Iravana - iරාවණ

Iravana - iරාවණ වේයගේ කාලේ ඉදන්ම මම මොනවදෝ හොයනවා.ජීවිතේ හැටි එහෙමයි.එලියක් ලැබුනත් නැතත් මෙරුවෝ කොහොමත් මැරෙනවා? open to all feelings

😒
15/01/2025

😒

සමහරවිට හැමදේම එපා වෙලා වගේ දැනෙන්නේ මෙයා නැති හින්ද වෙන්න ඇති...👀අද කතන්දරේ සතුටෙ කුමාරයා ගැන ! මෙයා ඔයා  ළඟත් ඉන්නවා ,...
15/01/2025

සමහරවිට හැමදේම එපා වෙලා වගේ දැනෙන්නේ මෙයා නැති හින්ද වෙන්න ඇති...👀

අද කතන්දරේ සතුටෙ කුමාරයා ගැන ! මෙයා ඔයා ළඟත් ඉන්නවා , නම ' Dopamine ' ( ඩෝපමින් ) ❤️

"සමහර වෙලාවට ඔයාට දැනෙනවද එපාවෙලා වගේ.. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.. හැමතිස්සේම දුක විතරයි.. පරාජිත සොබාවයක්.."

මෙහෙම ඔයාට දැනෙන්නේ ඔයා තුළ මෙන්න මේ ඩෝපමින් කියන හෝමෝනය නිපදවීමේ අඩුවක් තියෙන නිසා..

ඔව් අද කියාදෙන්න හදන්නේ ඔයාගේ සතුට , අභිප්‍රේරණය වැඩි කරන සතුටේ හෝමෝනය හෙවත් ඩෝපමින් ගැන...

මේ වගේ ඔයාගේ ජීවිතේ තවත් ලස්සන කරන ඔයා තුළම නිපදවෙන හෝමෝන සහ Neurotransmitterස් කිහිපයක්ම තියෙනවා. මේවා අපි හඳුන්වනවා අපේ මොළය තුළ ඇති හැපි කෙමිකල්ස් කියලා ..

උදාහරණ : Serotonin , Oxytocin , Endorphin

අද කතා කරමු ඩෝපමින් ගැන ,

( ඩෝපමින් කියන්නේ Neurotransmitter එකක් හෙවත් මොළය තුළ පණිවිඩ එහෙ මෙහේ අරන් යන කෙනෙක් වගේම සංකීර්ණ හෝමෝනයක්. )

✅ මේ හෝමෝනය නිසා මොනවද අපිට ලැබෙන්නේ ?

සතුට , අවධානය පවත්වා ගැනීම , අභිප්‍රේරණය ඒ කියන්නේ අපේ මෝටිවේෂන් එකට , එක දිගට යමක් කිරීමට, අපේ සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් අපි භාවිතා කරන විශ්ව ආකර්ෂණ නීතිය හරියටම අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි ඩෝපමින් හොඳ ලෙවල් එකක පවත්වා ගත්තොත්...

✅ මේ හෝමෝනය නැත්නම් මොකද වෙන්නේ ?

හැමදේම එපා වෙනවා, හේතුවක් නැතුව දුක හිතෙනවා, කොයිතරම් දේවල් තිබ්බත් ඔයාට කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ, කම්මැලියි,වැඩකල් දැමීම, ඇඟට පණ නැති ගතියක් දැනෙනවා, කිසිම උනන්දුවක් නෑ, එක දිගට එක දෙයක් කරගෙන යන්න බැහැ, ඔයාට අමුතු හිස් ගතියක් සහ අසතුටක් දැනෙනවා , ජීවිතයේ ඒකාකාරී කියල ඔයාට තදින් දැනෙන්න පටන් ගන්නවා, තමන් ගැන තමන් ට විශ්වාස නෑ ....

✅ ඉතිං කොහොමද මේ හෝමෝනය අපි තුළ උත්තේජනය කරගන්නෙ..?

මේ දේ ඇතිකරගන්න කලින් හුඟක් දෙනා වැරදි වැටහීමක ඉන්නවා. එයාල හිතනවා තමන්ට සතුට දැනෙන ඕනෑම දෙයක් කිරීම තුළින් මේ ඩෝපමින් උත්තේජනය වෙනවා කියල. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ඔයාගේ සෞඛ්‍යයට අහිතකර දේවල් කිරීම මගින් මේ දේ ඇති කරන්න ඔයාට බැහැ.
උදාහරණයක් විදිහට ඔයා හිතනවනම් රැ ඇහැරීගෙන ගේම් එකක් හෝ tv show එකක් බැලුව කියල මේ හෝමෝන් එක ඇතිවෙන්නෙ නැහැ.

එහෙනම් කොහොමද ?

☀️උදෑසන හිරු එළියට ටිකක් නිරාවරණය වෙන්න.

☀️ඔයා කැමති පොතක් කියවන්න .

☀️ව්‍යායාම කරන්න / නටන්න / ශරීරය වෙහෙසෙන සෙල්ලම් සහ ක්‍රීඩා කරන්න

☀️ඇවිදින්න යන්න

☀️ඔයාගේ ෆෝන් එක ටිකක් අයින් කරලා අනෙකුත් ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.
උදාහරණ : ගෙවතු වගාව , ට්‍රැවල් කරන්න , ජ'ර්නල් ලියන්න , පාට කරන්න , මහන්න

☀️සීතල හෝ උණුසුම් ජලයෙන් සැපවත් ස්නානයක් ලබා ගන්න.

☀️ප්‍රමාණවත් නින්දක් අනිවාර්යෙන්ම ලබාගන්න.

☀️දෛනිකව ටූ ඩූ ලිස්ට් එකක් මේන්ටේන් කරන්න. ඒ කියන්නේ හැමදාම උදේට හෝ කලින් දවසේ රෑ අලුත් දවසට කරන්න තියෙන දේවල් ලැයිස්තුවකට ගන්න. එකින් එක එකින් එක ඒ දේවල් අවසන් කරන කොට ඔයාගේ ලිස්ට් එක සම්පූර්ණ වෙන හැටි දැකලා ඔයාට දැනෙන සතුට ඩෝපමින් කියන හෝමෝනය උත්තේජනය වෙන්න ලොකු හේතුවක්.

☀️පෝෂණීය ආහාර වේල : අවශ්‍ය තරම් ප්‍රෝටීන, එළවළු පලතුරු ලබා ගන්න. සමබල ආහාර වේලක් තමන්ගෙ දවසට එකතු කරගන්න.

☀️ ස්තූතිවන්ත වීම

☀️භාවනාව

☀️ඔයාගේ ජීවිතයට ලැබෙන සෑම පුංචි ජයග්‍රහණයක්ම සමරන්න. විශාල හෝ පුංචි ඕනෑම ජයග්‍රහණයක් සමරන්න. ඔයා ඔයාටම තෑගි අරගෙන දෙන්න. ඔයා ඔයාගේ ජීවිතේ හැම වැදගත් අවස්ථාවක්ම පුංචියට තනියම හෝ සමරන්න.

☀️ඔයාගේ හිතට සතුට දෙන දේවල් ගැන මතක් කරන්න සහ ඒ දේවල් විෂුවලයිස් කරන්න. අපි හිතමු ඔයා යන්න ආසම රට ස්විට්සර්ලන්තය, ඉතින් පුංචි වෙලාවකට මනසින් ස්විට්සලන්තයට ගිහින් එන්න..ඒ සතුට විදින්න.. ඔයා කැමති සහ ඔයාට සතුට අරන් එන දේවල් විතරක් හිතන්න.

☀️විවේක ගන්න / ඔයාට ලැබෙන නිවාඩුව පරිසරයට ලඟින් ගත කරන්න.

☀️ඔයාට අහිතකර නොවන අලුත් දේවල් අත්හදා බලන්න. ඒ දේවල් වලින් ලැබෙන සතුට විදින්න.

☀️ රසම රස තේ කෝප්පයක රස විඳින්න.

☀️ පැණි රස බහුල ආහාර ටිකක් අඩු කරන්න. ඩාර්ක් චොක්ලට් නම් ඩොපමින් සතු හොඳ යාලුවෙක්.

ඉතින් මේ තියෙන්නේ ඔයාගේ ඩෝපමින් ලෙවල් එක වැඩි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්..!

ඕනෑම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් තරමට මම මේ ලිපිය සරලම ආකාරයෙන් ලිව්වේ. මේ විදියට ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න උත්සහ කරන්න....💫

- Gumiho's Diary -
📷 Credit goes to respective owner 🙏

හායි 👊✊
13/01/2025

හායි 👊✊

මම අද තිස්සමහාරාමෙ කඩේකට වෙලා ඉද්දි මේ පින්තූරෙ ගත්තෙ. මේ ඉන්න මනුස්සයා මේ විදේශීය කාන්තාවට රටේ බලන්න යන්න පුළුවන් තැන්,...
08/01/2025

මම අද තිස්සමහාරාමෙ කඩේකට වෙලා ඉද්දි මේ පින්තූරෙ ගත්තෙ. මේ ඉන්න මනුස්සයා මේ විදේශීය කාන්තාවට රටේ බලන්න යන්න පුළුවන් තැන්, ඒව තියෙන දුර, යන්න එන්න ලේසිම විදිහ, ගැන හරි ලස්සනට ඉංග්‍රීසි කෑලි දදා පැහැදිලි කලා. කොහොම හරි මෑන්ට සාමාන්‍යෙන් හොඳ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් තිබ්බා. දෙන්න මේ කඩේට ගොඩ වෙලා තියෙන්නෙ මොනා හරි කන්න. මේ සුදු ජාතික ගෑනු කෙනා ෆෘට් සැලඩ් එකක් ඕඩර් කලා.

දැන් ඔන්න දෙන්න කතාව දාන් ඉන්න අතරෙ මේ මනුස්සයා ඉන්න තැනට හොඳටම බීල වැනි වැනි තව ලංකාවෙ මනුස්සයෙක් ඇවිත් බ|නින්න පටන් ගත්තා. " උබ කොහොමද එහෙම මිනිස්සුන්ට කතා කරන්නෙ මේ අපේ අය මුන්ව දෙන්න බෑ" වගේ ඒව කිය කිය බනින්න පටන් ගත්ත. ඒකත් හරි ලස්සනට හැන්ඩ්ල් කරල ඒ මනුස්සයව කඩෙන් එලියට ගිහින් දාලා ආයෙ ඇවිත් මේ මනුස්සය අර ගෑනු කෙනාගෙන් සමාව ගත්තා. එහෙම සමාව අරං කියනව පොඩ්ඩක් ඔහොම ඒව වෙනව ඒව ගනන් ගන්න එපා ලංකාවෙ ඊට වඩා ලස්සන ඕන තරම් දේවල් තියෙනව කියල තව ලැමිනේට් කරපු දෙකට තුනට නවපු බෝඩ් එකක් අරං ඒකෙන් ලස්සන පින්තූර වගයක් පෙනුව යන්න පුලුවන් තැන් වල. ඒ ගමන් අරක අමතක කරල දාන්න එයා අර ගෑනු කෙනාගෙන් බලන්න යන්න තැන් ආස විදිහ කෑම බීම ගැන අහන්න පටන් ගත්තා. තව මේ මනුස්සය කියනව ඔය දුර බස් වලට මේ බස් ස්ටෑන්ඩ් එකට හෝල්ට් දෙකක් විතර කලින් මිනිස්සු නැගල සුදු මිනිස්සුන්ට පාර කියන්න උන් ගෙ ඇඟේ එල්ලෙන්න හදන හොරු ඉන්නව උන්ට අහුවෙන්න එපා කියල.

මාත් දැන් බත් එක කකා ඕක බලන් ඉන්නව. පස්සෙ ඔන්න අර සුදු ගෑනු කෙනා ඕඩර් කරපු ෆෘට් සැලඩ් එක අරං වේටර් මල්ලි කෙනෙක් ආවා. දැන් ෆෘට් සැලඩ් එක ලංකන් ස්ටයිල් එකට වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් එකක් එහෙම දාලා ලස්සනට මේසෙ උඩින් තිබ්බ ගමන් මේ සුදු ගෑනු කෙනා කිව්වා ඒක කන්න බෑ කියල. දැන් ඔක්කොම කන්ෆියුස් මාත් බලන් ඉන්නව ඉතින්. ඕන දේ ඕඩර් කරල ගෙනාවට පස්සෙ එපා කිව්වම කඩේ එකාටත් මල පැනල. දැන් අර මනුස්සය ඇහුව ඇයි එප කියන්නෙ කියල. බලද්දි සුදු ගෑනු කෙනාට කිරි ඇලර්ජිලු. අයිස්ක්‍රීම් දාපු නිසා කන්න බැරිලු. ඔය ගොඩක් යුරෝපීය රටවල අයට ඔහොම ආසාත්මිකතා වැඩී. දැන් කොල්ලත් කන්ෆියුස් අර මනුස්සයත් කන්ෆියුස්. කොල්ලට නම් වැඩිය සුදු ගෑනු කෙනා කිව්ව එක තේරුන් නෑ වගෙ.

එක පාරම අර ගයිඩ් මනුස්සය ඒක අරං කිව්වා මේක මම කන්නම් මේ මැඩම්ට අයිස්ක්‍රීම් නැති එකක් ගේන්න කියල. ඒක හරි ලස්සන මොහොතක්. තමන්ට කන්න උනේ මේ අහක යන එකක් නෙ අතේ තියෙන ගානකටනෙ තට්ටු වෙන්නෙත් ඒත් ඉතින් ඒක කන ගමන් ඒ මනුස්සය එතන හිටිය තව ගෑනු කෙනෙක්ට කියනව මෙහෙම, බන් දැන් මේක එපා කිව්වම අපිට මොකුත් කරන්න බෑනෙ අරං මේ ගෑනිගෙ ඔලුවෙ හලන්නද එහෙම බෑනෙ ඉතින් බන් මේක ඕනෙ උනත් එපා උනත් කාලා ඒ මනුස්සයගෙ මේ මොහොත හොඳ එකක් කරන එකයි වැදගත්. අනික මේ මිනිස්සුන්ට කාට හරි ලංකාව හොඳ රටක් කියන්නත් එහෙම නැති ජරා රටක් කියන්නත් ඔය වෙන පොඩි සිද්ධිය ඇති. ඒ හින්ද මේක කනව. මගෙ අතේ සල්ලි කීයක් හරි තියෙන හින්ද කනව මිසක් මේක කන්න බෑනෙ නැත්තන්. ඒකට තමයි මේ වචනයක් දාලා මිනිස්සුන්ට පාරක් පෙන්නලා කීයක් හරි හම්බ කරගන්නෙ. හොර බොරු නෙවේ ජීවිතේ මේක කරන්නෙ සතුටින් බන් කියල. මට මේක ඉංග්‍රීසියෙන් කියාගන්න බැරිනම් බන් අතින් පයින් හරි කියනව එහෙමත් බැරි නම් ඇඳල හරි පෙන්නනව කියල.

කොහොම උනත් මෙහෙම මිනිස්සු ලංකාවෙ සංචාරක ක්ෂේත්‍රයට ලොකු සේවාවක් කරනවා. හොරුත් ඇති. ඒත් මේ මනුස්සය හරි සාධාරණ හොඳ කොලිටි මනුස්සයෙක්. මං කියන්නෙ බිම්මට්ටමේ හෝ ඉහලම මට්ටමක මග පෙන්වන්නෙක් උනත් සාධාරණව අවංකව මෙහෙම වැඩ කරන්න ඕනෙ.

කලු වෙලා කෙට්ටුවට මූනෙ හැම රැල්ලක්ගානෙම වියලි කලාපෙ මිනිස්සුන්ගෙ ජීවන අරගලේ නිරූපණය කරන මේ මනුස්සයට තව හරියන්න ඕනෙ. ❤️

ලංකාව ලස්සන රටක් වෙන්නෙ අපි තනි තනියෙන් ගන්න උත්සාහයන් ඔක්කොගෙම එකතුවක් නිසා. 💫

ජය වේවා...!
~කෝනාර

08/01/2025

මචංලා, බස් වර්ජනයක් කරොත් තමන්ගෙ වාහනේ අනික් අයට පොඩි Transport එකක් දෙන්න...
මේක‍ දිනන්නම ඕනෙ Game එකක්..!🙏

08/01/2025

එකෙක් දුන්නෑ කැලැන්ඩරයක්!!! 😒❤️‍🩹

😶
08/01/2025

😶

හරි දේ හරියට ඉගෙන ගන්න හරිම තැන 🙏
08/01/2025

හරි දේ හරියට ඉගෙන ගන්න හරිම තැන 🙏

08/01/2025

කිසි දිනක ඔබගේ හොදම යාලුවන් සමග වාද නොකරන්න.
මන්දයත් ඔබගේ කුල්ල කුජීත ෆොටෝස් ඔවුන්ගේ ගැලරියේ සුරක්ශිතව ගබඩා වී ඇති බැවින්.

රඟපානවා නෙවෙයි, චරිත ඇතුලෙ ජීවත් වෙන සුපිරි නලුවෙක් - "නිලංක දහනායක" ❤️
08/01/2025

රඟපානවා නෙවෙයි, චරිත ඇතුලෙ ජීවත් වෙන සුපිරි නලුවෙක් - "නිලංක දහනායක" ❤️

07/01/2025

මාව අහගෙන හිටපු එකම මනුස්සයා මම 🙇‍♂️

රැල්ල වෙරලට ආදරෙයි 😘
07/01/2025

රැල්ල වෙරලට ආදරෙයි 😘

😎
07/01/2025

😎

🧐
07/01/2025

🧐

04/01/2025

සමහර සිංදු තියනවා කොච්චර ඇහුවත් එපාවෙන්නෙම නැති 💚

🤲💚
04/01/2025

🤲💚

🥹🥲
03/01/2025

🥹🥲

13/12/2024

දේව ඇදහිලි විශ්වාස,විශ්වාස නොකලත් අදටත් රත්නපුර අපිට හිතා ගන්න බැරි සමන් දේව පෙරහැර යද්දි පාර සේදෙන්න වහින මල් වැස්ස💚

Address

Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when Iravana - iරාවණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Iravana - iරාවණ:

Videos

Share