ආයුබෝවන් පොළොන්නරුව - Ayubowan Polonnaruwa

ආයුබෝවන් පොළොන්නරුව - Ayubowan Polonnaruwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ආයුබෝවන් පොළොන්නරුව - Ayubowan Polonnaruwa, Media/News Company, Polonnaruwa.

බස් රථයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි..බදුල්ල - පස්සර 10 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන බෑ...
11/01/2025

බස් රථයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි..

බදුල්ල - පස්සර 10 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් සහිත ප්‍රදේශයකට ගමන් කිරීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.

කොළඹ සිට පස්සර දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි, පස්සර පොලිසිය සදහන් කළේ.

පොලිසිය සදහන් කළේ, තුවාල ලැබූවන් පස්සර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. බස් රථයේ රියදුරට නින්ද යාම මෙම අනතුරට හේතු වී තිබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ලස්සන මතක ගොඩක් දුන්න “බූරු පැටියෝ” ඔයාට සුභ ගමන්..❤️අතිශය ජනප්‍රිය Shrek චිත්‍රපට මාලාවේ බූරුවාගේ චරිතය නිර්මාණය සඳහා ප...
07/01/2025

ලස්සන මතක ගොඩක් දුන්න “බූරු පැටියෝ” ඔයාට සුභ ගමන්..❤️

අතිශය ජනප්‍රිය Shrek චිත්‍රපට මාලාවේ බූරුවාගේ චරිතය නිර්මාණය සඳහා පාදක කරගත් “Perry” නම් බූරුවා මිය යයි.

DreamWorks සමාගමේ Shrek චිත්‍රපට මාලාවේ Eddy Murphy විසින් හඬකැවූ බූරුවාගේ චරිතය සඳහා පාදක කොටගෙන ඇති බවට සලකන Perry නම් බූරුවා මිය ගොස් තිබෙනවා.

ඇමරිකාවේ California ප්‍රාන්තයේ Palo Alto නගරයේ Barron Park හි අවු. 3 සිට ජීවත් වී ඇති අතර පසුව Laminitis ලෙස හඳුන්වන කුර රෝගය වැළඳීමෙන් පසුගියදා මිය ගොස් තිබෙනවා. මිය යන විට සත්ත්වයාගේ වයස අවුරුදු 30ක් බවත් සඳහන්. මේ වන විට ඔහුගේ අවසන් කටයුතු ගෞරව සහිතව නිසි ආකාරයෙන් සිදු කිරීමට ඔවුන් කටයුතු කරන බවට පවසා තිබෙනවා.

06/01/2025

ඔයා කාත් එක්කද යන්නේ ............

වේදීකාව කියන්නේ වෙනම රසක් ❤️
කාලෙකට පස්සේ ඔන්න.
පොළොන්නරුවේ ඔබ වෙනුවෙන්.

හරිම බඩු තුනක් ( 75 වන දර්ශනය )
පොළොන්නරුවට
ජනවාරි 12
පොළොන්නරුව බුද්ධිමන්ඩපයේදී

දර්ශන වාර .3.30
6.30

මගී අයිතිවාසිකම් 🔺ගමන ආරම්භයේදී බස් රථය බස් නැවතුම්පොළින් පිටත්වීමට පෙර ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීමේ අයිතිවාසිකම ඔබ සත...
06/01/2025

මගී අයිතිවාසිකම්

🔺ගමන ආරම්භයේදී බස් රථය බස් නැවතුම්පොළින් පිටත්වීමට පෙර ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීමේ අයිතිවාසිකම ඔබ සතුවේ.

🔺බස් රථයට නැගි ස්ථානය හා බැස යන ස්ථානය, නියමිත බස් ගාස්තුව, දිනය, බස් රථ අංකය පැහැදිලිව සඳහන් විධිමත් ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමේ අයිතිය ඔබ සතු වේ.

🔺ඔබ විසින් ගෙවනු ලැබූ ගාස්තුවට අදාළ ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව බස් රථයේ ගමන් ගැනීමේ අයිතිය ඔබ සතු වේ.

🔺විධිමත් ඇඳුමකින් සැරසුණු විනීත රියදුරුවරයෙකුගේ හා කොන්දොස්තරවරයෙකුගේ ආචාරශීලී, ප්‍රියමනාප සේවය ඔබ වෙත ලැබිය යුතුය.

🔺සාමාන්‍යය සේවා බස් රථයක නම් වයස අවුරුදු 3 ට වැඩි 12 ට අඩු දරුවන් සඳහා නියමිත ගාස්තුවෙන් අඩක් (භාග ටිකට්පතක්) ගෙවා බස් රථයේ ගමන් ගැනීමට හැකි විය යුතු ය.

🔺සුඛෝපභෝගී බස් රථයක් නම්, ප්‍රමාණවත් වායු සමීකරණ පහසුකම් පවතින, අනුමත ආසන ගණන නො ඉක්මවන මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන සේවාවක් අත්විඳීමට ඔබට හැකි විය යුතු ය.

🔺පොදු ප්‍රවාහන සේවා තුළ දුම්බීම තහනම් බැවින්, දුම්වැටි දුමෙන් තොර පරිසරයක ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත.

🔺බස් රථය අධික වේගයෙන්, නොසැලකිලිමත් ලෙස හා අනතුරුදායක ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් පදවන්නේ නම් එයට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතු වේ.

🔺බස් රථය ධාවනය කරන අතරතුර දී රියදුරුවරයා ජංගම දුරකථනය භාවිත කරන්නේ නම් එයට විරුද්ධ වීමටද ඔබට අයිතියක් ඇත.

🔺ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිත නොකරන බස් රථයක ගමන් කිරීමේ අයිතිය ඔබ සතු ය. බස් රථය තුළ ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම් එකී ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය ඩෙසිබල් 80ක් නොඉක්මවන ලෙස භාවිත කරනු ලබන බස් රථයක ගමන් ගැනීමට ඔබට අයිතියක් ඇත.

🔺බස් රථය ධාවනය කරනු ලබන්නේ බලපත්‍ර දෙපාර්තමේන්තුවේ අධිකාරිය යටතේ බැවින්, බස් රථය ධාවනය කෙරෙන අතරතුර එහි දොරවල් වසා තිබෙන බවට තහවුරු කරගැනීමට ඔබට හැකි විය යුතුය.

🔺මගියා බස් රථයේ වැදගත්ම පුද්ගලයා වන බැවින් ආචාරශීලී, සුහද සේවයක් ඔහුට/ඇයට ලැබිය යුතු ය.

🔺මතින් සේවයට වාර්තා නො කරන්නා වූ බස් සේවක පිරිසකගේ සේවය ඔබට ලැබිය යුතුය.

🔺අර්ධ සුඛෝපභෝගී බස් රථවල අනුමත ආසන ගණන නො ඉක්වමවන මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ යුතු ය.

🔺කාල සටහනට අනුව නියමිත වේලාවට බස් රථය ගමන් ඇරඹීම හා ගමන් අවසාන කිරීම සිදු කළ යුතු ය. ගමන් ඇරඹීමට නියමිත වේලාව හා ගමන අවසන් කිරීමට නියමිත වේලාව බස් රථයේ ප්ර දර්ශනය කළ යුතු ය.

-උපුටා ගැනීම-
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙනි - NTC

05/01/2025

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ , දිඹුලාගල ප්‍රදේශීය කොට්ටාසයට අයත් අරලගංවිල ප්‍රධාන බස් නැවතුම්පලට යාබදව පිහිටා ඇති දෙමහල් පොදු වෙළඳ සංකීර්ණය වසර 15 කට වැඩි කාලයක් පටන් අතහැර දැමීම නිසා විනාශ වෙමින් පවති.

මහවැලී බී ආදර්ශන කලාප වැඩසටහන යටතේ සෞදී සංවර්ධන අරමුදලේ අනුග්‍රහයෙන් 1999 වසරේ ජනතා අයිතියට පත් කර ඇති මෙම ගොඩනැගිල්ල කඩකාමර විශාල ප්‍රමාණයකින් හා වැසිකිලි පද්දතියකින් සමන්විත අංගසම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ලකී.

මේ වන විට මහවැලි අධිකාරිය යටතේ පවතින මෙම වෙළද සංකීර්ණය කිසිම නඩත්තුවක් නොමැති වීම නිසා විනාශ වෙම්න් පවතීන අතර. වැසිකිලි පද්ධතිය සම්පුර්ණයෙන්ම විනාශකර ඇත. එම නිසා මගීන්ද අපහසුතාවයට පත් වෙති.

ඇත්තම් පුද්ගලයන්ගේ මත්ද්‍රව්‍යය භාවිත කිරීමට පැමිණෙන තිත් පොළක් බවට පවත්ව ඇත.
ප්‍රදේශවාසින් පවසන්නේ අමාතර පන්තී සඳහා සහභාගීවන සිසුන් පෙම්සුව විදීම සඳහාද මෙම ගොඩනැගිල්ල භාවිත කරන බව ප්‍රදේශවාසින් සඳහන් කරයි.

මෙම වෙළඳ සංකීර්ණය ප්‍රධාන මාර්ගයට මදක් දුරින් පිහිටීම නිසා සහ ප්‍රධාන බස් නැවතුම්පල මැදිකර ඉදි නොකිරීම නිසා වෙළදසැල් වලට පැමිණෙන ජනතාව අඩුවීම නිසා මෙම සංකීර්ණය වැසී ගොස් ඇති බව වෙළඳ හිමියන් සඳහන් කරයි.

පවතින රජයෙන් හා මහවැලි අධිකාරියෙන් අරලගංවිල ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ හැකිනම් මෙම ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම විනාශවීමට පෙර නිසි පියවරක් ලබාගන්නා ලෙසයි.
බලධාරීන්ගේ අවධානය පිණිසයි.

04/01/2025

අපේම මිනිසුන් වෙනුවෙන් ශක්තියක් වෙන ශ්‍රී ලාංකා ගුවන් හමුදාවට හෘදයාංගම ස්තුතිය..
"ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා රුධිර හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය අපේක්ෂා රෝහලේ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රම දායකත්වය ලබා දීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ඒකකය හා සම්පූර්ණ රෝහලම සෞඛ්‍ය අංශයේ ආදර්ශයක් බවට පත්වනු නොඅනුමානය. ජනාධිපතිතුමාගේ ‘Clean Sri Lanka’ සංකල්පය යතාර්ථයක් බවට පත්කරමින්, දිවයින පුරා ආදර්ශ පාසල් නිර්මාණය කිරීමෙහිලා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුවිශේෂී කාර්යභාර්යක් ඉටුකරනු ඇත."

🇱🇰 ❤
Sri Lanka Air Force

ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද හා පිරිත් සජ්ඣායනා මැද  වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි ලෙස වැඩ භාරගත් එම්. එස්....
02/01/2025

ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද හා පිරිත් සජ්ඣායනා මැද වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි ලෙස වැඩ භාරගත් එම්. එස්.එම්. ජරූල් මහතාට උණුසුම් සුබ පැතුම්.
කලක් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත් රාජකාරී කළ ජරූල් මහතා යාපනය ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කර තිබේ.
ගරුතර මහා සංඝරත්නයෙත්, ප්‍රදේශයේ කාගේත් සිත් දිනාකමින් වැඩකටයුතු කළ ජරූල් මහතා කීර්තිමක් පොලිස් නිලධාරියෙකි..

චායාරූප හා සටහන මාධ්‍යවේදි නිමල් ජයරත්නගෙන්

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයේන් ජල මට්ටම ඉහලට, නමුත් ගංවතුර අවදානමක් තවම නැහැ.
01/01/2025

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයේන් ජල මට්ටම ඉහලට,
නමුත් ගංවතුර අවදානමක් තවම නැහැ.

වසර කිහිපයකට පසු  මෙරට ගැඹුරින් වැඩිම වැව වන ගිරිතලේ වැව වාන් දමයි.
01/01/2025

වසර කිහිපයකට පසු මෙරට ගැඹුරින් වැඩිම වැව වන ගිරිතලේ වැව වාන් දමයි.

මින්නේරිය ජලාශය  වාන් දමයි.මින්නේරිය ජලාශයෙහි වාන් දොරටු 7 ක් අඩි 1 බැගින් විවෘත කරනු ලැබූ අතර කවුඩුල්ල ජලාශයට  තත්පරයට ...
01/01/2025

මින්නේරිය ජලාශය වාන් දමයි.

මින්නේරිය ජලාශයෙහි වාන් දොරටු 7 ක් අඩි 1 බැගින් විවෘත කරනු ලැබූ අතර කවුඩුල්ල ජලාශයට තත්පරයට ඝන අඩි 1800 මුදා හරිනු ලබයි.
මින්නේරිය වවේ සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි 110,000 ට ආසන්නව පවතී.

පොළොන්නරුව දිස්‍ත්‍රික්කයට ඊයේ (31) පස්වරුවේ සිට මේ දවක්වා ඇද හැලෙන අදික වර්ශාව නිසා පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු  හතරක...
01/01/2025

පොළොන්නරුව දිස්‍ත්‍රික්කයට ඊයේ (31) පස්වරුවේ සිට මේ දවක්වා ඇද හැලෙන අදික වර්ශාව නිසා
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් අඩි දෙක බැගින් අද (01). පස්වරු 4.30 විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරණු ලැබුවා.එයින් නිකුත් කිරීමට අපේක්ෂිත ජල පරිමාව තප්පරයට ඝන අඩි 1000 කි.

එබැවින් ගල්ලෑල්ල, මාණික්කම්පට්ටිය, ඕනෑගම, සුංගාවිල සහ සෝමාවතී පුද භූමිය අවට ජනතාව දැණුම් දෙනු ලැබුවා.

ක්ලීන් ශ්‍රී ලංකාවට පොළොන්නරුවේ රාජ්‍ය නිලධාරීනුත් එකතු වේ.ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුවේ රාජ්‍ය සේවකයින් පො...
01/01/2025

ක්ලීන් ශ්‍රී ලංකාවට පොළොන්නරුවේ රාජ්‍ය නිලධාරීනුත් එකතු වේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුවේ රාජ්‍ය සේවකයින් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ප්‍රතිඥා ලබාදී 2025 නව වසරේ වැඩ ආරම්භ කෙරිණි.

මෙහි ප්‍රධාන වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ අද ( 01 )උදෑසන සිදු කෙරුණු අතර ඊට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි .

වෙනස්වන ඉන්ධන  මිල.
31/12/2024

වෙනස්වන ඉන්ධන මිල.

වැලිකන්ද ප්‍රාදේශයේදී හිසට වෙඩි තබා වන අලියෙකු ඝාතනය කරයි.අද දින එනම් දෙසැම්බර් මස 31 වන දින පොලොන්නරුව වැලිකන්ද සිංහපුර...
31/12/2024

වැලිකන්ද ප්‍රාදේශයේදී හිසට වෙඩි තබා වන අලියෙකු ඝාතනය කරයි.

අද දින එනම් දෙසැම්බර් මස 31 වන දින පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පිරිමි වන අලියෙකු මහ මග වෙඩි තබා ඝාතනය කොට ඇත. හිසටම තැබූ වෙඩි පහරකින් වන අලියා ඝාතනය වී ඇත.

🎅මෙම විශේෂ දීමනාව තව දින 0️⃣3️⃣ ක් පමණයි..🌲ඔන්න ගෙනාව නත්තල් වාසි 🎅☃️🌲ස්වභාවික ශාකසාර ගුණයෙන් නිරෝගිමත්, ශක්තිමත්, දිගු,...
28/12/2024

🎅මෙම විශේෂ දීමනාව තව දින 0️⃣3️⃣ ක් පමණයි..🌲
ඔන්න ගෙනාව නත්තල් වාසි 🎅

☃️🌲ස්වභාවික ශාකසාර ගුණයෙන් නිරෝගිමත්, ශක්තිමත්, දිගු, පිරිපුන් කෙස් කළඹක් සඳහා සන්දාර ඖෂධීය කේෂ වර්ධන තෛලය දෙසැම්බර් මස 31 ක දක්වා විශේෂ වට්ටම්ද සහිතව අපෙන්....❤

සෑම මිලදී ගැනීමක් සඳහා ස්ක්‍රන්චි එකක් නොමිලේ

☎️ විස්තර දැන ගන්න අවශ්‍ය අය කතාකරන්න ...
0️⃣7️⃣1️⃣7️⃣6️⃣3️⃣5️⃣9️⃣2️⃣3️⃣
0️⃣7️⃣0️⃣3️⃣6️⃣8️⃣4️⃣6️⃣6️⃣2️⃣

ජාතික සුරක්ෂිතතා දින සැමරුම - 2024  වැඩසටහනක් පොළොන්නරුව ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.වර්ෂ 2004 ...
28/12/2024

ජාතික සුරක්ෂිතතා දින සැමරුම - 2024 වැඩසටහනක් පොළොන්නරුව ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.

වර්ෂ 2004 දී මෙරට මිනිස් ජීවිත තිස්දහසකට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය ඇති වූ දෙසැම්බර් මස 26 වැනි දිනය ජාතින සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

2024 වර්ෂය⁣ට යෙදී තිබූ ජාතික සුරක්ෂිතතා දින විසි වැනි සැමරුම් වැඩසටහන ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහ ම කේන්ද්‍ර කරගනිමින් ආයතන මට්ටමින් සංවිධානය කර තිබුණා.

ඒ අනුව සංවිධානය කරන ලද සැමරුම් වැඩසටහනක් පොළොන්නරුව නවනගරය ජාතික තරුණසේවා සභා මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාව⁣ට ජාතික තරුණ සේවා සභාවේ පොළොන්නරුව දිස්ත්‍රික් නිලධාරීන් සහ මධ්‍යස්ථානයේ පුහුණුලාභී තරුණ තරුණියන් පිරිසක් සහභාගී වුණා.

27/12/2024

🎅මෙම විශේෂ දීමනාව තව දින 0️⃣4️⃣ ක් පමණයි..🌲
ඔන්න ගෙනාව නත්තල් වාසි 🎅

☃️🌲ස්වභාවික ශාකසාර ගුණයෙන් නිරෝගිමත්, ශක්තිමත්, දිගු, පිරිපුන් කෙස් කළඹක් සඳහා සන්දාර ඖෂධීය කේෂ වර්ධන තෛලය දෙසැම්බර් මස 31 ක දක්වා විශේෂ වට්ටම්ද සහිතව අපෙන්....❤

සෑම මිලදී ගැනීමක් සඳහා ස්ක්‍රන්චි එකක් නොමිලේ

☎️ විස්තර දැන ගන්න අවශ්‍ය අය කතාකරන්න ...
0️⃣7️⃣1️⃣7️⃣6️⃣3️⃣5️⃣9️⃣2️⃣3️⃣
0️⃣7️⃣0️⃣3️⃣6️⃣8️⃣4️⃣6️⃣6️⃣2️⃣

Address

Polonnaruwa

Telephone

+94716656500

Website

Alerts

Be the first to know and let us send you an email when ආයුබෝවන් පොළොන්නරුව - Ayubowan Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share