ගජ මුතු - The Elephant Diary

ගජ මුතු - The Elephant Diary Explore the beauty, majesty and pride of the legendary tamed elephants of Sri Lanka

ගාමිණි මහතා සදහටම නික්ම යයි 😔🏳මෙරට විසූ ජේශ්ඨ හස්ථීපාලකවරුන් අතුරින් අප කෞරුත් දන්නා කිතුල්ගල සරත් ගාමිණි හස්ථිපාලක මහත්...
02/12/2024

ගාමිණි මහතා සදහටම නික්ම යයි 😔🏳

මෙරට විසූ ජේශ්ඨ හස්ථීපාලකවරුන් අතුරින් අප කෞරුත් දන්නා කිතුල්ගල සරත් ගාමිණි හස්ථිපාලක මහත්මා හදිසි අනතුරක් හේතුවෙන් අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත 😢 පල්ලෙබැද්දේ රාලහාමි අලියා, බියගම රාණි ඇතින්න සහ පැල්මඩුල්ලේ රත්න අලියා ඇතුලු හස්තීන් බොහෝ දෙනෙකුගෙ හස්තිපාලක ලෙස කටයුතු කල මොහු මෙරට පෙරහැර සංස්කෘතිය සඳහා වටිනා මෙහෙවරක් ඉටුකර දුන් චරිතයක් ලෙස නොඅනුමානයි ❤ ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 😔🙏🏽😔

It is with deep sorrow that we announce the demise of one of the most senior mahouts in the island Mr. Sarath Gamini of Kithulgala who passed away this morning due to an accident 😢 He was the mahout of many prominent elephants in the island including Ralahami of Pallebadda, Rani of Biyagama and Rathna of Pelmadulla to name a few, and his service towards the Perahera traditions in Sri Lanka will always be cherished in our hearts ❤ May you attain the supreme bliss of Nirvana 😔🙏🏽😔


  📸දිනූ ප්‍රීතිය කල්පාන්තරයකට සිහි කරදෙන දිනූදා සොඳුරිය ❤️The angel of victory who shall remind us of peace forever ❤️🍃 ...
29/11/2024

📸
දිනූ ප්‍රීතිය කල්පාන්තරයකට සිහි කරදෙන දිනූදා සොඳුරිය ❤️

The angel of victory who shall remind us of peace forever ❤️

🍃 දිනූදා | தினூதா | Dinuda 🍃




ගජ මුතු අපේ පොඩි අලියා ❤️අපේ අලි පැටියා අපිව දාලා ගිහින් තෙමසක් පිරෙන දෙසැම්බර් මාසයේදී, අපේ මදූට පිං පැතීම වෙනුවෙන් පැව...
27/11/2024

ගජ මුතු අපේ පොඩි අලියා ❤️
අපේ අලි පැටියා අපිව දාලා ගිහින් තෙමසක් පිරෙන දෙසැම්බර් මාසයේදී, අපේ මදූට පිං පැතීම වෙනුවෙන් පැවැත්වෙන මේ පිංකමට ඔබත් සහභාගී වෙන්න අමතක කරන්න එපා!

ඔන්න එහෙනන් අමතක නොකර හැමෝම එන්න ඕනෙ...

දෙසැම්බර් 21 පින්නවල අලි අනාථාගාරයට නොවරදවාම එන්න, අලි මිතුරන්ට වගේම හිත මිතුරන්ටත් දැන්ම කියන්න

මදූ වෙනුවෙන් පුලුවන් හැමෝම එක්ක මේ පණිවිඩය බෙදාගන්න

එදාට රට පුරාම ඉන්න අලි මිතුරන් ඔබේ හිත මිතුරන් වෙයි

එහෙනන් 21 වෙනිදාට ඔයාලා එනකන් අපි බලන් ඉන්නවා ❤️


#අලිවෙනුවෙන්අපි

මිහිරි බෙර පදයේ තාලෙට වැයෙන්නි,මිහිරිගම පුරෙයෙන් ආ ඇය සීතා ඇතින්නී 💙Swaying to the beat of rhythmic drum notes,She is Se...
27/11/2024

මිහිරි බෙර පදයේ තාලෙට වැයෙන්නි,
මිහිරිගම පුරෙයෙන් ආ ඇය සීතා ඇතින්නී 💙

Swaying to the beat of rhythmic drum notes,
She is Seetha from the Mihirigama roots 💙

🍃 සිතා | சீதா | Seetha 🍃

⚜️ හැඳල බුද්ධ ජයන්ති පෙරහැර 2022
⚜️ Hendala Buddha Jayanthi Perahera 2022

📆 2022.12.07



පිටේ යද්දි 'පොරොද්ද' මොකටද❓  🤨අලියෙකු පිට ගමන් කිරීමේදී සමබරතාවය රැකගැනීම සඳහා 'පොරොද්ද' භාවිතා කරන ඔබ දැන සිටියාද 😮 පොර...
26/11/2024

පිටේ යද්දි 'පොරොද්ද' මොකටද❓
🤨

අලියෙකු පිට ගමන් කිරීමේදී සමබරතාවය රැකගැනීම සඳහා 'පොරොද්ද' භාවිතා කරන ඔබ දැන සිටියාද 😮 පොරොද්ද යනු අලියෙකූගේ කර වටා ගැටගසන සාම්ප්‍රදායික පටි මෙවලමක්වන අතර අලියෙකු පිට නැග ගමන් ගන්නා විටදී පුද්ගලයෙකුට තම දෙපය ආරක්ෂකාරීව රඳවා තැබීමෙන් ආරක්ෂාව හා සමබරතාවය රැකගැනීම මෙම සම්ප්‍රදායික මෙවලමේ ප්‍රධාන ප්‍රයෝජනයකි 💯

Did you know, that the 'Porodda' is a tool that is used to maintain one's balance when riding an elephant 😮 Porodda is a traditional rope collar that is tied around the neck of an elephant, and it is used to safely lock in the feet of an individual when riding an elephant as it is a tool used to maintain balance and protection when riding elephants 💯

🍃 රාමා | ராமா | Rama 🍃




ගජ මුතු පිටුවට අවුරුදු 6යි 🤩 ප්‍රෞඩ අභිමානයක් හිමි ලාංකීය හස්ති වංශකතාවේ අසමසම මාධ්‍ය සන්නාමය, ගජ මුතු - The Elephant Di...
24/11/2024

ගජ මුතු පිටුවට අවුරුදු 6යි 🤩

ප්‍රෞඩ අභිමානයක් හිමි ලාංකීය හස්ති වංශකතාවේ අසමසම මාධ්‍ය සන්නාමය, ගජ මුතු - The Elephant Diary පිටුව අද අපගේ හයවන සංවත්සරය සමරන වගයි !

2018 නොවැම්බර් මස 25 සිට මේ දක්වා පුරා වසර හයක් මුලුල්ලේ ලාංකීය හීලෑ අලි ඇතුන්ගේ හිතකර ජීවිතය මෙන්ම මෙරට සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙනයන පෙරහැර සම්ප්‍රදාය ලෝකවාසි සමාජය ඉදිරියේ ප්‍රවර්ධනය කරන්නට සමත්වී ඇති අතර, අපගේ වත්කම බඳුවූ 17,000ක පරිශීලකයන් පිරිසකගේ එකතුව, උද්යෝගය හා ආදරය අපගේ සාර්ථකත්වයට කදිම සාක්ෂියවේ 🌟

ලාංකීය Facebook අලි තලයේ අපූරු රූප කලාගාරය, ගජ මුතු - The Elephant Diary පිටුව හා එක්ව අපට සවියක්වූ ඔබ සියලු දෙනාටම අපගේ හෘදයාංගම සුභාශිංසන ❤ තව චිරාත් කලක් අපගේ සුපුරුදු නැවුම් අන්තර්ගතයන් තුලින් ඔබට හමුවට පැමිණීම අපගේ බලාපොරොත්තුවයි !

ඔබ සැමට උතුම් දළදා සමිඳු පිහිටයි 🙏


හස්තිරාජ වාසනා ❤️💪🏾The great King Vasana ❤️💪🏾🍃 වාසනා | வாசனா | Vasana 🍃⚜️ මහනුවර ඇසළ පෙරහැර 2021 ~ ගෙඩිගේ පෙරහැර⚜️ Kandy...
13/11/2024

හස්තිරාජ වාසනා ❤️💪🏾

The great King Vasana ❤️💪🏾

🍃 වාසනා | வாசனா | Vasana 🍃

⚜️ මහනුවර ඇසළ පෙරහැර 2021 ~ ගෙඩිගේ පෙරහැර
⚜️ Kandy Esala Perahera 2021 ~ Gedige Perahera

📆 2021.08.23



ඇත් දල ඇතුලෙ 'කොලජන්' තියනවද❓  😳ඇතෙකුගෙ දල ඇතුලත කොලජන් නම් ප්‍රෝටීනය ඇති බවසඔබ දැන සිටියාද 😮 කොලජන් යනු ශරීරයේ විවිධ සම...
11/11/2024

ඇත් දල ඇතුලෙ 'කොලජන්' තියනවද❓
😳

ඇතෙකුගෙ දල ඇතුලත කොලජන් නම් ප්‍රෝටීනය ඇති බවසඔබ දැන සිටියාද 😮 කොලජන් යනු ශරීරයේ විවිධ සම්බන්ධක පටකවල බාහිර සෛල අනුකෘතියේ ඇති ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රෝටීනයවන අතර එය ක්ෂීරපායී සතුන්ගෙ ශරීරයේ වැඩිම ප්‍රමාණයක් ඇති ප්‍රෝටීනයයි, එනම් 25%ත් 35%ත් අතර ප්‍රමාණයකි 🦷

Did you know, that elephant tusks have the protein of 'Collagen' grown within them 😮 Collagen is the main structural protein in the extracellular matrix of a body's various connective tissues, and it is interesting to note that Collagen is a protein that is abundantly found in mammals within a degree of 25% to 35% of its protein levels 🦷

🍃 පුලතිසි රාජා | புலதிசி ராசா | Pulathisi Raja 🍃




09/11/2024

යලි නොලියවෙන රාජා-කුවේණි ආදර කතාව 🥺💔

මේපාරත් සිංහල අවුරුද්දට කුවේණි ගෙදර ආවම, හොයාවි එයාගෙ රාජා කෝ කියලා 😔 සරත් බාසුන්නෑ එයාට හෙමීට විස්තරේ කියයි හිත නොරිදෙන්න, ආය රාජා එයාට මුණගැහෙන්නැ කියලා 🥺

When Kuweni comes home for the new year this time, she will wonder where her Raja is 😔 Mahout Sarath will probably tell her in a moist tone, that she will not meet her Raja again 🥺

🍃 රාජා සහ කුවේණි | ராசா மற்றும் குவேணி | Raja & Kuweni 🍃




තැන්කූ 🥰❤️Elephants heart
08/11/2024

තැන්කූ 🥰❤️
Elephants heart

ලංකාවේ ලස්සනම 🥰 ඇඩ්මින්ලා ඉන්න page set එක😍
Athgala - ඇත්ගාල
Kataragama Wasana - කතරගම වාසනා
The Royal Elephants
The Majestic Elephants
හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka
Voice For Elephants Sri Lanka
හස්ති වතගොත - Hasthi Wathagotha
ගජ මුතු - The Elephant Diary
Gajidano ගජිඳාණෝ
හස්ති තේජස Hasthi Thejasa
Everything for animals
හස්ති තොරතුරු Elephants Infomation
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

වසර 70කට වැඩි කලක් ආයු වළඳා 'කොට්ටාවා' සදහටම නික්මගිය වගයි 🥺සතර කෝරයේ විසූ කීර්තිමත් මිල්ලන්ගොඩ හස්ති වංශකතාවෙ ජ්‍යෙෂ්ඨත...
04/11/2024

වසර 70කට වැඩි කලක් ආයු වළඳා 'කොට්ටාවා' සදහටම නික්මගිය වගයි 🥺

සතර කෝරයේ විසූ කීර්තිමත් මිල්ලන්ගොඩ හස්ති වංශකතාවෙ ජ්‍යෙෂ්ඨතම හස්තියාවූ 'කොට්ටාවා' හෙවත් 'රාජා' අලියා පරමායුශ ලබා අද අලුයම මියගිය පුවත සංවේගයෙන් දැනුම්දෙමු 😔🏳 ඔබට නිවන් සුව ලැබේවා හස්තිරජුනේ !

'Kottawa' passes away after more than 70 years of life 🥺

The most senior elephant of the prestigious Millangoda family of the Sathara Koralaya, 'Raja' who was also known as 'Kottaawa' has passed away this morning peacefully at his peak age 😞🏳 May you rest in the supreme bliss of Nibbana dear king !

🏳😞 රාජා | ராசா | Raja 😔🏳


🌸 𝑹𝒆𝒔𝒕𝒊𝒏𝒈 𝑺𝒐𝒖𝒍𝒔 | මිළිනවූ ගජමුතු🌸 🍃 මාතලේ 'මැණිකේ' ඇතින්නමෙරට හීලෑ අලි පරපුර නියෝජනය කල කාන්තා නියෝජනයන් අතරෙ සිටි ජේෂ්ඨ...
03/11/2024

🌸 𝑹𝒆𝒔𝒕𝒊𝒏𝒈 𝑺𝒐𝒖𝒍𝒔 | මිළිනවූ ගජමුතු🌸
🍃 මාතලේ 'මැණිකේ' ඇතින්න

මෙරට හීලෑ අලි පරපුර නියෝජනය කල කාන්තා නියෝජනයන් අතරෙ සිටි ජේෂ්ඨ උඩරට හස්තිරාජිණියක් තමා මාතලේ ගොලහෙලවත්තේ ඇතින්න ලෙස කා අතරත් ප්‍රචලිතවූ මාතලේ 'මැණිකේ' ඇතින්න. මිය යන විට වයස අවුරුදු 58ක් පමණ වූ මැණිකේ ඇතින්නගේ හිමිකරු වූයේ මධ්‍යම පලාතේ මාතලේ දිස්තිරික්කයේ මාතලේ ගොලහෙලවත්තේ පදින්චි පාලිත අල්විස් මහතා. මැණිකේ ඇතින්න බාහිරව රෝම පිරීගිය මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකින් හෙබිවූ ඉතා ගාම්භීර ඇතින්නකි. මේ ඇතින්නගෙ විශේෂත්වය වන්නේ ඇය 2016 වසර වනතුරුම දීර්ඝ කාලයක් නොකඩවා මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ විෂ්ණු දේවා පෙරහැරේ දේවාභරණ වැඩම කරන හස්තියාගෙ නිල දෑල ආරක්ශිකාව ලෙස ගමන් කිරීම ඇය සතු වංශවත් වගකීමක් වූ නිසාය. ඇය සැබවින්ම මහනුවර ශ්‍රී මහ විෂ්ණු දේවාල ඇත් පන්තියේ පැරණිම වගේම නැතුවම බැරි සාමාජිකාවක්. මහනුවර ඇසළ පෙරහැරට අමතරව ඇයව මාතලේ අලුවිහාර සම්බුද්ධ ගායනා පෙරහරේ වගේම මාතලේ අම්බොක්ක පත්තිනි දේවාලයේ ඇසළ පෙරහර සඳහා ඇය වාර්ශිකව සහභාගි වූ පෙරහැර මංගල්‍යයන්වේ. ඉතා සංවර ගති පැවතුම් වලින් හෙබි මැණිකේ ඇතින්න ඇයගෙ සැඳෑ සමය ගත කරේ රංගිරි දඹුලු පුයවරයේ ගලපත්යාය වැවු තාවුල්ල අද්දර පිහිටි මනස්කාන්ත පරිසරයකින් හෙබි ගම්මානයකයි. මහරාජා එන්ටටේන්මන්ට් විසින් නිශ්පාදිත 'තාල' චිත්‍රපටය තුලින් ඇය මෙරට චිත්‍රපටෙ ක්ෂේත්‍රයටද ඇය මෑත කාලයේ දායක වූවාය. මැණිකේ ඇතින්නව ආදරයෙන් රැක බලාගත් හස්තිපාලකවරුන් අතරින් අවසානයට කටයුතු කරන ලද්දේ දඹුල්ලෙ සුමනේ මහතා විසිනි. වසර ගණනාවක සංස්කෘතික හා සංචාරක කටයුතු වෙනුවෙන් දායකවූ මැණිකේ ඇතින්න 2022 වසරේ මැයි මස 31වන දින කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේදී මියගියාය. දෙස් විදෙස් කාගෙත් ආදරය දිනාගත් ආදරණීය මැණිකේ හස්තිරාජිණියට අමා මහා නිවන් සුවය ප්‍රාර්ථනා කරමු 🙏🏽🤍

Menike, who was also known as the 'Golahelawatthe Athinna' of Mathale was one of the senior female representations living among our family of Sri Lankan domestic elephants. She was around 58 years of age at her passing and belonged to Mr. Palitha Alwis who is from the city of Mathale in the Mathale District of the Central Province in Sri Lanka. Menike was a quite a medium sized elephant in terms of physical figure with a skin comprising more hair than another elephant but held a very proud posture. What was special about this lady is that she was the official daela or accompanying elephant for the tusker carrying the requilaries of God Vishnu in the Kandy Esala Perahera festival for a large number of years till the year 2016. In fact, she was one of the most definete and legendary participants of the Sri Maha Vishnu Devala procession in the Kandy Esala Perahera festival till last year. In addition, she also took part in the Sambudda Gayana Perahera of the historic Alu Vihare in Mathale and the Esala Perahera of the Ambokka Patthini Devalaya in Matale. Menike was a very gentle and disciplined lady who spent her retirement at a scenic relaxing village with pristine conditions of nature by the banks of the Galapathyaya lake in Dambulla. She also starred a cameo role in the movie 'Thaala' which was produced by Maharaja Entertainments that was filmed in her village. Menike was lovingly looked after by her mahout Sumane from Mathale, and she passed away on the 31st of May 2022 aftee a brief illness in the village of Randeniya in Kegalle. This loving lady indeed won hearts of people locally and internationally for her soft and gentle attitudes and we would love to wish her soul to rest in the supreme bliss of Nirvana 🙏🏽🤍




02/11/2024

හැඳල අලියා මෙලොවට බිහි කල පින්නවල කොමලිය ❤️🥰

දේහදාරී කඩවසම් ශරීරයකින් හෙබි හැඳල 'අරුණ' අරුණ අලියාගෙ සුරූපී අම්මාව දැකල තියනවද 😍 මේ ඉන්නෙ එයා, රූවෙන් මෙන්ම පෞරුශයෙන් අගතැම්පත්, පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ 'කොමලි' ඇතින්න ✨

Have you seen the beautiful mother who gave birth to the most handsome and majestic elephant 'Aruna' of Hendala 😍 This is her, the graceful and personic elephant 'Komali' of the Pinnawala Elephant Orphanage ✨

🍃 කොමලි | கொமலி | Komali 🍃




  📸නුවර ලස්සන වෙන්නෙ වැස්ස නිසා විතරමද 🥰Does Kandy look pretty only because of rain 🥰🍃 රාණි | ராணி | Rani 🍃             ...
01/11/2024

📸
නුවර ලස්සන වෙන්නෙ වැස්ස නිසා විතරමද 🥰

Does Kandy look pretty only because of rain 🥰

🍃 රාණි | ராணி | Rani 🍃




අලි සම්බන්ධ හොල්මන් කතාවක් කියමුකො 😱Comment below 👇🏾
31/10/2024

අලි සම්බන්ධ හොල්මන් කතාවක් කියමුකො 😱
Comment below 👇🏾

බොහොම පිලිවලට ලස්සනට ඇඳලා පෙරහැරට ලෑස්තිවෙලා ඉන්න කඩවසම් මහත්තුරු දෙන්නෙක් 😏💪🏾Two handsome gentlemen dressed in their be...
30/10/2024

බොහොම පිලිවලට ලස්සනට ඇඳලා පෙරහැරට ලෑස්තිවෙලා ඉන්න කඩවසම් මහත්තුරු දෙන්නෙක් 😏💪🏾

Two handsome gentlemen dressed in their best to take part in a glamorous Perahera festival 😏💪🏾

🍃 සුරතල් රාජා සහ ගැමුණු | சுரதல் ராசா மற்றும் கெமுணு | Surathal Raja & Gemunu 🍃

⚜️ කොළඹ ගංගාරාම නවම් පෙරහැර 2019
⚜️ Colombo Gangarama Navam Perahera 2019

📆 2019.02.19



මාධවී ඇතින්න බොහොම සුවිශේෂී අලි උපතක් වෙන්නෙ ඇයි❓  😳දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන 'මාධවී' ඇතින්න කියන්නෙ පින්නවල රැලේ...
28/10/2024

මාධවී ඇතින්න බොහොම සුවිශේෂී අලි උපතක් වෙන්නෙ ඇයි❓
😳

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන 'මාධවී' ඇතින්න කියන්නෙ පින්නවල රැලේ නායිකාවවන 'මාතලී' ඇතින්නට උපන් පස්වන පැටවාබව ඔබ දැන සිටියාද 😮 2005 වසරේ මැයි මස 28වන දින පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ විසූ 'ජයතු' අලියාගෙන් අලි රංචුවේ නායකත්වය හොබවන 'මාතලී' ඇතින්නට දාව උපන් 'මාධවී' ඇතින්න විශේෂවීමට හේතුව වන්නේ මෙරට වෙසෙන ඇතින්නක විසින් බිහි කල වැඩිම වාර්තාගත පැටවුන් සංඛ්‍යාවේ වාර්තාව, එනම් අලි පහක් බිහි කිරීමේ විෂ්මජනක හා දුර්ලභ වාසනාව මාතලීට හිමි කරදීම නිසයි 😍

Did you know, the baby elephant 'Madhavee' of the Dehiwala Zoological Gardens was the fifth calf to be born to 'Mathalee', the matriarch of the Pinnawala Elephant Orphanage 😮 Madhavee was born on the 28th of May in the year 2005 to the elephants 'Jayathu' and 'Mathalee' of the Pinnawala Elephant Orphanage and what makes this birth very special is that she is the fifth elephant calf to be born to the elephant Mathalee which made her the only female elephant in the country to give birth to five calves which is extremely rare and extraordinary 😍

🍃 මාධවී | மாதவீ | Madhavee 🍃



26/10/2024

කෙසෙල් ගෙඩි කනවා දැකල තිබුනට, කෙසෙල් ගස් කනවා දැකල තියනවද 🙊🍌❓

අලි කන්න ආස නැත්තෙ මොනවද 😂 කෙසෙල් ගෙඩි වගේම තමා කෙසෙල් ගස් කියන්නෙත් අලි ගොඩක් ආස කරන රස කෑමක්, බලන්නකො රාණි ඇතින්නට හම්බුන මේ කෙසෙල් ගහ එයා ආසාවෙන් කන අපූරුව 😍

What do elephants dislike eating 😂 Just like banana fruits, elephants similarly love to eat the banana tree in whole as a very delectable treat. Just look how much Rani is enjoying this treat she got at a Perahera 😍

🍃 රාණි | ராணி | Rani 🍃




Address

Peradeniya

Website

Alerts

Be the first to know and let us send you an email when ගජ මුතු - The Elephant Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category