Hadisi News

Hadisi News Hadisi News Most visited website in Sri Lanka, Sri Lanka Latest news updates from Sri Lanka. Sri Lan

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල් රජයේ කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට තීරණය කෙරේnews timer මාර් 20 ප.ව. 7:19Sri La...
20/03/2023

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල් රජයේ කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට තීරණය කෙරේ
news timer මාර් 20 ප.ව. 7:19

Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙය සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම් සඳහන් කරන්නේ.

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම්වන Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC විසින් මේ බව නිවේදන නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල දැනුවත් කර තිබෙනවා.

අදාළ නිවේදන පහතින්.

Elon Musk ට ලොව ධනවත්ම පුද්ගලයාගේ ස්ථානය අහිමිවෙයි Elon Musk ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මෙතෙක් තිබූ ස්ථානය අහිමි වී ගොස් ඇත...
14/12/2022

Elon Musk ට ලොව ධනවත්ම පුද්ගලයාගේ ස්ථානය අහිමිවෙයි

Elon Musk ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මෙතෙක් තිබූ ස්ථානය අහිමි වී ගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමෙහි කොටස් මිල වේගයෙන් පහළ යෑමත් සමඟ මෙම තත්ත්වය සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව Forbes සහ Bloomberg වාර්තාවලට අනුව Elon Musk අභිබවා LVMH සමාගමේ ප්‍රධාන විධායක වන Bernard Arnault ලොව ධනවත්ම පුද්ගලයාගේ ස්ථානයට පැමිණීමට සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.

බර්නාඩ් ආර්නොල්ට් සතු වත්කම් වල වටිනාකම ඩොලර් බිලියන 188 ක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

T20: ඇෆ්ගන් - අයර්ලන්ත තරඟය අතහැර දැමේමෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 01 කාණ්ඩයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා අයර්...
28/10/2022

T20: ඇෆ්ගන් - අයර්ලන්ත තරඟය අතහැර දැමේ

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 01 කාණ්ඩයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණ බැඟින් ලබාදී තිබෙනවා.

Twitter සමාජ මාධ්‍ය ජාලයේ අයිතිය Elon Musk හිමිකර ගනීTesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් Twitter සමාජ ජ...
28/10/2022

Twitter සමාජ මාධ්‍ය ජාලයේ අයිතිය Elon Musk හිමිකර ගනී

Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් Twitter සමාජ ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකානු ඩොලර් බිලියන 44 ක් වැයකරමින් Twitter ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු මෙලෙස එහි හිමිකාරීත්වය තතවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තැපැල් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි අගෝ 15 පෙ.ව. 8:16සංශෝධනය කරන ලද තැපැල් ගාස්තු අද (15) සිට ක්‍රියාත්මක කිරීමට ...
15/08/2022

තැපැල් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි
අගෝ 15 පෙ.ව. 8:16

සංශෝධනය කරන ලද තැපැල් ගාස්තු අද (15) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සඳහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි.

එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 60ක් දක්වා ඉහළ දැමෙන අතර පුණ්‍යාතන සහ ස්වෙච්ඡා සංවිධාන සඳහා සහන ගාස්තු මත ලිපි තැපැල් කිරීමට ලබාදෙන පහසුකම යටතේ උපරිමය ග්‍රෑම් 20 දක්වා වු ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 12 සිට 30 දක්වා සංශෝධනය කර තිබෙනවා.

සංශෝධිත ගාස්තු ඇතුළත් ගැසට් නිවේදනය පහතින්,

මාස 6න් රට ගොඩගත හැකි නම් අගමැති ධුරය අනුරට බාරදෙන්න සූදානම් - රනිල්ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට මාස 6ක් ත...
05/07/2022

මාස 6න් රට ගොඩගත හැකි නම් අගමැති ධුරය අනුරට බාරදෙන්න සූදානම් - රනිල්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට මාස 6ක් තුළ ආර්ථිකය ගොඩනැගීමට හැකිනම්, ඒ සඳහා ඉඩ ලබාදී තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආර්ථික වර්ධන වේගය ඍණ 6ක් 7ක් දක්වා පහත වැටුනු රටක්, මාස 6ක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන ඒම මෙතෙක් ලොව කිසිඳු රටක සිදු වී නොමැති වුවද, එසේ වී නොමැති යයි කියා අනුර කුමාර මන්ත්‍රීවරයාගේ අදහස් බැහැර කළ නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

විපක්ෂයේ විරෝධය හමුවේ ජනපති පාර්ලිමේන්තුවෙන් පිටව යයිජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටත්ව ගිය බව සමග...
05/07/2022

විපක්ෂයේ විරෝධය හමුවේ ජනපති පාර්ලිමේන්තුවෙන් පිටව යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටත්ව ගිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශය අතරතුර විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරත වූ අතර එම විරෝධතා අතරතුර ජනාධිපතිවරයා පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

27/06/2022

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව ජුලි 10 වනදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර අනෙකුත් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තිරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

පාසල් කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පාසල් ප්‍රධානීන්ට ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේපවතින ඉන්ධන අර්බුදය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳ...
16/06/2022

රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

පවතින ඉන්ධන අර්බුදය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාස 3 ක කාලයක් නිවසේ සිට ගෙවත්තේ ආහාර බෝග වගා කිරීම සඳහා මෙලෙස නිවාඩු ලබා දෙන බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

කෙසේ නමුත් ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් තොටුපොළ ආදී අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සහ අමාත්‍යංශ ලේකම්වරයෙකු විසින් සිකුරාදා දිනයේ විවෘතව තැබිය යුතු බවට තීරණය කරන ආයතන මෙයට ඇතුළත් නොවන බවද එහි සඳහන්.

අදාළ චක්‍රලේඛය පහතින්,

අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුවේදී රංජන්ට අත්හිටවූ සිරදඬුවමක්හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර ...
07/06/2022

අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුවේදී රංජන්ට අත්හිටවූ සිරදඬුවමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර තිබූ දෙවන අධිකරණයට අපහාස කිරීමේ නඩුවට ඔහු වැරදිකරු බව තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ඔහුට වසර 2 ක සිරදඬුවමක් නියම කර එය වසර 5 කට අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ දෙවැනි නඩුවේදී රන්ජන් රාමනායක අධිකරණය හමුවේ සිය වරද මීට පෙර පිළිගත්තා.

2018 වසරේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සංයුතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව නොනුකර තිබුණා.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී රාමනායක තවත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වූ අතර ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් මේ වනවිට නියමවී දඬුවම් විඳිමින් සිටිනවා.

අද කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්අද කොළඹ 01 සිට 10 දක්වා සහ කඩුවෙල යන ප්‍රදේශවලට අඩු පීඩනයක් සහිතව ජලය සපයන බ...
04/06/2022

අද කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද කොළඹ 01 සිට 10 දක්වා සහ කඩුවෙල යන ප්‍රදේශවලට අඩු පීඩනයක් සහිතව ජලය සපයන බව ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය පවසන්නේ අද (04) රාත්‍රී 09 සිට හෙට උදෑසන 06 දක්වා මෙලෙස එම ප්‍රදේශ වෙත අඩුපීඩනයක් යටතේ ජලය සපයන බවයි.

කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ, විජේරාම යන ප්‍රදේශ සහ නුගේගොඩ මංසන්ධියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ඇති මාර්ගයේ ජල සැපයුම අද (04) රාත්‍රී 10 සිට හෙට අලුයම 05 දක්වා ද විසන්ධි කිරීමට නියමිතයි.

අන්තර්කාලීන අයවැය තුළින් බදු ප්‍රතිශතය යළි ඉහළටඅන්තර්කාලීන අයවැය තුළින් නැවත බදු ප්‍රතිශතය ඉහළ දැමිමට කටයුතු කරන බව අග්‍...
26/05/2022

අන්තර්කාලීන අයවැය තුළින් බදු ප්‍රතිශතය යළි ඉහළට

අන්තර්කාලීන අයවැය තුළින් නැවත බදු ප්‍රතිශතය ඉහළ දැමිමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමෙන් පසු චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමක් සඳහා කටයුතු කරන බවයි.

එසේම අන්තර්කාලීන අයවැය තුළින් සෞඛ්‍ය සේවයේ, අධ්‍යාපන ක්ෂේත්‍රය හැර අනෙකුත් අංශවල වියදම් කපා හරින බවද, එලෙස කපා දමන මුදල් සමාජ සුබසාධනය සඳහා යොමු කරන බව​ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නව යුද හමුදාපතිවරයා ලෙස විකුම් ලියනගේ පත්කෙරේවත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනර‍ාල් විකුම් ලියනගේ මීළඟ හමුදා...
26/05/2022

නව යුද හමුදාපතිවරයා ලෙස විකුම් ලියනගේ පත්කෙරේ

වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනර‍ාල් විකුම් ලියනගේ මීළඟ හමුදාපතිවරයා වශයෙන් පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු ජූනි 01 වනදා නව යුද හමුදාපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිතයි.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින යුද හමුදාපති ධූරයෙන් නික්මෙන පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැගෙන ගියා - නාවික හමුදාපතිආරක්ෂාව සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රි...
11/05/2022

මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැගෙන ගියා - නාවික හමුදාපති

ආරක්ෂාව සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පවසනවා.

පසුගියදා අරලිය ගහ මන්දිරය අසළ ඇතිවූ සිදුවීමත් සමඟ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ එම ස්ථානයේ රැඳී සිටීම සුදුසු නොවන නිසා, ඔහුගේ ආරක්ෂාවට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කළේ.

මෙලෙස හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගියේ තාවකාලිකව බවත්, පවතින තත්ත්වය යහපත් වූ පසුව ඔහු කැමති ස්ථානයකට පිටත් කර හරින බවයි අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ නගරය අවට සන්නද්ධ රථ යොදවයිකොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට හමුදා භට පිරිස් සහ සන්නද්ධ රථ යොදවා ඇති බව වාර්තා වෙනවා.ඊට අමත...
11/05/2022

කොළඹ නගරය අවට සන්නද්ධ රථ යොදවයි

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට හමුදා භට පිරිස් සහ සන්නද්ධ රථ යොදවා ඇති බව වාර්තා වෙනවා.

ඊට අමතරව අතුරුගිරිය, ගොඩගම, හෝමාගම ප්‍රදේශවල ජංගම මුර සංචාර සඳහා සන්නද්ධ රථ ද යොදවා ඇති ආකාරය දක්නට ලැබෙනවා.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ ආකාරයෙන් සන්නද්ධ රථ සහ භට පිරිස් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඇඳිරි නීතිය පැනවීම නිසා තෙල් බෙදාහැරීමේ කටයුතු ඇණහිටීදිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් තෙල් බෙදාහැරීමේ කටයුතු ඇණහි...
11/05/2022

ඇඳිරි නීතිය පැනවීම නිසා තෙල් බෙදාහැරීමේ කටයුතු ඇණහිටී

දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් තෙල් බෙදාහැරීමේ කටයුතු ඇණහිට ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සම ලේකම් ශාන්ත සිල්වා සඳහන් කරන්නේ ආරක්ෂක හේතූන් මත ටැංකි රථ නිකුත් කිරීම සීමා කර ඇති බවත් අත්‍යවශ්‍ය හේතුන් මත පමණක් ආරක්ෂාව යටතේ ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බවයි.

රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට සූදානම් - අනුර කුමාරවත්මන් දේශපාලන අර්බුදය, අරාජිකත්වය නිමකරමින් රට නව මඟකට ගැනීමේ වගක...
11/05/2022

රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට සූදානම් - අනුර කුමාර

වත්මන් දේශපාලන අර්බුදය, අරාජිකත්වය නිමකරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව අනුර කුමාර දිසානායක පවසනවා.

රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය විසඳීම සඳහා පහත කරුණු වලින් සමන්විත යෝජනාවලියක් අද (11) ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර ති⁣බෙනවා.

1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම සිය ධූරයෙන් ඉවත්විය යුතුයි.

2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්ත්වයක් තුළ කථානායකවරයා තාවකාලිකව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුතුයි.

3. වර්තමාන ආණ්ඩුවත්, වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින් ආණ්ඩුව පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින් ද මාස 6ක් තුළ නව ජනවරමකින් නව ආණ්ඩුවක් පිහිටවිය යුතුයි.

(අ) ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස ක්ෂණික මැතිවරණයක් සඳහා යෑමට නොහැකි නම් ඒ කාලය සඳහා රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බැවින් ඒ සඳහා අවශ්‍ය වන සහාය අනික් පක්ෂවලින් ලබාදිය යුතුයි.

(ආ) එසේ අනෙකුත් දේශපාලන පක්ෂවල එකඟතාවක් නොලැබෙන්නේ නම් කෙටි කාලයක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම හා එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්ෂයේ සිට සහාය ලබාදීම.

ඉහත ආකාර දෙකෙන් එකකින් පත්වන තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුව ඉටුකළ යුතු කටයුතුද ඔවුන් යෝජනා කර තිබෙනවා.

සම්පූර්ණ යෝජනාවලිය පහතින්.

ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් පළවන වාර්තා අසත්‍යයිඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් පළවන වාර...
11/05/2022

ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් පළවන වාර්තා අසත්‍යයි

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය ඇති කිරිම සඳහා ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා ඊයේ (10) සඳහන් කළා.

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි Twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ව්‍යවස්ථාපිත ප්‍රකෘති තත්ත්වය යළි ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාව සිය හමුදා යැවිය යුතු බවයි.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා සුබ්‍රමනියන් ස්වාමි පළ කළ Twitter සටහන් පහතින්,

ඇමැති නිවෙස්වල තිබී ගෑස් සිලින්ඩර තොග සහ පොහොර මිටි තොග හමුවෙයිකුරුණෑගල දිස්ත්‍රික් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ...
11/05/2022

ඇමැති නිවෙස්වල තිබී ගෑස් සිලින්ඩර තොග සහ පොහොර මිටි තොග හමුවෙයි

කුරුණෑගල දිස්ත්‍රික් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසේ තිබී ගෑස් සිලින්ඩර් 80 ක් හා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්තගේ නිවෙස්වල තිබී ගෑස් සිලින්ඩර 140 ක් හමු වී ඇති බව අද ජාතික පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මේ අතර, උතුරු මැද හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ නිවසේ තිබී යූරියා මිටි 400 ක් හමු වී ඇති බව ද, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ නිවසේ තිබී පොහොර, ඩීසල්, වී සහ පරිප්පු තොග හමුවූ බව ද එම පුවත්පත් වාර්තාවල සඳහන් වෙනවා.

පෙරේදා (09) රටපුරා ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් පසුව මේවා සොයාගෙන ඇති බවත්, පසුව විරෝධතාකරුවන් විසින් ගොවීන්ට එම පොහොර මලු ආදිය බෙදාදී ඇති බවත් එම වාර්තාවල සඳහන්.

ගෝඨාභය ඉල්ලා අස්වුනොත් සජිත් නව ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් - කිරිඇල්ලගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉ...
11/05/2022

ගෝඨාභය ඉල්ලා අස්වුනොත් සජිත් නව ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් - කිරිඇල්ල

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වුවහොත් පමණක්, සජිත් ප්‍රේමදාස නව ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දේශීය හා ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

O/L විභාගය ඇරඹෙන දිනයේ වෙනසක් නැහැ - විභාග කොමසාරිස්අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණය...
11/05/2022

O/L විභාගය ඇරඹෙන දිනයේ වෙනසක් නැහැ - විභාග කොමසාරිස්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන 23 වන දා සිට විභාගය ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන සඳහන් කළා.

වාහන සඳහා පනවා තිබූ ඉන්ධන සීමාවන් ඉවතටමෝටර් රථ, ත්‍රිරෝද රථ, යතුරුපැදි, වෑන් රථ සහ SUV රථ සඳහා පනවා තිබූ සීමාවන් ද ඉවත් ...
19/04/2022

වාහන සඳහා පනවා තිබූ ඉන්ධන සීමාවන් ඉවතට

මෝටර් රථ, ත්‍රිරෝද රථ, යතුරුපැදි, වෑන් රථ සහ SUV රථ සඳහා පනවා තිබූ සීමාවන් ද ඉවත් කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* පෙට්‍රල් 92 - රු.84 කින් (නව මිල රු.338)

* පෙට්‍රල් 95 - රු.90 කින් (නව මිල රු.373)

* ඔටෝ ඩීසල් - රු.113 කින් (නව මිල රු.289)

* සුපර් ඩීසල් - රු.75 කින් (නව මිල රු.329)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි අප්‍රේල් 19 පෙ.ව. 8:28ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව ගාල්ල කොළඹ ප්...
19/04/2022

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි
අප්‍රේල් 19 පෙ.ව. 8:28

ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මේ වන විට පෞද්ගලික බස් රථ ධාවකයින් විරෝධතාවක නිරත වනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

පුද්ගලික ආයතනයකට නිකුත් කර තිබූ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවයිප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත...
31/03/2022

පුද්ගලික ආයතනයකට නිකුත් කර තිබූ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවයි

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත් කර ඇති බලපත්‍රය අද (31) දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එහිදී බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිලදී ගන්නා බව අනාවරණය වී ඇති අතර ඒ අනුවයි මෙලෙස ඔවුන්ගේ බලපත්‍රය අවලංගු කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
මාර් 31

අප්‍රේල් 02 න් පසු විදුලි කප්පාදු කරන පැය ප්‍රමාණය අඩු කළ හැකියි - පවිත්‍රා වන්නිආරච්චි මාර් 31මේ වන විට මෙරට ජල විදුලි ...
31/03/2022

අප්‍රේල් 02 න් පසු විදුලි කප්පාදු කරන පැය ප්‍රමාණය අඩු කළ හැකියි - පවිත්‍රා වන්නිආරච්චි
මාර් 31

මේ වන විට මෙරට ජල විදුලි නිෂ්පාදනය සියයට 20 දක්වා පහත වැටී ඇති බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

මෙරට විදුලි පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය බලාගාර ඉදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවත්, ඒ අනුව සොබා දනවී LNG විදුලි බලාගාරයෙන් 2023 වසරේදී මෙගා වොට් 200 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරිය සඳහන් කළා.

අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති ප්‍රදේශවල විදුලිය ලැබෙන රැහැන්වලට සම්බන්ධව ඇති නිවාස ඇතුළු අනෙකුත් ස්ථානවල විදුලිය, භූමියට ගොස් විසන්ධි කිරීමේ නව වැඩපිළිවෙළක්ද ආරම්භ කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා.

එසේම ලබන අප්‍රේල් 02 වන දින ඉන්දීය ණය ගිවිසුම හරහා තවත් ඩීසල් නෞකාවක් ලැබෙන අතර එය ලැබුණු පසු විදුලිය කප්පාදු කිරීමේ පැය ප්‍රමාණය අඩු කළ හැකි බවයි විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

අද ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මේ බව සඳහන් කළා.

මහජන ප්‍රතිචාර

යුක්රේන ජනතාව ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට විරුද්ධව මුකුත් කිවුවේ නෑ - සහන් ප්‍රදීප් මාර් 31පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳ...
31/03/2022

යුක්රේන ජනතාව ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට විරුද්ධව මුකුත් කිවුවේ නෑ - සහන් ප්‍රදීප්
මාර් 31

පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විශාල උත්සාහයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසනවා.

යුක්රේන ජනාධිපතිවරයා ගත් වැරදි තීන්දුව හේතුවෙන් අද යුක්රේනයට විශාල හානියක් සිදු වුවද එරට ජනතාව ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට විරුද්ධව කිසිවක් ප්‍රකාශ නොකළ බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේද අඩුපාඩු ඇති බවත් ගෑස් සහ තෙල් ලැබීමට යම් ප්‍රමාදයක් ඇති වී ඇති නමුත් මිනිසුන් ජීවත් වන බවයි සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මරණ දඬුවම නියමවී සිටි ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කෙරේමරණ දඬුවම නියමවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්...
31/03/2022

මරණ දඬුවම නියමවී සිටි ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කෙරේ
මරණ දඬුවම නියමවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති ප්‍රචාරක රැළියක සැරසිලිවල යෙදී සිටි ආධාරකරුවන්ට වෙඩිතබා එක් පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු ඇතුළු තිදෙනෙකුට චෝදනා එල්ලවී තිබුණා.
මාර් 31

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලපිටිය ප්‍රදේශයෙන් අවහිර වෙයිඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්...
31/03/2022

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලපිටිය ප්‍රදේශයෙන් අවහිර වෙයි

ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලපිටිය ප්‍රදේශයෙන් අවහිරවී තිබෙනවා.
මාර් 31

සැලසුම් කළ පරිදි සියලු විභාග පැවැත්වීමට පියවර ගන්නවා - අධ්‍යාපන ඇමතිවිභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාස...
31/03/2022

සැලසුම් කළ පරිදි සියලු විභාග පැවැත්වීමට පියවර ගන්නවා - අධ්‍යාපන ඇමති

විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසිවල ගැටලුවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව සැලසුම් කළ පරිදි සියලු විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ වසර තුළ විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර සිසුන් දස දහසක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බවයි අස්ගිරි මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.
මාර් 31

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරය...
31/03/2022

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස තිලක් ප්‍රේමකාන්ත පත්කර තිබෙනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ ෂර්මිලා රාජපක්ෂ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා මොහු එලෙස පත් කර ඇති බවයි අමාත්‍ය සී.බී රත්නායක සඳහන් කළේ.
මාර් 31

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hadisi News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share