News Lush

News Lush NEWS COMPANY

28/01/2025

තරඟ 2කින් සමන්විත අහිමානවත් 'Warne-Murali' ටෙස්ට් තරඟාවලිය හෙටින් ආරම්භ වෙයි. 🤩✊

එකෙන්ම ලෑස්ති වෙන්න යාලුවනෙ.. 🙂👊

28/01/2025

The Warne-Muralitharan Trophy is here! A tribute to two cricketing icons and a celebration of Sri Lanka’s rich cricketing heritage. Let the rivalry and respect begin!

27/01/2025

ශතවර්ෂයකට අධික ඉතිහාසයක් හිමි ක්‍රිකට් ක්‍රීඩාවේ බිහිවුණ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් එක මිටකට ගන්නට කීවොත් ඔබ විවිධාකාරයේ නම් පවසාවි.

ග්ලෙන් මැග්‍රාත්, වසීම් අක්‍රම්, වකාර් යුනුස්, ජේම්ස් ඇන්ඩර්සන්, ශෝන් පොලොක්, ඩෙනිස් ලිලී, කර්ටිනි වොල්ශ්, ඩේල් ස්ටේන් මේ වගේ නම් ගානක් ම ඔබගේ මතකයට ඒවි.

යුගයෙන් යුගය බිහිවුණ විශිෂ්ටයන් නම් කරන්නත් පුළුවන් වේවි. හැබැයි ඔබ මේ නම් අතරට ශ්‍රී ලංකාවේ චමින්ද වාස් ගේ නම ඇතුළත් කරන්නේ නැත්නම් ඔබගේ ක්‍රිකට් දැනුම දෙවරක් පරීක්ෂා කිරීමට සිදු වනවා ඒ ඇයි?

වර්ණකුලසූරිය පටබැඳිගේ උශාන්ත ජෝෂප් චමින්ද වාස් 1994 වසරේ පෙබරවාරි මස 15 වනදා ඉන්දියාවට එරෙහිව එක්දින තරග වරමත්, 1994 අගෝස්තු 26 වනදා පාකිස්තානය ට එරෙහිව ටෙස්ට් තරග වරමත් ලබාගන්නවා.

චමින්ද වාස් යනු වමතින් වේග පන්දු යැවූ ක්‍රීඩකයෙක්. මාරාන්තික වේගයක් ඔහුගේ පන්දු වල නොමැති වුවත් දෙපසටම තියුණු දෝලනය කිරීමේ හැකියාව ඔහුට පිහිටා තිබුණා. මේ හේතුවෙන් පිතිකරුවන් වාස් ගේ පන්දු හමුවේ අසරණ වී දැවී ගියේ වරක් දෙවරක් නොවේ.

චමින්ද වාස් මෙතරම් ඉහළින් අගය කළ යුතු විශිෂ්ටයෙක් වන්නේ ඇයි? එහි ප්‍රධාන හේතුව නම් වාස් උපත ලබන්නේ ශ්‍රී ලංකාවේදී වීම යි. ශ්‍රී ලංකාව යනු දඟ පන්දු යවන්නන් බුරුතු පිටින් පැටවු ගසන රටකි. ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වන තනතීරු වල දඟ පන්දු යවන්නන් වැඩ දැමීමේ සම්භාවිතාවය අතිශයින් ම ඉහළය.

විශේෂයෙන්ම 1994 සිට වාස් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා තුරුම ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූයේ දඟ පන්දු යැවූ මුත්තයියා මුරලිදරන් ට වාසිදායක තණතීරු කිවහොත් එය වරදක් නොවේ. එවැනි තණතීරු තුළ වාස් දැක්වූ දක්ෂතා කතාබහට ලක් කළ යුතු වීම අනිවාර්ය කරුණකි.

වාස් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දවාගත් කඩුලු සංඛ්‍යාව 355 කි. එයින් කඩුලු 180 ක් ශ්‍රී ලංකාව තුළ හා කඩුලු 236 ක් ආසියානු මහද්වීපය තුළ බිඳ හෙලීම වඩාත් කැපී පෙනෙන කාරණයක්.

ඉහත සඳහන් කළ ආකාරයටම තම ටෙස්ට් දිවියේ තරග 111 න් 74 ක් ම ආසියාව තුළ ක්‍රීඩා කළ වාස්, මේ දැක්වූ දක්ෂතා වලට හරි ආකාරයේ මතයක් තවමත් නිර්මාණය වී නොවීම අවාසනාවකි.

සමහර පන්දු යවන්නන් ටෙස්ට් ක්‍රිකට් හොඳින් ක්‍රීඩා කළත් එක්දින වාර්තා ඒවා හා නොගැලෙපන ආකාරය ඕනෑ තරම් දකින්නට ලැබෙනවා. නමුත් චමින්ද වාස් යනු එවැනි පන්දු යවන්නෙක් නම් නොවේ

වාස් රතු පන්දුවෙන් මෙන්ම සුදු පන්දුවෙන් ද එක හා සමාන දස්කම් දැක්වූවා. ඔහු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ම වැඩිම කඩුලු ලාභීන් අතර මුරලිදරන්, වසීම් අක්‍රම් සහ වකාර් යුනුස් ට පමණක් පසුපසින් සිටිනවා. වාස් දවාගත් එක්දින කඩුලු ගණනින් 400 ක්.

ශ්‍රී ලංකාව තුළ කඩුලු 81 ක් මෙන්ම වේග පන්දු යවන්නන් ට එතරම් හිතකර නොවන ආසියාව තුළ කඩුලු 199 ක් දඩයම් කිරීමට චමින්ද වාස් ට හැකියාව ලැබුණා. අදටත් එක්දින ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වාර්තාව (8/19) චමින්ද වාස් සතු වනවා.

එක්දින පිටියේ දී මෙන්ම ටෙස්ට් පිටියේ ද ඔහුගේ ප්‍රියතම ප්‍රතිවාදීන් වූයේ ප්‍රභලතම ප්‍රතිවාදීන් වීම වඩාත් සුවිශේෂී කාරණයක්.

එක්දින තරග වලදී ඉන්දියාව ට එරෙහිව කඩුලු 70ක්, පාකිස්තානය ට එරෙහිව කඩුලු 61ක්, නවසීලන්තය ට එරෙහිව කඩුලු 49ක්, ඕස්ට්‍රේලියාව ට එරෙහිව කඩුලු 47 ක් වශයෙන් දවා ගැනීමට ඔහු සමත් වුණා.

ටෙස්ට් පිටියේදී ද කොදෙව්වන් ට එරෙහිව කඩුලු 55 ක්, එංගලන්තය ට එරෙහිව 49 ක්, සිම්බාබ්වේ ට එරෙහිව 48 ක්, පාකිස්තානය ට එරෙහිව 47 ක් වශයෙන් වාස් සාර්ථක වී තිබෙනවා.

එකල ලොවම හොල්ලාගෙන සිටි, වේගපන්දු යවන්නන් ට දුටු තැන රිදෙන්නට පහර දුන් ඔස්ට්‍රේලියාව ට එරෙහිව චමින්ද වාස් සමස්ථ එක්දින සහ ටෙස්ට් පිටිය තුළ බිඳ හෙලූ කඩුලු ගණනින් 85 ක් වීම විශේෂයෙන්ම කිවයුතු වනවා.

චමින්ද වාස් ගේ වැඩි කතාබහට ලක් නොවන වාර්තා අතර ඉදිරියෙන් ම තිබෙන්නේ 2003 ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා වීමේ වාර්තාව යි.

ආසියාවෙන් පිටත, ක්‍රිකට් ක්‍රීඩාවේ විශාලතම තරගාවලිය තුළ කඩුලු 23 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභියා වීම යනු සෑම වේග පන්දු යවන්නෙක්ට ම කළ හැකි දෙයක් නම් නොවේ.

2003 ක්‍රිකට් ලෝක කුසලානයේ ග්ලෙන් මැග්‍රාත්, බ්‍රෙට් ලී, ශේන් බොන්ඩ්, ජේසන් ගිලෙස්පි, ජවගල් ශ්‍රීනාත්, ශෝන් පොලොක් වැනි නම් දැරූ සියලුම වේග පන්දු යවන්නන් පවා වාස් අභිබවා ගියා.

නව පන්දුවෙන් ඔහුගේ තියුණු දෝලනයට හසු වූ සචින් තෙන්දුල්කාර් වැනි විශිෂ්ටයන් පවා එදා කලින්ම ක්‍රීඩාගාරය වෙත හැරී ගියා.වාස් ගේ අනෙක් හැකියාව නම් සෑම විටෙකම තම 100% කණ්ඩායම වෙතට ලබා දීමයි.

කණ්ඩායමට අවශ්‍යම මොහොතේ දී පිටියට පිවිස වටිනා ලකුණු 20 ක් 30 ක් ලබා ලකුණු පුවරුව ඉහළ නැංවීමේ හැකියාව ද ඔහු සතු වුණා. ඔහුගේ ජාත්‍යන්තර දිවියේ ටෙස්ට් ශතකයක් සමගින් එක්දින සහ ටෙස්ට් ලකුණු එකතුව 5000 ඉක්මවා තිබීම ම එයට සාක්ෂි දරනවා.

එමෙන්ම චමින්ද වාස් 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා. තවත් චමින්ද වාස් ගේ වාර්තා, ඔහුගේ පන්දු යැවීම් ගැන සටහන් කළ හැකියි.

නමුත් කෙටියෙන් ලිපිය අවසන් කිරීමට මත්තෙන් ඔහු විශිෂ්ටයෙක් නොව විශිෂ්ටතමයෙක් වන්නේ ඇයි ද යන්න සුළු කාරණාවකින් පැහැදිලි කරන්නම්, එදාමෙදා තුර ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතරේ 10 වන ස්ථානය චමින්ද වාස් ට හිමිව තිබෙනවා. එහි 7 වන ස්ථානයේ පසුවන වේග පන්දු යවන්නා වන්නේ ද ඔහුයි.

එපමණක් නොවේ, ලෝක ඉතිහාසයේ ම බිහි වූ සුපිරිතම වේග පන්දු යවන සුසංයෝගය වන වකාර් යුනුස් සහ වසීම් අක්‍රම් ට පසුව එම ලැයිස්තුවේ රැඳී සිටින දකුණු ආසියානු ජාතික පන්දු යවන්නා ද ඔහුයි.

මිත්‍රවරුනි ශතවර්ෂයක පමණ දැවැන්ත ක්‍රිකට් ඉතිහාසයක් හිමි ඉන්දියාවට ද චමින්ද වාස් තරම් කඩුලු ලාභියෙක් බිහි කිරීමට නොහැකි වීම ම ඔහුගේ විශිෂ්ටතම ලේබලයට සාක්ෂි නොවේද? එදා මෙදා තුර ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම වේග පන්දු යවන්නාට සුබ උපන්දිනයක් ❤️⭐

27/01/2025

🚨 RECORD ALERT 🚨

වනිඳු හසරංග පසුගියදා විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කඩුලු 300 කඩයිම අභිබවා යන්නට සමත් වුනා. ඒත් එක්කම එයා එතෙක් පැවති වාර්තාවත් අලුත් කරා...!

ඒ අනුව විස්සයි විස්ස කඩුලු 300 කඩයිමට වේගයෙන්ම ලඟා වූ පන්දු යවන්නා වෙන්නේ දැන් වනිඳු හසරංගයි..!

වනිඳුට මේ දේ කරන්න ගියේ තරග 208ක් විතරයි.

පහලින් තියෙන්නේ විස්සයි විස්ස කඩුලු 300 කඩයිමට අඩුම තරග ගණනකින් ලගා වුනු පන්දු යවන්නන්..👇

- 208 - Wanindu Hasaranga* 🇱🇰
- 211 - Andrew Tye 🇦🇺
- 213 - Rashid Khan 🇦🇫
- 222 - Lasith Malinga 🇱🇰
- 243 - Mustafizur Rahman 🇧🇩

✍ | Rishie Bro

26/01/2025

Youngest National Champion From SSCK Boxing Club ❤️

20Years Old YM Usaith (Middle Weight 71Kg - 75Kg ) Of St.Sylvester's Boxing Club Won The Gold Medal In 97th National Boxing Tournament 2025. Held .

In The Final He Beat YSP Sudamma Of Srilanka Army.(5/0)

Congratulations To Him & Coach Jamitha Gayan ❤️

24/01/2025

Presenting the ICC Men’s ODI Team of the Year 2024 featuring the finest players from around the world 👏

23/01/2025

උස මීටර් 2.30ක්...
දකුණු ආසියාවේ හොඳම පැනිල්ල...🔥
ඔව්...
ඒ තමයි දකුණු ආසියාවේ,
හොඳම ගෘහස්ත උස පැනීමේ වාර්තාව හිමි,
අපේ උස පැනීමේ ශූරයා..!

උශාන් තිවංක පෙරේරා ! 🇱🇰

අද එයාගේ 27 වෙනි ජන්ම දිනය,
ලක් මව දිනවූ නුඹට,
සුබම සුබ උපන් දිනක් වේවා...! ❤️

19/01/2025

මොණරාගල කුඹුක්කන නම් ඈත ගමක ඉපදුනු
15 හැවිරිදි පුංචි දඟකාරිය !

මෙවර වයස අවුරුදු 19න් පහල කාන්තා ලෝක කුසලානයේ සහභාගි වූ පලමු තරගයෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ ඓතිහාසික මතකයක් බවට සනිටුහන් කරමින් වයස අවුරුදු 19න් පහල කාන්තා ලෝක කුසලානයක කන්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 23කට මැලේසියානු කන්ඩායම සීමා කිරීමට පන්දුවෙන් පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරමින් ඉන් නිලකුණු පන්දුවාර 2ක්ද සමගින් ලකුණු 5කට කඩුලු තුනක් දවාගත් චමෝදී ප්‍රබෝධා දියණිය,

සුභ අනාගතයක් බට්ටි ! ❤️🥹👏

✍️ | Rishie Bro

19/01/2025
17/01/2025
07/01/2025

මෑත කාලීන දසුන් ❤️


නවක ක්‍රීඩකයෙක්ට ජාතික කන්ඩායමට පැමිණෙන්නට නම් ඔහු දේශීය තරග වල පෙන්වන දක්ෂතා ප්‍රධානම සාධකයක් වෙනවා.

නවක ක්‍රීඩකයෙකුට මෙන්ම ජාතික කන්ඩායමෙන් එළියට විසි වුන ක්‍රීඩකයෙක්ටත් නැවත ජාතික කන්ඩායමට පැමිණෙන්නට ලීග් තරග වගේම දේශීය පිටියේ පෙන්වන දක්ෂතා ඉවහල් වෙනවා.

ඔව්.. ඇත්ත.. අපේ ඩොමැස්ටික් සිස්ටම් එකේ ප්‍රශ්න තියෙනවා. ඩොමැස්ටික් ලෙවල් එකේ දියුණුවිය යුතු දේවල් ක්‍රමවත් විදිහකට දියුණු කරන එක අනිවාර්යයෙන්ම කල යුතුයි. හැබැයි ඔය ස්ට්‍රක්චර් එකෙන් තමයි අපි මේ වෙද්දි දුවන්නේ... පැතුම් , කමිඳු , වනිඳු වගේ ලෝකේ Top Rankings අතර ඉන්න ක්‍රීඩකයින් පවා අපි හොයා ගත්තේ...

ඉතිං අදටත් කිසියම් හෝ ක්‍රීඩකයෙක් දේශීය පිටියේ දිගින් දිගටම දක්ෂතා පෙන්වනවා නම් ඔහු ලංකාවේ සෙසූ ක්‍රීඩකයින් එක්ක බැලූ කල ඉදිරියෙන් සිටිනවා නම් ඔහුට ජාතික කන්ඩායමේ අවස්ථාවක් වැදගත්...

දසුන් ශානක කියන්නේ ඒ වගේ වර්තමානය වෙද්දි දිගින් දිගටම දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකයෙක්... විශේෂයෙන්ම ඔහුව පසුගිය වසරේ ජාතික කන්ඩායමෙන් ඉවත් වෙනවාත් එක්ක ඔහු දේශීය තරග වල විතරක් නෙමෙයි ලීග් තරගවලද කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කල තුන් ඉරියව් ක්‍රීඩකයෙක්...

ඔහු පසුගිය කාලයේ පෙන්වා ඇති
දක්ෂතා සාරාංශ කරොත්,

☑️ NSL 4Day Tournament 2024

- 3 Matches
- 4 Innings
- 296 Runs
- 98.66 Avg
- 100 x 2
- 7 Wickets

☑️ NSL One Day Tournament 2024

- 7 Innings
- 259 Runs
- 43.16 Avg
- 100 x 1
- 10 Wickets

☑️ Lanka Primier League 2024

- 6th Highest Wickets Taker
- 13 Wickets
- 8 Innings
- 108 Runs
- 186.20 SR

☑️ Zim Afro T10 League 2024

- 8 Innings
- 231 Runs
- 57.75 Avg
- 235.71 SR

☑️ Lanka T10 Super League 2024

- Player of the Final
- Player of the Series
- 3rd Highest Runs Scorer
- 7 Innings
- 175 Runs
- 236.49 SR

එතැනින් ඉවර නැ...
දැන් කොල්ලා ILT20 ගහන්න යන්න කලින්,
මේ දවස්වල ලංකාවේ පැවැත්වෙන අන්තර් සමාජ තෙදින තරගාවලියේ තරග දෙකකටත් ක්‍රීඩා කරලා සුපිරි දක්ෂතා පෙන්නලයි ගියේ...

ඔය තරග දෙකේ පලමු තරගයේදී ලකුණු 36කට කඩුලු 5ක් දවාගත් දසුන් ශානක දෙවෙනි තරගයේදී අර්ධ ශතක ඉනිමක් සමගින් සමස්ත තරගයේ කඩුලු 7ක් දවාගන්න සමත් වුනා.

ඒත් එක්කම පුහුණුකරු සනත් ජයසූරිය මහතාද දසුන්ට නැවත ජාතික කන්ඩායමේ අවස්ථාවක් ලබා දීමට කැමැත්ත පල කරලා තියෙනවා.

ඉතිං මේ දක්ෂතා එක්ක දසුන් ශානක නම් තුන් ඉරියව් ක්‍රීඩකයාට යලිත් ජාතික කන්ඩායමේ අවස්ථාවක් විවර වුනොත් එය පුදුමයක් නෙමෙයි !

✍ | Rishie Bro
Powered by : Nelsons

05/01/2025

ඔන්න කතන්දරේ පැහැදිලිව. 🇱🇰🇱🇰🇱🇰

04/01/2025

🚨 RECORD ALERT 🚨

නවසීලන්තයට එරෙහිව ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කල ශ්‍රි ලංකා පිතිකරුවන්..🏏🇱🇰

🔹 149 runs - Kusal Perera 2024***
🔹 141 runs - Pathum Nissanka in 2024 ***
🔹 121 runs - Kusal Perera in 2023

✍ | Rishie Bro

Address

Pasyala

Telephone

+94771681868

Website

Alerts

Be the first to know and let us send you an email when News Lush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share