Baby Hub

Baby Hub We’re happy to introduce a new Nursery Rhymes video app for kids. All your favorite cartoons are n

23/12/2024

වැස්ස වහිනවා
song Liyris:

වස්ස වහිනවා වහලෙන් වතුර වටෙනවා
වටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා
වස්ස වහිනවා වහලෙන් වතුර වටෙනවා
වටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා

ගොඩක් වහිනව මිදුලෙ වතුර පිරෙනව
ගොඩක් වහිනව මිදුලෙ වතුර පිරෙනව
දුවල ගිහින් තෙමිල තෙමිල එන්න හිතෙනවා
දුවල ගිහින් තෙමිල තෙමිල එන්න හිතෙනවා

වස්ස වහිනවා වහලෙන් වතුර වටෙනවා
වටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා
වස්ස වහිනවා වහලෙන් වතුර වටෙනවා
වටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා

කුඩේ ගන්නවා අම්ම කඩේට යනවා
කුඩේ ගන්නවා අම්ම කඩේට යනවා
කුඩේ අරන් මටත් කඩේ යන්න ඝිතෙනවා
කුඩේ අරන් මටත් කඩේ යන්න ඝිතෙනවා

වස්ස වහිනවා වහලෙන් වතුර වැටෙනවා
වටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා
වස්ස වහිනවා වහලෙන් වතුර වැටෙනවා
වටෙන වතුර අල්ලනකොට අම්ම බනිනවා

Wassa wahinawa
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

21/12/2024

රන් රඹුටන්
song Lyrics:

රන් රඹුටන් ගස් දෙකයි
වලි කුකුළන් පස් දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හරි ලස්සනයි

Ran rabutan gas dekai
Wali kukulan pas denai
Unge kare boththamai
Balanna hari lassanai

Ran Rabutan
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

20/12/2024

"කං කං බූරු" ගීතය ආචාර්ය අජන්තා රණසිංහ විසින් රචිත, පුෂ්පමාලා සුභසිංහ මහත්මිය විසින් ගායනයෙන් දායක වු සිංහල ළමා ගීතයකි.

කං කං බූරු
song Lyrics:

කං කං බූරු.. කං කං බූරු ..
සිං සිං නෝරු.. සිං සිං නෝරු..
කං කං බූරු.. කං කං බූරු ..
සිං සිං නෝරු.. සිං සිං නෝරු..

මං කී දේ කරනවද
ඔව්.. ඔව්..
මං කී දෙ අහනවද
ව්.. ඔව්..
දුවල දුවල්දුවල් ගිහින් සුදු පුසිගෙ චුටි කනෙන්
අදල මගේ ලගට දුවල දුවල එන්නකෝ

කං කං බූරු.. කං කං බූරු ..
සිං සිං නෝරු.. සිං සිං නෝරු..
කං කං බූරු.. කං කං බූරු ..
සිං සිං නෝරු.. සිං සිං නෝරු..

මං කී දේ කරනවද
ඔව්.. ඔව්..
මං කී දෙ අහනවද
ඔව්.. ඔව්..
දුවල දුවල් දුවල් ගිහින් කටු නැති කොල අහුරු පිටින්
අරං ආපු හපනට මං දංගෙඩි දෙනවා

කං කං බූරු.. කං කං බූරු ..
සිං සිං නෝරු.. සිං සිං නෝරු..
කං කං බූරු.. කං කං බූරු ..
සිං සිං නෝරු.. සිං සිං නෝරු..

මං කී දේ කරනවද
ඔව්.. ඔව්..
මං කී දෙ අහනවද
ඔව්.. ඔව්..
දුවල දුවල දුවල ගිහින් කලු නැන්දගෙ ඔසරි පොටෙන්
අදල මගේ ලගට දුවල දුවල එන්නකෝ

කං කං බූරු.. කං කං බූරු ..
සිං සිං නෝරු.. සිං සිං නෝරු..
කං කං බූරු.. කං කං බූරු ..
සිං සිං නෝරු.. සිං සිං නෝරු..

Kan kan Buru
Voice - Chathusha Kaushal Rajapaksha
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

19/12/2024

ප්‍රේම කීර්ති ද අල්විස් මහතා විසින් පද රචනය සිදු කර ඇති "දණ ගාද්දි ඇවිදින්නට" ගීතය සඳහා මුල් ගායනයෙන් සිසිර ප්‍රනාන්දු මහතා දායක වී ඇති අතර පුණ්‍යසිරි මහවත්ත මහතා විසින් සංගීතවත් කර ඇත.

දණ ගාද්දි ඇවිදින්නට
song Lyrics:

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරු කම් හොද නොහොදත් කියලා දුන්න
මහලුව බැරි උනාම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න

ලෙඩක් දුකක් හැදුනාමත් ලගම දැවටෙන
උකුල් තලේ උරේ තබා නාට නැලවෙන
සුරන්ගනා කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ ඔබට නොවදින

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරු කම් හොද නොහොදත් කියලා දුන්න
මහලුව බැරි උනාම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න

දැල් අද උඩ වාඩි වෙලා රැව්ල පැහෙන දා
මම තරුනෙක් කවදා හො එය ඉටුවන දා
දෙපා නැමද බුලත් අතෙන් තෑගි ගෙනෙන දා
ඔබේ ඇසට කදුලු නැගෙයි එදා නොවරදා

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරු කම් හොද නොහොදත් කියලා දුන්න
මහලුව බැරි උනාම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න....

Danagaddi Avidinnata
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

12/12/2024

"මෙන්න පුංච් මකුළුවා" සිංහල ළමා ගීතය “Itsy Bitsy Spider” හා “Incy Wincy Spider” ලෙස හඳුන්වන ඉංග්‍රීසි ළමා ගීතයේ සිංහල පරිවර්තනයකි. මෙම ගීතය ප්‍රථම වරට ප්‍රකාශයට පත් වූයේ 1910 දී "පහළ කැලිෆෝනියාවේ කැම්ප් සහ කැමිනෝ" හිදීය.

Song Lyrics:

මෙන්න පුංචි මකුළුවා උඩට නගිනවා..
වැස්ස ඇවිල්ලා ඌව සේදිලා..
වැස්ස නැවතිලා අව්ව පායලා..
මෙන්න පුංච් මකුළුවා උඩට නගිනවා..

Menna Punchi Makuluwa udata naginava..
wassa evilla uva sedila..
wassa nevatila auwa payala..
Menna Punchi makuluwa udata naginava..

Menna Punchi Makuluwa
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

11/12/2024

"පුංචි කුරුළු කුඩුවේ" සිංහල ළමා ගීතයේ මුල් ගායනය සඳහා සමන් ද සිල්වා මහතා දායක වී ඇති අතර ගීතයේ පද රචනය පිලිබඳ සඳහනක් නොමැත.

song Lyrics:

පුංචි කුරුළු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ
එපා මුරුගු විසිකරන්න නිකං ඉඳින් යාළුවේ //

ගසේ හොඳම තැනක් බලා උන් කූඩුව හැදුවේ
දරු පැටවුන් රැකගන්නයි මේ ලෙස දුක් වින්දේ
කිචි බිචි ගා පුංචි පැටව් ගීයක් රස කෙරුවේ
මොකෝ යාළු අනේ උන්ට ගල් කැට විසි කෙරුවේ

පුංචි කුරුළු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ
එපා මුරුගු විසිකරන්න නිකං ඉඳින් යාළුවේ //

නුඹේ ගලක් වැදුන සැණින් කූඩුව යයි කැඩිලා
පුංචි පැටව් බිම වැටුණොත් අත්තටු යයි බිඳිලා
මැරී ගියොත් පැටවුන් ටික කුරුළු මවුන් දැකලා
ඇගේ පපුව පැලී හැලෙයි ලේ ගංගා ගලලා

පුංචි කුරුළු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ
එපා මුරුගු විසිකරන්න නිකං ඉඳින් යාළුවේ //

Voice - Nishi Tennakoon
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

09/12/2024

ලයනල් ද සිල්වා මහතා විසින් පද රචනය සිදු කර ඇති "ටක් ගානවා ටික ගානවා" ගීතය සඳහා මුල් ගායනයෙන් පේෂලා මෙන්ඩිස් මහත්මිය දායක වී ඇති අතර වික්ටර් රත්නායක මහතා විසින් සංගීතවත් කර ඇත.

song Lyrics:

ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
හුනු කිල්ලොටයක් අරගෙන සීයා බුලත්විට හපනව
අනේ සීයේ අමල්බිසෝ කතන්දරෙ කියන්නකො...//

ජැන්ඩි පහට සරම ඇදල ඉනවට හවඩියක් බැදල
පුංචි අපට ආස හිතෙන ඉස්සර රජ කතා කියල
ගේ පිල උඩ පැදුර එලන් සීයා හරි සැපට නිදන්

ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
හුනු කිල්ලොටයක් අරගෙන සීයා බුලත්විට හපනව
අනේ සීයේ අමල්බිසෝ කතන්දරෙ කියන්නකො...

පෝය දාට සිල් අරගෙන ඉස්සර බණපද අහන්න
රෑට රෑට දොන් දොමිකිට පුංචි රබන්පද කියන්න
ගේ පිල උඩ පැදුර එලන් සීයා හරි සැපට නිදන්

ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
හුනු කිල්ලොටයක් අරගෙන සීයා බුලත්විට හපනව
අනේ සීයේ අමල්බිසෝ කතන්දරෙ කියන්නකො...

Voice - Chathusha Kaushal Rajapaksha
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

05/12/2024

අජන්තා රණ­සිංහ විසින් පද රචනය සිදු කර ඇති "කුරුම්බැට්ටි මැෂිමේ" ගීතය සඳහා මුල් ගායනයෙන් එල්සි රොද්‍රිගෝ දායක වී ඇති අතර සරත් දසනායක විසින් සංගීතවත් කර ඇත.

කුරුම්බැට්ටි මැෂිමේ

song Liyris:
කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ..//

ගවුම් පොඩිත්තක් මහලා ඕනෙද
කමිස පොඩිත්තක් මහලා ඕනෙද..//

කොස් කොලයක් මෙහි අරගෙන ආවොත්
රැලි රැලි කපලා
ඔපනැලි තියලා
ගවුම් පොඩිත්තක් මහලා දෙන්නම්

කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ..//

ගවුම් පොඩිත්තක් මහලා ඕනෙද
කමිස පොඩිත්තක් මහලා ඕනෙද..//

කූරටු ඉඳිකටුවෙන් හිල් විදලා
ලේන්සු පොඩියක්
මල් මල් සායක්
ගොක්කොල රෙද්දෙන් මහලා දෙන්නම්

කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ..//

ගවුම් පොඩිත්තක් මහලා ඕනෙද
කමිස පොඩිත්තක් මහලා ඕනෙද..//

කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ..//

Kurumbatti Mashime
Voice - Chathusha Kaushal Rajapaksha
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

04/12/2024

"පාන් කිරිත්තා" ගීතයේ පූර්ණ හිමිකම එහි මුල් අයිතිකරුවන් වන ගායන ශිල්පී ෆ්‍රෙඩි සිල්වා, පද රචක ප්‍රේමකිර්ති ද අල්විස්, සංගීත ශිල්පී වික්ටර් රත්නායක හා එයට සම්බන්ධ අනෙකුත් සියළු පාර්ශවයන් සතු වේ.

Song Lyrics :

පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්ති රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටෙට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑදැත්තෙක් කීචි බීචි කියතෙයි

පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන් ගත්තේ
අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද ඉඳගෙන පමිණුනු කෑදැත්තා වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාදා කරමින් ගීය පටන් ගත්තේ

පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්ති රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටෙට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑදැත්තෙක් කීචි බීචි කියතෙයි

පාන් කිරිත්තා නැටුම නවත්වා කෙන්තියෙන් ආවා
කෑඩැත්තගේ කලු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
ඊටපස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ලගට කිට්ටුවී මාද ගොලුවතින් ඊට සවන් පෑවා

අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්නදේ හරියට කරපන් කියලා කීය හඬා
අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්නදේ හරියට කරපන් කියලා කීය හඬා

Pan Kiriththa
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

03/12/2024

හොඳට පිපුණු පපඩමක්

Song Lyrics :

හොඳට පිපුණු පපඩමක්
ගැහුව කරනමක්
අනේ පොඩි වෙලා ගියානෙ
තවත් නෑ දඟක්

Hodata Pipunu Papadamak
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

02/12/2024

අමුතු ඇදුම්

ප්‍රේම කීර්ති ද අල්විස් මහතා විසින් පද රචනය සිදු කර ඇති "දඅමුතු ඇදුම්" ගීතය සඳහා මුල් ගායනයෙන් ෆ්‍රෙඩි සිල්වා මහතා දායක වී ඇත.

Song Lyrics :
අමුතු ඇදුම් ඇඳ හඩවන රබානකි අතේ
පොළොවේ ආඩි දහයක් විතර උස ඇත්තේ
අමුතු ඇදුම් ඇඳ හඩවන රබානකි අතේ
පොළොවේ ආඩි දහයක් විතර උස ඇත්තේ

ආකාසේ ඔලුව වදි කියල බය හිතේ
ආකාසේ ඔලුව වදි කියල බය හිතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ

උණබම්බු දෙකක් උඩ මිනිහා ඉන්නෙ කොහොමද
ඔය අපි වගේ මහ පොළොවේ පයින් යනවද
මට තේරෙන්නේ නෑ තාත්තේ කියල දෙනවද
මට තේරෙන්නේ නෑ තාත්තේ කියල දෙනවද
එයා උඩින් යන්නේ ඇයි පහළින් යන්න බරුවද
එයා උඩින් යන්නේ ඇයි පහළින් යන්න බරුවද

අමුතු ඇදුම් ඇඳ හඩවන රබනකි අතේ
පොළොවේ ආඩි දහයක් විතර උස ඇත්තේ
අමුතු ඇදුම් ඇඳ හඩවන රබනකි අතේ
පොළොවේ ආඩි දහයක් විතර උස ඇත්තේ

බොරු අහංකාරකම් කෙනෙකුගෙ නැතිවුනොත් හිතේ
එයා උඩින් ගියත් බිමින් ගියත් වැරැද්දක් නැතේ
බොරු කකුල් බැඳලා මෙයා වගෙ නැති නමුත් පුතේ
බොරු කකුල් බැඳලා මෙයා වගෙ නැති නමුත් පුතේ
උඩ වැඩියෙන් යන ගොඩක් ඈයෝ ගොඩක් ලොව අතේ
උඩ වැඩියෙන් යන ගොඩක් ඈයෝ ගොඩක් ලොව අතේ

අමුතු ඇදුම් ඇඳ හඩවන රබානකි අතේ
පොළොවේ ආඩි දහයක් විතර උස ඇත්තේ
අමුතු ඇදුම් ඇඳ හඩවන රබානකි අතේ
පොළොවේ ආඩි දහයක් විතර උස ඇත්තේ

ආකාසේ ඔලුව වදි කියල බය හිතේ
ආකාසේ ඔලුව වදි කියල බය හිතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ......

Amuthu Adum
Voice - Chathusha Kaushal Rajapaksa
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

28/11/2024

අතට වෙරළු ඇහිඳ ගෙනේ

Song Lyrics :

අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉනට පලා නෙළා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ...

Athata Weralu
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

#සිංහලළමාගීත

26/11/2024

පුංචී බණ්ඩෝ නිදිමතදෝ

Song Lyrics :

පුංචී බණ්ඩෝ පුංචී බණ්ඩෝ
නිදි මතදෝ නිදි මතදෝ
සීනුව ගහනව සීනුව ගහනව
නැකිටින්කෝ නැකිටින්කෝ

Punchi Bando
Voice - Chathusha Kaushal Rajapaksa
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - සඳුන් දොළමුල්ල Sandun Dolamulla

22/11/2024

අපේ අම්මා කොළඹ ගිහිල්ලා

Song Lyrics :

අපේ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතින් පොත් ගෙනැවිල්ලා

මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලයද ගානට කැපිලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලයද ගානට කැපිලා

අපේ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතින් පොත් ගෙනැවිල්ලා

යාලුවො දෙන්නෙක් තවමත් පහළයි
හරි ඉහළයි පන්තිය මාගේ
භූගෝලය, ඉතිහාසය, ගණිතය
ලේසී මට රටකජු වාගෙයි
ලේසී මට රටකජු වාගෙයි

අපේ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතින් පොත් ගෙනැවිල්ලා

ගුත්තිලයෙ කවි ටික කට පඩම්
අමාවතුර මට වතුර වගේ
කතා පොත හොදයි නින්දට යන විට
කියවන්නට එය හරිම අගෙයි
කියවන්නට එය හරිම අගෙයි

අපේ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතින් පොත් ගෙනැවිල්ලා

පෙර-පර දෙදිගම රසවත් පොත-පත
ඉඩ ලැබු හැම විට කියවනවා
මා ලොකු වුන පසු කවි ගී රචනා
ලියලා පොඩි අය සනසනවා
ලියලා පොඩි අය සනසනවා

අපේ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතින් පොත් ගෙනැවිල්ලා

මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලයද ගානට කැපිලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලයද ගානට කැපිලා

අපේ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතින් පොත් ගෙනැවිල්ලා

Ape Amma Kolaba Gihilla
Voice - Chathusha Kaushal Rajapaksa
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

21/11/2024

මට මතකයි මට මතකයි

Song Lyrics :
මට මතකයි මට මතකයි පුංචි බබෙක් මං
මවු උකුලේ දිනෙක ඉඳන් නලවුනෙමි මං
මට මතකයි මට මතකයි පුංචි කලේ මං
පහල වෙලේ ලිඳට ගොසින් දිය නෑවෙමි මං
මට මතකයි මට මතකයි සීයා අපේ තුම්
මිදුල පුරා කෝටුවකින් ගෝනකු ඇඳ දුන්
මිදුල පුරා කෝටුවකින් ගෝනකු ඇඳ දුන්

Mata Mathakai Mata Mathakai
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

20/11/2024

සීනි බෝල හෝටලේ

Song Lyrics :
සීනි කෝපි තේ කිරි තේ
වෙරළු මසං ජමනාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ//

පොඩි බණ්ඩයි මුදලාලී
ගණන් ලියයි පොඩිහාමී....//
පිඟන් කෑලි සල්ලි අරන්
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ//

බයිසිකලෙන් කාර් එකෙන්
අස්ව කරත්තෙන් ආවත්....//
එක මේසේ කෑම කන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ

Seeni Bola Hotale
Voice - Chathusha Kaushal Rajapaksa
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

18/11/2024

අත්තා පල්ලා මුත්තා පල්ලා | සිංහල ළමා ගීත | Sinhala Kids Songs

අත්තා පල්ලා මුත්තා පල්ලා මන් අල්ලන්නට බැරුවයි
මං අල්ලන්නට බරුවානේ... මං අල්ලන්නට බරුවානේ ..... //
අත්තා පල්ලා මුත්තා පල්ලා මන් අල්ලන්නට බැරුවයි
මං අල්ලන්නට බරුවානේ... මං අල්ලන්නට බරුවානේ ..... //

මෝල් ගහේ දළුලන තුරු කළු කපුටා සුදු වෙන තුරු ..//
අපේ කුස්සියේ කළු ලිප් වල ලියලාලා මල් එනතුරු ..//

අත්තා පල්ලා මුත්තා පල්ලා මන් අල්ලන්නට බැරුවයි
මං අල්ලන්නට බරුවානේ.. මං අල්ලන්නට බරුවානේ ..... //

මගේ පුංචි ගේ ඇතුලේ නැහැ බොරුවක් කියන්නේ මං.. //
මගේ පුංචි මේ දෑතින් නෑ නරකක් කරන්නේ මං.. //

අත්තා පල්ලා මුත්තා පල්ලා මන් අල්ලන්නට බැරුවයි
මං අල්ලන්නට බරුවානේ... මං අල්ලන්නට බරුවානේ ..... //
අත්තා පල්ලා මුත්තා පල්ලා මන් අල්ලන්නට බැරුවයි
මං අල්ලන්නට බරුවානේ... මං අල්ලන්නට බරුවානේ ..... //

Aththa Palla
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

13/11/2024

ටිකිරි ටිකිරි ටිකිරි ලියා | සිංහල ළමා ගීත | Sinhala Kids Songs

ටිකිරි ටිකිරි ටිකිරි ලියා
කලෙත් අරන් ලිදට ගියා
ලිද වට කර කබර ගොයා
කකුල කාපි දිය බරියා

Tikiri Tikiri Tikiri Liya
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

Baby Hub Sinhala Channel
If you haven't subscribed yet,
ClickHere -
https://www.youtube.com/channel/UCPWZ7EHnH2FBUtAahgZ7Pqw

Baby Hub English Channel
If you haven't subscribed yet,
ClickHere -
https://www.youtube.com/channel/UC0FaqaJuz8vhViB2-2wpGOw

Address

No:257/1/1, Old Road, Moraketiya
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Baby Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baby Hub:

Videos

Share

Category