Yugaya - යුගය

Yugaya - යුගය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yugaya - යුගය, News & Media Website, Sri Jayewardanepura Kotte.

01/07/2024

🔴ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙයි

NEWS ALERT: දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් (91) අභාවප්‍රාප්ත වෙයි.
30/06/2024

NEWS ALERT: දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් (91) අභාවප්‍රාප්ත වෙයි.

🔴අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටෙන් 92 පෙට්‍රල් රුපියල් 11 කින්ද ඔක්ටෙන් 95  පෙට්‍රල් රුපියල් 41 කින්ද සුපර් ඩීසල් රුපියල් ...
30/06/2024

🔴අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටෙන් 92 පෙට්‍රල් රුපියල් 11 කින්ද ඔක්ටෙන් 95 පෙට්‍රල් රුපියල් 41 කින්ද සුපර් ඩීසල් රුපියල් 22 කින්ද අඩු වෙයි..

04/06/2024

🛑 අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 150කින් පහළට - ලිට්රෝ සමාගම

අද(31) මධ්‍යම රාත්‍රියේ සිට, 92 පෙට්‍රල් ලීටරයක් රු. 13 කින්, ඔටෝ ඩීසල් ලීටරයක් රු.16 කින්, භූමිතෙල් ලීටරයක් රු. 13 කින්...
31/05/2024

අද(31) මධ්‍යම රාත්‍රියේ සිට, 92 පෙට්‍රල් ලීටරයක් රු. 13 කින්, ඔටෝ ඩීසල් ලීටරයක් රු.16 කින්, භූමිතෙල් ලීටරයක් රු. 13 කින් පහළට
95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිලේ වෙනසක් නැත - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

22/05/2024

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් Aura Lanka ආයතනයේ සභාපති විරංජිත් තඹුගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

20/05/2024

Breaking News හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට.. -20/05/2024

🔴 හිටපු යුද හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි.
17/05/2024

🔴 හිටපු යුද හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි.

2024.05.09ජනාධිපතිවරණ ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 16 අතර කාලයේ දී පැවැත්වේ- මැතිවරණ කොමිෂන් සභාව      ...
09/05/2024

2024.05.09
ජනාධිපතිවරණ ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 16 අතර කාලයේ දී පැවැත්වේ
- මැතිවරණ කොමිෂන් සභාව

07/05/2024

BREAKING NEWS-ශ්‍රීලනිප සභාපති ධුරය ගැන ඇමති විජයදාසගේ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි...

05/05/2024

🔺වයස අවුරුදු 60 ඉක්මවීමෙන් පසු විශ්‍රාම ගිය රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ අධිකරණ නිලධාරීන් හට තීරු බදු සහන සහිත වාහන ආනයන
බලපත්‍ර ලබාදීමේ තීරණයක්.. - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය -

01/05/2024
🟥 අගවිනිසුරුවරයා හැර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම හෝ යෝජනා කිරීම තහනම් කරමින්, ඔක්තෝබර් 04 වැනිදා තෙක් බලපැවැ...
30/04/2024

🟥 අගවිනිසුරුවරයා හැර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම හෝ යෝජනා කිරීම තහනම් කරමින්, ඔක්තෝබර් 04 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි ජනපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්.

25/04/2024

🟥 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබේ.

25/04/2024

මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධව සිදු කළ විමර්ශනයකට අත්අඩංගුවට ගෙන සිටි උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදා හැර තිබෙනවා

24/04/2024

🟥 BK :- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති විජේදාස රාජපක්ෂට සහ වැඩබලන ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්තට ධුරවල කටයුතු කිරීම වළක්වාලමින්, අධිකරණ නියෝගයක්.

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.63 වැනි වියෙහි පසුවූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ...
22/04/2024

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

63 වැනි වියෙහි පසුවූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (22) අලුයම අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

21/04/2024

Breaking News අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරයට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ජීවිතක්ෂයට පත්වී තිබේ.
16/04/2024

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ජීවිතක්ෂයට පත්වී තිබේ.

සුරාබදු මාධ්‍ය නිවේදනය.අප්‍රේල් මස මත්පැන් විකිණීම සඳහා වු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීම.
07/04/2024

සුරාබදු මාධ්‍ය නිවේදනය.

අප්‍රේල් මස මත්පැන් විකිණීම සඳහා වු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීම.

මෛත්‍රීට ශ්‍රීලනිප සභාපති ධුරය තහනම් කෙරේ !!
04/04/2024

මෛත්‍රීට ශ්‍රීලනිප සභාපති ධුරය තහනම් කෙරේ !!

ඉන්ධන මිල සුත්‍රය Fuel Pricing Formula 2024 වසරේ මාර්තු මස 31 වන දින සිදුකල ඛනිජ තෙල් නීතිගහ සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයට...
02/04/2024

ඉන්ධන මිල සුත්‍රය
Fuel Pricing Formula

2024 වසරේ මාර්තු මස 31 වන දින සිදුකල ඛනිජ තෙල් නීතිගහ සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයට අදාල ඉන්ධන ආනයන සහ බෙදාහැරීමේ වියදම් සාරාංශය පහත පරිදි වේ.

1. ඔටෝ ඩීසල්, පෙට්‍රල් 92 සහ භූමිතෙල් සදහා පිරිපහදුවේ සේවා ගාස්තු ඇතුලත් වේ. මෙම වසරේ ජනවාරි මස පලවෙනිදා සිට පිරිපහදුවේ නිෂ්පාදනය වෙනුවෙන් වැට් බදු ඇතුලත් වන අතර පිරිපහදුවේ ලාභ හෝ අලාභ පිරිපහදුවේ නිෂ්පාදනය සදහා ගණනය වී ඇත. සුපිරි ඩීසල් හා පෙට්‍රල් 95 පිරිපහදුව මගින් නිෂ්පාදනය නොවේ.

2. මිල සූත්‍රය අනුව එක් එක් ඉන්ධන වර්ගය වෙනුවෙන් පවත්වාගත හැකි උපරිම ලාභය 4%ක් වේ.

3. ඒ අනුව මෙම මාසයේ සංශෝධනයේදී පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් වෙනුවෙන් උපරිම ලාභාංශය වන 4% එකතු කර නැත. 4%ක උපරිම ලාභය ගණනය වූයේ නම් පෙට්‍රල් 92 හා ඔටෝ ඩීසල් මිල ඉහල යා යුතුව තිබිණ. සුපර් ඩීසල් සහ 95 පෙට්‍රල් වෙනුවෙන් උපරිම 4% ලාභාංශය ආදේශ කර ඇත.

4. භූමිතෙල් සදහා 4% හෝ කිසිම ලාබයක් එකතු නොකෙරේ.

5. මාසය පුරා ආනයනය කල ඉන්ධන වෙනුවෙන් සත්‍ය වශයෙන් ගෙවූ අමෙර්කානු ඩොලර්වලට අදාලව ඇමරිකානු ඩොලරයේ මධ්‍ය අගය අනුව රුපියලේ වටිනාකම ඉන්ධන මිල සූත්‍රයට ඇතුලත් කර ඇත.

6. කිසිදු ඉන්ධන වර්ගයක් වෙනුවෙන් ඇති ලාභය හෝ අලාභය, මිල සූත්‍රයට අනුව වෙනත් ඉන්ධන වර්ගයක් වෙනුවෙන් ආදේශ කිරීමක් හෝ පියවා ගැනීමක් සිදු කල නොහැක.

CPC fuel cost break down after the price revision on 31st March 2024 is below.

1. Refinery cost has an impact on Auto Diesel, 92 petrol and Kerosine. VAT is applicable for Refinery products as well from the 1st of January. Refinery gains and losses are calculated on the above products. Refinery does not produce Super Diesel or 95 Petrol.

2. Formula allows for a maximum profit margin of 4% on all products.

3. Auto Diesel and 92 Petrol full profit margins are not applied to maintain prices. If a full 4% profit margin is applied a price increase was due on Auto diesel and 92 Petrol. Full profit margin of 4% is applied to Super Diesel and 95 Petrol.

4. Profit margins are not applied for Kerosine.

5. USD rates are calculated at the average monthly rate at which actual purchases were done during the month.

6. Another products gains or losses cannot be passed on to any other product. Cost reflective pricing formula applies individually to each product.

31/03/2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 7 කින් සුපර් ඩීසල් රුපියල් 72 කින්ද, භූමිතෙල් රුපියල් 12 කින් පහළට

30/03/2024

Breaking news මහින්ද අමරවීර , ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක නිදහස් පක්ෂ තනතුරුවලින් ඉවතට.

IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්ද නෑ, ජනපති කෙළින් ම කියයි!ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිස...
30/03/2024

IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්ද නෑ, ජනපති කෙළින් ම කියයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වේ.
රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථාවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

28/03/2024

සහල් බද්ද රුපියල් 65 සිට රුපියලට අඩු කෙරේ !

ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ...
28/03/2024

ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

ඒ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්වුණි.

ශ්‍රී මහා බෝධියේ සේවයේ නිරත පොලිස් නිලධාරීන්ට නව නිල ඇඳුමක්
25/03/2024

ශ්‍රී මහා බෝධියේ සේවයේ නිරත පොලිස් නිලධාරීන්ට නව නිල ඇඳුමක්

මුදල් නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.ඒ වර්තමානයේ න...
20/03/2024

මුදල් නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ වර්තමානයේ නව ප්‍රවණතාවක් ලෙස දැකිය හැකි විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම උදෙසා වලංගු මුදල් නෝට්ටු භාවිතා කිරීමත්, ඊට සමාජ මාධ්‍ය තුළ ලබා දී ඇති ඉහළ ප්‍රවර්ධන දායකත්වයත් සැලකිල්ලට ගනිමින්.

එම ප්‍රකාශයෙන් දැඩිව අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පිළිබඳ සම්මතයන් ඉක්මවා යන්නන් හට දැඩි දඬුවම් හිමිවන බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනය පහතින්

Address

Sri Jayewardanepura Kotte

Alerts

Be the first to know and let us send you an email when Yugaya - යුගය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yugaya - යුගය:

Videos

Share


Other News & Media Websites in Sri Jayewardanepura Kotte

Show All