Handa TV

Handa TV "තුන් හෙළයට ම ඇහෙන්නට"

10/09/2021

මිණිපුරයට පිවිසෙන ඔබ සැම සාදරයෙන් පිළිගනිමි...............

උත්තම බුදුන් වහන්සේගේ ශ්‍රී පාද පද්ම සුපිපුණු බෞද්ධ පුරවරයක් වන රත්නපුර නගරය මැණික් කර්මාන්තය හරහා ජාත්‍යන්තරව සුපතළය.එනිසා දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් පුරවරයකි. එදිනෙදා කාර්‍ය්බහුල ජීවිත ගත කරන අප රත්නපුර නගරය පසු කරමින් ගමන් කරන වාර අනන්ත අප්‍රමාණය.ඒ යන එන කාගේත් පොදුව ඇස ගැටෙන දසුනකි,උසට උසේ විරාජමානව වැජඹෙන රත්නපුර ඔරලෝසු කණුව එහි ඇති වටිනාකම පිළිබඳව අප මෙන්ම ඔබද දත යුතු යැයි මගේ හැගීමයි.

මේ ඒ වෙනුවෙන් ලියැවුණු සටහනකි.

පළමු ලෝක යුධ සමයේදී සබරගමු පළාතෙන් ලෝක යුද්ධයට ගොස් දිවි පිදුවන් සිහිකිරීම පිණිස වර්ෂ 1914-1918 යන කාල වකවානුව තුළදී මෙය නිර්මාණය කර ඇත.මේ සදහා රුපියල් 11000 ක මුදලක් වැය වු බව සදහන් වේ.මෙම ඔරලෝසු කණුව සම්පූර්ණයෙන් ම තනා නිමකර ඇත්තේ වර්ෂ 1922 මාර්තු මස 17 වන දිනය.මෙම ඔරලෝසු කණුව පිළිබඳව වර්ෂ 1920 ඔක්තෝබර් 13 වන දින බ්‍රැව්නින් ඒජන්ත සිය දින පොතෙහි මෙසේ සටහන් කර ඇත.
"ඔරලෝසු කණුව ඉදිකිරීම සදහා සැලසුමක් තෝරා ගැනීමට යුධානුස්මරණ කමිටුවට රැස්වීමක් පැවැත්වීමට සිදුවිය.ඒ අනුව හොඳ ම සැලසුම තෝරා ගැනිම සදහා රුපියල් 300 ක් පිරිනමන තරගයක් පැවැත්වීය.ඒ සදහා සැලසුම් දහයක් ඉදිරිපත් විය.ඉන් සැලසුම් තුනක් වැඩිදුර සලකා බැලීම පිණිස තෝරා ගන්නා ලදි.පසුව ලන්ඩනයේ ටයිම්ස් සප්ලයි ඒජන්සි ආයතනයෙන් ඉදිරිපත් කොට තිබු පවුම් 287 ක් වටිනා ඔරලෝසුව පිළිබඳ ඇස්තමේන්තුව අනුමත විය."
ඒ අනුව නිර්මාණය වු ඔරලෝසු කණුවෙහි යුද්ධයෙන් මියගිය වූව්න්ගේ නාමාවලියක් ද සටහන් කර ඇති අතර එහි සදහන් සුවිශේෂ සිදුවීම නම් ඩී.ස්පේල්ඩ් වින්ඩ් මහතා රත්නපුර ලෝර්කල් බොර්ඩ් සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු වු බවත් යුද්ධයට ගිය ඔහු යාත්‍රා කරමින් සිටි නැව අතරමගදී වෙඩි කෑ විට ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැගගත් නමුත් ඔහුට අමතක වු සිගරට් පැකට්ටුව ලබාගැනීමට ගිලෙමින් තිබුණු නැවට ආපසු ගිය ගමනේදී මරුමුවට පත් වූ බවයි.

මෙලෙසින් පුරා වසර 87කටත් එහා සාඩම්බර අතීතයක් උරුම ඔරලෝසු කණුව සැබැවින්ම මිණිපුරයට අභිමානයකි.

-මිණිපුරයෙන් පිට වූ ඔබ සැමට ස්තූතියි.......

- තරංග දෑලගේ -

https://youtu.be/tbbcUC2J2zE
06/01/2021

https://youtu.be/tbbcUC2J2zE

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ - වෛද්‍ය කපිල කන්නංගර

31/12/2020
24/12/2020

ලක්වාසී සැමට ම ශ්‍රී සුභ නත්තලක් වේවා | Handa TV

https://youtu.be/QYMikMv1sp0
07/12/2020

https://youtu.be/QYMikMv1sp0

🔸විජය කුමාරතුංගට ආදරය කරන අය වෙනුවෙන් Handa TV අපි ඔබට ගෙන ආ නවතම වීඩියෝව,🔸තවත් මෙවැනි වීඩියෝ ඔබ ලගටම ගෙන්වා ගැනීමට Handa ...

Address

Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when Handa TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Handa TV:

Share

Category