත්...
15/04/2024

පසුගිය සඳුදා දින සිදු වූ සූර්‍යග්‍රහණයත් සමග Po rn hub හී වැඩිම සෙවුම් අතරට Solar eclipse සහ eclipse s ex යන යෙදුම් පත්ව තිබෙනවා.

ඒ අනුව පසුගිය සඳුදා දින ඔවුන්ගේ වෙබ් අඩවිය තුළ සූර්‍යග්‍රහණයට අදාල සෙවීම් 6,800% වඩා වැඩි වී තිබුණු බවයි.

කෙසේ වෙතත් අනෙක් අතට සූර්‍යග්‍රහණයත් සමග ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත කිහිපයකම por nhub වෙබ් අඩවි ගමනාගමනය 68%කින් පමණ පහත වැටී තිබෙනවා.

සුබ අලුත් අවුරුද්දක් වේවා !
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා !

29 හැවිරිදි Noland Arbaugh සිතීමෙන් පමණක් Twitter post එකක් පල කල ලොව පලමු පුද්ගලයා බවට පත්ව තිබෙනවා.ජනවාරි මස Elon musk...
25/03/2024

29 හැවිරිදි Noland Arbaugh සිතීමෙන් පමණක් Twitter post එකක් පල කල ලොව පලමු පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

ජනවාරි මස Elon musk විසින් අංශභාග තත්ත්වයට පත්ව සිටි Noland ට Nuralink brain chip එක සවි කල අතර පසුව ඔහුට සිතීමෙන් පමණක් කර්සරයක් එහා මෙහා ගෙන යෑමට මෙන්ම චෙස් ක්‍රීඩා කිරීමට පවා හැකිව තිබුණා.

දැන් ඔහු පලමු වරට සිතිමෙන් පමණක් Twitter හි Post එකක් පලකර තිබෙනවා.
ඔහු post එකෙහි ලියා තිබුනේ Twitter මාව Bot කෙනෙක් කියා සිතා ban කලා
නමුත් X ( twitter ) හා Elon musk මා හට නැවත ඒමට ඉඩ ලබා දුන්නා. යනුවෙන්.

https://x.com/ModdedQuad/status/1771230292839145541?s=20

Elon Musk විසින් වඳුරන් තුළ පර්‍යේශණ ආරම්භ කරමින් පෙනීම යථා තත්ත්වයට පත් කළ හැකි Neuralink හි නව ව්‍යාපෘතිය ගැන හෙළිදරව්...
23/03/2024

Elon Musk විසින් වඳුරන් තුළ පර්‍යේශණ ආරම්භ කරමින් පෙනීම යථා තත්ත්වයට පත් කළ හැකි Neuralink හි නව ව්‍යාපෘතිය ගැන හෙළිදරව් කරයි

අන්ධ පුද්ගලයින්ට නැවත පෙනීම ලබා දිය හැකි Neuralink හී නවතම ව්‍යාපෘතියක් ඇති බවට Elon Musk ප්‍රකාශ කර තිබෙනවා. වැඩිදුරටත් ඔහු සඳහන් කර තිබුණේ ඔවුන්ගේ තාක්ශණය දැනටමත් වඳුරන් මත අත්හදා බලමින් සිටින බවයි.

මෙම නව ව්‍යාපෘතිය නම්කර තිබෙන්නේ 'Blindsight' යනුවෙනුයි.

මෙහිදී Elon Musk බලාපොරොත්තු වන්නේ මෙය සාමාන්‍ය මිනිස් පෙනීමද ඉක්මවා යන බවයි.

මෙම ව්‍යාපෘතියේදී පරිශීළකයා පැළඳ සිටින විශේෂ කන්නාඩියෙහි ඇති කුඩා කැමරාවක් හරහා මොළයෙහි සවි කර තිබෙන චිපයට සංඥා ලැබෙනවා.

කෙසේ වෙතත් මෙම නව ව්‍යාපෘතියෙහි එළිදැක්වීමත් සමග, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව USDA සහ අනෙකුත් කණ්ඩායම් විසින් නැවතත් Elon Musk ගේ පර්‍යේශණ සඳහා චෝදනා කිරීම් ආරම්භ කර තිබෙනවා. ඒ ඔහු විසින් මීට පෙර පර්‍යේශණ වලදී සිදු කරන ලද සතුන් 1,500 කගේ පමණ මරණ වලට වගකිව යුතු බව සඳහන් කරමිනුයි.

Full article :-
https://cyberyakku.com/elon-musk-reveals-neuralinks-new-project-that-could-restore-sight-and-says-the-implant-is-already-working-in-monkeys/

20/03/2024

බැලූ බැල්මට පහළ videos දෙක, Game එකක සහ කවුරුහරි කෙනෙක් drone එකක් හරහා අරගෙන තියෙන video වගේ පෙනුණත් ඔයා දන්නවද මේ video දෙකම සරල prompt එකක් හරහා Generate කරපු video දෙකක් කියලා !!

දැනටමත් හැමෝම දන්නවානෙ Image to text AI ගැන. ඒ වගේම මෙ වෙනකොට ගොඩක් අය Dall-E එකත් භාවිතා කරලා ඇති. මේ හා සමානව සරල Prompt එකක් හරහා Video නිර්මාණය කරගන්න පුලුවන් කියලා ඔයා දන්නවද ??

Sora AI කියන්නේ Dall-E සහ Chatgpt නිර්මාණය කළ OpenAI හී නවතම Text-to-video tool එකක්. මේ හරහා පුලුවන් සරල prompt එකක් හරහා විනාඩියක් දක්වා තාත්වික video එකක් නිර්මාණය කරගන්න.

මේ generate වෙන videos වල quality එක
ඔයාලට පහළ video දෙක බැලුවම තේරෙනවනේ.

හැබැයි මේ දෙවෙනි video එක හරියට බැලුවොත් ඔයාලට පහසුවෙන්ම දකින්න පුලුවන් ඒක AI හරහා generate කරපු video එකක් කියලා.

OpenAI සමාගම විසින් පෙබරවාරි 15 වන දින Sora AI ගැන නිවේදනය කළත් තාම මේක මහජනතාවට නිකුත් කරලා නැහැ.

කොහොම වුණත් බොහෝ දුරට මේ අවුරුද්ද ඇතුළත OpenAI විසින් Sora AI එක release කරයි කියලා තමා කියන්නේ.

ඔයාලට මේ හා සමානව OpenAI විසින් නිර්මාණය කරපු විවිධ videos පහළ link එකෙන් බලන්න පුලුවන්.

https://cyberyakku.com/openais-new-text-to-video-generator/

ඊයේ දින සිදු වූ හදිසි Meta වේදිකාවේ බිඳ වැටීමත් සමග Meta හී කොටස් මිල 1.5%කින් පහත වැටී තිබෙනවා.  එසේම මේ හරහා Mark Zuck...
06/03/2024

ඊයේ දින සිදු වූ හදිසි Meta වේදිකාවේ බිඳ වැටීමත් සමග Meta හී කොටස් මිල 1.5%කින් පහත වැටී තිබෙනවා. එසේම මේ හරහා Mark Zuckerberg හට දළ වශයෙන් ඩොලර් මිලියන 100ක පාඩුවක් ද සිදුව තිබෙනවා.

ඔවුන් ආදායමෙන් වැඩි ප්‍රමාණයක් උපයා ගනු ලබන්නේ පරිශීළකයන්ට පෙන්වනු ලබන දැන්වීම් හරහා වන අතර ඊයේ දින සිදු වූ බිඳ වැටීමත් සමගයි මෙලෙස ඔවුන්ගේ ආදායම මෙලෙස පහත වැටී තිබුණේ.

Lenovo විසින් 2024 MWC Event එකේදී ඔවුන්ගේ project Crystal එක එහෙමත් නැත්තම් Transparent Display එකක් සහිත laptop එක එළි...
28/02/2024

Lenovo විසින් 2024 MWC Event එකේදී ඔවුන්ගේ project Crystal එක එහෙමත් නැත්තම් Transparent Display එකක් සහිත laptop එක එළිදක්වල තියෙනවා.

විනිවිද පෙනෙන Micro LED පැනල් හා AI විශේෂාංග පරික්ෂා කිරීමට ඔවුන්ගේ ,Thinkpad කණ්ඩායම විසින් මෙය නිර්මාණය කර ඇති බැවින් දැනට මෙය වානිජ වශයෙන් විකිණීමට ඔවුන් අදහස් කරල නැහැ.

2025 දී දියත් කිරීමට නියමිත මිනිසුන්ගේ සෑම පියවරක් පිළිබඳවම ඔත්තු බැලීමේ හැකියාව ඇති චන්ද්‍රිකාවක් පිළිබඳව විශේෂඥයින් අන...
26/02/2024

2025 දී දියත් කිරීමට නියමිත මිනිසුන්ගේ සෑම පියවරක් පිළිබඳවම ඔත්තු බැලීමේ හැකියාව ඇති චන්ද්‍රිකාවක් පිළිබඳව විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

Startup Company එකක් වන Albedo විසින් නිර්මාණය කර තිබෙන "Big Brother" ලෙස හඳුන්වන මෙම චන්ද්‍රිකාව ඉතා උසස් තත්වයකින් නිම කර තිබෙන නිසා එයට අභ්‍යවකාශයේ සිට මිනිසුන් හෝ වාහන බලපත්‍ර තහඩු පවා විශාලනය කර බැලිය හැකි වෙනවා.

දැනට මෙහි මුහුණු හඳුනා ගැනීමේ මෘදුකාංගයක් නොමැති බවට Albedo සමාගම පැවසුවත්, ඔවුන් විසින් මිනිසුන් රූපගත කිරීම හෝ පෞද්ගලිකත්වය ආරක්ශා කරන බවට කිසිවක් සඳහන් කර නැහැ.

එක්සත් ජනපද ජාතික ආරක්ශාවට තර්ජනයක් විය හැකි දේවල් පිළිබඳව නිරීක්ශණය කිරීමට එම රජයට උපකාර කිරීම සඳහා Albedo සමාගම විසින් එක්සත් ජනපද ගුවන් හමුදාව සහ ජාතික ගුවන් සහ අභ්‍යවකාශ බුද්ධි මධ්‍යස්ථානය සමග ඩොලර් මිලියනයේ කොන්ත්‍රාත්තු 2ක් අත්සන් කර තිබෙනවා.

මේ පිළිබඳව Electronic Frontier පදනමේ උපදේශක ජෙනිෆර් සඳහන් කර තිබුණේ " මෙය අපි නොදැනුවත්වම ඕනෑම රජයකට ඕනෑම වෙලාවක භාවිතා කළ හැකි, අහසේ ඇති යෝධ කැමරාවක් බවයි"

චන්ද්‍රිකාව පෘථිවි පෘශ්ඨයේ සිට සැතපුම් 100ක දුරකින් කක්ෂගත කිරීමට නියමිත වෙනවා.

https://cyberyakku.com/big-brother-satellite-capable-of-zooming-in-on-anyone-anywhere-from-space-is-set-to-launch-in-2025/

Shanghai විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවාඇති මෙම Disc එකට blue ray තැටි 100 හෝ 1000ක පමණ ඩේටා ඇතුලත් ක...
25/02/2024

Shanghai විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවාඇති මෙම Disc එකට blue ray තැටි 100 හෝ 1000ක පමණ ඩේටා ඇතුලත් කල හැකියි. වෙනත් විදියකට පැවසුවොත් මෙහි 100TB ක පමණ දත්ත ගබඩා කල හැකියි.

පර්යේෂකයන් 3D planar recording architecture එක යොදාගෙන මෙම Optical disc එකෙහි capacity එක වැඩි කර ඇති අතර එමගින් DVD ප්‍රමාණයේ තැටියක ලේයර් 100ක් පමණ තැන්පත් කිරීමට ඉඩ සලසනු ලබනවා.

මෙයට ගිගාබයිට් 100ක පමණ දත්ත වේගයක් ඇති අතර පර්යේෂකයන් පවසන්නේ නව ආකෘතිය⁣ට එක් Disc එකක් තුල දෙපැත්තෙහිම layers 100 බැගින් ධාරිතාව පෙටාබිට් 1.6 හෝ ආසන්න වශයෙන් ටෙරාබයිට් 200ක් දක්වා වැඩි කල හැකි බවයි.

මෙය විශාල දත්ත මධ්‍යස්ථාන කුඩා කිරීමේ අරමුණ ඉලක්ක කර ඇති අතර තාපය හා බලශක්ති පරිභෝඡනය විශාල ලෙස අඩුකිරීමට නියමිතයි.
එලෙසම මෙහි අනෙක් වාසිය වන්නේ මේවායේ කල්පැවැත්ම වසර 50 ත් 100 ත් අතර පැවතීමයි.

මෙම තැටිය DVD වලට සමාන වුවත් පර්යේෂකයන් තවමත් මෙය වාණිජමය ලෙස යොදා ගැනීමට සුදානම් වී නැහැ.
එයට හේතුව ඒ සදහා වේගවත් දැරිය හැකි ධාවකයක් නිපදවා නොමැති වීමයි.

Fact
2021 දී පර්යේෂකයන් පිරිසක් ලේසර් තාක්ෂණය යොදාගෙන වීදුරු තුල දත්ත ගබඩා කිරීමේ ක්‍රමයක් එළිදැක්වුවා. එයට DVD ප්‍රමාණයේ තැටියක 500TB දත්ත ගබඩා කල හැකි වුනා. කෙසේ නමුත් දත්ත ගබඩා කිරීමේ ප්‍රමාණය මෙන්ම Read හා Write කිරීමේ වේගයන්ද වැඩිවිය යුතු බැවින් ඒවා තවමත් පර්යේෂන මට්ටමේ පවතිනවා.

The Boys  😂Portsmouth විශ්ව විද්‍යාලයෙන් කරපු නවතම අධ්‍යයනයකින් හොයාගෙන තියනවා ඩිජිටල් piracy නැවැත්වීමේ අරමුණින් කරන තර...
25/02/2024

The Boys 😂

Portsmouth විශ්ව විද්‍යාලයෙන් කරපු නවතම අධ්‍යයනයකින් හොයාගෙන තියනවා ඩිජිටල් piracy නැවැත්වීමේ අරමුණින් කරන තර්ජනාත්මක පණිවුඩ නිසා පිරිමින් තුල එවන් ක්‍රියාවන් 18කින් වැඩි වෙන බව.

Digital piracy කියන්නෙ Copyrighted content එකකට BitTorrent,Steam-Rippers cyberlockers වගෙ unlicensed යොදාගෙන ප්‍රවේශ වෙන එක.
සරලවම ගේම්ස්, films pay නොකර torrent මගින් නොමි⁣ලයේ ඩවුන්ලෝඩ් කිරීම.

මෙමගින් ලොවපුරා ආර්ථිකයට මෙන්ම සමාගම් සදහා බිලියන ගනනින් පාඩු සිදුවනවා.

අධ්‍යයනය මගින් වැඩිහිටියන් 962 කු තුල පෙර හා පසු ලෙස piracy වැලැක්වීමේ පණිවිඩයන් ක්‍රියා කරන අයුරු ඔවුන් පරික්ෂා කර තිබුණා.

ඒ පණිවිඩ තුනක් යොදාගනිමින්.

පලමු දෙක නඩු පැවරීම, වෛරස් ආසාදනය වීම වැනි තර්ජනාත්මක පණිවුඩ ලෙස යැවු අතර තෙවැන්න සදහා ආර්ථික හා සදාචාරාත්මක හානිය පිලිබද යොදාගෙන තිබුනා.

අධ්‍යයනයෙන් පෙනි ගියේ පලමු තර්ජනාත්මක පණිවුඩයෙන්ම කාන්තාවන් තුල මෙවැනි කාර්යයන් 50%කින් අඩුකිරීමට බලපෑම් කරන බවයි.

කොහොම උනත් පිරිමින් තුල මෙවන් තර්ජනාත්මක පණිවුඩයන් නිසා එම ක්‍රියාවන් තවත් 18%කින් වැඩි කරන බවත් අධ්‍යයනයෙන් හෙලි වී තිබෙනවා.

"🎉 Cheers to 4 Years of Success! 🎉 Join us as we celebrate our journey since Day Cyber Yakku and look forward to many mo...
25/02/2024

"🎉 Cheers to 4 Years of Success! 🎉 Join us as we celebrate our journey since Day Cyber Yakku and look forward to many more milestones ahead!

Elon Musk විසින් ඔහුගේම විද්‍යුත් තැපැල් සේවාවක් "Xmail" නමින් නිර්මාණය කිරීමට සැළසුම් කරමින් සිටිනවා. ඔහුගේ සමාජ මාධ්‍ය...
24/02/2024

Elon Musk විසින් ඔහුගේම විද්‍යුත් තැපැල් සේවාවක් "Xmail" නමින් නිර්මාණය කිරීමට සැළසුම් කරමින් සිටිනවා.

ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන x හී පළ කළ අදහසකට පිළිතුරු දෙමිනුයි ඔහු මේ පිළිබඳව හෙළි කර තිබෙන්නේ.

X හී ඉංජිනේරුවකු වන Nathan McGrady විසින් When We Making Xmail? ලෙස පළ කර තිබුණු tweet එකකට පිලිතුරු දෙමින් Elon musk සඳහන් කර තිබුණෙ Its Coming යනුවෙනුයි.

මේ වන විට ChatGPT සඳහා ප්‍රතිවාදියෙකු ලෙස Grok නමින් ඔවුන්ගේම AI එකක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් 2024 වන විට Gmail හී සක්‍රීය පරිශීළකයන් ගණන බිලියන 1.8 ඉක්මවන අතර Elon Musk නිකුත් කිරීමට නියමිත Xmail සේවාව Gmail හට ප්‍රතිවාදියෙකු වීමට නම් එය Gmail හී දැනට පවතින Features වලට වඩා විශේෂ පහසුකම් වලින් සමන්විය යුතු වෙනවා.

Elon Musk විසින් X වචනය ඔහුගේ බොහෝ නිශ්පාදන සඳහා යොදා ගැනීම දැනටමත් බොහෝ අයගේ හාස්‍යයට හේතු වී තිබූ අතර මෙම විද්‍යුත් තැපැල් සේවාවටත් x යොදා ගැනීම විශේෂ වනවා.

read us on website : https://cyberyakku.com/x-takes-on-google-elon-musk-claims-hes-creating-a-gmail-rival-dubbed-xmail/

follow us: https://www.facebook.com/Cyberyakku?mibextid=ZbWKwL

join with whatsapp channel : https://whatsapp.com/channel/0029Va5ErMS2phHGA9yWn12X

22/02/2024

iPhone picco මේ ගැන දැනුවත් ද 👀

වතුර එකක ඔබලා හරි ට්‍රයි කරලා බලන්න 🙂

වසර 50කට වඩා පැරණි ලොව ප්‍රථම Q1  පරිගණක 2ක් ලන්ඩන් නිවසකින් සොයා ගෙන තිබෙනවා. ලන්ඩනයේ නිවාසයක් පිරිසිදු කිරීමේදී සොයාගෙ...
18/02/2024

වසර 50කට වඩා පැරණි ලොව ප්‍රථම Q1 පරිගණක 2ක් ලන්ඩන් නිවසකින් සොයා ගෙන තිබෙනවා.

ලන්ඩනයේ නිවාසයක් පිරිසිදු කිරීමේදී සොයාගෙන තිබෙන මෙම පරිගණක දෙක, ලෝකයේ දැනට ඉතිරිව ඇති Q1 පරිගණක තුනෙන් දෙකක් වනවා.

Intel 8008 ප්‍රොසෙසරය සමග දියත් කරන ලද මෙම Q1 පරිගණකය, ලොව පළමු පූර්ණ ඒකාබද්ධ පුද්ගලික පරිගණකය (තිරය,යතුරුපුවරුව, මුද්‍රණ යන්ත්‍රය වැනි දෘඩාංග තනි ඒකකයක් ලෙස තිබුණු) වනවා.

03/02/2024
Also AI:-  👀මේක නම් 2020 වුණ සිද්ධියක් 😂
02/02/2024

Also AI:- 👀
මේක නම් 2020 වුණ සිද්ධියක් 😂

දිනකට පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් තම ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන පුද්ගලයින් තුළ අවදානය අඩු කිරීමේ අධි ක්‍රියාකාරීත්...
31/01/2024

දිනකට පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් තම ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන පුද්ගලයින් තුළ අවදානය අඩු කිරීමේ අධි ක්‍රියාකාරීත්ව ආබාධය (ADHD) වර්ධනය වීමේ අවදානම 10%කින් වැඩි බවට පර්‍යේශකයන් සිදු කළ අධ්‍යයනයක් හරහා සොයාගෙන තිබෙනවා.

ADHD යනු මානසික සෞඛ්‍ය ආබාධයක් වන අතර මෙය මිනිසුන් හට සීමිත අවධානයක්, අධි ක්‍රියාකාරිත්වයක් හෝ ආවේගශීලි බවක් ඇති කරනු ලබනවා. එය ඔවුන්ගේ සබඳතා සහ රැකියා ඇතුළු එදිනෙදා ජීවිතයට බලපෑම් ඇති කරනු ලබන අතර ඔවුන්ගේ ඵලදායිතාවයද අඩු කරනු ලබනවා.

මෙම ආබාධය මූලික වශයෙන් කුඩා දරුවන්ට සම්බන්ධ වුවත්, සමාජ මාධ්‍ය, කෙටි පණිවිඩ යැවීම, Streaming Music, movies සහ TV සම්බන්ධ ජංගම දුරකථන හරහා ඇති කරන බාධාවන් වැඩිහිටියන් අතරද ADHD බලපෑම් ඇති කරනු ලබනවා.

පර්‍යේශකයන් සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය නිරන්තරයෙන්ම මිනිසුන්ට තොරතුරු ලබා දෙන අතර මේ නිසා මිනිසුන් තම දුරකථනය පරික්ශා කිරීමට ඔවුන් සිදු කරමින් සිටින කාර්‍යයන් සඳහා නිතර විවේකයක් ලබා දෙන බවයි.

තම නිදහස් කාලය තාක්ශණය සමගින් භාවිතා කරන පුද්ගලයින් ඔවුන්ගේ මොළය විවේක ගැන්වීමට සහ එක් කාර්‍යයක් කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ නොදෙන අතර ඒකාබද්ධ අවධානය වෙනතකට යොමු කිරීම, වැඩිහිටියන් තුළ කෙටි අවධානයක් යොමු කිරීම සහ පහසුවෙන් අවධානය වෙනතකට යොමු වීමට හේතු වෙනවා.

දිගු කාලයක් තිස්සේ පර්‍යේශකයන් හට ගැටළුවක් වී තිබුණේ මිනිසුන් අධික ලෙස අන්තර්ජාල පාරිභෝගිකයන් බවට පත්වන්නේ ඔවුන්ට ADHD ඇති නිසා සහ අන්තර්ජාලය සමග ජීවිතය ඔවුන්ගේ අවධානය යොමු කිරීමට වඩා හොඳ නිසාද නැතිනම් අන්තර්ජාල භාවිතා කිරීම් නිසා ඔවුන්ට ADHD වර්ධනය වනවාද යන්න පිළිබඳවයි.

පර්‍යේශකයන් සඳහන් කරන්නේ ස්මාර්ට් දුරකථන මගින් නිරන්තරව අවධානය වෙනතකට යොමු කිරීම නිසා වැඩිහිටියන් තුළ ADHD වර්ධනය වන බවත්, නිරන්තරයෙන් තම දුරකථනය භාවිතා කරන පුද්ගලයින් ඔවුන්ගේ මොළයට නිසි පරිදි විවේක ගැනීමට ඉඩ නොදෙන බවටයි.

ADHD යනු ඖශධ සහ ප්‍රතිකාර මගින් කළමණාකරණය කරගත හැකි ජානමය ආබාධයක් බවට අර්ථ දක්වා තිබුණත් දැන් පර්‍යේශකයන් සොයාගෙන තිබෙන්නේ යමෙකු ඕනෑවට වඩා තම දුරකථනය මත රඳා සිටීම මගින් ජීවිතයේ පසුකාලීන ජීවිත රටාව වෙනස් කිරීම නිසා ADHD අත්පත් කරගත් ආබාධයක් බවට පත් විය හැකි බවයි.

පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය නිරන්තරයෙන් භාවිතා කරන්නේ නම් ඔහු වැඩ කරන කාලය තුළද ඔහුගේ සමාජ මාධ්‍ය පරික්ශා කිරීම සඳහා විවේක ලබා ගැනීමේ අවශ්‍යතාවයන් දැනිය හැකි අතර මෙය බොහෝ දුරට යටි සිත හරහා ඇති වුවත් මෙලෙස නිරන්තරයෙන් අවධානය වෙනතකට යොමු කිරීම හරහා යමක් කෙරෙහි නිසි ලෙස අවධානය යොමු කිරීමේ නොහැකියාවක් දැනීම පසුව ADHD දක්වා වර්ධනය වෙනවා.

Tik Tok සහ Universal Music Group (UMG)අතර ඇති ගිවිසුම අලුත් නොකිරීමත් සමග UM විසින් ඔවුන්ගේ මිලියන ගණනක් පමණ ගීත Tik Tok...
31/01/2024

Tik Tok සහ Universal Music Group (UMG)
අතර ඇති ගිවිසුම අලුත් නොකිරීමත් සමග UM විසින් ඔවුන්ගේ මිලියන ගණනක් පමණ ගීත Tik Tok තුළින් ඉවත් කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව මේ හරහා Tik Tok පරිශීළකයන්ට Taylor Swift, The Weeknd සහ Drake ඇතුළු ජනප්‍රිය ගීත රැසක්ම භාවිතා කළ නොහැකි වනවා.

Universal Music විසින් Tik Tok වෙත ප්‍රකාශ කර තිබුණේ අනෙකුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි සිදු කරන ආකාරයටම ඔවුන්ගේ නාමාවලියට ප්‍රවේශ වීම සඳහා ගාස්තුවෙන් කොටසක් ගෙවිය යුතු බවටයි.

කෙසේ වෙතත් මෙයට පිළිතුරු ලෙස Tik Tok පවසා තිබුණේ Universal විසින් ව්‍යාජ කතාවක් ප්‍රකාශ කරන බවයි.

Universal විසින් Artist සහ songwrier community වෙත විවෘත ලිපියක් හරහා ප්‍රකාශ කර තිබෙන්නේ Tik Tok විසින් සංගීතයට සාධාරණ වටිනාකමක් නොගෙවා සංගීතය පදනම් කරගත් ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සහා කරන බවටයි.

එසේම " අපගේ කලාකරුවන්ට සහ ගීත රචකයන්ට සුදුසු වන්දි ගෙවීමක්" මෙන්ම "AI හී හානිකර බලපෑම් වලින් මානව කලාකරුවන් ආරක්ශා කිරීම සහ Tik Tok පරිශීලකයින් සඳහා සබැඳි ආරක්ශාව" පිළිබඳවද සැළකිලිමත් වන බව Universal සඳහන් කරනවා.

Universal සඳහන් කරන්නේ ඔවුන්ගේ Contract එක ජනවාරි 31 වන දින අවසන් වීමත් සමග ඔවුන් විසින් Tik tok වෙත ඔවුන්ගේ අන්තර්ගතයට බලපත්‍ර ලබා දීම නවත්වන බවටයි.

මෙයට ප්‍රතිචාර වශයෙන් Tik Tok ප්‍රකාශ කර තිබුණේ "Universal Music විසින් ඔවුන්ගේ කලාකරුවන්ගේ සහ ගීත රචකයන්ගේ අවශ්‍යතාවලට වඩා මුදල් සඳහා ඔවුන්ගේ ආශාව ඉහළින් තැබීම අපගේ බලාපොරොත්තු සුන් කරවන්නකි" යනුවෙනුයි.

"ඔවුන් ව්‍යාජ කතාවන් ප්‍රකාශ කළත්, කරුණ නම් ඔවුන්ගේ දක්ශතා සඳහා නොමිලේ ප්‍රවර්ධන වේදිකාවක් ලෙස සේවය කරන බිලියනයකට අධික පරිශීළකයන් සිටින Tik Tok හී සහයෝගයෙන් ඉවත් වීමට ඔවුන් තෝරාගෙන තිබීමයි" යනුවෙන්ද Tik Tok සඳහන් කරනවා.

read us on website : https://cyberyakku.com/universal-music-to-pull-songs-from-tiktok/

follow us: https://www.facebook.com/Cyberyakku?mibextid=ZbWKwL

join with whatsapp channel : https://whatsapp.com/channel/0029Va5ErMS2phHGA9yWn12X

Welcome to New ERAElon musk විසින් අද දින ( ජනවාරි 30) X හි (Twitter ) ඔවුන් විසින් සාර්ථකව පලමු මිනිසා තුල Neuralink චි...
30/01/2024

Welcome to New ERA

Elon musk විසින් අද දින ( ජනවාරි 30) X හි (Twitter ) ඔවුන් විසින් සාර්ථකව පලමු මිනිසා තුල Neuralink චිපයක් සවි කල බවත් ඔහු දැන් සුවයෙන් පසු වන බවත් පල කර තිබෙනවා.

නව තාක්ෂණික යුගයක ආරම්භය සනිටුහන් කරන මෙය ඔවුන් ටෙලිපති ලෙස හදුන්වා තිබෙනවා.

2016 දී Musk විසින් ආරම්භ කල මෙම සමාගම විසින් මොළය හා පරිගණකය අතර සෘජු සන්නිවේදන මාර්ගයක් ඉදිකිරීම අරමුණු කර තිබුනා.
ඒ අනුව අත් පා අහිමි වු හෝ විවිද රෝග වලින් පෙලෙන පුද්ගලයින්ට තමන්ගේ සිතුවිලි බාවිතයෙන් පරිගණක යතුරු පුවරුවක් හෝ ජංගම දුරකථනයක් භාවිතා කිරීමට හැකියාව ලබා දීම සදහා පලමු වරට වදුරන් භාවිතයෙන් පරික්ෂන ආරම්භ කෙරුනා.

මුල් අදියරේදී වදුරන් විශාල වශයෙන් මියගිය බව පැවසු අතර නීතිමය වශයෙන් විවිද නඩු වලට පවා සමාගමට මුහුණ දීමට සිදුවුණා. කෙසේ නමුත් ඔවුන් පසුගිය ව⁣සරේදී මානව පර්යේෂන සදහා මෙය යොදාගැනීම අනුමත කරගනු ලැබුවා.

ආරම්භක පරිශීලකයන් ලෙස අත් පා භාවිතය අහිමි වූ අංශභාග පුද්ගලයින් ඔහු තොරාගෙන තිබෙන අතර ඉලක්කය වන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වේගයකින් ජංගම දුරකථනයක් පාලනය කිරීමට හැකියාව ලබා දීමයි. එලෙසම අන්ධබාවය,මානසික පීඩනයන්,ඔටිසම්, නින්ද නො⁣යෑම හා තවත් රෝග ගණනාවකට මෙයින් ප්‍රතිකාර කල හැකි වනු බවත් AI සමග මිනිසුන් ඒකාබද්ධ කිරීම පවා සිදුවිය හැකි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

Neuralink ගැන සියලු දේවල්
https://cyberyakku.com/what-is-neuralink/

https://cyberyakku.com/elon-musk-successfully-tests-a.../

follow us: https://www.facebook.com/Cyberyakku?mibextid=ZbWKwL

join with whatsapp channel : https://whatsapp.com/channel/0029Va5ErMS2phHGA9yWn12X

පසුගිය දිනක සඳට ගොඩ බැස්වූ SLIM ලෑන්ඩරය මේ වන විට සඳෙහි මතුපිට උඩුයටිකුරු ආකාරයට පවතින බව නව ඡායාරූප හරහා සොයාගෙන තිබෙනව...
29/01/2024

පසුගිය දිනක සඳට ගොඩ බැස්වූ SLIM ලෑන්ඩරය මේ වන විට සඳෙහි මතුපිට උඩුයටිකුරු ආකාරයට පවතින බව නව ඡායාරූප හරහා සොයාගෙන තිබෙනවා.

මෙලෙස උඩු යටිකුරු වීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කර තිබෙන්නේ SLIM ලෑන්ඩරයේ එන්ජිමෙහි බලය ක්‍රියා විරහිත වීම බවයි.

නිවද්‍ය ගොඩ බෑමේ තාක්ශණය සඳහා ජපානය විසින් විශාල වශයෙන් ආයෝජනය කර තිබූ අතර මෙම ව්‍යාපෘතිය "moon sniper" ලෙසද හඳුන්වනු ලැබුවා.

ලෑන්ඩරයේ බල ගැටළු නිසා ගොඩබෑමේ ස්ථානය එහි ඉලක්කගත ස්ථානයට අඩි 180 පමණ දුරකින් ගොඩ බැස තිබුණත් JAXA විසින් එහි ගොඩබෑම සාර්ථක බවට තහවුරු කර තිබෙනවා.

SLIM ලෑන්ඩරය ගොඩබෑමට පෙර කුඩා රොබෝ ගවේශණ දෙකක් සාර්ථකව සඳට දියත් කර තිබෙන අතර මේ හරහායි ඔවුන් ඡායාරූප ලබාගෙන තිබෙන්නේ.

සෙල්ලම් බඩු නිශ්පාදකයෙකු විසින් නිර්මාණය කරන ලද බේස්බෝල් ප්‍රමාණයේ කැමරා ඩ්‍රෝන යානයක් වන LEV-2 සහ රේඩියෝ සන්නිවේදන උපකරණයකින් සමන්විත LEV -1 මෙලෙස සඳට දියත් කර තිබෙනවා.

LEV -2 විසින් සඳෙහි අවට ඡායාරූප 275 ලබා ගෙන LEV -1 හරහා ඒවා පෘථිවියට විකාශණය කිරීමට හැකි වී තිබෙනවා.

ඡායාරූප සහ වීඩියෝ සහිත සම්පූර්ණ ආටිකල් එක : https://cyberyakku.com/japans-moon-lander-is-stuck-upside-down/

follow us: https://www.facebook.com/Cyberyakku?mibextid=ZbWKwL

join with whatsapp channel : https://whatsapp.com/channel/0029Va5ErMS2phHGA9yWn12X

නයිට්‍රජන් වායුව යොදාගනිමින් සිදු කරනු ලබන ලොව ප්‍රථම මරණ දණ්ඩන ක්‍රමය ඇලබාමා හී ඝාතකයෙකුට එරෙහිව අද දින ඇමරිකාවේදී ක්‍ර...
25/01/2024

නයිට්‍රජන් වායුව යොදාගනිමින් සිදු කරනු ලබන ලොව ප්‍රථම මරණ දණ්ඩන ක්‍රමය ඇලබාමා හී ඝාතකයෙකුට එරෙහිව අද දින ඇමරිකාවේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව සිටිනවා.

ඉතා කුරිරු සහ වේදනාකාරී දඬුවම් ක්‍රමයක් ලෙස සළකන මෙම මරණ දණ්ඩන ක්‍රමය අද දින 58 හැවිරිදි කෙනත් ස්මිත් ට ලබා දීමට නියමිතයි.

1988 දී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇලබාමා හී කෙනත් ස්මිත් හට මරණ දණ්ඩනය නියම වූ අතර ඒ අනුව 2022 නොවැම්බර් මසදී මාරාන්තික එන්නතක් හරහා මරණ දණ්ඩනය ලබා දීමට නියමිතව සිටියත් පසුව එය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු දිවි ගලවා ගනු ලැබුවා.

ඊයේ දින ශේෂ්ඨාධිකරණය විසින් ස්මිත් ගේ මරණ දණ්ඩනය නැවැත්වීමට ගොනු කර තිබුණු අභියාචනය ප්‍රතික්ශේප කර තිබුණු අතර දැනට ස්මිත් ගේ මරණ දණ්ඩනය සඳහා දින නියම වී තිබෙන්නේ ජනවාරි 25 වන දින බ්‍රහස්පතින්දා ලෙසටයි.

කෙසේ වෙතත් නයිට්‍රජන් වායුව භාවිතා කිරීම බොහෝ පාර්ශව වල දෝෂාරෝපණ වලට හේතු වී තිබෙනවා.

Nitrogen Hypoxia

ස්මිත් සඳහා නයිට්‍රජන් හයිපොක්සියා යොදා ගැනීමට නියමිත අතර නයිට්‍රජන් හයිපොක්සියා යනු, පිරිසිදු නයිට්‍රජන් වායුව හෝ මාරාන්තික වීමට තරම් ඉහළ සාන්ද්‍රණයකින් යුක්ත නයිට්‍රජන් වායුව ආශ්වාස කිරීමේ ක්‍රියාවලියක් වනවා.

මෙහිදී අදාල පුද්ගලයාව ඇඳක අත් පා චලනය කළ නොහැකි ලෙස බැඳ, ඔහුගේ මුහුණට වායු ස්වසන යන්ත්‍රයක් දමා ඒ හරහා නයිට්‍රජන් වායුව ලබා දෙනවා.

රජයේ නිළධාරීන් සඳහන් කර තිබුණේ මෙම ක්‍රමය හරහා ස්මිත් හට වේදනාවක් ඇති ඒය හැකි බවට කිසිදු ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවටයි.

කෙසේ වෙතත් ස්මිත් ගේ නීතිඥයාන් පවසන්නේ මෙම Mask එක හරහා නයිට්‍රජන් ලබා දීමෙන්, ඔහු මිය යනවා වෙනුවට ආඝාතය හෝ වලිප්පුව වැනි තත්වයන් පවා ඇති විය හැකි බවටයි.

මතභේදාත්මක මාර්ගගත සමාජ මාධ්‍ය ආරක්ෂන පණත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ සම්මත වුවහොත් සමාජ මාධ්‍ය සමාගම් රැසක් ජනවාරි 24 වනදා ස...
23/01/2024

මතභේදාත්මක මාර්ගගත සමාජ මාධ්‍ය ආරක්ෂන පණත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ සම්මත වුවහොත් සමාජ මාධ්‍ය සමාගම් රැසක් ජනවාරි 24 වනදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රාජ්‍යය ආයතන සමග සියලු සන්නිවේදන සම්බන්ධතාවන් අවසන් කිරීමට සුදානම් වී තිබෙනවා.

ඒ අනුව Meta,Youtube ,Google,X ,Yahoo,Linkedin ඇතුලු තවත් දැවැන්ත සමාගම් රැසක් ලංකාව සමග සම්බන්ධතාවන් අහොසි කරනු ඇති.

මෙම පණත සම්මත වුවහොත් රටකට සමාජ මාධ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේම නිති අනුව කටයුතු කල හැකියි. නමුත් තාක්ෂනික සමාගම් පවසන්නේ මෙවැන්නක් අවශ්‍ය නොවන බවයි.

රජය මෙම පණත දෙවැනි කියවීම පාර්ලිමේන්තුවේදී අද සිදු කරන අතර එය හෙට දින එනම් බදාදා දින සම්මත වනු ඇති.

AIC එක විසින් පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර පණතේ යෝජිත මතභේදාත්මක නීති සංශෝධනය කරන ලෙස නැවත නැවතත් රජයෙන් ඉල්ලා තිබුණා.

එලෙසම ජනවාරි 8 AIC විසින් පණත ප්‍රතික්⁣ශේප කරමින් කියා සිටියේ සංශෝධනයකින් තොරව පණත පාර්ලිමේන්තුවට ගෙන ගියහොත් ඔවුන් සමග ඇති සහයෝගිතාව බිද වැටිය හැකි බවයි.

ඒ අනුව පණත සම්මත වුවහොත් තාක්ෂනික සමාගම් ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ අංශය,විදුලි සංදේශන කොමිශන් සභාව හා ජනාධිපති කාර්යාලය සමග ඇති සම්බන්ධතාවන් අත්හිටූවීමට ඉඩ තිබෙනවා.

From - newswire
https://www.newswire.lk/2024/01/22/sri-lanka-risks-losing-tech-collaboration-as-social-media-companies-oppose-new-law/ #:~:text=If%20the%20controversial%20Online%20Safety,with%20effect%20from%20January%2024

සඳ තරණය කළ ඉතිහාසයේ පස්වැනි රට බවට පත් වෙමින් ජපානයේ SLIM සාර්ථකව සඳ මතට ගොඩ බැස තිබෙනවා. එක්සත් ජනපදය,රුසියාව, චීනය සහ ...
20/01/2024

සඳ තරණය කළ ඉතිහාසයේ පස්වැනි රට බවට පත් වෙමින් ජපානයේ SLIM සාර්ථකව සඳ මතට ගොඩ බැස තිබෙනවා.

එක්සත් ජනපදය,රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුවයි ජපානය විසින් මෙලෙස සඳ තරණය සාර්ථක කරගෙන තිබුණේ.

Unmanned Smart Lander for Investigating Moon (SLIM) සාර්ථකව සඳ ස්පර්ශ කර තිබුණත් ජපන් බලධාරීන් පවසා තිබුණේ යානයෙහි සූර්‍ය පැනල බලය උත්පාදනය කිරීමට අපොහොසත් වී තිබෙන නිසා සඳ මත යානයෙහි ක්‍රියාකාරකම් කෙටි විය හැකි බවටයි.

ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය (JAXA) පවසා තිබුණේ සිංගප්පුරු වේලාවෙන් ජනවාරි 19 වන දින රාත්‍රී 11.20ට පමණ සඳ මතට පතිත වූවත්, සූර්‍ය පැනල වැරදි ලෙස කෝණ කර තිබෙන නිසා එයට විදුලිය නිපදවිය නොහැකි බවටයි.

ඒ අනුව SLIM Lander එක එහි බැටරිය මත පමණක් රඳා පැවතීම හේතුවෙන් SLIM ගේ දත්ත පෘථිවියට මාරු කිරීමට JAXA කටයුතු කර තිබෙනවා.

සූර්‍යාලෝකය SLIM ගේ සූර්‍ය පැනල මතට පතිත වුවහොත් යානය ක්‍රියාකාරිත්වයට පත් විය හැකි බව JAXA බලධාරීන් සඳහන් කරනවා. කෙසේ වෙතත් දැනට යානය බැටරිය මගින් බලගැන්වෙන්ක් නිසා එහි ක්‍රියාකාරිත්වය පැය කිහිපයකට පමණක් සීමා වන බවද ඔවුන් පවසනවා.

ජපානය විසින් චීනයට එරෙහිව කටයුතු කිරීම සඳහා එක්සත් ජනපදය සමග එක්ව අභ්‍යවකාශ කටයුතු සඳහා විශාළ වශයෙන් දායකත්වයක් ලබා දෙන අතර ඉදිරි වසර කිහිපය තුළ NASA හී ආටෙමිස් වැඩසටහන හරහා ඔවුන්ගේ ගගනගාමියෙකුද සඳ මතට යැවීම සඳහා JAXA අපේක්ශා කරනවා.

read FULL on website :https://cyberyakku.com/japans-slim-moon-craft-short-on-power-after-successful-lunar-landing/

follow us: https://www.facebook.com/Cyberyakku?mibextid=ZbWKwL

join with whatsapp channel : https://whatsapp.com/channel/0029Va5ErMS2phHGA9yWn12X

ඔයත් ඔයාගෙ phone එක, pendrive එක, Hard එක විකුණද්දි ඒකෙ තිබුන Photos ,videos Delete කරනව විතරද..?හුගක් අය හිතන් ඉන්න දෙය...
19/01/2024

ඔයත් ඔයාගෙ phone එක, pendrive එක, Hard එක විකුණද්දි ඒකෙ තිබුන Photos ,videos Delete කරනව විතරද..?

හුගක් අය හිතන් ඉන්න දෙයක් තමා තමන්ගෙ ඩේට ඩිවයිස් එකෙන් Delete කරාම තමා ගන්න පුලුවන් Format කරහම ගන්න බැ කියල. ඒත් ඔයා කොච්චර වතාවක් format කරත් මේ ඩේට ආය ගන්න පුලුවන්.

හිතන්න ඔයා අලුත් ⁣ඩිවයිස් එකක ඩේට store කරනව කියල. පස්⁣සෙ ඔයා ඒ ඩේට Delete කරනකොට ඒව ඇත්තටම Delete වෙන්නෙ නැහැ. ඒ වෙනුවට system එකෙන් ඒ ඩේට වලට Assign කරල තියන Address එක අයින් කරන එක කරන්නෙ. හැබැයි ඩේට ඇත්තටම එතන තියනවා.
තවත් විදියකට කිව්වොත් හිතන්න ඔයාගෙ යාලුවෙක් නිධානයක් හංගල හොහෙහරි.
ඒතනට යන විදිය කොලේක ලියාගෙන තියා⁣න ඉන්නවා. ඔයා එි තැන ගැන දන්නෙ මැප් එකෙ තියන හිංද හැබැයි ඒමැප් එක විනාස කරොත් ඔයා එතනට යන විදිය දන්නෙ නැහැ හැබැයි නිධානෙ තාමත් එතන තියනවා. අන්න ඒ වගේ.

ඔයා Format කරනකොටත් මේ විදියටම ඒ Assign කරල තියන සේරම Address ටික එකපාරම අයින් කරන එක කරන්නෙ. ඊට පස්සෙ මේක අලුතින් write කරන්න පුලුවන් කියල අදුනගන්නව.

අලුතින් ඩේට ආය write කරනකොට හුගක් දුරට කලින් ඩේට ලියපු තැන් උඩම ලියනවා.නැත්තම් වෙන space එකක ලියනවා. Recovery Software වලින් කරන්නෙ මේ normal විසිබල් නැති ඩේට ටික ආපහු ගන්න එක.

ඉතින් ඔයා පාවිච්චි කරපු ෆෝන් එක වෙන කෙනෙකුට දෙද්දි හෝ හදන්න ශොප් එකට දෙද්දි බොහෝදුරට එයාලා මුලින්ම කරන්නෙ ඩිවයිස් එකෙන් ඩේට රිකවර් කරගන්න හදන එක. මේකෙන් තමයි ඔයාගෙ පෞද්ගලික ඡායාරූප වීඩියෝ අන්තර්ජාලයට ලීක් වෙන්නෙ.

ඒක ඔයාගෙ pendrive එක,hard disk එකටත් අදාලයි.

මේකට මොකද කරන්න පුලුවන්.
මේකෙදි ක්‍රම කීපයක් තියනවා.

01. ඩේටා overwrite කරන එක

කලින් ඩේට ලියපු තැන්වලම ඩේට ලිය⁣නකොට නැත්තම් Overwrite කරනකොට ඒව 100%ක්ම ආපහු ගන්න බැරිවෙනවා. මේක Overwrite වෙන ගාන Pattern එක අනුව වෙනස් වෙනවා. මේකට tools අන්තර්ජාලයෙන් ගන්න පුලුවන්.

හැබැයි partially හෝ මෙකෙන් data recover කරගන්න පුලුවන්.

02. Encrypt කරන එක

හොදම option එක තමයි තමන්ගෙ ඩේට තියන ඩිවයිස් එක encrypt කරන එක. Encrypt කරල device එක Format කරහම මේක ආය Recover කරද්දි සමහර වෙලාවට ලොකු වෙලාවක් ගතවෙනවා. ඒත් කොහොම හරි recover කරත් එයාලට Decrypt Key එක නැතුව මේ ඩේට ආපහු කියවන්න පුලුවන් තත්වෙට ගන්න බැහැ.
දැන් තාක්ෂනෙත් එක්ක මේක Decrypt කරන algorithm හැදුවත් මේකට යම් කාලයක් ගතවෙනවා.

Shop එකකට phone එක දෙද්දි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන කලින් ලියපු Post එක මෙතනින් බලන්න.

https://m.facebook.com/story.php?story_fbid=536128751860541&id=100063902630764&mibextid=Nif5oz

read us on website :https://cyberyakku.com

follow us: https://www.facebook.com/Cyberyakku?mibextid=ZbWKwL

join with whatsapp channel : https://whatsapp.com/channel/0029Va5ErMS2phHGA9yWn12X

Lahiru Jay
Ravindu Dilshan
Sahan Nimesha Samarakoon
Chamika Sahan Samarakoon
රවිඳු කරුණාරත්න

ඔයාගෙත් ලගකදි ඉදන් mail එකෙන් ලොග්වෙන්න හදනව කියල notification ආවද..?එයට හේතුව මැතක ඉදන් අන්තර්ජාලය හරහා සංසරණය වෙන මිල...
19/01/2024

ඔයාගෙත් ලගකදි ඉදන් mail එකෙන් ලොග්වෙන්න හදනව කියල notification ආවද..?
එයට හේතුව මැතක ඉදන් අන්තර්ජාලය හරහා සංසරණය වෙන මිලියන 71ක දත්ත ගබඩාවක් බව HIBP හි නිර්මාතෘ වන troy hunt විසින් වාර්තා කරල තිබෙනවා.

Hunt විසින් පැවසුවේ තාක්ෂනික සමාගමක් විසින් බිලියන එකක Credentials එකතුවක් වන Naz.API සම්බන්ධයෙන් ඔහුව සම්බන්ධ කරගත් බවයි.
එලෙසම අනෙකුත් Data කාන්දුවීම් වලදි මෙන් නොව මෙම Dataset එකෙහි මිලියන 25ක password ඇති බව ඔහු පවසනවා.

එලෙසම මෙම Naz.API හි file 319 (104GB) හා Emails 70,840,771ක් අඩංගු වනවා. එලෙසම මෙය Have i been pawned හි රෙජිස්ටර් වී ඇති පුද්ගලයින් 427,308කට බලපා තිබෙනවා.

සොරකම් කරන ලද දත්ත පෙන්වන ඡායාරූපයක් hunt විසින් පලකර තිබු අතර එයට අනුව Facebook,Coinbase,yahoo,yammer ඇතුලු වෙබ් අඩවි ගණනාවක Login details මෙලෙස කාන්දු වී ඇති බව දකින්න පුලුවන්.
එලෙසම සමහර Password කොතරම් සරල ඒවාද යන්නත් දැකගන්න පුලුවන්.

Hunt විසින් මෙහි දැක්වෙන යම් පුද්ගලයින් සම්බන්ධ කර ගත් අතර ඔවුන්ගෙන් අඩක්ම ඒවා නිවරදි බව පවසා තිබුනා. එලෙසම සමහරෙක් පැවසුවේ එම password යාවත්කාලින කර ඇති බවයි.

මෙම දත්ත සියල්ල stealing malware විසින් සොරකම් කල ඒව නොවන අතර පෙර කාන්දු වලදි කාන්දු වු Emailsද මෙහි ඇතුලත් වී තිබෙනවා.

Have I been Pawned ..?

Troy hunt විසින් මෙම Service එක නිර්මාණය කලේ පරිශීලකයන් ට තමන්ගේ Email එක කාන්දු වී ඇත්ද යන්න බලාගැනීමට. ඔයාල පලවෙනි කමේනට් එකේ තියන ලින්ක්එකෙන් ගිහින් තමන්ගෙ Mail එක ගහල බලාගන්න පුලුවන් කාන්දු වෙලා තියනවද..? කාන්දු වෙලානම් ඒ මොන වෙබ් සයිට් වලින්ද කියලා.
ඒවගේම ඒකෙ උඩ තියන Notify me කියන එකෙන් ඔයාගෙ Email එක add කරල Confirm කර තියාගන්න මොකද ඉදිරියෙදි ඔයාගෙ දත්ත කාන්දු වුනොත් මේකෙන් ඔයාට දැනුම්දීමක් ලබාගන්න පුලුවන්.


read us on website :https://cyberyakku.com

follow us: https://www.facebook.com/Cyberyakku?mibextid=ZbWKwL

join with whatsapp channel : https://whatsapp.com/channel/0029Va5ErMS2phHGA9yWn12X

Samsung විසින් එහි නව s24 දුරකථනය සමගින් තවත් සුපිරිම විශේෂාංගයක් හදුන්වල දීල තියෙනවා.ඒ AI තාක්ෂණය යොදාගනිමින්  live in ...
18/01/2024

Samsung විසින් එහි නව s24 දුරකථනය සමගින් තවත් සුපිරිම විශේෂාංගයක් හදුන්වල දීල තියෙනවා.
ඒ AI තාක්ෂණය යොදාගනිමින් live in call language translation විශේෂාංගය එහි නව දුරකථනයට ඇතුලත් කරමින්.

Samsung විසින් එහි Unpacked event එකෙහිදි මෙම AI විශේෂාංගයන් එලිදක්වල තිබුනා.
මේ විශේෂාංගය සමගින් පරිශීලකයන්ට ඔවුන් කතා නොකරන භාෂාවක් කතා කරන අයෙකු සමගින් පවා කතා කිරීමට පහසුකම සලසනවා.

උදාහරණයක් විදියට හිතන්න ඔයාට පිටරට ඉන්න කෙනෙක් එක්ක කතාකරන්න ඕන වෙනවා. එිත් ඔයා English දන්නෙ නැහැ.
අන්න ඒ වෙලාවට call එක ගද්දි අදාල language එක තෝරල මේකෙන් ඔහුත් සමග කතාකරන්න පුලුවන්.

කෝල් එකේදි අපි කතා කරන දේ live translate වෙලා ඔහුගෙ screen එකේ පෙන්නනව වගේම Voice එකක් විදියට අහන්නත් ඉඩ සලසනවා. ඒ වගේම ඔහු පවසන දේත් අපිට සිංහලට translate වෙලා screen පෙන්නව වගේම voice එක අහන්නත් පහසුකම ලැබෙනවා.

ඒවගේම මෙම විශේෂාංගය විසින් අපගේ සියලු contact හි පුද්ගලයින් කතා කරන භාෂාවන් හදුනා ගෙන අප ඇමතුමක් ගන්නා සෑම විටම අදාල language automatically සකසනු ලබනවා.

ඔවුන් පැවසුවේ මෙය දැනට භාෂාවන් 13ක් සදහා text හා audio පහසුකම සපයන බවයි.
එලෙසම මෙම translation ඩිවයිස් එක තුලම සිදුවන බැවින් පෞද්ගලිකත්වයද ආරක්ෂා වන බව පවසා තිබුණා.

තවදුරටත් ඔවුන් translation විශේෂාංගය කී බොර්ඩ් එකටද ඇතුලත් කර ඇති අතර කෙලින්ම අප ටයිප් කරන වචනය මෙයින් translate කර ගත හැකියි.
එලෙසම Samsung විසින් මිතුරන් සමග Text කරන විට casual ලෙස හෝ වැඩ කරන විට Formal ලෙස ටයිප් කිරීම සදහා විවිද communication style
ද හදුන්වා දී තිබෙනවා.

read us on website :https://cyberyakku.com

follow us: https://www.facebook.com/Cyberyakku?mibextid=ZbWKwL

join with whatsapp channel : https://whatsapp.com/channel/0029Va5ErMS2phHGA9yWn12X

පුරාවිද්‍යා පර්යේෂකයන් විසින් ඉක්වදෝරයේ ඇමේසන් වැසි වනාන්තරයේ සශ්‍රීක වෘක්ෂලතාවන් තුල සැගව තබූ වසර 3000ක් පමණ පැරණි නගරය...
17/01/2024

පුරාවිද්‍යා පර්යේෂකයන් විසින් ඉක්වදෝරයේ ඇමේසන් වැසි වනාන්තරයේ සශ්‍රීක වෘක්ෂලතාවන් තුල සැගව තබූ වසර 3000ක් පමණ පැරණි නගරයක් සොයාගත් බව BBC විසින් වාර්තා කර තිබෙනවා.

Upano මිටියාවතේ පිහිටා ඇති මෙම පැරණි නගරය මාර්ග හා ඇළ මාර්ග ජාලයකින් සම්බන්ධ වූ අන්තර් සම්බන්ධිත නිවාස හා ප්ලාසා වලින් සමන්විත වී තිබෙනවා.
ආලෝකය භාවිතා කරමින් දුර මැනීම සදහා භාවිත කරන දුර මැනීමේ ක්‍රමයක් වන LiDAR භාවිත කරමින් සිදු කල පරීක්ෂණයෙන් කිලෝමී⁣ටර 300ක ප්‍රදේශයක් තුල උස් වූ පස් බැමි 6000කට වැඩි ප්‍රමාණයක් අනාවරණය කරගෙන තිබෙනවා.

වසර 3000ත් 1500ත් අතර පැරණි යැයි ඇස්තමේන්තු කර ඇති මෙම නගරය ඇමසෝනියානු සංස්කෘතින්හි අදහස් වෙනස් කරන බව පර්යේෂනයට නායකත්වය දුන් ප්‍රංශයේ මහාචාර්ය ස්ටීවන් රොස්ටේන් පවසා තිබෙනවා.
එලෙසම ඇන්ටොයින් ඩොරිසන් පවසා තිබුනේ නගරය වසර 1000ක් දක්වා ඇමසෝනියානු ඉතිහාසයේ කැපී පෙනෙන පරිච්ඡේදයක් සනිටුහන් කරන බවයි.

read us on website :https://cyberyakku.com

follow us: https://www.facebook.com/Cyberyakku?mibextid=ZbWKwL

join with whatsapp channel : https://whatsapp.com/channel/0029Va5ErMS2phHGA9yWn12X

IDC හි වාර්තාවකට අනුව  වසරකට වැඩිම Smartphone නැව්ගත කල සමාගම් අතරින් සැම්සුන්ග් පරාජය කරමින් ඇපල් 2023 වසර සදහා පලමු ස්...
17/01/2024

IDC හි වාර්තාවකට අනුව වසරකට වැඩිම Smartphone නැව්ගත කල සමාගම් අතරින් සැම්සුන්ග් පරාජය කරමින් ඇපල් 2023 වසර සදහා පලමු ස්ථානයට පත්ව තිබෙනවා.

එලෙසම මෙය 2010න් පසු වෙනත් සමාගමක් විසින් Samsung පසු කල පලමු අවස්ථාවයි.

ඇපල් විසින් පසුගිය වසරේදී මුලු ජංගම දුරකථන මිලියන 234.6ක් නැව්ගත කල අතර සැම්සුන්ග් දුරකථ මිලියන 226.6ක් නැව්ගත කරමින් ලිස්ට් ⁣එකේ දෙවන ස්ථානයට පසුබැස තිබෙනවා.

අවසන් වරට samsung දෙවන ස්ථානයෙහි සිටියේ 2010 වසරෙිදියි. එහිදි දුරකථන මිලියන 453 සමගින් Nokia පලමු තැන ලබාගෙන තිබුනා. Samsung නැව්ගත කර තිබුනේ මිලියන 280.2 පමණයි.

IDC report : https://www.idc.com/getdoc.jsp?containerId=prUS51776424

Address

''Cyber Yakku''

Alerts

Be the first to know and let us send you an email when Cyber Yakku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cyber Yakku:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share