තුන්කල් - Thunkal

තුන්කල් - Thunkal අවර්ණ - ප්‍රවෘත්ති - කලාව - ජීවිතය
Thunkal U Tv - Plz Subscribe

21/10/2023

දවස සුබ වේවා
සැමට ජය වේවා

නාරම්මල අලව්ව මාර්ගයේ  දම්පෑලැස්ස පාලම අසල සිදූ වු රිය අනතුර 😢
20/10/2023

නාරම්මල අලව්ව මාර්ගයේ දම්පෑලැස්ස පාලම අසල සිදූ වු රිය අනතුර 😢

හිත ඇත්නම් පත කුඩා ද...කතා දෙකක් නැ එකෙන්ම වැඩ්ඩෙක්..... 👍🏆️ව්‍යවසායකත්වය මත තමයි රටක ආර්ථිකයේ ප්‍රසාරණය සහ දිශානතිය තීන...
20/10/2023

හිත ඇත්නම් පත කුඩා ද...

කතා දෙකක් නැ එකෙන්ම වැඩ්ඩෙක්..... 👍🏆️

ව්‍යවසායකත්වය මත තමයි රටක ආර්ථිකයේ ප්‍රසාරණය සහ දිශානතිය තීන්දු කරන්නෙ. රංජන කියන්නෙත් එහෙම හිතලා වැඩ කරන දේශීය ව්‍යවසායකයෙක්.

කොස් එහෙමත් නැත්තම් "වරකා" වලින් වැඩ ගන්න... ලෝක වෙළදපොලේ රජවරු ලෙස සැලකෙන තායිලන්තය සහ වියට්නාමයට තමයි ඔහු මේ අභියෝග කරන්නෙ....

ඒ නිසා අපේ කෙනෙක් විදියට හදවතින්ම ඔහුට සුබ පතමු... Ranjan Hanchapola 🇱🇰

උපුටාගැනීමකි..

ජීවිතේට අසීමිත ආශිර්වාදයක් දෙන Vijitha Pallegama අපේ හාමුදුරුවනේ 🙏  දීර්ඝායුෂ වේවා
20/10/2023

ජීවිතේට අසීමිත ආශිර්වාදයක් දෙන Vijitha Pallegama අපේ හාමුදුරුවනේ 🙏 දීර්ඝායුෂ වේවා

20/10/2023
ඔක්තෝබර් 21 | අකුරැස්ස
20/10/2023

ඔක්තෝබර් 21 | අකුරැස්ස

ගල්ලල හන්දියේ සිට ගාල්ල දෙසට යන විට පළමු වංගුව අසල සුළු නාය යාමක්... මාර්ගය භාවිතා කරන අය වෙතොත් පරීක්ෂාකාරීව ගමන් කරන්න...
20/10/2023

ගල්ලල හන්දියේ සිට ගාල්ල දෙසට යන විට පළමු වංගුව අසල සුළු නාය යාමක්...

මාර්ගය භාවිතා කරන අය වෙතොත් පරීක්ෂාකාරීව ගමන් කරන්න.

📷 Lakshan Gamage

20/10/2023

සුබ දවසක් වේවා... ❤
මේක දකින ඔයාගෙ අද දවසේ සියලු යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා ❤

මේ දිනවල පාසල් දරුවන් අතර විශේෂයෙන් පැතිර යන වෛරස ඇස් ආසාදනය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා. වෛරසයක් මගින් ...
19/10/2023

මේ දිනවල පාසල් දරුවන් අතර විශේෂයෙන් පැතිර යන වෛරස ඇස් ආසාදනය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා.

වෛරසයක් මගින් ඇතිවෙන මෙම බෝවෙන අක්ෂි රෝගය ( Viral Conjunctivitis) "ඇස් ලෙඩ", "ඇස් අමාරුව" වැනි වචනවලින් පොදුවේ අපි හඳුන්වනවා. ඇසේ අපිට පෙනෙන සුදු පැහැති කොටසේ පිටතින්ම පිහිටි පටලමය ස්ථරය මෙහිදී ප්‍රදාහයට ලක්වෙනවා. සාමාන්‍යයෙන් මෙය මුලින් එක් ඇසකට වැළඳී පසුව අනිත් ඇසටත් පැතිර යා හැකියි.

ඔබ දැනටමත් දන්නා පරිදි මෙම රෝගය බෝ වෙන්නේ ආසාදිත පුද්ගලයෙකුගේ වෛරස සහිත කඳුළු සහ ශ්වසන ස්‍රාවයන් කෙලින්ම ඇසෙහි තැවරීමෙන් හෝ, ආසාදිතයෙකුගෙන් පිටවූ බිඳිති තැන්පත් වී ඇති ඇති පෘෂ්ඨයක් අල්ලා අපිරිසිදු අතින් ඇස් ස්පර්ශ කිරීම මගින්.

සාමාන්‍යය ව්‍යවහාරයේ "සුදු ඉංගිරියාව" ලෙස හැදින්වෙන කොටස රතු වීම, ඉදිමීම, ඇසෙන් වැඩිපුර කඳුළු ගැලීම, ඇස තුළ බාහිර යමක් පවතිනවා වැනි අපහසුවක් දැනීම, සැරව හෝ ශ්‍රාවයන් පිටවීම, විශේෂයෙන්ම අවදි වන විට දී ඇසිපිය හා ඇස් පිහාටු ආශ්‍රිතව කබොලු දක්නට ලැබීම මෙවැනි ආසාදනයකදී සුලභව දකින්නට ලැබෙන රෝග ලක්ෂණ වෙනවා. ඇස් කාච පලඳින අයට එය භාවිතය අපහසු බව දැනීමත් මෙවැනි අවස්ථාවක සිදු විය හැකියි.

ඇතැම් අයට මේ සමඟ සෙම්ප්‍රතිශ්‍යාව උණ වැනි ස්වසන රෝග ලක්ෂණත් ඇතිවිය හැකියි.

දරුවෙකුට මෙවැනි රෝග ලක්ෂණ පවතී නම් මුලින්ම ලබාදිය යුතු උපදෙස වන්නේ ඇස් අතින් ඇල්ලීම සහ පොඩි කිරීමෙන් වැළකීමයි. සබන් යොදා තප්පර විස්සකට වඩා අතුල්ලා අත් සෝදා ගැනීමෙන් හෝ විෂබීජ නාශක ද්‍රාවණයක් යොදාගෙන නිතර අත් පිරිසුදු කර ගැනීමත් ඉතාම වැදගත්.
රෝග ලක්ෂණ ඇති වූ අවස්ථාවේ සිට සම්පූර්ණයෙන් සුව වන තුරු පාසැල් යාමෙන් වැළකී හැකිතාක් නිවසට වී සිටීම රෝග පැතිරීම වැළැක්වීමට විශාල උපකාරයක්.
මෙවැනි රෝග ලක්ෂණ වෙනත් විවිධ හේතූන් නිසාත් ඇති වීමට ඉඩ තිබෙන නිසා වෛද්‍ය උපදෙස් / අවශ්‍යතාවය අනුව ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත්.

රෝගය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා දරුවන් ඉහත පැහැදිලි කළ පරිදි නිරන්තරයෙන් දැන් පිරිසුදු කර ගැනීමට, රෝග ලක්ෂණ ඇති අය සමඟ ශාරිරීක දුරස්ථ භාවය පවත්වා ගැනීමට, පෑන් පැන්සල් වැනි උපකරණ කිසිවක් හුවමාරු කර ගැනීමෙන් වැළකීමට යොමු කළ යුතු වෙනවා. පොදුවේ / නිතර භාවිතා කරන පෘෂ්ඨ පසුගිය කොවිඩ් වසංගත සමයේ සිදු කළ පරිදි විශබීජ නාශක දියර භාවිතා කරමින් විශබීජහරණය කර ගැනීමත් රෝගය පැතිරීම සීමා කිරීමට උදව් වෙනවා.

මෙම ආසාදනය බොහෝ දෙනෙකුට අතුරු ආබාධයක් ඇති නොවී සුවවන රෝග තත්ත්වයක් වුවත් ඇතැම්විට ඇතිවිය හැකි සංකූලතා සහ සීග්‍රයෙන් පැතිරී යාමෙන් සිසුන්ගේ අධ්‍යාපනයට ඇතිවිය හැකි බාධාවන් පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් වහාම ක්‍රියාත්මක වන ලෙස දෙමාපිය/ වැඩිහිටි ඔබගෙන් අප ඉල්ලා සිටින අතර ඒ වෙනුවෙන් ඔබගේ දරුවන් යොමු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

උපුටා ගැනීමකි

විශාල කරදරයක් උනානෙ මේක !
19/10/2023

විශාල කරදරයක් උනානෙ මේක !

මතකාවර්ජනාවක්...!කලකට පෙර අපවත්වී වදාළ සියඹලාගොඩ නන්දසිරි ලොකු හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් එදා පබැඳුමක්... (අහම්බෙන් අද ...
19/10/2023

මතකාවර්ජනාවක්...!

කලකට පෙර අපවත්වී වදාළ සියඹලාගොඩ නන්දසිරි ලොකු හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් එදා පබැඳුමක්... (අහම්බෙන් අද නැවත මෙය හමු උනා...)

උන්වහන්සේ ගම්වාසීන්ගේ සිත් තුළ සදා ජීවමානයි...

උන්වහන්සේට පිං අනුමෝදන් කරමු. ප්‍රාර්ථනීය බෝධි මූලයක ළඟම ආත්මයක නිර්වාණ සුව අත් වේවා... 🙏

මේ ප්‍රාර්ථනාව ඔබටමයි ❤
18/10/2023

මේ ප්‍රාර්ථනාව ඔබටමයි ❤

18/10/2023

බලන්න !
දරුවන් ඉලක්ක කළ විවිධ වෙසින් එන ව්‍යසන...

18/10/2023

හන්තානට පායන සඳ.... ලස්සන බව දකින්න....
මා දුටු ඒ පුරහඳ හැක... ඔඅබටත් විත් බලන්න...

18/10/2023

ඊයේ මෙලොව එළිය දුටු සය නිවුන් පිරිමි දරුවන්ගෙන් එක් දරුවෙකු මෙලොව හැර ගිහින්
🥺💔🥀

18/10/2023

පසුගියදා ඉන්දියාවෙ දි අක්මා බද්ධයක් කළ පුංචි පැංච තමයි මේ. මේ බබාට දිගටම බෙහෙත් දෙන්න වෙනව කියල අහන්නකො මේ අම්ම කියන කතාව...

පුළුවන් අය පිහිට වෙන්න... 🙏

18/10/2023

ශිෂ්‍යතව විභාගේ පාස් උනොත් හම්බ වෙනවා කියපු තෑග්ග විභාගයට යන්න එලියට එද්දීම දොරකඩ තියෙනවා දැක්කාම එයාගේ සතුට....

18/10/2023

පිළිකා රෝගීන් වෙනුවෙන් ලක්ෂ 114 ක ස්කෑනින් යන්ත්‍රයක් කරාපිටියට පරිත්‍යාග කෙරේ....

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට දැඩි අවශ්‍යතාවක්ව පැවති ස්කෑනින් යන්ත්‍රයක් ගාල්ල, බෙලිගහ හන්දිය, පැලහිටියදූව වත්තේ විසූ නැසීගිය කේ.කේ. ප්‍රේමදාස මහත්මාට පිං පිණිස ඔහුගේ බිරිඳ සහ සහෝදර සහෝදරියන් විසින් රුපියල් ලක්ෂ 114 ක වියදමෙන් කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට බාරදෙනු ලැබුවා.

මෙම අවස්ථාවට කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය යූ.එම් රංග, පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරා, විශේෂඥ වෛද්‍ය චානිකා කුලතුංග යන මහත්ම මහත්මීන්ද සහභාගි වුනා...

කේ.කේ. ප්‍රේමදාස මැතිතුමාට ජාති ජාතිත් පිං අත්වේවා එම මැතිනියට දීර්ඝායුෂ වේවා 🙏

Address

Pitabeddara
81450

Alerts

Be the first to know and let us send you an email when තුන්කල් - Thunkal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to තුන්කල් - Thunkal:

Videos

Share