Osu - ඔසු

Osu - ඔසු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Osu - ඔසු, Magazine, Polpithigama.

💚 සුවපත් සුභ නව වසරක් වේවා...
01/01/2024

💚 සුවපත් සුභ නව වසරක් වේවා...

💚 ඔබ සැමට 2024 සුවපත් සුභ නව වසරක් වේවා...

Suwapath

 #ගොටුකොළ  #කැඳ
28/11/2023

#ගොටුකොළ #කැඳ

බෙහෙත් වදආයුර්වේද ඖෂධයක් ලෙස ඉතා වැදගත් ඖෂධීය ශාකයකි. ලොකු කුඩා සැමගේ රෝග රැසක් සඳහා වන බෙහෙත් වට්ටෝරු සඳහා යොදා ගැනේ.ශර...
31/08/2020

බෙහෙත් වද

ආයුර්වේද ඖෂධයක් ලෙස ඉතා වැදගත් ඖෂධීය ශාකයකි. ලොකු කුඩා සැමගේ රෝග රැසක් සඳහා වන බෙහෙත් වට්ටෝරු සඳහා යොදා ගැනේ.

ශරීරයේ උෂ්ණත්වය පාලනය කර සිසිල් ගුණ ලබා දේ. කුඩා දරුවන්ගේ රතගාය රෝගී තත්වයේදී බෙහෙත් වට්ටෝරු සඳහාද භාවිතා වේ. එමෙන්ම කුඩා දරුවන් නෑවීම සඳහා බෙහෙත් වද මල් තම්බා ගත් ජලය භාවිතා කරයි.

සමේ රෝග රැසක් පාලනය කිරීමේ හැකියාව ඇත. සම පැහැපත් කිරීමට මෙන්ම නිරෝගී කෙස් කළඹක් පවත්වා ගැනීමටද උපකාරී වේ. විශේෂයෙන් මෙම හේතුව නිසාම රූපලාවණ්‍ය නිශ්පාදන සඳහාද යොදා ගැනේ.

පාරම්පරික ආහාර වට්ටෝරුවලටද බෙහෙත් වද මල් අන්තර්ගත වේ. රසවත් පානයක් ලෙසද බෙහෙත් වද මල් ප්‍රයෝජනයට ගත හැකිය.

විසිතුරු ශාකයක් ලෙස ගෙමිදුලේ පහසුවෙන් වගා කිරීමට හැකියාව ඇත.

මූලාශ්‍ර /ඡායාරූප: අන්තර්ජාලයෙනි

2020 - Happy New Year...
01/01/2020

2020 - Happy New Year...

🎄🎄🎄
24/12/2019

🎄🎄🎄

🎄🎄🎄 *** Merry Christmas **

සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවියකට අත්වැලක්...ඔබත් දැනුවත් වී - ඔවුනුත් දැනුවත් කරන්න...අපගේ ෆේස්බුක් පිටුවට මනාපය පලකර (Like...
23/12/2019

සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවියකට අත්වැලක්...

ඔබත් දැනුවත් වී - ඔවුනුත් දැනුවත් කරන්න...

අපගේ ෆේස්බුක් පිටුවට මනාපය පලකර (Like කර)
අපත් සමඟ රැඳී සිටින්න...
----------------------------------------------- සුවපත් දිවියක් Suwapath Diviyak ---

22/12/2019
කෝමාරිකාවල ඹෟෂධීය ගුණයමිනිස් සිරුරට අවශ්‍යය ඇමයිනෝ අම්ල විසි දෙකකින් විස්සක්ම අඩංගුය.ශාරීරයට නිපදවාගත නොහැකි අත්‍යවශ්‍ය(...
22/12/2019

කෝමාරිකාවල ඹෟෂධීය ගුණය

මිනිස් සිරුරට අවශ්‍යය ඇමයිනෝ අම්ල විසි දෙකකින් විස්සක්ම අඩංගුය.ශාරීරයට නිපදවාගත නොහැකි අත්‍යවශ්‍ය(ESSENTIAL PROTEIN) ඇමයිනෝ වර්ග හතක්ම ඵහි අඩංගුය.අධිකපෝටීන ප්‍රමානයකින් සමන්විත වේ.මෙහි විටමින් ඵ්, විටමින් ඊ, විටමින් සි, සහ විටමින් බි, අඩංගුය.පැරැන්නෝ විටමින් ඵ් ඌනතාවය නිසා ඇතිවන රාත්‍රි අන්ධභාවය සඳහා ඹෟෂධයක් ලෙසින් මෙය භාවිතා කර ඇත.සමහර පිළිකා,රුධිරය තුළ ඇතිවන ප්‍රෝටීන ඌනතාවය වැළැක්වීමට පිළියමක් ලෙස කෝමාරිකා යුෂ වලින් සාදන පානයක් භාවිතා කළේය.රෝගියකු දරුණු ආබාධිත තත්වයනට පත්ව ESR නමැති රුධිර පරීන්ෂණයේ ඉහල අගයක් ඇතිවිට ඵය ඉක්මනින් පහළ මට්ටමට ගෙන ඵ්මට කෝමාරිකා යුෂ භාවිතා කෙරේ.

කෝමාරිකාවල ප්‍රයෝඡන
විවිධ රෝග නිවාරණය

අක්ෂි රෝග ,පෝෂණ ඌනතා රෝග,රක්තහීනතාවය,දුර්වල ප්‍රතිශක්තියක් ඇතිවිට ඵය මර්ධනයට,ආමාශික තුවාල(GASTRITIS) අන්ත්‍රගත තුවාල(ULCRATIVE COLITIS),ගුදය මගින් රක්තවහනය වීමෙදි(RECTAL BLEEDING), අර්ශස්වලට සම්බන්ධ අන්ත්‍රගත පිළිකා,චර්ම පිළිකා,ලේ පිළිකා ආදියට,ඔසප් චක්‍රය ආශ්‍රිත විවිධ රෝග සඳහා,ආර්තව හරණය නිසා ඇතිවන රෝග,සුවනොවන තුවාල සුවකිරීමට,රූපලාවන්‍ය ප්‍රතිකාර,සම විකිරණ මඟින් ආරක්ෂාව,දියවැඩියා සහ උන්මාද රෝග ආදි විවිධ රෝග සඳහා ප්‍රතිඵලදායක ඖෂධයකි.
පිළිකා රෝග නිවාරණය

මෙහිදි කෝමාරිකා ඖෂධයක් ලෙස භාවිතා කිරීමෙදී ක්‍රම දෙකකින් ඵම පිළිකාව හෝ ගෙඩිය විනාශකර දමයි.ඵනම් කෝමාරිකා තුළ ඇති පොලිසැකරයිඩ සහ අල්කොලොයිඩි වලට ශාරිරය තුළ වෙනස්වු DNA අණු මුල් ස්වරූපයට ගෙනඵ්මේ හැකියාව ඇත.මෙහි ප්‍රතිඵලයක් ලෙස 1.වෙනස්වු සෛල මුල් ස්වරූපයට ගෙන ඵ්ම නිසා පිළිකා සෛල ඇති නොවේ. 2.කෝමාරිකාවල ඇති අධික ප්‍රතිශක්තියක් ඇතිකරදීමේ හැකියාව නිසා T4 ලිම්පොසයිට් සහ භක්ෂක සෛල වැඩිපුර ඇතිකර වෛරසය විනාශකරන අතර, වැඩි ප්‍රතිශක්තියක්ද ඇතිකරනු ලබයි.නිතර වැළදෙන රෝගාබාධවලින් ශාරීරය ආරක්ෂාකරදීම ඵමඟින් සිදුවේ. ඵමඟින් පිළිකා සෛල ඡනනය කළ හැකි වෛරස් වර්ග ප්‍රතිශක්තියෙන් විනාශ කරයි.ඵවිට පිළිකා සෑදීමේ ප්‍රවනතාවය අඩුවේ.
අම්ල පිත්ත රෝගය නිවාරණය

මෙම රෝගය සඳහා විවිධ ඖෂධ වර්ග දක්නට ලැබුනත්, රෝගය සුවවන ආකාරයේ ගුණයක් නොලැබෙන බව නොරහසකි.ඵම රෝගී අවස්ථාව සඳහා කෝමාරිකා වටිනා ඖෂධයකි.අම්ල පිත්ත හෙවත් ආමාශයික ප්‍රදාහයේ දී (GASTRITIS) ආමාශයික යුෂ ප්‍රමාණය ඉහල යාමක් සිදුවේ. ආමාශය වටා ඇතුළතින් ඇති ආවරන පටලය(EPITHILIUM)ඉදිමේ.පසුව ඵය ආමාශයික තුවාල ඇතිවීම දක්වා වැඩිවේ.ඵවැන් අවස්ථාවක කෝමාරිකා ශාකයේ ඡෙලි වැනි කොටස බීමක් වශයෙන් ගත්විට ප්‍රත්‍යන්ෂ ලෙස සුවය ලැබේ.කෝමාරිකාවල ඇති සිසිලන ගුණය නිසා ආමාශයේ වේදනාව නැති කරනු ලැබේ.ඵහි ඇති හිරිවැටිමේ ගණය මඟින්(ANASTHATIC) ආමාශයේ වේදනාව තව දුරටත් අඩු කරනු ඇත. ප්‍රදහ සමන ගුණය මඟින්(ANTI INFLAMMATIONRY) ඉදිමුම අඩු කරයි.මෙහි ඇති ශාරීය ගුණය මඟින්ආමාශයේ ආම්ලික ගතිය නැතිකරයි.මෙහි ඇති විශේෂවු ඇල්කොලයිඩ මඟින් ගැස්ට්‍රිස් හෝමෝනය පාලනය කර ආමාශයික යුෂ වැඩිපුර ගලායාම සීමා කෙරේන, ඵසේම සමහර ඇල්කොලයිඩ මඟින් මිනිස් මොළයේ සමහර ස්ථාන වෙත බලපෑමක් කර,මානසික සන්සුන් බව ඇත්කීරීමෙන් ආමාශයික යුෂ ගලාඵ්ම පාලනය කරයි.මෙහි අඩංගු සමහර පොලිසැකරයිඩ මඟින් ආමාශයේ අභ්‍යන්තර ආවරණ පටලය (EPITHELIUM) වේගයෙන් වර්ධනය කර, තුවාල ඉක්මනින් සුව කරයි.මේ නිසා අම්ල පිත්ත රෝගයද නිට්ටාවට සුව කිරීමේ හැකියාව මෙම ඖෂධයට පවතී.
ස්ත්‍රී රෝග නිවාරණය

කෝමාරිකා තවත් ආකාරයකින් ස්‍ත්‍රීන්ට සුවිශේෂි දිවි ඔසුවකි. සෑම ස්ත්‍රියක්ම වයසට යාමත් සමඟින් ආර්තව චක්‍රය ස්වභාවයෙන්ම නවතී .ඵවන් තත්වයකට පත්වු ස්ත්‍රි තුළින් විවිධ රෝගී තත්වයන්,රෝග ලක්ෂණ දක්නට ලැබේ.ශාරීරය තුළ ස්ත්‍රී හෝමෝන අඩු වීම මෙයට ප්‍රධාන හේතුව වේ.මේ නිසා ශාරීරයේ ඇතිවන දැවිල්ල, ඇඟපත වේදනාව,ශාරීරයේ ගින්දර පිටවෙන්නාසේ දැනීම,නින්ද නොයාම ආදි විවිධ රෝග වලට ගොදුරු වේ.මෙයට ප්‍රතිකාරයක් ලෙස කෝමාරිකා භාවිතයට ගනී.කෝමාරිකාවල අඩංගු ඊස්ට්‍රඡන්(OESTROGEN) වලට සමාන රසායනික ව්‍යුහයක් ඇති ඇල්කොලොයිඩ මඟින් ඊස්ට්‍රඡන් හෝමෝනයේ අඩුව පිරිමසයි.මේ නිසා ඵවැනි ස්ත්‍රීන්ට කෝමාරිකා පානයක් වශයෙන් භාවිතය වඩාත් සුදුසු වේ.
රූපලාවන්‍ය ප්‍රතිකාර

ඈත අතීතයේ සිටම කාත්තාවන් අතර ඉතාමත් ඡනප්‍රිය ඖෂධයක් ලෙසින් කෝමාරිකා හදුන්වා දිය හැකිය.ඵයට හේතුව ස්ත්‍රී රෝග බොහොමයකට ඖෂධීය ප්‍රතිකර්මයක් වීමය.තවද මෙහි ඇති සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරීයාම පාලනය ‍කිරිමේ හැකියාවද පවතී. ඵමඟින් ශරීරයේ කළු පැහැති ස්වභාවය ඉවත්කර දීප්තිමත් සුදු පැහැති සමක් ලබා දෙයි.මෙම ඖෂධීය ගුණය නිසා රූප ස්වභාවය වැඩි දියුණු කරගත හැකිය.තවද දිනපතා කෝමාරික යුෂ සමමත ආලේප කිරීමේන් අධික සුර්යයාලෝකයෙන් මෘදු සම ආරක්ෂා කිරීම සිදුවේ.කෝමාරිකා යුෂ මඟින් සම තුළට විකිරණ ඇතුලුවීම වළකාලන අතර,සමට ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කිරීමද සිදුවේ.කෝමාරිකා වලට ආවරණ පටල (EPITHELIUM) වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාව ඇති නිසා සම මතුපිට ඇතිවන සීරීම් ඉක්මනින් සුවකර දී,කැළැල් ද නැති කිරීමේ හැකියාව පවතී.කෝමාරිකා යුෂ ෂැම්පු ඵකක් වශයෙන්ද භාවිතයට ගැනීමෙන් හිස් හොරි,හිසේ ඇතිවන තුවාල සුවපත් කරගත හැකිය.

සාදාගන්නා ආකාරය-

තම්බාගත් උළුහාල් ස්වල්පයකට කෝමාරිකා මදය ස්වල්පයක් කලවම්කර,හොදින් ම්ශ්‍රකර ගැනීමෙන් සෙවල සහිත ද්‍රාවනයක් සෑදේ.ඵය නෑමට පැයකට පෙර හිසගල්වන්න.මේ තුළින් හිස්හොරි,හිසේ තුවාල සුවවේ.තවද විටමින් E නිසා හිසකෙස් වර්ධනය සිදුවේ.හොද පෝෂණයක්ද ලැබේ.
කෝමාරිකාවලින් ප්‍රනීත පානයක්

අමුත්තන් වෙත පිළිගැන්විය හැකි ප්‍රනීත පානයක් මෙන්ම ඹෟෂධීය ගුණයෙන් යුක්ත පානයක් මෙමගින් සකසා ගත හැකිය.

සාදාගන්නා ආකාරය-

හොදින් වැඩුණු කෝමාරිකා පිත්තක් ගෙන ඵහි යුෂ භාඡනයකට සූරා ගන්න.ඵම කෝමාරිකා ඡෙලි කොටස මෙන් හත් ගුණයක් ඡලය ඵක්කර ගන්න.අවශ්‍ය පමණට සීනි මිශ්‍රකර ගන්න.මෙම ද්‍රාවණය සෙල්සියස් අංශක 70 ක පමණ උෂ්ණත්වයකට රත්කර ගන්න.මෙම ද්‍රාවණය වෙනම භාඡනයකට පෙරා ගන්න.මෙය නිතර වීදුරැ භාගයක් පමණ පානය කළ හැකිය.

උපුටා ගැනීම / ඡායාරූප: අන්තර්ජාලයෙන්

https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F?fbclid=IwAR35OQuHS9B5d2mNpzE9gFyom7msaJYrG66l4pui_CZv-QGPcBtC2tTlOu0

ගම්මිරිස්Piperraceae කුලයට අයත් Piper nigrum යන විද්‍යාත්මක නාම‍යෙන් හඳුන්වන ගම්මිරිස් ශාකය, ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ ම...
21/12/2019

ගම්මිරිස්
Piperraceae කුලයට අයත් Piper nigrum යන විද්‍යාත්මක නාම‍යෙන් හඳුන්වන ගම්මිරිස් ශාකය, ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේ ද හොඳින් වගා කළ හැකි බෝගයකි. මනාව පැසුණු ගම්මිරිස් කරල් මඳ පවනේ වියළා ගැනීමෙන් කළු පැහැයකට පත්වන අතර කුඩු, කැබලි මෙන්ම ‍බීජ වශයෙන් ද ආහාරයට ගනු ලබයි.දේශීය මෙන්ම විදේශීය ආහාර වට්ටෝරු රසවත් කිරීමට ගම්මිරිස් අත්‍යවශ්‍ය කුළු බඩු වර්ගයක් බවට පත්ව ඇත.

උපුටා ගැනීම / ඡායාරූප: අන්තර්ජාලයෙන්

https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94_%E0%B6%B6%E0%B6%A9%E0%B7%94_-_%E0%B7%81%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B6%B1 #%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A

05/11/2019
අක්කපාන දලු සම්බෝලය සිරුරට දෙන පුදුම ගුණය.අක්කපාන විශේෂයෙන් වැවෙන්නේ ගල්තලාවලය. ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන අක්කපාන, අප්...
27/10/2019

අක්කපාන දලු සම්බෝලය සිරුරට දෙන පුදුම ගුණය.

අක්කපාන විශේෂයෙන් වැවෙන්නේ ගල්තලාවලය. ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන අක්කපාන, අප්‍රිකානු රටකින් මෙරටට සංක්‍රමණය වූ පැළෑටියකැයි විශ්වාස කෙරේ. ලංකාවේ පමණක් නොව නිවර්තන කලාපයේ රටවල් බොහොමයකදි අක්කපාන හඳුනාගත හැකිය. Kalanchoe pinnata විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අක්කපාන බහුවාර්ෂික පැළැටියකි. ගල් තලාවන් දිගේ විහිදී ගාලක් ලෙස වැවෙන අක්කපාන, සමහර විටෙක පොළොවට ලම්භකව අඩි දෙකක් පමණ උසට ශාකයක් ලෙසද වැවේ. රෝස පැහැයට හුරු අලංකාර මල් පොකුරු හටගනී.

පොත් අස්සේ දමා මුල් අද්දවා ගැනීමට අමතරව, අක්කපාන සමඟ ඊට වඩා සබැඳියාවක් ළමා අපට තිබුණාදැයි නොදැන සිටි මුත් අපේ කෑමවේලේ බත්පත සමඟ ලැබෙන විවිධාකාර වූ ව්‍යාංජන අතර “අක්කපාන” කොළ සම්බෝලය තිබී ඇති බව දන්නේ වැඩිහිටි වූ අවධියේ අම්මාගේ අතීත මතක අප සමඟ බෙදාහදා ගත් දිනකය.

“ඉස්සර ගෙදරක අම්මා තමයි ගොඩ වෙදකම් සේරම කරන්නේ.. ඒවගෙන් හැම එකක්ම වගේ හරි ගියා මිසෙක වැරදුණේ නෑ… ගෙදර දරුවෙකුගේ බඩ පිපුමකට, සෙම්ප්‍රතිශ්‍යාවකට, අජිර්ණයකට අත් බෙහෙත් ඇය දැනගෙන හිටියා. ගෙයි කුස්සිය පැත්තේ සකසා ගත් ඉඩක පුංචි පුංචි බෙහෙත් පැළැටි වවල තියාගෙන හිටියා. ඉඟුරු පැළයක්, කහ පැළයක්. කරපිංචා ගහක්, ලුණුවිල ටිකක්, වැල් ගොටුකොළ ටිකක්, අමුක්කරා පැළයක් ඒ ඒ පුංචි ඉඩේ අනිවාර්යයෙන් තිබුණා… අනුපානයන් විදියට මීපැණි කුප්පියක් ඇගේ දුම්මැස්ස කිට්ටුව හංගලා තියාගෙන හිටියා...සුලභව හමු නොවන පළාත්වල “අක්කපාන” පැළේකුත් මේ ඉඩකඩේ වවාගන්න අම්මා අමතක කළේ නෑ….”

අක්කපාන කියූ සැණින් බොහෝ දෙනා දන්නේ එය මුත්‍රාශයේ හටගන්නා ගල් දිය කර යවන්නට හැකි අපූරු ඖෂධයක් ලෙසය. ආයුර්වේදයේ දී සංස්කෘතයෙන් “පාෂාණ බේදන” ලෙසද අක්කපාන හඳුන්වන්නේ එහි ඇති එම සුවිශේෂ ගුණය නිසාය. නමුත් අක්කපාන යනු ඒ වෙනුවෙන්ම පමණක් යොදාගත හැකි ඖෂධයක් නොවේ. බොහෝ දෙනා එතරම් නොදැන සිටියත්, අර්ශස් රෝගයටත්, එහි ප්‍රභේදයක් වන “රක්තාර්ශස්” රෝගයටත් අක්කපාන වලින් ගුණ ලබාගත හැකිය. තවදුරටත් විස්තර කරන්නේ නම් අධෝ මාර්ගය ආශ්‍රිත බොහෝ රෝග සඳහා ඖෂධයක් ලෙස “අක්කපාන’ යොදාගත හැකිය.

“අධෝ මාර්ගය ආශ්‍රිත රෝග බොහොමයක් ඇතිවෙන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ නිසා. ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ ඇතිවෙන්නේ අපි ගන්නා ආහාර වල විවිධාංගීකරණය අඩු වුණහම… බත්, පාන්, කේක් විදියට ආහාරයේ නම් වෙනස් වුණාට ඒ තුනේම තියෙන්නේ පිෂ්ටය. ෆ්‍රයිඩ් රයිස් ගත්තත්, කොත්තු ගත්තත් තියෙන්නේ පිෂ්ටයයි, මේදයයි, ශරීරයට අහිතකර කෘතිම රසකාරකයි විතරයි.නමුත් තන්තු සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් විතරයි ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ වළක්වාගන්න පුළුවන්. ”

ඒකාකාරී ආහාර රටාව නිසා ශරීරයේ ලේ ධාතුව දුෂ්‍ය වීමෙන් ග්‍රහණි සහ අධෝ මාර්ග ආශ්‍රිත දෝෂ තත්වයන් හටගනී. ඒවා කල් පැවැතීමෙන් ඒ ආශ්‍රිත රෝග හටගනී. එවැනි රෝග සඳහාද “අක්කපාන” හොඳ ඖෂධයකි. සතියකට දෙකකට වරක් අක්කපාන දලු දෙමිටක් ගෙන හීනියට ලියා, එයට යහමින් රතු ලූනු ද,අවශ්‍ය තරමට ගම්මිරිස්, දෙහි සහ ලුණු ද මුසු කර ගොටුකොළ මෙන් සම්බෝල සකසා ආහරයට ගැනීම රෝගී නීරෝගී සැමටම ගුණදායක එකකි. “අක්කපාන” කොළ මිරිකා දෙහි සමඟ මිශ්‍රකොට රසවත් පානයක්ද සකසා ගත හැකිය.

අක්කපාන ප්‍රභේද දෙකකි. එක් වර්ගයක පත්‍ර හීනිය. අනෙකේ පත්‍ර ලොකුය. සමහරෙක නාරටිය රත් පැහැතිය. සමහරෙක නාරටිය සුදු පැහැතිය. මේ ප්‍රභේද දෙකේම ගුණ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව සැලකූ කළ රසයෙන් කෂාය සහ අම්ලය. ගුණයෙන් ලඝු සහ රූක්ෂය. මධුර විපාකයෙන් සහ ශීත වීර්යයෙන් යුතුය. දේශිය වෙදකමේදී සහ ආයුර්වේදයේදී අක්කපාන වලට ඖෂධීය වටිනාකමක් ලැබෙන්නේ එහි අැති ශීත වීර්යය ගුණය නිසාය.

නිවසේ දී සිදු වන කැඩුම්-බිඳුම් සහ තැළීම් වලදීද, හන්දි ඉදිමුම් හෙවත් සරල ආතරයිටීස් තත්වයන් හීදීද, වෛද්‍ය උපදෙස් ලැබෙන තුරු අත්බෙහෙතක් ලෙසද “අක්කපාන” යොදගත හැකිය. ඒ අක්කපාන කොළ මිටක් පමණ ගෙන ඇල්දියෙන් කොටා තලපයක් සේ අදාළ ස්ථාන වල ආලේප කිරිමෙනි. මෙමඟින් ඉක්මනින් ඉදිමුම අඩුවන අතර වේදනාවද අඩුවේ. සුළු අස්ථි පිපිරුම් තත්වයන් පෑහීමේ හැකියාවද “අක්කපාන” සතුවේ.

අක්කපාන කොළ එළඟි තෙල් සමග හොදින් අඹරා තුවාල මතු පිට ආලේප කිරීමෙන් තුවාල ඉක්මනින් සුව වේ. විසර ගෙඩි මත ආලේප කිරීමෙන් සැරව ඉවත් වේ .විදුරුමස පුපුරා ගොස් දත් ඒමේ දී ඇති වන වේදනාකාරී අවස්ථාවල අක්කපාන කොළ මී පැණි සමග ආලේප කරීමෙන් සුවය ලැබේ.

සමේ ඇති වන කැසිම් වලදී සහ වණ, තුවාල වලදී “අක්කපාන” කොල තැම්බූ දියෙන් සේදීමෙන් සහනය ලබාගත හැකිය. මුත්‍රාශයේ ගල් ඇති රෝගීන්ට තමන් ලබාගන්නා බටහිර වෛද්‍ය ප්‍රතිකාර අතර වුවද සතියකට වරක් දෙවරක් “අක්කපාන” භාවිතයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන. ඒ නටන උණුවතුරට අක්කපාන කොළ කිහිපයක් පොඩි කර දමා විනාඩි පහක් පමණ වසා තබා පෙරා බීමෙනි. අම්ල පිත්ත රෝගය, බඩ දැවිල්ල සහ බඩ පිපීම පවතින අයටද අක්කපාන කොළ නටන උණුවතුරේ තම්බා බීමෙන් සුවය ලබාගත හැක. තරුණ ගැහැණු දරුවන්ගේ මාසික වේදනා අවම කරගැනීම සඳහාද මේ ප්‍රතිකාරය සුදුසුය. වයස් ගත වනපුරෂයින්ට සෑදෙන පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමේන් අපහසුතා සඳහාද එම ප්‍රතිකර්මය යොදාගත හැකිය.

රක්තර්ශස්, රක්ත ප්‍රදර සහ රක්තාතීසාරය ඇති රෝගීනට “අක්කපාන” භාවිතා කළ හැක්කේ මෙලෙසය. අක්කපාන කොළ යහමින් ගෙන වණ්ඩුවේ තම්බාගෙන, එහි යුෂ ගෙන මේස හැඳි දෙකක් පමණ මීපැණි ස්වල්පයක් අනුපාන කොට බීමෙන් වේදනාව සමනය වී රක්ත මෝචනය අඩුවනු ඇත. මලබද්ධය පවතින අවස්ථාවන් වලදී දේශීය වෛද්‍ය ප්‍රතිකර්මයක් ලෙස “අක්කපාන” කොළ, කොහිල දඩු සමභාගව ගෙන කොටා, වණ්ඩුවේ තම්බා යුෂ රැගෙන මීපැණි සමඟ භාවිතා කළ හැකිය.

කාන්තාවන්ට ඇතිවන සියලු ප්‍රදර රෝග වළදී සහ අතීසාර අවස්ථාවන් වලදී ක්ෂණික ප්‍රතිකර්මයක් ලෙස අක්කපාන සමඟ තැඹිලි මල් තම්බා, එම වතුර පානය කරන්නට දීමෙන් වහා සුවය සලසා ගත හැකිය.

මානසික ආතතිය ඇති පුද්ගලයන් වෛද්‍යවරුන් හමුවේ පවසන ප්‍රධාන රෝග ලක්ෂණයකි. එම තත්වයට හේතු වන්නේ එවැනි පුද්ගලයින්ගේ රක්ත ධාතුවත්, පිත ධාතුවත් දූෂ්‍ය වීමයි. මෙයද අක්කපාන දලු මිටක් අතින් පොඩි කර, උණුවතුරේ තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. වෙනත් ආහාරවල අන්තර්ගත විෂ ද්‍රව්‍ය වලින් ආසාදිත වූ අක්මාවටද, අක්කපාන කොළ තැම්බු වතුර පානය හිතකරය. එමඟින් අක්මාවේ එක්රැස් වූ විෂ කොටස් දිය කර හරිනු ඇත. දිගින් දිගටම මෙවැනි විෂ ද්‍රව්‍ය අක්මාවේ තැන්පත් වීමෙන් ශරිරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩපණ කෙරේ.

අක්කපාන වල කොළ දේශිය වෙදකමේදී ප්‍රයෝජනයට ගත් අතර ආයුර්වේද වෙදකමේදී එහි මුල්ද ප්‍රයෝජනයට ගෙන තිබේ. මෙහි මූල පද්ධතියේ ඇත අලය වැනි කොටස ගෙන හොදින් පිරිසුදු කර කුඩා කැබලි වලට කපා හොදින් වියළා කුඩු කර කෝපි මෙන් උණු වතුරට මිශ්‍ර කර පානය කිරීමෙන් මලබද්ධය වළක්වා ගත හැකිය. එයට අමතරව ආයුර්වේද චූර්ණ වර්ග සඳහාද අක්කපාන භාවිතා කරයි.

අක්කපාන කොළ ඉස්ම තල තෙල් හා මිශ්‍රකර සාදා ගන්නා තෛලය හිසෙහි ආලේප කිරීමෙන් අකලට කෙස් පැසීම වැළකීම හා යහපත් කෙස් කලඹක් ලබන්නට හැකිය . මුත්‍රාශයට අමතරව පිත්තාශය ආශ්‍රිතව හටගන්නා ගල් දිය කර හැරීමටද අක්කපාන භාවිතා කළ හැකිය.

මේ සියලු ප්‍රතිකර්මයන් පුරුද්දක් ලෙස නිතර භාවිතා කිරීමට පෙර පෙරදිග වෛද්‍ය උපදෙස් අනුගමනය කිරිම වැදගත්ය. එහෙත් ආහාරයට එක්කර ගැනිම මගින් හෝ සතියකට වරක් දෙවරක් අත්හදා බැලිමෙන් ශරිරයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවේ.

මේ අනුව බලන කළ අප නොසිතන පුළුල් පරාසයක රෝග සඳහා ප්‍රතිකර්මයක් ලෙස අක්කපාන භාවිතා කළ හැකිය. නමුත් අප එයින් නිසි ප්‍රයෝජනය නොගන්නේ ඒ පිළිබද අපේ පරම්පරාවේ ඇති දැනුමෙහි මදකම නිසාය. පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ අපේ දේශිය ඖෂධ පිළිබඳ දැනුම කිසියම් අවස්ථාවක පස පරම්පරාවට ගලා නොයෑම නිසා මතුවූ හිඩැස නිසා මේ තත්වය ඇතිව තිබේ. සුළු රෝග ලක්ෂණයකදී පවා ඉවසිමෙන් ප්‍රතිකර්මයක් කරනු වෙනුවට වහ වහා රෝහලක් වෙත යාමට වත්මන් පරපුර හුරුවි සිටී.

“අපේ ගෙදර අම්මාගේ අතින් සිදුවූ “ගොඩ වෙදකම” වෙත අපි ආයෙත් නැඹුරු වීමෙන් යහපතක් මිසෙක අයහපතක් වෙන්නේ නෑ.. එදා අපේ කුස්සිය වටේ තිබණු ඖෂධීය පැළ අපිට අද දවසේ ගෙවත්තේ ‘විසිතුරු පැළ” ලෙස වුවත් වගා කරගන්න පුළුවන්. ඒ දැනුම පරම්පරාවෙන් තමන් වෙත නොලැබුණත් මෙවැනි ලිපි හරහා හෝ අලුත් පරපුර මේ ගැන උනන්දු වෙනවා නම් අපිට සුවදායක හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.”

උපුටා ගැනීම:
http://www.silumina.lk/2018/10/06/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1-%E0%B6%AF%E0%B6%BD%E0%B7%94-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%A7-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8-%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA

අක්කපාන විශේෂයෙන් වැවෙන්නේ ගල්තලාවලය. ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන අක්කපාන, අප්‍රිකානු රටකින් මෙරටට සංක්‍රමණය ව...

ගොටුකොලCentella asiatica යන උද්භිද විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන ගොටුකොළ ශාකය තෙතමනය සහිත ස්ථාන වල බහුලව දැකිය හැකි භූග...
27/10/2019

ගොටුකොල

Centella asiatica යන උද්භිද විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන ගොටුකොළ ශාකය තෙතමනය සහිත ස්ථාන වල බහුලව දැකිය හැකි භූගත කදක් සහිත පැලෑටියකි.මැඩගස්කරය,ශ්‍රී ලංකාව,ඉන්දුනීසියාව හා දකුණු අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල දැකිය හැක. ශ්‍රී ලංකාවේ ඉතාමත් සරුවට වැවෙනු ඇත.

බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයෙහි ලක්ෂ්මි සෙනරත් විද්‍යාඥ්ඥවරිය (ආයුර්වේද) පවසන අන්දමට කුඩා පත්‍ර හා ලොකු පත්‍ර ලෙස එසේත් නැත්නම් හීංගොටුකොළ සහ මහ ගොටුකොළ ලෙස ප්‍රභේද 02 ක් පවතී.

ආයුර්වේද ඖෂධයක් ලෙස ඉතාමත් ප්‍රයෝජනවත් ගොටුකොළ මුල් හෝ සමස්ත ශාකයම වියළා හෝ නැවුම් තත්වයෙන් ඖෂධීය ප්‍රතිකර්ම සදහා පාවිච්චි කරනු ලැබේ.වියලා වායුරෝධක වීදුරු බෝතල් වල අසුරා තැබීමෙන් අවශ්‍ය වේලාවට පාව්ච්චියට ගත හැක.

විටමින් A,G,K සහ Mg ඉතා ඉහල ලෙස අඩංගු වන අතර ශ්‍රී ලාංකිකයින් බහුල වශයෙන් සම්බෝල ලෙස හෝ කැද වශයෙන් ආහාරයට ගනු ලැබේ .

කුඩා මෙන්ම වැඩිහිටි පිරිමි ගැහැණු ඕනෑම පුද්ගලයෙකුට ඉහල ඖෂධීය ගුණයක් ලබාදෙනු ලබන ගොටුකොළ ශාකය ශරීරගත ලෙඩ රෝග බොහොමයකට හෙළ ඔසුවකි. බිලිදුන්ගේ කැස්සට,ධාරණ ශක්තිය වැඩිකිරීමට,පණු රෝග,සෙම් රෝග,ශරීරයේ දැවිල්ල ආදී රෝග බොහොමයක් සුව කිරීමට ගොටුකොළ හේතු වනු ඇත.එමෙන්ම ඇස්වලට මෙන්ම සම පැහැපත් කිරිමටද බලපාන ඖෂධයකි. කුඩා දරුවන්ගේ කටහඩෙහි මිහිරි බව රැක ගැනීමටද උදව් වේ. කුඩා දරුවන් සිටින කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි වැඩිකිරීමටද ගොටුකොළ හේතු වේ. මුත්‍ර වර්ධකයක් සේ ක්‍රියාත්මක වන ගොටුකොළ මුත්‍ර මාර්ගයේ අසාදන වලක්වා ලිමට මෙන්ම උපදංශය,රක්ත වාතය,ලාදුරු රෝගය,අතීසාරය,දියවැඩියාව,ඇදුම,ප්‍රදාහය,අක්මා රොග වැනි රෝග රැසක් සුව කිරිමට හා ප්‍රකිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කිරිමට බලපානු ඇත.

උගුරෙහි සෙම අරිනු ලබන බෙහෙතක් ලෙසද ගොටුකොළ යොදා ගනු ලබයි.ගොටුකොළ මුල් කුඩු කර සාදා ගන්නා පවුඩරය නාසාරන්ධ්‍ර ඉදිමුමට ප්‍රතිකාරයක් වන අතර සම්පූර්ණ ගොටුකොළ ශාකය තම්බා සිනි හා ගම්මිරිස් කුඩු ස්වල්ප වශයෙන් එකතු කර සකසන ලද කසාය සති කිපයකට වරක් පානය කිරිමෙන් බොහෝ රෝග වලක්වා ගත හැක.උණ සහ පාචනය/අතීසාරය සදහා ගොටුකොළ හා වැල්මී කසාය ඉතා හොද ඔසුවකි.

විශේෂයෙන් එළකිරි සමග ගොටුකොළ ශාකය තම්බා එය වියලා කුඩු කර එළකිරි සමග පානය කිරීමෙන් හෝ නැවුම් ගොටුකොළ යුෂය එළකිරි සදග පානය කිරීමෙන් නව යොවුන් විය ආරක්ෂා කර ගත හැකි බව සොයා ගෙන ඇත.එසේම මෙසේ වියළා කුඩු කර ගන්නා පවුඩරයට සීනි ,මී පැණි හා ගිතෙල් එකතු කර පානය කිරීම තුලින් මොළයේ ආබාධ,අපස්මාරය,අර්ශස් තත්වයන් සුව කර ගැනීමේ හැකියාව ඇති බව සොයාගෙන ඇත.

Dr.Seela Fernando (In her Herbal Food and Medicines in Sri Lanka) උපදෙස් පරිදි ,කැස්ස ඇති රෝගීන්ට ගොටුකොළ රතුළූනු සමග දීමෙන් එම රෝගී තත්ත්වය මග හරවා ගත හැකි බවයි. එසේම ගොටුකොල වියලා සකසා ගන්නා ගොටුකොළ පානය(Gotukola Tea) මගින් උණ හා පීනස් තත්ත්වය මගහැරී යන බවද ඇය විසින් පවසා ඇති තවත් කරුණකි.ගොටුකොළ ඉතාමත් ශක්ති ජනක ආහාරයක් වන අතර මානසික පීඩාව මග හරින ඖෂධයකි.එසේම පුද්ගලයින්ගේ සුවදායක නින්දකටද ගොටුකොළ හේතුවන බව සොයාගෙන ඇත.

මෑත අධ්‍යයනයන්ට අනුව සංසරණ පද්ධතිය කෙරෙහි ඉතා හොද බලපෑමක් ඇති කල හැකි ඖෂධීය පැලෑටියක් ලෙස ගොටුකොල හදුනාගෙන ඇති අතර අධි රුධිර පීඩන තත්ත්වයනට ප්‍රතිකාර වශයෙන් යොදා ගනු ඇත.ශිරා සහ කේශනාලිකා හරහා ශරීරය හැම තැනම ඉතා හොද පීඩනයකින් යුතුව රුධිරය ගලායාමකට ගොටුකොළ හේතුවනු ඇත. ගොටුකොළ වලින් ලබා ගන්නා සමහර සංයෝග වැඩිදියුණු කිරීමෙන් ශරීරයෙහි ඇති තුවාල සුව කළ හැකි බව 1999 හි යුරෝපයේ සහ ඉන්දියාවෙහි කරන ලද පරීක්ෂණ වලින් මේ වන විට සොයාගෙන ඇත.

උපුටා ගැනීhttp://xn---www-p2n.herbwisdom.com/herb-gotu-html ,www.drugs.com>Natural products(consumer) , www.healthline.com.

https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD

කෝමාරිකා
27/10/2019

කෝමාරිකා

Address

Polpithigama

Website

Alerts

Be the first to know and let us send you an email when Osu - ඔසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

Osu - ඔසු

Osu - ඔසු


Other Polpithigama media companies

Show All